2011/09/01

සොදුරු දවසක් .............

එදා ගොඩක් ලස්සන වගෙම ගොඩක් සතුටු වුන දවසක්. ගිය අවුරුද්දෙ අගොස්තු මාසේ සෙනසුරාදා හරි ඉරිදා හරි දවසක්. අපි දෙන්නා ගොඩක් සතුටින් ගත කරපු දවසක් අද මට මතක් වුනා.එ දවස ලියලා සතුටු වෙන්න පොඩි අසාවක් ආව නිසා එ ගැන ලියන්න හිතුවා.

මගේ මහත්තයා කොලඹ ලොකු හොටෙල් එකක shares අරගෙන තිබුණා එකේ අවුරුද්දකට වතාවක් lunch එකක් දෙනවා share holdersලාට.මගේ මහත්තයාටත් ඔය chance එක ලැබුණා මාවත් එක්කගෙනම යන්න. එදා මට අම්මා එක්ක හොමාගම අපේ පුංච් අම්මලාගෙ ගෙදර යන්න වුනා. එ වුනත් මමයි මහත්තයායි කතා වෙලා තිබුනේ දවල් වෙලා මුන ගැහිලා යන්න නිසා එක අවුලක් වුනේ නැහැ. මම දවල් වෙලා ලස්ති වෙලා කොළඹට ආවා. මම එද්දි 1ට විතර අැති. මහත්තයා එද්දි 1.30 විතර. අපි හොදටම පරක්කු වෙලා නිසා මහත්තයා බස් එකෙන් බහලා threeweel එකක් අරගෙන අැවිත් මවත් නග්ගගෙන හොටෙල් එකට ගියා. අපි දෙන්නා පරක්කු වෙලා වුනත් එතන ප්‍රශ්නයක් වුනේ නැහැ. අපි දෙන්නා කතා කර කර ඔහේ හිමින් හිමින් පැය දෙකක් විතරම කෑවා. එ වෙලාවෙ අපි දෙන්නා සතුට උපරිමයෙන්ම වින්දා. අපි දෙන්නා හොටෙල් එකෙන් එද්දි හවස හතරට විතර අැති. ඉන්පස්සෙ අපි මොකද කරන්නේ කියල හිත හිත ඉද්දි මම ගොඩක් දවසකට කලින් ඉල්ලපු දෙයක් මහත්තයාට මතක් වුනා.

ඒ තමා රැල්ල පාගන්න යමු කියන එක. ඉන් පස්සේ මහත්තයා මවත් එක්කගෙන galle face එකට ගියා. අපි දෙන්නා සෙරෙප්පු ගලවලා පැත්තක තියලා රැල්ල පාගන්න ගියා. අපි ගොඩක් වෙලා රැල්ල පාගල සතුටු වුනා. එක පාරටම ලොකු රැල්ලක් අවිත් මගෙ සෙරෙප්පු දෙක ගහගෙන ගියා. මහත්තයා ඉක්මනට පැනලා එක සෙරෙප්ප්පුවක් අල්ලගත්තා. එත් අනිත් එක ගහගෙන ගියා. එ සෙරෙප්පු දෙක මම දැම්මේ දෙවනි වතාවට අනිත් එක මම එ දෙකට ගොඩක් අාසයි.

අපි ගොඩක් වෙලා බලන් හිටියා සෙරෙප්පුව අයෙමත් ගොඩට එයි කියලා එත් අාවෙම නැහැ. ඉන්පස්සෙ අපි ගොඩක් photos ගත්තා. අපි තවත් වෙලා ඉදලා මගෙ ඉතිරි වුන අනිත් සෙරෙප්පුවත් එහෙමම දාලා කොටුවට බස් එකක නැගලා අාවා. මම සෙරෙප්පු දෙකක් නැතිවම. මහත්තයා දාගෙන අැවිත් තිබුනේ සපත්තු නිකමටවත් දාගන්න ඉල්ලන්න පුලුවන්යැ. අපි කොටුවට අවිත් සපත්තු කඩයකට ගිහින් සෙරෙප්පු දෙකක් ගත්තා. ඉන්පස්සේ මහත්තයා මාව බස් එකකට නග්ගලා ගියා.

එදා ගොඩක් සතුටු වුන දවසක්. ඔයාලාට එ දවස තවත් එක දවසක් විතරක් වගෙ පෙනෙයි. මට එ දවස ගොඩක් වටිනවා. මේ අවුරුද්දෙ එ හොටෙල් එකේ lunch එක එයාගෙ යාලුවෙක්ට present කලා. තව එකක් තියෙන්වා මේ මාසේ එත් මාව එක්කගෙන යයිද දන්නේ නැහැ. ගොඩක් පරණ නැති වුනත් පරණ මතකයක් ලියන්න හිතුන නිසා ලිවා. ඔයලාට විහිලුවක් කියලා හිතුනොත් ගනන් ගන්න එපා. හිතේ දුක අඩු කරගන්න ලිවේ.