tag:blogger.com,1999:blog-8292234801242650112024-03-05T15:29:56.754+05:30සිතක නිදහස් සටහන්Poohttp://www.blogger.com/profile/02145961940861329378noreply@blogger.comBlogger91125tag:blogger.com,1999:blog-829223480124265011.post-3256776932007006232014-05-12T22:20:00.000+05:302014-05-12T22:20:11.040+05:30පාළුවට හිතට නැගුණු කවි පද ....... 2තනිකම ඇයි මේ තරමට
නුඹ කොහි සැගවිනිදෝ ...
හනික එන්න මගේ ලොවෙට
දරා ගන්න බැහැ මට මේ තනිකම ....
සිතට නැගෙන සිතුවිලි මං
වලකාලමි කෙලෙසින් ....
නුඹ ගැන ....
ආල සිතක් පහල වුනත් ...
අමතක කර සිටිනෙමි මං ....
යලි දකින දින සිහි කර කර
මා තනිවම .. තැවෙනවා ....
නුඹ ලඟ දොඩමළු වෙන්නට ...
හිත හැමදා කියනවා ....
පාට පාට හීන අරන් ...
නුඹ එනවද .. මගේ ලොවට ...
නෙතු පියන් බලා හිදිමි ....
නුඹ එනතුරු මගෙ හීනෙට ....
කවිකම අත්හරින්නට හිතුවත් අත්හරින්නට බැරිව ඉන්නා දෙයත් එයමයි. හිතට දුකක් සතුටක් තනිකමක් දැනෙන හැම මොහොතකම කවියක් ලියවෙන එක හිතට වෙලාවකට හරි වදයක් කියලා හිතුනත් නතර කරගන්න බැරි පුරුද්දක් වෙලා. ඒත් අදින් පසු කෙසේ හෝ කවිකම නතර කරන්න හිතුවා .....
කවි ලියන්න පටන් ගත්ත බ්ලොග් එකේ වල් පල් ලියලා පුරවනවා අදින් පසුව ......
Poohttp://www.blogger.com/profile/02145961940861329378noreply@blogger.com2tag:blogger.com,1999:blog-829223480124265011.post-65563872351446469282014-04-07T20:39:00.000+05:302014-04-07T20:41:03.823+05:30පාළුවට හිතට නැගුණු කවි පද .......නුඹ සිහියට නැගෙනවා .....
නෙතට කඳුළු නැගෙනවා ....
මට තනිකම දැනෙනවා ...
සිත තනිවම හඬනවා .....
සිහින දකිමි නුඹ ගැන මං
සැබෑ නොවන බව දැන දැන
අඳුර පමණි මගෙ දිවියට
පාට සිහින කොයිබින් දෝ ....
නුඹට දුරින් ඉදන් .....
ආල සිතක් පහළ කරන් ....
රහසේ ඉකිබිඳ හඬමින්
සුසුම් හෙලමි මං .......
ආල සිතුවිලි පහල නොවියන් .....
හිතට .. බර හන්දා .......
කඳුළු බිංදු තව වැටියන් ......
නෙතට.. බර හන්දා ....
තනිකම ලග රැදියන් .........
තනියට කෙනෙකු නැති හන්දා .....
(ප.ලි. සෙනසුරාදා පංතියේ ඉද්දි කම්මැලි කමට හිතට නැගුණු කවි ටිකක් ලිවා. එයින් කිහිපයක් විතරක් ලිව්වා. එක දිගට කියවන්න පුළුවන් කවි පෙළක් නෙවේ. මගේ පිස්සු විකාර ටිකක් .... හැමදාමත වගේ)
Poohttp://www.blogger.com/profile/02145961940861329378noreply@blogger.com1tag:blogger.com,1999:blog-829223480124265011.post-26073265584214289882014-03-29T20:07:00.000+05:302014-03-29T20:07:05.267+05:30පුංචි කාලේ කතන්දර .....කාලෙකට පස්සේ දුවිලි ගසා දාලා මේ පැත්තේ ආවා. අද පැයක් විතර දාඩිය පෙර පෙරා රෙදි අයන් කලා. ඒ වෙලාවෙ පුංචි කාලෙ කියෙව්ව කතා පොතක කතාවක් මතක් වුනා. පොතේ නම මතකත් නැහැ කතාව හරියටම මතකත් නැහැ. ඒත් සාරංශය මතකයි වගේම පොතේ රූප මතකයි.
මෙහෙමයි කතාව. මේක චීන කතාවක් මතක විදිහට.
අම්මා කෙනෙක් ඉන්නවා එයා හරිම කලබලයි. එයාට ඉන්නේ පුංචි බබෙක් එයා හරිම ලස්සනයි වගේම බෝල ගෙඩියක් වගේ. දවසක් මේ අම්මාට එයාගේ ගෙදරින් පණිවිඩයක් එනවා එයාගේ අම්මාට සනීප නැහැ කියලා. ඉතින් කලබලවුන අම්මා උදේ පාන්දරම කලුවරේම යන්න පිටත් වෙනවා. එයා කලබලෙන්ම නිදන් ඉන්න පුංවි බබාව රෙද්දකින් ඔතලා අරන් යනවා.
මෙයා මෙහෙම කලුවරේ යද්දි පුහුල් වත්තක් පහු කරන් යන්න තියෙනවා. මෙහෙම ඒ මැදින් යද්දි වැලක කකුල පැටලිලා වැටෙනවා. බබාව රෝල් වෙලා යනවා. කලබලෙන් අයෙම රෙද්දෙන් බබාව ඔතා ගන්නවා. මෙහෙම කොහොම හරි එයාගෙ අම්මා බලන්න එයා යනවා.
ඉතින් එහෙට ගිහින් දැන් හැමෝම පුංචි බබා බලන්න ලෑස්ති. අම්මා බබාව ඇද උඩින් තියලා බබාව ඔතලා තිබුණ රෙද්ද දිගෑරියා. හැමෝම උඩට ගත්ත හුස්ම පහලට හෙලන්න බැරිව වට වෙලා ඉන්නවා. රෙද්දෙන් ඔතලා තිබුණෙ බබා වෙනුවට හොඳ ලොකු පුහුල් ගෙඩියක්.
අම්මා ආයෙමත් කලබල වෙලා දුවනවා පුහුල් වත්තට බබා හොයන්න පුහුල් ගෙඩියත් අරන්. එතනට යද්දි දකිනවා රෝල් කොට්ටයක් තියෙනවා. අම්මා පුහුල් ගෙඩිය එතන දාලා ගෙදර දුවනවා කොට්ටෙත් අරන්. අම්මා ගෙදර යද්දි පුංචි බබා හිනාවෙවි තොටිල්ලෙ නිදි.
ඒක තමා කතාව. මට නම මතක නැහැ. ලස්සන රූප තියෙන පොතක්. රූපනම් අදටත් මතකයි. කතාවේ පොඩි පොඩි තැන් වෙනස් ඇති. ඒත් මම ආසම කතාවක් ගොඩ කාලෙකට පස්සේ මතක් වුන. Poohttp://www.blogger.com/profile/02145961940861329378noreply@blogger.com8tag:blogger.com,1999:blog-829223480124265011.post-3636886896840279712013-09-06T22:56:00.000+05:302013-09-06T22:56:27.024+05:30දුර නොබලන්...... ලඟ බලන් .......
අතිගරු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුව රට වටා පාසල් 1000 ද්විතික පාසල් ලෙස සංවර්ධනය කිරිමට ආරම්භ කලා. මෙම පාසල් 1000 ට සියලුම පහසුකම් සහිත නවීන පරිගණක විද්‍යාගාරයක්, විද්‍යාගාරයක්, ගණිතාගාරයක්, සහ Multimedia Unit එකක් වැනි පහසුකම් ලබාදෙනවා. මීට අමතර පහසුකම් ලබා දෙනවා. එපමණක් නොවේ පාසලට අවශ්‍ය කරන මානව සම්පතද ලබාදෙනවා.
විශේෂත්වය වන්නේ පාසලේ තිබෙන 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා වෙනත් පාසලක් වෙත ගෙනයාම. ඇතැම් පාසල් වල මෙය සිදුකරනුයේ 1 ශ්‍රේණියට බදවා ගැනීම නතර කිරිමෙන් ක්‍රමක් ක්‍රමයෙන් 1 - 5 ශ්‍රේණි ඉවත් කෙරේ.
අපේ පාසලත් මෙලෙස ද්වීතික පාසලක් ලෙස සංවර්ධනය කිරීමට යෝජිතව තිබුණි. නමුත් දෙමාපියන්ගේ සහ ගුරුවරුන් බහුතරයකගේ තාවකාලික අරමුණු නිසා මෙයින් පාසල ඉවත් කරගෙන තිබෙනවා. තම බාල දරුවන් පාසලට ඇතුලත් කරගැනීමට නොලැබෙන නිසා දෙමාපියන් මෙම යෝජනාවට විරුද්ධ වුනා.
ඇතැම් ගුරුවරුන් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මෙ යෝජනාවට අකමැත්ත ප්‍රකාශ කලා. අවසානයේදී පාසල මෙම ව්‍යාපෘතියෙන් ඉවත් වුනා. 2014 වසරේ පාසලට ළමුන් ඇතුලත් කිරිමේ කටයුතු ක්‍රියාත්මක වෙනවා.
මෙයින් ලැබෙන වාසි වලට වඩා තමන්ගේ පෞද්ගලික වාසි බලාපොරොත්තු විම නිසා. පාසලට ලැබීමට තිබුණු වටිනා භෞතික මෙන්ම මානව සම්පත් ද අහිමිව ගියා. මටනම් ඇත්තටම මේ කාරණයට දුකයි. මම පාසලට ආවෙත් පාසල් 1000 ව්‍යාපෘතිය යටතේ ලැබුණු පත්වීමකට අනුව. ඇත්තටම මම බලාපොරොත්තුවෙන් හිටියා නව තාක්ෂණික උපකරණ සමඟ පරිගණක විද්‍යාගාරයේ ඉගැන්වීම් කටයුතු සිදු කිරිමට.
නමුත් බලාපොරොත්තු සියල්ල අවසන්. තමන්ගේ ළමුන්ට ජනප්‍රිය පාසල් වලට තරඟ කිරිමක් නැතිව ලගම පාසලෙන් හොඳ පහසුකම් සහිත අධ්‍යාපනයක් ලබාගැනීමට ඇති අවස්ථාව අහිමි කරගත්තා. තම දරුවන්ට 1 සිට 5 ශ්‍රේණිය දක්වා අසලම පිහිටි වෙනත් පාසලක අධ්‍යාපනය ලබා 6 ශ්‍රේණියෙන් යම් කිසි ලකුණු මට්ටමකට අනුවම පහසුකම් සහිත පාසලක අධ්‍යාපනය ලැබීමට තිබුණු අවස්ථාව දෙමාපියන් මෙන්ම ගුරුවරුන් එක්ව නැති කරගත්තා.
අපේ පාසලේ දෙමාපියන් වැඩි ප්‍රමාණයක් අඩු ආදායම් ලාභින්. ඉතින් කිසි දිනක දෙමාපියන් සංවර්ධන සමිතිය එක්ව පාසල තුල එවන් පහසුකම් ගොඩනැගිය නොහැක. එබැවින් නැවත කිසි දිනක මෙවන් අවස්ථාවක් ලැබෙන්නේ නැතිවෙවි වගේම ශිෂ්‍යත්වයට පවතින තරඟය මොවුන් අතරින් අඩු නොවෙනු ඇති.
මට තියෙන ලොකුම දුක අපේ වැඩිහිටියන්ම එක් වෙලා අපේ දරුවන්ට නොමිලේ ලබා දෙන්න සැලසුම් කල පහසුකම් එපා කීවා තමන්ගේ එදිනෙදා වාසි දෙස බලා.....
සමහරවිට මට මෙම පාසලෙන් වෙනත් පාසලකට යන්න වේවි... එක අතකට මට වුන එක හොදක් ඒක.....
Poohttp://www.blogger.com/profile/02145961940861329378noreply@blogger.com5tag:blogger.com,1999:blog-829223480124265011.post-14341043042531570702013-07-23T21:59:00.002+05:302013-07-23T21:59:31.697+05:30කතාවක කතාවක්.....ගොඩ දවසකට පස්සේ ලියන්න හිතුනා. එහෙම හිතුනෙ කතා පොතක් කියෙවුවා එකේ දැකපු කතාවක් හිතට දැනුනා. හිතුනා එක ලියන්න ඔනේ කියලා. ඔයාලා එ කතාව අහලා තියෙනවාද දන්නේ නැහැ. ඒත් මම එහෙම කතාවක් අහුවෙ අදමයි......
කුරුල්ලෙකුයි කිරිල්ලියෙකුයි ආදරය කලාලු. ඒත් ටික කාලෙකින් කුරුල්ලා අළුත් කිරිල්ලියෙක් එක්ක කූඩුවක් හදන්න වෘන්දා වනයට පියාඹලා ගියා. පැලෙන්න තරම් කුරුල්ලාට ආදරේ කල කිරිල්ලිට මේ වෙන්වෙන දුක දරාගන්න බැරිව අහසේදිම පපුව පැලිලා මැරිලා ගගට වැටුණා. කාත් කවුරුත් නැති කිරිල්ලි මළ දුකට හඩන්න කෙනෙක් හිටියෙත් නැහැ. මල් පත්තිනි මෑණියෝ මේ ලගින් යද්දි කිරිල්ලිගේ මළ කඳ දැක්කා. පපුව පැලිලා මිය ගිය මේ කිරිල්ලිව දැකපු ඇයට දුක හිතුනා. ඒ නිසාම කිරිල්ලිගේ මළ කඳත් අරගෙන කාලි මෑණියන්ව මුණ ගැහෙන්න ගියා.
කාලි මෑණියෝ පලි ගැසුවා පුංචි කිරිල්ලිට මේ දුක දුන් අයට. ඒ දුක් දුන් අයගේද පපුව පැලී යාවා කියා පලි ගැසුවා. කුරුල්ලා වෘන්දා වනයේ අළුත් කූඩුවක් හදලා අළුත් කිරිල්ලියක් එක්ක සපුමල් වැස්සේ නෑවෙමින් ඉද්දී පපුව පැලී බිම වැටුනා.
ඉන්පස්සේ පත්තිනි මෑණියන් පුංචි කිරිල්ලිව රැගෙන ගොස් වරු තුනක් තන කිරෙන් නහවා හිමාලයේ පස් පපුවට බැන්දා. දවස් තුනකින් කිරිල්ලිට පණ ආවා. කිරිල්ලිට පණ ආ විගසම කිරිල්ලි කීවේ තමා හැර ගිය කුරුල්ලාගේ නම. එවිට පත්තිණි මෑණියෝ සිදුවූ දෙය කිවා. කාලි මෑණියන් පලි ගැසූ නිසා කුරුල්ලා මිය ගිය වග..
මේ ඇසූ කිරිල්ලිය හඩමින් කුරුල්ලාගේ මළකඳ සොයා වෘන්දා වනයට පියඹා ගියා. මේ දැක කිරිල්ලිය ගැන දුක් වුන පත්තිණි මෑණියෝ කුරුල්ලාටද පණ දුන්නා.
ඉන්පසු කුරුල්ලා වැරදි වලට සමාව ගෙන යළි කිසිදා කිරිල්ලි හැර නොයන බවට පත්තිණි මෑණියන් ඉදිරියේ පොරොන්දු වුනා.....
ප.ලි.
හිතට අමුත්තක් දැනුණු කතාවක් නිසා ලියන්න හිතුවා..... අනේ මන්දා...Poohttp://www.blogger.com/profile/02145961940861329378noreply@blogger.com4tag:blogger.com,1999:blog-829223480124265011.post-11478321806506617912013-04-26T00:20:00.000+05:302013-04-26T00:20:30.432+05:30මගේ බෝනික්කී............අපේ පවුලේ උන්නේ අප්පච්චියි අම්මායි අක්කායි මමයි. අපේ පුංචි කැදැල්ලේ සතුට සාමය පිරිලා තිබුනා අපිට මහා ලොකුවට සල්ලි භාගේ නැති වුනත්. ඒත් අපේ අවසානාවටමද මන්දා හිටි හැටියේම අපේ පවුලේ මුදුන් මුල අපිට නැතිව ගියා. අපි තුන්දෙනා තනි වුනා. ඒ මගේ හුරතල් පුංචි වයස. කාලය ඔහේ ගෙවිලා ගියා ගොඩක් දුකසේ.
අක්කායි මමයි සෙල්ලම් කලේ සෙල්ලම් බඩු නැතිව. අක්කාට තිබුණා සෙල්ලම් බඩු ටිකක්. ඒත් මට එහෙමවත් නැහැ. අම්මාට අපි දෙන්නාට සෙල්ලම් බඩු අරන් දෙන්න තරම් ආර්ථික හයියක් තිබුනේ නැහැ. අපි ඉල්ලුවෙත් නැහැ. අපි සෙල්ලම් කරන්න යනවා අක්කාගේ යාළුවෝ එක්ක. ඒ අක්කලා සෙල්ලම් ගෙවල් දාන්න ලස්සන ලස්සන බෝනික්කෝ ගේනවා. අපේ අක්කාටනම් ඒ බෝනික්කන් දෙනවා. ඒත් මම ගොඩක් පොඩි නිසා මටනම් ඒවා දෙන්නේ නැහැ.
ලස්සන ගවුමක් ඇඳගෙන රත්තරං පාට කොණ්ඩේ පෝනිටේල් දෙකක් දාගෙන සින්දු කියන ඒ ලස්සන බෝනික්කන් නලවන්න එයාලා අරන් සෙල්ලම් ගෙදර අම්මා වෙන්න මාත් ගොඩක් ආසා වුනත් මම ඒවා ඉල්ලන්න ගියේ නැහැ. එහෙම වුනොත් අක්කාටත් සෙල්ලම් කරන්න බෝනික්කන් දෙන්නෙ නැති වේවිනෙ.
ඔහොම හැමදාම ආසාව හිතේ තියන් සෙල්ලම් කරන්න ගියාට සෙල්ලම් කරන්න සතුටක් නැහැ හරිම දුකයි ලස්සන ලස්සන බෝනික්කන් දකිද්දි. ඒ නිසාම දවසක් මම රෑ අම්මාගේ තුරුලේ නිදන් ඉන්දැද්දි අම්මාට කීවා.
"අම්මේ මට සෙල්ලම් කරන්න බෝනික්කෙක් ගෙනත් දෙන්නකෝ."
"හ්ම්ම් බලමු පොඩි පුතේ ලබන මාසේ පඩියෙන්"
"අම්මා මට ඕනේ ලස්සන රත්තරං පාට කොණ්ඩයක් තියෙන සින්දු කියන එක්කෙනෙක් හොදේ"
"හරි හරි මගෙ දුව දැන් නිදාගන්නකෝ."
"මගේ හොඳ අම්මා...."
අම්මා මට බෝනික්කෙක් අරන් දේවි කියන බලාපොරොත්තුවෙන් මම අම්මාට තුරුල් වෙලා නිදා ගත්තා. මම හීනෙන් දැක්කා අම්මා මට ලස්සනම ලස්සන බෝනික්කෙක් ගෙනත් දීලා මමයි අක්කායි ඒ බෝනික්කා එක්ක සෙල්ලම් කරනවා.
ඔහොම දවස් ගෙවිලා යද්දි මට තවත් අක්කාගේ යාළුවන් එක්ක සෙල්ලම් කරන්න යන්න හිත දුන්නේ නැහැ. ඒ මට බෝනික්කන් දකිද්දි සෙල්ලම් කරන්න ඉල්ලන්න ආසා හිතුනත් ඉල්ලන්න හිත දුන්නේ නැහැ. ඒ නිසාම මම අක්කා එක්ක සෙල්ලම් කරන්න යන්නේ නැතිව ගෙදර නතර වුනා.
අම්ම එනකම් අක්කායි මමයි ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිත් ඇඳුම් මාරු කරන් හැමදාම සෙල්ලම් කරන්න ගියා. ඒත් පස්සේ පස්සේ අක්කා සෙල්ලම් කරන්න යද්දි මම තනියෙන් ගෙදර පිටි පස්සේ ගල උඩට වෙල තනියෙන් කෝම්පිට්ටු හැදුවා. සෙල්ලම් ගෙවල් දැම්මා. අම්මා එනකම්ම තනියෙන් ඔහේ එතන හිටියා. අම්මා ආවාම අම්මාගේ පස්සේ වැටිලා හිටියා අක්කා ගෙදර එනකම්ම. සමහර වෙලාවට ඉස්කෝලේත් හවස පංතියෙත් මහන්සි වෙලා ගෙදර එන අම්මාට මාව හිසරදයක් වෙන්න ඇති. ඒත් අම්මා මට බැන්නේ නැහැ කවදාවත්ම.
කොහොමින් කොහොමහරි අමාරුවෙන් මාසයක් ගෙවිලා ගියා. අම්මාගේ පඩි දවස. එදා හවස මම නොඉවසිල්ලෙන් මග බලන් හිටියා අම්මා ගෙදර එනකම්. මට ලස්සනම ලස්සන රත්තරං පාට කොණ්ඩයක් තියෙන සින්දු කියන බෝනික්කෙක් ගේනකම්. මට සෙල්ලම් කරන්න ඕනේ වුනෙත් නැහැ. මම ඉස්සරහා ජනේලේ ලඟ පුටුවක් තියාන එලිය බලාන හිටියේ අම්මා එනකම්.
ඈතින් අම්මා එනවා දැක්කා. මම පුටුවත් පෙරලාගෙන ගිහින් දොර ඇරියා. මම නොඉවසිල්ලෙන් අම්මාගේ අතේ තිබුණ බෑග් දිහා බැලුවා. ඒත්..... අම්මාගේ අතේ තිබුනේ වෙනදා ඉස්කෝලේ ගෙනියන හෑන්ඩ් බෑග් එකයි පොත් බෑග් එකයි විතරයි. මට හදිස්සියි මගේ බෝනික්කි දකිනකම්. මම අම්මාගේ අතේ එල්ලුනා.
"අම්මා... කෝ මට බෝනික්කෙක් ගෙනාවද? අද අම්මාගේ පඩි දවසනේ..."
"අද පඩි දවස තමා පුතේ.. ඒත් හෙට සෙනසුරාදානෙ. හෙට මම ටවුමට ගිහින් ගෙනත් දෙන්නම්"
"අනේ අම්මා....."
මගේ ඇස් දෙකේ කඳුළු පිරුණා... විනඩියක් යන්නටත් කලින් මගේ කම්මුල් දිගේ මටත් නොදැනිම කදුලු පේලි ගලාන ගියා..... මම දුවන් ගිහින් ඇඳට පැනලා මගේ කොට්ටේ තුරුල් කරගත්තා.
"පොඩි පුතේ..... හෙට අරන් දෙන්නම්...." අම්මා මගේ ලඟට ඇවිත් ඔළුව අතගාලා මාව සැනසුවා.
මම හිත සනසාගෙන ඇඬුම නතර කලා. මාසයක් බලන් හිටි එකේ එක දවස කමක් නැහැ කියලා.
පහුවදා අම්මා අක්කා එක්ක ටවුමට ගියා. මාව ලඟ ගෙදරක තියලා ගියා. මම එහේ ඉදන් සෙල්ලම් කරන ගමන් මග බල බලා හිටියා අම්මලා එනකම්. ඈතින් අම්මායි අක්කායි බඩු මලු අරන් එනවා දැක්කාම මම දිව්වා ඉස්සරහාට. ගේ ඇතුලට ගිහින් බෑග් එකෙන් මගේ ලස්සන බොනික්කාව අරන් දෙනකම් මට ඉවසිල්ලක් තිබුනේ නැහැ. මගේ හදිස්සිය දැක්ක අම්මා
"හොඳ පුතා වගේ අතනින් ඉදගෙන තෑගි ගන්න එන්න."
මම දුවලා ගිහින් ඉද ගත්තා.
"මෙන්න දැන් තෑගි ලබන්නේ ගෙදර ඉන්න හොඳම ළමයා .............." කියලා මගේ නම කීවා.
මමත් අම්මා ලඟට ගිහින් ලස්සනට ඔළුව නමලා අත්දෙකෙන්ම තෑග්ග ගත්තා. මගේ ලස්සන සින්දු කියන බෝනික්කි. මම ඉක්මනටම බ්‍රවුන් පේපර් බෑග් එක ඇරලා බැලුවා.
ඒ බැලුව මගේ ඇස් දෙකට කඳුලු පිරුනා.
"අම්මා.... මම ඉල්ලුවේ ලස්සන රත්තරං පාට කොණ්ඩයක් තියෙන සින්දු කියන බෝනික්කෙක්නේ" මම බෑග් එකෙන් බෝනික්කා එළියට ගන්න ගමන් කඳුලු පෙරමින් කීවා.
"පොඩි පුතේ මේ මාසේ අම්මාට වියදම් වැඩියි ගෙවල් කුලීත් වැඩි කරලා. ගෙදර පදිංචි වෙන්න වැඩ ටික ඉවර කරන්නත් ඕනේනෙ. මගෙ පුතාට මම හෙමින් සැරේ ඒ වගේ ලස්සන බෝනික්කෙක් අරන් දෙන්නම්" අම්මා ඇඩුම් ස්වරයෙන් මගේ ඔලුව අතගාමින් කිවා.
"ඔව් නංගි අම්මා පස්සේ අරන් දේවි. අපි එතකම් ඔය බෝනික්කාගෙන් සෙල්ලම් කරමු." අක්කා මගේ අතින් අල්ලාගෙන එහෙම කිවේ මගේ හිත හදන්න.
ඒත් මගේ පුංචි හිත හුගාක් රිදුනා. මම රෝසම රෝස පාට තට්ට බෝනික්කාව එතනම බිම දාලා
"මගේ අප්පච්චි හිටියා නම් මට ලස්සන බෝනික්කෙක් ගෙනත් දේවි සින්දු කියන බෝනික්කියක්. අම්මා මට ආදරේ නැහැ." මම එහෙම කියාගෙන ඇඳට ගිහින් මගේ කොට්ටේ බදාගෙන ඇඬුවා හොඳටම.
අම්මා මගේ ලඟට ඇවිත් ඔළුව අත ගගා හිටියා ටික වෙලාවක්. අම්මාගේ උණු කඳුලක් මගේ කම්මුලකට වැටුණා. මම ඔලුව උස්සලාවත් අම්මා දිහා බැලුවේ නැත්තේ අම්මා අඬනවා කියලා දැනුන නිසා. මහ පොළව වගේ හැම දුකක්ම දරාන ඉන්න අම්මා අඬනවා බලන්න මට පුළුවන් කමක් තිබුනේ නැහැ. අම්මා ටිකක් ඉදලා ගියා. මම එහෙමම අඬලා අඬලා නිදා ගත්තා.
දවස් ගාණක් යනකම් මම වැඩි කතා බහක් නැතිව සෙල්ලම් කරන්නේත් නැතිව පැත්තකට වෙලා හිටියා. ටික දවසකින් මම අම්මා ගෙනත් දුන්නු රෝස පාට කොණ්ඩේ නැති සින්දු කියන්නෙත් නැති බෝනික්කා එක්ක සෙල්ලම් ගෙදරක් දැම්මා. අක්කාත් මා එක්ක සෙල්ලම් කලා වැඩි දවසක් යාළුවො එක්ක සෙල්ලම් කරන්න නොයා.
අම්මා මගේ ඒ බෝනික්කාට පොඩි ගවුමක් මහලා දුන්නා. මම ආයෙමත් කලින් වගේම කාලෙ ගෙවුවා හිත හදාගෙන අම්මාට සල්ලි හම්බ වුනාම ලස්සන රත්තරං පාට කොණ්ඩයක් තියෙන සින්දු කියන බෝනික්කෙක් ගෙනත් දේවි කියලා.
ඉන්පස්සේ අපි අපේම කියලා හදපු අළුත් ගෙදර පදිංචියට ගියා. කාලය ඔහොම ගෙවිලා යද්දි අගෝස්තු නිවාඩුවට දවස් ගාණක් තියෙද්දි අපේ චූටි මාමා රට ඉදන් ආවා. අපි දවසක් ගියා මාමාව බලන්න ලොකු මාමලාගේ ගෙදර. මම චූටි මාමාට අපේ අළුත් ගෙදර විස්තර කිය කියා පස්සෙන් ඇවිදිද්දි මාමා බඩු වගයක් හොයන්න මාමාගේ බෑග් ඇද්දා. ලග හිටි මගේ ඇහැ ගියා බෑග් එකේ තිබිලා එලියෙන් තිබ්බ දෙයක් දැකලා. ඒ තමා ලස්සන රත්තරං පාට කොණ්ඩයක් තියෙන ලස්සන ගවුමක් ඇදපු මම ආසා කල බෝනික්කියක්. එක්කෙනෙක් නෙවෙ තුන් දෙනෙක්ම. මගේ හැමදේම මම මාමාට කියනවා වුනත් මට බෝනික්කාට ගොඩක් ආසා හිතුනත් මම ඉල්ලුවේ නැහැ.
ලස්සනම ලස්සන බෝනික්කන් තුන් දෙනාගෙන් ඇස් ඉවතට අරන් වේගෙන් ඇසිපිය ගහලා ඇස් අගට උනලා තිබුණ කඳුළු වේල ගෙන ආයෙමත් මාමාගේ පස්සෙන් වැටුණා. එදා හවස් වෙලා අපි ගෙදර ගියා. පහුවදා රෑ කෑමට මාමායි නැන්දම්මායි අපේ ගෙදර ආවා. අපිට මාමා තෑගි ගෙනාවා. අම්මාට සාරියක්. අක්කාට ගවුම් රෙද්දක්. මට ගවුම් රෙද්දකුයි අර මාමාගේ බෑග් එකේ හිටි ලස්සනම ලස්සන බෝනික්කියෙකුයි.
මට ගොඩක් සතුටු හිතුනා මම ආසාවෙන් හිටි බෝනික්කියක් මට ලැබුණාට. ඒ බෝනික්කි ලස්සන සින්දුවක් කිය කියා එයාගේ පුංචි බෝනික්කාව නලවනවා අතේ තියාන. මට මාමා දුන්න බෝනික්කාට පුංචි බෝනික්කා බබෙක් හිටියේ නැහැ. ඒත් එයා අත් දෙක ඒ විදිහට තියන දෙපැත්තට කැරකෙනවා සින්දු කිය කියා. මාමා අනිත් අයට බෝනික්කන් දෙද්දි එක්කෙනෙක්ගේ බබා බෝනික්කා කැඩුණ නිසා මගේ එකේ එක්කෙනාව දෙන්න වෙලා. ඒත් මාමා මට එහෙම කිවෙ නැහැ. ඒ වුනත් මට ගොඩක් සතුටු හිතුනා මට මම ආසා බෝනික්කිව ලැබුණ නිසා.
මම එදා ගොඩක් රෑ වෙනකම් සෙල්ලම් කලා අක්කාත් එක්ක. ඒ වෙද්දි අක්කා සෙල්ලම් කරන වයසෙන් ටිකක් ඈත් වෙලා තිබුණත් එයා මා එක්ක සෙල්ලම් කලා. අන්තිමේ අම්මා සැරකල නිසයි නිදා ගත්තේ පහුවදා ඉස්කෝලේ යන්න තියෙන නිසා.
මම මගේ බෝනික්කිව පරිස්සමින් අරන් තිබ්බා. හැමදාම ඉස්කෝලේ ඇරිලා ඇවිත් මම බෝනික්කිගේ සින්දු දාගෙන සෙල්ලම් ගේ දැම්මා. මම බෝනික්කිව හැමදාම රෑට තියල තිබ්බේ සාලේ තිබුණ කැබිනට් එක උඩ.
වෙනදා වගේම එදත් නිදාගන්න කලින් බෝනික්කිව එතන තියලා මා නිදාගත්තා. පහුවදා උදේම නැගිටලා අම්මායි අක්කායි ඉස්කෝලේ ගියාම මම උඩහා අත්තම්මලාගේ ගෙදර ඉදලා හිමින් සැරේ තමා ඉස්කෝලේ යන්නේ. මොකද මම ගියේ ගෙදර ලඟ ඉස්කෝලෙට නිසා උදෙන් යන්න ඕනේ නැහැ. මම ඉස්කෝලේ ගිහින් ගෙදර එද්දි අපේ ගෙදර වහලේ නැහැ. ගේ ලඟ ගොඩක් අය ඉන්නවා.
මම ගෙදරට දුවලා ගිහින් බලද්දි අපේ ගේ මැද වහලෙට පොල් ගහක් කඩන් වැටිලා. මම දුවලා ගිහින් දොරෙන් ඇතුලට ගියා. මගේ බෝනික්කිව හොයන්න. අනේ මගේ බෝනික්කි බිම වැටිලා. මම ඉක්මනට එයාව උස්සගෙන ඇවිත් සින්දු දාලා බැලුවා. ඒත් එයා සින්දු කියන්නේ නැහැ. දෙපැත්තට වැනෙනෙත් නැහැ. මට ගොඩක් දුක හිතුනා. මම බෝනික්කිවත් තුරුල් කරන් පැත්තකට වෙලා ඇඩුවා ගොඩක් වෙලා. ලොකු අම්මා ඇවිත් මාව එක්ක යනකම්ම මම ඇඩුවා. ඉස්කෝලෙත් නිවාඩු නිසා ලොකු අම්මා මාව එක්කගෙන ගියා. මම මගේ බෝනික්කිව අරන් යන්න හදද්දි
"පුංචි දුවේ බස් එකේ ඔයාගේ බෝනික්කා ගෙනිහින් තවත් ටිකක් එයා කැඩෙයි. ඒ නිසා ගෙදර තියලා යමු. මාමා හදලා තියයි." කියලා ලොකු අම්මා කිවා.
ඒ හන්දාම මම මගේ බෝනික්කිව තියලා ගියා. මාසෙකින් පස්සේ මම ආයෙමත් ඉස්කෝලේ යන්න ගෙදර ආවා. අපේ ගෙදර හදලා ආයෙමත්. මගේ බෝනික්කි හිටි තැනම ඉන්නවා. මම දුව ගිහින් එයා ආයෙමත් සින්දු කියනවාද බැලුවා. නැහැ එයා සින්දු කියන්නේ නැහැ. ඒත් මම මගේ බෝනික්කි එක්ක සෙල්ලම් කලා ගොඩක් කල්.
කාලෙත් එක්කම මගේ බෝනික්කි කැඩුනා. මට තිබුණු එකම සෙල්ලම් බඩුවත් මට නැති වුනා. මම ටික ටික ලොකු වුනා. සෙල්ලම් කරන වයස පහු කලා. ඒත් අදටත් කවුරු හරි පොඩි එකෙක්ගේ පුංචි සෙල්ලම් බඩුවක් දැක්කාම ඒකෙන් ටිකක් සෙල්ලම් කරලා බලනවා.
Poohttp://www.blogger.com/profile/02145961940861329378noreply@blogger.com1tag:blogger.com,1999:blog-829223480124265011.post-4131687808515131342013-03-29T19:58:00.001+05:302013-03-29T19:58:28.021+05:30අමානුෂික දඬුවම......
යන්නේ... මට ගොඩක් අය කිවා ඉස්කෝලේ දේවල් ලියන්න එපා කියලා. ඒත් මේ මගේ බ්ලොග්
හැම ඉස්කෝලෙකම වගේ. ඒත් තියන වෙනස තමා වෙන ඉස්කෝලවල නැති මහා අමුතු බෙදිමක් තියෙනව
අංශයට අයත් වෙනවා. ඇතැම් අය ඉන්නවා අංශ දෙක තුනකම උගන්වන. හරියට මේ මම වගේ. මම
විතරක් නෙවේ ගොඩක් ඉංග්‍රීසි ගුරුවරුත් අංශ කිපයකම උගන්වනවා. ඉතින් ඔය අයත් වෙනම
ද්විතික අංශයට වුනාට මම නෙවේ ඒ පැත්තටවත් යන්නේ. අත්‍යාවශ්‍යම රැස්වීමකට විතරක්
යනවා. ඉතින් මම වැඩිපුරම ඉන්නේ විද්‍යා අංශයේ. දැන් මේක කියවන හැමෝම හිතනවා ඇති මේ
මොන විකාර කතාවක්ද කියලා. ඒත් මේ දේ කිවේ මේ අංශ නිසා තමා මම කියන්න යන මේ සිදුවිම
කුඩා කාමරයක් ලෙස හදලා තිබිලා තියෙනවා පරිසර පැටවු වෙනුවෙන්. ඒත් මම ඉස්කෝලේට ගිය
දවසේ ඉදලා දැක්කේ එතන කුණු කසල දාලා තියෙනවා. කොහොම හරි මේ වාරයේ ආරම්භයේ එම
ස්ථානය නවීකරණය කලා. දැන් එතන ඉන්නේ අපේ ඉස්කෙලේ ඉන්න හාමුදුරුවෝ. මේ අපේ පාසලේ
ඉන්න හාමුදුරුවරු දෙන්නාගෙන් දෙවනි කෙනා. එහෙම කිවේ අනිත් හාමුදුරුවො නියෝජ්‍ය
පංතිවලට යවලා නිෂ්ශබ්ධ කරලා මුලින්ම කොටු කොල දෙන්න ලෑස්තිවෙද්දිම ළමයි දෙතුන්
හාමුදුරුවොන්ගේ කාමරේ වහලෙට තට්ටු කරලා ආව ළමයාට එන්න කියලා. මැඩම් ඇහුවා
දෙකේම ළමයි යැවුවා පහලට බැනලා එවයි කියලා හිතලා. ඒත් බැනලා අවුවේ හිටවලා තිබ්බා
ඉස්පිරිතාලේ ඉදලා ආව පිරිමි ළමයෙක් හිටියා එයාව යැවුවේ නැහැ. කොහොමහරි ළමයි ටික
අවුවේ හිටන් ඉන්නවා. මාත් උඩ ඉදලා බලලා කිවා කවුරු හරි වැරැද්ද පිළිඅරන් සමාව ගන්න
හාමුදුරුවො කියලා බොරු කියන්න එපා කියලා. ඉන්පස්සේ තවත් ළමයෙක් ඉදිරිපත් වෙලා. එයා
පුංචි ළමයෙක් වැඩි උසක් නැහැ. ඇගපතත් හරි පුංචියි. කොහොමහරි මුලම ළමයා හෙමින් ටොකු
ඒ වෙලාවෙ කියලා තියෙන්නේ ළමයාගේ ඇස් වලින් කදුළු පනිනවා පේන්න ඕනේ කියලා. ඇත්තටම ඒ
ළමයාගේ කදුළු පෙරෙනවා උඩට එද්දි. මම ඒ ළගටවත් ගියෙ නැහැ.මට ඒ තරම් අමානුෂික ක්‍රියාවක්
ගලනවා. ඒ ළමයාට ගහන ගැහිල්ල දැකලා අළුතෙන් ආව සර් ගිහින් හාමුදුරුවන්ට මුණටම කිවා
මගේ කැමැත්ත කියලා. එතනින් එහාට කතා කරලා වැඩක් නැති නිසා ඒ සර් නිෂ්ශබ්ධ වෙලා.
හාමුදුරුවො අර ළමයාට සතෙක්ට වගේ බැන්නා. ආයේ එතනින් යද්දි හයියෙන් අඩිය තියන්නවත්
බැහැ කියලා. පුදුම කළකිරිමක් අපිට ඇතිවුනේ. ඒ ළමයි සියළු දෙනාම උඩට ආවා. පුදුමාකාර
ගියේ. ඒ වුනත් ඔවුන්ට විභාගය කරන සිහියක් තිබුනේ නැහැ. හැමදෙනාගේම මුණු බිමට බර
කලානම් කියන්න නිකම් අර ළමයා ගුටි කෑවා. එයා හෙන උප්සෙට් එකේ කියලා. ඒත් ගෑණු ළමයි
පංති දෙක මැදින් හිටන් හිටියා කතා කර කර. ළමයින්ට ප්‍රශ්ණ පත්‍රය ලියන්න කිසිම
මානසිකත්වයක් නැහැ කියන එක හොදටම තේරුණා. හැමදෙනාම කල්පනා කරනවා. ලග ඉන්න කෙනා
පැත්තට හැරිලා බනිනවා. වෙනදාට එක විනාඩියක අවසරයෙන් කොපි කරන්න දගලන ළමයිට ඒහෙමවත්
වුවමනාවක් නැහැ. ඒ තරමට තරහින්. අපිත් එළියෙම හිටියා කොපි කරනවානම් කරපුදෙන්
කියලා. මොකද අපිට වුනත් ඒ වෙලාවේ කිසිම හොඳ මානසිකත්වයක් තිබුනෙ නැහැ. ඉතින්
රිදෙනවා ඇති. ඉන්පස්සේ ඔලුව අතගාලා බලද්දි එතන වල ගැහිලා. තෙල් ටිකක් ගෑවා. පවු ඒ
ළමයා ඒ වෙද්දිත් ඇස් වල කදුළු පිරිලා. ඔය අතරෙ ළමයි ප්‍රශ්ණ පත්‍රය පැත්තක තියලා
බනිනවා. ඒ අතරේ පහල තියෙන කළා පංති වල ළමයි හොදටම කෑගහනවා. ඒත් හාමුදුරුවොන්ට ඒ
ලියලා ඉස්කෝලේ පැමිණිලි පෙට්ටියක් තියෙනවා ඒකට දාන්න. ඒ වගේම අළුත් සර් ගිහින්
විදුහල්පතිතුමාට පැමිණිලි කරලා වුනදේ. විදුහල්පතිතුමාටත් කරන්න දෙයක් නැහැ කිවලු.
මෙහෙ හාමුදුරුවො දෙන්නාගේ හැටි ඔහොමතමා එයාලා අපිටත් කරදරයක් වෙලා තියෙන්නේ කියලා.
ඒකත් එපමණයි. කොහොමහරි ප්‍රශ්ණ පත්‍රය ඉවර වෙලා අපි ලැබ් එක්ට ගියා. අපේ විද්‍යා
අංශයේ සියළු දෙනාම එකතු වෙලා කතා කර කර හිටියා ඒ ගැන. හැමදෙනාම අප්‍රසාදයෙන් කතා
පැත්තට ගියා. අපිට හොදටම රවාගෙන. ඉන්පස්සේ මම ගියා කොම්පියුටර් ලැබ් එක වහලා එන්න.
ළමයි ඉස්සරහා එහෙම කතා කල එක වැරදියි කියලා. ඒ සර්ත් කිසිම බයක් නැති මනුස්සයෙක්.
එයාත් කෙලින්ම කියලා ඒ දිපු දඩුවම හරිද කියලා. කොහොමහරි හාමුදුරුවො ගියා. ඒ වෙලාවෙ
ඉස්කෝලේ ඇරියා. ඒත් ළමයි යන්නේ නැහැ. පංතිය ළග කැරකි කැරකි ඉන්නවා. අන්තිමට
මැඩම්ලා කියලා කියලා යවා ගත්තා. ඒත් පහලට බැහැලා යන්න හිතක් නැහැ. ආයෙමත් ලැබ් එක
අත්සන් කරලා පහලට බහිද්දි දැක්කා හාමුදුරුවො කළා අංශයේ තවත් සර්ලා දෙන්නෙක් එක්ක
විදිහක් නැහැ. මා ඒ හැමදෙනාටම වඩා ගොඩක් පොඩි නිසා. ඒ නිසා මම එන්න ආවා. කොහොම
වුනත් පුදුමාකාර කළකිරිමක් ඇති වුනේ. මට අපේ විද්‍යා අංශයේ ගුරුවරුන්ට විතරක්
නෙවේ. විද්‍යා අංශයේ ළමුන් හැමදෙනාටම. ඒ වගේ අමානුෂික දඩුවම් නොදි හැමදෙනාටම කළා
අංශයේ ළමයින්ට විද්‍යා අංශයේ ළමයින්ට එක වගේ සලකන්න පුළුවන්නම් කොයිතරම්
වටිනවාද... ඒ වගේම ඔහොම ගහන්නේ නැතිව ළමයින්ට හොදින් කියලා යහමගට ගන්න පුළුවන්.
ගහන්න බනින්න දඩුවම් කරන්න කළා අංශයේ අයට හරි පුදුමාකාර ආසාවක් තියෙනවා. අනේ
මන්දා..
Poohttp://www.blogger.com/profile/02145961940861329378noreply@blogger.com5tag:blogger.com,1999:blog-829223480124265011.post-21026601295492138112013-02-25T22:41:00.000+05:302013-02-25T22:41:03.693+05:30හැකිනම්....... නොහඬන්න....නෙතු පුරා හඬන්නම්....
නුඹ අහිමි නිසා..... මට....
සිත පුරා සිනාසෙන්නම්...
ඔබ තුටින් නිසාවෙන්.....
ගලායන කඳුළු බිඳු
පාරනා විට මහද
නොහඬා සිනා සෙන්නට
කියා දෙන් මට.....
හැකිනම් නොහඬන්න....
නුඹ නොලදත්....
කමා කරනු මැන.....
නොහැක සිනා සෙනු සගවා .....
මහද දුක් ගිනි.....Poohttp://www.blogger.com/profile/02145961940861329378noreply@blogger.com1tag:blogger.com,1999:blog-829223480124265011.post-7429078931817314052013-02-20T22:17:00.000+05:302013-02-20T22:17:08.372+05:30අහිමිවීම් පමණද ජිවිතේ.....අපේ ජිවිත හරි පුදුමාකාරයි. අපි බලාපොරොත්තු වෙන දේවල් ඒ විදිහටම ඉටු වෙයිද නොවෙයිද කියන්න අපි දන්නේ නැහැ. ඉතින් අපි අතරේ කට්ටියක් ඉන්නවා එයාලා ජීවිතේ බලාපොරොත්තු වෙන හැමදේම ඒ විදිහට වෙනවා. ඒත් තවත් සමහර අයගේ ජීවිතේ එයාලා බලාපොරොත්තු වෙනදේට වඩා හාත් පසින්ම වෙනස් දේවල් තමා සිදු වෙන්නේ. කොහොමත් අපි හැමදෙනාම බලාපොරොත්තු වෙන්නේ ජීවිතේ සතුටු හිතෙන හොඳ දේවල්. ඉතින් ඒ වගේ බලාපොරොත්තු බිඳ වැටුනාම ජීවිතේ කොයිතරම් දුක් බරද.......
මගේ ජීවිතේ අද වෙනකම් තිබුණු එකම ලොකු බලාපොරොත්තුවක් විතරයි. තවමත් ඒක ඉටු වේවිද නැතිද කියන්න බැහැ. නමුත් මේ වෙනකම් තිබුණු පොඩි පොඩි බලාපොරොත්තු ගොඩක් පෙනි පෙනි නැතිව ගියා. අදත් පුංචිම පුංචි බලාපොරොත්තුවක් නැතිව ගිය නිසා හිතේ දුකට ලියන්න හිතුන නිසා ලිවා. කියවන අයට හිතේවිද දන්නේ නැහැ මේ මොන විකාරයක්ද කියලා. එහෙම හිතුනොත් බනින්නේ නැතිව යන්න. මොකද මට බැණුම් අහන්න නම් බැහැ.
පුංචිම පුංචි කාලේ මගේ ජීවිතේට ගොඩක්ම වටින කෙනා මට අහිමි වුනා. ඒ තමා මගේ ජීවිතේ මා පහලටම ඇදන් වැටුනු සිදුවීම. ඉන්පස්සේ ටික ටික ලොකු වුනා ඒ දුක ජීවිතේ කොටසක් කරගෙනම. මම තුන වසරේ ඉද්දි ලෙඩ වුනා ගොඩක්. මාස ගාණක් ඇදේම හරියට කන්නේ බොන්නේත් නැතිව හිටියා. ජිවිතේ හැම බලාපොරොත්තුවක්ම අත් ඇරලා ඉද්දි ආයෙමත් මා ඉස්සර වෙලා හිටියා වගේ හොද වුනා.
ඉන්පස්සේ මම හතර වසරට එද්දි අළුත් ගුරුවරියක් ආවා අපිට. ඇය අවුරුද්දක් පිටරට ඉදලා ඇවිත් තිබුනේ. කොහොම හරි ඇය මා එක්ක පුදුමාකාර අමනාපයක් තිබුණා. පෑනෙන් ලියන්න පටන් ගත් මුල් කාලේ නිසාත් මාස ගාණක් අසනීපෙන් හිටි නිසාත් මගේ අත් අකුරු කැතයි. ඒ නිසාම ඇය මාව පන්තියේ කොන් කලා. හැමදාම මට පිටිපස්සේම පේළියට යන්න වුනා. ඇත්තටම මට පාසල් යන එක පවා එපා වෙලා තිබුණා. නමුත් අම්මා හැමදාමත් මට ගෙදරදි පාඩම් කියලා දෙන නිසාත් අනිත් අයට වඩා ඉක්මනින් මට වැඩ කරන්න පුළුවන් නිසා මම හැමදාමත් පාසල් ගියා.
කොහොමහරි මම පහ වසරට ආවා. පහ වසරට ආවාම අපේ පන්තියට අලුතෙන් ගුරුවරියක් ආවා. ඇය ගොඩක් හොදයි. පන්තියේ හැම ළමයෙක්ටම ගොඩක් ආදරෙන් සැලකුවා. පහ වසරේ ශිෂ්‍යත්ව විභාගය තිබුණා. මම සමත් වුනා. නමුත් අවාසනාව කියන්නේ මට එක ලකුණක් මදි උසස් බාලිකා විදුහලට. ඒ නිසා මාව තේරුනේ පුෂ්පදාන විදුහලට. හොද වෙලාවට අපේ අක්කා හිටිය නිසා මගේ ඒ හීනෙ නම් හැබෑ වුනා.
එතන ඉදන් කාලේ මහා ලොකු බලාපොරොත්තු තිබුනේ නැහැ. ඒ කාලේ ගෙවිලා ගියා. ඉන්පස්සේ සාමාන්‍ය පෙළ කාලේ තිබුණ ලොකුම බලාපොරොත්තුව සියළුම විෂයන් වලට විශිෂ්ඨ සම්මාන ගන්න. ඒත් අනේ මන්දා ඒකත් එකක් නැති වුනා. සංගීතයට සාම්මානයක්. එදා මම ගොඩක් ඇඩුවා. මම අඩනවා දැකපු හැමදෙනාම හිතුවේ මම විභාගය අසමත් වෙලා කියලා. ඒත් මගෙ බිදවැටුණු බලාපොරොත්තුව නිසා මම ගොඩක් දුක් වුනා.
ඉන්පස්සේ උසස් පෙළ. ඒකෙනුත් බලාපොරොත්තු වුන ප්‍රථිඵල ලැබුනේ නැහැ. මට යන්න ඔනේ වුන තැනට යන්න පුලුවන් කමක් නැති වුනා. ඉන්පස්සේ විද්‍යාපීඨයට අයදුම්පත් දැම්මා. විද්‍යාවට ලැබුනේ නැහැ. ඒත් පස්සේ දැනගත්තා මට වඩා අඩු z-score එකක් තියෙන අයටත් ලැබිලා තිබුනා කියලා. ඉන්පස්සේ ඉංග්‍රීසි. එයට එක ලකුණක් මදි වුනා. ඒ වෙලාවේ නම් මම ගොඩක් මානසිකව වැටුණා. පිඨාධිපතිතුමාට පුලුවන් ඒ ලකුණ සංශෝධනය කරලා තව ලකුණක් අඩුවෙන් බදව ගැනීම් කරන්න. අභියාචනයක් ඉදිරිපත් කලත් ඒක නොසලකා හැරුණා මගේ නෑදෑයෙක් නිසාම.
ඒ බලාපොරොත්තු කඩවීමත් එක්කම ඊලග වතාවේ ප්‍රථිඵල වලින් විශ්ව විද්‍යාලයට යන්න බල්න් හිටි එකත් අතැරලා NIBM ගියා. ඒ අතරේ ආයුර්වේද වෛද්‍ය වලට ආවේ. කොහොමහරි NIBM එක ඉවර කලා. රැකියාවක් බලාපොරොත්තු වුනා හොද. ලැබුන එක ඒ තරම්ම හොද තැනක නෙවේ. ප්‍රසිද්ධ ආයතන දෙක තුනකම interview වලට ගියා. හැම තැනකම දෙවනි තුන්වෙනි එකෙන් අසමත් වුනා. ඔය අතරේ පොඩි තැනක වැඩ කලා. එතනත් මහ රැවටිමක් වුනේ. එතන පාවිච්චි කලේ foxpro. ජවා වලට කොටසක් convert කරනවා. මට කිවා මාස තුනකින් ජාවා වලට මාරු කරන්නම් කියලා. ඒත් අවුරුද්දක් බලන් හිටියා. ජාවා මතකයක්වත් නැහැ. මා ඉද්දිම අලුතෙන් දෙන්නෙක්ව ගත්තා ජාවා වලට. මට එපාම වුනා. එතන ඉන්න තිබුන බලාපොරොත්තුව ඉවරම ඉවරයි. මා එතනින් ඉල්ලා අස් වුනා.
මම එතනින් අස් වෙන්න කලින් ගොඩක් රැකියා වලට ඉල්ලුම් කලා. ඔය අතරේ ප්‍රධානම එකක් තමා ප්‍රසිද්ධ බැංකුවක්. ඒකෙනුත් interview එකෙන් අසමත් වුනා. නමුත් පස්සේ දැනගත්තා එහි වැඩකරනinterview board එකේ හිටි කෙනෙක්ගෙන් දේශපාලනය නැතිකම නිසා අසමත් වුනා නැතිනම් ලකුණු හොදයි කියලා. කොහොමහරි කණගාටුම කරුණ කියන්නේ මට වඩා ලකුණු අඩු දක්ෂතාවයන් තරමක් අඩු අය ගොඩක් දෙනෙක් තේරිලා තිබුණා. මම හොදින් interview එකට මුහුණ දුන් නිසා ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියා. ඒ වුනත් ඒ හැමදේම නැතිවුනා.
ඉන්පස්සේ හැම බලාපොරොත්තුවක්ම අත් ඇරියා. එදා දවසේ ජිවත් වුනා එතනින් එහා දවසක් ගැන හිතුවේ නැහැ. ඔය අතරේ වෙන ආයතන වල interview වලට ගියා. ඒත් බලාපොරොත්තු තියාගත්තේ නැහැ. ඒ අතරේ teaching වලට අයදුම්පතක් දැම්මේ අම්මා. අම්මා බැන්න නිසා බාගෙට පුරවලා දීලා ආවා. අම්මා ඒක දැම්මා සම්පූර්ණ කරලා. මගේ හිතේ පුංචි බලාපොරොත්තුවක්වත් නොතිබුණ නිසා ඒක ලැබුණා.
ඔය අතර කාලයේ පුංචි පුංචි බලාපොරොත්තු කඩවීම් අනන්තවත් වෙලා තියෙනවා. එහෙම වුන දෙයක් ආයෙමත් අද වුනා. ඒත් කලින් වතාවන් වලට වඩා අද එකෙන් ගොඩක් හිතට දුකයි. මගේ මහත්තයා මාව බලන්න එනවා කියලා සති ගානකට කලින් පොරොන්දු දීලා අන්තිමේ එදා උදේට එන්න බැහැ කියලා තියෙනවා අනන්තවත්. ඉතින් එහෙම දවසට අඩලා රණ්ඩු වෙලා අයෙම ටිකකින් හිත හදාගන්නවා. ආයෙමත් දවසක එන්න කියනවා කියලා හිතාගෙන. මොකද ඉතින් ඒ දවස් වල උදේ එන්න කියලා හරි යන්න පුලුවන්. මමත් කොළඹම නෙ හිටියෙ.
ඔය දේම අදත් වුනා. දෙසැම්බර් මාසේ ඉදන් එන්න කියලා දින දාගෙන සතියෙන් සතිය කල් ගිහින් යන්තම් මේ සතියට යොදා ගත්තා. අද උදේ වෙනකම්ම එනවා කිවා. ඉතින් මම නිවාඩුවක් එහෙම දාලා මගේ වැඩ භාරදුන්නා. අද ගෙදර ආවාම කතා නොකරම ඉදලා රෑ වෙලා කතා කරලා කියනවා. දුක හිතෙන කතාවක් සහ සතුටු හිතෙන කතාවක් තියෙනවා කියලා. මම දුක හිතෙන කතාව මුලින් ඇහුවා. ඒ මාව බලන්න එනවා කිව දවසට එන්න බැහැ කියලා. ඒකට මට ගොඩක් දුකයි. මාස ගණක් බලන් ඉදලා ඉදලා මුණ ගැහිලා ඔහේ කියව කියව ඉන්න තියන් හිටි බලාපොරොත්තු බිදිලා ගියා. ජිවිතේ මහා ලොකු බලාපොරොත්තුවක් නෙවේ වුනත් අනිත් අයට පුංචි බලාපොරොත්තුවක් වුනාට මට ඒක මහ මෙරක් තරම්. ඒ හන්දා වෙන්න ඇති මේ තරම් දුක. ආයෙමත් කවදා හමු වෙන්නද..... තවත් මාස ගාණක්.
ජීවිතේ තව ඉතිරි වෙල තියෙන්නේ එකම එක බලාපොරොත්තුවයි. ඒකවත් සුනු විසුනු වෙලා යන්නේ නැතිව ඉටු වෙනවා නම්. ඒ බලාපොරොත්තුව සුන් වුනොත් මා ජිවත් වෙන එකක් නැහැ. ඒ තරමට මට ඒක දරාගන්න බැරි වේවි. මට් හැම මොහොතෙම හිතෙන්නේ ඇයි මගේ හැම බලාපොරොත්තුවක්ම මෙහෙම බිද වැටෙනේ කියලා. ඒකට කියන්නේ අවාසනාව කියලාද කාලකණ්ණිකම කියලාද....
Poohttp://www.blogger.com/profile/02145961940861329378noreply@blogger.com9tag:blogger.com,1999:blog-829223480124265011.post-5908481710168651142013-02-15T23:56:00.000+05:302013-02-15T23:56:44.528+05:30දියුණු වෙන්න පුළුවන් බදින්න කලින් විතරමද.......ගොඩක් දවසකට පස්සේ ලියන්න හිතුනා. ලියන්න දේවල් ගොඩක් හිතේ තිබුනත් ඒ හැමදේම ලියන්න හිතේ නිදහසක් නැහැ. අදනම් හිතා ගත්තා නිකම්ම නිකම් කම්මැලිකමේ ඉන්න වෙලාවේ පෝස්ට් එකක්වත් ලියන්න ඔනේ කියලා. එහෙනම් වැල්වටාරම් නතර කරලා කතාවට යන්නම්කෝ.
මෙහෙමයි මේ කතාව වුනේ මාත් මට වඩා වැඩිමහල් අවුරුදු 50 ආසන්න කරපු අම්මා කෙනෙක් එක්කයි. අදටත් මට තේරෙන්නේ මම හරි කියන එකයි. හේතුව මට ඔප්පු කරන්න දෙයක් තිබුණා. ඒ වගේම තමා ඇන්ටි හිතාන ඉන්නේ එයා හරි කියලා. ඒ එයාටත් ඔප්පු කරන්න දේවල් තියන නිසා වෙන්න ඇති.
දවසක් මම ඔය කිව ඇන්ටි එක්ක කතා කරනවා. මාතෘකාව වුනේ විවාහය. ඉතින් ටිකක් වෙලා කතා කර කර ඉද්දි ඇන්ටි කියනවා එයාගේ පුතාටනම් කසාදයක් බදින්න කැමැත්ත දෙන්නේ අවුරුදු 30 පහු වුනාම කියලා. මටත් හරි පුදුමයි ඇයි එහෙම කියන්නේ කියලා. ඇයි ඉතින් දැන් කාලේ කොල්ලෝ අවුරුදු 28ට කලින් බදිනවානේ. ඒ නිසා මමත් ඇහුවා ඇයි ඇන්ටි එහෙම කියන්නේ කියලා.
ඔන්න දැන් ඇන්ටි මට පැහැදිලි කරනවා කාරණාව.
"මේකනේ දුව... දැන් අපේ පුතාට තවම රස්සාවක් නැහැ. එයාගේ අනාගත බලාපොරොත්තු ගොඩක් තියෙනවා. ඒවා ගොඩක් වෙනස්. අනිත් එක එයාට ගෙදරක් නැහැ. ගෙදරක් හදාගන්න ඕනේ. එහෙම නිකම්ම නිකම් කසාද බැදලා හැමදාම එකම තැන ඉන්න වෙන්නෙ. එයාට ඕනේ හොදට දියුණු වෙන්න. අනික කොල්ලෙක්නේ 30 පහු වුනා කියලා ප්‍රශ්ණයක් නැහැ නෙ. "
"ඉතින් ඇන්ටි බැන්දා කියලා දියුණු වෙන්න බැරි නැහැනේ. අනික එතකොට ගොඩක් හොදට දියුණු වෙන්න පුළුවන්නේ. දෙන්නම හොඳට හම්බකරලා ලස්සනට දියුණු වෙන්න පුළුවන්නේ. අනික ඇන්ටිගේ පුතාට රස්සාවක් තාම නැහැ කියන එක ප්‍රශ්නෙකුත් නැහැනේ. එයාට හොඳට තමන්ගේ දෙයක් කරන් ජීවත් වෙන්න පුළුවන්නේ. දැන් කාලේ කොල්ලෙක් වුනත් 30 පහු වෙනකම් ඉන්නවා කියන්නේ තේරුමක් නැහැ. මොකද ඉතින් එන්න එන්න මිනිස්සුන්ගේ ආයු කාලය අඩු වෙනවානේ"
"අනේ ඔයාට මොනවාද ළමයෝ තේරෙන්නේ, බැදලා දියුණු වෙනවා කියලා හිතාන හිටියාට ඒක කරන්න බැහැ කවදාවත්ම. එතකොට ඉතින් වෙන්න එදා වේල කාලා ජිවත් වෙන්න තමා. අනික එයාට එයාගේ ගමන යන්න බැරි වෙනවා. රස්සාවක් කරලා ගෑණිට කන්න අදින්න දෙන්නයි ළමයි හම්බවුනාම එයාලාගේ වැඩයි විතරයි. ඉන් එහාට ගෙවල් හැදිල්ලක්වත් දියුණුවක්වත් එයා බලාපොරොත්තු වුන් තැනට යන්න වෙන්නේ වත් නැහැ."
"නැහැ ඇන්ටි එහෙම එකක් නැහැ. දෙන්නා සමගිනම් දෙන්නටම එකතු වෙලා ගොඩක් සතුටින් අනාගතය හදාගන්න පුලුවන්. ඒ වගේම තමා ළමයි හිටියා කියලා එයාලාගේ වැඩ් තිබුණා කියලා දියුණු වෙන්න බැරි වෙන්නේ නැහැ. අනිත් එක බදින කෙනා එයාව ගොඩක් හොදින් තේරුම් ගත්ත කෙනෙක් නම් කිසිම ප්‍රශ්ණයක් නැහැනේ එයාගේ බලාපොරොත්තුව ඉෂ්ඨ කරගන්න එයාත් උදවු කරාවිනේ. "
"අනේ දුව මේ අවුරුදු 50 වුන මම අත්දැකිමෙන් කියන දේට වඩා අවුරුදු 25 වුන ඔයා කියන දේ හරි කියලාද ඔයා කියන්නේ"
තවදුරටත් ඇය සමඟ කතා කිරිමෙන් පලක් නැතිබව තේරුණ නිසා මම අනේ මන්දා ඇන්ටි මට තේරෙන හිතෙන විදිහ මම කිවේ. ඇන්ටි කියන දේ හරි ඇති.
මම කතාව එතනින් නතර කලාට ඉන් එහාට මගේ සිතුවිලි මටම වද දුන්නා. මම් වැරදි නැහැ කියන එක. හේතුව එයට හොදම උදාහරණයක් මම දන්නවා.
මම නම් විස්තර කියන්නේ නැතිව කියන්නම් ඒ අය ගැන. අක්කා සාමාන්‍ය පෙළ හොදින් සමත් වෙලා උසස් පෙළ ගණිතය අංශයෙන් හදාරන්න පංති යනවා. අයියාත් විද්‍යා අංශයෙන් පංති යනවා. මේ අතරේ මේ දෙන්නා අතරේ ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්න්වා. නමුත් ඔවුන් වැරදියි. හේතුව ඔවුන් උපරිම වැරැද්දක් කරනවා. මේ නිසාම අක්කාගේ දෙමාපියන් මැදිහත් වෙලා ඔවුන් බන්දලා දෙනවා. ඒ වන විට උසස් පෙළ පළමු වසරේ ඔවුන් දෙදෙනාම. කෙසේහෝ අයියා ඇගළුම් ආයතනයක සුළු රැකියාවකට යනවා. ඔය සිදුවීම වුනේ 1998 හෝ 1999 කාලයේදී.
මේ වෙද්දි අයියාට ලැබෙන වැටුප රුපියල් 3500 පමණ. ඔවුන් පදිංචි වෙලා හිටියේ අක්කාගේ මහ ගෙදර. අක්කාගේ තාත්තා විතරයි රැකියාවක් කලේ. එයාට නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. එයාලා මධ්‍යම පාංතික පවුලක්. මම මෙහෙම කිවේ එයාලාගේ ආර්ථික තත්වය තීරණය කරන්න. කොහොම වුනත් අයියා එයාටත් අක්කාටත් කෑමට යන වියදමෙන් සුළු මුදලක් ගෙදරට දෙන්න වුනා. ඒ වගේම තමා ඔවුන්ගේ කුඩා පුතාගේ වියදම් දරන්න වුනා.
මේ විදිහට අමාරුවෙන් මුල් කාලයේ ජීවත් වුනා. කොහොම කොහොම හරි අයියා රැකියාවේ උසස්වීම් ලබාගත්තා. අයියාගේ දෙම්ව්පියන් ඉඩමක් දුන්නා. ඒ දෙන්නා මහන්සියෙන් ගෙයක් හැදුවා. දැන් ගේ සම්පූර්ණයෙන්ම හදාල ඉවරයි තට්ටු දෙකට. ඒ වගේම ලීස් කරලා පාවිච්චි කරපු කාර් එකක් ගත්තා. දැන් මාරම සතුටෙන් ඉන්නවා. මුල් කාලේ දුක් වින්දට දැන් කිසි අවුලක් නැහැ.
එයාලා ජීවිතේ පටන් ගත්තේ බිංදුවටත් පහල තැනකින් ඒත් එයාලා අද හොදින් ඉන්නවා. අඩුම තරමේ බදින්න වයස සම්පූර්ණ වෙලාවත් තිබුනේ නැහැ. අද වෙද්දි කිසිම දුකක් කරදරය නැහැ හොදින් ඉන්නවා. ඒ වගේමයි ගොඩක් වයසට යන්න කලින් පුතා ලොකුයි. මම එයාලා කල දේ හරි කියන්නේ නැහැ. ඒත් අපි අතරේ ඉන්න ගොඩක් අය හිතන්නේ දියුණු වෙලා බදින්න ඔනේ. නැතිනම් කවදාවත් දියුණු වෙන්න බැහැ කියලා. ඒත් ඒක එහෙම නෙවේ. අපි උත්සාහ කරනවානම් මුකුත්ම නැතිව ජීවිතේ පටන් ගෙන හොදට දියුණු වෙන්න පුළුවන්.
අවුරුදු 30 පහු වෙලා බදින එක කොල්ල්ක්ට අවුලක් නැහැ කිවාට තියෙනවා. අපි මහ ලොකු කාලයක් ජීවත් වෙන්නේ නැහැ. ඒ වගේම 30 බැදලා 31 විතර ළමයෙක් හිටියොත් ඒ ළමයාට අවුරුදු 20 වෙද්දි 51 වයස. අවුරුදු 20 කියන්නේ කැම්පස් යන වයස. ඒ කාලේදි වියදම වැඩියි. ගොඩාක් සල්ලි හම්බ කරලා තිබුනොත් ප්‍රශ්ණයක් නැහැ. නමුත් ඒ වෙද්දිත් හම්බ කරන්න වුනොත්. ඒ වගේමයි ඔය සිතුවිල්ලෙන් ඉද්දි කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්නවානම් ඒ කෙල්ලට අකමැත්තෙන් දාලා යන්න වෙනවා එහෙම නැතිනම් ජීවිත කාලෙම තනි වෙන්න වෙනවා.
යාළු වෙන කෙල්ල අවුරුදු ගානක් බාල නම් ටිකක් හරි කමක් නැහැ කියන්න පුලුවන්. ඒත් බොහොමයක් දෙනා සම්බන්ධකම් ඇති කරගන්නේ අවුරුද්දක් දෙකක් පරතරය තියන අය එක්ක. එහෙම වුනාම කොල්ලා 30 පහු වෙනකම් ඉද්දි කෙල්ලට 29. ගොඩක් ගෙවල් වලින් කෙල්ලෙක්ට ඒ තරම් කල් ඉන්න දෙන්නේ නැහැ. ඊටත් එහෙම හිටියා වුනත් 29 බැදලා 30 විතර අම්මා කෙනෙක් වෙන එක ඒ තරම්ම හොද නැහැ. සමහර විට මෙහෙම ඒ කෙනා වෙනුවෙන්ම බලා ඉදලා 30ත් පහු වුනොත් 32 ක් විතර වුනාම ඒ ගෑණු ළමයාව නොබැද වෙන කෙනෙක් බදින්න තියෙන ඉඩකඩ වැඩියි. බොහෝ විට යෝජිත විවාහ. ඉතින් එහෙම වුනාම කොයි තරම් දියුණු වෙලා හිටියා වුනත් හිතේ සතුට නැති වෙන්න පුලුවන්.
මේ මගේ හැගීම. ගොඩක් දෙනෙක් කියාවි මේ මොන විකාරයක්ද කියලා. ඒත් මේ අපි අතරේ තියන ඇත්ත කතා. ගොඩක් දෙනෙක් හිතන්නේ හරි පටු විදිහට. එක දෙයක් ගැන හිත හිත ඒ මතේ ගැලිලා ඉද්දි ගිලිහිලා යන අනිත් දේවල් ගැන හිතන්නේ නැහැ. ඒ දේවල් මතක් වෙන්නේ ගොඩක් කල් ගියාට පස්සේ...
Poohttp://www.blogger.com/profile/02145961940861329378noreply@blogger.com6tag:blogger.com,1999:blog-829223480124265011.post-44593714138144746832013-01-29T21:58:00.000+05:302013-01-29T21:58:04.304+05:30අද දවස.....හැමදාම එකවගේ ගෙවෙන දවස් වලට වඩා අද දවස ගොඩක් වෙනස් වුනා. ගොඩක් දවසකට පස්සේ කම්මැලිකම ඇරගත්තා.
අද වෙනදාට වඩා කලින් නැගිටින්න නම් වුනා. ඒ ඊයේ දවසේ මා අතින් සිදුවුන අමතක වීමක් නිසා උදෙන්ම යන්න වුනා. මම වෙනදා වගේම උදේ නැගිටලා ලෑස්ති වුනා. අද නම් සැනසීමෙන් යන්න පුළුවන් කියලාම හිතාන. වෙනදාට කලින් මම ඉස්කෝලේට ගියා. මම ගිහින් අත්සන් කරලා අමතක වෙලා අරන් ආව ලැබ් එකේ දොරේ යතුරත් සිකුරිටි එකට දුන්නා.
අද පාසලේ හැමදෙනාටම විශේෂ දවසක් වුනා. හේතුව වුනේ වාර්ෂික නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වෙන මැරතන් ධාවන තරඟය අද පවත්වන නිසා. සියළුම දෙනා කෙලින්ම ක්‍රීඩා පිටියට ගියා වුනත් මට පාසලට ගිහින් යන්න වුනා. අපේ පාසලේ ඉදන් ක්‍රීඩා පිටියට ඇවිදන් යන්න පුළුවන් වුනත් මම බස් එකක නැගලා ගියා. මම යද්දි හැමදෙනාම වගේ ඇවිත් හිටියා. මමත් අපේ කට්ටිය ඉන්න තැනට ගිහින් ඉදන් හිටියා. මට වෙන වැඩ තිබුනෙත් නැති නිසා.
මම කලිනුත් ඔයාලාට කියලා තියෙනවානෙ අපේ ඉස්කෝලේ ටිකක් වෙනස් කියලා. අපේ පාසලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල උත්සවාකාරයෙන් පවත්වන්නේ වසර දෙකකට වතාවක්. ඒ නිසා මේ අවුරුද්දේ උත්සවයක් නැහැ. ඒත් සියළුම තරඟ තියෙනවා. ඒ තරඟ වලින් ප්‍රධානම තරඟයක් තමා බාලක බාලිකා මැරතන් ධාවන තරඟය. එය උත්සවාකාරයෙන් පැවැත්වීමට කටයුතු යොදාගෙන තිබුණා.
කොහොමහරි උදේ 8 වෙද්දි පන්සිල් දීලා සෙත් පිරිත් දේශනා කරලා 8.30 විතර වෙද්දි මැරතන් එක පටන් ගත්තා. මැරතන් ධාවන තරඟයේ බාලක තරඟය ක්‍රීඩා පිටියෙන්ම ආරම්භ කලා. බාලිකා තරඟය ආරම්භ කෙරුනේ මගකින්. කොහොමහරි මැරතන් ධාවන තරඟය අවසන් වෙලා තරඟකරුවන් ක්‍රීඩා පිටියට එන්න සූදානම් වන මොහොතේම අපේ විදුහල්පතිතුමා මට කතා කලා. මදැයි ජීවිතේ පළවෙනි වතාවට මැරතන් එකක් බලන්න කියලා පැවිලියන් එකේ උඩම පඩියක හොඳට වාඩි වෙලා හිටියා. මොනවා කරන්නද කියලා හිත හිත පහලට බැස්සා.
මම ගිහින් ඇහුවා "ඇයි සර්"
"........, දැන් ලැබ් එක භාර ගෙනද තියෙන්නේ"
(සර් මට කතාකරපු විදිහ මෙතන දාන්නේ නැහැ. මම වගේ පොඩි කෙනෙක්ට ඒ තරම් බර වචනෙකින් අමත්න එකට මම කැමති නැහැ වගේම. මේක කියවන සමහර අයට හිතෙන්න පුලුවන් මගේ ලොකු කමද කියලා....ඇනෝ ලාට එහෙම :)
"නෑ සර්...තාම සරත් සර් තමා භාර"
"හා එහෙමද.. අමාත්‍යාංශෙන් ඇවිත් අඩුපාඩු බලාගෙන යන්න. සරත් සර් ට එහෙනම් පණිවිඩේ කියන්න ඉස්කෝලේට ගිහින් ටිකක් බලන්න කියලා"
යන්තම් මම බේරුණා කියලා හිතන් මා සරත් සර්ව හොයන්න ගියා. මම ගිහින් පණිවිඩේ කිවාම එයා කියපි "හා යමු දැන් ඔයා භාරගන්න ඉන්න කෙනානේ කියලා."
මමත් ඉතින් මොනා කරන්නද දැන් ඉතින් කියලා යන්න් පිටත් වුනා. එතකොටම වගේ මැරතන් එකේ මුල්ම තුන් හතර දෙනා ආවා. හොඳටම නැතත් අවසානය යන්තම් හරි බලාගත්තනේ කියලා හිත සනසන් ඉස්කෝලේට ගියා.
අපේ ඉස්කෝලේ ගේට්ටු තුනක් තිබුනාට අපිට ලගම ගේට්ටුව නිතරම ලොක් කරලා තියෙන්නේ. ඒත් සරත් සර් මට කිවා එතනින් හොරෙන් පනින්න තැනක් තියෙනවා යන්න පුලුවන් වේවිද කියලා. මටත් අවුලක් නැහැ. වටයක් ඇවිදිනවාට වඩා ලේසිනේ. ඒ නිසා යමු කිවා. කොහොමහරි ඒ තරම් අමාරු තැනක් නෙවේ. අපි ඔෆිස් එකට ගියා ආවා කිව කෙනා ඉන්නවාද බලන්න. ඒත් පෙන්න එහෙම කෙනෙක් නැහැ. එතකොටම අපේ නියෝජ්ය්ය විදුහල්පති තුමිය කතා කරලා විස්තරේ කිවා.
මටත් ඕනේ කොහොම හරි මේ මර උගුලෙන් බේරෙන්න. ඉතින් මම ඉක්මනට කිවා.
"අනේ මැඩම් මම තාම ඕවා දන්නේ නැහැ. සර් තමා තාමත් ලැබ් එක භාරව ඉන්නේ සර් තමා දන්නේ කියලා"
වැඩේ හරි ගියේ නැහැ. එයා පෙරටුවෙන් යනවා. මම පස්සෙන් යනවා. හොඳ වෙලාවට සර්ටත් මගේ ගැන දුක හිතිලාමද කොහේදෝ පස්සෙන් එනවා.
"එන්න මම ඔයාව අදුන්වලා දෙන්නම්" කියාගෙන මැඩම් chemistry ලැබ් එකට ගියා.
කොහොමහරි එතන හිටි මැඩම්ට මාව අදුන්වලා දීලා ගියා. එතන අපේ ඉස්කෝලේ චෙමිස්ට්රය් සහ ඵ්ය්සිcස් ලැබ් වල ඇසිස්ටන්ලා දෙන්නාගෙන් ඒ බඩු ගැන විස්තර ගන්නවා. ඒ දෙන්නාම හරියට විස්තර දෙන ජාතියේ දෙන්නෙක් නෙවේ. කොහොමහරි මේස බංකු වල දිග පළල මනින්න මාත් උදවු කලා. ඉක්මන්ට එතනින් ගැලවෙන්න. ඒ එක්කම කට්ටියම පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා මමයි අර අමාත්‍යාංශෙන් ආව මැඩම් දෙන්නා ඉතිරි වුනා. මගේ ටිකිරි මොලේට වැටහිලා තිබුනේ මේ වැඩේ හරිම ආසාර්ථකයි කියලා.
ඉතින් මම හෙමින් සීරුවේ සැර ඔක්කොම බාල කරලා ඔය ගැන ඇයට කිවා. උගන්වන ගුරුවරුන් ඉන්න දවසක නම් විස්තර හොදින් ගන්න තිබුනා. එයාලා තමා ඒ විස්තර හොදටම දන්නේ කියලා. ඉතින් එයා කිවා එයාලාට එන්න කිවානම් හොදයිනේ කියලා. මට එහෙම පුලුවන්ද මම වැටුණු අමාරුවේ තව කෙනෙක්ව දාන්න. ඒ නිසා මම කිවා නැහැ එයාලාට එන්න බැහැ. එයාලාට ක්‍රීඩා පිට්යේ වැඩ තියෙනවා කියලා. ඉන්පස්සේ එයාට තේරෙන්න ඇති මට දැන් මේක වදයක් වෙලා ඉන්නේ කියලා.
ඒ පාර ඒ මැඩම් කිවා ඔයාගේ විස්තර ටික බලමුකො කියලා. ඉන්පස්සේ ඇහුවා මොකක් භාරවද ඉන්නේ කියලා. මමත් කිවා computer ලැබ් එක කියලා. එයා මුල ඉදන් අගටයි අග ඉදන් මුලටයි එයා ලඟ තිබුන කොළ සෙට් එක පෙරලලා කිවා "ආ නැහැ ඒ ගැන විස්තර ඕනේ නැහැ" කියලා. මට ඉතින් හිතුන දේ කියන්න ඕනේ නැහැනේ. මම ඉක්මනටම ඇහුවා එහෙනම් මැඩම් මම යන්නද කියලා. හා කිව ගමන් මම ආවා. මම සර් ගෙන් ඇහුවාම එයා ආයෙම යන්නේ නැහැ කිවා. මම අපේ නියෝජ්‍ය විදුහල්පතිතුමියට පණිවිඩේ කියන්න ගියාම එය මට බොරු උගන්වනවා. එයා ක්‍රීඩා පිටියට නොයා ඉන්න එකට විදුහල්පතිතුමාට බොරු කියන්න මාව ගාවගන්න යනවා. මම අහුවෙයි ඕවාට. මම ඔලුව වනලා හා කියලා එන්න ආවා.
කොහොමහරි මම ආව පාරෙන්ම යන්න යද්දි. තව සර් කෙනෙක් මුණගැහුනා. එයාටත් ටිකක් කතා කරද්දි මගේ නම කියනවා ඇහුනා. ක්‍රීඩා පිටියේ ඉදන්. හයියෝ මාව හොයනවා. මමත් අත් ඇරියේ නැහැ. සාරියත් පටලගෙනනේ. ඒත් පුලුවන් වේගෙන් ගියා. කට්ටියම ලෑස්තියි මාත් වතුර ටිකක් එහෙම බීලා සෙට් වුනා. ගුරුමණ්ඩලයේ එල්ලේ තරඟයට.
කොහොමහරි ඉක්මනට අඩි උස සෙරෙප්පු ගලවලා අඩි නැති දෙකක් දාගෙන ක්‍රීඩා පිටියට ගියා. පෙර පුහුණුවීම් කලාම පුලුවන් තරමක් හොදින් පන්දුවට පහර දෙන්න. කොහොමහරි කණ්ඩායම් දෙකකට බෙදන්න අපි ගියා ක්‍රීඩා විවේකාගාරයට. ඔහොම ගිහින් කණ්ඩායම් දෙකට බෙදිලා අපි පාට වෙන් කලා. පාට දෙක තමා නිල් සහ කොළ. අපි කොළ කණ්ඩාය්මේ. අපිට දුන්නා ලස්සන ටී ෂර්ට් එකක්. දැන් අපි සාරි ඇදන් දිවුවොත් බෙල්ල කඩා ගන්න තමා. ඒ නිසා ගෙදරින්ම සූදානමින් ආපු අපි බොටම් එකයි ටී ෂර්ට් එකයි ඇද ගත්තා. සමහර මැඩම්ලා නම් සාරියට උඩින්ම ටී ෂර්ට් එක ඇන්දා.
කට්ටියම ක්‍රීඩා පිටියට ආවා. මුලින්ම තරඟ කලේ අපි. අපේ කණ්ඩායමේ අය ඉක්මනින් දැවීගියා. සමහර අයට දුවන්න බැරි නිසා වෙනුවට අය දිවුවා. මමත් පිති හරඹය දක්වන්න ආවා. හයියෝ අති පණ්ඩිත සර් කෙනෙක් බෝල් කලා. මදැයි කලා කරට උඩින් දැම්මා. දෙවනි බොලේට ගැහුවා. මගේ පිටි පස්සටම ගියේ. මම අවුට් වුනා. කණගාටුවෙන් බලන් හිටියා. අපරාදේ අපේ කණ්ඩායමේ හැමදෙනාටම වගේ ඒ බෝල වලට ගහන්න බැහැ. එය හරි උඩින් බෝලේ එවන්නේ. අපේ කණ්ඩායමේම සාමාජිකයෙක් වුනාට කිවට පිළිගන්නේ නැහැනෙ. කොහොමහරි තරඟේ ඔහොම යද්දි මමත් වෙනුවට දිවුවා. ඒත් මට ලගටම ඇවිත් බොලෙන් ගැහුවා. මම හිමින් දුවපු නිසා එහෙම නෙවේ. බෝලේ ලඟට වැටිලා තියෙන්නේ.
අපි අමාරුවෙන් ලකුණු 5ක් ගත්තා. ඉන්පස්සේ අපේ පන්දු රැකිමේ වාරය. අපි සෙල්ලෙම් කලේ එල්ලේ. නැතිනම් ඔයාලා හිනා වෙවි ලකුණු 5ද ගත්තේ කියලා. අපි පන්දු රකින්න ගිහින් මම ලස්සනට අතටම ගත්ත කැච් එකක් අතෑරියා. අනේ අතෑරියා නෙවේ ඇගිලි වල රැදුනේ. ඉතින් බෝලේ ලෙස්සල ගියා. කොහොමහරි අපි පැරදුනා. එයාලා තව බෝල 9 තියෙද්දිම ලකුණු 5 ගැහුවා. ආ මට කියන්න අමතක වුනානේ අපේ ලොකු සරුත් සෙල්ලම් කලා නිල් පාටින්.
එහෙම ඉතින් අපේ සෙල්ලම ඉවර වුනා. ක්‍රීඩාගාරයට ගිහින් ටිකක් මහන්සි ඇරලා. ආයෙමත් පැවිලියන් එක පැත්තේ ගියා. ඔන්න එතකොට තමා කට්ටියගේ විවේචන. මම හොඳට දුවනවා කියලා අපේ හැමෝම කිවා. ඒකනම ආඩම්බරයක්. ඒත් ඉතින් කැච් එක මිස් කරපු එකට කිවානේ මම බෝලේ අල්ලද්දි බර වැඩියි කියලා හිතුන නිසා අතෑරියා කියලා. මක් කරන්නද... ඔන්න ඔහොම තමා මම ඉස් ඉස්සෙල්ලාම එල්ලේ ගැහුවේ.
ඉන්පස්සේ දාඩියත් එක්ක ආයෙම සාරිය අදින්න බැරි නිසා මමත් අපේ අනිත් අයත් බොටම් එකයි ටී ෂර්ට් එකයි පිටින්ම ඉදලා ගෙදර යන්න හිතුවා. කොහොමහරි මම බෑග් එක ගන්න තනියම පැවිලියන් එකට ගියා. එතන හිටි අපේ අයම මාව හරියට දැකලා නැතිව රැවටිලා ලමයෙක් කියලා. ලැජ්ජාව සගවගෙන හිටියා ඉතින්. ඉන්පස්සේ අපි හොරෙන්ම පහලට ආවා අත්සන් කරන්න. මාත් ඒ අතරේ පිටිපස්ස හැරිලා අත්සන් කරද්දි එතනට ආව මැඩම් කෙනෙක් තව ටිකෙන් අහනවා ඇයි මේ ලමයෙක් අත්සන් කරන්නේ කියලා. එයා ප්‍රසිද්ධියේ එහෙම ඇහුවේ නැති වුනාට කිවා හැමෝටම ඇහෙන්නෙ.
අනේ මම අසරණ වුන් තරමක්. හැමෝම හිනා වුනා. අයෙමත් සුදු ගවුමක් අන්දලා ඉස්කෝලේ එවන්න පුලුවන් කියලා. අපි 1.30 වෙනකම් හිටියා. ඉවර වෙන පාටක් නම් නැහැ. ඉන්පස්සේ හොර පාරකින් පැනලා ආවා. මම තව මැඩම් කෙනෙක් එක්ක කුඩේ යටින් ආවේ. එයා හිනා වෙනවා. ඔයාවනම් අදුරගන්න එකක් නැහැ. අම්මායි දුවයි යනවා කියලා හිතයි කියලා. කොහොමහරි පිට්ටනියෙන් එලියට ගිහින් බස් හෝල්ට් එකට ගියා.
බස් එකක් එනකම් මැඩම් කෙනෙක් එක්කම සෙට් වෙලා ඉද්දි ආවේ නැතිද අපේ ලොකු සෑර්ගේ රොයිටර් පුවත් සේවය. ඒ තමා අපේ සර්ගේ කා.කා.ස. ජයන්ත. අනේ අපරාදේ කියන්න බැහැ. හැමදේම සර්ට කියන හොඳ සේවකයෙක්. මොනා කරන්නද ඉතින්. හිත හදාගෙන ආව මුල්ම බස් එකේ නැගලා ගෙදර ආවා.
ඔන්න ඔහොමයි මගේ ගුරු ජීවිතයේ මුල්ම ක්‍රීඩා අත්දැකිම...
Poohttp://www.blogger.com/profile/02145961940861329378noreply@blogger.com1tag:blogger.com,1999:blog-829223480124265011.post-80994847377192386322013-01-25T13:45:00.000+05:302013-01-25T13:45:31.684+05:30නුඹම පමණයි සැමදා.......සිතිවිලි තනිවී...... සිතෙහිම සිරවී............
තනිවන රැයක මෙසේ.......
සුසුමක සිහිලේ...... නෙතු යුග පියවා........
සැතපී සිටිමි මෙසේ.....
දුක සැප හමුවේ....
නොසැලී ආවේ...
තනිකම ......... පමණි මගේ.......Poohttp://www.blogger.com/profile/02145961940861329378noreply@blogger.com1tag:blogger.com,1999:blog-829223480124265011.post-24408805551237942802012-12-27T20:44:00.001+05:302012-12-27T20:44:49.339+05:30මම අකුරු කියවූ හැටි...............අපි පුංචි කාලේ අපිට අකුරු කියවනවානෙ. මම දන්න විදිහට නම් ඉතින් අකුරු කියවන්නේ අවුරුදු දෙක හමාර තුන විතර වයසේදි. ඒ වගේම තමා ඔය අවස්ථාවට ලගම නෑදෑයින්ට එන්න කියලා නැකතට පූජාවන් එහෙම තියලානේ කරන්නේ. මේ ඉතින් මම දන්න විදිහ. මීට වෙනස් විදිත් ඇතිනෙ.
ඔන්න එහෙනම් අකුරු කියවන චාරිත්‍ර වාරිත්‍ර ගැන කියවන්නේ නැතිව මම කතාව කියන්නම්. අපේ පවුලේ ඉන්නේ මමයි අක්කයි නෙ. ඒ කියන්නේ අපේ අප්පච්චිටයි අම්මාටයි ළමයි දෙන්නයි. ඉතින් අපේ අප්පච්චිත් ගුරුවරයෙක් විදුහල්පතිවරයෙක් නිසා හරි කැමති වෙලා තියෙනවා අක්කාටයි මටයි අකුරු කියවන එක අප්පච්චිම කරන්න. මොකද ඉතින් අප්පච්චිගේ සහෝදරයන්ගේ ළමයි හැමදෙනාටමත් අකුරු කියවලා තියෙන්නේ අප්පච්චිම තමා. එහෙම එකේ තමන්ගේ ළමයි දෙන්නාට අකුරු කියවන්න බැරි වුනොත් වැඩක් නැහැ නෙ.
ඒත් ඉතින් අපේ අප්පච්චිගේ නරක වෙලාවට අපේ අක්කාටනම් අකුරු කියවන්න බැරි වෙලා. ඒක වෙලා තියෙන්නේ මෙහෙමයි. අපේ අක්කාට අවුරුදු 5 වෙනකම්ම අප්පච්චියි අම්මායි අක්කායි ඉදලා තියෙන්නේ අපේ අම්මාගේ මහ ගෙදර. ඉතින් අක්කාට අකුරු කියවද්දි අම්මාගේ අක්කාටත් එන්න කියලා ලේසියෙන්ම එන්න පුළුවන් නිසා. ඉතින් අප්පච්චි ඔක්කොම දේවල් සූදානම් කරලා අකුරු කියවන වැඩේ පටන් අරන්. අප්පච්චි හෝඩිපොත අරන් අක්කාට කියනවාලු
"කියන්න මගේ පුතේ අ යනු" කියලා.
අක්ක මුකුත් කියන්නේ නැතිව අර පූජාවට වටේට තියලා තියන ජාති වල හැඩ බලනවාලු.අප්පච්චි පස් හය වතාවක්ම උත්සාහ කලාලු වැඩක් නැහැ අක්කා අකුරු කියන පාටක් නැහැ. නැකත් වෙලාවත් පහුවෙන නිසා අත් ඇරල දාලා. ඊට පස්සේ අපේ ලොකු අම්මා "චම්මි.... කියන්න අ යනු..." කියලා.
අපේ අක්කාත් පට ගාලා කියලා " අ යනු " කියලා.
අප්පච්චිට හරිම දුක හිතිලා ඒත් ඉතින් මොනා කරන්නද කියලා ඉදලා.
එහෙම තම අප්පච්චිට අක්කාට අකුරු කියවන්න බැරි වෙලා තියෙන්නේ.
අපේ අක්කා ඉස්කෝලේ යන්න වයස වෙද්දි අපේ අප්පච්චිටයි අම්මාටයි අක්කාටයි අම්මලාගේ මහ ගෙදරින් යන්න වෙලා. ඒ හේතුව නම් මම ගොඩක් දන්නේ නැහැ. අම්මා කියලා තියෙන විදිහටනම් අපේ ලොකු මාමා කන්කසන්තුරේ ඉදලා එහෙ කලබල ඇතිවෙලා පවුල් පිටින් මෙහෙ ගෙදර පදිංචියට ආවාම අප්පච්චිටයි අම්මාටයි යන්න කියලා රණ්ඩු වෙලා. කොහොම හරි ඉතින් එයාලා වෙනම පදිංචියට ගිහින්.
ඔහොම ඉතින් වෙනම පදිංචි වෙලා පවුලේ අයගෙන් ගොඩක් ඈත් වෙලා තියෙනවා එයාලා. අපේ අක්කාට අවුරුදු 8ක් වෙද්දි මම ඉපදිලා තියෙන්නේ ඔහොම පවුලේ අයගෙන් ඈත් වෙලා ඒ තුන් දෙනා වෙනම සතුටින් ඉද්දි. කොහොම හරි මටත් අකුරු කියවන වයස ලං වෙලා. දැන් අත්තම්මාගේ ලොකුඅත්තාගේ බලපෑමුත් නැති නිසා අප්පච්චි ජයටම මගේ අකුරු කියවන මංගල්ලේට ලෑස්තිවෙනවාලු.
ඒ කාලේ අපි හිටියේ මාතලේ. ඒ නිසා අපේ අප්පච්චිගේ ගමට ලගයි. ඒ නිසා අප්පච්චි නිතර ගමේ ගිහින් එක එක දේවල් අක්කාටයි මටයි ගේනවා. ඔය ගේන දේවල් අපිට දෙන්නේ ටික ටිකත් නෙවේ. කොහොමහරි අකුරු කියවන්න කලිනුත් අප්පච්චි ගමේ ගිහින් බඩ ඉරිගු ගෙනත්. මට අකුරු කියවන්න කලින් දවසේ අක්කාටයි මටයි තම්බලා පිගන් දෙකකට දාලා ඉන්දවලා කන්න දුන්නා. අනේ ඉතින් මාත් පොඩ් එකා කියලා අමතක වෙලා වගේ හොදට කෑවා. ඊටත් වඩා හොදම දේ තමා අක්කායි මායි හරිම පෙරේතයි අන්නාසි වලට. අප්පච්චි එදා අන්නාසි ගෙඩියකුත් ගෙනාවා. අපි දෙන්නාට අන්නාසි ගෙඩිය කපලා දෙකට බෙදලා පිගන් දෙකකට දාලා දුන්නා. අපිට කියලත් මොනවා තේරෙනවාද අපිත් හොදට කෑවා. කොහොම හරි අක්කායි මායි එදා කිසි අවුලක් නැතිව හැමදේම කාලා හිටියා.
කොහොමහරි පහුවදා මට අකුරු කියවන නැකත. එදා උදෙන්ම අප්පච්චියි අම්මායි නැගිටලා හැමදේම ලෑස්ති කරලා. අපිවත් ඇහැරවලා මුණ සෝදවලා ඇදුම් අන්දලා වැඩේට ලෑස්ති වෙනවා. අප්පච්චි මට ගෙනපු අලුත්ම ඇදුම අන්දවලා හැඩට කොන්ඩෙ පිරලා හැඩ කලා. ඊලගට ලස්සනට පුජාවන් තියන්න සරසපු මේසේ පහන් පත්තු කරලා පූජාවන් එහෙම තියන්න ලෑස්ති වුනා. බුදුහාමුදුරුවන්ට මල් පහන් සුවද පූජා කරලා ඊලගට ගණ දෙවියන්ට සරස්වති දෙවියන්ට අදාල පූජාවන් එහෙම තිබ්බා. ඔය වැඩ ටික කරලා පන්සිල් එහෙමත් කියලා අප්පච්චි හෝඩි පොත අතට ගත්තා.
ඉන්පස්සේ අප්පච්චි හෝඩිපොතේ මුල් පිටුව පෙරලලා "අ" ලග ඇගිල්ල තියලා
"කියන්න මගේ පුතේ "අ" යනු ....."
මම නිහඬයි.
අප්පච්චි ආයෙමත් කියනවා
"කියන්න පුතේ "අ" යනු..."
මගේ කට හෙලවෙන්නේ වත් නැහැ.
අප්පච්චිත් ගේම අතාරින්නේම නැහැ. ඇයි ඉතින් එක ළමයෙක්ට අකුරු කියවගන්න බැරි වුනා. අනිත් ළමයාටවත් අකුරු කියවන එක කරන්න එපායැ.
"කියන්න මගේ පුතේ "අ" යනු... කියන්න."
ඒත් ඉතින් මම නෙවේ කියන්නෙ.
බැරිම තැන අක්කාත් කියන්න ගත්තා.
"කියන්න නංගි... "අ" යනු..."
එත් ඉතින් මම කියන්නේ කොහොමද....
අප්පච්චි ආයෙමත් කියනවා
"මගේ හොද පුතානේ කියන්නකො "අ" යනු....."
ඒ පාරනම් මගේ කට ඇරුනා...
"මට බෑ අප්පච්චි......" කියලා මම ඇඩුවා.
අප්පච්චිට කවදාවත් නැතිව තරහා ගියා හොදටම. මගේ පස්සට දෙකක් ගහලා ඇද උඩට විසි කරලා දැම්මා. ඉන් පස්සේ අප්පච්චි එලියට ගියා. ඒ වෙලාවේ තමා අප්පච්චි දැකලා තියෙන්නේ අප්පච්චිගේ සරමේ මම ඉදන් හිටි තැන මොනාද ගෑව්ලා තියෙනවා. ඉන් පස්සේ අප්පච්චි අයෙමත් ඇවිත් මාව අරගෙන බලලා කලිසම ගලවලා බලලා.
අනේ අසරණ මට වෙලා තියෙන්නේ කලින් දවසේ කාපු දේවල් දිරවගන්න බැරිව බඩේ අජීර්ණයක් වෙලා බඩ බුරුලට ගිහින් ඇදන් හිටි ඇදුමේම. කොහොමහරි එදා මගේ අකුරු කියවිල්ල ඉවර වුනා. මම අ යන්න කියන්න කට ඇරියේවත් නැහැ. කොටින්ම කිවොත් මම අකුරු කියවලා නැහැ.
ඔන්න ඔහොමයි මම අකුරු කියෙව්වේ. අහ් මම අකුරු කියෙව්වේ නැහැනේ..
මට නැකතට අකුරු කියවන්න ගිහින් වුනේ ජර මරයක්....... කොහොමත් ඉතින් මගේ ජීවිතේ තියෙන්නේ හරි අමුතු සිදුවීම්නේ....
Poohttp://www.blogger.com/profile/02145961940861329378noreply@blogger.com3tag:blogger.com,1999:blog-829223480124265011.post-8897617007900670892012-12-11T23:08:00.002+05:302012-12-11T23:08:46.698+05:30මම ලිඳට පනිනවෝ...... (ජබෝ....ස්......)ගොඩක් දවසකට පස්සේ මතක් වුනා මම පොඩි කාලේ කරපු දඟ වැඩක්. ඒක මතක් වුනෙත් ඔය සිදුවීමට අදාල ලිඳ දැක්කා ගොඩක් දවසකට පස්සේ ගෙදර පිටිපස්සේ මිදුලට ආව නිසා. දැන් ඔයාලා හිතින් මවා ගන්න එහෙම එපා ලොකු පිටිපස්සේ මිදුලක්.. අපේ ඉඩම පොඩියි ඒත් මම පිටිපස්සේ කොටසට යන්න කැමති නැහැ. හේතුව ඉතින් එහා පැත්තේ ගෙදර අන්කල් හැමවෙලේම ඉන්නේ එතන. මම එයාට කැමති නැහැ නේ. අනම් මනම් කතා නතර කරලා කතාව කියන්නම්.
අපි දැන් ඉන්න ගෙදරට ආපු අලුත තමා මේ සිදුවීම වුනේ. අපි මෙහේ පදිංචියට එද්දි ගෙදරට ටැප් වතුර තිබුණේ නැහැ. ඒ කියන්නේ පාරෙන් වතුර අරන් නැහැ. අපි වතුර ගෙනාවේ අපේ ගෙදර උඩහා ගෙදරින්. ඒ උඩහා ගෙදර හිටියේ අපේ අම්මාගේ ලොකු මාමා සහ නැන්දා. එයාලාගේ පුතාලා දෙන්නාගෙන් එක්කෙනෙක් බැදලා australia වල අනිත් පුතා බැදලා කොළඹ පදිංචිය. දුව බැදලා නැහැ ඒ වෙද්දි. ටිකක් වයසට ගිහින් එයා ඒ වගේම හරි අමුතුයි. කොහොම හරි මුල් කාලේ වතුර එහෙන් ගේන එක කරදරයක් නැති වුනාට ටිකක් කල් යද්දි හරි කරදරයි. එලියේ ටැප් එකෙන් වතුර පුරවද්දි ඒ ලොකු අත්තා වතුර වේගය අඩු කරනවා. එතකොට ඉතින් පැයක් විතර ඉන්න ඔනේ වතුර පිරෙනකම්.
ඔය කරදරේ ඉවසන්න බැරි නිසා අම්මායි අක්කායි තීරණය කලා අපේ වත්තේ තිබුණ අත් ඇරලා දාපු ලිඳ සුද්ද කරලා හෝදන වැඩ වලට ගන්න. බොන්න විතරක් එහෙන් වතුර ගමු කියලා. ඔය කාලේ ඉතින් මම පොඩි ළමයා. මම 2 වසරෙන් හොරෙන් පැනලා 3 වසරේ ඉන්න වයසේ. අපි ලිඳ හොදට සුද්ද කරලා පාවිච්චියට ගත්තා.
අපේ අම්මා අපිත් එක්ක ඉන්නේ සෙනසුරාදා ඉරිදා විතරනෙ. අනිත් දවස් වල අපි කලින් ඉස්කෝලේ ඇරිලා ආවාට අම්මා එද්දි ටිකක් හවස් වෙනවා. අපි එහෙට ඇවිත් ටික කාලයක් ගියා. ඔහොම ඉද්දි උඩහා ගෙදර අත්තම්මාට අපේ අම්මා නැතිවම බැහැ. එයා හැමවෙලේම අපේ අම්මාට උඩ ඉදන් අඩගහනවා බබෝ බබෝ කියලා. ඔය ඒ අත්තම්මා බබෝ කියන්නේ මට. මම ඉස්සරහා මිදුලට අවාම කියනවා අම්මාට එන්න කියන්නකො කියලා. ඉතින් අපේ අම්මාත් යනවා. නොගිහින් බැහැනෙ. අම්මා එන්කම් ඉස්කෝලේ ඇරිලා ආවාම අපිව බලාගන්නේ අත්තම්මානෙ.
ඉතින් ඔහොම කතා කලාම අපේ අම්මාත් ගිහින් සෑහෙන වෙලාවක් කතා කර කර ඉන්නවා. ඉතින් හැමදාම මම සිය පාරක් විතර අම්මාට කතා කලාම තමා අම්මා ගෙදර එන්නේ. ඔය වැඩේට මට ඉතින් හරි තරහයි. ඉතින් ඔහොම දවසක් අම්මා අත්තම්මා එක්ක කතා කර කර හිටියා. මම හතර පස් වතාවක් අම්මාට එන්න කිවා. අම්මා එන්නම් කිය කිය කතාව. මම ගේ වටේ ගියා ටිකක් කල්පනා කලා. මගේ ටිකිරි මොලේට හොඳ අදහසක් ආවා.
"අම්මා..... එන්නකෝ....... ඔයා ආවේ නැතිනම් මම ලිඳට පනිනවා......
එකයි.... දෙකයි..... තුනයි...... "
ජබෝ......ස්
අම්මා අඩි දෙකට ලිඳ ලග එබිලා බැලුවා ලිඳ ඇතුල පෙන්න නැහැ ඔලුගෙඩියක්. එත් වතුරට යමක් වැටිලා හෙලවෙන විදිහ පෙනවා. අම්මා අඩන්න ගත්තා.
"අනේ මගේ පොඩි පුතේ...... ඇයි අම්මාට එහෙම කලේ.....
මම ඔයාවයි අක්කාවයි බලාගන්නේ කොයි තරම් අමාරුවෙන්ද...."
ඔහොම කිය කිය අඩනවා. අක්කාත් සද්දෙට දුවගෙන ඇවිත් ලිඳ ලග. ඒ ලිඳට පැන්නොත් ආයේ ගොඩ ගන්නවා බොරු. හේතුව ඉතින් ගොඩක් ගැඹුර ලිඳක් නෙ. අක්කාත් හොදටම අඩනවා. එයාගේ එකම නංගිනෙ. අම්මාටයි අප්පච්චිටයි කියලා කියලා ගෙන්න ගත්ත. මටත් හරි දුකයි දැන් ඒ දෙන්නා අඩද්දි. මම හෙමින් සීරුවේ ලිඳ පිටිපස්සේ ඉදලා හෙමිට නැගිට්ටා. අම්මා දැක්කා මාව.
"පොඩි පුතේ ඔයා ඔතන එතකොට...." අම්මා එහෙම් කියලා ලිඳ ඇතුල බැලුවා.
අක්කාත් මට ඔරවලා "නංගි ඔයා මොකක්ද ඒ කරපු වැඩේ...."
දැන් කොහොමත් බැනුම් අහගන්න වෙනවා කියලා දන්නවානේ. ඉතින් මම බොහොම හෙමින් ඇත්ත කියන්න පටන් ගත්තා.
"අම්මා...... මම අම්මාට කතා කලාට කතා කලාට එන්නේ නැහැනෙ. අත්තම්මා එක්ක කතා කර කර ඉන්නවානෙ. ඉතින් මම තරහට මම ලිඳට පනිනවා කියලා මෙතන තිබුණ ගල ලිඳට දැම්මා. එතකොට සද්දෙට අම්මා එනවානෙ......"
මම කියාගෙන කියාගෙන ගියා.
අම්මායි අක්කායි හොදටම තරහෙන් පුපුරනවා.
"ඔයා පැන්නා කියලා හිතලා මමත් දුවගෙන ආපු ගමන් ලිඳට පැන්නා නම් මොකද කරන්නේ" අම්මා එහෙම ඇහුවා.
අම්මා එහෙම ඇහුවාම මට දෙන්න උත්තරයක් තිබුනේ නැහැ.
"එනවා යන්න ගෙදර...." අම්මා තරහින් එහෙම කියලා මාව අතින් ඇදගෙන ගිහින් ගෙට දැම්මා.
ඉන්පස්සේ පේර කෝටුවක් කඩාගෙන ඇවිත් දොරවල් දෙක වහලා හොදටම ගැහුවා. ආයේ එහෙම වැඩක් කලොත් හම ගහනවා කියලා බැන බැන ගැහුවා. මට කවදාවත්ම අම්මා එහෙම ගහලා නැහැ.
මම හොදටම ගුටි කෑවා අයෙම එහෙම වැඩක් කරන්නේ නැති වෙන්නම. කොහොම හරි අම්මා ගහන එක නතර කලා දුක හිතුන නිසා.
ඊට පස්සේ මට ලිඳ ලගට යන එක තහනම් කලා. අම්මා හරි අක්කා හරි නැතිව තනියෙන් ලිඳ ලගට ගියොත් පොලිසියට අල්ලලා දෙනවා කිවා. පොඩි මම පොලිසියට තියන බයට අයෙම ලිඳ ලගට ගියෙ නැහැ.
ඔන්න ඔහොම තමා මම ලිඳට පැන්නේ. අදටත් ඒ ලිඳ තියෙනවා. නමුත් දැන් ඒ හරියේ ගෙවල් ගොඩක් හැදිලා නිසා පාවිච්චි කරන්නේ නැහැ.
එදා ලිඳට ඇත්තටම පැන්නා නම් අද මෙහෙම කියන්න මම නැහැනෙ ඉතින්.....Poohttp://www.blogger.com/profile/02145961940861329378noreply@blogger.com3tag:blogger.com,1999:blog-829223480124265011.post-79253539592244220342012-12-06T22:47:00.001+05:302012-12-06T22:47:53.529+05:30අමාවක...........අමාවක දා රෑට එකළු කරනට
අඹර....
නැතිමුත් සුපුන්.... සඳ.....
නැත..... කිසිදාක.....
අමාවක....
මසිත් අහසට.....
එකළු කරනට......
නුඹට....... හැකි නිසා
සුපුන්... සඳ වී....
මසිත් අහස.....Poohttp://www.blogger.com/profile/02145961940861329378noreply@blogger.com3tag:blogger.com,1999:blog-829223480124265011.post-78959474902458634052012-12-01T21:44:00.000+05:302012-12-01T21:44:24.188+05:30දිවි තුරා ආදරෙයි මං නුඹට.......කදුල නුඹ හැමදාම
මා ලඟ තනියට ඉන්න....
දුර ඈත...... ඒ හිතට
ලංවෙන්න වරම් නැති.....
ආදරයේ සුවඳ නොවිදි....
පුංචි බිම්මලක්..... මා
තරු පිරිවැරූ හඳට පෙම් බැදි...
කොඳ කුමුදු මලකි....... මා.....
නොලැබෙනා බව දැන දැනම
නුඹට පෙම් කලේ...... කුමට
කියන් මට.... කුමරුණේ....
ලං වෙනු නොහැකි.... දුරකට
පියමං කලත්....... නුඹ...
ඇතැර මා .........
පෙම් කරමි...... මම
දිවි තුරා......
නුඹ....... සිතට.....
එක ලෙදම....... හැමදාම.....Poohttp://www.blogger.com/profile/02145961940861329378noreply@blogger.com4tag:blogger.com,1999:blog-829223480124265011.post-79994009450041840452012-11-22T23:54:00.001+05:302012-11-22T23:54:12.885+05:30එන්න හොර බොරු වංචා දන්නේ නැති අය..... දවසින් ඉගෙන ගන්න ...ගොඩක් දවසකට පස්සේ මේ පැත්තේ ඇවිත් හොර බොරු වංචා ගැන පන්තියක්වත් දාන්න ලෑස්තිද කියලා. අනේ නැහැ.. මේ මාත් ඉගෙන ගත්ත දෙයක් ඔයාලා එක්ක බෙදා හදාගන්න කියලා. කවදා හරි ඔයාලාටත් වැදගත් වේවිනේ...
කට්ටිය දන්නවනේ මේ දවස් වල හැම පාසලකම වගේ වර්ෂ අවසාන වාර විභාගය පැවැත්වෙනවානෙ. ඉතින් මම ඉන්න පාසලේත් ඔය සදහා සුදානම මේ වාරයේ ආරම්භයේ ඉදන්. දැන් ඔයාලා මගෙන් අහන්න එහෙම එපා ඒ තරම් කාලයක් මොකටද කියලා. ඔය ගැන මම දන්නේ නැහැනේ.. මට වැඩකුත් නැහැනේ. කාලෙකට පස්සේ ලියන්න ගත්ත නිසා වැඩකට නැති දේවල් කියවනවා.
ඉතින් පාසලේ ලොකු ලොක්කෝ කතා වෙලා පසුගිය වාර විභාගයේ ප්‍රශ්ණ පත්‍රවල අකුරු වැරදීම් තිබුණ නිසා අලුත් ක්‍රියාමාර්ගයක් අරන් තිබුනා. අලුත් දෙයක් කිවාට කරන්නේ අදාල අංශවල ගුරුවරුන් තම තමන්ගේ අංශ වල ප්‍රශ්ණ පත්‍ර කුමන ක්‍රමයකින් හරි ටයිප් සෙටින් කරවාගෙන ප්‍රින්ට් කරලා භාරදෙන්න ඕනේ. ඉතින් ඔය වැඩේට යන වියදම පාසල් සංවර්ධන සමිතියෙන් ලබාදෙනවා.
ඔන්න ඉතින් අදාල අංශවලින් වැඩේට බැස්සා. ඔය අතරේ ගුරුවරු අතරේ සමහර අයට සිංහල ටයිපින් පුලුවන් අය ඉන්නවානේ. එයාලාට අමතර ආදායමක් ලබාදෙන්නත් එක්ක ඒ ගුරුවරුන්ට දුන්නා. ඉතින් මටත් ඔය තොප්පිය සෙට් වුනා. මට නම් ඉතින් ඔය අමතර අදායම් වැඩක් නැහැ ලැබෙන වැටුපවත් වැඩක් නැති කොට. ඒ ගැන පස්සේ දවසක කියන්නම්. ඉතින් commerce section එකේ අංශ ප්‍රධානි මට කිවා එයලාගේ ප්‍රශ්ණ පත්‍ර ටයිප් කරලා දෙන්න. මටත් ඉතින් කවුරුත් දෙයක් කිවාම බැහැ කියන්න බැහැනේ. ඒ නිසා මම භාරගත්තා.
මට භාරදුන්න ප්‍රශ්ණ පත්‍ර සියල්ලම හොදට ටයිප් කරලා භාරදුන්නා. ඒත් ඉතින් මම ඒවාට මුදල් ලැබේවි කියලා බලාපොරොත්තුවක් තිබුනේ නැහැ. හේතුව ඉතින් මම පාසලේ ටයිපිස්ට් වගෙන. ඒත් ඉතින් ඒ මැඩම් මට කිවා හැමදෙනාම මුදල් ගන්න එකේ මටත් වවුචරයක් පුරවලා මුදල් ගන්න කිවා. මාත් වවුචරයක් අරගෙන science section එකේ ප්‍රශ්ණ පත්‍ර ටයිප් කරන සර්ගෙන් අහගෙන පුරවා ගත්තා.
හැමදෙනාම දාලා තිබුනේ එක පිටුවකට රුපියල් 60 ගානෙ. මමත් ඒ ගානම දාලා දුන්නා. මම පිටු 43 ටයිප් කරලා තිබුණ නිසා මුලු මුදල 2580 වුනා. කොහොමහරි ඔය මුදල ගත යුතු පිළිවෙලත් අහගෙන මම ගියා අදාල කෙනා ලගට. ඇය පාසල් සංවර්ධන සමිතියේ භාණ්ඩාගරික තුමිය. ඉතින් එයා වවුචර් එකට ටිකක් වෙලා ඔරවන් බලන් ඉදලා කිවා අපෝ එක පිටුවකට රුපියල් 60ක් වැඩියි. මේක සර්ගෙන් අහන්නේ නැතිව බැහැ. අනේ ඉතින් අනිත් අයට හොදයි මට තමා කියලා හිත හිත මම ගියා විදුහල්පතිතුමා හොයාගෙන.
නරක වෙලාව කියන්නේ ඒ වෙලාවේ විදුහල්පතිතුමා නැහැ. පහුවදාට වැඩේ කල්දාලා මම ගියා මගේ වැඩ කරන්න. කොහොමහරි මම පිටුවකට රුපියල් 60 වැඩියි කිව කතාව commerce section එකේ අංශ ප්‍රධාන තුමියටත් කිවා. ඇය කිවා අනිත් අයට දෙන ගානම මටත් ලබාදෙන්න ඔනේ කියලා. කොහොමහරි පහුවදා මට ගොඩක් වැඩතිබුණ නිසා විදුහල්පතිතුමාව මුණගැහෙන්න පුලුවන් වුනේ පාසල් අවසන් වුනාම. මම මගේ වවුචර් එක පෙන්නුවා. ඉන්පස්සේ ඔහු කිවේ වෙන්ත් දෙයක්. රුපියල් 2000ට වඩා වැඩ් නිසා ගෙවන්නේ කොහොමද කියන එක භාණ්ඩාගරික තුමිය සමග කතා කලයුතු නිසා පහුවදාට එන්න කිවා.
ඔන්න ඉතින් මම පහුවදාත් වවුචරයත් අරන් ගියා. ඉන්පස්සේ විදුහල්පතිතුමා භාණ්ඩාගාරික තුමිය සමග කතාබහ කරලා කොටස් වලට කඩා වෙන වෙනම මුදල් ලබාගන්න පැවසුවා. මම ඒ බව commerce section එකේ ගුරුවරියන්ට කිවාම ඔවුන් වෙන වෙනම වවුචර් පුරවලා දුන්නා. ඉතින් ආයෙමත් අරන් ගියාම භාණ්ඩාගාරික තුමිය කියනවා මෙහෙම ගෙවන්න බැහැ. ඒවාට අදාලව බිල් තියෙන්න ඕනේ කියලා. ඉතින් මම කිවා මේවා ටයිප් කලේ මම මට බිල් දෙන්න බැහැනේ කියලා. ඒ පාර කියනවා බිලක් නැතිව ගෙවන්න බැහැ කොහෙ හරි කඩේකින් බිලක් ඉල්ලාගෙන එන්න කියලා.
ඒ වෙද්දිනම් මට එපාම එපාම වෙලා තිබුනේ. ඊටත් වඩා නීති ගොඩක් කියලා අන්තිමට හොරට බිලක් ගේන්න කිවා. හොරයක් නැතිව ඇත්තම කිව නිසා වැඩේ වුනේ නැහැ. අන්තිමට හොර වැඩේ කරන්න හිතට එකග නැතිව මම එතනින් ආවා මට වැඩේ භාරදුන් කෙනාට විස්තරේ කියලා ඒ මහන්සිය අමතක කරලා දාන්න. මම ඒ අයට විස්තරේ කිවාම එයාලා බිලක් ගෙනත් දෙන්න පොරොන්දු වුනා. කොහොමහරි බිලක් ලැබුනා. ඒත් කොටස් වලට කඩපු මුදල අයෙමත් එකට දාලා තමා බිල දීලා තියෙන්නේ. ඒ නිසා වෙන බිලක් හොයන්න වුනා. කොහොමහරි අපේ අම්මා මට බිල් දෙකක් හොයලා දුන්නා.
එහෙම දීලා අම්මා කිවා ඕක හරි ගියෙ නැතිනම් අතැරලා දාන්න එහෙම බොරු කරන්නත් බැහැ කඩවල් වල මිනිස්සු මොනවද හිතන්නේ එහෙම ඉල්ලද්දි කියලා. ඉතින් අද මම ඒ බිල් දෙකත් අරන් ගිහින් දුන්නාම කිවා මේක කොහෙන්ද ගත්තේ කියලා. මම අම්මාගෙන් තැන අහගත්තේ නැතිනිසා මම හිතට ආවට කිවා super market එකේ පැත්තක communication එකක් තියෙනවා එකෙන් කියලා. ඊට පස්සේ ඇය කියනවා මේ බිල පිලිගන්නවාද කියලා බලන්න ඔනේ කියලා. මම එහෙනම් බලලා තියන්න කියලා කියලත් අයෙම කිවා නැහැ මම සදුදාට අරන් එන්නම් කියලා.
මේ තරම් අමාරුවෙන් ගත්ත බිල නැති කලොත්. කොහොමහරි දැන් සති දෙකක් තිස්සේම මම වවුචරයක් අරන් රස්තියාදු වෙනවා නීතියට වැඩකරන්න බොරු කරන්න ගිහින්. අද හිතාගත්තා සදුදාට බැහැ කිවොත් අයෙත්නම් කවදාවත් වවුචරයක් පුරවන්නේවත් නැහැ කියලා.
කොහොමහරි ගුරුවරුන්ට මුදල් ගන්න බැහැ කියලා අපේ අක්කාගේ නමට වවුචරය ලියලා හොරෙන් කඩෙන් බිල් අරගෙන මම මහන්සි වුන එකට සධාරණය ලබන්න යන්නේ. මම ඇත්තම කිවා මම ටයිප් කලේ කඩවල් වල බිල් ගන්න බැහැ කියලා. ඉතින් එයාලා මට කියලා දුන්නා බොරු කියන්න වංචා කරන්න... ඒකත් නරකම නැහැ...
ලියාගෙන යද්දි ගොඩක් දිග වැඩි වුනා. කියවලා මටත් බැනලා යන්න. හැමදාමත් වගේ මම අදත් කියන්නේ ගුරුවරු කියන්නේ ගුරු වෘත්තිය කියන්නේ මහ එපා කරපු දෙයක්. ඒත් ඔය නරක ගුරුවරු අතරේ තවමත් හොද ගුරුවරුන් ඉන්නවා කියලා මට තේරුනේ දැන් මා සමග ඉන්න අවුරුදු 28 සේවය කල ගුරුමෑණියන්ගෙනුයි. එහෙනම් ගිහින් එන්නම් තවත් ගුරු විරෝධි කතාවක් අරන්.....Poohttp://www.blogger.com/profile/02145961940861329378noreply@blogger.com17tag:blogger.com,1999:blog-829223480124265011.post-28441267212995775132012-11-01T23:32:00.000+05:302012-11-01T23:32:21.536+05:30අනේ මෙහෙමත් ගුරුවරු සහ සිසුන්......ගොඩක් දවසකට පස්සේ ආයෙමත් ලියන්න ගත්තෙ මම අකමැතිම සිදුවීමක් වුන නිසාත් මට ඒ ගැන ලියන්න විවේකයක් ලැබුණු නිසාත්... පහුගිය දවස් වල මීටත් වඩා අප්‍රසන්න සිදුවීමක් වුනා. නමුත් ඒ ගැන ලියන්න හිතෙන්නේ නැති නිසා අද වුනදේ ලියන්න හිතුනා.
අපේ පාසලේ දැන් දින ගණනාවක් ඉදලා මෙවර සාපෙළ ලියන සිසුන්ට සම්මන්ත්රණ පැවැත්වෙනවා. පහුගිය දිනවල මෙම සම්මන්ත්රණ මාලාව ආරම්භ කලා. මෙය ප්‍රින්සිපල්ගේ නියොගයක් මත ක්‍රියාත්මක කල වැඩසටහනක්. ඔහු පවසා තිබුනා සෑම විෂය භාර ගුරුවරයෙක්ම තමන්ට අදාල විෂය සදහා එක් සම්මන්ත්‍රණයක් හෝ පැවැත්වීම අනිවාර්ය බව. කොහොමහරි පහුගිය දින කිහිපයේ මා දන්නා පරිදි සම්මන්ත්‍රණමාලාව කිසිදු ප්රශ්ණයකින් තොරව පවත්වා තිබෙනවා.
නමුත් අද උදෑසන බරපතල ප්‍රශ්ණයක් උද්ගත වුනා. මම අද පාසලට යන විට විනාඩි 5ක් පමණ ප්‍රමාද වුනා වර්ෂාව නිසා. කොහොමහරි තෙමිගෙන ගිහින් වතුර වෙලා ගන්න ක්‍රමයක් හිත හිත දවසේ කරන්න තියන වැඩ ටික හිතමින් ඉන්නකොට දැකලා හිනාවෙලා පමණක් තියෙන සර් කෙනෙක් ආවා. එතන staff room එකක් නිසා මම හිතුවේ එතන ඉන්න මැඩම්ව මුණගැහෙන්න වෙන්න ඇති කියලා. ඇත්තටම එතන Biology lab එකේ රූම් එකක්. මාත් හිනාවෙලා කට හදා ගත්තා අද bio madam නෑ කියන්න.
නමුත් ඉතින් බලාපොරොත්තු නැති විදිහට ඒ සර් ආපු ගමන්ම කිවේ මාවම හොයාගෙන ආවා කියලා. ඉතින් එතකොටම මම දන්නවා මොකක්මහරි මරාලයක් මට කඩාපාත් වෙනවා කියලා. මාත් ඉතින් හොද හිනාවක් එහෙම දාලා ඇහුවා මොකක්ද වෙන්න ඕනේ කියලා.
ඉතින් සර් මට dongle එකක් දීලා කියනවා. අද ඉතිහාසය සම්මන්ත්‍රණය තියෙන්නේ. ඒත් ඉතිහාසය කරන ගුරුවරු තුන්දෙනාගෙන් එක්කෙනෙක්වත් නැහැ. ප්‍රින්සිපල් කිවා මේකෙන් මොනවා හරි දාලා පෙන්වන්න කියලා ඔයාට කියලා.
අනේ ඉතින් මට නෑ බෑ කියවිලි නැති නිසා මාත් හා කිවා. dongle එක අරගෙන install කලා. ඔය අතරේ සර් අහනවා කොහොමද ළමයි හැමදෙනාටම පෙන්වන්නේ කියලා. ඉතින් මම කිවා projector එක ගේන්න වෙනවා කියලා. ඉතින් ඔහු ඒ වැඩේ භාර ගත්තා. මටත් ඒක හොදයි. හේතුව ඒක තියෙන්නේ ප්‍රින්සිපල්ගේ භාරයේ ඉතින් අරන් එද්දි ගෙනිහින් දෙද්දි cable හරියට පෙන්නන්න ඕනේ. හරිම වදයක්. නීති ගොඩයි.
සර්ගේ dongle එක connect වෙන්නේ නැති නිසා මගේ ලෝබකම පැත්තක තියලා මගේ dongle එකෙන් හොයන්න ගත්තා මොනවද පෙන්වන්නේ කියලා. මුලින්ම NIE එකෙන් ඉතිහාසය syllabuse එක download කරලා බැලුවා මොනවද අදාල කියලා. ඒ තියෙන දේවල් හෙව්වාට වැදගත් යමක් නැහැ පෙන්වන්න පුලුවන්. අන්තිමට ඒ සර්ට මතක් වුනා මොනවාහරි CD තියෙනවාද කියලා.
කොහොමහරි අමාරුවෙන් අපේ Computer lab එක බාරව ඉන්න සර්ගෙන් විද්‍යාව විෂයට අදාල CD ලැබුනා. කොහොමහරි අවශ්‍ය කරන අම්පන්න ඔක්කොම අරන් ප්‍රධාන ශාලාවට ගිහින් අමුණලා ළමයි නිෂ්ශබ්ද කරවලා CD දැම්මා. ඒත් ඉතින් ඒ ළමයි විනාඩි 5 ක්වත් නිහඩව හිටියේ නැහැ. කෑගහන්න ගත්තා. නිෂ්ශබ්ද කරවන වෙලාවේ විතරයි. ඇත්තටම ඒ තරම් නැහැදුණු ළමයි පිරිසක් මම ඒ දැක්කාමයි. සූ කියනවා කෑගහනවා තේරුමක් නැති ඒවාට අත්පුඩි ගහනවා. හූ කියනවා. කිසිම හැදියාවක්වත් අලුත් දෙයක් දැන ගැනීමේ වුවමනාවක්වත් නැහැ.
එහෙම අමාරුවෙන් CD එකහමාරක් පෙන්නුවා. නමුත් අර සර්ටත් මටත් එතන හිටිය තව ගුරුවරියන් දෙන්නෙක්ටත් තේරුණා තේරුමක් නැති වැඩක් කියලා. ඉතින් අපි වැඩේ නතර කලා. කොහොම හරි ගෙනාව උපකරණ ගෙනියන්න ලෑස්ති කරන විටත් ළමයි හොදටම කෑගැහුවා. එපමණක් නොවේ එක ළමයෙක් හොද පැහැදිලිව හූ කිවා. අර සර්ට හොදටම තරහා ගිහින් හිටියේ. තරහා තවත් උග්‍ර වුනා. අර ළමයා ලගට ගිහින් ළමයාව නවලා දුන්නා පිට හරහා පාරවල් දෙකක් පුදුම සද්දෙකින්. මුළු ශාලාවම නිෂ්ශබ්ද වුනා පුදුම විදිහට. ඔන්න ඔහොම ඉතිහාසය සම්මන්ත්‍රණය අවසන් වුනා.
හොදම සිදුවීම වුනේ ඉතිහාසය උගන්වන ගුරුවරු දෙදෙනෙක්ම එදින නිවාඩු. එක් ගුරුවරියක් උසස් පෙළ කලා අංශයේ. ඇය අද පාසලට පැමිණියත් සම්මන්ත්‍රණය පවත්වනවා නේද අනිත් ගුරුවරු නැහැ නේද කියලා නිකමටවත් ඇවිත් හැරී බැලුවේ වත් නැහැ. අදාලත්වයක් නැති අර සර් සහ පන්ති භාර ගුරුවරියන් දෙදෙනෙක් එතන සිටියා. ඒ ඇර කොහෙත්ම සම්බන්ධයක් නැති මම එතන ගිහින් ළමයින්ට යම් දෙයක් දෙන්න උත්සාහ කලා. නමුත් ඒ ළමුන්ටත් කිසිම උවමනාවක් නැති නිසා ඒ උත්සාහයත් තේරුමක් නැති දෙයක් වුනා.
මට හිතුන දේ තමා එවන් ගුරුවරුන්ටම ළමයි හැඩ ගැසිලාද කියලා. වැඩක් කරන ගුරුවරයෙක්ට වැඩක් කරන්නත් ඉඩ දෙන්නේ නැහැ. ඒ ගුරුවරයෙක්ගෙන්වත් වැඩක් ගන්න ළමයින්ට හිතෙන්නෙත් නැහැ. මට ඇවිත් වැඩේට සහය ඉල්ලු සර්ට ගොඩක් ලොකු උවමනාවක් තිබුනා ඒ ළමයින්ට කාලය නාස්ති කරමින් ඉන්න ඉඩ නොහැර යම් දෙයක් ලබා දෙන්න. ඒත් ඔහුගේ උත්සාහය ව්‍යර්ථ වුනා......
Poohttp://www.blogger.com/profile/02145961940861329378noreply@blogger.com7tag:blogger.com,1999:blog-829223480124265011.post-84993218095875784312012-09-21T23:55:00.000+05:302012-09-21T23:55:04.164+05:30උන්ව ඉස්කොලෙන් අස් කරලා දාන්න ඔනේ........මේ අපේ පාසලේ සිදුවුන තවත් සිදුවීමක්. මේකත් ඉතින් ගුරුවරුන්ගේ මොඩ තීරණයක්.
පහුගිය දවසක, හරියටම දවස මේ සතියේ සදුදා අපේ පාසලේ 12 ශ්‍රේණියේ කළා අංශයේ පිරිමි ළමුන් දෙදෙනෙක් පාසල් වේලාවේ පාසලෙන් පැන ගිහින් තිබෙනවා. කොහොම හරි මේ සිදුවීම වෙලා තියෙන්නේ දිවා විවේකයට පෙර. ඊට පස්සේ අංශයේ ගුරුවරුන් එකතු වෙලා ළමුන් දෙදෙනාගේ ගෙවල් වලට කතා කරලා කොහොම හරි හොයාගත්තා.
හොදම කතා ටික මීට පස්සේ තමා වුනේ. කොහොම හරි විදුහල්පතිතුමා නියොජ්‍ය විදුහල්පති හාමුදුරුවො සහ විනය පාලක මණ්ඩලය කතා වෙලා ඒ ළමයි දෙන්නාගේ දෙමාපියන් දැනුවත් කරලා සතියක පන්ති තහනමකට ලක් කලා.
නමුත් ඉතින් අපේ ආදරණීය බුද්ධිමත් ගුරුවරුන්ට ඒ දඩුවමින් සෑහිමකට පත් වෙලා නැහැ කියලා නම් කතා වෙන් තේරුනා. ඒ කතාව කියපු හැම ගුරුවරයෙක්ම කීවේ පන්ති තහනම් කරලා වැඩක් නැහැ. පාසලෙන් අස් කරන්න ඔනේ කියලා. මට තේරෙන්නේ නැත්තේ මේ වගේ මොඩ කතා කොහොම කියනවාද කියලා. පාසල් තාප්පෙන් පැනලා ගිය පලවෙනි ලමයි දෙන්නා ඔය ලමයි දෙන්නා නෙවේ කියන එකවත්. ඊටත් වඩා ළමා කාලයක් ගත් නොකල ගුරුවරුන් ලෙස කතා කිරීම ගැන කණගාටුයි.
කොහොම හරි මේ සිදුවීමෙන් පස්සේ ගුරුවරුන් කතා වුනේ මෙහෙම දෙයක් සිදුවුන ප්‍රථම වතාව මේක වගේ. ඇත්තටම මම පාසල් යන කාලේ වුනත් ඔහොම ඔනේ තරම් පාසලෙන් හොරෙන් පැනලා ගියපු කොල්ලො දැකලා තියනවා. ඒවගේම තමා පාසලෙන් අස්වෙලා උසස් අධ්‍යාපනයට ගියාම එතනදි හමුවුන ගොඩක් දෙනෙක් එක දවසක් හරි පාසලෙන් හොරෙන් පැනලා තියෙනවා. එහෙම වුනත් ඒ අය රස්තියාදුකාරයො නරක මිනිස්සු වෙලා නැහැ.
ගුරුවරියො කවදාවත් පාසලෙන් පැනලා ගිහින් නැති නිසා මේ ආකාරයට කතා කලාට කමක් නැහැ කියලා හිත හදා ගන්න පුලුවන්. ඒත් ගුරුවරු කවදාවත්ම පාසලෙන් පැනලා ගිහින්ම නැතිද. එහෙමනම් ඉතින් වැඩක් නැහැ කියලා කියන්නත් හිතෙනවා. මොකද ඉතින් කොලු කාලේ දග වඩක් වැරදි වැඩක් කරලා නැතිනම් අඩුම තරමේ වයසට ගිහින් මතක් කරලා හිනා වෙන්නවත් දෙයක් නැහැ.
මම කියන්නේ නැහැ පැනලා ගියපු කොල්ලො දෙන්නා සියට සියක් හරි කියලා. ඒ දෙන්නා වැරදියි. ඒත් කොලු කාලේ ඔයවගේ දෙයක් කරන එක සාධාරණයි. තමන්ට ළමා කාලයක් තිබුනේ නැහැ වගේ හැසිරෙන අය නම් කවදාවත් ළමයින්ට සමීප වෙන්නේ නැහැ. මගේ පාසල් කාලේ මට ඉගැන්වු ගුරුවරු සෑමදෙනාටම මම අදටත් ආදරෙයි. ඒත් මේ ළමයි කවදාවත් මෙහෙම ගුරුවරු කවදාවත් ආදරෙන් මතක් කරාවිද කියන එක හිතා ගන්න බැහැ.
මොනම ප්‍රශ්නෙකටවත් හොදම විසදුම ළමයෙක්ව පාසලෙන් අස් කරන එක නෙවෙ කියලා මේ ගුරුවරු කවදා තේරුම් ගනිවිද කියන්න තේරෙන්නේ නැහැ......Poohttp://www.blogger.com/profile/02145961940861329378noreply@blogger.com6tag:blogger.com,1999:blog-829223480124265011.post-55088768095792080292012-09-13T15:20:00.002+05:302012-09-13T15:20:49.730+05:30මේ විදිහට දරුවො අසරණ කරන එක ගැන දුකයි....මේ සිදුවීම වුනේ නිවඩු මාසෙකට පස්සේ පාසල් පටන් ගෙන දවස් කීපයක් ගියාට පස්සේ. මම මට ලැබුණු අලුත් රැකියාව ගැන කිවේ නැතිව හිටියාට දැන් කියන්නම් හේතුව ඒ සම්බන්ධව ගොඩක් දේවල් ලියන්න වෙන නිසා. මට දැන් මාස 2 1/2 විතර කලින් ශ්‍රි ලංකා ගුරු සේවයේ තොරතුරු තාක්ෂණ ගුරුවරියක් විදිහට රැකියාවක් ලැබුනා. අකමැතිම දෙයක් වුනත් අම්මාගේ සතුට වෙනුවෙන් ගියා. ඒත් එක පිට එක වෙන්නේම අකමැති දෙවල් මයි. මේ කියන්න යන්නේත් ඒ වගේ සිදුවීම් දෙකක් ගැන..
නිවඩු මාසයක් අවසන් වෙලා පාසල් පටන් ගත්ත මුල් දවස් දෙකේ මට පාසල් යන්න බැරි වුනා. හේතුව වුනේ මම දිශාබ්භිමුඛ කිරිමේ වැඩමුලුවකට සහභාගී වෙලා තිබුන නිසා. කොහොම හරි මම තුන්වෙනි දවසේ පාසල් ගියා. ඒ වෙද්දි මට මඩ ගහන්න ඔනේ තරමත් හොදින් කරලා තිබුනා. අපේ සහොදර ගුරුවරුන්ම මම ආවේ නැතිවාට නොයෙක් කතා කියලා තිබුනා. මම බැදලා කියලා, මම කටවත් කියන්නෙම නැතිව රැකියාවෙන් අස්වෙලා කියලා නොයෙක් කතා හදලා තිබුනා. එයාලාගේ හොද ගතිය හොදට ප්‍රදර්ශනය කරලා තිබුනා. ඒ ගැන නම් මට ඒ තරම් ගානක් නැහැ. එයාලාට මාව ඒ තරම් විශේෂයි.
කොහොමහරි මම හැමදාමත් හැම තැනටම වගේ යන්නේ අන්තිම මොහොතෙනේ ඒවගෙම එදා පාසල් ගියෙත් අන්තිම මොහොතේ. ගිය ගමන්ම වාගේ උදේ රැස්වීමට යන්න වුනා. කොහොම හරි ඔතන රැස්වීමේදි විශේෂ දෙයක් වුනා. ඒ තමා එක පිරිමි ලමයෙක්ගේ ශිෂ්‍ය නායක කම අහොසි කලා. ඒ ලමයා ඇවිත් හිටියේ නැති වුනාට මට මතක තිබුනා එ කවුද කියන එක. ඒ ලමයා මම උගන්වන පන්තියක ලමයෙක් නිසා. රැස්වීම ඉවර වෙලා staff room එකට ආවාම තමා කතාව දැන ගන්න ලැබුනේ. අතිශයොක්තියත් සමගම.
මම ලේසියට ඒ පිරිමි ලමයාට ගයාන් කියලා කියන්නම්. නිවාඩු මාසයේ සෙනසුරාදා දිනයක ගයාන් පාසලට ඇවිත් තිබුනා එයාගේ ගැණු ලමයත් එක්ක. ඒ ගැණු ලමයා මේ පාසලේම වන අතර මම ඇයව නිලූකා කියලා හදුන්වන්නම්. මේ නම් මනක්කල්පිතයි. ඔවුන් දෙදෙනා පාසලට ඇවිත් ගයාන්ගේ පන්ති කාමරය තුල දොර වහගෙන ඉදලා තියෙනවා. මේ හිටිය විදිහ ගැන නම් අපේ ගුරුවරු නොයෙක් කතා කියනවා. එයාලා ගැන දන්න නිසා මට ඒ දේවල් විශ්වාස කරන්න බැහැ. පාසලේ මුරට ඉන්න අයියා ඒ අසලින් යද්දි ඔවුන්ගේ හඩ ඇහිලා තියෙනවා. ඒ අනුව ඔහු පන්ති කාමරය අසලට ගිහින් විපරම් කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් දෙදෙනා දැක්ක ගමන් මුර අයියා විදුහල්පතිතුමාට call කරලා තිබුනා. නමුත් ඒ වෙලාවේ ඔහු නිල නිවාසයේ ඉදලා නැහැ. ඒ නිසා මුර අයියා කරලා තියෙන්නේ දොර පිටින් කොට්ටක් ගහලා විදුහල්පතිතුමා හොයාගෙන ගිහින්. කොහොම හරි නැවත ආපසු විදුහල්පතිතුමා සමග මුර අයියා පැමිනෙන විට ඔවුන් දෙදෙනා එතනින් ඉවත් වෙලා තිබුනා. කොහොම හරි ඔවුන් දෙදෙනා කවුද කියන එක මුර අයියාට මතක තිබුන නිසා ඔවුන් දෙදෙනාගේ පන්ති තහනමකට ලක් කලා. ප්‍රසිද්ධියේ ශිෂ්‍ය නායක කම ඉවත් කරා. කොහොම හරි ඒ ගැණු දරුවා ගෙන්වලා විදුහල්පතිතුමා බෙහෙවින් නරක විදිහට කතා කලා. මට ඒ සන්වාදේ ඇහුනේ මම නිවඩු අනුමත කරගන්න ඒ අසල හිටි නිසයි. කොහොමහරි මේ දරුවො දෙන්නාගේම පන්ති තහනම් කලා ඉන් පසුව ඔවුන් දෙදෙනා පාසලෙන් අස් කරලා දැම්මා. ඒ දරුවො දෙන්නාම උසස් පෙල පන්තිවල. ගයාන් 13 ශ්‍රේණියේ ගැණු දරුවා 12 ශ්‍රේණියේ මේ දරුවො දෙන්නාව පාසලෙන් අස් කරන්න තරම් ලොකු වැරද්දක් කරන්න නැතිව ඇති කියන එක තමා මගේ විශ්වාසය. නමුත් අනිත් ගුරුවරුන්නම් කියන්නේ ඔවුන් දෙදෙන එතන ලිංගිකව හැසිරුන බවයි. ඇත්තටම ඔවුන් දැසින් බලන් හිටියා වගේ. ඔවුන්ගේ චරිතය අන්තයටම ඔවුන් නැත්තටම නැතිකලා. එපමණක් නෙවේ නිවඩු දවසක සිදුවුන සිදුවීම මුලු පාසලේම ප්‍රචාරය කලා.
දරුවන් කියන්නේ වැරදි කරන අය. මගේ පුද්ගලික මතය ඔවුන් දෙදෙනා කියන තරම් බරපතල වැරැද්දක් කරන්න නැතිව ඇති. නමුත් ඔවුන් යම් වැරැද්දක් කරලා තියෙනවා නමුත් එය මේ තරම් ප්‍රචාරය කරලා ඔවුන් පසලෙන් ඉවත් කර අවුරුදු 12ක් ලබපු අධ්‍යාපනය කඩාකප්පල් කරන එක නුවනැති දෙයක් කියලා මම දකින්නේ නැහැ. ගුරුවරු කියන්නේ ගෙදරින් ලමයා පාසලට ආවාට පසු ඒ දරුවන් බලාගන්නා දෙමාපියන්. කොහොමවුනත් ගුරුවරුන් මේ ආකාරයට හැසිරෙන විට කිසි දවසක දරුවන් මේ කරන වැරදි වැඩ නතර කරන්න බැහැ. දරුවන් නිසි මගට යවනු වෙනුවට ඔවුන්ව කඩාකප්පල් කරන එක හොද දෙයක් නෙවේ. ලමයෙක් වැරැද්දක් කලාම ඒ වැරැද්ද හදලා ලමයාව යහමගට ගෙන ඒ දරුවාගේ ජීවිතේ ලස්සන කරලා දෙනවා වෙනුවට මේ ගුරුවරු විනය පාලක මණ්ඩලය සියලු දෙනා එක්ව කලේ ඒ ලමයින්ගේ අනාගතය විනාශ කරලා දාපු එක. අධ්‍යාපනය කඩාකප්පල් කරපු එක. මේ තීරණය සාධාරණිකරණය කරන්න ඔවුන් කී දේ වුනේ එක දරුවො දෙන්නෙක් වෙනුවෙන් අනිත් දරුවන් 2000 කගේ අනාගතය වටිනවා කියන එක.
ඇත්තටම ගුරුවරු විදිහට තිබුනා මේ ගැන ලමයි දන්නේ නැති නිසා ගුරුවරුන්ට ඒ ගැන ඒ ලමයින් දැනුවත් කරලා පාසලෙන් අධ්‍යපනය කරගෙන යන්න ඉඩ දෙන්න තිබුනා. ඒක තමා ගුරුවරයෙක් ලමයෙක් හදාගන්නවා කියන්නේ. එහෙම නැතිව ඒ ලමයාගේ මුලු ජීවිතේම නැති කරලා දාන එක නෙවේ. ඒත් මේ ගුරුවරු කලේ අර දරුවො දෙන්නාව නැත්තටම නැති කරලා පාගලා දැම්මා.
අද ගයාන් පාසලට ආවා. මට කතා කරන්න ආවා මම පන්තියක ඉද්දි. හොද වෙලාවට ඒ පන්තිය ඉවර වෙන වෙලාව. මට ඒ දරුවා එක්ක කතා කරන්න පුලුවන් වුනා. ඒ දරුවාට ඇඩෙන්න වගේ. මම ඇහුවා මොකද වුනේ කියලා. ඒ දරුවො දෙන්නා කතා කර කර ඉදලා විතරයි. එත් පාසලෙන් යන්න වුනා ඒ පොඩි දෙයින්. දැනට පාසල් දෙකකට යන්න අවස්ථාව තියෙනවාලු. එත් හෙට තීරණය ලැබෙනවා කියලා ඒ දරුවා කිවේ.
ගුරුවරු කියන්නේ මේ වගේ මිනිස්සුද....පුදුම කලකිරීමක් තියෙන්නේ...
මා දන්නවා ඔයාලා මට එකග වෙන්නේ නැතිවෙයි. ඒත් මේ මගේ පුද්ගලික හැගීම. ඔයාලාට පුලුවන් ඔයාලාට හිතෙන දේත් කියලා යන්න.
මල් ගල් මුල් ඔනෙ දෙයක් හිනා වෙලා බාර ගන්නවාPoohttp://www.blogger.com/profile/02145961940861329378noreply@blogger.com15tag:blogger.com,1999:blog-829223480124265011.post-60478279020922121712012-08-24T23:26:00.000+05:302012-08-24T23:26:11.490+05:30හිතට දුකයි........මිදුම් සලු මැද සුසුම් සුළන් රැළි
රාත්‍රිය පුරා වැලපුනා
සීතල පිණි මැද කදුලු වතුර පොද
රාත්‍රිය පුරා ගිලිහුණා
ආදරයේ මල් කළඹ අතින් ගෙන
ඈතින් හිද ඔබ හිනැහුණා
සෙනෙහස මිය ගිය මතකය ඉකි බිද
වැලපෙන විට සිත තනියක් නැහැ මට
කන්ද උඩින් හිරු පායා එන විට
හිතට දුකයි.......
ඔබ මා තනිකර යයිද කියා....
හසරැල් කදුලැල් එකට එකතු වුන
ආදර මතකය දුක්බර කවියකි
කන්ද උඩින් හිරු පායා එනවිට
හිතට දුකයි......
මට කවිකම අමතක වෙයිද කියා........Poohttp://www.blogger.com/profile/02145961940861329378noreply@blogger.com4tag:blogger.com,1999:blog-829223480124265011.post-57471856396168973792012-08-16T22:43:00.001+05:302012-08-16T22:56:12.948+05:30අහිංසක හිත් අසරණ වෙලා......
මට කියාගන්න බෑ ගලපන්න බෑ නිල් ඇස් දෙකට දුක් හීන පුදන කදුලු පොකුරක වේදනාව පත් ඉරුවක ලියන්න බෑ රත්තරන්. මල් මල් වලාවන් තනිවෙච්ච ඈත ඈත අනන්ත මීදුමේ සිකුරු තරුව පායද්දි දෙතොල් මත කිතිකැවුණු සීතල ඇගිලිතුඩු වල ආදරේ අද මං ගාව නෑ. සබන් බුබුලක් වගේ බිදිලා ඉහිරිලා ගිය මදාරා මල් පෙත්තක චූටි ඇගිලි තුඩු වලින් ලිව්ව ආදර සිහිවටන කො අද ......
අනේ මට කියන්න කදුලින් පියෙන පරවුණු ඇස් වලට ලොකයෙන් මුවාවුණ දාට වක්කත් දුක නොදැනෙන්න රත්තරන් පෙම් හීනයක් පුදන්න .............
ඇයි ඒ පරසතු හීනයෙන් ඔයා ඇහැරිලා අඩන්නේ මල් ඇස් දෙකට දරාගන්න බැරි වහින්න ලන් වෙච්ච අහස තරමට එකතු වුන ජීවිතේ දුක ඔය පුංචි හිතට උහුලන්න බෑ. මං දන්නවා ජීවිතේ කියන්නේ සුන්දර පෙම් කවක් අද මට අකුරු කරන්න බෑ. ලියන්න ඉස්සරින් කදුලින් සේදිලා යන ආදර කතාවක බොදවුණු අකුරු පෙලක් වුනේ ඇයි ............
කියන්න ඇයි අපේ අහිංසක හිත් මේ තරම් අසරණ වුනේ......
Poohttp://www.blogger.com/profile/02145961940861329378noreply@blogger.com1tag:blogger.com,1999:blog-829223480124265011.post-81947898834848365162012-08-07T23:51:00.002+05:302012-08-07T23:51:46.796+05:30රාජ්‍ය බැංකු සහ මමගොඩ දවසකට පස්සේ බ්ලොග් පොස්ට් එකක් ලියන්න ඔනේ කියලා හිතුනා පහුගිය දවසක සිදු වුන සිදු වීමක් නිසා. මම දැම්ම මාතෘකාව දැක්ක ගමන් හිතා ගන්න පුලුවන් වෙන්න ඇති මම කියන්න යන්නේ මොකක්ද කියලා. වැල් වටාරම් නැතිව මම කතාව කියන්නම්කො එහෙනම්.
මට අලුතෙන් ජොබ් එකක් හම්බ වුනා. දැන් හරියටම මාසයක් වෙනවා. ඉතින් ඔය ජොබ් එකට ගිහින් පලවෙනි වැටුප හම්බ වුනා ගිය මාසේ තුන් වෙනි සතියේ. එක හම්බ වුනේ චෙක් එකකින්. චෙක් එකකින් හම්බ වුනා කියලා මහා ලොකු ගානකුත් නැහැ. අනේ මම ජොබ් එක මොකක්ද කියලා කියන්නේ නැහැ හේතුව මම එකට ඒ තරම් කැමති නැති නිසා. ඉතින් ඔය චෙක් එක හම්බවෙලා සතියක් විතර යනකම්ම මට ඒක බැන්කුවට යන්න බැරි වුනා ඒක පොතට දාන්න. හේතුව වුනේ මට ලැබෙන්න තිබුන මූලික වැටුපට වඩා සුලු ප්‍රමාණයක් අඩුවෙන් හදලා තිබුණ නිසා එය නිවැරදි කරගන්නත් පෙන්නන්න ඔනේ වුනානෙ.
ඒ වුනත් නියමිත විදිහට වැඩේ වුනේ නැහැ. එතන වැටුප් අංශයේ කෙනා කිවේ එක දවසක් වැඩ භාර ගැනීමට පමා වුන නිසා ඒ මුදල් ප්‍රමාණය කපාගෙන තියනවා කියලා. ඒක කොයි තරම් දුරට හරිද කියන්න මම දන්නේ නැහැ. මගේ පත්වීමේ ලිපියේ දිනය තිබුනේ ජූනි 29. එදා මොනම විදිහකින්වත් වැඩ භාර ගන්න යන්න බැහැ. හේතුව වුනේ ලිපිය ගන්න තිබුනේ කොලඹින් මම වැඩ කරන ස්ථානය තිබුනේ නුවර. ඊට පස්සේ සෙනසුරාදා සහ ඉරිදා නිවඩු දින දෙකට පස්සේ මුලින්ම යන්න පුලුවන් සදුදා වැඩ භාර ගත්තා. ඉතින් එයාලාගේ වැටුප් සාදන ක්‍රමය අනුව මූලික වැටුපෙන් සුලු ප්‍රමාණයක් අඩු කරලා තිබුනා. ඊලග සතියේ ඒ පිලිබදව ඔවුන්ගෙන් විමසිය යුතු නිසා චෙක් එක බැංකුවේ තැන්පත් කරන්න සතියක් ප්‍රමාද වුනා.
කොහොම හරි ඉන් පස්සේ මම අම්මා එක්ක දවසක් ගියා චෙක් එක බැංකු පොතට දාන්න බැංකුවට. මම අම්මා එක්ක බැංකුවට ගියා 1.45 ට විතර. මම එද්දිත් අම්මා චෙක් එක දාන්න ස්ලිප් එක පුරවලා සල්ලි ගන්නත් ස්ලිප් එකක් පුරවලා මට තිබුනේ ඒක අත්සන් කරන එක විතරයි. එ මදිවට අම්මා පොලිමේ මුලම හිටියා. මමත් හිතුවා ඉක්මනට වැඩේ කරගෙන යන්න පුලුවන් වෙයි කියලා.
ඒත් විනඩි දහයකට වඩා එතන පොලිමේ හිටන් හිටියා එතන counter එකේ හිටපු කෙනා බැංකුවේ මුදල් වගයක් මචිනෙ එකෙන් ගැන්නා. එක කමක් නැහැ කියලා හිතා ගත්තා එතන හිටපු වෙලාව සාධාරණ හේතුවක් කියලා. ඉන්පස්සේ අම්මාගෙත් මගේත් වාරය ආවා. අම්මා නිත්‍ය සමාජිකයෙක් නිසා අම්මාට ඉක්මනට මුදල් ගන්න පුලුවන් වුනා. අම්මාගේ වැඩේ ඉවර වුනාම අම්මා මට කියපු විදිහට මමත් ID එකත් එක්ක ස්ලිප් දෙක චෙක් එකයි බැංකු පොතයි එක්ක දුන්නා. චෙක් එක ආපහු දුන්නා මෙතනට නෙවේ ඉස්සරහා counter එකට දෙන්න කියලා. මමත් හා කියලා අපහු ගත්තා. ඉන්පස්සේ මගේ account number එක එහෙම enter කලා මුදල් අපසු ගන්න. මෙන්න මෙයා කියනවා මෙකෙන් සල්ලි ගන්න බැහැ account එක නිශ්ක්‍රිය තත්වයේ තියෙන්නේ කියලා. මටත් හිතා ගන්න බැහැ. ඇත්තම කියනවා නම් මම ඒ බැංකුවේ account එක පටන් ගත්තේ මට ලැබෙන්න තිබුන මුදල් වගයක් ගන්න විතරමයි හේතුව ඒ මුදල දාන්න පුලුවන් ඒ බැංකුවේ account එකකට විතරයි කියලා අදාල ආයතනයෙන් දැනුම් දීලා තිබුනා.
ඉස්සරහා මිස් කෙනෙක් ඉන්නවා එයාට කියලා ස්ලිප් එක අත්සන් කරවා ගන්න කියලා. ඊට
පස්සේ මමත් ඒ ස්ලිප් එකත් අරගෙන ඒ කියපු මිස් ලගට ගියා අම්මත් එක්කම. එයා වෙන වැඩක
හිටියා එතන පුටුවේ ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩ සිටියා. ඒ නිසා මමත් ටිකක්
එකේ උඩින්ම පෙන්න තිබුනේ චෙක් එක. ඒපාර එයා මගේ ඇගට ගොඩ වුනා චෙක් එක දෙන්න ඔනේ
නිසා අම්මා කිවා එහෙනම් එතනට ගිහින් අත්සන් කරගන්න මම බැග් එක තියගෙන ඉදගෙන ඉන්නම්
කියලා. මමත් හා කියලා එතනට ගියා. එතන වෙන කෙනෙක් හිටියා වැඩකට ඇවිත්. එයා ඉවර
හිටියාම එයාගේ වැඩේ ඉවර වෙලා මගේ වාරය ආවා. ඉන්පස්සේ මම මගේ බැංකු පොත දුන්නා චෙක්
එකයි ස්ලිප් එකත් එක්ක. ඒක අත්සන් කරලා දීලා ඇහුවා වැටුප්ද කියලා මම කිවා ඔව්
කරගන්න. ඒ කාන්තාවට අකුරු ලියන්න හැකියාවක් නැහැ අත්සනට තබන්නේ ඇගිලි සටහන. ඒ
කාන්තාව එතනට ඇවිත් ඉදගෙන ස්ලිප් එක දික් කරගෙන ඉන්නවා. අර බැංකු නිලධාරිනිය
කියනවා අපි වැඩ කරන්නේ මුදල් එක්කනේ ටිකක් හෙමින් කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ ඔහොම
ඉන්න ටිකක් කියලා වෙන වැඩක. ඒ කන්තාවත් ඉදගෙන හිටියා වෙන කරන්න දෙයක් නැති නිසා.
ඒ කාන්තාව එකේ ලියලා තිබුනේ නමේ කොටසක් විතරයි. අනිවාර්යයෙන්ම ඇය එය පුරවාගන්න
ඇත්තේ එතන හිටි කෙනෙක්ට කියලා කියන එක විශ්වාසයි. ඒ අසරණ කාන්තාවට බැංකු
නිලධාරිනිය සද්දෙ දැම්මා මේකේ නම මුල් අකුරු එක්ක ලියාගෙන එන්න කියලා. ඒ අසරණී
පොලිමකට වෙලා මමත් බලා වුන්නා. ආයෙමත් අර කාන්තාව ඇවිත් ඇය පුරවාගෙන ආව ස්ලිප් එක
දුන්නා. ඇය එය ගනනකටවත් නොගෙන පරිඝනක තිරය දෙස බලාගෙන හිටියා. ඉන් පස්සේ තවත්
විනඩි පහකට විතර පස්සේ ස්ලිප් එක අරගෙන ආයෙම නම බැලුවා. අයෙමත් නම තියෙන්නේ පරන
විදිහටමයි. අර නිලධාරිනිය අයෙමත් කියනවා මුල් අකුරු එක්ක නම ලියන්න කියලා. අර
කාන්තාව බොහොම අසරණ වෙලා අයෙමත් නැගිටින්න හදනවා. මටනම් ඒ වෙලාවේ ඉවසීමේ සීමාව
දෙන්න කියලා ඇගෙන් ස්ලිප් එක සහ බැංකු පොත ගත්තා. අරගෙන ඇගේ නම බලලා මුල් අකුරු
ලියා දුන්නා. ඇත්තටම ඒ වෙලේ අර බැංකු නිලධාරිනියට ලැජ්ජා හිතුනා හේතුව ඒ අසල
පොලිමේ සිටි සියලුම දෙනා මේ සිදුවීම බලන් හිටියා. ඉන්පස්සේ ඒ නිලධාරිනිය අර
කාන්තාවට කියනවා අපරාදෙනේ කලින් ස්ලිප් එකේම ලියගන්න තිබුනානේ ගෙදරින් කවුරුත් ආවේ
නැතිද කියලා. නැහැ කිවාම කියනවා ඊලග දවසේ කාව හරි එක්ක එන්න කියලා. ඉන්පස්සේ ඇය
ඇගිලි සලකුන තියනවා නමුත් ඒක වදින්නේ නැහැ. හේතුව ඇගේ අතේ පුන්චි ඇදයක් තියනවා.
අල්වා ඇගිලි අත්සන තියන්න තරමටවත් කාරුණික වුනේ නැහැ. මට ඒ වෙනුවෙන් කිසිම දෙයක්
තරහා ගිහින් හිටි නිසා මම කිවා එතනට ගියාම අර සර් ලගට යන්න කිවා එතනින් කිවා මෙතනට
එන්න කියලා. මේක කරන්න තව ගොඩක් වෙලා ගොඩක් තැන් වලට යන්න ඔනේ නම් මගේ බැංකු පොත
අසුනේ සිටි කලින් කිව නිලධාරිනියට මගේ බැංකු පොත දීලා අර මිස් ලගට යන්න කිවා.
ඉන්පස්සේ මම එතනට ගියා. ඇය මගේ ස්ලිප් එක අත්සන් කරලා පොතක් සමග අයෙමත් මට දුන්නා
එපාම වෙලා හිටි මටත් කියන්න තියෙන ටික කියන්න හොඩම වෙලාව ක්යලා මාත් කියවන්න
මම මෙතන රස්තියාදු වෙනවා මම හැමදාම ගනුදෙනු කරන්න පැය ගනන් රස්තියාදු වෙන්න බැහැ
කියලා. ඉන්පස්සේ ඔහු කිවා නිතර ගනුදෙනු කරනවානම් මේ තරම් කරදරයක් නැහැ කියලා. මමත්
බැංකු ගිය පලවෙනි වතාව නෙවේනෙ මම කිවා අහවල් බැංකුවේ මම අවුරුදු ගනන් කිසිම
ගනුදෙනුවක් කරන්නේ නැතිව ඉදලා ගියත් කිසි කරදරයක් නැතිව වැඩේ කරගෙන එන්න පුලුවන්
කියලා. ඉන්පස්සේ ඔහු කියනවා මේවා ඉතින් මහ බැංකුවෙන් ගේන නීතීනේ කියලා. මම හිනා
වෙලා අයෙමත් කිවා මොනවා වුනත් ඔයාලා රජ්‍ය සේවකයො විදිහට මිනිස්සුන්ට මීට වඩා හොදට
කිසිම උදවුවක් කරන්නේ නැහැ කියලා. මම ඒ වෙලාවේ ඔහුට කිවා මම ඒ මොහොතේ අත්දැකපු
සිදුවීම. ඔහු එය සධාරණීකරනය කරන්න කියනවා අපිට එහෙම ස්ලිප් පුරවන්න පුලුවන් කමක්
නැහැ කියලා. මමත් ඒ නීතිය දන්නවා ඒත් ඇයව දන්න කියන වෙන කෙනෙක් වෙත යොමු කරන්න
පුලුවන් වුනා. ඉන්පස්සේ මම අම්මා අතට චෙක් එක දීලා සල්ලි ටික දාගත්තා. අම්මා
ඉස්සරහාට යද්දි. එතන හිටි නිලධාරිනිය අම්මා අදුරන කෙනෙක්. ඇය අම්මාගෙන් චෙක් එක
ස්ලිප් එකත් එක්ක අරගෙන තිබුනා. ඇය එදින හවසම ඒක දාන්න පොරොන්දු වුනා. මම එතනට
යද්දි ඇය මගෙන් ඇහුවා බැංකුව එපා වුනාද කියලා. මටත් හිනා මම කිවා අපො එපාම එපා
චෙක් එකක් තැන්පත් කරන්න සහ බොහොම සුලු මුදලක් ගන්න ගිහින්. ඇත්තටම මට එදා රාජ්‍ය බැංකු
සේවකයන් ගැන බොහොම කල කිරීමක් ඇති වෙනවා. මේක කියවන ඔයාලත් රාජ්‍ය සේවකයෙක්නම්
කරුණාකරලා මේ වගේ හැසිරෙන්නේ නැතිව කාරුණිකව තමාගේ සේවය බලාපොරොත්තු වෙන කෙනාට
උදවු කරන්න.
ලියාගෙන යද්දි දිග වැඩි වුනා. සමාවෙන්න ඒ ගැන නම්....Poohttp://www.blogger.com/profile/02145961940861329378noreply@blogger.com19tag:blogger.com,1999:blog-829223480124265011.post-45148133776745038392012-06-11T23:06:00.004+05:302012-06-11T23:06:43.476+05:30මිරිගුවකි මට.....සබද මට අහසකි නුඹ
මා මිහිතලයක් වූ කල
අප හමුවීම නෙත් මායිමේ
ක්ෂිතිජයකි දුර පෙනෙන
ළංවත්ම ඉගිළි යන
මගේ ප්‍රථම වසන්තය
විය මට මිරිගුවක්
කිසි දිනෙක හිමි නොවන.......Poohttp://www.blogger.com/profile/02145961940861329378noreply@blogger.com1tag:blogger.com,1999:blog-829223480124265011.post-15646006354599117742012-06-07T22:00:00.000+05:302012-06-07T22:00:07.202+05:30කදුලු කවිකාරකම.....කියන්න...
කවුරුවත් දැක්කේ නැති
කාටවත් ඔනේ නැති
ආදරේ කරන්න හිතෙන්නේ නැති....
මේ කදුලු ඇස් දෙකට
ඔය තරම් ආදරේ ඇයි....
පාලුවෙන් තිබුණු හිතට
හිතන්න දෙයක් නොතිබුණු හිතට
පතන්න දෙයක් නැතිවුණු මේ හිතට
කවුරුවත් නෑ කියලා හිතුණු
මේ අසරණ හිත ගැන
නුඹ හිතන්නේ ඇයි කියන්න.....
ඒ වගේ දුක් වින්ද
සාන්කාවෙන් තනිවුණ
හරි අහින්සක මලකට
ආදරේ පාට ගාන්නේ කවුද......
පුන්චි මල් වට්ටියකට මල් පොකුරු මිසක්......
ජීවිතේ කවදාවත් ආදරේ
දැක්කේ වත් නැති...
හරියට පවු පුරපු ඇස් දෙකකට
නොහිතූ....... නොපතූ මොහොතක
දැණුනු නුඹේ ආදරේ ගැන
නුඹේ ඇස් වලින් කියන්නේ ඇයි..............
හීනයක් වෙන්න ගිය ජීවිතය
මේ වගේ සැබෑවක්ව පිබිදවූ
නුඹේ සෙනෙහසට
මේ කදුලු කවිකාරකම
කුලුදුලේම පුදමි මම.....
හැමදාමත් නුඹ වෙනුවෙන්ම..........Poohttp://www.blogger.com/profile/02145961940861329378noreply@blogger.com2