2010/06/12

මසිත හිර ගෙයක් .........

ඔ‍බේ සිත හිර ගෙයක්
නොමැත වා කවුලුවක්
පලායනු නොහැකි ලෙස හිර වෙලා...
අතීතය මතකයක්
ජීවිතය චිතකයක්
අඩමි සිරකරැවෙක්ව තනිවෙලා

අරලියා ගස් අතර
මේ පාලු හිර ගෙදර
ඔබ මලක් ......
ඒ සුවද මල වැටුණු
සුවද බිම දිග ඉහුණු
මම ගලක් ......

නික්ම යන දින එළඹ
මේ කටුක හිර ගෙදර
හැර ගියත්
ඔබෙ සුවද මල් ඉහුණු
සදාකල්හිම මසිත
... හිර ගෙයක් ......

2010/05/24

මගේ ආදර කතාව 8

ඉතින් ඔන්න කාලෙකට පස්සෙ මම ආයෙමත් ආදර කතාව ලියනවා. ඔයාලාට හිතෙනවා ඇති මේ කතාව කියවනවට වඩා හොදයි වෙන වැඩක් කර ගන්න එක කියලා. ඇයි ඉතින් එක කොටසක් කියවලා ඉතිරි කොටස කියවන්න තව කාලයක් බලන් ඉන්න වෙනවානෙ. ඊටත් වඩා මට දුක හිතුනෙ මගෙ කතාව කියවන මගේ මහත්තයාගෙ යාලුවෙක් දැන් කියවන්නෙ නැතිලු එක කොටසක් ලියලා අනිත් කොටස ලියන්න ගොඩක් කල් යන නිසා. අනේ ඉතින් ඔයාලා නම් එහෙම කරන්න එපා හොදේ.

එදා දෙසැම්බර් 27 සිදුවුන දේ ඔයාලාට මතක ඇති කියලා හිතනවා. එදා අපේ හිත්වල තිබුණ ආදරේ හිර කරන් ඉන්නෙ නැතිව එලියට දැම්මා. ඔයාලා‍ට හිතෙනවා ඇති මම එදා මගෙ මහත්තයාට ආදරෙයි කිව එක වැරදියි කියලා. හේතුව එයාට වෙන කෙනෙක් ඉන්නවා කියලත් මම ඒ වගේ තීරණයක් ගත්ත නිසා. මම එහෙම කිවෙ හිතට එකගව මට කියන්න තිබුණ ‍එකමදේ ඒක නිසා. මම මාව සාධාරණීකරනය කරනවා නෙවේ. එදා මම ආදරේ නැහැ කිවානම් මම බොරැ කිවා වෙනවා. ඒවගේම මේ වෙනකොට ඔයාලාට කතාව විතරක් නෙවේ නැතිවෙන්නෙ මමත් නැහැ.

අපේ ආදරේ එ විදිහට දුකින් පටන් ගත්තා වුනාට එ දවස් වල අපි ගොඩක් සතුටින් හිටියා. දෙසැම්බර් 27 මම ගෙදර ගියෙ සතුටින් එවුනාට හිතෙ දුකක් නොතිබුනාමත් නෙවේ. මම ජීවිතේ ඉස් ඉස් ඉස්සෙල්ලාම ආදරේ කරපු කෙනාගෙ ආදරය මට ලැබුනා එකට මම ගොඩක්ම සතුටු වුනා. ඒවගේම ලොකු දුකක් තිබුනා මට මගෙ මහත්තයා සදහටම හිමි නැහැ, එයාම මට කිවා එයාට මාව බදින්න බැරි වෙයි කියලා. ලොකුම දේ තමා මම මගේ සතුටට වෙන කෙනෙක්ව දුකට පත් කලාද කියලා හිතුන එක.

කොහොම වුනත් මම එදා ගෙදර ගිහින් ඇග සෝදගෙන ඉවර වෙලා අම්මා හදලා දිපු කිරි එකත් අරන් ලගින් ඉදගත්තා. ඒක අම්මාට විශේෂ දෙයක් නෙවේ හේතුව මම පොඩි දවස් වල ඉදලා ඉස්කෝලෙ , class එහෙම ඇරිලා ඇවිත් ලගට වෙලා එදා දවසේ හැම සිදුවීමක්ම කියනවා. මම එදා විස්තරෙත් කියන්න පටන් ගත්තා ඊට කලින් මම අම්මා එක්ක කිව නැති දෙයකුත් තිබුණානෙ ඒ දෙසැම්බර් 20. මම එදා ඉදලා 27 හවස මහත්තයා මගෙන් එයා ලග ඉන්නවාද කියලා අහපු වෙලාව වෙනකම් හැමදේම කිවා. දැන් අපේ අම්මාත් අහගෙන ඉන්නවා පොඩි දෝණිගෙ කතාව. මොකද දන්නවාද අන්තිමට මම දිපු උත්තරේ කියන්නෙ නැතිව ඇද ඇද ඉන්නවා. අම්මාට සිද්ධිය තේරිලා වගේ ඇහුවා ඉතින් ඔයා මොකද කිවෙ කියලා. මාව ටිකක් විතර බයත් වෙලා ඒ වුනාට දැන් කියන්නම එපායැ කියලා මම කැමැත්ත දුන්නා කියලා කිවා.

අපේ අම්මාට හිනාවකුත් ගියා. මොකද දන්නවාද මම ඒ ටික කියාගන්න විදපු දුක දැකලා. ඒත් ඒක යටපත් කරගෙන මගෙන් ඇහුවා ඔයාට එයාව විශ්වාසද කියලා. මම ඔව් කියලා කිවා. අම්මා ටිකක් upset වගේ හිතුන නිසා මම කිවා අම්මා අකමැතිනම් එපා කියනවා නම් මම නතර කරන්නම් කියලා. ඉතින් අම්මා කිවා නැහැ එහෙම කරන්න ඕනෙ නැහැ ඒත් මතක තියාගන්න ඔයා කොළඹ එක්ක ආවෙ උගන්නන්න මිසක් ඕවා කරගන්න එහෙම නෙවේ කියලා. මාත් හොද ලමයා ව‍ගේ දේශනාවට සවන් දිලා හිමින් කාමරයට පසු බැස්සා.

එදා රෑ නිදාගන්න ගියාට නින්ද ගියෙත් නැහැ. වෙනදටනම් ඇදට වැටෙන පමාව විතරනෙ ඒ වගේම තමා මම ලේසියෙන් හින දකින්නෙ නැහැ. එදා ඇදට ගිහින් ගොඩක් වෙලාවකට පස්සෙ නින්ද ගියා විතරක්ම නෙවේ මම හීනයකුත් දැක්කා. හීනෙ මොකක්ද දන්නවාද මහත්තයා මාව කොටුව station එකෙන් කෝච්චියකට නග්ගලා මට අතවනනවා. මාත් යන කෝච්චියේ ඉදලා අත වනනවා. ඒවෙලාවෙ මහත්තයා ඇදලා හිටියේ පොඩි කොටු තියන shirt එකක්.

ඔන්න ඉතින් පහුවදාට එළිවුනා. එ කියන්නෙ දෙසැම්බර් 28. එදත් වෙනදා වගේම මම ලැස්තිවෙලා උදේ කෝච්චියට ගියා. මමයි මහත්තයායි දෙන්නම NIBM ගියා. අපි දෙන්නාටම lectures තිබුණ නිසා දවල් වරැව ගෙවිලා ගියා. හවස lectures ඉවර වුනාම මට මහත්තයා හම්බවුනා. එයා මට කියලා තිබුණා එයා ‍එයාලගෙ buddhist society එකේ අය එක්ක දඹුල්ලෙ යනවා කියලා. මම හිතාන හිටියෙ ඉස්සර වගේ තනියම දෙමටගොඩට ඇවිත් කෝච්චියේ තනියම එන්න. ඒ වුනත් මගෙ මහත්තයා කිවා එයා කොටුවට ඇවිත් මාව කෝච්චියට දාන්නම් කිවා. එයා මා එක්කම මරදානට ආවා. මහත්තයා එදා ඇදලා හිටියෙ කලින් දවසේ මම හීනෙන් දකිද්දි ඇදගෙන හිටපු shirt එකමයි. ඒ හීනෙ වගේම එදා මගෙ මහත්තයා මරදානෙන් බැහැලා මම හිටි කෝච්චිය යනකම්ම එයා අතවනවනා හිටියා.

ඉතින් මම එතන ඉදන් තනියම ගෙදර ආවා. එදා රෑ පුලු පුලුවන් වෙලාවට මහත්තයා මට කතා කලා. මමත් පුලුවන් වෙලාවට කතා කලා. අපි ගොඩක් සතුටින් හිටියා. අදටත් අපි ගොඩක් සතුටින්.

අද කතාව ගොඩක් දිග වුනාට සමාවෙන්න....

2010/05/18

අවසාන පද වැල .....

හීන පිරැ
කප් කෙලක් පැතුමන්
වරා මල් පොකුරක්ය .....
නුඹට පව් නෑ ...
මහිත් මුඩු බිමට
ලදලු පැතුමක් ගෙන
වසන්තය වී ..
උදාවුවාට නුඹට පින් ......

තව කුමට කරැණු සොයනුද
මා වෙතින් නික්මෙන්න ...
වසන්තය පැතුමක්ව
ඔබ යන්න ..... තවත් ලොවකට ....
ඒ වුනත්
මට දුන් දුක නොදෙන් ......

කෝ දෙන්න මට ...
මගේ ජීවිතය ....
අරගන්න ඔබ පිදු පෙම .....
දුන්නාටත් වඩා වැඩිපුර .....

මේ තමයි අවසාන පද වැල ....
ඔබ නමට මෙමා පබදින .......

2010/05/13

මගේ ආදර කතාව 7

ආයෙමත් ගොඩ දවසකට පස්සෙ මගෙ ආදර කතාවත් අරගෙන ආවා. මගෙ කතාව ගොඩක් දිගට යන නිසා එපා වෙලාද දන්නෙත් නැහැ. අද තවම මගෙ ආදර කතාවෙ හත් වෙනි දවස. මහත්තයා මට ආදරෙයි කියලා එත් වැඩක් නැහැ කියලා තවම ගත වුනෙ දවස් හතයි. එ දවස් ටික මම නුවර ගෙදරට වෙලා හිටියා ගොඩක් දුකින්. එ දවස්වල මම බලාන හිටියෙ ගෙදර කවුරැත්ම නැති වෙන වෙලාවල් හේතුව එතකොට මට පුලුවනි ගෙදර phone එකෙන් මගෙ හොදම යාලුවො එක්ක කතා කරන්න. එ දවස් ටික එහෙම ගත වෙලා 2006 දෙසැම්බර් 27 මම NIBM lectures ගියා.

එදා උදෙත් මම සුපුරැදු විදිහට උදේ කෝච්චියෙ ගියා. අපි වෙනදා වගෙම කිසිම වෙනසක් නොපෙන්වා ගියා හේතුව වුනෙ අපිත් එක්ක ගොඩක් අය ගියා. අපෙ වෙනස් හැසිරිමක් දැක්කොත් අපි ගැන වැරදියට හිතන නිසා එහෙම ගියා. එදා හවස මම lectures ඉවර වුන ගමන් එන්න හිතාන හිටියෙ. එ වුනත් මම lectures ඉවර වෙලා එලියට එද්දි මහත්තයා අපේ lecture hall එක ඉස්සරහා හිටන් ඉන්නවා. මම එයාව මග ඇරලා යන්න හිතාන හිටියත් මට එදේ කරගන්න බැරි වුනා. ඉතින් මම වෙනදා වගෙම මහත්තයා එක්ක ගෙදර යන්න පිටත් වුනා එ වුනත් වෙනදා වගෙ හිතේ සතුටින් නෙවෙ. මම කතාව මග අරින්න කොයි තරම් උත්සාහ කලත් එයාට වුවමනා වුනෙ මම එයාට තවමත් ආදරෙයිද දැනගන්න. කලින් දවසෙ වගේ එදත් අපි කොටුව station එකට ගිහින් රාගම කෝච්චියෙ ගෙදර ගියා.

වෙනදා මම තමා වැඩිපුර කතා කරන්නෙ. එ වුනත් එදා මම ගොඩක් නිහඩයි මහත්තයා ගොඩක් කතා කලා. මහත්තයා අනිත් අය එක්ක ඉද්දි ගොඩක් කතා කලාට එයා හරි කැමතියි මාත් එක්ක ඉද්දි මම කතා කරනවා අහන් ඉන්න. එත් එදා එයා ගොඩක් වෙනස්. අපි රාගම බැහැලා රේල් පාර දිගේ ඇවිදගෙන ගියා. එ යන මග දිගටම මහත්තයා ඇහුවෙ මම එයාට ආදරෙයිද කියලා. මම පුලුවන් තරම් මග ඇරියා.

මම මහත්තයාට වඩා ටිකක් වේගෙන් ඇවිදගෙන ගියා එයා ලගින්ම යද්දි හිතට දුක නිසා. එකපාරටම මහත්තයා ටික වෙලාවක් නිහඩව ගිහින් එක පාරටම මගේ අතින් වේගෙන් ඇද්දා. එ වේගෙට මම මහත්තයාගෙ ඇගේ හැපිලයි නතර වුනේ. මගේ මහත්තයා එතනම නතර වෙලා මගෙන් ඇහුවා මොනදේ වුනත් මම එයා ලග ඉන්නවාද හැමදාම එයාගෙ වෙනවාද කියලා. මම ගල් කරන් හිටි හිත එහෙමම දියවෙලා ගියා. මම කිවා මම එයාට ගොඩක් ආදරෙයි හැමදාම එයා ලග ඉන්නවා මොනදේ වුනත් කියලා. ඉන්පස්සෙ මගෙ මහත්තයා ගොඩක් තදින් මගෙ අතින් අල්ලගෙන ගියා. අපි අපේම විතරක් වුනා හැමදේම අමතක කරලා. ඒ විදිහටයි මගේ ආදර ජිවිතේ පටන් ගත්තෙ.

අදින් පස්සෙ එක දිගට දවස් වලට කතාව කියාගෙන යන්න මට බැරිවෙයි. එවුනත් මම මගේ ආදර ජිවිතේ වැදගත් සිදුවිම් කියන්නම්... අද කතාව දිග වුනාට සමාවෙන්න.

2010/05/11

පින්සාර හිනයක දැ‍වටෙන්න

වැහිබර වු අහස් කුස
නිල් වැස්ස වැටෙනකොට
සුදු කෝපි මල් සුවද
ඉරිතලා මැකෙනවා
හිත් ගැබට තුරැලු වුණ
දුකට කොදුරපු කවිය
ගැබ්බර වු දැස් අග
පිණි කදුලු සලනවා....
වලාමත හිනැහෙන්න
අර ඇන්ද දේදුන්න
හිත් අහස කලු කරන්
දුර ඈත ඇදෙනවා....
සද පිපුණු ‍එක රැක
කප් සියක් තරැ පොකුරැ
පින්සාර හිනයක
දැවටෙන්න හදනවා.....

2010/05/07

දුම්රිය සහ මගේ ආදරේ .....

මම ඉතින් හැමදාම ඔයාලාට කිවේ මගෙ ආදර කතාවයි මම පුංචි දවස් වල ලිව කවි නෙ. අද මට හිතුනා පහුගිය දවසක මට වුන සිදුවිමක් ලියන්න.

මේදේ වුනේ 2010 මැයි 05. එදා අපේ උපාධි ප්රදානෝත්සවය තිබුනා. එක ඉවර වෙලා අපි අපේ ගුරුවරුන්ට පොඩි උපහාර උත්සවයක් සුදානම් කරලා තිබුනා. අපේ උපාධි ප්රදානෝත්සවය ඉවර වෙලා refreshment එකත් අරන් ඉවර වෙද්දි 4.30ට විතර අැති. අපේ ගුරු උපහාර උත්සවය පටන් ගන්නෙ 5.30ට නිසා අපේ අම්මා ඉන්න බැහැ මහන්සියි කිවා එනිසා අම්මා යන්නද ඇහුවා. ඉතින් මම කමක් නැහැ කිවා හේතුව මා එක්ක එන්න මගේ මහත්තයා හිටපු නිසා. අම්මා ගියාම අපී අපේ යාලුවෝ එක්ක 5.30 වෙනකන් ඉදලා ගුරු උපහාර උත්සවයටත් හිටියා. එක ඉවර වෙද්දි 6.15 විතර වුනා. අපි අපේ යාලුවන්ගෙන් සමුඅරගෙන ආවා.

අපි සුපුරුදු පරිදි බස් එකක නැගලා ආවා. අපි දෙන්නා කතා වෙලා හිටියෙ දිගටම බස් එකේ යන්න. එ වුනත් අපි මරදානට එද්දි කෝච්චියෙ යන්න වෙලාව ඇති නිසා අපි බස් එකෙන් බැහැලා කෝච්චියට දුවගෙන ගියා. අපි ටිකට් ගද්දිම කෝච්චිය ආවා. අපි දුවගෙන ගිහින් නැග්ගා. නැග්ගාට පස්සෙ තමා අපි දැනගත්තේ එ 6.10ට විතර යන කෝච්චිය 7 වෙනකම් පරක්කු වෙලා තියෙන්නෙ කියලා. එත් අපි නැගලා කෝච්චිය යනකම් බලන් හිටියා. 7.30 විතර වෙනකනුත් මරදානෙන් පිටත් වුනේ නැහැ. එ එක්කම 7ට කොටුවෙන් යන කෝච්චිය ආවා. ගොඩක් දෙනා අපි හිටපු කෝච්චිය බැහැලා අනිත් කෝච්චියට නැග්ගා. එත් ඉතින් අපි එහෙමම හිටියා.

ඉන් පස්සෙ ටිකකින් එක අංකල් කෙනෙක් ඇවිත් කිවා 7 කෝච්චිය තමා යන්නෙ අපි හිටපු කෝච්චිය කැඩිලා නිසා යන්නෙ නැහැ කියලා. ඉතින් අපිත් හිටපු කෝච්චිය බැහැලා අනිත් කෝච්චියට නැග්ගා. අපි අනිත් කෝච්චිය දිහාට ඇවිදවෙන යද්දිම 6.10 කෝච්චිය යන්න ඇද්දුවා. මගෙ මහත්තයා මාවත් ඇගෙනම ඒ පැත්තට ගියා. මහත්තයා මට කිවා නගින්න කියලා.මට නගින්න බැරි වුනා. හේතුව මම අැදගෙන හිටියෙ ඔසරිය එ මදිවට කෝච්චිය යනවා. මම බැ කිවා.මහත්තයාට එකට තරහා ගියා. එයා මට බැන බැන අනිත් කෝචිචියට නැග්ගා. එකේ හොදටම සෙනග එත් කරන්න දෙයක් නැතිනිසා අපි ආවා.

එ එද්දිවත් මගෙ මහත්තයා කතා කලේ නැහැ. සෙනග අතරේ ගොඩක් හිර වෙන නිසා ලගට කරන් හිටියා. මම රාගම station එකෙන් බහින්න යද්දි මා යනවා කිවාට කිසිම දෙයක් කිවෙ නැහැ. එයාගෙ ලග තිබුන මගෙ බඩු ටික දුන්නා. මම බැහැලා බස් එකක ගෙදර ගියා. මම ගෙදර ගියාම ආවා කියලා කියන පුරුද්දට මම කෝල් කලා එත් answer කරන්නෙ නැති නිසා message කලා. එයාගෙන් කිසිම සද්දයක් නැහැ. මම මුලු රෑම කෝල් කලා එත් answer කලේ නැහැ. මම බොහොම අමාරුවෙන් දවස ගත කලා. අන්තිමට පහුවදා කතා කලා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ වගේ වැඩ නිසා සාමාන්‍ය් ජනතාව ගොඩක් අපහසුතාවයට පත් වෙනවා. මට වුනේ බොහොම සරල සිදුවිමක්. එ අවස්තාවේ ගොඩක් අයට ලොකු කරදතයක් වුනා. මට කියන්න තියෙන්නේ අපේ රටේ තියන මේවගේ අකටයුතුම දුර්වලාතා මග අරින්න උත්සාහ කරමු.

2010/05/03

මගේ ආදර කතාව 6

ගොඩක් දවසකට පස්සෙ ආයෙමත් මගේ ආදර කතාවත් අරගෙන ඔයාලා බලන්න මම ආවා.

2006 දෙසැම්බර් 21 උදේ මම නුවර ගියා. ගෙදර ගිහින් වෙනදා වගේ මම ගෙදර ආවා කියලා මගෙ මහත්තයාට කෝල් කලේ නැහැ. එහෙම කලේ එයාව අමතක කරනවා කියලා හිතේ තිබුණු හැගිම නිසයි. අපේ ගෙදර වැඩත් ගොඩයි එ නිසා මම අම්මාට උදව් කලා. නිකමටවත් මහත්තයාව මතක් නොකර ඉන්න උත්සාහ කලා. දවස ගෙවිලා ගියා. අපේ අක්කායි අයියායි බබා එක්ක ආවෙ ගොඩක් රෑ වෙලා. මතක විදිහට 10ට විතර. ඊට ටික වෙලාවකට පස්සෙ ගෙදරට කෝල් එකක් ආවා.කෝල් එක answer කලේ අයියා. එයා මට කියලා දුන්නා. එ දවස් වල මගෙ mobile phone එකේ තිබුනෙ mobitel prepaid sim එකක් එකේ incoming වලටත් charge වෙනවා (එ දවස් වල). ඉතින් මගෙ යාලුවෝ ගොඩක් වෙලාවට මට කතා කරන්න ගෙදරට කෝල් කරනවා. එ වුනත් එ වගෙ වෙලාවට යාලුවෝ කතා කරන්නෙ ලොකු පණිවිඩයක් නම් විතරයි. ඉතින් මට හිතා ගන්න බැරි වුනා කවුද කියලා. මම කතා කලා හිතා ගන්න බැහැ මහත්තයා කතා කරනවා. එයා එක්ක කතා කරන්නෙ නැහැ කියලා හිතාන හිටියාට මට එ තරම් හිත ගල් කරගෙන ඉන්න බැරි වුනා. මහත්තයා කතා කලා ගොඩක් වෙලා කතා කලා. මමත් කතා කර කර හිටියා. පස්සෙ මම කිවා තියන්නම් කියලා එපාර එයා මගෙන් අහනවා මම එයාට ආදරෙයිද කියලා මට උත්තර දෙන්න අමාරුම දේ අහනවා. මම ටික වෙලාවක් කතා නැතිව ඉදලා පස්සෙ ඔව් කිවා. එත් එයාට මදි එයා මට කියනවා "මම ඔයාට ආදරෙයි" කියලා කියන්න කියලා. මට කරන්න පුලුවන් දෙයක් නෙවෙ එක. එ වෙලාවෙ අපෙ ගෙදර හැමොම සාලෙ. මම කියන දේවල් හොදට ඇහෙනවා. ඉතින් මම කිවා බැ ගෙදර අයට ඇහෙනවා කියලා. ටිකක් කියවලා කියවලා තේරුම් ගත්තා.

ඊට පහුවදා අපෙ ගෙදර වැඩ ගොඩයි. එදා සිකුරාදා එදා අපි නිදාගත්තෙ නැ. හේතුව සෙනසුරාදා අපෙ ගෙදර කිරි අම්මලාගෙ දානයක් තිබුනා එකට වැඩ කලා. ඔය විදිහට එදා දවසත් ගෙවිලා ගියා. සෙනසුරාදා 12 වෙද්දි වැඩ ඉවරයි. හවස් වරුවම අපි හොදට නිදා ගත්තා. එ දවස් ටිකම එ විදිහට ගෙවිලා ගියා. මතක විදිහට ආයෙ මහත්තයා කතා කලෙත් නැහැ. මට කතා කරන්න වුවමනා උනත් මම අමතක කරලා හිටියා. අපි ආයෙමත් කොළඹ ගියෙ 26 වෙනිදා. මට ආපහු lectures යන්න තිබුනෙ 27 නිසා. අම්මායි මමයි 26 රාගම අක්කලාගෙ ගෙදර ගියා. මම 27 උදේ වෙනදා වගෙම නැගිටලා කෝච්චියට ගියා. එදා ගොඩක් දේවල් වෙනස් වුනා. එ දේවල ගැන මම ආයෙමත් දවසක කියන්නම්.

2010/05/01

වෙන්වි නොයමු අපි

සුවබර සැදෑවක
මල් උයන් කොනේ
සෙනෙහසින් බැදි
ඔබ මා හමුවු දිනේ
හද තුල පැතුම් පුරවාලා
බැදි සෙනේ
වෙන්වි නොයයි අපි ....
ජීවත්වන තුරා ලොවේ ......

2010/04/29

මගෙ සපුමල ......

පින්න ඉහුණු මලක් වගේ ...
හසරැලි අරගෙන
පිපෙන්න හෙට උදැසනම
මගෙ නෙත් දොරකඩ
මේ රැ මට ඉන්න බැ
ඔබ රැව නොදැක
මේ සිතල මට දරන්න බැ
ඔබ ලග නැතිව

දොඩමලු වන දැස් වලින්
මට ප්රේමය කියා දුන්න
මගෙ සපුමල දෙතොල් විදා
ඒ සෙනෙහස කියා යන්න
එතකොට මට පුලුවන් වෙයි
ඔබ නැති දුක දරාගන්න ....

නෙත් කැල්මෙන් වචන දුන්නු
මට කවියක් ලියා ගන්න
මගෙ සද රන් පත් ඉරුවක
මට සෙනෙහස ලියා දෙන්න
එතකොට මට පුලුවන් වෙයි
තනියට එය තියාගන්න .......

2010/04/26

දුකක් ඇත මට......

මගේ ඇස් දෙක ඔබම නම් මට
කුමට හිරැ සදු පතන්නෙමි මම.....
අපට අප හිමි වුනා නම් තව
අහිමි වන්නට යමක් නැත මට....
හඩන්නට වුව නොදන්නෙමි මම
මගේ ඇස් දෙක ලගම නම් ඔබ.....
හිතේ තැවරැණු දුකක් ඇත මට
ඔබට කලියෙන් මැරෙන්නම් මම......

2010/04/25

අයදිමි සමාව ඔබ සැමගෙන්.........

ඊයෙ දවසෙ බ්ලොග් මැරතන් දුවන්න මමත් හිතන් හිටිය වුනාට මට දුවන්න තියා වතුර ගහන්නවත් එන්න බැරි වුනානෙ. එකට ඔයාලා හැමදෙනාගෙන්ම සමාව ඉල්ලනවා මුලන්ම. මගෙ මහත්තයා නම් මට ගොඩක් දේවල් කිවා ගොඩක් දුක හිතෙන දේවල්. මම හිතනවා ඔයාලා මට වුන දේ තේරුම් ගනිවි කියලා. මගෙ මහත්තයාත් පස්සෙ තේරුම් ගත්තා.

මෙහෙමයි වැඩෙ වුනෙ, මට 21 හවස interview එකක් තිබුනා එනිසා මට කොළඹ යන්න වුනා. මම අම්මා එක්ක 20 හවස ගිහින් අක්කලාගෙ ගෙදර ඉදලා 21 මම මහත්තයා එක්ක interview එකට ගියා. අම්මා එදා හවස අපෙ පුංචි අම්මලාගෙ ගෙදර ගියා මට හවස එහෙ එන්න කියලා. මම interview ඉවර වෙලා මගෙ මහත්තයා එක්ක දවල්ට කාලා හෝමාගම පුංචි අම්මලාගෙ ගෙදර ගියා. අපි හිතාන හිටියෙ පහුවදා මගෙ convocation එකට සාරියත් අරගෙන නුවර ගෙදර එන්න. ඔන්න ඉතින් පහුවදා අපෙ අම්මා කියනවා යන්න මහන්සියි හෙට යමු කියලා. පුංචි අම්මායි බාප්පයි දෙන්නත් කියනවා ඉදලා යන්න කියලා. ඉතින් මම පරාජය බාර අරන් ඉන්න කැමති වුනා කමක් නැහැ 23 ගිහාම ඇතිනෙ කියලා හිතාන.

එදා දවසත් ගෙවිලා ගියා. පහුවදා 23 උදේ නැගිටලා ලැස්තිවුනා. එදාත් අම්මාට මහන්සි නිසා සාරිය අරන් ඇවිත් 24 උදෙන්ම යමු කිවා. මමත් ඉතින් හොද කිකරැ දුව නෙ. එනිසා එකටත් හා කියලා සාරිය ගන්න ගියා. එදා දවසත් ඉවරයි ඉතින්. 24ට උදේ වුනාම අම්මායි මමයි යන්න ලැස්තිවෙලා ගෙදරින් එලියට එන්න යද්දිම අපේ අක්කා කෝල් කලා. එයා කිව්වා train strike කියලා. අම්මා ගත් කටටම කිවා බස් වල යන්න බැහැ ඇගට අමාරැයි කියලා. එහෙ ගෙදර අයත් කියනවා ඉන්න කියලා. දෙවතාවක්ම එලියටත් බැහැලාත් ගෙදර නතර වුනා. මට තමා ඉතින් පාඩුව උනේ. එ කියලා මගෙ උත්සාහය අත් ඇරියෙ නැහැ. මම මල්ලිගෙ යාලුවෙක්ගෙන්වත් අන්තර්ජාල පහසුකම් සපයාගන්න උත්සාහ කලා. එ වැඩෙත් හරි ගියෙ නැහැ.

අන්තිම වතාවට මම මගෙ උපහාර සිම් එකෙන් ගනන් හොයලා බැලුවා. එක විකිණෙන වැඩක් එයාලා 1KB වලට සත 10 ගන්නවා. ඔයාලා දන්නවානෙ ඉතින් මම තවම ගෙදරින්නෙ යැපෙන්නේ. මගෙ phone බිලත් අම්මා ටිකක් බැනලා ගෙවන්නෙ එහෙම එකේ තවත් බිල වැඩිවුනොත් ඔයාලාට හිතාගන්න පුලුවන්නෙ.

ඔය හේතු නිසා මට බ්ලොග් මැරතන් දුවන්න බැරි වුනා. ඉතින් මම ඔයාලාගෙන් සමාව ඉල්ලනවා මම බ්ලොග් මැරතන් දුවන්න එනවා කියලා ආවෙ නැතිවුන එකට.

2010/04/17

මාගේ ආදර කතාව 5

ගොඩක් දවසකට පස්සෙ ආයෙම මගෙ ආදර කතාව කියන්න මම ආවා. කාලෙකින් ලියන්න බැරි වුනාට මම නැවත ඔයාලාගෙන් සමාව ඉල්ලනවා. මගෙ ආදර කතාවෙ පස්වෙනි කොටස වුනාට තවම ගතවෙන්නෙ 2006 දෙසැම්බර් 20. ඉතින් ඔයාලාට හිතෙනවා ඇති මම එක දවසක් ගැන කියන්න මෙ තරම් කල් ගත්තානම් අවුරැදු තුනක් කියන්න කොයිතරම් කල්ගනිවිද කියලා. මම අද ඉදන් කතාව කෙටියෙන් කියන්නම්.

අපි කඩවතින් බැහැලා රාගම බස් එකකට නැග්ගා. බස් එකෙ පිටි පස්සෙ ෂිට් එක විතරයි තිබුනෙ වැඩි දුරක් නැතිනිසා අපි දෙන්නා එතන වාඩි වුනා. එ එන ගමනෙදිත් මගෙ ඇස් දෙකට එබිගෙන අතින් අල්ලගෙන හිටියා. රාගමට එන අතරෙ අපි අතරෙ බොහොම පොඩි කතා බහක් විතරයි වුනෙ. මම රාගම ඉදන් තව බස් එකක ටික දුරක් යන්න ඕනෙ නිසා මම වෙනදා අපි සමුගන්නා තරම් සුහදවම නොවුනත් එයාට යන්නම් කියලා බුදු සරණයි කියලා බස් එක තියන තැනට යන්න හැරුනා. මගෙ මහත්තයා ‍බොහොම දුකින් මා දිහා ටික වෙලාවක් බලන් ඉදලා මගෙන් ඇහුවා රේල් පාර දිගෙ ඇවිදගෙන යමුද කියලා එයා ගෙදරට ඇරලන්නම් කියලා.

මම එ වෙලාවෙ දෙවතාවක් හිතන්නෙ නැතිව හා කිවා. එහෙම කියන්න හෙතුව වුනෙ මම ඉදිරියට කරන්න ඕන දෙ එ වෙනකොටත් මම තිරණය කරලා ඉවරයි. මම එයා මුණගැහෙන අන්තිම වතාව එක කියලා මම තිරණය කර ගත්තා. අපි දෙන්නා රේල් පාර දිගෙ ඇවිදගෙන ගියා එ අතරෙ එක මොහොතකටවත් මගෙ මහත්තයා මගෙ අත අතහැරියෙ නැහැ. එ යන අතරෙ එයා සතුටු වුනා එ මොහොතෙ හරි මා ලග ඉන්න. එ වුනත් මගෙ ඇස් තෙ‍ත් වුනෙ නැතත් මගෙ හිත ගොඩක් ඇඩුවා. එ අතර මගදි අපේ අක්කා කෝල් කරලා ඇහුවා මම කොහෙද කියලා එයාලා බබාගෙ බර කිරන්න යනවා කියලා. මම මග නිසා ඉස්සරහා ගෙදර යතුර තියන්නම් කිවා.

මම මගෙ මහත්තයා එක්ක ගෙවල් ලගටම ආවා. ගෙවල් පාරට හැරෙද්දි මට හොදටම බය හිතුනා. ඉස්සරහා ගෙදර ඇන්ටියි නංගියි එලියෙ ඉන්නවා දැක්කාම මගෙ බය තවත් වැඩි වුනා. මොකද ඉතින් මිට කලින් කවදාවත් කොල්ලෙක් එක්ක ගෙදර ලගටම එනවා තියා ‍අම්මා අදුරන්නෙ නැති කොල්ලෙක් එක්ක පාරෙ ගිහින්වත් නැහැ. මොකද දන්නවාද එකාලෙ වෙද්දි වුනත් මගෙ පිරිමි යාලුවො අම්මා අදුරනවා. එ වෙලාවෙ මට ගොඩක් දුක හිතුනා මම අම්මාට බොරැ කරනවා කියලා. මම මහත්තයාට කිවා මාව අදුරන්නෙ නැහැ වගෙ කෙලින්ම යන්න කියලා හේතුව අම්මාට ආරංචිවෙයි කියලා.

අපෙ ගෙදර ලගට ආවාම මම ඇන්ටිගෙන් යතුර ඉල්ලගෙන ගෙට ‍ගියා. එ ගමන්ම මහත්තයාට කෝල් කලා පරිස්සමින් ගෙදර යන්න කියලා. ඉන්පස්සෙ මම ඇග හෝදගෙන ඇවිත් දුක අඩු වෙනකම්ම කොට්ටෙ තුරැල් කරන් ඇඩුවා. ඉන්පස්සෙ මගෙ හොදම යාලුවාට කෝල් කරලා විස්තරෙ කිවා. අක්කලා ආවාම කිසි දෙයක් නොවුන විදිහට ඉන්න උත්සාහ කලාට එහෙම ඉන්න බැරි වුන නිසා මම ඉක්මනට කාලා ඇදට ගියා. අනෙ වෙනදාට මම ඇදට ගිය ගමන් නිදි එ වුනත් එදා මට නින්ද ගියෙ ගොඩක් රැවෙලා. මහත්තයා කෝල් කලා අපි ගොඩක් වෙලා කතාකලා.

ගොඩක් රැ වෙලා මට නින්ද ගියා. එ වුනත් මම පහුවදා උදෙන්ම නැගිට්ටා නුවර අපෙ ගෙදර යන්න. අයියා මාව රාගම ස්ටේෂන් එකෙන් බදුල්ල කෝච්චියට නැග්ගුවා පේරාදෙණියෙන් බහින්න. එ මම තනියෙන් නුවර යන දෙවනි වතාව. එදා උදෙ මම කෝච්චියට නැග්ගෙ ආයෙ කවදාවත්ම මගෙ මහත්තයාගෙ මුණ බලන්නෙවත් කතා කරන්නෙවත් නැහැ කියලා හිතාගෙන.

අද කතාව ගොඩක් දිග වුනා එකට හැමෝම සමාවෙන්න.

2010/04/14

මගේ පළමු වසන්තය ....

සබද මට අහසකි නුඔ
මා මිහිතලයක් වු කල...
අප හමුවිම නෙත් මායිමේ
ක්ෂිතිජයකි දුර පෙනෙන...
ළ‍ං වත්ම ඉගිල යන
මගේ පළමු වසන්තය.....
විය මට මිරිගුවක්
කිසි දිනෙක හිමි නොවන.......

මා පව්කර ඇතිවා....

හිනාවෙලා ලග රැදෙන්න...
පෙම්වත කවි කතා ගොතන්
ඔබ පාමුල විසිරවන්න
අනේ ඉතින් මා පින් පිරැවා...
දෙඅත් බැදන් ඇවිද යන්න
එකම මගක හමුවන්නට
ඔය ඇස් ලග දිවි ගෙවන්න...
බැරි තරමට පව් මා කර ඇතිවා.....

2010/04/13

කලකට ‍පසුච ‍මා නැවත ..........

‍ඉතින් මම කාලෙකට පස්සෙ බ්ලොග් එකක් ලියන්න ගත්තා. සියලුමදෙනාගෙන් මම මුලින්ම සමාව ඉල්ලනවා හේතුව තමා ගොඩක් දචසකින් මට බ්ලොග් එකක් ලියන්න බැරිවුනා. හැමදේම මටමයි ‍වෙන්නෙ කියලා එකත් මටම වුනා. මම බ්ලොග් එකක් ලියාගෙන සතුටින් ඉද්දි අපේ අයියා රට ගියා. අයියා කිවාට ඉතින් මස්සිනා. එතකොට අපේ අක්කා පොඩ් එකා එක්ක රාගම ගෙදර තනියෙන් නිසා අම්මාටයි මටයි යන්න වුනා එයාලට තනි රකින්න. එන්න එහෙමයි මගේ බ්ලොග් ලියවිල්ල නතර වුනේ. ඔය අතරෙ මට සතුටු හි‍තෙන දෙයක් වුනා එ තමා අක්කා අන්තර් ජාල පහසුකම් සපයා ගන්න හිතුවා. ඉතින් සුභම දේ තමා මට ආපහු මගෙ බ්ලොග් එක ලියන්න පුලුවනි.

දැන් ඉතින් ඇතිනෙ එ විස්තර. මගෙ මහත්තයා දැන් ගොඩ දචසක් ඉදලා කියනවා බ්ලොග් එකක් ලියන්න කියලා එ වුනත් ලියන්න වෙලාවක් ලැබුනෙ නැහැ. අම්මා තනියෙන් ගෙවල් අස් කරද්දි මට බ්ලොග් ලිය ලිය ඉන්න බැ‍නෙ. අද ඉතින් ටිකක් චිතර නිදහසක් ලැබුනා. ඉතින් මම ලියන්න ගත්තා.

එ අතරෙ තමා මහත්තයා කිවෙ බ්ලොග් මැරතන් එක ගැන. මමත් බ්ලොග් මැරතන් දුවනවා. මැරතන් දුවන්නෙ මගෙ ආදර කතාවයි මගෙ නිසදැස් එක්ක. මගෙ ආදර කතාව කියෙව්ව ඔයාලට මේ මැරතන් එකේදි මගෙ ආදර කතාව අද වෙනකම් දැනගන්න පුලුවනි. එහෙනම් දැනට මේ ඇතිනෙ විස්තර කිචා.

එහෙනම් බ්ලොග් මැරතන් එකේදි හමුවෙමු. ඊට කලින් මම එනවා හොදේ. ඔයාලා හැමෝටම සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා!

2010/01/25

කියන් මට ඔබේ ආදරේ.....

පිචිච මල් පෙති දෙපෙති රටාවට
නිල් පාට රැලි ගවොම අැගලාන...
වස්සාන නිද්රාවේ....
ඔබ ගාව කදුලු පිනි වගුරාන
අහිංසක දෙතොල් අග....
සුදු ටිකිරි සිනා සංහිදියාවෙ
ප්රභාතය රැගෙන පැමිණියෙමි......

සුසුමකින් දැහැන් ගත ඉදුනිල....
පියන්පත් නොපියාම කියන් මට.....
ඔබෙ ආදරේ.....

නෙත් පොකුණු පාගමින්
දුක අැවිත් කර උඩින් අත දමා....
මැදියමේ අඩගසයි හිනියට
නවාතැන් පොළ සාදා දෙන්නෙ මැයි....
සදාකාලික සුවෙන් නිදන්නට.....

වස්සාන නිද්රාවේ....
සිනිදු සුදු මල් වඩමි පෙරහැරේ.....
රෑහි හඩ අැවිත් අඩගසන්නට..
පෙර අැවිත් කියන් මට
"ආදරේ මියදුනේ නෑ සුදු නංගි...
මම ඔයා ළග ඉන්නවා................"

මුව උඩින් පාත්වී හිමි හිමින්......
කියන් මට...
පිං සිද්ද වෙයි නුඔට...........

2010/01/21

සැමදා පතනෙමි ඔබේ ආදරය...

මගේ ලොව තනි වෙලා
කියා මට සිතුනදා...
නෙත් කදුලු බොද වෙලා
.... නුඔ දුර නිසා...

අහ්ස් ගැබ වළාකුලු
නුඔ අරන් දුර ගියා...
මේ මගේ සිත තුල
නුඔ තැනක තනි වෙලා....

නුඔ නැවත එන දවස
අැගිලි ගෙන ගනිනවා
නුඔ සොයා දුර අැත
මට එන්න හිතෙනවා...

හිස් අහස දෙස බලා
සරණ මා පතනවා
පිසලන්න මගෙ කදුලු
හැමදාම කියනවා...

සෙනෙහසෙ නාමයෙන්
ඔබේ රුව එක් වරක්
දකින්නට වරමි
අැත්නමි මට...

ඔබේ නෙත් සගල තුල
දුටිමි මා නොදුටු ලොකය..
නමුත් ලොව කුරිරු විය
අප හට....

රාත්රිය මූසලය ගණදුරුය නිහඩය..
ඔබෙන් ලැබු ජිවිතය සුන්දරය පිවිතුරුය
උදුරාගත් නොගන්න මගෙන් යලි නොදෙන ලෙසට එය
සැමදා පතනෙමි ඔබේ ආදරය......

2010/01/20

සිත සෙනේ නිමි නොවෙයි....

දෑ සමන් මල් වලට..
පිබිදෙන්න ඉඩදි....
සොමි අැත නිලඔරේ....
එළිය දි උන්නා...

හෙමින් පියවර තබා....
මැයි පාවඩ මතින්
ඔබ එතැයි බලාගෙන.....
මා දුකින් උන්නා...

සදු තවම මල් වරයි...
සිත සෙනේ නිමි නොවෙයි....

2010/01/19

නුඔ මගෙම වෙලා හිදිනු....

සද ගිමන් නිවා සුදු වළාකුලක වැතිරි...
දුක් කවක් කියනවා ආදරයට නොනිමි..
එ සදට වඩා තනි තරුවක් ගැන දනිමි
එ තරුව මමයි නිති නුඔටම තනි රකිමි....

සද වගේ අැවිත් රෑ පිනි පලසෙහි පිපුණු...
නුඔ පිචිච මලය මට සසර පුරා බැදුණු....
දුර තනිව හිදින මට සුවය සදා සුමුදු...
මතු භවෙන් භවේ නුඔ මගෙම වෙලා හිදිනු................

ලංවෙන්න වරමි අැත නෙලාගන්න තහනමි...
මල් සුවද පමණි තව උරුම උනේ මට නමි...
මගෙම වෙලා යලි පිබිදෙන්නට හැකිනමි......
මතු උරුම නොවේ මේ ආදරයට සරදමි...........

කවි පදය...

මගේ කවි සිත...
නොරිදවා.....
පද සොරා ගෙන..
කෝල බැලුමින් නුහුරු කවිකම් .....
උගන්වා මට......
සොදුරු පන්හිද...
තුඩග දැවටි.....
මාව... අසරණ කල.....
කිවිදු...
නුඔ......
දැහැන්ගත වි.....
දැවටෙමින් සිත....
මගේ පන්හිද...
ඉතින් කිසිදා.....
නොලියවෙන..... කවි පදය.....
විය....
නුඔ...........

2010/01/18

කුමුදු මල......

මේ කුඵ සඵ වඩා..
අහස් කුස ගැබිබරයි
හඩන්නට වගෙ හදයි...
සිතිවිලි සඵලෙහි...
මගෙ හිතත් එ වගෙයි...
නිතින් නොනිදා හඩයි..........

හිතිමතේ අැවිදින්..
නොකියාම නික්ම යන
රැල්ල නුඔ වගේමැයි.....
කප්පරක් දුක දරන්
සෙනෙහසින් රැල්ල සිපගන්න
අනන්තවත් දුක් විදින
වෙරල ඉම මම තමයි....

තනි නොතනියට
කප්පරක් තරැ පිරිවැරැ
මල්වර සද නුඔ වගේමැයි....
නෙතු රවටන....
සිතිජ ඉමදිවත් හමුනොවන...
එ හදට පෙමි බදින...
කොද කුමුදු මල මමයි..............

මගේ ආදර කතාව 4

මගේ හිතේ සැනසීමට මගේ ආදර කතාව ලියුවාට මගේ මහත්තයා නිකමටවත් කැමති නැ මම මේ දේවල් ලියනවාට. ඔයාලාට හිතෙයි අැයි එ කියලා. එ එයාගෙ හැටි. මම එයා එපා කියන දේවල් කරන්නෙ නැ. එත් අපේ කතාව කියන්න තියන ආසාව නිසා එයාගෙන් අැහුවාම කිවා කමක් නැ ලියන්න කියලා. එ නිසා මම අපේ ආදර කතාවේ ඉතිරි ටිකත් කියන්නමි.

ඉතින් එදා අපි දෙන්නා එක seat එකක වාඩි වෙලා හිටියෙ. ටිකක් දුර යද්දි එයා මගෙ අතින් අල්ල ගත්තා. මට ලොකු අමුත්තක් දැනුනා. මට එ වෙලාවෙ අත අයින් කර ගන්න හිතුනත් මම එහෙම කලෙ නැ. එ අැයි කියන්න අදටත් මම දන්නෙ නැ. එ වෙනකොට මට නිකමි එයාගෙ ආදරේ තේරිලා තිබුනා. ඔහොම අතින් අල්ලගෙන ටික දුරක් එක එක දේවල් කිය කිය ගියා. ටික දුරක් ගිහින් එක පාරටම අැහුවා මම එයාට ආදරේද කියලා. මම එක පාරටම ගොඩක් බය වුනා. එ අැයි කියන්න මම අදටත් දන්නෙ නැ.අැත්තටම මාත් එ වෙනකොට හිතින් ආදරේ කරන්න අැති. (නැතිනමි අතින් අල්ලගත්තාම අත අත් හැරියෙ නැත්තේ) මමත් ටිකක් කල්පනා කරලා ඔවි කිවිවා...

ඉන්පස්සෙ එයා ටික වෙලාවක් මගෙ අැස් දෙක දිහා බලන් ඉදලා කිවිවා "මාත් ඔයාට ගොඩක් ආදරේයි එත්...." කියලා. එ අැස් වල මොකක්දෝ කියා ගන්න බැරි දෙයක් මා දැක්කා. මම අැහුවා "එත්.. කියලා නතර කලේ අැයි මොකක්ද කියන්න ගියෙ" කියලා. එයා මගෙ අැස් දිහා බලාන ලොකු කල්පනාවක. එහෙම ටිකක් වෙලා ඉදලා කිවිවා "මට ආදරේ කරන්න එපා මට ආදරේ කරලා වැඩක් නැ" කියලා. මම බය වෙලා බලන් හිටියා මොනවද කියන්නෙ කියලා. එයා මගෙ අත තද කරන් අල්ලන් හිටියා මම දුවයි කියලා වගේ. මම එයා එහෙම කියන්න හේතුව අැහුවාට කිවේම නැ.

මට හිතට හොදටම දුකයි. එ මගේ හිතට ඉස් ඉස්සර වෙලාම දැනුන ආදරේ. මම ඔහේ ජනේලෙන් එලිය බලාන ගියා. මටත් නොදැනිම මගේ අැස් වලට කදුලු උනන්න ගත්තා. මම එයාට නොදැනෙන්න කදුලු පිහදාගෙන එයා දිහා බැලුවා. එ වෙනකොටත් එයා දුකින් මා දිහා බලන් ඉන්නවා. මට එක පාරටම හිතුනා එයාට වෙන girl කෙනෙක් අැති එ නිසා වෙන්න අැති එයාට ආදරේ කරලා වැඩක් නැ කියන්නේ කියලා. ඉතින් මම එකපාරටම අැහුවා "ඔයාට වෙන girl කෙනෙක් ඉන්නවාද" කියලා. එ වෙලාවේ එයාගේ අැස් දෙකේ තිබුනු දුක තවත් වැඩි වුනා. එයා දුකින් "ඔවි" කිවිවා.

එචිචර වෙලා තදින් අල්ලන් හිටිය මගේ අත ගත්තා නෙවේ අත අැදලා ගැනුනා. මම අැහුවා "අැයි එහෙනමි මට ලංවුනේ අැයි මගේ හිතේ ආදරයක් අැති කලේ" කියලා. තව මොනවාදෝ ගොඩක් දෙවල් කියෙවුවා හිතේ දුකට. එයා මගේ අත අල්ලගන්න try කලා. එත් මම දුන්නෙම නැ. අැයි ඔය තරමි නපුරු කියලා අහලා බලෙන්ම අත තදින් අල්ලගත්තා. ආයෙමත් අැහුවා "මට ආදරේද" කියලා. මම කිවිවා "නැ" කියලා. "අැයි බොරු කියන්නෙ අැත්ත කියන්න" කිවා. එත් මම කිවේ නැහැ.

මම එ girl ගැන විස්තර අැහුවා. එයා එ ගැන කිවිවා. එත් එ දේවල් වලින් බොහොම ටිකයි මම අහන් හිටියෙ. එ වෙලාවෙ එයා මගෙ අත තදින් අල්ලන් හිටියා. මම අත ගන්න දෙතුන් සැරයක් try කලා බැරිම තැන ඔහේ හිටියා.බස් එක කඩවතට ආවා. එතන ඉදන් රාගම බස් එකට නගින්න ටික දුරක් පයින් එන්න ඕනෙ එ අතරමගදිවත් මගෙ අත අතහැරියෙ නැහැ. හරියට පොඩි දරුවෙක් පාරේ දුවයි කියලා අප්පචිචි අතින් අල්ලන් යනවා වගේ. එහෙම ගිහින් රාගම බස් එකකට නැග්ගා.

අද බිලොග් එක ගොඩක්ම දිග වුනා. ඉතිරි ටික වෙන දවසක කියන්නමි. අද මා හොදටම උන ගැනිලා ඉන්නේ. ඉතින් දැන් හොදටම අමාරුයි. එ නිසා අදට නතර කරන්නමි.

2010/01/17

මසිත ඔබ සොයයි....

මගදි නොනවතින ගග...
සයුරටම ගලා යයි....
වෙනතක නොබැදි සිත..
ඔබ වෙතට අැදි එයි...
සයුර ඔබ ගගයි මම....
සෙනෙහෙ සිත ඔබ ලගයි....
සදා ඔබ සිත සොයා....
මසිත සෙනෙහස සොයයි.....

2010/01/16

මං හෙවිව හවිහරණ..........

එ දවස් වල..
ළගින් අඩි තියලා...
හෙමිහිට අැවිදගෙන ගිය
පුංචි දුර තරං.....
ඔයා ලග නැතිව..
හැල්මෙ දුවන් යන..
සංසාර ගමන..
මට ලස්සන නැ රත්තරං.......
ඔය දෑත් මැද තරං...
විස්වයේ කොහෙවත්....
මං හෙවිව හවිහරණ නෑ.......

2010/01/15

කියන්න මට ............

දුක හිතුනාට අඩන්නෙ නැහැ නෙත්.......
ජීවිතේ හැමදාම ....
එක හුරු දෙයක්...
කියනකොට වචන වලින්
ගල් කුලක් වගේ කියලා ආදරේ......
නෙතු පියෙන අැසිල්ලට..
බොදවෙලා යනවා ලේසියෙන්ම....

වළාකුලක් වගේ පාවෙලා අැවිත්
මුදු මොලොක් මල් කැකුලක් සේම.....
හිතට රිංග ගත්තු ආදරේ....
ජීවිතේ හැමදාටම එලිය දෙන..
හිරු කිරණ කැයි පැතු ආදරේ...
නොකියාම යන්න යාවි..
දුක් දෙන්න බැහැ ආදරේ හින්දා...!

මගේ ජීවිතේම ඔබයි කියාපු..
වචන පොඩිති...
තවත් කෙනෙකුට අයිති වේවි..
දුක නොහිතාම
මුමුනාවි ආදරයෙන් .....
අපි අලුත් ජීවිතයක් පටන් ගනිමු කියලා.....

හීන මල් පෙති විසිරිලා යාවි
ආයෙමත් නොපිපෙන්නම....
එත් මං හරි ආසයි .....
ඉටු නොවුනත් සොදුරු සිත්තමක් සේම....
මගේ පැතුමි මං ගාවම තියාගන්න....
කියන්න........
මෝඩ කෙල්ලෙක් රවටිටලා......
මොනවාද ලැබුනෙ කියලා......

මගේ ආදර කතාව 3

මගේ ආදර කතාවෙ ඉතිරි හරිය මෙතරමි ඉක්මනට කියන්න හිතාන හිටියෙ නැහැ. එ මම මෙ දවස් වල ටිකක් විතර දුකින් ඉන්න නිසා. එ වුනත් මට හිතුනා මගෙ කතාව ලියන්න. මම ඔයාලාට කිවුවානෙ එයාගෙන් අහලා එයාගෙ නම කියන්නමි කියලා එත් දැනට නම කියනවාට කැමති නැහැ. එ නිසා මම මගෙ මහත්තයා කියලා ලියන්නමි.(කොහොමත් මම එයාට කතා කරන්නෙ එහෙම)

එදා දෙසැමිබර් 20. වෙනදා වගෙම එදාත් උදේ අපි දෙන්නා NIBM ගියා. එදා අපෙ batch එකට තිබුනෙ tute එකක්. එයාලාට C++ practical exam එක. මට tute එක 12 වෙද්දි ඉවර වෙනවා එ නිසා එදා හවස මම නුවර එන්න හිතාන හිටියෙ. එදා ඉස් ඉස්සෙල්ලාම තනියෙන් යන්න හිතුවෙ. ඉතින් මගෙ මහත්තයාට exam ඉවර වෙන්න තිබුනෙ 12.30. එයා කියලා තිබුනෙ එයාට ඉවර වුන ගමන් මාව කොටුවෙන් බස් එකට නග්ගන්නමි කියලා. ඉතින් මම tute එකට ගියා. එයාලාට exam පටන් ගද්දි ටික වෙලාවක් පරක්කු වෙලා. ඉතින් ඉවර වෙන්න තිබුන වෙලාවට වඩා පරක්කු වෙලා ඉවර වුනෙ.

මම tute එක ඉවර වෙලා මගෙ මහත්තයා එනකමි බලන් හිටියා. ඔන්න මගෙ මහත්තයාට exam ඉවර වුනෙ 1.30ත් පහුවෙලා. ඉතින් වෙලා ගිහින් නිසා එයා මාවත් එක්කගෙන ඉක්මනට යන්න පිටත් වුනා. අපි එ දවස් වල කොටුවට යන්න බස් එකට නගින්නෙ 120 බස් වලට. එදාත් අපි එ පැත්තෙන් අැවිදන් ආවා. අතරමගදි මගෙ මහත්තයා වෙලාව බැලුවාම එයාට තෙරුනා එ වෙලාවෙ මම නුවර යන්න බස් එකට නැග්ගොත් ගොඩක් පරක්කු වෙනවා කියලා. එ නිසා මට කිවා අද යන්න එපා හෙට යන්න කියලා. මම ගෙදරට කෝල් කලාම අමිමාත් කිවිවෙ පහුවදා උදෙ එන්න කියලා.

අපි හැමදාම ගියෙ කෝචිචියෙනෙ එ වුනත් එ වෙලාවට කෝචිචියක් නැහැ. එ නිසා මගෙ මහත්තයා කිවා අපි Town hall ගිහින් එතනින් 193 කඩවත බස් එකක යමු කියලා. එ දවස් වල මම ඔය පාරවල් දැනගෙන හිටියෙ නැහැ. එ දවස් වෙද්දි අපි ගොඩක් හොද යාලුවො නිසා මට එයා එක්ක යන එක එ තරමි දෙයක් වුනෙ නැහැ. ඔන්න අපි Town hall අැවිත් බස් එකට නැග්ගා බිස්කටි පැකටි එකකුත් අරගෙන.

ඔන්න ඉතින් බස් එකට නැගලා බිස්කටි කන්න පටන් ගත්තා. ටික වෙලාවකින් බස් එක යන්න පිටත් වුනා. ඔය අතරමගදි මගෙ මහත්තයා මගෙන් ගොඩක් දේවල් අැහුවා මට ගොඩක් දේවල් කිවිවා.

ඉතින් එදා අපි කතා කල දේවල් පස්සෙ දවසක කියන්නමි අද හිතුවාට වඩා බිලොග් එක ගොඩක් දිග වුන නිසා.

2010/01/13

නුඹ එනවා මගේ ලගට

අෑත අෑත අනන්තයක
අරැන්දතිය හිනැහෙන විට....
අතිතයේ මතක ඉමෙන්
නුඹ එනවා හද කුටියට...
පුංචි පිචිච මල් ඉකිබිද
සැලෙනා ගොම්මන් යාමෙට........
නුඹ නෙත් තරැ ඉහට උඩින්
හිනැහෙනවා නුබ ගැබ.....
සේපාලිකා මල් හෙමිහිට....
මල්වර වි වස්නා විටක
නුඹ එනවා සුවද අරන්....
මගෙ සිත් ගැබ ලැගුමි ගන්න....
හින පිචිච මල් නෙතු ඉම
විකසිත වි හිනැහෙන විට.....
නුඹ එනවා මගේ සිතට...
පෙරදා මෙන් ලගින් ඉන්න.....

මගෙ ආදර කතාව 2

ගොඩක් දවසකට පස්සෙ ආයෙමත් මගෙ ආදර කතාව කියන්න ඹ්නෙ කියලා හිතුන නිසා ලියනවා. එත් පහුගිය දවස් වල මම ගොඩක් දුකින් හිටියෙ කියලා මට ගොඩක් ආදරෙ කරන මගෙ මහත්තයා දන්නවා. එත් එ ගැන කියනවාට වඩා මගෙ ආදර විස්තරෙ කියන්නම්.

ඔන්න ඉතින් එදා දුම්රියට නැගල වටපිට බැලුවා පහසු තැනකින් අල්ල ගන්න. එතකොට දැක්කා අදුරන කෙනෙක් හිනා වෙවි මා දිහා බලන් ඉන්නවා. මාත් හිනා වුනා එත් මට මතක් වුනෙ නැ කවුද කියලා. මා ටික වෙලාවක් කල්පනා කලාම මතක් වුනා. එ NIBM එකෙ අපිට පස්සෙ ඩිප්ලොමා batch එකෙ boy කෙනෙක් කියලා. එ දවස් වල අපෙන් pass papers ඉල්ල ගත්ත මල්ලි කෙනෙක් කියලා. (අැත්තටම මල්ලි කෙනෙක් නෙවෙ) මාත් ඉතින් හොදින් කතා කලා එ වෙනකොටත් අපි අදුරගෙන හිටියා. එයාගෙ යාලුවන්ටත් මාව අදුන්නලා දුන්නා. ඔන්න ඔහොම තමා අපෙ පළමු හමුවිම වුනෙ.

එදාට පස්සෙ හැමදාම අපි ආවෙ ගියෙ එකටම. ඔහොම ටික කාලයක් ගෙවිලා ගියා. මම හැමදාම එයා එන දුමිරියට නැග්ගා. සමහර දවස් වලට මට ගෙදරින් එන්න පරක්කු වෙනවා. එ වගෙ දවසට මට කෝචිචියට එන්න බැරි වෙනවා. ටික දවසක් යනකොට එහෙම මට කෝචිචියට එන්න බැරි වෙන දවසට එයා රාගම station එකෙ බැහැලා ඉන්නවා මා එනකමි. ඉන්පස්සෙ අපි දෙන්නත් එක්කම යනවා.

ඔහොම මාස තුනක්ම කාලය ගෙවිලා ගිහින් බොහොම තිරණාත්මක දවසක් උදාවුනා. එ ගැන පස්සෙ දවසක කියන්නමි.