මම ඉතින් හැමදාම ඔයාලාට කිවේ මගෙ ආදර කතාවයි මම පුංචි දවස් වල ලිව කවි නෙ. අද මට හිතුනා පහුගිය දවසක මට වුන සිදුවිමක් ලියන්න.
මේදේ වුනේ 2010 මැයි 05. එදා අපේ උපාධි ප්රදානෝත්සවය තිබුනා. එක ඉවර වෙලා අපි අපේ ගුරුවරුන්ට පොඩි උපහාර උත්සවයක් සුදානම් කරලා තිබුනා. අපේ උපාධි ප්රදානෝත්සවය ඉවර වෙලා refreshment එකත් අරන් ඉවර වෙද්දි 4.30ට විතර අැති. අපේ ගුරු උපහාර උත්සවය පටන් ගන්නෙ 5.30ට නිසා අපේ අම්මා ඉන්න බැහැ මහන්සියි කිවා එනිසා අම්මා යන්නද ඇහුවා. ඉතින් මම කමක් නැහැ කිවා හේතුව මා එක්ක එන්න මගේ මහත්තයා හිටපු නිසා. අම්මා ගියාම අපී අපේ යාලුවෝ එක්ක 5.30 වෙනකන් ඉදලා ගුරු උපහාර උත්සවයටත් හිටියා. එක ඉවර වෙද්දි 6.15 විතර වුනා. අපි අපේ යාලුවන්ගෙන් සමුඅරගෙන ආවා.
අපි සුපුරුදු පරිදි බස් එකක නැගලා ආවා. අපි දෙන්නා කතා වෙලා හිටියෙ දිගටම බස් එකේ යන්න. එ වුනත් අපි මරදානට එද්දි කෝච්චියෙ යන්න වෙලාව ඇති නිසා අපි බස් එකෙන් බැහැලා කෝච්චියට දුවගෙන ගියා. අපි ටිකට් ගද්දිම කෝච්චිය ආවා. අපි දුවගෙන ගිහින් නැග්ගා. නැග්ගාට පස්සෙ තමා අපි දැනගත්තේ එ 6.10ට විතර යන කෝච්චිය 7 වෙනකම් පරක්කු වෙලා තියෙන්නෙ කියලා. එත් අපි නැගලා කෝච්චිය යනකම් බලන් හිටියා. 7.30 විතර වෙනකනුත් මරදානෙන් පිටත් වුනේ නැහැ. එ එක්කම 7ට කොටුවෙන් යන කෝච්චිය ආවා. ගොඩක් දෙනා අපි හිටපු කෝච්චිය බැහැලා අනිත් කෝච්චියට නැග්ගා. එත් ඉතින් අපි එහෙමම හිටියා.
ඉන් පස්සෙ ටිකකින් එක අංකල් කෙනෙක් ඇවිත් කිවා 7 කෝච්චිය තමා යන්නෙ අපි හිටපු කෝච්චිය කැඩිලා නිසා යන්නෙ නැහැ කියලා. ඉතින් අපිත් හිටපු කෝච්චිය බැහැලා අනිත් කෝච්චියට නැග්ගා. අපි අනිත් කෝච්චිය දිහාට ඇවිදවෙන යද්දිම 6.10 කෝච්චිය යන්න ඇද්දුවා. මගෙ මහත්තයා මාවත් ඇගෙනම ඒ පැත්තට ගියා. මහත්තයා මට කිවා නගින්න කියලා.මට නගින්න බැරි වුනා. හේතුව මම අැදගෙන හිටියෙ ඔසරිය එ මදිවට කෝච්චිය යනවා. මම බැ කිවා.මහත්තයාට එකට තරහා ගියා. එයා මට බැන බැන අනිත් කෝචිචියට නැග්ගා. එකේ හොදටම සෙනග එත් කරන්න දෙයක් නැතිනිසා අපි ආවා.
එ එද්දිවත් මගෙ මහත්තයා කතා කලේ නැහැ. සෙනග අතරේ ගොඩක් හිර වෙන නිසා ලගට කරන් හිටියා. මම රාගම station එකෙන් බහින්න යද්දි මා යනවා කිවාට කිසිම දෙයක් කිවෙ නැහැ. එයාගෙ ලග තිබුන මගෙ බඩු ටික දුන්නා. මම බැහැලා බස් එකක ගෙදර ගියා. මම ගෙදර ගියාම ආවා කියලා කියන පුරුද්දට මම කෝල් කලා එත් answer කරන්නෙ නැති නිසා message කලා. එයාගෙන් කිසිම සද්දයක් නැහැ. මම මුලු රෑම කෝල් කලා එත් answer කලේ නැහැ. මම බොහොම අමාරුවෙන් දවස ගත කලා. අන්තිමට පහුවදා කතා කලා.
දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ වගේ වැඩ නිසා සාමාන්‍ය් ජනතාව ගොඩක් අපහසුතාවයට පත් වෙනවා. මට වුනේ බොහොම සරල සිදුවිමක්. එ අවස්තාවේ ගොඩක් අයට ලොකු කරදතයක් වුනා. මට කියන්න තියෙන්නේ අපේ රටේ තියන මේවගේ අකටයුතුම දුර්වලාතා මග අරින්න උත්සාහ කරමු.
හ්ම්..
ReplyDeleteඅපෙ රටෙ දුම්රිය සේවාව ගැන මුකුත් කියන්න එපා.. එවා දෙයියන්ගෙ වාහන වගෙ තමයි.. නැගලා අහන්න එපා කවදාවත් " කොහටද මෙක යන්නෙ... කියටද මෙක යන්නෙ... " හා හා කට ඉස්සර කරගන්නෙ නැතුව මෙවගෙ යන්න ඔනා... මම අවුරුදු දෙකක් ඔය සෙල්ලම කරා.. මට හිතා ගන්න බැහැ මෙ මිනිස්සු සමහර වෙලාවට slow එකක් ඉස්සරහින් යවනවා express එකක් පිටිපස්සෙන් තප්පරයට සෙන්ටිමිටර 10, 15 ක වගෙ වෙගයෙන් එන්න දිලා. එක කොහෙවත් නතර කරන්නෙ නැහැ. හිමිට හිමිට එනවා. පුදුම මිනිස්සු කොටසක් ඉන්නෙ.. හැබැයි ලගදීම රාගමදි පොඩි වලියක් යනවා.. මොකද අපෙ දුම්රිය මාර්ගයෙ ඉන්න මිනිස්සු හැමදාම වැඩට යන්නෙ දවල් 10:00 විතර..
ReplyDeleteසමාවෙන්න මෙහෙම කියනවට... මහත්තයට බැරිද එච්චර දෙයක්වත් තේරුම් ගන්න?
ReplyDeleteකරුණාකර ඔයාගේ මහත්තයාට ඔසරියක් අන්ඳවා දුවන කෝච්චියකට නගින්න කියන්න..."ඔය මහත්තයා ගැන දෙවරක් හිතන්න.....ඕක විවාහ වීමටත් පෙර සිදුවීමක් නම්..."
ReplyDelete