2010/05/13

මගේ ආදර කතාව 7

ආයෙමත් ගොඩ දවසකට පස්සෙ මගෙ ආදර කතාවත් අරගෙන ආවා. මගෙ කතාව ගොඩක් දිගට යන නිසා එපා වෙලාද දන්නෙත් නැහැ. අද තවම මගෙ ආදර කතාවෙ හත් වෙනි දවස. මහත්තයා මට ආදරෙයි කියලා එත් වැඩක් නැහැ කියලා තවම ගත වුනෙ දවස් හතයි. එ දවස් ටික මම නුවර ගෙදරට වෙලා හිටියා ගොඩක් දුකින්. එ දවස්වල මම බලාන හිටියෙ ගෙදර කවුරැත්ම නැති වෙන වෙලාවල් හේතුව එතකොට මට පුලුවනි ගෙදර phone එකෙන් මගෙ හොදම යාලුවො එක්ක කතා කරන්න. එ දවස් ටික එහෙම ගත වෙලා 2006 දෙසැම්බර් 27 මම NIBM lectures ගියා.

එදා උදෙත් මම සුපුරැදු විදිහට උදේ කෝච්චියෙ ගියා. අපි වෙනදා වගෙම කිසිම වෙනසක් නොපෙන්වා ගියා හේතුව වුනෙ අපිත් එක්ක ගොඩක් අය ගියා. අපෙ වෙනස් හැසිරිමක් දැක්කොත් අපි ගැන වැරදියට හිතන නිසා එහෙම ගියා. එදා හවස මම lectures ඉවර වුන ගමන් එන්න හිතාන හිටියෙ. එ වුනත් මම lectures ඉවර වෙලා එලියට එද්දි මහත්තයා අපේ lecture hall එක ඉස්සරහා හිටන් ඉන්නවා. මම එයාව මග ඇරලා යන්න හිතාන හිටියත් මට එදේ කරගන්න බැරි වුනා. ඉතින් මම වෙනදා වගෙම මහත්තයා එක්ක ගෙදර යන්න පිටත් වුනා එ වුනත් වෙනදා වගෙ හිතේ සතුටින් නෙවෙ. මම කතාව මග අරින්න කොයි තරම් උත්සාහ කලත් එයාට වුවමනා වුනෙ මම එයාට තවමත් ආදරෙයිද දැනගන්න. කලින් දවසෙ වගේ එදත් අපි කොටුව station එකට ගිහින් රාගම කෝච්චියෙ ගෙදර ගියා.

වෙනදා මම තමා වැඩිපුර කතා කරන්නෙ. එ වුනත් එදා මම ගොඩක් නිහඩයි මහත්තයා ගොඩක් කතා කලා. මහත්තයා අනිත් අය එක්ක ඉද්දි ගොඩක් කතා කලාට එයා හරි කැමතියි මාත් එක්ක ඉද්දි මම කතා කරනවා අහන් ඉන්න. එත් එදා එයා ගොඩක් වෙනස්. අපි රාගම බැහැලා රේල් පාර දිගේ ඇවිදගෙන ගියා. එ යන මග දිගටම මහත්තයා ඇහුවෙ මම එයාට ආදරෙයිද කියලා. මම පුලුවන් තරම් මග ඇරියා.

මම මහත්තයාට වඩා ටිකක් වේගෙන් ඇවිදගෙන ගියා එයා ලගින්ම යද්දි හිතට දුක නිසා. එකපාරටම මහත්තයා ටික වෙලාවක් නිහඩව ගිහින් එක පාරටම මගේ අතින් වේගෙන් ඇද්දා. එ වේගෙට මම මහත්තයාගෙ ඇගේ හැපිලයි නතර වුනේ. මගේ මහත්තයා එතනම නතර වෙලා මගෙන් ඇහුවා මොනදේ වුනත් මම එයා ලග ඉන්නවාද හැමදාම එයාගෙ වෙනවාද කියලා. මම ගල් කරන් හිටි හිත එහෙමම දියවෙලා ගියා. මම කිවා මම එයාට ගොඩක් ආදරෙයි හැමදාම එයා ලග ඉන්නවා මොනදේ වුනත් කියලා. ඉන්පස්සෙ මගෙ මහත්තයා ගොඩක් තදින් මගෙ අතින් අල්ලගෙන ගියා. අපි අපේම විතරක් වුනා හැමදේම අමතක කරලා. ඒ විදිහටයි මගේ ආදර ජිවිතේ පටන් ගත්තෙ.

අදින් පස්සෙ එක දිගට දවස් වලට කතාව කියාගෙන යන්න මට බැරිවෙයි. එවුනත් මම මගේ ආදර ජිවිතේ වැදගත් සිදුවිම් කියන්නම්... අද කතාව දිග වුනාට සමාවෙන්න.