2011/08/28

අගොස්තු 27...............

අගොස්තු 27 කියන්නේ මට ජීවිතේ කවදාවත්ම අමතක වෙන්නේ නැති ජීවිතේ මට ගොඩක් ලොකු දුකක් දැනුන දවසක්. මට ගොඩක් වටින කෙනෙක් මගෙන් ඈත් වුනේ හරියටම මීට අවුරුදු ගානකට කලින් අගොස්තු 27. අවුරුදු ගානකට කලින් කීවේ මට අවුරුදු ගාන මතක නැතිව නෙවේ. මට ඒක කියන්න උවමනවක්වත් කැමැත්තක්වත් නැහැ.

ඒ සිදුවීම වෙද්දි මම ගොඩක්ම පුංචියි. ඒ දවස් වල මොකක්ද වුනෙ කියලා මට තේරුමක් තිබුණෙ නැහැ. එත් ටික ටික ලොකු වෙද්දි මට තේරුනා මට අහිමි වෙලා තියෙන්නේ ජීවිතේට ගොඩක්ම වටින කෙනෙක් කියන එක. හැමදාමත් මම ඒ ගැන දුක් වුනා අැයි මටම මෙහෙම වුනේ කියලා. කොහොම වුනත් අද වෙද්දි මට අහිමි වුන ඒ වටිනාම කෙනා අහිමි වීම නිසා මට තව ගොඩක් දෙවල් නැතිවෙලා තියෙනවා. ඒ අඩුව මගේ ජීවිතෙන් කවදාවත්ම මැකෙන්නෙ නැහැ. කාටවත්ම ඒ අඩුව පුරවන්නත් බැහැ. ටිකක් හරි එ අඩුව පුරවන්න මගේ ජීවිතේට ලංවුන කෙනත් දැන් මගෙන් ඈත් වෙලා.

මට නැතිවුනෙ කවුද කියලා මගෙන් අහන්න එපා. මට එ ගැන කියන්න හිත හදාගන්න බැහැ. කවදාහරි දවසක ඒ ගැන තව විස්තර කියන්න හිතුනොත් කියන්නම්.


ඊයේ බඩු ඔතාගෙන ආපු පත්තර පිටුවක තිබුණ නිසදැසක්. ඒක හිතට ගොඩක් සමීප බවක් දැනුන නිසා මේකේ ලියන්න හිතුනා. එය ලියලා තිබුනේ කැළණිය විශ්ව විද්‍යාලයෙ ශෂිකලා අමරසිංහ. අැගේ අවසරයකින් තොරව මෙය පලකිරිම සම්බන්ධව මම කණගාටු වෙනවා. නමුත් අවසර ඉල්ලිමට හැකියාවක් නැහැ. පුවත්පතේ අැගෙ ලිපිනය සටහන්ව තිබුණෙ නැහැ.


ජීවිතය ගලන ගගකි
ගගේ ලස්සන අැත්තේ
බාධක මැද ගලන විටය
කටුක වන තරමටම
අැයිද මට මේ තරම් දුක
දැසින් කදුළු ගලන
හැමවිට අැයිද මා තනිවන්නෙ......
දුක කියන්න කවුරැත් නෑ
මට මා පමණි සිටිනුයෙ...
දෑසෙ නැගෙන කදුළු ගොන්න
පුරැදුය මට හැමදාකම
අැයිද කදුළ මා පසුපස
සතුට ලබන හැමදිනකම........

2011/08/21

හැකිනම් උපකාර කරන්න.....

මුලින්ම කියන්න ඔනෙ මේ පොස්ට් එක කියවලා මා ගැන වැරදි අදහසක් අැති කරගන්න එපා. මම ගොඩක් කරදර වලට මුණදිලා ගොඩක් හිතේ අමාරුවෙන් ඉන්නේ. මගේ ලගින් කවුරුත්ම නැහැ දැන්. මගේ අම්මා එයාට මගේ හිතේ තියන කරදර කියලා හිත රිදවන්න බැහැ. මගේ යාලුවො එයාලාට කියන්නත් හිත දෙන්නෙ නැහැ. එයාලා එයාලා එක්ක කියලා එයාලා මගේ හිත රිදෙන දෙයක් කිවොත් මට තවත් දුක විතරයි. එවගෙම මගේ හැම දුකකදි කරදරයකදිම මගෙ ලගින් හිටිය මගෙ ආදරය මගේ ආදරණිය මහත්තයා, අනේ එයාත් මගෙත් එක්ක තරහා වෙලා මගෙන් අැත් වෙන්න හදනවා. මම ගොඩක් තනි වෙලා. මගේ ජීවිතේ තිබුන ලොකුම හයිය තමා මගේ මහත්තයා. එත් එයා මගෙත් එක්ක අමනාපෙන්. මගේ හැම දුකක් සතුටක්ම කිවේ මගේ මහත්තයාට විතරමයි. අද මම කාට කියන්නද?

මම හිතලා හිතලා අන්තිමට තීරණයක් ගත්තා කවදාවත් නොදැක්ක ඔයාලාට කියලාවත් හිත නිදහස් කර ගන්නවා කියලායි ඔයාලාගෙන් උදව්වක් ඉල්ල ගන්නවා කියලායි.

මම කෙලින්ම කියන්නම් මට ඔනේ උදව්ව, මට නතර වෙන්න ආරක්ෂාව හොදින් තියන බොඩිමක් හොයලා දෙන්න පුලුවන්නම් ගොඩක් ලොකු උපකාරයක්. එහෙම නැතිනම් දන්න කියන මෙහෙණි ආරාමයක් හොයාදෙන්න.මට මහණ වෙන්න නම් බැහැ. මගේ ආදරය මගේන් අැත් වුනාට මම තවමත් මගේ මහත්තයාට ගොඩක් ආදරය කරනවා. එයා ආයෙමත් මගේ ලගට එනකම් මුලු ජීවිත කලෙම හරි මම බලන් ඉන්නවා. මගේ හිත සන්සුන් කරගන්නකම් නවතින්න විතරයි මට ඔනේ. මට නතර වෙන්න ඔනේ කොළඹට ආසන්නව. මම පුලුවන් තරම් කලයක් මගේ රස්සාව කරන්න ඔනේ නිසයි.

මම දන්නවා බ්ලොග් කියවන ඔයාලාගෙන් ටික දෙනෙක් මගේ මහත්තයා කවුද කියලා. ඔයාලා එයාගෙන් මේ විස්තර අහන්නනම් එපා please. එයාගෙන් එ ගැන අැහුවොත් තවත් මගෙත් එක්ක තරහා වෙයි. එයා මේ පොස්ට් එක නොදකින තරමට මම කැමතියි.
ඔයාලාට පුලුවන්නම් මට කරන ලොකු උපකාරයක් මට නතර වෙන්න කොළඹට කිට්ටුව බොඩිමක් හරි මෙහෙණි ආරාමයක් හරි සොයාදෙන්න.

2011/08/07

බලධාරියා විසින් කපාහරින ලදී ...

මම ඊයෙ දාපු බ්ලොග් පොස්ට් එක බලධාරියා විසින් කපාහරින ලදී. මගේ මහත්තයා ඊයෙ රෑ වෙලා කතාකලා. ගොඩාක් හොදින් කතා කලා. මට එයාගෙ තීරණය කිවා. එයාට මාව ඔනෙලු. අපි අතරේ තිබුන හැම සම්බන්දයක්ම එහෙමම තියනවා. අපි අතරට ආව කෙනා කලේ ලොකු බොරුවක් කියලත් එයා කිවා. මුලදි මා එ කතාව විශ්වාස නොකලත් මම අද එ ගැන හොයලා බැලුවා. මම එ කෙනාගෙන්ම අැත්ත කියන්න කිවා. අන්තිමේ එයාත් පිලිගත්තා එයාගේ හිතේ අැති වුන එකපාර්ශවික ආදරයක් නිසා එයාගෙන් මගේ හිත බිදවන්න එයා කරපු හැමදෙම කරලා තියෙන්නේ.
දැන් අපි ආයෙමත් අපේ වුනා. ආයේ කවදාවත් රණ්ඩුකරන්නෙ වෙන්වෙන්නෙ නැතිව ඉන්න අපිටම පොරොන්දු වුනා.

අද උදෙ එයා මම ඊයේ ලිව පොස්ට් එක දැකලා හොදටම දුක හිතිලා තරහා ගිහින් මට කිවා ඒක අයින් කරන්න කියලා ඒ නිසා මම ඒක delete කලා.