2011/03/02

අනේ මෙහෙම වැඩ.....

අද මම බම්බලපිටියෙ මගේ office එකේ ඉදන් ගල්කිස්සෙ මගේ බෝඩිමට එන්න ආවා. තරමක් වාහන තදබදයක් තිබුණා වුනත් 5.20 ට බස් එකට නැගලා 6.10 වෙද්දි යන්තම් ගල්කිස්ස color lights ලග halt එකෙන් බැහැ ගත්තා. ගාලු පාරනෙ පුදුම වාහන ගොඩක් යන්නෙ ඒවෙලාවට විතරක් නෙවේ හැම වෙලේම එහෙමනෙ. මට පාර මාරුවෙන්න ඕනෙ නිසා මම සුපුරුදු පරිදි කහ ඉර ලග කොළ පාට එළීය දැල්වෙනකම් බලන් හිටියා. ඔය අතරෙ මම දැක්කා පොලිස් රථවාහන ඒකකයේ මහත්වරු තුන්දෙනෙක්ම එතන ඉන්නවා.

එක පොලිස් මහතෙක් පාර මැදට වෙලා නොනවත්වා නලාව පිබිමින් වාහන වලට යන්න අණ කරනවා. තවත් මහතෙක් කහ ඉර අසල පාර කෙලවරක නලාව මුවෙහි රුවාගෙන බලන් ඉන්නවා. අනෙක් පොලිස් මහතා පසෙකට වි දැත් බැද බලන් ඉන්නවා. මම වගේම තවත් පිරිසක් පාර දෙපස පාර මාරුවීමට බලන් ඉන්නවා.

ඔය අතරෙ අර පාර මැදට වෙලා නලාව පිබිමින් හිටි පොලිස් මහතා පාරෙ කෙලවරට ගියා අර කහ ඉර ලග හිටිය පොලිස් මහතා අසලට. මම හිතුවා ඔහුට වෙහෙස නිසා මදක් ඉවත් වෙන්න ඇති කියා. ඒ නිසා මම ආයෙමත් පාර මාරුවීමට කොළ පාට දැල්වී ඇතිදැයි බැලුවා. අනේ ඒ එක බල්බයක්වත් වැඩ කරන්නෙ නැහැ.මදක් වට පිට බැලුවාමයි සිදුවී ඇතිදෙය වැටහුනේ.

අපේ පොලිස් මහතාට traf‍fic light signals එක්ක තමාට උවමනා විදිහට වාහන හසුරවන්න බැරිනිසා බුද්ධිමත්ව තීරණය කර traffic light නිවාදමා තමාට අවැසි අයුරින් වාහන පාලනය කලා.හරි කමක් නැහැ වෙනදාට වඩා ඉක්මනින් පාර මාරුවීමට ලැබෙවි කියලා හිතාන මමත් හිටියා.

ඔන්න ඉතින් ඊලගට අර පාරෙ පසක කහ ඉර ලගින් සිටි අපේ පොලිස් නිලධාරි තුමා පාර මාරුවෙන්නන්ට හිතවත් සේවයක් ඉටුකලා. කොළඔ පැත්තට යන වාහන නවතා ඒ පැත්තෙ හිටි මගින්ට පාර මාරුවීමට අවස්ථාව ලබා දුන්නා. අනේ ඉතින් ඒ පැත්තෙ හිටි මගින් හැකි ඉක්මනින් පාර මාරු වුනා. අනේ දන්නවාද වුනදේ. ඒ අයට පාරෙ මැදට විතරයි එන්න පුලුවන් වුනේ අර පාර මැද හිටි පොලිස් මහතා නොනවත්වා පානදුර පැත්තට යන වාහන යවනවා.අනේ මමත් පාර කෙලවරට වෙලා බලන් උන්නා පාර මාරුවෙන්න. මේ පොලිස් මහත්තුරු දෙන්නාට ඔහොම ඉන්න අතරෙ අපි වාහන අතරින් පතරෙ පාර මාරුවුනා.

අර මහනුවර පැත්තෙ නම් වැරදි තැන්වලින් පාර මාරු වුනාම උසාව් ගෙනියනවා. මෙහෙම අවස්ථාවන් උදාවෙද්දි ජනතාව එහෙම කරන එක සාධාරණයි කියලා හිතෙනවා නේද....

යම්කෙනෙක්ට මේකෙන් අපහසුතාවයකට පත්වුනානම් සමාවෙන්න...