2010/04/17

මාගේ ආදර කතාව 5

ගොඩක් දවසකට පස්සෙ ආයෙම මගෙ ආදර කතාව කියන්න මම ආවා. කාලෙකින් ලියන්න බැරි වුනාට මම නැවත ඔයාලාගෙන් සමාව ඉල්ලනවා. මගෙ ආදර කතාවෙ පස්වෙනි කොටස වුනාට තවම ගතවෙන්නෙ 2006 දෙසැම්බර් 20. ඉතින් ඔයාලාට හිතෙනවා ඇති මම එක දවසක් ගැන කියන්න මෙ තරම් කල් ගත්තානම් අවුරැදු තුනක් කියන්න කොයිතරම් කල්ගනිවිද කියලා. මම අද ඉදන් කතාව කෙටියෙන් කියන්නම්.

අපි කඩවතින් බැහැලා රාගම බස් එකකට නැග්ගා. බස් එකෙ පිටි පස්සෙ ෂිට් එක විතරයි තිබුනෙ වැඩි දුරක් නැතිනිසා අපි දෙන්නා එතන වාඩි වුනා. එ එන ගමනෙදිත් මගෙ ඇස් දෙකට එබිගෙන අතින් අල්ලගෙන හිටියා. රාගමට එන අතරෙ අපි අතරෙ බොහොම පොඩි කතා බහක් විතරයි වුනෙ. මම රාගම ඉදන් තව බස් එකක ටික දුරක් යන්න ඕනෙ නිසා මම වෙනදා අපි සමුගන්නා තරම් සුහදවම නොවුනත් එයාට යන්නම් කියලා බුදු සරණයි කියලා බස් එක තියන තැනට යන්න හැරුනා. මගෙ මහත්තයා ‍බොහොම දුකින් මා දිහා ටික වෙලාවක් බලන් ඉදලා මගෙන් ඇහුවා රේල් පාර දිගෙ ඇවිදගෙන යමුද කියලා එයා ගෙදරට ඇරලන්නම් කියලා.

මම එ වෙලාවෙ දෙවතාවක් හිතන්නෙ නැතිව හා කිවා. එහෙම කියන්න හෙතුව වුනෙ මම ඉදිරියට කරන්න ඕන දෙ එ වෙනකොටත් මම තිරණය කරලා ඉවරයි. මම එයා මුණගැහෙන අන්තිම වතාව එක කියලා මම තිරණය කර ගත්තා. අපි දෙන්නා රේල් පාර දිගෙ ඇවිදගෙන ගියා එ අතරෙ එක මොහොතකටවත් මගෙ මහත්තයා මගෙ අත අතහැරියෙ නැහැ. එ යන අතරෙ එයා සතුටු වුනා එ මොහොතෙ හරි මා ලග ඉන්න. එ වුනත් මගෙ ඇස් තෙ‍ත් වුනෙ නැතත් මගෙ හිත ගොඩක් ඇඩුවා. එ අතර මගදි අපේ අක්කා කෝල් කරලා ඇහුවා මම කොහෙද කියලා එයාලා බබාගෙ බර කිරන්න යනවා කියලා. මම මග නිසා ඉස්සරහා ගෙදර යතුර තියන්නම් කිවා.

මම මගෙ මහත්තයා එක්ක ගෙවල් ලගටම ආවා. ගෙවල් පාරට හැරෙද්දි මට හොදටම බය හිතුනා. ඉස්සරහා ගෙදර ඇන්ටියි නංගියි එලියෙ ඉන්නවා දැක්කාම මගෙ බය තවත් වැඩි වුනා. මොකද ඉතින් මිට කලින් කවදාවත් කොල්ලෙක් එක්ක ගෙදර ලගටම එනවා තියා ‍අම්මා අදුරන්නෙ නැති කොල්ලෙක් එක්ක පාරෙ ගිහින්වත් නැහැ. මොකද දන්නවාද එකාලෙ වෙද්දි වුනත් මගෙ පිරිමි යාලුවො අම්මා අදුරනවා. එ වෙලාවෙ මට ගොඩක් දුක හිතුනා මම අම්මාට බොරැ කරනවා කියලා. මම මහත්තයාට කිවා මාව අදුරන්නෙ නැහැ වගෙ කෙලින්ම යන්න කියලා හේතුව අම්මාට ආරංචිවෙයි කියලා.

අපෙ ගෙදර ලගට ආවාම මම ඇන්ටිගෙන් යතුර ඉල්ලගෙන ගෙට ‍ගියා. එ ගමන්ම මහත්තයාට කෝල් කලා පරිස්සමින් ගෙදර යන්න කියලා. ඉන්පස්සෙ මම ඇග හෝදගෙන ඇවිත් දුක අඩු වෙනකම්ම කොට්ටෙ තුරැල් කරන් ඇඩුවා. ඉන්පස්සෙ මගෙ හොදම යාලුවාට කෝල් කරලා විස්තරෙ කිවා. අක්කලා ආවාම කිසි දෙයක් නොවුන විදිහට ඉන්න උත්සාහ කලාට එහෙම ඉන්න බැරි වුන නිසා මම ඉක්මනට කාලා ඇදට ගියා. අනෙ වෙනදාට මම ඇදට ගිය ගමන් නිදි එ වුනත් එදා මට නින්ද ගියෙ ගොඩක් රැවෙලා. මහත්තයා කෝල් කලා අපි ගොඩක් වෙලා කතාකලා.

ගොඩක් රැ වෙලා මට නින්ද ගියා. එ වුනත් මම පහුවදා උදෙන්ම නැගිට්ටා නුවර අපෙ ගෙදර යන්න. අයියා මාව රාගම ස්ටේෂන් එකෙන් බදුල්ල කෝච්චියට නැග්ගුවා පේරාදෙණියෙන් බහින්න. එ මම තනියෙන් නුවර යන දෙවනි වතාව. එදා උදෙ මම කෝච්චියට නැග්ගෙ ආයෙ කවදාවත්ම මගෙ මහත්තයාගෙ මුණ බලන්නෙවත් කතා කරන්නෙවත් නැහැ කියලා හිතාගෙන.

අද කතාව ගොඩක් දිග වුනා එකට හැමෝම සමාවෙන්න.

1 comment:

  1. දිග නැහැ කියන්න.. අපි හැමොම අහන් ඉන්නෙ..

    ReplyDelete