2011/01/19

මගේ ආදර කතාව 9

ඔන්න කාලෙකට පස්සෙ මම ආයෙමත් ආදර කතාව ලියනවා. කලින් කතාව මතක නැත්නම් බලලා එන්න හොදේ. මම ආයෙම කලින් කතාව කෙටි කරන්න ගියොත් අද කතාව දිග වැඩිවෙන‍වා.

එදා මහත්තයා දඹුල්ලෙ ගිහින් ආවෙ දවස් ‍දෙක තුනකට පස්සෙ එ වුනාට එයා නැති පාළුව මට දැනෙන්න දුන්නෙ නැහැ. එයාට පුලුවන් හැම වෙලා‍වෙම කතා කලා.ඔහොම කාලය ගෙවිලා ගියා. අපි දෙන්නා උදේ හවස යන්නෙ එන්නෙ එකටම. එයා උදේ කෝච්චියෙ එනවා මම ඒක‍ට රාගම station එකෙන් නගිනවා‍. සමහර දවස් වලට මට වෙලාවට එන්න බැරි වෙනවා. එහෙම දවසට මහත්තයා මම එනකම් රාගම station එකෙ ඉන්නවා. අපි දෙන්නා ඉන් පස්සෙ කෝච්චියෙ යනවා. ඔන්න ඉතින් 2007 පෙබරවාරිත් වුනා.එ දවස්වල අපේ මැඩම් කෙනෙක් අසනීප වෙලා එ මැඩම්ට සෙත් පතලා අපි බෝධි පුජාවක් තිබ්බා.

මට මතක විදිහට එදා පෙබරවාරි 06 අගහරුවාදා. අපිට උදේ වරුවෙ practicals තිබුණා. මහත්තයාට lectures තිබුණා. එදා හවස තමා බෝධි පුජාව තිබුනෙ. අපි දෙන්නාත් බෝධි පුජාවට හිටියා. බෝධි පුජාව ඉවර වෙද්දි වෙලාව 6ට විතර ඇති.එ ඉවර වෙලා අපි දෙන්නා බස් එකක් එනකම් DS එක ලග බස් halt එකේ හිටියා‍. එ දවස් වල දැයට කිරුළ exhibition එක තිබුණා. අපි දෙන්නා බස් halt එකෙ ඉද්දි යක්කල ආයුර්වේදයේ මගේ Batch matesලා මුණගැහුණා. ඉන් පස්සෙ බස් වල සෙනග වැඩි නිසා අපි පයින්ම බොරැල්ලට ගියා. එතන ඉදන් බස් එකේ මරදාන station එකට ගිහින් මහව කෝච්චියට නැග්ගා.

එකෙ ගොඩක් සෙනග හිටිය නිසා අපි ‍දෙන්නාට දොර ලගම ඉන්න වුනා. මට පිටිපස්සෙ හිටියෙ බීපු මනුස්සයෙක් එ වුනාට මම එ ගැන හිතුවෙ නැහැ මගෙ මහත්තයා මා එක්ක හිටි නිසා. කෝච්චිය express නිසා වේගෙන් යද්දි පැද්දෙනවානෙ එතකොට එ මනුස්සයා මගෙ ඇගට එන්න ගත්තා. මම එහාට එහාට වෙන නිසා මහත්තයා මගෙන් ඇහුවා එ මනුස්සයා ඇගට එනවාද කියලා. ඉතින් මම ඔව් කිවා. ඉන් පස්සෙ මහත්තයා එ මනුස්සයාට කතා කරලා කිවා ටිකක් එහාට වෙන්න කියලා. එ පාර එ මනුස්සයාට අපි දෙන්නාට බැන්නා.එ මදිවාට වටපිට හිටපු අනිත් මිනිස්සුත් එ මනුස්සයාට එකතු වෙලා අපිට බනින්න ගත්තා. මහත්තයා ගොඩක් උත්සාහ කලා වැරුද්ද එයාගෙ කියලා තේරැම් කරන්න. එත් එ මනුස්සයා බනින එක නතර කලේ නැහැ. එයාගෙ ලොකුකම පෙන්නන්න English වලින් කතා කරන්න ගත්තා. මහත්තයාත් බීපු මනුස්සයෙක්නෙ කියලා කතාව නතර කලේ නැහැ එයාට උත්තර දුන්නා. ටික වෙලාවකින් වටපිට අයගෙ කතා නැවතුනා. එ වෙද්දි බීපු මනුස්සයාගෙත් කතාව හොද පැත්තට හැරිලා. එ වෙද්දි කෝච්චියත් රාගමට ඇවිත්. අපි කෝච්චියෙන් බැහැලා පයින් ගෙදර ගියා.

එ යන අතරෙදි එයා කතා කලේම කෝච්චියෙදි වුනදේ ගැනයි. ඉන් පස්සෙ එයාම කීවා ඒක අමතක කරන්න ගෙදර ගිහින් අම්මාට කියන්න එපා කියලා. එන මගදි අපි ගොඩක් දේවල් කතා කලා. මහත්තයා මාව ගෙදරට හැරෙන පාර ලගට ඇරලුවා. අපෙ අම්මා එතනට ඇවිත් හිටියා. අපි දෙන්නා සතුටින් වගේම දුකින් සමුගත්තා පසුදින හමුවන තුරු.

ගොඩක් ලියුවාට ඔයාලා තරහා වෙන්න එපා. මගෙ ආදර කතාවෙ තවත් සිදුවීමක් එක්ක මම ආයෙමත් එන්නම්.

මම ආපසු ආ‍වා ........

මගේ බ්ලොග් එක ප‍ටන්ගෙන අවුරුද්ද‍යි මාස දෙකයි. එ ‍වගේම මගේ ආදරයට අවුරුදු හතර ලැබුවා දෙසැම්බර් 27 වෙනිදා. එ දෙකෙන් එකක් වෙනුවෙන් වත් බ්ලොග් සටහනක් තබන්න බැරි වුනා.ඔයාලාට මතක ඇතිනෙ මම නුවර ඉදලා කොළඹ ආව නිසා මට අන්තර්ජාලෙ නැතිවුනා. දැන් ආයෙමත් බ්ලොග් ලියන්න පුලුවන් වෙයි.මම නුවර ගියෙ නැහැ. මට GS500 phone එකක් තෑගි ලැබුණා මගෙ මහත්තයාගෙන්. ඉතින් මට දැන් ආයෙමත් අන්තර්ජාලෙ සැරිසරන්න පුලුවන්. එත් phone බිල කොහොම වෙයිද දන්නෙ නැහැ. මම ආයෙමත් මගෙ ආදර කතාවයි නිසදැස් ලියන්නම්.
ඉස්සර වගේම ඔයාලාගේ හොද නරක comments ලැබෙයි කියලා මම හිතනවා.