2011/02/02

අතීත මතක සටහනක් .....

අද මම මගේ ආදර කතාව පටන් ගන්න කලින් වුන සිදුවීමක් ලියන්න හිතුවා. වැඩිපුරම මේ කතාව ලියන්න හේතුව වුනේ මගේ ආදර කතාවේ මීලග කතාවට අදාල කෙනෙක් හදුන්වා දෙන්න ඕනෙ නිසයි.මේ සිදුවීම පටන් ගත්තෙ මම NIBM ඇවිත් පළවෙනි විභාගය ඉවර වෙලා ටික දවසකට පස්සෙ. මට මහත්තයා මුණ ගැහිලා ටික කාලෙකින් ඒදේවල් අපි දෙන්නා අතරෙ මුලින්ම සුළු ගැටුමක් ඇතිකරන්න හේතුවුනා.ඒ ගැටුමට හේතුව මම කෙටියෙන් මේ කතාවෙ කියන්නම්.

එදා අපිට NIBM එකේ මුල්ම exam එක introduction තිබුණා. අපි exam ඉවර වෙලා එලියට එද්දි එතන ඉස්සරහා වෙන batch එකක boys ටිකක් ඉදගෙන හිටියා. අපි එතන පහු කරද්දිම එක boy කෙනෙක් නංගි කියලා කතා කලා.ඉන් පස්සෙ එ අයියා මගෙන් ඇහුවා ගෙවල් නුවරද කියලා. මම ඔව් කියලා කොහොමද දන්නෙ ඇහුවා.එයා කිවා A/L classes වලදි දැකලා තියනවා කියලා. ඉන් පස්සෙ මම හිනාවෙලා යන්න හැරුණා.එතකොටම එ අයියා නංගි නංගි මෙයා තමා කිවෙ කියලා වෙන boy කෙනෙක්ව පෙන්නුවා මම ගනන් ගන්නෙ නැතිව ආවා.

ඊට ටික දවසකට පස්සෙ මම lectures ඉවර වෙලා ගෙදර යන්න යද්දි boy කෙනෙක් හිනාවුනා. මාත් හිනාවුනා NIBM එකේ කෙනෙක්නෙ කියලා. ඉන් පස්සෙ එයා මගෙන් ඇහුවා ගෙවල් නුවරද කියලා.මම ඔව් කියලා කොහොමද දන්නෙ ඇහුවා. එ වෙලාවෙ මට තරහත් ගියා. මම එදා කට්ටිය මගෙන් අහද්දි එතන හිටියාද කියලා. එයා කිවා ඔව් කියලා එයා මාව A/L classes වලදි දැකලා තියන නිසා එයාගෙ යාළුවාට ඒක කිවාලු එයා හිතුවෙ නැතිලු යාළුවා ඒක හැමෝම ඉන්න තැන මගෙන් අහයි කියලා හිතුවෙ නැතිලු ඒකට සමාව ඉල්ලුවා.මම කමක් නැහැ කියලා නිකම් හිටියා.

ඉන් පස්සෙ එයා මගෙ නම ඇහුවා මටත් එ දවස්වල ගානක් නැහැනෙ ඉතින් නම කිවා. එයත් මට එයාගෙ විස්තර සේරම කිවා ඒවා මම ඔයාලාට කියන්නෙ නැහැ සමහර දේවල් මට මතකත් නැහැ ඒවා වැඩකුත් නැහැ.එයාගෙ නම රජිත අපිට වඩා batch එකක් senior. එදා මම දෙමටගොඩ station එකට යන්න 154 බස් එකට නැග්ගාම එයත් නැග්ගා එයා යන්නෙ කිරිබත්ගොඩට කියලා.

ඉන් පස්සෙ හැමදාම වගේ මම lectures ඉවර වෙලා ගෙදර යන්න යන වෙලාවටම රජිත අයියා හම්බ වෙනවා. මුලදි මම හිතුවා අහම්බයක් කියලා හිතුවා. ඊටත් ටික දවසකට පස්සෙ හිතුවා එයාලටත් lectures ඉවර වෙන්නෙ 3.30ටනෙ කියලා. ඒත් මම පස්සෙ කාලෙකදි දැනගත්තා හේතුව ඒ එකක්වත් නෙවේ කියලා.
ඒත් මම පස්සෙ කාලෙකදි දැනගත්තා හේතුව ඒ එකක්වත් නෙවේ කියලා. එ විදිහට හැමදාම මාත් එක්ක එකට NIBM එකේ ඉදලා දෙමටගොඩට එනකම් බස් එ‍කේ එන්න පුරුදුවුනා. මාත් එ ගැන ඒ තරම්ම ගනන් ගත්තෙ නැහැ. ඒත් එක දවසක් දෙමටගොඩින් රජිත අයියාත් බැස්සා. මම එයාගෙන් එ ගැන ඇහුවාම එයා කිවෙ මාව කෝච්චියට නැග්ගාම යන්නම් කියලා. ඉන් පස්සෙ හැමදාම වගේ රජිත අයියා දෙමටගොඩින් බැහැලා මම කෝච්චියට නගිනකම් ඉදලා යනවා. මම මේ ගැන මගේ යාළුවන්ට කිවාම එයාලා කිවෙ රජිත අයියා මා එක්ක එන්නෙ මට කැමැත්තෙන් කියලා. මුලදි මම ඒක යාළුවන්ගෙ විහිලුවක් කියලා හිතුවත් ටික දවසක් යද්දි මටම තේරුනා රජිත අයියා මොකක් හරි වෙනස් හේතුවක් නිසා තමා මෙහෙම එන්නෙ කියලා. ඒක මගෙ හිතට වදයක් වුනා හේතුව මම හිතාන හිටියෙ කවමදාකවත් affair එකක් ඇතිකර ගන්නෙ නැහැ කවදාහරි බදින්නෙ ගෙදරින් කියන කෙනෙක්ව කියලා. මේ ගැන මම මොකද කරන්නෙ කියලා හිත හිත ඉද්දි මට හොද අදහසක් ආවා. වෙනදා වගේම මම lectures ඉවර වෙලා එද්දි රජිත අයියා ආවා. මමත් වෙනසක් නැතිව ගියා. මම මගදි කතාව පටන් ගත්තා. මම එයාගෙන් ඇහුවා මා ගැන බලාපොරොත්තුවක් එයාගෙ හිතේ තියනවාද කියලා‍ රජිත අයියා හිනා වුනා විතරයි කිසිම දෙයක් කිවෙ නැහැ. මට තේරුනා මගෙ යාළුවෝ කිව දේ ඇත්ත කියලා. මම හොද බොරුවක් ගෙතුවා. මම කවදාවත්ම බොරු කියලා නැහැ එ නිසා මම ගෙදරදිම හොදට පුරුදු වෙලා ආවා.මම රජිත අයියාට කිවා මට boy friend කෙනෙක් ඉන්නවා එයා රට ඉන්නෙ තව ටික කාලෙකින් එයා එනවා එතකොට wedding එක ගන්න ඉන්නෙ කියලා. මම එයාව ඇසුරු කරන්නෙ හොදම යාළුවෙක් විදිහට විතරයි මා ගැන අදහසක් තියනවානම් ඒක අත්ඇර ගන්න කිවා. එයා ඒ ගැන දුක් වුනා කියලා එයාගෙ ඇස්වලින් මට පෙනුණා. ඒත් මට එක වැඩක් නැහැ. මාත් එක්ක හොදම යාළුවෙක් විදිහට විතරක් ඉන්න පුලුවන්නම් විතරක් තවදුරටත් මා එක්ක කතා කරන්න නැතිනම් අපේ යාළුකමටත් නැවතිම තියමු කිවා. එදා රජිත අයියා කිසිම දෙයක් කිවෙ නැහැ මම කියන හැමදේම හොදින් අහන් හිටියා.මම හිතුවා පහුවදා ඉදන් එයා මගෙ මුණවත් බලන්නෙ නැතිවෙයි කියලා ඒත් පහුවදාත් වෙනදා වගේම ආවා කිසිම වෙනසක් නැතිව. මම හිතුවා එයා මා ගැන තිබුණ අදහස අතෑරලා හොදම යාළුවෙක් විදිහට විතරක් ඉන්න හිතාන එන්න ඇති කියලා හිතුවා. ඔහොම කාලය ගෙවුණා.
එ අතරෙදි රජිත අයියාගේ දකුණු අතේ නහරයකුයි ස්නායුවකුයි බරපතල විදිහට කැපිලා hospital හිටියා. එයාට තරමක් හොද වුණාම අම්මා එක්ක ඇවිත් medical දිලා එක batch එකක් කල් ඉල්ල ගත්තා. එතකොට එයාට අන්තිම semester එක කරන්න තිබුණෙ අපේ batch එකත් එක්ක.ඔය කාලෙදිම තමා මම උදේට ගිය school van එකෙන් අයින්වෙන්න වුනා. හේතුව වුනේ DS එකට ගිය මල්ලි නතර වුන නිසා මා වෙනුවෙන් විතරක් එතනට එන්න බැහැ කිවා.ඒනිසා මම උදේටත් කෝච්චියේ යන්න පටන් ගත්තා. ඔය කාලෙදිම තමා මට මහත්තයාව කෝච්චියේදි හම්බ වුනෙත් එයත් එක්ක ‍ගොඩක් fit වුනෙත්.

ටික කාලෙකට පස්සෙ රජිත අයියා හොදවෙලා ආවා. එ වෙනකොට මම උදේටයි හවසටයි මහත්තයා එක්ක යන්න පුරුදු වෙලා හිටියා. එහෙම වුනාට අපි අතරෙ affair එකක් තිබුණෙ නැහැ. මගේ කවදාවත් යාළුවෙන්නෙ නැති සිතුවිල්ල අත්ඇරලා හිටියෙ නැහැ ඒ වෙද්දිත්. ඒ අතරෙ මට මොකද කරන්නෙ කියලා හිතාගන්න බැරි වුනා හවස යන එක ගැන. මම ගොඩ දවසක් රජිත අයියාව මග ඇරලා මහත්තයා එක්ක ගියා හේතුව මට ඉදගෙන නිදහසේ යන්න පුලුවන්.
ඒත් එක දවසක් හොදටම වැස්ස දවසක් අපේ assignment එකක් discuss කරන්න තිබුණ නිසා මම එන්න ටිකක් පරක්කු වුනා. මම එනකම් මහත්තයා හිටියා. අපි යන්න යද්දිම රජිත අයියාත් ආවා. එයා ඇහුවා එයා එක්ක එනවාද කියලා. මම කිවා නැහැ මම මෙයත් එක්ක කොටුවට ගිහින් යනවා කියලා මහත්තයාව පෙන්නුවා. එයාගෙ මුණෙ තරහක් පේන්න තිබුණා එ වුනත් එයාට මට මොනවත් කියන්න පුළුවන් කමක් තිබුණෙ නැහැ.හේතුව මම එයාට කියලා තිබුණ දේවල්. ඉන් පස්සෙ ගොඩක් දවස් යනකම් රජිත අයියා ආවෙ නැහැ. ඒත් අහම්බෙන් දවසක් ආවා.එදා මහත්තයා හිටියෙ නැහැ මා එක්ක යන්න එයා එදා NIBM ආවෙ නැහැ.

මම ‍මගෙ යාළුවත් එක්ක දෙමටගොඩට ගිහින් යමු කියලා බස් stand එක‍ට ගියා. මගදි අපිට රජිත අයියා හම්බවුණා. එයා අපෙන් ඇහුවා අද මොකද මේ පැත්තෙ කියලා. ඒක ඇහු‍වෙ හොද හිතින් නෙවේ කියලා මට තේරැණා ඒ නිසා මම කිවා අපිට ඕනෙ නිසා කියලා.එහෙම කිවත් එයා ගානක් නැතිව අපිත් එක්කම ආවා.රජිත අයියා කිසිම ගානක් නැතිව ඉස්සර වගේම අපිත් එක්ක බස් එකේ ඇවිත් දෙමටගොඩ station එක ලගින් අපිත් එක්කම බැස්සා. මමයි යාළුවයි ටිකට් අරගෙන ඇවිත් ඉද්දි රජිත අයියා කතාව පටන් ගත්තා. එයා මගෙන් පලවෙනි වතාවට ඇහුවා එයා මට කැමතියි මම මොකද කියන්නෙ කියලා. මම කිවා මම වෙන කෙනෙකුට කැමැත්ත දිලා ඉන්නෙ මගෙත් එක්ක තරහාවෙන්න එපා කියලා.

එතකොට එයා කිවා ඔයා කියන්නෙ රට ඉන්න කොනෙක් ගැන කියපු කතාව නම් මම දන්නවා ඒක ‍බොරුවක් කියලා. මට කරකියාගන්න දෙයක් නැතිව ගියා. මම ටිකවෙලාවක් කල්පනා කලා මොකද කරන්නෙ කියලා. අන්තිමට මට අල්ලන්න පුළුවන් එයයි මායි දන්න එකම කෙනයි හිටියෙ මම එයා ගැන කිවා. ඒ කෙනා තමයි මහත්තයා. මම රජිත අයියාට කිවා එයා මගෙන් ඇහුවා මගේ අකමැත්තක් තිබුණෙ නැති නිසා කැමති වුණා කියලා. ඒ වෙලාවෙ එයා ඇහුවා ඇයි මට අකමැතිද කියලා. ඉතින් මම කිවා මම ඔයාව දක්න්නෙ මගෙම අයියා කෙනෙක් හැටියට විතරයි කිවා. මොකක්දෝ වාසනාවකට මම ඔය ගැන කියද්දිම මහත්තයා call කලා. එයා කතා කලේ විශේෂ දේකටත් නෙවේ. ගෙදරින් call එකක් අරගෙන ටින වෙලාවක් කතා කලා. ඒක වට වාසියක් වුණා මම කිව දේ රජිත අයියාට විශ්වාස කරවන්න. ඉන් පස්සෙ කෝච්චිය ආවා මමයි යාළුවයි නැග්ගා. මම හිතුවෙ රජිත අයියා එන එකක් නැහැ කියලා. ඒත් එයත් නැග්ගා. මගදි එයා මට පෙන්නුවා book mark එකක්. ඒක මුදුන heart එකක හැඩය තිබුණෙ පහලට දිග කූරක් තිබුණා ඒක ලෝහ වලින් හදලා රත්තරන් ආලේප කල එකක්. ඒක දුන්නෙ එයාගෙ නංගි මට දෙන්න කියලාලු. ඉතින් මම ඒක ඉල්ලුවා. එයා ඒක දුන්නෙ නැහැ. මම රාගමින් බැහැලා ගෙදර ගියා. එදා අම්මා විතරයි හිටියෙ ඒ නිසා මම විස්තරේ අම්මාට කිවා. ඒවගේම මම අම්මාගෙන් අහලා ගෙදරින් මහත්තයාට call එකක් අරන් කිවා මම කියපු දේවල්. මම එයා‍ට හැමදේම කිවා එයාගෙන් අපි දෙන්නා අතරෙ සම්බන්ධයක් තියනවාද ඇහුවොත් ඔව් කියන්න කිවා. එයා හා කිවා. එහෙම කියන්න හේතුව මම ඇත්තම කිවා මම අම්මාගෙ හිත රිද්දන්න අකමැති නිසා යාළුවෙන්න කැමති නැහැ. මම රජිත අයියා මග අරින්න කොයිතරම් උත්සාහ කලත් ඒ එකක්වත් හරි ගියෙ නැති නිසයි එහෙම කිවෙ.

පහුවදා මගෙත් එක්ක කෝච්චියෙ ගිය යාළුවයි මගෙ හොදම යාළුවෙකුයි රජිත අයියා ගැන ගොඩක් විස්තර කිවා. එයා කෝච්චියෙ යනකම්ම මගෙ ගැන කියවලා තියෙන්නෙ අඩ අඩ වගේ. ඒ යද්දි එයා කියලා තියනවා book mark එක දීලා මගෙන් අහන්න එයා ඉදලා තියෙන්නෙ. රෑ වෙලා මගෙ අනිත් යාළුවට කතා කරලාත් කියවලා තියෙනවා. මට ඒ ගැන දුක හිතුනත් මට මගේ අම්මාගෙ සතුට ඊට වඩා වටිනවා.

අද කතාව ගොඩක් දිගවුනාට සමාවෙන්න. ‍මේ කතාවෙ ඔයාලාට අදුන්වලා දෙන්න ඕනෙ වුනේ රජිත අයියාව.