“බට්ටිච්චි..... බට්ටිච්චි.... ඔය කොහෙද පුතේ” අම්මා එහෙම අසාගෙන තිනෙත්මාගේ කාමරයට පමිණියාය.
තිනෙත්මා ඇගේ ඇදට ඇද රෙද්ද එලා දෑසේ කදුලු පුරවාගෙන ඒ දෙස බලාගෙන සිටියාය. අම්මා ලගට එනතුරුවත් ඇය නොදත්තාය. අම්මා බට්ටිච්චි ලගටම ඇවිදින් ඇගේ හිස අතගාමින් ඇගේ මුහුණ දෙස බැලුවාය. කදුලින් පිරි දෙනෙත් දැක අම්මාගේත් ඇස් වලට කදුලු පිරුණි.
“ඇයි පුතේ මේ ඇයි කදුලු පුරොගෙන ඇදරෙද්ද දිහා බලාගෙන මොනාද හිතන්නේ?”
“නැහැ අම්මා මට සකුණව මතක් උනා මේ ඇද රෙද්ද දකිද්දි” ඉකිබිදිමින් ඇය මවට තුරුල් වුනාය.
“අඩන්න එපා මගේ පුතේ කවද හරි දවසක සකුණ අයෙමත් ඔයා ලගට එවි.. දැන් නාඩා ඉන්න මගෙ හොද බට්ටිච්චිනේ....” අම්මා බට්ටිච්චි නලවන්න හැදුවත් තමන්ට පුතෙක්වගෙ වුන සකුණගේ වෙනස් වීම සිහිවී ඇයටත් කදුලක් නැගුනා.
ඇය තිනෙත්මා කාවින්දි සූරියබණ්ඩාර. ඔහු සකුණ නිම්සර හෙට්ටිඅරාච්චි. අද වෙදිදි බිදී නොබිදී තිබෙන ඔවුන්ගේ පෙම් පුවත කියවන්න එන්න ඔබත් එක්වන්න සකුණ මියසි නද සමගින්.
~******~
“බ් ර් ර් ර් ර් බ් ර් ර් ර් ර් බ් ර් ර් ර් ර් ර් බ් ර් ර් ර් ර් ර්”
හලො ...... අම්මා
Good morning බට්ටිච්චී නැගිටින්න. අද lectures යන්නේ නැතිද?
Good morning අම්මා යනව දැන් වෙලාව කියද?
දැන් 5.15 ත් වෙලා පුතේ නැගිටලා ලැස්ති වෙන්න නැතිනම් train එකට යන්න බැරිවෙයි.
හරි අම්ම මම නැගිට්ටා... මම තියන්නම් අම්මා.
බුදුසරණයි බට්ටිච්චි යන්න කලින් කතා කරන්න පුතේ
හා අම්මා බුදුසරණයි.
කියමින් බට්ටිච්චි පුරුදුපරිදි ඉස්සර වගෙම අදෙන් බිමට පනින්නට ගොස් බේරුනේ අනූ නමයෙන්. ඇය නිදගෙන උන්නේ මෙට්ටයක් බිම දාගෙනයි. තිනෙත්මා තවමත් ඇගේ සොහොයුරියගේ නිවසේ නැවතීමට පැමිණ මසක්වත් ගතවී නැත. එබැවින් ඇයට ඇවැසි සියල්ල තවමත් ගෙනැවිත් අවසන් නැත.
(මෙතැන් ඉදලා මම තිනෙත්මාගේ චරිතයට පන දෙන්නම්. නැතහොත් කතාව ඔබට නීරස විය හැකි නිසා)
මම ඉක්මනට නෙට් එක ගැටගසා මෙට්ටය අකුලා පසෙකින් තබා කුස්සිය පැත්තට ගියේ අක්කා ඇහැරලාද කියා සිතමින්.
ආ බට්ටිච්චී ඔයා නැගිට්ටද මම මේ ඔයාට ඇහැරවන්න එන්න හැදුවේ
අම්මා ඇහැරෙවුවා අක්කා.
එහෙනම් තේ හදලා ඉස්සරහා මෙසේ උඩ තියෙනවා බීලා ලැස්තිවෙන්න ඉක්මනට මම පැන්චිට කිරි එක දීලා ඇවිත් කැම ඔතලා දෙන්නම්.
මගේ එකම සොහොයුරිය චම්මි විවාහවී දැන් සිටින්නේ රාගම කුලී නිවසකය. ඇයත් ඇගේ සැමියත් කුඩා දියණියත් එහි පදින්චිව සිටින අතර මා විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ නිසා ඔවුන් සමග නතර වීමට පැමිණියෙමි.
අපේ අම්මා සකුන්තලා සූරියබණ්ඩාරත් අප්පච්චි ප්‍රියන්ත සූරියබණ්ඩාරත් වූ අතර දෙදෙනාම ගුරුවරුන් විය. අක්කාත් මමත් මහනුවර උසස් බාලිකා පාසලෙන් අධ්‍යාපනය හැදෑරුවෙමු. උසස් පෙළ ගණිත විෂය ධාරාවෙන් සමත් උනු මා කොළඹ විශ්ව විද්‍යාලයේ පරිඝණක උපාධිය හැදැරීමට වරම් ලදිමි.
බට්ටිච්චී තාම ඇග සොදනවද දැන් ඇති පරක්කු වෙනවා අක්කා කෑ ගසන්න පටන් ගත්තේ එ නිවේදනය එනතෙක්ම bathroom එකේ සිටිම මා පුන්චි කලෙ සිටම පුරුද්දකි.
මා ඉක්මනින් ඇද පැලද යාමට සූදනම් වුනෙමි. යන්තම් රැග් season එක ඉවර නිසා නිදහසක් දනුනි. මා හතිදාගෙන දිව ගියේ නිවස අසලින් යන බසය මග හැරුනහොත් රාගම station එකටම පයින් යාමට වන නිසායි. හනිකට බස් එකට නැගනෙන අම්මාට පොරොන්දු වු පරිදි ඇමතුවෙමි.
අම්මා, මම යනවා දැන් බස් එකේ ඉන්නෙ.
හා බට්ටිච්චි දුවන්න එහෙම එපා පරක්කු වුනාට හෙමිහිට යන්න හොදද..
හා අම්මා එත් දැනුත් මැරතන් එකක් තිබ්බා.. අම්මා අප්පච්චි කො...
ඉන්නවා මෙන්න කතා කරන්න
අප්පච්චී මම දැන් යනවා
මගෙ බට්ටිච්චි දැන් දග වැද කල හොදටම ඇති හොදට වැඩ ටික කරගන්න හොදේ
හා අප්පච්චී, මම තියන්නම්. බුදුසරණයි.
මගේ පුතාට බුදුසරණයි.
ගැහැණු දරුවන් දෙදෙනෙක් පමණක් සිටි අපේ පවුලේ කොල්ලා වුනේ මම. මා පොඩි කාලේ ඉදන් අප්පච්චි මට ඇන්දුවේ කලිසම් මා ගවුමක් ඇන්දානම් එ බොහොම කලාතුරකින්. පාසල් යන විට පමණක් සුදු ගවුම අන්දෙමි.
මම campus එකට යන විට මගේ යලුවො ඇවිත්. අපේ පාසලෙන්ම පැමිණි කිහිපදෙනෙකු සිටියත් ඔවුන් මා දන්නා කලේ සිටම පොත් ගුල්ලන් පමණක් නිසා මට ඔවුන්ගේ ආශ්‍රය හරි ගියේ නැත. මා වැනිම වූ මිතුරියන් පිරිසක් මට මුන ගැසුනේ මගේ වාසනාවටමයි. ඔවුන් අතරින් ජනී, මේධාවී, සුබාශි, නිලුකා, රන්දිල්, ශානක සහ යුගාන්ත.
මම යනවිට සියල්ලොම canteen එකට රැස්වී සිටියහ.
ආ good morning බට්ටිච්චි ... මොකද අද කුකුල අතින් අරන් සියලුම දෙනා කෑ ගසන්න ගත්තා. මගේ නම කියන්න කරදර නිසා හැමදෙනාම අපේ ගෙදර අය මට කියන නමම කියනවා තැනක් නොතැනක් නැතිව.
මමත් කට්ටියටම සුභ පතමින් ඔවුන් ලගට ගියා. මේ වනවිට අල්ලපු මේසේ උන් කොල්ලො සෙට් එකම කෑ ගහන්න ගත්තා නියමෙට ගැලපෙන නම කියලා.
මම බනින්නට කියා හැරිලා බැලුවිට දැක්කේ කොල්ලො හය හතක්ම මගේ දිහා බලන් ඉන්නවා. මගේ චන්ඩි කම පත්තක දාලා මා යලුවන් ලගට පැමිනියා.
උදැසන ආහාරය ගත් අපි lectures වලට ගියෙමු. මුලු දවසෙම lectures තිබුනා. යන්තම් හො විවෙකයක් ලැබුනේ දවල් කෑමට පමණයි.
එදින බෙහෙවින් කාර්ය බහුලව ගෙවී ගියා.
ප. ලි.
කතාවක් ලියන්න ඔනේ කියලා හැමදාම හිත හිත හිටියත් අද තමා ඒක කරන්න ලැබුනේ. ඔයාලාට සමහර විට මේ කතාව කියවන්න කම්මලි හිතෙයිද මෙලො රහක් නැති කතාවක් කියලා හිතෙයිද දන්නේ නැහැ. එත් මගේ ආසාවට ලියන්නම්. ඔයාලාට කියවන්න බෑම හිතුන දවසට cඔම්මෙන්ට් එකක් දන්න අයෙමත් ලියන්න එපා කියලා ම ඉදන්ම නතර කරන්නම්...
සිතක නිදහස් සටහන්
2012/02/08
2012/02/06
පෙම.....
නිකැළැල් හදින් නුඹට
පෙම් බැන්දද මා
පිවිතුරු සිතින් නුඹව
පැතුවද මා
එකම් සිතුවිල්ලෙක් නුඹ
ගැන සිතුවද මා
අනොරා වැසි මුකුළු කරමින්
ඇද හැළුනි හිසමතට ඉදින්
කදුළු තුෂර පවුරේ මා
හුදෙකලාව ඉකිබිදින්නද.......
ප. ලි.
අවංකව ආදරය කරන කෙනෙක්ට ඒ වගෙම අවංකව ආදරය කරන අය හමුවෙනවා වගෙම අවංකව ආදරය කරන සමහර අයට බොරු ආදරයක් ලැබෙන අවස්ථා බොහොමයක් තියෙනවා.
මම අහලා තියෙනවා අපි ගොඩක් ආදරය කරන කෙනා අපිට ආදරය කරන්නේ නැහැ එයා ආදරය කරන්නේ තවත් කෙනෙක්ට, එත් අපිට ආදරය කරන කෙනෙකුත් ඉන්නවා. එත් අපි එයාට ආදරය කරන්නේ නැහැ කියලා. එ වගෙම තමා අපි ආදරය කරන කෙනා ආදරය කරන අනිත් කෙනත් එයාට ආදරේ නැහැ එයා ආදරේ වෙනම කෙනෙක්ට.....
මේක ආදරයේ සරල සත්‍යක්. ඒ වගේම තමා තවත් දෙයක් සමහර අය හිතනවා කෙනෙක්ට ආදරය කරමින් ඉද්දි හමුවෙන වෙනත් කෙනෙක් අරයට වඩා මෙයා මට ආදරේ කියලා. හරියට අර කතාවට කියනවා වගේ ඉස්සෙල්ලා ආපු කනට වඩා පස්සේ ආපු අග ලොකු කරගන්නවා. ඉන්පස්සේ අර අවංක ආදරේට පයින් ගහලා අලුත් කෙනාට ලං වෙනවා. එත් ඇත්තටම කලින් කෙනා ඊටවඩා ආදරෙයි කියලා තේරෙද්දි ගොඩක් පරක්කු වෙලා. ඒ සැබෑ ආදරේ අත පොවන මානයකවත් නැහැ.
අපි අතරේ ඉන්න බොහොදෙනා මේ ගොන්කම කරගන්නවා. සමහර අමාරුකාල වලදි ආදරවන්තයින් අතරට එන ප්‍රශ්න නිසා ඒවාට විසදුම් හොයන්න වෙන අය ජීවිතේට ලං කරගන්නවා. එහෙම ලං කරගන්න අය නිසා තමන්ට අවංකව ආදරය කරන කෙනා මොනතරම් දුකට පත්වෙනවද. මොහොතක් සිතන්න ජීවිතේ අමාරු අවස්ථාවන් වලට දෙදෙනා එක්ව මුහුණ දෙනවා හැර වෙනත් අයව ඔබේ ජීවිතේට ලං කරගන්න එපා. නිවැරදි කරන්න බැරි වැරදි සිදු කරගෙන දුක් වෙන්න එපා.

2012/02/01
ගුරුවරු, ළමුන්, අධ්‍යාපනය සහ අපේ රටේ අනාගතය (ඉතිරි කොටස)
කලින් පොස්ට් එකේ මට වුන සිදුවීමක් ගොඩක් දිගට ලියවුන නිසා බොහොම සරළ කතාවක් පොස්ට් දෙකකින් ලියන්න සිදුවීම ගැන සමාව ඉල්ලනවා මුලින්ම. ගුරුවරු ගැන බොහොම කෙටියෙන් ඉක්මනින් ඉතිරි විස්තරෙත් ලියලා ඉවර කරන්නම්.
ගුරුවරු කියන්නේ ළමයින්ට හොද නරක කියා දෙන අය. ගොඩක් අවස්ථාවල ගෙදරදි දෙමව්පියන් කියන දෙවල් වලට වඩා ළමුන් පාසලේ ගුරුවරු කියන් දේ අහනවා. මෙ නිසා ගුරුවරු විය යුත්තේ ළමුන්ට හොද නරක කියා දිය හැකි අය. ඔබට තර්ක කරන්න පුලුවන් ගුරුවරු කියන්නෙත් මිනිස්සු එයාලාගෙත් වැරදි අඩුපාඩු තියෙනවා කියලා. මම නැහැ කියන්නේ නැහැ. ඒ වුනත් ගොඩක් හොදට පෙනෙන වැරැද්දක් කර කර එය වෙන කෙනෙක්ට පටවනවා නම් කවුරු වුනත් එයා වැරදියි.
මේ සිදුවීම ගැන මා පෞද්ගලිකවම දන්නවා. හේතුව මෙ සිදුවීම වෙන්නේ මගෙ හොදම යෙහෙලියට. ඇගේ පෙම්වතා සමග අනියම් සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබෙනවා ඔහුට වඩා අවුරුදු 7ක් වැඩිමල් ගැහැණු ළමයෙක්. (වයස 34 පමණ ) මෙවන් සම්බන්දයක් කවුරු ඇති කරගත්තත් එය වැරදියි. මේ ගැහැණු ළමයා ගුරුවරියක්. මෙහි වැරැද්ද දැන දැනත් ඇය ඒ සම්බන්දය තවදුරටත් ගෙන යමින් තිබෙනවා. මෙයින් මගෙ මිතුරිය දැඩි ලෙස කම්පාවට පත් වෙලා ඉන්නේ. හෙතුව මේ ගුරුවරිය මගෙ මිතුරියට කතා කොට අසැබි වදන් වලින් බැන වදිනවා.
එපමණක් නොව හරිම කැත විදිහට කතා කරලා SMS පණිවිඩ එවනවා. එ කියන දේවල් දැක්කාම ගැණු ළමයෙක්ට මේ වගෙ කතා කියන්න පුලුවන්ද කියලා හිතෙනවා. මාත් ගොඩක් උත්සාහ කරලා තෙරුම් ගත්තේ. කොහොම වුනත් ගුරුවරියක වන ඇය වැරදි දෙයක් කර කර කිසිම වරදක් නැති කෙනෙක්ට අන්ත ජරා විදිහට නින්දා කරනවා. ඔයාලාට හිතෙයි මේ පිරිමි ලමයාට බැරිද මෙක නතර කරන්න කියාලා. එයා මුලින් පටන් ගත්ත සෙල්ලම දැන් ලෙල්ලම වෙලා. මගේ මිතුරියගෙන් දැනගත් පරිදි ඔහු ඇය සමග කතාබහ කරන එක නතර කල විට අර ගුරුවරිය මගේ මිතුරියට බනින එක වැඩිවන අතර ඇය හදුනන පොලිසියේ අය ලවාද මහ රෑ 12ට 1ට විතර කොල් කරවනවා. ඇය අදුරන හැම පිරිමි ලමයෙක්ටම මගේ මිතුරියගෙ නොම්මරේ දීලා තිබෙනවා. ගුරුවරියක් මෙවන් දෙවල් කරන්නේ කෙසේද කියා මට සිතාගත නොහැක. මට ඇය එවන SMS මෙහි පල කිරීමට නොහැකි නිසා සම්පූර්ණ සත්‍ය පැවසීමට නොහැක නිසා කණගාටු වෙනවා. මගේ මිතුරිය ඇය එවන සියලුම SMS මටත් අනිත් අතට එවනවා.
මේ තරම් පහත් විදිහට කතා කරන ගුරුවරියක් පාසලේ ළමුන්ට කතා කරන්නේ කෙසේද කියා මට සිතා ගැනීමට නොහැක. ඇගේ පන්තියක සිටින සිසුවියකට පෙම්වතෙක් හො ඇයගෙන් බහ ඉල්ලා පැමිණෙන තරුණයෙක් ගැන තම ගුරුවරියට පැවසුවහොත් ඇය කුමන ආකාරයේ දෙයක් සිසුවියට පවසාවිද යන්න මට සිතීමට පවා අපහසුයි. මෙයට හෙතුව ඇය මගේ මිතුරියට පවසා ඇති දෙයයි. මගේ මිතුරිය අම්මාගේ ඇස් දෙකෙන් ඇත් වුනානම් එ බොහොම කලාතුරකින් එ වගෙමයි ඇය බොහොම හොදින් හොද නරක හරි වැරැද්ද තෙරුම් ගත්ත කෙනෙක්. එවන් කෙනෙක් වූ ඇයට ඇගේ පෙම්වතා සමග දුර දිග ගිය සම්බන්දයක් තිබුන බවත් මගේ මිතුරියට වෙනකෙකු හා විවාහ වීමට නොහැකි නිසා ඇයට කරදරයක් වෙමින් සිටින බවත් පවසා ඇත.
ඇය මෙ කියන කතා සියල්ල අසත්‍ය බව මා දන්නවා. හේතුව මගේ මිතුරිය මෙ වන තුරු මට කිසිම දෙයක් නොකියා ඉදලා නැහැ. ඇයට මෙවන් ප්‍රශ්ණයක් තිබෙනවානම් මුලින්ම පවසන්නේ මා සමග. මේ ආකාරයට තමන්ගේ වැරැද්ද වහාගන්න කිව හැකි හැම දේම කියන අයට ගුරුවරුන්ට මෙන් ගෞරව කරන්නේ කෙසේද. දෙමවුපියන් බලාපොරොත්තු වෙන්නේ ගුරුවරයා පොත පතේ දැනුම පමණක් නොව ගුණ ධර්ම උගන්වාවි යන්නයි. නමුත් මෙවන් ගුරුවරුන්ගෙන් දරුවන්ට ගත හැක්කේ මොනවාද?
මෙවන් ගුරුවරුන් සිටිද්දි අපේ රටේ මතු පරපුරේ අධ්‍යාපනය ගැන කුමන කතාද?
අවසාන වශයෙන් මා මෙයත් කියන්නම්, මා ඉහත කී ගුරුවරියම පාසල් වෙලාව තුලදි පෙම් කරමින් දුරකතනයේ පැය ගනන් ගත කරනවා. අසරණ දරුවන් පාසලට පැමිණෙන්නේ ඇයගෙ උකුලු මුකුලු බල සිටිමට නොව අධ්‍යාපනය ලබා ගැනීමටයි.
මේ ක්‍රමයේ වැරැද්ද කොතනද? මට නම් තෙරෙන්නේ නැහැ ඇයි අද ගුරුවරු මේ වගෙ කියලා. මම පාසල් ගිය කාලය තුල මට මෙවන් ගුරුවරු හමුවී නැහැ. සියලුම ගුරුවරු ලමයින්ට ආදර්ශයක් වුනා. නමුත් අද??
අදත් අප අතරේ සිටින දෙවිවරු වන් ගුරුවරු මේ පොස්ට් එක මේ විදිහට ලිවට සමාවෙන්න ඔනේ. මේ වගෙ අය එක්කෙනෙක් දෙන්නෙක් අතරින් පතර ඉන්න්වා තමා. ඒ අතරෙම අපිට ගෞරවයෙන් කතා කරන්න පුලුවන් ගුරුවරුත් ඉන්නවා කියලා අමතක කරන්න එපා.

2012/01/29
ගුරුවරු , ළමුන් , අධ්‍යාපනය සහ අපේ රටේ අනාගතය...
මේ ගැන ලියන්න හිතිලා ගොඩක් කල් වුනත් නොයෙක් හේතු නිසා කල් දැම්මා. එත් අදනම් ලියන්නම ඔනෙ කියලා හිතුනා. අතඇරලා දාලා තිබුන අදහස නැවත් ආවේ පහුගිය දවසක බස් එකේ යද්දි සිරස නාලිකාවෙන් අහුන සිදුවීමක් නිසා.
මුලින්ම ගුරුවරු ගැන කතා කරන්න කලින් මම කියන්නම් මගෙ දෙමව්පියනුත් ගුරුවරු. එත් මේ කියන්න යන විදිහේ ගුරුවරු මා පාසල් යන කලයේදි මට මුණගැහිලාම නැහැ. අද කාලයේ ගුරුවරුන්ගේ මේ තත්වයට හේතුව මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ. ඔයාලාත් මේ ගැන ටිකක් හිතලා බලන්න.
මුලින්ම පටන් ගන්නම් මම සිරස රේඩියොවෙ අහපු සිදුවීම. එක්තරා පාසලක ගුරුවරයෙක් සිසුවියකට සැහැසි ලෙස පහරදීමක්. මේ ගුරුතුමා පාඩම ආරම්භ කරන විට සිසුවිය මාතෘකාව ලියමින් ඉදලා තියෙනවා. ගුරුවරයා පාඩමට සවන් දෙන ලෙස සිසුවියට පවසා සිටියත් ඇය කරමින් සිටි වැඩය අහවර කරමින් සිට තිබෙනවා. මෙයට කොපවු ගුරුවරයා සිසුවියට පන්තියෙන් ඉවතට යන්නට අණකර තිබෙනවා. එය පවසා ඇත්තේත් සභ්‍යවචනයෙන් නොවේ. සිසුවිය ඉවත යාමට නැගී සිටින විට ඩෙස්කය ඉදිරියට තල්ලුවී තිබෙනවා. ඇය ගුරුතුමා සමග තරහින් එය සිදුකලා යැයි සිතූ ගුරුතුමා සිසුවියගේ කම්මුල දෙපැත්තට ගසා අනතුරුව කොන්ද නමා වැලමිටෙන් කොන්දට ගසා ඇත. රොගී දැරිවියක වූ ඇය එතනම සිහිසුන්ව ඇත.
මෙම අමානුෂික පහර දීම නිසා අපේ රටේ වර්තමාන ගුරුවරුන් ගැන ලියන්න මට හිතුනේ.
මුලින්ම මම පටන් ගන්නම් මම උසස් පෙළ හදාරලා විශ්ව විද්‍යාලයේ මට අවශ්‍ය පාඨමාලාව හැදැරීමට Z ලකුණු මදි බව හැගුණු නිසා ඒ දිනවල මම ආසා කල වෘත්තියක් වුණ ගුරු වෘත්තියට ඇතුලත් වීමට ගුරු විද්‍යාල වලට බදවා ගැනීම සදහා වුන විභාගයට පෙනී සිටියා. මම තොරාගත්ත විශය වුනේ ඉංග්‍රීසි භාෂාව. විභාගයෙන් පසු අපේ ලකුණු පොල්ගොල්ල විද්‍යාපීඨයට ලැබී තිබුණා. අපේ පුංචිගේ දුවත් මා සමගම විභාගයට පෙනී සිටියා. අපි අයදුම් කරන දවස් වල ඇය අපේ ගෙදර නැවතිලා පන්තියකට සහභාගී වුන නිසා මම ඇයටත් අයදුම්පතක් පුරවා විභාගයට සහභාගී වන ලෙස පැවසුවෙමි. ඇය පාසල් ගියේ දඔූල්ල ප්‍රදේශයේ පාසලකට. උසස් පෙලින් පසු ඉංග්‍රීසි පන්තියකට නුවර අපේ ගෙදර නැවතී සහභාගී වුනා.
ඔය අතරෙ තමා විභාගය තිබුණේ සහ ප්‍රතිඵල ආවේ. මම අම්මාත් එක්ක ගිහින් මගේ ලකුණු සහ අක්කාගේ (පුංචිගේ දුවගේ) ලකුණු බලාගෙන ආවා. මට තිබුණා ලකුණු 56. අක්කාට තිබුණේ 28. මගේ ලකුණු මට්ටම අනුව මහනුවර දිස්ත්‍රික්කයෙන් ඇතුලත් වීමට ප්‍රමාණවත් බව වැටහුණා. නමුත් කඩඉම් ලකුණු ප්‍රකාශ කරන්නේ පසුදින බව පීඨාධිපතිතුමා පැවසු නිසා එතෙක් අපි බලා සිටියා. නමුත් පසුදින ලැබුණු නරකම ආරංචියනම් කඩඉම් ලකුණ 58 බවයි. මගේ අවස්ථාව ගිලිහී ගියා.
නමුත් කතාව එතනින් නැවතුනේ නැහැ. අපේ අම්මාත් ගුරුවරියක් නිසා එ පිලිබදව තවදුරටත් හොයා බැලුවා. බාප්පා එයාගේ දේශපාලන මිතුරෙක්ගේ සහයොගයෙන් අක්කාව විද්‍යාපීඨයට ඇතුලත් කරගෙන තිබුනා. එයා දුෂ්කර දිස්ත්‍රික්කයක ඉගෙනීම ලැබූ නිසා ලකුණු ප්‍රමාණය අඩුවීම ඒතරම් බලපැමක් වුනේ නැහැ.
ඒත් මගේ අක්කා කෙනෙක් වුනත් මම කියන්න ඔනේ අක්කාට තවත් කෙනෙක්ට උගන්වන්න පුලුවන් ඉංග්‍රිසි දැනීමක් තිබුනේ නැහැ. ඉතින් මට හිතගන්න බැහැ එයා කොහොම ලමයින්ට උගන්නනවාද කියලා. මීටත් වඩා කණගාටුම කාරණය තමා ත්‍රිකුණාමලය පැත්තෙන් ගත්ත සිසුන්ගේ ලකුණු මට්ටම 15 පමණ. ඔබට හිතාගන්න පුලුවන්ද මෙවන් ලකුණු මට්ටමක් ලබාගත් කෙනෙක් ලමයෙකුට උගන්වන්නේ කෙසේද කියලා. විද්‍යාපීඨය ඇතුලට ගියවිට ඔවුන්ට අධ්‍යාපනය ලැබෙනවා එවිට ඔවුන්ට ඉගැන්වීමේ හැකියාව ඇතිවෙනවා කියලා තර්ක කරන්න ඔබට පුලුවනි. නමුත් අවුරුදු දෙකක් තුලදී මහා ලොකු වෙනසක් කරන්න පුලුවන් වේවිද කියන එක හිතලා බලන්න ඔනේ. අපි අවුරුදු 13ක් ඉග්‍රිසි ඉගෙන ගෙනත් එවගේ ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නවා නම් අවුරුදු දෙකක කාලය තුල කුමන කතාවක්ද?
මේක ගුරුවරු ගැන එක කතාවක් විතරයි. තවත් ගුරුවරු ගැන කතා තියෙනවා. අද පොස්ට් එක දිග වැඩ් වුන නිසා අනිත් දවසේ ඉතිරි කතා ටික කියන්නම්....
මේ සම්බන්ධයෙන් මා හිතන විදිහ වැරදියි කියලා හිතනවා නම් ඒ ගැන කියන්න. ඇත්තම කියනවානම් මම වර්තමාන ගුරුවරු කෙරෙහි දැඩි කලකිරීමක් තියෙන්නේ. හේතුව මේ පෞද්ගලික ප්‍රශ්ණය කියලා ඔයාලාට අර්ථකතනය කරන්න පුලුවනි. නමුත් ඔයාලාට පුලුවනිද ලමයෙකුට හොද අධ්‍යාපනයක් දෙන්න පාසලට යවලා පමණක්ම....
යම් කෙනෙක්ගේ සිත රිදුනානම් සමාවෙන්න... මීට වඩා වෙනස් ආකාරයේ ගුරුවරු අදටත් ඉන්නවා. මේක පොඩි සිදුවීමක් පමණයි.

2012/01/09
බස් එක ගිනි ගන්නවො...........
මේ සිදුවීම වුනේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් 20 හරියටම අගහරුවාදා. මම සාමාන්‍යයෙන් ගෙදර යන්නේ සිකුරාදා හවස.ඒත් එදා හදිස්සියේ යන්න වුනේ බදාදා ගමනක් යන්න තිබුන නිසා. ඉතින් වැල් වටාරම් නොකියා විස්තරේ කියන්නම්කො...
එදත් වෙනදා වගෙම මම මහනුවර A/C එදත් වෙනදා වගෙම මම මහනුවර බස් එකකට නැගලා ටිකක් ඉස්සරහාට වෙන්න ඉදගත්තා. වෙනදානම් ඉතින් jumpping පිහිට වුනත් එදා සෙනග අඩු නිසා එහෙම අවුලක් වුනෙත් නැහැ. මම හොදට ඉදගෙන බස් එක පිටත් වෙද්දිම වගේ සුපුරුදු නින්දට වැටුණා. එත් ටෙක්නිකල් හන්දියෙදි බස් එක පාර මැද නතර කරලා කොන්දොස්තර අයියා එලියෙන ගිහින් පිටිපස්සේ මොනවාදො කරලා ආවා. බස් එකත් කිසිම කරදරයක් නැතිව යන්න ගත්තා. මාත් හොදට නිදාගත්තා.
ගොඩක් දුර ඇවිත් මාත් හොදටම නිදියලා. මට හීනෙන් වගෙ පිටිපස්සේ ඇන්ටි කෙනෙක් කෑගහනවා ඇහෙනවා බස් එක පිටිපස්සෙන් දුමක් එනවා කියලා. මම හිතුවා මේ හීනයක් වෙන්න ඇති කියලා. ඒත් කොකටත් කියලා මාත් හීනෙන් වගේ ටිකක් ඇස් ඇරලා. බලද්දි ඇත්තටම බස් එක දුමින් පිරිලා. මමනම් හිතුවෙ බස් එකේ A/C එකේ ප්‍රශ්නයක් කියලා.
කොන්දොස්තර අයියත් කියනවා ජනෙල් ටිකක් ඇරගෙන ගියම හරියයි කියලා. එහෙම කියගෙන ජනෙල් අරගෙන තව ටිකක් දුර සැහෙන වේගෙකින් යනවා. දැන් ආයෙමත් තත්වය යහපත් නිසා මම ආයෙමත් සුපුරුදු නින්දට වැටුනා. එත් ගොඩක් දුර යන්න හම්බ වුනේ නැහැ පිටිපස්සේ හිටපු ඇන්ටි කෑගහන්න ගත්තා බස් එක ගිනි ගන්නවො නවත්තන්න කියන්න කියලා. යන්තම් බස් එක නතර කරන්න වේගෙ අඩුකලා. එත් එක්කම පිටිපස්සෙන් ආපු බයිසිකලයකුත් ඉක්මනට ඉස්සරහාට ඇවිත් ඩ්‍රයිවර් අන්කල්ට කියනවා බස් එකේ පස්ස ගිනි ගන්නවා කියලා. ඔන්න එතකොට තමා ඩ්‍රයිවර් අන්කල් බස් එක නතර කලේ.
බස් එක නතර කලා විතරයි කට්ටිය පෙරලගෙන බහින්න හදනවා. අර කලින් ඉදන් කෑගහපු ඇන්ටි ශේට් උඩින් පැනලා ගිහින් බැහැලා ඉවරයි. මම ඉදගෙන හිටියෙ ඉස්සරහා ඉඩන් තුන්වෙනි ශේට් එකෙ වුනත් මට බහින්න බයයි කට්ටිය කලබලෙට මාව පෙරලගෙන යයි කියලා. මම ඉතින් වෙන දෙයක් වෙන්න කියලා හිතලා පිටිපස්ස බැලුවා. මහා ලොකු ගින්නක් නැහැ තැලිලා තුවාල කරගන්නේ නැතිව හිමිට බහිනවා කියලා හිතලා ඉදන් හිටපු තැන හිටගෙන හිටියා. එ ඉතින් මම කරපු දෙනෙ.
මට එහා පැත්තේ හිටිය අන්කලුත් බය වෙලා පුලුවන් තරම් ජනේලය ඇරියා එතනින් පනින්න. එත් එයාට එතනින් එලිය බැලුවම බය හිතිලා සද්දනැතිව හිමිට බහිමු නෙද කියලා මට කියනවා. මාත් ඉතින් හිනාවුනා. හොදම වැඩේ කියන්නේ බස් එක නතර කරලා තියෙන්නේ ලොකු කනුවකට කිට්ටුව. කානුවට එහා වෙල. එ පැත්තෙන් පැන්නොත් ඉතින් මඩෙ තමා. අනිත් පැත්ත පාරනේ ඒ පැත්තට කලබල වෙලා පැන්නොත් ගින්නට වඩා හපන්නේ.
කොහොම වුනත් කට්ටියගේ කලබලේට එහා පැත්තේ මොකක්ද තියෙන්නේ කියලා බැලුවෙ නැහැ පැන්නා කට්ටිය ජනෙලෙන් එලියට. වෙලටයි කානුවටයි වැටුන කොල්ලොනම් ලජ්ජාවට අමාරුවෙන් ගොඩ ආවා සද්ද නැතිව. එත් දොරෙන් බහින්න ගිහින් කට්ටියගෙ තල්ලු කිරිල්ල නිසාම කානුවට වැටුන ඇන්ටි කෙනෙක් කෑගහනවා "අනේ මාව බෙරගන්න... බුදු අම්මො මාව බෙරගන්න...." කියලා. ප්‍රශ්නෙ කියන්නේ එතන කරුවලයි ඇන්ටිත් සද්දන්ත කෙනෙක්. එත කට්ටිය කොහොම හරි අර ඇන්ටිව කානුවෙන් ගොඩ ගත්තා.
මමත් කට්ටිය ඔක්කොම වගේ බැහැලා ඉවර වුනාම හිමින් බැස්සා. කොහොම හරි වට පිටේ තිබුන ගෙවල් වල සහයොගයෙන් වතුර දාලා ගින්න නිවුවා. අපි එතනින් වෙන බස් එකක නැගලා ගෙදර ගියා.
එදානම් ටිකක් බය වුනා. මැරෙන්න නෙවේ රැවෙලා තනියෙන් මගක මොකද කරන්නේ කියලා. එත් මටනම් එතන හිටිය ඇන්ටිලා කලබල වෙලා කරන විකාර දැකලා හිනාව නතර කරගන්නත් බැහැ.
එත් ඉතින් හරි පුදුමයි පහුගිය අවුරුදු ගානක්ම ඒවගේ හදිස්සි අවස්තාවන් වලට මුහුණ දෙන විදිහ අපි ඉගෙන ගෙන තිබුනානෙ. එ වුනත් කට්ටිය කලබලෙ නිසා නිකන් තුවාල කරගත්තා. මෙක මතක් වෙද්දි හිනා ගියත් ඉගෙන ගන්න දෙයක් තියනවා. කරදර අවස්තාවක කලබල වෙලා කිසිදෙයක් කරගන්න බැහැ කියන එක.
ඇත්තටම ඒ වෙලා තියෙන්නේ A/C එකට පොවෙර් දෙන්න පිටිපස්සේ වයර් දෙකක් එකට ගැටගහලා තියෙනවා එක ස්පාර්ක් වෙලා ගිනි අරගෙන.
ගොඩක් දවසකින් ලියන්න ගත්තෙ. අඩුපාඩු තිබුනොත් සමාවෙන්න හොදේ

2011/10/09
ජීවිතයට උපදෙස්......
මට ගොඩක් දවසකට කලින් ලැබුණු email එකක තිබුණු වටින සිතුවිලි ටිකක් ඔයාලා එක්ක බෙදා ගන්න සිතුනා.
1. කෙනෙකු අපේක්ෂා කරන තරමට වැඩි දෙයක් ඔහුට ලබා දෙන්න. එය කළ යුත්තේ සතුටින්මයි.
2. ඔබේ ප්‍රියතම කවිය කටපාඩම් කර ගන්න.
3. ඔබට ඇසෙන හැමදේම විශ්වාස නොකරන්න. ඔබේ අතේ ඇති හැම සතයක්ම වියදම් නොකරන්න. ඔනැවට වඩා නිදා නොගන්න.
4. "මං ඔයාට ආදරෙයි ..." කියද්දි හදවතින්ම කියන්න.
5. කිසිවකුගෙන් සමාව ඉල්ලද්දි කෙලින්ම ඔහුගේ දැස දෙස බලන්න.
6. විවාහ ගිවිස ගත යුත්තේ විවාහයට මාස හයකටවත් පෙර බව මතක තබ ගන්න.
7. දුටු සැනින් ඇතිවන ආදරය පිළිබදව විශ්වාස කරන්න.
8. අනෙක් අයගේ සිහින වලට සිනා නොවන්න. සිහින නැති මිනිසුන් තුල බොහො අඩුපාඩු තිබෙනවා.
9. හදවත පත්ලෙන්ම අනුරාගී ලෙස ආදරය කරන්න. ඇතැම් විට ඔබට වේදනාව හිමිවිය හැකියි. එහෙත් ජීවිතය සම්පුර්ණ කර ගැනීමට ඇති එකම මග එයයි.
10. යමකට එකග නොවන විටදි සාධාරණ ලෙස ගැටෙන්න. එහෙත් කැත වචන කීමෙන් වලකින්න.
11. ඔවුන්ගේ නැයන්ගේ මිම්මෙන් මිනිසුන් නොමනින්න.
12. ඉක්මනින් සිතන්න. හෙමින් කතා කරන්න.
13. ඔබ පිලිතුරු දෙන්නට ඇකමැති ප්‍රශ්ණයක් කිසිවකු විසින් අසනු ලැබු කල සිනාවක් පා "ඇයි ඔයාට එක දැන ගන්න ඔනෙ...?" යනුවෙන් අසන්න.
14. මහා ලොකු ආදරය, මහා ලොකු බලාපොරොත්තු සමග ලොකු අවදානමක්ද පවතින බව මතක තබා ගන්න.
15. ඔබේ මව සමග නිරතුරුවම අදහස් හුවමාරු කරගන්න.
16. ඔබ පරජය වුවත්, ඉන් ලැබෙන පාඩම ජයග්‍රහණයක් බව සිතන්න.
17. ඔබටම ගෞරව කර ගන්න. අනෙක් අයට ගෞරව කරන්න. වගකීමෙන් යුතුව හැම ක්‍රියාවකම නිරත වන්න.
18. නරක කීරීම තුළින් මිතුරන් අහිමි කර නොගන්න.
19. වැරැද්දක් සිදුවු බව වැටහුණු විට වහාම එය නිවැරදි කරන්නට පියවර ගන්න.
20. දුරකතන ඇමතුමකට පිළිතුරු දෙන විට සිනාමුසු වන්න. අමතන්නාට එය හොදින් දැනේවි.
21. විවාහ විය යුත්තේ කතාබහ කිරීමට කැමැත්ත දක්වන අයකු සමගයි. මහලු වයසට පත්වෙදි අනෙක් හැම හැකියාවකටම වඩා වටින්නේ එය බව මතක තබා ගන්න.
22. හොද අවන්ක ජීවිතයක් ගත කරන්න. ඔබ වයසට ගිය විට ආපසු හැරී බලා සතුටු වන්නට හැකිවේවි.
23. ඔබේ ආදරණීය පුද්ගලයින් සමග ඇතිවන බහින්බස්වීම් වලදී අතීත සිදුවීම් හො වැරදි සිහිපත් නොකරන්න.
24. යම් අවස්තාවකදී ඔබට වුවමනා දෙයක් නොලැබුණහොත් එය වාසනාවක් වීමටද ඉඩ ඇති බව මතක තබා ගන්න.
25. එකිනෙකා වුවමනා කරන දෙදෙනෙකුට වඩා එකිනෙකාට ආදරය කරන දෙදෙනෙකු අතර ඇති සම්බන්ධය බලවත් බව මතක තබා ගන්න.

2011/09/26
තරග විභාග සම්මුඛ පරීක්ෂණ සහ අපි
මෙ කියන්න යන දේවල් ජොබ් එකක් හොයන ඔයලාටත් වෙලා ඇති ජොබ් කරන අයට ජොබ් එකක් හොයන කලෙ මේවගේ සිදුවීම් වලට මුණ දෙන්න වෙන්න ඇති. මේ මට සහ මගෙ යලුවන්ට වුන දේවල් ටිකක් තමා කියන්න යන්නේ.
අපි ගොඩක් අය try කරන්නේ රජයේ රැකියාවකට යන්නනේ. ඔකේ ඉතින් වාසි දන්න අය දන්නවනෙ. විශේෂයෙන්ම ගැණු ළමයි තමා වැඩිපුර ඔයවගේ දේවල් වලට try කරන්නෙ. ඇත්තම කියන්න පහුගිය දවස්වල මටත් ඔය ලෙඩේ තිබුනා. දැන් එක අඩු කරගත්තා රට යන විදිහ දැක්කම.
ගිය අවුරුද්දෙ අන්තිම මේ අවුරුද්දෙ මුල ලොකු බැංකු දෙකකටම exam තියල interview තිබුනනෙ. බැංකු දෙකේ නම් කියන්න ඔනේ නැනෙ. ඉතින් කොහොම හරි අපේ අම්මගෙ වදේටම වගෙ මාත් application දාලා exam එකත් කලා. ඒක බැංකුවකනම් exam එකෙ general knowledge කියල අහල තිබුන දේවල් දන්නෙත් නැ. එකෙනම් exam ඉවරවෙල ගෙදර එද්දිම හිත හදගෙන ආවා වැඩක් වෙන එකක් නැ කියලා. දුකම හිතුනෙ එදාම අපෙ ඉන්ස්ටෘcටොර් ට්රිදප් එක ගියා. මට එකට යන්න බැරි වුන එකයි දුක. ඊට ටික දවසකට පස්සෙ අනිත් බැංකුවෙත් exam තිබුනා. එකෙනම් තිබුනෙ පලවෙනියෙන් තියන English exam පාස් වුනොත් විතරක් දෙවෙනි exam එකට admission දෙන්නෙ කියලා. ඔන්න ඉතින් මමත් ගියා exam එකට. කොටින්ම කියනවනම් මහත්තයත් එක්කත් තරහා වෙලා ගියෙ ඉස්කොලෙට යන්න පාර හොයා ගන්න බැරි වෙලා. ඒකනම් එ තරම් අමරු වුනෙ නැ ලියලා අවා. ටික දවසකින් මෙන්න ගෙදරින් call එකක් එනවා අර exam එක පාස් අහවල් දවසෙ අනිත් exam එක තියනවා. මට ඉතින් අරකට හොදට ලියපු ගොන් කම කියලත් නොහිතුනා නෙවෙ.
එත් ඉතින් ගිහින් exam ලිවුවා. එ වෙද්දි නම් එ ගැන බලපොරොත්තුවක් තිබුනෙ නැහැ. ඒත් මෙන්න ටික දවසකින් අයෙමත් call එකක් එනවා අහවල් දවසේ අහවල් බැංකුවෙ interview කියලා. අනේ ඉතින් එතකොටනම් ටිකක් විතර සතුටු හිතුනා පෙර පිනක් නිසාවත් ජොබ් එක හම්බ වුනොත් කියලා. කොහොම හරි කියපු දවසෙ interview ගියා.Interview එකෙ වැඩි දෙයක් අහුවෙනැ credit card ගැනයි බැංකුව ගැනයි ඇහුවා. එ අහපු දේවල් වලට හොදින් උත්තරත් දුන්නා. ටිකක් විතර බලාපොරොත්තුවක් තිබුනා. මාස දෙකක්ම බලන් හිටියා එත් කිසිම ආරංචියක් තිබුනෙ නැ. අන්තිමෙදි අම්මා බැංකුවට call කරල අහල තිබුනා. ඉන් ටික දවසකට පස්සේ ආයෙමත් කතා කරල අහද්දි කියල තිබුනා තේරුණ අයට එන්න call කලා කියලා. අම්මාගෙන් නම අහලා තිබුණා තේරිලාද බලන්න. අම්මා විස්තර කිවාම කියලා නැහැ කියලා. කොහොම හරි මගෙ යාලුවො ටික දෙනෙක්ට හම්බ වුනා එයල කිවෙ 220 ගත්ත කියල ඒත් අරලියගහ මන්දිරේදි පත්වීම් දෙද්දි 235 වෙල තිබුනා. ආයෙමත් මේ ලගදි දවසක අරංචි වුනා තවත් කට්ටිය වැඩි වෙලා කියලා. ඔහොමයි මට වුනේ.
ඔය අතරෙදි පෙරේදා teachers ලා ගන්න exam එකක් තිබුනා. ඒකට ඇවිත් හිටියා අපිත් එක්ක එකම batch එකෙ හිටිය අක්කල දෙන්නෙක්. එක්කෙනෙක් ගැන මම හොදට දන්නවා හේතුව එයා යාලුවෙක් වගේම කැපීපෙනෙන විදිහට marks ගත්තා. එයාට අර මම ගියපු බැංකුවෙ නෙවෙ අනිත් එකෙ interview ඇවිත් ගිහින් තිබුනා. එයාගෙ අම්මා වැඩකරල තියෙන්නෙත් එ බැංකුවෙම තම. එත් එයාට ජොබ් එක හම්බ වෙලා නැහැ. ඇත්තම කිවොත් සුදුසුකම් නැහැ කියන්නවත් දක්ශතාවය නැහැ කියන්නවත් පුලුවන් කෙනෙක් නෙවේ එයා.
කොහොම හරි දැන් ඉන්ටෙර්වීව් වලින් බලන සුදුසුකම මොකද්ද් කියලා මටනම් හොදටම තේරිලා තියනවා. එත් එකට මම හරිම විරුද්ධයි. කොහොම වුනත් අපිට මේ අසාධාරණය නවත්වන්න තව අවුරුදු ගානක් යයි. ඒත් පුලුවන් වෙයිද කියන්න ආමාරුයි.
පෙරේදා exam එක ලියන්න ගිහින් ගොඩක් දුක හිතෙන දේවල් ටිකක් අහන්න වුනා වගෙම දැකපු සමහර දෙවල් වලට ගොඩක් දුක හිතුනා. මුලු ලංකාවේ හැම දෙනාටම exam තිබුනෙ කොළඹ. ගොඩක් ඈත පළාත් වලින් පවා ඇවිත් හිටියා. එහෙම ආපු තාත්තෙකුයි දුවෙකුයි දැක්කාම හිත රිදුනා හොදටම. එයාලා ගොඩක් පිටිසර කියලා හිතුවෙ තාත්තා අතේ travelling bag එකක් තිබුනා ඒ තාත්තා කිසිම පිලිවෙලක් නැතිව සරමක් ඇදලා හිටියකෙනෙක්. බැලු ගමන් පෙනෙනව මහ ලොකු පවුලක නෙවේ තරමක් දුප්පත් වගේම ඒ තරම් ඉහලට ඉගෙනගෙන නැහැ කියල. එයාගෙ දුවත් අහිංසක පාටයි. දුවට අමාරුවෙන් උගන්නලා කියලා තේරෙනවා. දුව exam ඉවර වෙලා එනකම් තාත්තා බලන් හිටියා ඉන්පස්සෙ දුවට කන්න කැම එකක් ගෙනත් දුව කලා ඉවර වෙනකම් ලගින් ඉදන් හිටියා. අනේ ඒ දුව ටිකක් කාලා ඉතිරි ටික තාත්තාට දුන්නා කන්න. අනිත් එක පෙරේදා උදේ 9.30 ඉදලා හවස 5 වෙනකන්ම exam තිබුනා එක එක subjects. එ ගැණු ළමයා හවස මම ලියපු subject එකකටත් හිටියා 3.30 ඉවර වෙන. ඒ තරම් දුක් විදලා ඇවිත් ලියලා ජොබ් එක හම්බ වුනේ නැති නම් එ වගෙ අයට හිතට මොන තරම් දුකක් ඇති වෙනවද. අපි නම් නිවඩු දවසේ ඔහේ එහෙට මෙහෙට වැනි වැනි ඉන්න අය කියලා අත් අරින්න පුලුවන්. ඒත් අර තාත්තා එදා වේල හම්බ කරන කෙනෙක් නම් එ දවස...
තවත් හිත රිදුන දසුනක් තමා මාස තුනක් විතර වෙන පුංචි ළමයි දෙන්නෙකුත් එක්ක අම්මලා දෙන්නෙක් exam එකට ඇවිත් තිබුණා. අනේ අර පුංචි එවුන් දාඩියට අපහසුතාවයට අඩනවා. ගෙවල් වලින් දෙන්නෙක් තුන්දෙනෙක් ඇවිත් අර පොඩි බබලාව බලාගන්න. ඔය හැම දෙනාම දුක් විදගෙන exam එකකට එන්නෙ ජොබ් එකක් ඔනෙ නිසානෙ. ඒත් ඔයින් කියෙන් කිදෙනාටද සධාරණ විදිහට ජොබ් එක හම්බ වෙන්නේ. මම එක තීරණයක් ගත්තා මේ දෙවල් දැකලා මම අයේ කවදාවත්මා රජයේ රැකියා වලට application දාන්නෙත් නැහැ exam ලියන්නෙත් නැහැ කියලා.
මම එහෙම කලා කියල මේ යන විදිහ වෙනසක් වෙන්නෙ නැහැ. එත් මගෙ හිත රිදෙන එක හරි අඩු වේවිනෙ. ඔයාලට පුලුවන්නම් මේ දෙවල් වෙනස් කරන්න පුංචි හරි දායකත්වයක් දෙන්න.
අද හිතුවෙනැති විදිහට පොස්ට් එක දිග වුනා එකට සමාවෙන්න.

Subscribe to:
Posts (Atom)