2010/04/29

මගෙ සපුමල ......

පින්න ඉහුණු මලක් වගේ ...
හසරැලි අරගෙන
පිපෙන්න හෙට උදැසනම
මගෙ නෙත් දොරකඩ
මේ රැ මට ඉන්න බැ
ඔබ රැව නොදැක
මේ සිතල මට දරන්න බැ
ඔබ ලග නැතිව

දොඩමලු වන දැස් වලින්
මට ප්රේමය කියා දුන්න
මගෙ සපුමල දෙතොල් විදා
ඒ සෙනෙහස කියා යන්න
එතකොට මට පුලුවන් වෙයි
ඔබ නැති දුක දරාගන්න ....

නෙත් කැල්මෙන් වචන දුන්නු
මට කවියක් ලියා ගන්න
මගෙ සද රන් පත් ඉරුවක
මට සෙනෙහස ලියා දෙන්න
එතකොට මට පුලුවන් වෙයි
තනියට එය තියාගන්න .......

2010/04/26

දුකක් ඇත මට......

මගේ ඇස් දෙක ඔබම නම් මට
කුමට හිරැ සදු පතන්නෙමි මම.....
අපට අප හිමි වුනා නම් තව
අහිමි වන්නට යමක් නැත මට....
හඩන්නට වුව නොදන්නෙමි මම
මගේ ඇස් දෙක ලගම නම් ඔබ.....
හිතේ තැවරැණු දුකක් ඇත මට
ඔබට කලියෙන් මැරෙන්නම් මම......

2010/04/25

අයදිමි සමාව ඔබ සැමගෙන්.........

ඊයෙ දවසෙ බ්ලොග් මැරතන් දුවන්න මමත් හිතන් හිටිය වුනාට මට දුවන්න තියා වතුර ගහන්නවත් එන්න බැරි වුනානෙ. එකට ඔයාලා හැමදෙනාගෙන්ම සමාව ඉල්ලනවා මුලන්ම. මගෙ මහත්තයා නම් මට ගොඩක් දේවල් කිවා ගොඩක් දුක හිතෙන දේවල්. මම හිතනවා ඔයාලා මට වුන දේ තේරුම් ගනිවි කියලා. මගෙ මහත්තයාත් පස්සෙ තේරුම් ගත්තා.

මෙහෙමයි වැඩෙ වුනෙ, මට 21 හවස interview එකක් තිබුනා එනිසා මට කොළඹ යන්න වුනා. මම අම්මා එක්ක 20 හවස ගිහින් අක්කලාගෙ ගෙදර ඉදලා 21 මම මහත්තයා එක්ක interview එකට ගියා. අම්මා එදා හවස අපෙ පුංචි අම්මලාගෙ ගෙදර ගියා මට හවස එහෙ එන්න කියලා. මම interview ඉවර වෙලා මගෙ මහත්තයා එක්ක දවල්ට කාලා හෝමාගම පුංචි අම්මලාගෙ ගෙදර ගියා. අපි හිතාන හිටියෙ පහුවදා මගෙ convocation එකට සාරියත් අරගෙන නුවර ගෙදර එන්න. ඔන්න ඉතින් පහුවදා අපෙ අම්මා කියනවා යන්න මහන්සියි හෙට යමු කියලා. පුංචි අම්මායි බාප්පයි දෙන්නත් කියනවා ඉදලා යන්න කියලා. ඉතින් මම පරාජය බාර අරන් ඉන්න කැමති වුනා කමක් නැහැ 23 ගිහාම ඇතිනෙ කියලා හිතාන.

එදා දවසත් ගෙවිලා ගියා. පහුවදා 23 උදේ නැගිටලා ලැස්තිවුනා. එදාත් අම්මාට මහන්සි නිසා සාරිය අරන් ඇවිත් 24 උදෙන්ම යමු කිවා. මමත් ඉතින් හොද කිකරැ දුව නෙ. එනිසා එකටත් හා කියලා සාරිය ගන්න ගියා. එදා දවසත් ඉවරයි ඉතින්. 24ට උදේ වුනාම අම්මායි මමයි යන්න ලැස්තිවෙලා ගෙදරින් එලියට එන්න යද්දිම අපේ අක්කා කෝල් කලා. එයා කිව්වා train strike කියලා. අම්මා ගත් කටටම කිවා බස් වල යන්න බැහැ ඇගට අමාරැයි කියලා. එහෙ ගෙදර අයත් කියනවා ඉන්න කියලා. දෙවතාවක්ම එලියටත් බැහැලාත් ගෙදර නතර වුනා. මට තමා ඉතින් පාඩුව උනේ. එ කියලා මගෙ උත්සාහය අත් ඇරියෙ නැහැ. මම මල්ලිගෙ යාලුවෙක්ගෙන්වත් අන්තර්ජාල පහසුකම් සපයාගන්න උත්සාහ කලා. එ වැඩෙත් හරි ගියෙ නැහැ.

අන්තිම වතාවට මම මගෙ උපහාර සිම් එකෙන් ගනන් හොයලා බැලුවා. එක විකිණෙන වැඩක් එයාලා 1KB වලට සත 10 ගන්නවා. ඔයාලා දන්නවානෙ ඉතින් මම තවම ගෙදරින්නෙ යැපෙන්නේ. මගෙ phone බිලත් අම්මා ටිකක් බැනලා ගෙවන්නෙ එහෙම එකේ තවත් බිල වැඩිවුනොත් ඔයාලාට හිතාගන්න පුලුවන්නෙ.

ඔය හේතු නිසා මට බ්ලොග් මැරතන් දුවන්න බැරි වුනා. ඉතින් මම ඔයාලාගෙන් සමාව ඉල්ලනවා මම බ්ලොග් මැරතන් දුවන්න එනවා කියලා ආවෙ නැතිවුන එකට.

2010/04/17

මාගේ ආදර කතාව 5

ගොඩක් දවසකට පස්සෙ ආයෙම මගෙ ආදර කතාව කියන්න මම ආවා. කාලෙකින් ලියන්න බැරි වුනාට මම නැවත ඔයාලාගෙන් සමාව ඉල්ලනවා. මගෙ ආදර කතාවෙ පස්වෙනි කොටස වුනාට තවම ගතවෙන්නෙ 2006 දෙසැම්බර් 20. ඉතින් ඔයාලාට හිතෙනවා ඇති මම එක දවසක් ගැන කියන්න මෙ තරම් කල් ගත්තානම් අවුරැදු තුනක් කියන්න කොයිතරම් කල්ගනිවිද කියලා. මම අද ඉදන් කතාව කෙටියෙන් කියන්නම්.

අපි කඩවතින් බැහැලා රාගම බස් එකකට නැග්ගා. බස් එකෙ පිටි පස්සෙ ෂිට් එක විතරයි තිබුනෙ වැඩි දුරක් නැතිනිසා අපි දෙන්නා එතන වාඩි වුනා. එ එන ගමනෙදිත් මගෙ ඇස් දෙකට එබිගෙන අතින් අල්ලගෙන හිටියා. රාගමට එන අතරෙ අපි අතරෙ බොහොම පොඩි කතා බහක් විතරයි වුනෙ. මම රාගම ඉදන් තව බස් එකක ටික දුරක් යන්න ඕනෙ නිසා මම වෙනදා අපි සමුගන්නා තරම් සුහදවම නොවුනත් එයාට යන්නම් කියලා බුදු සරණයි කියලා බස් එක තියන තැනට යන්න හැරුනා. මගෙ මහත්තයා ‍බොහොම දුකින් මා දිහා ටික වෙලාවක් බලන් ඉදලා මගෙන් ඇහුවා රේල් පාර දිගෙ ඇවිදගෙන යමුද කියලා එයා ගෙදරට ඇරලන්නම් කියලා.

මම එ වෙලාවෙ දෙවතාවක් හිතන්නෙ නැතිව හා කිවා. එහෙම කියන්න හෙතුව වුනෙ මම ඉදිරියට කරන්න ඕන දෙ එ වෙනකොටත් මම තිරණය කරලා ඉවරයි. මම එයා මුණගැහෙන අන්තිම වතාව එක කියලා මම තිරණය කර ගත්තා. අපි දෙන්නා රේල් පාර දිගෙ ඇවිදගෙන ගියා එ අතරෙ එක මොහොතකටවත් මගෙ මහත්තයා මගෙ අත අතහැරියෙ නැහැ. එ යන අතරෙ එයා සතුටු වුනා එ මොහොතෙ හරි මා ලග ඉන්න. එ වුනත් මගෙ ඇස් තෙ‍ත් වුනෙ නැතත් මගෙ හිත ගොඩක් ඇඩුවා. එ අතර මගදි අපේ අක්කා කෝල් කරලා ඇහුවා මම කොහෙද කියලා එයාලා බබාගෙ බර කිරන්න යනවා කියලා. මම මග නිසා ඉස්සරහා ගෙදර යතුර තියන්නම් කිවා.

මම මගෙ මහත්තයා එක්ක ගෙවල් ලගටම ආවා. ගෙවල් පාරට හැරෙද්දි මට හොදටම බය හිතුනා. ඉස්සරහා ගෙදර ඇන්ටියි නංගියි එලියෙ ඉන්නවා දැක්කාම මගෙ බය තවත් වැඩි වුනා. මොකද ඉතින් මිට කලින් කවදාවත් කොල්ලෙක් එක්ක ගෙදර ලගටම එනවා තියා ‍අම්මා අදුරන්නෙ නැති කොල්ලෙක් එක්ක පාරෙ ගිහින්වත් නැහැ. මොකද දන්නවාද එකාලෙ වෙද්දි වුනත් මගෙ පිරිමි යාලුවො අම්මා අදුරනවා. එ වෙලාවෙ මට ගොඩක් දුක හිතුනා මම අම්මාට බොරැ කරනවා කියලා. මම මහත්තයාට කිවා මාව අදුරන්නෙ නැහැ වගෙ කෙලින්ම යන්න කියලා හේතුව අම්මාට ආරංචිවෙයි කියලා.

අපෙ ගෙදර ලගට ආවාම මම ඇන්ටිගෙන් යතුර ඉල්ලගෙන ගෙට ‍ගියා. එ ගමන්ම මහත්තයාට කෝල් කලා පරිස්සමින් ගෙදර යන්න කියලා. ඉන්පස්සෙ මම ඇග හෝදගෙන ඇවිත් දුක අඩු වෙනකම්ම කොට්ටෙ තුරැල් කරන් ඇඩුවා. ඉන්පස්සෙ මගෙ හොදම යාලුවාට කෝල් කරලා විස්තරෙ කිවා. අක්කලා ආවාම කිසි දෙයක් නොවුන විදිහට ඉන්න උත්සාහ කලාට එහෙම ඉන්න බැරි වුන නිසා මම ඉක්මනට කාලා ඇදට ගියා. අනෙ වෙනදාට මම ඇදට ගිය ගමන් නිදි එ වුනත් එදා මට නින්ද ගියෙ ගොඩක් රැවෙලා. මහත්තයා කෝල් කලා අපි ගොඩක් වෙලා කතාකලා.

ගොඩක් රැ වෙලා මට නින්ද ගියා. එ වුනත් මම පහුවදා උදෙන්ම නැගිට්ටා නුවර අපෙ ගෙදර යන්න. අයියා මාව රාගම ස්ටේෂන් එකෙන් බදුල්ල කෝච්චියට නැග්ගුවා පේරාදෙණියෙන් බහින්න. එ මම තනියෙන් නුවර යන දෙවනි වතාව. එදා උදෙ මම කෝච්චියට නැග්ගෙ ආයෙ කවදාවත්ම මගෙ මහත්තයාගෙ මුණ බලන්නෙවත් කතා කරන්නෙවත් නැහැ කියලා හිතාගෙන.

අද කතාව ගොඩක් දිග වුනා එකට හැමෝම සමාවෙන්න.

2010/04/14

මගේ පළමු වසන්තය ....

සබද මට අහසකි නුඔ
මා මිහිතලයක් වු කල...
අප හමුවිම නෙත් මායිමේ
ක්ෂිතිජයකි දුර පෙනෙන...
ළ‍ං වත්ම ඉගිල යන
මගේ පළමු වසන්තය.....
විය මට මිරිගුවක්
කිසි දිනෙක හිමි නොවන.......

මා පව්කර ඇතිවා....

හිනාවෙලා ලග රැදෙන්න...
පෙම්වත කවි කතා ගොතන්
ඔබ පාමුල විසිරවන්න
අනේ ඉතින් මා පින් පිරැවා...
දෙඅත් බැදන් ඇවිද යන්න
එකම මගක හමුවන්නට
ඔය ඇස් ලග දිවි ගෙවන්න...
බැරි තරමට පව් මා කර ඇතිවා.....

2010/04/13

කලකට ‍පසුච ‍මා නැවත ..........

‍ඉතින් මම කාලෙකට පස්සෙ බ්ලොග් එකක් ලියන්න ගත්තා. සියලුමදෙනාගෙන් මම මුලින්ම සමාව ඉල්ලනවා හේතුව තමා ගොඩක් දචසකින් මට බ්ලොග් එකක් ලියන්න බැරිවුනා. හැමදේම මටමයි ‍වෙන්නෙ කියලා එකත් මටම වුනා. මම බ්ලොග් එකක් ලියාගෙන සතුටින් ඉද්දි අපේ අයියා රට ගියා. අයියා කිවාට ඉතින් මස්සිනා. එතකොට අපේ අක්කා පොඩ් එකා එක්ක රාගම ගෙදර තනියෙන් නිසා අම්මාටයි මටයි යන්න වුනා එයාලට තනි රකින්න. එන්න එහෙමයි මගේ බ්ලොග් ලියවිල්ල නතර වුනේ. ඔය අතරෙ මට සතුටු හි‍තෙන දෙයක් වුනා එ තමා අක්කා අන්තර් ජාල පහසුකම් සපයා ගන්න හිතුවා. ඉතින් සුභම දේ තමා මට ආපහු මගෙ බ්ලොග් එක ලියන්න පුලුවනි.

දැන් ඉතින් ඇතිනෙ එ විස්තර. මගෙ මහත්තයා දැන් ගොඩ දචසක් ඉදලා කියනවා බ්ලොග් එකක් ලියන්න කියලා එ වුනත් ලියන්න වෙලාවක් ලැබුනෙ නැහැ. අම්මා තනියෙන් ගෙවල් අස් කරද්දි මට බ්ලොග් ලිය ලිය ඉන්න බැ‍නෙ. අද ඉතින් ටිකක් චිතර නිදහසක් ලැබුනා. ඉතින් මම ලියන්න ගත්තා.

එ අතරෙ තමා මහත්තයා කිවෙ බ්ලොග් මැරතන් එක ගැන. මමත් බ්ලොග් මැරතන් දුවනවා. මැරතන් දුවන්නෙ මගෙ ආදර කතාවයි මගෙ නිසදැස් එක්ක. මගෙ ආදර කතාව කියෙව්ව ඔයාලට මේ මැරතන් එකේදි මගෙ ආදර කතාව අද වෙනකම් දැනගන්න පුලුවනි. එහෙනම් දැනට මේ ඇතිනෙ විස්තර කිචා.

එහෙනම් බ්ලොග් මැරතන් එකේදි හමුවෙමු. ඊට කලින් මම එනවා හොදේ. ඔයාලා හැමෝටම සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා!