2014/05/12

පාළුවට හිතට නැගුණු කවි පද ....... 2

තනිකම ඇයි මේ තරමට
නුඹ කොහි සැගවිනිදෝ ...
හනික එන්න මගේ ලොවෙට
දරා ගන්න බැහැ මට මේ තනිකම ....


සිතට නැගෙන සිතුවිලි මං
වලකාලමි කෙලෙසින් ....
නුඹ ගැන ....
ආල සිතක් පහල වුනත් ...
අමතක කර සිටිනෙමි මං ....


යලි දකින දින සිහි කර කර 
මා තනිවම .. තැවෙනවා ....
නුඹ ලඟ දොඩමළු වෙන්නට ...
හිත හැමදා කියනවා ....



පාට පාට හීන අරන් ...
නුඹ එනවද .. මගේ ලොවට ...
නෙතු පියන් බලා හිදිමි ....
නුඹ එනතුරු මගෙ හීනෙට ....





කවිකම අත්හරින්නට හිතුවත් අත්හරින්නට බැරිව ඉන්නා දෙයත් එයමයි. හිතට දුකක් සතුටක් තනිකමක් දැනෙන හැම මොහොතකම කවියක් ලියවෙන එක හිතට වෙලාවකට හරි වදයක් කියලා හිතුනත් නතර කරගන්න බැරි පුරුද්දක් වෙලා. ඒත් අදින් පසු කෙසේ හෝ කවිකම නතර කරන්න හිතුවා .....

කවි ලියන්න පටන් ගත්ත බ්ලොග් එකේ වල් පල් ලියලා පුරවනවා අදින් පසුව ......

2014/04/07

පාළුවට හිතට නැගුණු කවි පද .......

නුඹ සිහියට නැගෙනවා .....
නෙතට කඳුළු නැගෙනවා ....
මට තනිකම දැනෙනවා ...
සිත තනිවම හඬනවා .....


සිහින දකිමි නුඹ ගැන මං
සැබෑ නොවන බව දැන දැන
අඳුර පමණි මගෙ දිවියට
පාට සිහින කොයිබින් දෝ ....


නුඹට දුරින් ඉදන් .....
ආල සිතක් පහළ කරන් ....
රහසේ ඉකිබිඳ හඬමින් 
සුසුම් හෙලමි මං .......


ආල සිතුවිලි පහල නොවියන් .....
හිතට .. බර හන්දා .......
කඳුළු බිංදු තව වැටියන් ......
නෙතට.. බර හන්දා ....
තනිකම ලග රැදියන් .........
තනියට කෙනෙකු නැති හන්දා .....




(ප.ලි. සෙනසුරාදා පංතියේ ඉද්දි කම්මැලි කමට හිතට නැගුණු කවි ටිකක් ලිවා. එයින් කිහිපයක් විතරක් ලිව්වා. එක දිගට කියවන්න පුළුවන් කවි පෙළක් නෙවේ. මගේ පිස්සු විකාර ටිකක් .... හැමදාමත වගේ)

2014/03/29

පුංචි කාලේ කතන්දර .....

කාලෙකට පස්සේ දුවිලි ගසා දාලා මේ පැත්තේ ආවා. අද පැයක් විතර දාඩිය පෙර පෙරා රෙදි අයන් කලා. ඒ වෙලාවෙ පුංචි කාලෙ කියෙව්ව කතා පොතක කතාවක් මතක් වුනා. පොතේ නම මතකත් නැහැ කතාව හරියටම මතකත් නැහැ. ඒත් සාරංශය මතකයි වගේම පොතේ රූප මතකයි.

මෙහෙමයි කතාව. මේක චීන කතාවක් මතක විදිහට.

අම්මා කෙනෙක් ඉන්නවා එයා හරිම කලබලයි. එයාට ඉන්නේ පුංචි බබෙක් එයා හරිම ලස්සනයි වගේම බෝල ගෙඩියක් වගේ. දවසක් මේ අම්මාට එයාගේ ගෙදරින් පණිවිඩයක් එනවා එයාගේ අම්මාට සනීප නැහැ කියලා. ඉතින් කලබලවුන අම්මා උදේ පාන්දරම කලුවරේම යන්න පිටත් වෙනවා. එයා කලබලෙන්ම නිදන් ඉන්න පුංවි බබාව රෙද්දකින් ඔතලා අරන් යනවා.

මෙයා මෙහෙම කලුවරේ යද්දි පුහුල් වත්තක් පහු කරන් යන්න තියෙනවා. මෙහෙම ඒ මැදින් යද්දි වැලක කකුල පැටලිලා වැටෙනවා. බබාව රෝල් වෙලා යනවා. කලබලෙන් අයෙම රෙද්දෙන් බබාව ඔතා ගන්නවා. මෙහෙම කොහොම හරි එයාගෙ අම්මා බලන්න එයා යනවා.

ඉතින් එහෙට ගිහින් දැන් හැමෝම පුංචි බබා බලන්න ලෑස්ති. අම්මා බබාව ඇද උඩින් තියලා බබාව ඔතලා තිබුණ රෙද්ද දිගෑරියා. හැමෝම උඩට ගත්ත හුස්ම පහලට හෙලන්න බැරිව වට වෙලා ඉන්නවා. රෙද්දෙන් ඔතලා තිබුණෙ බබා වෙනුවට හොඳ ලොකු පුහුල් ගෙඩියක්.

අම්මා ආයෙමත් කලබල වෙලා දුවනවා පුහුල් වත්තට බබා හොයන්න පුහුල් ගෙඩියත් අරන්. එතනට යද්දි දකිනවා රෝල් කොට්ටයක් තියෙනවා. අම්මා පුහුල් ගෙඩිය එතන දාලා ගෙදර දුවනවා කොට්ටෙත් අරන්. අම්මා ගෙදර යද්දි  පුංචි බබා හිනාවෙවි තොටිල්ලෙ නිදි.

ඒක තමා කතාව. මට නම මතක නැහැ. ලස්සන රූප තියෙන පොතක්. රූපනම් අදටත් මතකයි. කතාවේ පොඩි පොඩි තැන් වෙනස් ඇති. ඒත් මම ආසම කතාවක් ගොඩ කාලෙකට පස්සේ මතක් වුන.