එදා මම ඔයාලාට කිව්වානෙ මට මහත්තයා මුණ ගැහෙන්න කලින් මා ගැන බලාපොරොත්තු තියාන හිටිය අයියා කෙනෙක් ගැන. අද මගේ ආදර කතාව එයා නිසා මගෙ මහත්තයා ඉස් ඉස්සෙල්ලාම මගෙ හිත රිදෙව්ව දවස.
එදාත් වෙනදා වගේම අපි දෙන්නා NIBM ගියා. මහත්තයාටයි මටයි දෙන්නාටම එදා දවසම lectures තිබුණා. අපි දෙන්නා සුපුරුදු පරිදි උදේ කෝච්චියෙ ඇවිත් lectures වලට ගියා 10 tea break එකට 4th floor එකේදි මුණගැහෙන්න කතාවෙලා. ඒ දවස් වල අපි දෙන්නා lectures අතරෙ break එකක් ලැබුණු ගමන් 4th floor එකේදි මුණගැහිලා කතා කරකර ඉන්නවා.
ඒ දවස් වල අපිට තිබුණෙ VB.NET. මට lectures ටිකක් මග ඇරිලා තිබුණ නිසා ඒ දවස්වල exam එකටත් ලග නිසා ගොඩක් බයෙන් හිටියෙ fail වෙයි කියලා. මේ කාලෙදිම තමයි මම කලින් post එකේ කියපු රජිත අයියා තරමක් සුව වෙලා ඇවිත් හිටියෙ. එයා medical දිලා ආයෙම ඇවිත් හිටි නිසා එයාට අපේ batch එකේ lectures ආවා. මමත් මගේ යාළුවොත් කිසි වෙනසක් නැතිව එයා එක්ක lectures වලදි කතා කරලා හිටියා. සාමාන්‍යයෙන් අපේ පුරුද්ද තමා exam ලංවෙද්දි past papers හොයාගෙන ඒවා කරන එක. (past papers නිසාම තමා මහත්තයා පලවෙනි වතාවට මට කතා කලේ) රජිත අයියා කිවා එයාට කලින් batch එකේ paper එක හම්බ වුණා ඕනෙ නම් tea break එකේදි photo copy කරගෙන දෙන්න කිවා. මමත් හා කියලා ගත්තා.
සුපුරුදු පරිදි tea break එකේදි 4th floor එකට ගියා. මම යද්දි මගෙ මහත්තයා ඇවිත් හිටියෙ නැහැ. එ නිසා මම paper එක photo copy කරන්න ගියා. මම cafe එකට ගියෙ මගෙ හොදම යාළුවෙක් එක්ක. එතන ගොඩක් සෙනග හිටි නිසා අපි එන්න ආවා පස්සෙ photo copy කරමු කියලා. මම canteen එකට ගියා රජිත අයියාට paper එක හවස දෙන්නම් කියලා කියන්න. මගෙ යාළුවා කෙලින්ම 4th floor එකට ගියා. මම canteen එකට යද්දි රජිත අයියා තේ අරගෙන එයාටයි යාළුවාටයි. ඒ වුනාට එයාගෙ තුවාල වුන අත නිසා එයාට දෙකම එකවැර ගන්න බැහැ. මම ඒ වෙලාවෙම එතනට ගිය නිසා මම එයාට උදව් වුනා එක තේ එකක් counter එකෙන් අරගෙන මේසෙ උඩින් තිබ්බා. ඉන් පස්සෙ මම කියන්න ආව පනිවිඩය කියලා මගෙ මහත්තයා හම්බවෙන්න 4th floor එකට ගියා.
මම යද්දි මගෙ මහත්තයා තරහින් පුපුර පුපුර ඉන්නවා. මට හිතා ගන්න බැරිවුනා කවදාවත් නැතිව ඇයි මහත්තයා මෙහෙම ඉන්නෙ කියලා. මම ඇහුවා ඇයි කියලා. එයා එක පාරටම මගෙන් අහන්න ගත්තා ඇයි ඔයා අරයා එක්ක තේ බොන්න ගියෙ මම මෙතන ඔයා එනකම් බලාන ඉන්නවා කියලා දැනගෙනත්. මට හිතාගන්න බැරි වුනා කාත් එක්ක කොයි වෙලේ බීපු තේ එකක් ගැනද මේ කියන්නෙ කියලා. මම කිවා කියන දෙයක් තේරෙන්න කියන්න මට ඔයා කියන දේ තේරෙන්නෙ නැහැ කියලා. ඒවෙද්දි අපේ tea break එකේ වෙලාවත් ඉවර වෙලා. මගෙ මහත්තයා කිවා lunch වෙලාවෙ ඉක්මනට කාලා ඉවර වෙලා එන්න තේරෙන්න කියන්නම් කියලා. මමත් හා කිවා වෙන කියන්න දෙයක් නැති නිසා.
ඊට පස්සෙ lectures වලදි මගෙත් එක්ක cafe එකට ගිය යාළුවා මට කිවා එයා උඩට එද්දි මගෙ මහත්තයා මාව හොයනවලු. එයා දැක්ක ගමන් මා කොහෙද කියලා ඇහුවාලු. ඉතින් මගෙ යාළුවා කියලා තියෙනවා මම canteen එකට ගියා කියලා. එයාට ඉතුරු ටික කියන්න හම්බවෙලා නැහැ මෙයා කඩාගෙන ගිහින්. මගෙ මහත්තයා කෙලින්ම ඇවිත් තියෙන්නෙ canteen එකට එයා එද්දි මම රජිත අයියාට තේ එක අරගෙන දෙන්න ගත්ත තේක මගෙ අතේ තියනවා දැකලා තියෙනවා. ඒ එක්කම අනිත් අතට එයා 4th floor එකට ගිහින් මගෙ යාළුවාගෙන් අහලා අරයා අරුත් එක්ක තේ බොන්නද ගියෙ කියලා. මගෙ යාළුවාටත් හිතාගන්න බැරිවෙලා මොකක්ද වෙලා තියෙන්නෙ කියලා. ඒ වෙලාවෙම තමා මම ඇවිත් තියෙන්නෙ. මගෙ යාළුවත් අහනවා මගෙන් මම ඇත්තටම එයා එක්ක තේ බීවාද කියලා. මම වුනදේ එයාට කිවා. ඒවෙලාවෙ තමා මට තේරුණෙ මහත්තයාට තරහා ගිහින් තිබුණෙ ඇයි කියලා.
ඉන් පස්සෙ lunch වෙලාවෙ මම වෙනදාට වඩා ඉක්මනින් කාලා මහත්තයා එනකම් බලන් හිටියා. එයත් ඉක්මනට ආවා. මම හිතුවා එයාගෙ තරහා නිවිලා ඇති කියලා. ඒත් ඒක ඒ විදිහමයි. ඉන් පස්සෙ මම වුණ හැම දෙයක්ම කිවා. ඒ ඉවර වෙද්දි එයාගෙ තරහා ටිකක් අඩුවෙලා. ඒත් මගෙන් ඇහුවා ඇයි යාළුවා එක්ක නොයා තනියම ගියෙ කියලා. මම කිවා ඔයා ඇවිත් මාව හොයන නිසා පණිවිඩය කියන්නයි එයා එවුවෙ කියලා. ඉන් පස්සෙ එයාගෙ තරහා නිවුණා. ආයෙ කවදාවත් බලාන ඉන්න අයට මා ගැන වැරදියට හිතෙන විදිහෙ දේවල් කරන්න එපා කිවා.
ඇත්තටම එදා මම වැරදි හිතකින් කිසිම දෙයක් කලේ නැහැ. එදා මම තේරුම් ගත්තා අපි දෙයක් කොයිතරම් හොද හිතින් කලත් වෙන කෙනෙක් ඒදේ වැරදි විදිහට දකින්න පුළුවන් කියලා. එදාට පස්සෙ මම රජිත අයියාව තියා වෙන මගෙ හොදම යාළුවෙක් එක්කවත් තනියම කතා කරකර හිටියෙ නැහැ.
ඒවුණත් අදටත් මගෙ මහත්තයාට මගෙ වැරුද්දක් අල්ලගන්න ඕනෙ වුනාම මතක් කරන්නෙ ඔය සිදුවීමමයි. ගොඩක් දුකයි මගෙ නොදැනුවත් කමට වුනදේ නිසා සමහර අවස්ථාවල ගොඩක් හිත රිදවා ගන්න වෙනවා.
අද කතාව ලියලා තියනවා කිසිම ගැලපිමක් නැහැ කියලා හිතෙයි ඔයාලාට. ඇත්තටම හිතේ නිදහසෙන් නෙවේ මේක ලියුවෙ. ඒකට ඔයාලා හැමෝම මට සමාවෙන්න.