වෙලාවකට කළුවරම කළුවර කරන
තවත් වෙලාවකට නිල් පාට වෙන
අදුරයි එළියයි දෙකම දරන .......
හරි ඉක්මනට වෙනස් වෙන අහස .............
තේරුම් ගන්න බැරි නුඹ වගේමයි ...
ඒ දෙකම දරාගෙන පායන අහස
තේරුම් ගන්න බැරි වුනත්,
ඒ අහසෙම හැමදාමත් පායන ..... ඉර ...
නුඹව තේරැම් ගන්න ලතවෙන
මගේ හිත වගේමයි ........
වෙලාවකට වහින්න ලංවුණත් ඔය අහසෙම.....
හරි ලස්සනට පායලා තියන ..... ඉර ....
නුඹව තේරුම් ගන්න බැරි බව දැන දැනම
නුඹේ හිත යටම පායන්න හීන දකින ..
මගේ හිත වගේමයි ........
ඒත් නුඹ වහින්න ලං වුණු අහස වගේමයි .......