2011/09/13

මට ගම් බොන්නත් පුලුවන්.....

මම කලින් කිව ඉස්කොලෙ හිටියෙ එක වසරෙ අන්තිම වෙනකම් විතරයි. ඉන් පස්සෙ අපෙ අම්මලා පොඩි ජිල්මාට් එකක් දාල මාව දෙකේ පන්තියෙ තියන්නෙ නැතිව වෙන ඉස්කොලෙක තුනෙ පන්තියට දැම්මා. පරණ යලුවො ටික දාල අලුත් ඉස්කොලෙට යද්දි ගොඩාක් දුක හිතුනා. එත් කරන්න දෙයක් නැනෙ. අලුත් ඉස්කොලෙට ගිහින් දෙවනි දවසෙ මගෙ පන්තියෙ හැමොටම හරිම උවමනව මාව ලගින් ඉන්දවාගන්න. අන්තිමෙදි මගෙ හොදම යාලුවා වුනේ රංගන. අලුත් ඉස්කොලෙ අපෙ පවුලේ කවුරුත් teachers ලා හිටියෙ නැති වුනත් ගොඩක් teachers ලා අපේ අම්මාවයි, ලොකු අම්මාවයි දැනගෙන හිටියා. ඒකට හේතුව වුනේ අපි ඒ වෙනකොට අපෙ අම්මගේ ගමේ ගෙදර හදාගෙන එහෙ පදිංචියට අවා. මම ගියෙත් එ ගමේ ඉස්කොලෙට. (ගම කිවට එකත් ටවුන් එකම තමා.)

තුනේ පන්තිය ඔහොම ගෙවිලා යද්දි මා ඉස්කොලෙ ජනප්රිෙය චරිතයක් බවට පත්වුනා. ඇත්තටම මම මහාලොකු විශේෂ චරිතයක් නොවුනත් එ ඉස්කොලේ එක වසරෙ ඉදල එකොලහ වසර දක්වාම අය මාව දැනගෙන හිටියා. ඔහොම ඉතින් මම තුනෙ පන්තියෙන් හතරෙ පන්තියටත් අවා. ඔය කලෙ අපිට අලුතෙන් teacher කෙනෙක් ආවා. එයා රට ඉදලා ආව අලුත. මාගැන එයා දැනගෙන හිටියෙ නැහැ. (මගෙ දග වැඩ). අපේ පන්තියෙ හිටියා නිශාදි කියලා මගෙ යාලුවෙක්. එයාව ඉක්මනට රවට්ටන්න පුලුවන්. එයාට ඔනේ හැම වෙලේම මම කරන දේම කරන්න. එයාත් එක්ක තමා මේ සිදුවීම වුනේ

අපිට එදා මොනවා හරි අලවන්න ගම් ගෙන්න කියල තිබුනා. එ දවස් වල ගොඩක් කඩවල් වල තිබුනේ කට්ටකින් උඩින් හිලක් හදා ගන්න ඔනෙ ගම් බොතල්. අපේ අම්මා මටත් ගෙනත් තිබ්බෙ එවගේ ගම් එකක්.
පහුවදා මා ඒක අරන් ඉස්කොලෙ ගියා. අපෙ අලුත් ටේචෙර් එදා ඉස්කොලෙ අවෙ නැහැ. මටත් ඉතින් හරිම ජොලි. මම අපේ පන්තියෙ හැමොම ඉස්සරහා ගම් බොතලේට කට තියලා උරලා කිවා මට ගම් බොන්න පුලුවන් ඔයලට බැහැනෙ කියලා. එපාර නිශදි හිතුවා මම ඇත්තටම ගම් බොනවා කියලා. එයාටත් ඕනේ වුනා මාව අනුකරණය කරන්න. එපාර එයත් මටත් පුලුවන් ගම් බොන්න කියල එයගෙ ගම් බොතලේට කට තියලා ඉරුවා විතරයි ගම් තලියක්ම කටට අවා. ගම් වල තියෙන්නෙ අමුතු අප්පිරිය රහක් නිස එයා වේගෙන් පන්තියෙන් එලියට දුවල ගිහින් කෙල ගහල කටත් හොදගෙන ආවා.

එයා දුවපු වේගෙට අපෙ අයට මා කරපු වැඩේ තවත් අගේ වැඩි වුනා. එයාට ඒක ඒ තරම් අමරු වෙන්නත් මට ගානක් නැති වෙන්නත් මා කොයිතරම් වෙනස්ද කියල හැමොම කියන්න ගත්තා. කොහොම වුනත් එදත් ම මගෙ වීරකම් පෙන්නුවා පොඩි බොරුවක් කරලා.
අදටත් ඒ පන්තියෙ යලුවො මගෙ යලුවො එත් එයල දන්නෙ නැහැ මා කලේ මොකක්ද කියලා. ඔයලානම් දැනගන්න ඇති. එත් මමම කියන්නම්කො. මේකයි රහස මගෙ ගම් බොතලෙ හිලක් හදලා තිබුනෙ නැති අලුත්ම එකක්.

කොහොම හරි ඊට පහුවද නිශාදි ඉස්කොලෙ අවෙ නැහැ. අපි හමොම බය වුනා ගම් බීලා බඩ ඇලවිලා වෙන්න ඇති කියලා. ඉන්පස්සෙ අපේ පන්තියෙ ගොඩක් අය පහුවදා හවස ගියා එයාගෙ ගෙදර එයාව බලලා එන්න. එත් මට ඔය ගමන් තහනම් නිසා මම ගෙදර ගියා. ඊට පස්සේ කවදවත්ම නිශදි මව අනුකරණය කරන්න ගියෙ නැහැ.

අපේ පන්තියේ මට අකමැති teacherට කේලාම් කියන දෙතුන් දෙනෙකුත් හිටිය නිසා teacher නිශාදි කො කියලා අහද්දි මම එයාට ගම් පෙවුව කතාව කිවා. හරියට මම බලෙන් පෙවුවා වගේ. මට එකට දඩුවම විදිහට මාව හිට ගස්සලා තිබ්බා. අපේ අනිත් teachers ලා මට ගොඩක් ආදරෙයි. ඒ මම මොන දග වැඩේ කලත් පාඩම් වැඩ හරියට කරන නිසා. එයාලා නිසා මට ගොඩක් වෙලා හිටන් ඉන්න වුනෙත් නැහැ. ඒත් teacher නම් මගෙත් එක්ක අමනාප වුනා.

මම කරපු වැඩේ වැරදියි කියලා දැන් තේරෙනවා එත් ඒ දවස් වල ඒ ගැන තේරුමක් තිබ්බෙ නැහැ. ආයෙත් හමුවෙමු මගෙ තවත් දග වැඩකින්...