2010/01/17

මසිත ඔබ සොයයි....

මගදි නොනවතින ගග...
සයුරටම ගලා යයි....
වෙනතක නොබැදි සිත..
ඔබ වෙතට අැදි එයි...
සයුර ඔබ ගගයි මම....
සෙනෙහෙ සිත ඔබ ලගයි....
සදා ඔබ සිත සොයා....
මසිත සෙනෙහස සොයයි.....

4 comments:

  1. ලස්සනයි. ඒත් පොඩි ප්‍රශ්නයක්. සයුරට ගංඟා ගොඩක් ගලනවනෙ. එතකොට මොකද වෙන්නෙ? :)

    ReplyDelete
  2. ලස්සනයි ලස්සනයි... ගඟ තමයි මගෙත් ආදර්ශය.. ජිවිතය මම දකින්නෙත් ගඟක් වගෙ. බලන්න කොච්චර ලස්සනද ඔයාගෙ ඔය පුංචි නිසෙදෙස. නමුත් ගග සම්බන්දව මම දන්න හොදම කවිය ගිතය ලියලා තියන්නෙ මහගම සේකර " අතිතයෙන් ගඟ ගලා බසී " ඔයා ආදරෙට ගඟ ගත්තා.. මහගම සේකර ජිවිතෙට ගඟ ගත්තා.... කොහොම උනත් ලස්සනයි
    හැබැයි ගඟ පහලට ගලද්දි හම්බෙන ගල් පර්වත් වල ගැටිලා නගින පෙන පොකුරුවලින් ජිවිතය විදින්න එන්න... එක තමයි අපෙත් අරමුන..

    ReplyDelete
  3. චමත්කාර ජනකයි. ගංගාව අසිරිමත් දර්ශන ගෙනෙන අතර, එයින් ජීවිතයට වින්දනයක් ගෙනේ. මහගම සේකරගේ අතීත ගඟ ගලාබසී යන නිසදැස නිමවන්නේ මෙලෙසයි:

    අතීතයේ ගග ගලා බසී
    සිදී බිදී ගල් පර අතරේ
    සිනා සිසී සුදු පෙණ පොකුරේ
    ගලා බසී නව මං පාදා.

    එහෙත් ගඟක ගමන පිඩා, විඩා, වේඳනාවෙන් යුක්ත යි; රැලි බො‍රළු ගල් පර අතරේ ඇදී වැඳුණ ගඟ සුදු පෙන පොකුරු තනා කැකුළු විහිදා සිනා සේ. ඒ මනහර ගඟ සේ අවසානය ඔබ කී ලෙස, ඇදුණු බැඳුණු අපේ සිත් රැදෙනා තැන, සෙනෙහසේ නවාතැන යි!

    සොදුරු සටහනට ස්තූති යි!!!

    ReplyDelete
  4. දැනෙනව සිතට ගොඩාක්...
    ඔබට ජය..

    -ZoRo

    ReplyDelete