2011/03/30

මගේ ආදර කතාව 11.... (ඉතිරිය)

ඊයෙ කතාව දිග වැඩිවෙනවා කියලා දැනුන නිසා මම නතර කලා වුනාට එදා සිදුවීම ඉවර නැහැ කතාව තව තියනවා. අදත් වෙන වෙන දේවල් කියව කියව ඉන්නෙ නැතිව කෙලින්ම කතාව කියන්න පටන් ගන්නම්. කලින් කොටස කියෙව්වෙ නැති අය මගේ ආදර කතාව 11 මෙතනින් කියවන්න.

එදා මම මහත්තයා එක්ක කතා කලා. එයාගෙන් තීරණයක් ගන්න එයාට මාව මගේ ආදරය ඕනෙද කියලා දැනගන්න. ඒත් එයාට එකපාරටම තීරණය කරන්න බැරිවුනා එයා කාවද තෝරගන්නෙ කියලා. මාස 4 දවස් 23ක කාලයක් පැවතුනු මගේ සම්බන්ධයද අවුරුදු තුනකට ආසන්න කාලයක් තිබුන ශෂිගේ සම්බන්ධයද කියලා. එයා එක්ක කතා කරද්දි මට තේරුන එකම දේ නම් එයා මට ගොඩක් ආදරය කරනවා එයාට මාව ඕනෙ ඒ වුනත් මොකක් නමුත් හේතුවක් නිසා එයාට ශෂිව අත්අරින්න පුළුවන් කමකුත් නැහැ. මට අපි ගැන ‍ගොඩක් දුක හිතුනා. මම මගේ මහත්තයාගෙ හිතට තවත් වද දෙන්නෙ නැතිව පහුවදා වෙනකම් කල් දුන්නා තීරණයක් ගන්න. එදා රෑත් වෙනදා වගේම මහත්තයා කතා කලා. මම ටික වෙලාවක් කතා කරලා phone එක තිබ්බා. වෙනදා වගේ එයා එක්ක ඔහේ කියව කියව ඉන්න හිතේ සැහැල්ලුවක් තිබුණෙ නැහැ.

පහුවදා මැයි 21 සදුදා. එදා අපි අපේ project එකට client place එකට යන්න වෙන් කරන් තිබුනා. අපි project එක කරන්න තෝරගෙන තිබුනෙ printing කරන තැනක්. මම දන්න විදිහට ඒක තිබුනෙ රත්මලානෙ. වෙනදා වගේම මම උදේම නැගිටලා යන්න ලැස්තිවුනා. මම ගෙදරින් 6.10ට යන්න ඕනෙ නිසා මම 5.30ට විතර නැගිටලා ලෑස්තිවුනා වෙනදා වගේම. මම ඇග සෝදගෙන කාමරය‍ට එද්දි ගෙදර‍‍ට කෝල් එකක් ආවා අම්මා‍ට. අක්කාටයි මටයි පුදුමයි කෝල් එක ලොකු මාමාගෙන්. ලොකු මාමා අපේ අම්මාගේ ලොකු අයියා. ලොකු මාමා අපේ අම්මා එක්ක ටිකක් අමනාපෙන් හිටිය නිසා අක්කාටත් මටත් පුදුම හිතුනා මේ තරම් උදෙන් කතා කරන්නෙ ඇයි කියලා. අම්මා කෝල් එකට කතා කරලා ඇස් දෙකේ කදුළු පුරවගෙන කාමරේට ආවා. අම්මා අඩනවා. අපේ අම්මා අඩන්නෙ (අපිට පේන්න) දරා ගන්නම බැරි දුකක් දැනුනාම විතරයි. මමයි අක්කයි දෙන්නා දෙපැත්තෙ ඉදන් අහනවා ඇයි කියලා. අම්මා දුක අඩුකරන් කිවා අත්තම්මා (අපේ අම්මාගේ අම්මා) නැතිවෙලා කියලා. අපිටත් ගොඩක් දුකයි. අම්මා 9.30 නුවරට තියන කෝච්චියෙ යනවා කියලා මටත් අම්මා එක්ක යමු කිවා. මට එදා යොදාගෙන තිබුණ වැඩේ කොහොම හරි කරගන්න ඕනෙ නිසා මම කිවා මම වැඩ ටික ඉවර කරගෙන දවල් වෙලා එන්නම් කියලා. අ‍ක්කාට ඒකට තරහ ගිහින් මට බනින්න ගත්තා. අම්මා කමක් නැහැ කිව නිසා එයා බනින එක නතර කලා. ඉන් පස්සෙ මම ලැස්තිවෙලා ගියා.

මට වෙනදා වෙලාවට කෝච්චියට යන්න වෙන්නෙ නැහැ කියලා දැන ගත්තෙ වෙලාව දැක්කාම. ඒත් වෙනදා වගේ මම පරක්කු වෙද්දි මහත්තයාට රාගම ඉන්න කියලා මම කෝල් කලේ නැහැ. මම තනියම යනවා කියලා හිතාන යන්න පිටත් වෙද්දි මහත්තයා කතා කරලා ඇහුවා මම කොහෙද කෝච්චියට එනවද කියලා. මම විස්තරේ කිවා. ඉන්පස්සෙ එයා කිවා එයා රාගම ඉන්නම් මට කලබල නොවි එන්න කිවා. මම බස් එකෙන් බහිද්දි සුපුරුදු තැනටම වෙලා මා එනකම් බලන් ඉන්නවා. මම ගිහින් කතා කලා. ඉන් ටික වෙලාවකට පස්සෙ කොටුවට යන කෝච්චියට නැග්ගා. දොර ලගින් ඇතුලට යන්න මට හිත දුන්නෙම නැහැ. මම දොර ගාවටම වෙලා හිටියා. ටික වෙලාවක් අපි කතා නැතිව ආවා. ඉන්පස්සෙ එයාම කතාව පටන් ගත්තා. එයා මගෙන් අහන්න ගත්තා ඊයෙ ශෂි මට මොනවාද කිවෙ කියලා. එයා කලින් දවසේ මම කිව දේවල් ඇහුවෙ විශ්වාස කලේ නැති නිසා මම ආයෙ කියන්න උත්සාහ ගත්තෙ නැහැ. ඒත් එයා වද කර කර අහන්න ගත්ත නිසා මම කිවා. එයා කෝච්චියට නැග්ග වෙලේ ඉදන් මාව තදින් අල්ල‍ගෙන හිටියා හරියට මම කෝච්චියෙන් එලියට පනියි වගේ. ඇත්තටම ඒවෙලාවෙ මට තිබුන කලකිරිමෙ තරමට එහෙම කරන්නත් හිතිලා තිබුනෙ.

ඒ ඔක්කොම දේවල් අහගෙන ඉදලා එයා එයාගෙ තීරණය දෙන්න පටන් ගත්තා. එයා එයායි ශෂියි ගැන විස්තරයක් කියාන ගියා. මට ඒ කිසි දෙයකින් වැඩක් නැහැ. මම ටික වෙලාවක් අහගෙන ඉදලා ඇහුවා දැන් ඔයාගෙ තීරණය මොකක්ද කියලා. ඒපාර මගෙ මහත්තයා කිසි දෙයක් කියන්නෙ නැතිව ගොඩක් දුකින් මගෙ දිහා බලන් හිටියා. මට තේරුනා එයාගෙ තීරණය මොනවගේ එකක්ද කියලා. ඒත් මම එයාගෙන් ඇහුවා ඒ ගැන. එයා බණ කියන්න ගත්තා. "ඔයා දුක්වෙන්න එපා මට වඩා හොද කෙනෙක් හම්බවෙයි මට කරන්න දෙයක් නැහැ මට ශෂිගෙන් අයින්වෙන්න බැහැ එයාලගෙ ගෙදර අයත් දන්නවා දැන් අවුරුදු තුනකට කිට්ටුව සම්බන්ධය තියනවා මට පුලුවන් කමක් නැහැ එයාගෙන් අයින්වෙන්න ඒ නිසා අපේ සම්බන්ධය නතර කරමු. ඔයා හැමදාටම මගේ යාළුවෙක් වගේ ඉන්නවා නේද මට සමාව දෙනවා නේද කලින් හිතන් හිටියා වගේ මගේ ලගින් ඉදගෙන HD කරනවා නේද මට පොරොන්දු වෙන්න මාත් එක්ක තරහා වෙන්නෙ නැතිව මාත් එක්ක යාළුවෙක් වගේ ඉන්නවා කියලා."
එයා නොනවත්වා කියවනවා මගේ පොරොන්දුව ගන්න අතත් දික් කරගෙන. මට දෙන්න උත්තර නැහැ. මම නිශ්ශබ්දව ඉදලා උත්තර දෙන්න ඕනෙම නිසා දුන්නා. ඒත් මට වචනයක්වත් කියා ගන්න බැහැ මට ඇ‍ඩෙනවා නතර කරගන්න බැරිවම. මගේ මහත්තයාත් ඇස්දෙකේ කදුළු පුරවගෙන මා දිහා බලන් ඉන්නවා. මම කොහොම හරි කදුළු අතරින්ම කියන්න තියන දේවල් කිවා.
"කමක් නැහැ ඔයා කෙලින්ම ඔයාගෙ තීරණය කිව එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. මට ඔයාට පොරොන්දු වෙන්න බැහැ ඔයාගෙ යාළුවෙක් විදිහට ඔයා එක්ක ඉන්නවා කියලාවත් ඔයා ලගින් ඉදගෙන HD කරනවා කියලාවත්. මම උත්සාහ කරලා බලන්නම්. ඔයාට සමාව දෙන්න ඔයා වැරද්දක් කලේ නැහැ. මට කවමදාකවත් ඔයාව අමතක කරන්න බැහැ. ආයෙ කිසිම කෙනෙක්ට මගේ හිතේ ඉඩක් නැහැ. මම හැමදාටම තනියෙන් ඉන්නවා. ඔයාට ආයෙම මාව ඕනෙ වුනොත් හොදට හිතලා ආයෙ නොයන්නම මගේ ලගට එන්න. ආයෙ යන්න නම් කවමදාකවත් මගේ ලගට එන්න එපා ආයෙමත් මට මේ දුක දරාගන්න බැහැ."

මම තව මොන මොනවදෝ කියෙව්වා අසිහියෙන් වගේ. මට අදටත් මතක නැහැ මම කියෙව්වෙ මොනවද කියලා. ඒ වෙනකොට අපි කොටුවට ඇවිත් තිබුණා. අපි කෝච්චියෙන් බැහැලා බස් එකේ NIBM එකට ගියා. බස් ‍එකේදිත් ඇඩුවා හොදටම ඇඩුවා. වෙනදා මගේ ඇස් දෙකට කදුළු පිරුණත් මට බනින මහත්තයා එදා මම ඉකි ගගහා අඩද්දි මගෙ අතින් අල්ලගෙන මගෙ ඔළුව එයාගෙ උරහිසේ තියාන හිටියා. පුංචි දේටත් කදුළු පුරවගන්න මට මේ දුක දරාගන්න අමාරුවග එයා දැනගෙන හිටියා. මහත්තයා මගේ හිත රිදවන්න අකමැති වුනත් අපිට ඇත්තට මුහුණ දෙන්න වුනා.

අදත් කතාව ගොඩක් දිග වැඩි වුනා. එදා දවසේ වුනු සිදුවීම් ගොඩක් තියනවා තව. ඒ දේවල් ඊලග කොටසින් ලියන්නම්. කතාව ගොඩක් දිග වුනා‍ට සමාවෙන්න....

2011/03/29

මගේ ආදර කතාව 11....

ගොඩක් දවසකට පස්සෙ ආදර කතාව ලියන්න හිතුවා. ටික දවසකට කලින්නම් හිතුනා ආයෙ කවදාවත් ආදර කතාව ලියන්නෙ නැහැ කියලා. ඒකට හේතු අහන්නනම් එපා මට උත්තර දෙන්න බැහැ. අද දවල් සිදුවුන කතාවක් නිසාත් හවස බස් එකේ එද්දි දුටු දෙයක් නිසත් පරණ ආදර මතකයක් සිහියට නැගුනා. ඒ නිසා අදත් කතාව ලියන්න හිතුවා.

එදා හරියටම මැයි මාසෙ 20 වෙනිදා. මම කලින් කිවනෙ diploma එකේ exam ඉවර වුනාම මම instructor විදිහට NIBM එකේ වැඩ කලා කියලා. මේ සිදුවීම වුනෙත් ඔය කාලෙදිම තමයි. ඒ කියන්නෙ 2007 මැයි මාසෙ 20 වෙනිදා. එදා ඉරිදා දවසක් වුනත් මට වැඩ තිබුණා. හේතුව අපිට නිවාඩු තිබුණෙ සතියෙ දවසක් සහ සති අන්තෙ එක දවසක්. ඒ මාසෙ මට නිවාඩු තිබුණෙ සිකුරාදා සහ සෙනසුරාදා. ඒ නිසා මට වැඩ කරන්න වුනා. මගෙත් එක්කම හිටි යාළුවා එදා නිවාඩු. මම දවසම කම්මැලි කමෙන් ගෙවා ගත්තා. ඒ දවස් වල මහත්තයාට තිබුණෙ Dialog සිම් එකක් මට තිබුණෙ Mobitel සිම් එකක්. කොයිතරම් කම්මැලි වුනත් කෝල් කරන්නෙ නැහැ SMS හුවමාරුව තමා කරන්නෙ. ඇයි ඉතින් ඒ දවස් වල Mobitel සිම් එකකින් Dialog සිම් එකකට කෝල් කරන එක දැලි පිහියෙන් කෝල් කරනවා වගේනෙ.

මම ඉතින් කතාව කියන්නෙ නැතිව වැල්වටාරම් කියවනවානෙ. ඔන්න ඉතින් එදා දවසම මම මහත්තයා එක්ක SMS ගනුදෙනුව‍. සාමාන්‍යයෙන් ඉරිදාට උදේ වරුව විතරයි ළමයි එන්නෙ. ඉතින් හවස් වරුවෙම මම කෙලවරක කොම්පියුටර් එකක් ලග වාඩිවෙලා Suntel wow වලින් මහත්තයාට SMS යවනවා. එයත් පිලිතුරු එවනවා. ඔහොම කාලෙ ගෙවා ගත්තා 4 විතර වෙනකම්ම. ඉන් පස්සෙ මහත්තයා ටිකක් නිදා ගන්නවා කිව නිසා මම ඒ වැඩෙත් නතර කරලා දැම්මා.
ඉන් පස්සෙ 4.30 වෙනකම් කට්ටිය එක්ක කියව කියව ඉදලා ගෙදර එන්න ආවා. වෙනදා තනියම එද්දි වාගේම මම 154 බස් එකක දෙමටගොඩට එන්න නැග්ගා. මම බස් එකට නැගලා ටික දුරක් එද්දි දන්නෙ නැති number එකකින් කෝල් එකක් එනවා. මම ටිකවෙලාවක් හිතුවා කතා කරනවාද නැතිද කියලා. කවුරු වුනත් කමක් නැහැ කියලා කතා කලා.

"හෙලෝ" මම කතා කලා.
"හෙලෝ ඔය Poo ද?" ඒ පැත්තෙන් girl කෙනෙක් කතා කරනවා.
"ඔව් ඔයා කවුද?" girl කෙනෙක් නිසා මමත් බය නැතිව කතා කලා.
"මම ශෂි ඔයා මාව දන්නවාද?" (මේ නම මම කතාවට ගත්තෙ ඇත්ත නම නෙවේ)
මට හිතාගන්න බැරි වුනා කවුද කියලා. මට නම අහලා පුරුදු නිසා මම ඇහුවා ඔයා NIBM ද මට හරියටම මතක නැහැ කියලා.
"නැහැ මම නුවන්ගෙ girl" (නුවන් කියලා නම දැම්මෙ මගෙ මහත්තයාට)
මාව ගිනි ගන්නවා වගේ හැගීමක් මට දැනුනා. මට ඉන්නෙ කොහෙද කියන්නෙ මොනවාද කියලා හිතාගන්න බැරි වුනා.
" එහෙමද ඇයි ඔයා මට කතා කාලේ කොහෙන්ද මගෙ phone number එක හොයා ගත්තෙ" මම දුක upset එක පැත්තක තියලා ඇහුවා.
"මම හොයාගත්තා ම‍ට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනෙ දැනගන්න දෙයක් තියනවා" එයා කියෝගෙන යනවා. එයාට නම් මොකද දුක මටනෙ.
"කියන්න මොනා ගැනද කතා කරන්න ඕනෙ" මම හිතින් අඩ අඩ කතා කලා.
"මට දැනගන්න ඕනෙ Poo ඔයාගෙයි නුවන්ගෙයි අතරෙ affair එකක් තියනවාද?" මම මොනවද දැන් දෙන උත්තරේ මට හිතා ගන්න බැහැ මොකද කියන්නෙ කියලා. මොනවා වුනත් ඒ ගැන කතා කරන්න එයාට අයිතියක් නැහැනෙ.
"ඔයා ඇයි එහෙම අහන්නෙ."
"ඔයාගෙ එහෙම දෙයක් තියනවා නම් කියන්න. ඔයා නුවන්ගෙ පස්සෙන් එනවලු නේද. මම එයාගෙ girl ඔයා එයාගෙන් අයින් වෙන්න. මම කවදාවත්ම එයාගෙන් අයින් වෙන්නෙ නැහැ. එයත් මගෙන් අයින් වෙන්නෙ නැහැ කරුණාකරලා ඔයා එයාගෙන් ඇත්වෙන්න........"
එයා කියාගෙන කියාගෙන යනවා. මට මතක මේ ටික විතරයි මම හිතන්නෙ මම upset ගිය තරම නිසා මට එයා කිව දේවල් වලින් බාගයක්ම ඇහුනෙ නැහැ.
"මම නුවන් එක්ක මේ ගැන කතා කරන්නම් ඔයා එයා එක්ක කියන්න එපා මා එක්ක කතා කලා කියලා." මට ඒ වෙලාවෙ කියන්න හිතට ආවෙ ඒ ටික විතරයි.
"ඇයි මට කියන්න එපා කියන්නෙ? මගෙයි නුවන්ගෙයි අතරෙ රහස් නැහැ. මම ඔයාට කතා කලා කියලා නුවන්ට කියනවා" ඒ පාර එයා මට සද්ද දාගෙන ආවා. ඒ පාර නම් මට තරහා ගියා.
"ඔයා කැමති දෙයක් කියා ගන්න මට කමක් නැහැ. ඒක මගෙයි නුවන්ගෙයි දෙයක්. මමයි එයා එක්ක කතා කරන්න ඕනෙ. එයාගෙ තීරණය දෙන්න ඕනෙ මටයි. මම එයා එක්ක කතා කරන්නම්. මම තියනවා" එහෙම කියලා මම phone එක තිබ්බා.

මට දුක තරහා දෙකම එකතුවෙලා. මට කර කියාගන්න දෙයක් නැහැ. මට මා ගැනම හොදටම දුක හිතුනා. මම මොන මෝඩ කමක්ද මේ කර ගත්තෙ කියලා. මම බස් එකෙන් බහින තැනත් ලංවෙලා. මම station එකට ගිහින් මගෙ මහත්තයාට call එකක් ගත්තා. එයාගෙ call waiting. මම දැන ගත්තා ශෂි කතා කරනවා ඇති කියලා. මට ගොඩක් දුකයි. ඒත් මම මොනවා කරන්නද කියලා හිත හදාගෙන SMS එකක් යැවුවා මට කතා කරන්න කියලා. එතකොටම කෝච්චිය ආව නිසා මම නැගලා ගෙදර ගියා. මම රාගමින් බහිනකම්ම මගෙ මහත්තයා කතා කලේ නැහැ. මම රාගමට එද්දි අපේ ගෙවල් පැත්තට යන බස් එකක්වත් තිබුනෙ නැහැ. මම හෝල්ට් එකේ හිටන් හිටියෙත් හරි අමාරුවෙන්. මම වෙන දෙයක් වෙන්න කියලා මගෙ මහත්තයාට කෝල් කලා. දෙතුන් වතාවක් ගත්තාම තමා phone එක answer කලේ. එහෙම වෙලත් මට වචනයක්වත් කියන්න දුන්නෙ නැහැ මට බනින්න ගත්තා. අනේ මම කරපු වැරද්දක් නැහැ. මම කල එකම වැරැද්ද phone එක answer කල එක. බැනලා ඉවර වෙනකම් අහන් ඉදලා මම අන්තිමට ඇත්තටම වුනදේ කිවා. ඒත් එයාට විශ්වාස නැහැ. මම එයා‍ට කැමති තීරණයක් ගන්න කියලා phone එක තිබ්බා.

මම අමාරුවෙන් හිත තද කරන් ගෙදර ආවා. හිතේ දුක අඩුවෙන්න කියලා හයියෙන් කෑ ගහලා අඩන්න හිතුනත් අම්මාට මේ විස්තරේ කියන්න බැරිනිසා දුක තද කරන් උන්නා.
මේ සිදුවීමෙ අවසන් තීරණය ඊට පහුවදා ගත්තෙ. ඒ විස්තරේ මම ඊලග කතාවෙන් ලියන්නම්. අද කතාව දිග වැඩියි කියලා හිතෙනවා.

ප.ලි. මේකෙ මම ලියපු නම් මම හදලා දාපු නම්. මේ කතාව කියවලා මමවත් මගෙ මහත්තයාවත් වරදිකාරයෝ කියලා නිගමනය කරන්න එපා. හේතුව ආදරය ඇතිවෙන්නෙ අහම්බෙන්...
ආදරය ගැන දන්න ඔයාලා ඒ ගැන දන්නවා ඇතිනෙ...

2011/03/24

බලා හිදිමි මම......

නෙතු කදුළු පුරවාන
මම බලා උන්නා..... ඔබ මා අමතන තුරා....
බලා හිදම දුරකතනය දෙස...
දෑස් බොදව ගොසිනි මාගේ....
එනමුදු නොමැත තවමත්...
ඇමතුමක් ලැබුවේ නු‍බෙන්...
ඉවසිය නොහැකි වුකල බලාහිද....
ඇමතුවෙමි මා... ඔබ...
නැගේ කදුලැලි මා දෙනෙතට..
දකින විට ඔබ රුව මා තිරය මත...
නොපෙනෙනා ලෙස කිසිවෙකුටත්...
සගවා ගනිමි කදුලැල්....
විසන්ධිවේ ඇමතුම නුඔ පසින්....
"USER BUSY"
සැබවින්ම ඔබ කාර්ය බහුලයි....
තැවෙමි මම තවමත් ඔබ ගැන සිතමින්.....

2011/03/19

අහිමි උණුහුම.....

පුංචි සංධියේ මා හඩනා විට...
ගේදොර අස්පස් කරද්දි උයන පිහන විටකදි වුව...
මා ඇකයට ගෙන සැනසු නුඔයි....
මගෙ අප්පච්චි

පුංචි මුවට පොඩි බත් ගුලි සදා මා කුසගිනි නිවූ...
නිදි යහනට නැලවිලි ගී ගැයූ....
මා සැනසුම සැදුවේ නුඔයි .....
මගෙ අප්පච්චි

මා මුවට තරම් නොවනා ලොකු බත් ගුලි සදමින්
මව් මා කුස සරි කෙරුවද...
අද මා හඩනා විට...
මා නලවන්නට නුඔ නැත මා ලග...
මගෙ අප්පච්චි

දුව විත් ඔබ තුරුලට එන්නට හැකිනම් මට...
තුරුලු වන්නම් සදා කාලයටම නොමැකෙන ලෙස ඔ‍බෙ උණුසුම....
කෙලෙසද මා එලෙස කරන්නේ...
ඔබෙන් අහිමි වු උණුසුම මට දුන්....
තනිකර දමා මගේ අම්මා......

අහිමි වු ඔබේ උණුහුම සිහිකරමින්
තුරුලට යන්නම් මගෙ අම්මාගේ..
නෙත පුරවා කදුලින්...

රෑ හිනෙන් හෙමි හෙමින් මා හිනයට ඇවිදින්...
මා නෙත කදුලු පිස දමා...
මගේ පොඩි පුතාට ගොඩක් ආදරෙයි කියා..
මා මුව සිප සනසන්නට..
එනවද මගෙ අප්පච්චි....

2011/03/15

තවත් එක් අවස්ථාවක්....

කලින් බ්ලොග් පෝස්ට් එකක දැම්මා හැකිනම් මගේ මහත්තයා කවුද කියලා හොයා ගන්න කියලා. කියෙව්ව නැති අය මෙතනින් කියවන්න.
රන්දිකා අක්කා සහ හා පැටික්කි නිශ් අයියා ගැන කියලා තිබුණාට එයා නෙවේ. ඔයාලාව ලගින්ම ඇසුරු කරන ඔයාලා හොදින්ම දන්න කෙනෙක්. එයාව අදුරගන්න පුලුවන් විශේෂ සිදුවීම් දෙකක් තියනවා ඒත් ඒ ගැන කිව්ව ගමන් දැන ගන්නවානෙ එතකොට වැඩක් නැහැ.

තව එක අවස්ථාවක් දෙන්නම් ඔයාලාට. එයා මහානාම විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. පදිංචි වෙලා ඉන්නෙ සිදුව ආසන්නව. හැකිනම් සොයන්න....

මේ මට තියන කම්මැලි කමට කරන වැඩක් ඔයාලා අකමැතිනම් ඒකත් ලියලා යන්න තරහා නැහැ.

2011/03/06

මගෙ මහත්තයා වලියකට.....

අද දවසම හරිම කම්මැලි දවසක්. ඊයේ විභාගයක් තිබුණ නිසා ගෙදර යන්නත් බැරි වුනා. ඒ විභාගයත් ආණ්ඩුවෙන් පවත්වන තවත් එක තරග විභාගයක් වුනොත් තමා මට තරහා යන්නෙ. ගෙදර නොගිය නිසා අද දවසම බෝඩිම් කාමරයට වෙලා ඉන්න වුනා. උදේම නැගිටලා (8 ට විතර) රෙදි හෝදලා නාලා අන්තර් ජාලයේ එහෙට මෙහෙට රවුම් ගහලා බැරිම තැන උදේ පොස්ට් එකක් දැම්මා. ඉන් පස්සෙ අම්මාට දවල්ට කෑවා කියලා පොඩි බොරුවක් කියලා හොදට නිදා ගත්තා. 2.30 ට විතර නැගිට්ටෙ කෑවාද අහන්න බෝඩිමේ ඇන්ටි ආවාමයි. ඇන්ටිට බොරු කියලා හරි යන්නෙ නැහැනෙ ඒ නිසා මම ඇත්තම කිවා. මොකද ඉතින් නැතිනම් කඩේ යන්න හරි උයන්න හරි වෙනවානෙ(දැන දැනම බඩේ අමාරුව හදා ගන්න ඕනෙද උයාගෙන කාලා නේද)ඇන්ටිට පින් සිද්ද වෙන්න බත් එකක් ගෙනත් දුන්නා. ගෙදර සැප දැන්තමා මතක් වෙන්නෙ. අම්මා කවද්දි කැවා ඇතිනම් දුවලා ගිහින් වතුර බීලා බෑ කියනවා.දැන්නම් හොද පාඩම්ග

මමත් විකාර කියවනවා කතාව ලියන්නෙ නැතිව. ඔන්න එහෙනම් කතාව කියවන්නකො....

කාලය ගෙවිලා ගියා අපිටත් නොදැනිම. අපේ diploma එකත් ඉවර වුනා. ඒ April වල මුල් සතිය වෙද්දි අන්තිම exam එකත් තිබුණා. අපිට final project එක කරන්න තිබුණා ඒත් එක්කම higher diploma කරන්න තිබුණා ඒත් මම ඒක කල් දැම්මා.මගේ හොදම යාළුවන්ගෙන් දෙන්නෙක් higher diploma කරන්නෙම නැහැ කියලා අත්ඇරියා තව එක්කෙනෙක් diploma එකේදිම Engineering කරන්න ගිහින් නතර වුනා.එක්කෙනෙක් higher diploma කරන්න පටන් ගත්තා එයාගෙ එක්කෙනා කිව නිසා.මගේ අනිත් යාළුවා දෙන්නාත් එක්කම කල් දැම්මා එයාගෙ එක්කෙනාට ආර්ථික අපහසුතාවයත් නිසා. මම කල් දැම්මෙත් මගෙ මහත්තයා එක්ක කරන්න තියන වුවමනාව‍ට. ඒකෙත් මම තවත් දෙයක් කලා ඒ තමා මම NIBM එකේ instructor කෙනෙක් විදිහට මාස හතරක් හිටියා.

Diploma එකේ අන්තිම exam ඉවර වෙලා අවුරුදු නිවාඩුවට මම ගෙදර ගියා.අක්කායි අයියායි චුටි බබායි එක්ක මමත් එයාලාගෙ කාර් එකේම ගියා. අපි හැමෝම සතුටින් අවුරුදු සැමරුවා. මගේ මහත්තයාත් ඒ දවස් වල හැමදාම ගොඩක් වෙලා call කරනවා. නිවාඩු දවස් ගෙවිලා ගිහින් ආයෙමත් අපි කොළඹ ආවා. මමත් instructor කෙනෙක් විදිහට වැඩකරන්න පටන් ගත්තෙ ඔය දවස්වලමයි. ඒ අතරෙම අපි final project එකත් කරන්න පටන් ගත්තා. අපේ group එකේ පස්දෙනෙක් හිටියා proposal එක දිපු ගමන් මැඩම් කිවා පස්දෙනෙක්ට මේ project එක මදි කියලා group දෙකකට කරන්න කියලා. ඉතින් දුකින් වුනත් අපි group දෙකකට වෙන් වුනා එකම ආයතනයේ system දෙකක් design කරන්න. අපේ යාළුවො පස්දෙනා නිශා, මිහිරි, හැරි,චලිත කියලා කියමුකො. පස්වෙනියා මම. නිශා සහ මම එක group එකක අනිත් අය එකක. මම instructor වැඩේ කරන අතරෙම project එකෙ වැඩත් කරනවා.

මේ දවස් වල මමයි මහත්තයායි දෙන්නා උදේට වෙනදා වගේම එකට එනවා ඒත් හවසට එයා 3.30 ට යනවා ම‍ට යන්න ලැබෙන්නෙ 5.00ට. මුලදිම මහත්තයා මට කිවා මම එනකම් ඉන්න කියන්න එපා ඉන්නෙ නැහැ කියලා.මට දුක හිතුනා වුනත් මම හිත හදාගත්තා. පස්සෙ එයාටම හිතිලා මම එනකම් නතර වුනා. එයා මම එනකම් හවස නතර වෙලා ඉන්න දවසක හරි වැඩක් වුනා.

කතාවෙ මුල මේකයි. මගේ යාළුවා නිශා කියලා මම කිවෙ එයා යාළුවෙලා හිටියෙ instructor අයියා කෙනෙක් එක්ක. මම instructor වෙලා ටික දවසකින් එයා job එකක් හම්බවෙලා අයින් වුනා. එයාගෙ නම ලපයා කියමුකො. ඒ දවස්වල ලපයා අයියාගෙ වැඩ ගැන කලකිරිලා නිශා affair එක නතර කලා. ලපයා අයියත් ටිකදවසක් හා කියලා ඉදලා ආයෙමත් බැහැ කියලා නිශා‍ට කතා කරන්න පටන් ගත්තා. මුලදි නිශාත් calls answer කරලා පස්සෙ ඒක හරියන්නෙ නැති වැඩක් නිසා answer කරන්නෙ නැතිව ඉදලා. ඒ සම්බන්ධය හරි යන්නෙ නැතිවෙන්න හේතුව නිශා බෞද්ධ තාත්තා කෑගල්ල පැත්තෙ ලපයා අයියා මුස්ලිම්. නිශාගෙ ගෙදරින් කවදාවත් කැමතිවෙන්නෙ නැහැ කියලා දැන හිටියා.

දැන් කතාවෙන් පිට පනිනවානෙ. ලපයා අයියා දවසක් රෑ 8.00ට විතර මට call කරලා කියනවා නිශාට කියන්න එයා‍ට කතා කරන්න කියලා එයාට සමාව දෙන්න කියන්න එයා නැතිව ඉන්න බැහැ කියලා. ඉතින් මමත් ඔය රිදුන හිත් සනසන්න දුක නැතිව දායක වෙනවා. මමත් කිවා දැන් අයියා ඔය ගැන හිතලා දුක් වෙන්න එපා මම නිශාට කතා කරන්නම් හෙට උදේ වෙනකම් ඉවසන්න කියලා. ඒ පාර එයා කිවා
"නංගි මට ඉවසන්න බැරි තැන මම පාර දිගේ ඇවිදගෙව ආවා ඉන්න තැනක් දන්නෙත් නැහැ. please නංගි නිශාට කියන්න මට එක වතාවක් කතා කරන්න කියලා"
"හරි අයියේ මම කියන්නම් කතා කරන්න කියලා. ඒත් දැන් ඉන්නෙ කොහෙද කියලා බලලා ගෙදර යන්න. මම දැන් නිශාට කතා කරලා ආයෙම අයියා‍ට කතා කරන්නම්"
මම නිශාට call කලාම එයාගෙ mobile එක off කරලා. මම හිතන්නෙ ලපයා අයියාගෙ වදේටම තමා එහෙම කරන්න ඇත්තෙ. ඉන්පස්සෙ මම ගෙදරට call කරලා විස්තරේ කිවා. එයා කිවා දැන් කතා කරන්න බැහැ හෙට කතා කරන්නම් කියන්න ඉන්න දිහාකින් ගෙදර යන්න කියන්න කියලා. මමත් අනිත් අත‍ට ලපයා අයියාට කතා කරලා පණිවිඩේ කිවා. එදා එතනින් යන්තම් බේරුණා.

පහුවදා මම පුරුදු විදිහට NIBM ගිහින් වැඩ කලා නිශාත් ඇවිත් හිටියා project එකෙ වැඩ‍ට.නිශා 3.30 වෙද්දි යනවා වුනත් එදා ලපයා අයියා එයාව හම්බවෙන්න කැමතිකරවගෙන තිබුණ නිසා එයා එනකම් 4.00 වෙනකම් හිටියා. මමත් කලින් දවසෙ වුන හැමදේම මහත්තයාට කියලා තිබුණා. මම pc 01 lab එක ඇතුලේ නිශායි ලපයා අයියයි එතන ‍ඉස්සරහා study area එ‍කේ කතා කර කර ඉන්නවා. මහත්තයා අනික් කෙලවරට වෙලා පොතක් බලනවා.මම ඇතුලේ අනිත් අය එක්ක කතා කර කර හිටියා අපිට ඒ වෙලාවෙ වැඩ තිබුණෙත් නැහැ. ටික වෙලාවකින් ලපයා අයියා මට රවනවා ඉවරයක් නැතිව. මම ගනන් ගත්තෙ නැහැ. ඇයි ඉතින් මම එයාට වැරුද්දක් කලේ නැහැනෙ.

මෙන්න ටික වෙලාවකින් මම යන්න කියලා බැග් එක අස්කරන්න එලියට ආවා විතරයි ලපයා අයියා මගෙ ලගට ඇවිත් කිවා මට කතා කරන්න ඕනෙ කියලා. මම කිවා කියන දෙයක් කියන්න කියලා. ඉන් පස්සෙ මෙතන බැහැ ටිකක් අරපැත්තට එන්න කියලා fire exit පඩිපෙල පෙන්නුවා. මමත් එතනට ගියා. එතනට ගියා විතරයි මෙන්න මෙයා බනින්න ගත්තෙ නැතිද එකසිය ගානට මට හිතාගන්න බැහැ මම කරපු වැරුද්ද මෙකක්ද කියලා. මට කිසිම කෙනෙක් එහෙම බැනලා නැහැ. මට ඇ‍ඩෙන්නත් එනවා. මම අමාරුවෙන් ඇහුවා මම එයාලාට කරපු වැරුද්ද මොකක්ද කියලා. මෙන්න එයා කියපි මම කියපු නිසා තමා නිශා ආයෙමත් affair එක පටන් ගන්න කැමති නැත්තෙ මට එයාලගෙ දේවල් වලට සම්බන්ධ වෙන්න එපා පැත්තකට වෙලා ඉන්න කියලා. මට හොදටම බනිනවා දැකලා නිශා එතනට ආවා. එයා ලපයා අයියාට කිවා මට බනින්න එපා මම මේකට අදාල නැහැ කියලා. ඒත් එයා කිසි ගානක් නැතිව බනිනවා. මමත් අඩ අඩ අහගෙන ඉන්නවා. අන්තිමට නිශා මාවත් ඇදගෙන ආවා යන්න කියලා. ඒ වෙලාවෙ ඔය සිදුවීම පෙනෙන තැනක හිටියෙ නැහැ හොද වෙලාවට. ඉන් පස්සෙ නිශා මාව මහත්තයා හිටි තැනට එක්ක ගියා. මම හොදටම අඩනවා දැකලා එයා‍ට හොදටම දුකයි. අදටත් මගේ ඇස්වලට කදුළු පිරෙනවාටවත් මහත්තයා කැමති නැහැ. එයා මගෙන් ඇහුවා ඇයි අඩන්නෙ කියලා. මම කිවා අපි යමු යද්දි කියන්නම් කියලා. එයාට තරහා ගියා හොදටම. එයාට මම අඩද්දි හේතුව කියන්නෙ නැතිව පස්සෙ කියන්නම් කිවොත් මාව උස්සලා පොලවෙ ගහන්න තරම් තරහා යනවා.
"කියන එකක් දැන්ම කියන්න ආයෙ පස්සක්..."
මහත්තයාත් මට සද්ද දානවා.
"ලපයා අයියා මට බැන්නා" මම අඩ අඩම කිවා.
"මොකටද"
"මම නිසාලු නිශා එයාත් එක්ක affair එක ආයෙ පටන් ගන්න කැමති නැත්තෙ මට පැත්තකට වෙලා ඉන්න කිවා"
මම හොදටම අඩනවා. මම ඉස්කෝලෙ දග වැඩ කොයිතරම් කරලා තිබුණා වුනත් එහෙම බැනුම් අහලා තිබුනෙ නැහැ.
"ඔයා මෙතන ඉන්න "
මහත්තයා එහෙම කියලා ගියා. මට හිතාගන්න බැරි වුනා මොකක්ද එයා කරන්න යන්නෙ කියලා.එයා කෙලින්ම ගියෙ ලපයා අයියා ලගට
"අයියා ඇයි මගේ ගැණු ළමයාට බැන්නෙ"
"එයා‍ට කියන්න අපේ දේවල් වලට කට දාන්නෙ නැතිව පැත්තකට වෙලා ඉන්න කියලා"
"එයා කට දැම්මෙ නැහැනෙ ඔයාමනෙ ඊයෙ රැ තිස්සෙ එයාට කතා කර කර වද දිලා තියෙන්නෙ එහෙම වෙලා එයාට බනින්න ඔයාට අයිතියක් නැහැ"
ලපයා අයියා අඩියක් ඉදිරියට තබා
"අපි දන්නවා ඔයයි ගැණු ළමයා ගැනයි හොදට. ඔයාගෙ ගැණු ළමයා නම් එයාව හදා ගන්න"
මහත්තයාත් අඩියක් ඉදිරියට
"කියන්න බලන්න මොනවාද දන්නෙ"
"ඇයි මට ගහන්නද ලගට ආවෙ ගහන්න බලන්න"
"බයේ කියලා හිතුවාද ගැහුවොත් ගහනවා ගහන්න බලන්න"
දෙන්නාට දෙන්නා තර්ජනය කරගන්නවා විතරයි එක්කෙනෙක්වත් ඉස්සර වුනේ නැහැ හොද වෙලාවට. දෙන්නාම කපටි නිසා හොදට ගියා. මොකද දෙන්නාම දැනගෙන හිටියා වැරුද්ද එන්නෙ ඉස්සරලා ගහපු කෙනාට කියලා. හොද වෙලාවට එතන ගොඩක් කට්ටිය හිටියෙ නැහැ 5 පහුවෙලා නිසා. ඒත් හිටි අය වට වෙලා බලන් ඉන්නවා. අන්තිමට වැඩේ දුර දිග යයි කියලා බයට මම මහත්තයාට ලංවෙලා කිවා ඕක අමතක කරලා යමු කියලා. එයා මට රැව්වා රැවිල්ලක් අඩි දෙක තුනක් පස්සට විසිවෙන්න. මේක බලන් ඉදලා ඇතිවුන තැන අපේ instructor අයියා කෙනෙක් දෙන්නාව shape කලා. ඒ අයියා මහත්තයා එක්ක ටිකක් කතා කර කර ඉදලා මල්ලි දැන් නංගිවත් එක්ක ගෙදර යන්න රෑත් වෙනවානෙ කියලා අපි දෙන්නාව පිටත් කලා.

මහත්තයා එන මගදිගට ඒ ගැන කියව කියව ආවා. ඒ එයාගෙ හැටි එයා මොකක් හරි වීර වැඩක් කලොත් සැහෙන වෙලාවක් කියවනවා.

ඉන් පස්සෙ ගොඩක් කල් යනකම්ම ලපයා අයියා අපි දෙන්නා එක්කම කතා කලේ නැහැ. ඒත් මේ ලගකදි අපි දෙන්නා මුණ ගැහුණු වෙලාවක කතා කලා. ඔන්න ඔහොමයි මහත්තයා වලියකට set වුනේ.

අද කතාව දිග වැඩි වුනා ඒකට සමාවෙන්න...

හැකිනම් සොයාගන්න....

ලියන්න ගොඩක් දේවල් තියනවා. ඒත් මෙහෙම දෙයක් ලියන්න හිතුනෙ සිකුරාදා office ඇරිලා බස් එකේ එද්දි. ඔයාලා මගේ ආදර කතාව කියවලා තියනවානෙ. ඒකෙ මගෙ මහත්තයාගේ නම කිවෙ නැහැනෙ. අද ඔයාලා කැමතිනම් මේ වැඩේට එකතුවෙන්න පුළුවන්. මේකයි කරන්න යන්නෙ මගෙ මහත්තයා කවුද කියලා හොයන්න අවස්ථාවක් දෙනවා. මම එයා ගැන පොඩි විස්තරයක් කියන්නම්.

එයා බ්ලොග් රචකයෙක් වගේම බස් සාමාජිකයෙක් මුණු පොතෙත් ඉන්නවා. මගෙත් එක්ක එක‍ටම NIBM එකේ උසස් අධ්‍යාපනය ලැබුවා.

මේ විස්තර ඇති නැතිනම් මම අන්තිමට නමත් ලියයි මෙහෙම ලියලා.

හොයන්න කැමතිනම් comment කරන්න. අකමැතිනම් ගනන් ගන්න එපා මගේ පිස්සු විකාර.

2011/03/02

අනේ මෙහෙම වැඩ.....

අද මම බම්බලපිටියෙ මගේ office එකේ ඉදන් ගල්කිස්සෙ මගේ බෝඩිමට එන්න ආවා. තරමක් වාහන තදබදයක් තිබුණා වුනත් 5.20 ට බස් එකට නැගලා 6.10 වෙද්දි යන්තම් ගල්කිස්ස color lights ලග halt එකෙන් බැහැ ගත්තා. ගාලු පාරනෙ පුදුම වාහන ගොඩක් යන්නෙ ඒවෙලාවට විතරක් නෙවේ හැම වෙලේම එහෙමනෙ. මට පාර මාරුවෙන්න ඕනෙ නිසා මම සුපුරුදු පරිදි කහ ඉර ලග කොළ පාට එළීය දැල්වෙනකම් බලන් හිටියා. ඔය අතරෙ මම දැක්කා පොලිස් රථවාහන ඒකකයේ මහත්වරු තුන්දෙනෙක්ම එතන ඉන්නවා.

එක පොලිස් මහතෙක් පාර මැදට වෙලා නොනවත්වා නලාව පිබිමින් වාහන වලට යන්න අණ කරනවා. තවත් මහතෙක් කහ ඉර අසල පාර කෙලවරක නලාව මුවෙහි රුවාගෙන බලන් ඉන්නවා. අනෙක් පොලිස් මහතා පසෙකට වි දැත් බැද බලන් ඉන්නවා. මම වගේම තවත් පිරිසක් පාර දෙපස පාර මාරුවීමට බලන් ඉන්නවා.

ඔය අතරෙ අර පාර මැදට වෙලා නලාව පිබිමින් හිටි පොලිස් මහතා පාරෙ කෙලවරට ගියා අර කහ ඉර ලග හිටිය පොලිස් මහතා අසලට. මම හිතුවා ඔහුට වෙහෙස නිසා මදක් ඉවත් වෙන්න ඇති කියා. ඒ නිසා මම ආයෙමත් පාර මාරුවීමට කොළ පාට දැල්වී ඇතිදැයි බැලුවා. අනේ ඒ එක බල්බයක්වත් වැඩ කරන්නෙ නැහැ.මදක් වට පිට බැලුවාමයි සිදුවී ඇතිදෙය වැටහුනේ.

අපේ පොලිස් මහතාට traf‍fic light signals එක්ක තමාට උවමනා විදිහට වාහන හසුරවන්න බැරිනිසා බුද්ධිමත්ව තීරණය කර traffic light නිවාදමා තමාට අවැසි අයුරින් වාහන පාලනය කලා.හරි කමක් නැහැ වෙනදාට වඩා ඉක්මනින් පාර මාරුවීමට ලැබෙවි කියලා හිතාන මමත් හිටියා.

ඔන්න ඉතින් ඊලගට අර පාරෙ පසක කහ ඉර ලගින් සිටි අපේ පොලිස් නිලධාරි තුමා පාර මාරුවෙන්නන්ට හිතවත් සේවයක් ඉටුකලා. කොළඔ පැත්තට යන වාහන නවතා ඒ පැත්තෙ හිටි මගින්ට පාර මාරුවීමට අවස්ථාව ලබා දුන්නා. අනේ ඉතින් ඒ පැත්තෙ හිටි මගින් හැකි ඉක්මනින් පාර මාරු වුනා. අනේ දන්නවාද වුනදේ. ඒ අයට පාරෙ මැදට විතරයි එන්න පුලුවන් වුනේ අර පාර මැද හිටි පොලිස් මහතා නොනවත්වා පානදුර පැත්තට යන වාහන යවනවා.අනේ මමත් පාර කෙලවරට වෙලා බලන් උන්නා පාර මාරුවෙන්න. මේ පොලිස් මහත්තුරු දෙන්නාට ඔහොම ඉන්න අතරෙ අපි වාහන අතරින් පතරෙ පාර මාරුවුනා.

අර මහනුවර පැත්තෙ නම් වැරදි තැන්වලින් පාර මාරු වුනාම උසාව් ගෙනියනවා. මෙහෙම අවස්ථාවන් උදාවෙද්දි ජනතාව එහෙම කරන එක සාධාරණයි කියලා හිතෙනවා නේද....

යම්කෙනෙක්ට මේකෙන් අපහසුතාවයකට පත්වුනානම් සමාවෙන්න...