2012/12/27

මම අකුරු කියවූ හැටි...............

අපි පුංචි කාලේ අපිට අකුරු කියවනවානෙ. මම දන්න විදිහට නම් ඉතින් අකුරු කියවන්නේ අවුරුදු දෙක හමාර තුන විතර වයසේදි. ඒ වගේම තමා ඔය අවස්ථාවට ලගම නෑදෑයින්ට එන්න කියලා නැකතට පූජාවන් එහෙම තියලානේ කරන්නේ. මේ ඉතින් මම දන්න විදිහ. මීට වෙනස් විදිත් ඇතිනෙ.

ඔන්න එහෙනම් අකුරු කියවන චාරිත්‍ර වාරිත්‍ර ගැන කියවන්නේ නැතිව මම කතාව කියන්නම්. අපේ පවුලේ ඉන්නේ මමයි අක්කයි නෙ. ඒ කියන්නේ අපේ අප්පච්චිටයි අම්මාටයි ළමයි දෙන්නයි. ඉතින් අපේ අප්පච්චිත් ගුරුවරයෙක් විදුහල්පතිවරයෙක් නිසා හරි කැමති වෙලා තියෙනවා අක්කාටයි මටයි අකුරු කියවන එක අප්පච්චිම කරන්න. මොකද ඉතින් අප්පච්චිගේ සහෝදරයන්ගේ ළමයි හැමදෙනාටමත් අකුරු කියවලා තියෙන්නේ අප්පච්චිම තමා. එහෙම එකේ තමන්ගේ ළමයි දෙන්නාට අකුරු කියවන්න බැරි වුනොත් වැඩක් නැහැ නෙ.

ඒත් ඉතින් අපේ අප්පච්චිගේ නරක වෙලාවට අපේ අක්කාටනම් අකුරු කියවන්න බැරි වෙලා. ඒක වෙලා තියෙන්නේ මෙහෙමයි. අපේ අක්කාට අවුරුදු 5 වෙනකම්ම අප්පච්චියි අම්මායි අක්කායි ඉදලා තියෙන්නේ අපේ අම්මාගේ මහ ගෙදර. ඉතින් අක්කාට අකුරු කියවද්දි අම්මාගේ අක්කාටත් එන්න කියලා ලේසියෙන්ම එන්න පුළුවන් නිසා. ඉතින් අප්පච්චි ඔක්කොම දේවල් සූදානම් කරලා අකුරු කියවන වැඩේ පටන් අරන්. අප්පච්චි හෝඩිපොත අරන් අක්කාට කියනවාලු
"කියන්න මගේ පුතේ අ යනු" කියලා.
අක්ක මුකුත් කියන්නේ නැතිව අර පූජාවට වටේට තියලා තියන ජාති වල හැඩ බලනවාලු.අප්පච්චි පස් හය වතාවක්ම උත්සාහ කලාලු වැඩක් නැහැ අක්කා අකුරු කියන පාටක් නැහැ. නැකත් වෙලාවත් පහුවෙන නිසා අත් ඇරල දාලා. ඊට පස්සේ අපේ ලොකු අම්මා "චම්මි.... කියන්න අ යනු..." කියලා.
අපේ අක්කාත් පට ගාලා කියලා " අ යනු " කියලා.
අප්පච්චිට හරිම දුක හිතිලා ඒත් ඉතින් මොනා කරන්නද කියලා ඉදලා.
එහෙම තම අප්පච්චිට අක්කාට අකුරු කියවන්න බැරි වෙලා තියෙන්නේ.

අපේ අක්කා ඉස්කෝලේ යන්න වයස වෙද්දි අපේ අප්පච්චිටයි අම්මාටයි අක්කාටයි අම්මලාගේ මහ ගෙදරින් යන්න වෙලා. ඒ හේතුව නම් මම ගොඩක් දන්නේ නැහැ. අම්මා කියලා තියෙන විදිහටනම් අපේ ලොකු මාමා කන්කසන්තුරේ ඉදලා එහෙ කලබල ඇතිවෙලා පවුල් පිටින් මෙහෙ ගෙදර පදිංචියට ආවාම අප්පච්චිටයි අම්මාටයි යන්න කියලා රණ්ඩු වෙලා. කොහොම හරි ඉතින් එයාලා වෙනම පදිංචියට ගිහින්.

ඔහොම ඉතින් වෙනම පදිංචි වෙලා පවුලේ අයගෙන් ගොඩක් ඈත් වෙලා තියෙනවා එයාලා. අපේ අක්කාට අවුරුදු 8ක් වෙද්දි මම ඉපදිලා තියෙන්නේ ඔහොම පවුලේ අයගෙන් ඈත් වෙලා ඒ තුන් දෙනා වෙනම සතුටින් ඉද්දි. කොහොම හරි මටත් අකුරු කියවන වයස ලං වෙලා. දැන් අත්තම්මාගේ ලොකුඅත්තාගේ බලපෑමුත් නැති නිසා අප්පච්චි ජයටම මගේ අකුරු කියවන මංගල්ලේට ලෑස්තිවෙනවාලු.

ඒ කාලේ අපි හිටියේ මාතලේ. ඒ නිසා අපේ අප්පච්චිගේ ගමට ලගයි. ඒ නිසා අප්පච්චි නිතර ගමේ ගිහින් එක එක දේවල් අක්කාටයි මටයි ගේනවා. ඔය ගේන දේවල් අපිට දෙන්නේ ටික ටිකත් නෙවේ. කොහොමහරි අකුරු කියවන්න කලිනුත් අප්පච්චි ගමේ ගිහින් බඩ ඉරිගු ගෙනත්. මට අකුරු කියවන්න කලින් දවසේ අක්කාටයි මටයි තම්බලා පිගන් දෙකකට දාලා ඉන්දවලා කන්න දුන්නා. අනේ ඉතින් මාත් පොඩ් එකා කියලා අමතක වෙලා වගේ හොදට කෑවා. ඊටත් වඩා හොදම දේ තමා අක්කායි මායි හරිම පෙරේතයි අන්නාසි වලට. අප්පච්චි එදා අන්නාසි ගෙඩියකුත් ගෙනාවා. අපි දෙන්නාට අන්නාසි ගෙඩිය කපලා දෙකට බෙදලා පිගන් දෙකකට දාලා දුන්නා. අපිට කියලත් මොනවා තේරෙනවාද අපිත් හොදට කෑවා. කොහොම හරි අක්කායි මායි එදා කිසි අවුලක් නැතිව හැමදේම කාලා හිටියා.

කොහොමහරි පහුවදා මට අකුරු කියවන නැකත. එදා උදෙන්ම අප්පච්චියි අම්මායි නැගිටලා හැමදේම ලෑස්ති කරලා. අපිවත් ඇහැරවලා මුණ සෝදවලා ඇදුම් අන්දලා වැඩේට ලෑස්ති වෙනවා. අප්පච්චි මට ගෙනපු අලුත්ම ඇදුම අන්දවලා හැඩට කොන්ඩෙ පිරලා හැඩ කලා. ඊලගට ලස්සනට පුජාවන් තියන්න සරසපු මේසේ පහන් පත්තු කරලා පූජාවන් එහෙම තියන්න ලෑස්ති වුනා. බුදුහාමුදුරුවන්ට මල් පහන් සුවද පූජා කරලා ඊලගට ගණ දෙවියන්ට සරස්වති දෙවියන්ට අදාල පූජාවන් එහෙම තිබ්බා. ඔය වැඩ ටික කරලා පන්සිල් එහෙමත් කියලා අප්පච්චි හෝඩි පොත අතට ගත්තා.

ඉන්පස්සේ අප්පච්චි හෝඩිපොතේ මුල් පිටුව පෙරලලා "අ" ලග ඇගිල්ල තියලා
"කියන්න මගේ පුතේ "අ" යනු ....."
මම නිහඬයි.
අප්පච්චි ආයෙමත් කියනවා
"කියන්න පුතේ "අ" යනු..."
මගේ කට හෙලවෙන්නේ වත් නැහැ.
අප්පච්චිත් ගේම අතාරින්නේම නැහැ. ඇයි ඉතින් එක ළමයෙක්ට අකුරු කියවගන්න බැරි වුනා. අනිත් ළමයාටවත් අකුරු කියවන එක කරන්න එපායැ.
"කියන්න මගේ පුතේ "අ" යනු... කියන්න."
ඒත් ඉතින් මම නෙවේ කියන්නෙ.
බැරිම තැන අක්කාත් කියන්න ගත්තා.
"කියන්න නංගි... "අ" යනු..."
එත් ඉතින් මම කියන්නේ කොහොමද....
අප්පච්චි ආයෙමත් කියනවා
"මගේ හොද පුතානේ කියන්නකො "අ" යනු....."

ඒ පාරනම් මගේ කට ඇරුනා...
"මට බෑ අප්පච්චි......" කියලා මම ඇඩුවා.
අප්පච්චිට කවදාවත් නැතිව තරහා ගියා හොදටම. මගේ පස්සට දෙකක් ගහලා ඇද උඩට විසි කරලා දැම්මා. ඉන් පස්සේ අප්පච්චි එලියට ගියා. ඒ වෙලාවේ තමා අප්පච්චි දැකලා තියෙන්නේ අප්පච්චිගේ සරමේ මම ඉදන් හිටි තැන මොනාද ගෑව්ලා තියෙනවා. ඉන් පස්සේ අප්පච්චි අයෙමත් ඇවිත් මාව අරගෙන බලලා කලිසම ගලවලා බලලා.

අනේ අසරණ මට වෙලා තියෙන්නේ කලින් දවසේ කාපු දේවල් දිරවගන්න බැරිව බඩේ අජීර්ණයක් වෙලා බඩ බුරුලට ගිහින් ඇදන් හිටි ඇදුමේම. කොහොමහරි එදා මගේ අකුරු කියවිල්ල ඉවර වුනා. මම අ යන්න කියන්න කට ඇරියේවත් නැහැ. කොටින්ම කිවොත්  මම අකුරු කියවලා නැහැ.

ඔන්න ඔහොමයි මම අකුරු කියෙව්වේ. අහ් මම අකුරු කියෙව්වේ නැහැනේ..
මට නැකතට අකුරු කියවන්න ගිහින් වුනේ ජර මරයක්....... කොහොමත් ඉතින් මගේ ජීවිතේ තියෙන්නේ හරි අමුතු සිදුවීම්නේ....

2012/12/11

මම ලිඳට පනිනවෝ...... (ජබෝ....ස්......)

ගොඩක් දවසකට පස්සේ මතක් වුනා මම පොඩි කාලේ කරපු දඟ වැඩක්. ඒක මතක් වුනෙත් ඔය සිදුවීමට අදාල ලිඳ දැක්කා ගොඩක් දවසකට පස්සේ ගෙදර පිටිපස්සේ මිදුලට ආව නිසා. දැන් ඔයාලා හිතින් මවා ගන්න එහෙම එපා ලොකු පිටිපස්සේ මිදුලක්.. අපේ ඉඩම පොඩියි ඒත් මම පිටිපස්සේ කොටසට යන්න කැමති නැහැ. හේතුව ඉතින් එහා පැත්තේ ගෙදර අන්කල් හැමවෙලේම ඉන්නේ එතන. මම එයාට කැමති නැහැ නේ. අනම් මනම් කතා නතර කරලා කතාව කියන්නම්.

අපි දැන් ඉන්න ගෙදරට ආපු අලුත තමා මේ සිදුවීම වුනේ. අපි මෙහේ පදිංචියට එද්දි ගෙදරට ටැප් වතුර තිබුණේ නැහැ. ඒ කියන්නේ පාරෙන් වතුර අරන් නැහැ. අපි වතුර ගෙනාවේ අපේ ගෙදර උඩහා ගෙදරින්. ඒ උඩහා ගෙදර හිටියේ අපේ අම්මාගේ ලොකු මාමා සහ නැන්දා. එයාලාගේ පුතාලා දෙන්නාගෙන් එක්කෙනෙක් බැදලා australia වල අනිත් පුතා බැදලා කොළඹ පදිංචිය. දුව බැදලා නැහැ ඒ වෙද්දි. ටිකක් වයසට ගිහින් එයා ඒ වගේම හරි අමුතුයි. කොහොම හරි මුල් කාලේ වතුර එහෙන් ගේන එක කරදරයක් නැති වුනාට ටිකක් කල් යද්දි හරි කරදරයි. එලියේ ටැප් එකෙන් වතුර පුරවද්දි ඒ ලොකු අත්තා වතුර වේගය අඩු කරනවා. එතකොට ඉතින් පැයක් විතර ඉන්න ඔනේ වතුර පිරෙනකම්.

ඔය කරදරේ ඉවසන්න බැරි නිසා අම්මායි අක්කායි තීරණය කලා අපේ වත්තේ තිබුණ අත් ඇරලා දාපු ලිඳ සුද්ද කරලා හෝදන වැඩ වලට ගන්න. බොන්න විතරක් එහෙන් වතුර ගමු කියලා. ඔය කාලේ ඉතින් මම පොඩි ළමයා. මම 2 වසරෙන් හොරෙන් පැනලා 3 වසරේ ඉන්න වයසේ. අපි ලිඳ හොදට සුද්ද කරලා පාවිච්චියට ගත්තා.

අපේ අම්මා අපිත් එක්ක ඉන්නේ සෙනසුරාදා ඉරිදා විතරනෙ. අනිත් දවස් වල අපි කලින් ඉස්කෝලේ ඇරිලා ආවාට අම්මා එද්දි ටිකක් හවස් වෙනවා. අපි එහෙට ඇවිත් ටික කාලයක් ගියා. ඔහොම ඉද්දි උඩහා ගෙදර අත්තම්මාට අපේ අම්මා නැතිවම බැහැ. එයා හැමවෙලේම අපේ අම්මාට උඩ ඉදන් අඩගහනවා බබෝ බබෝ කියලා. ඔය ඒ අත්තම්මා බබෝ කියන්නේ මට. මම ඉස්සරහා මිදුලට අවාම කියනවා අම්මාට එන්න කියන්නකො කියලා. ඉතින් අපේ අම්මාත් යනවා. නොගිහින් බැහැනෙ. අම්මා එන්කම් ඉස්කෝලේ ඇරිලා ආවාම අපිව බලාගන්නේ අත්තම්මානෙ.

ඉතින් ඔහොම කතා කලාම අපේ අම්මාත් ගිහින් සෑහෙන වෙලාවක් කතා කර කර ඉන්නවා. ඉතින් හැමදාම මම සිය පාරක් විතර අම්මාට කතා කලාම තමා අම්මා ගෙදර එන්නේ. ඔය වැඩේට මට ඉතින් හරි තරහයි. ඉතින් ඔහොම දවසක් අම්මා අත්තම්මා එක්ක කතා කර කර හිටියා. මම හතර පස් වතාවක් අම්මාට එන්න කිවා. අම්මා එන්නම් කිය කිය කතාව. මම ගේ වටේ ගියා ටිකක් කල්පනා කලා. මගේ ටිකිරි මොලේට හොඳ අදහසක් ආවා.

"අම්මා..... එන්නකෝ....... ඔයා ආවේ නැතිනම් මම ලිඳට පනිනවා......
එකයි.... දෙකයි..... තුනයි...... "
ජබෝ......ස්

අම්මා අඩි දෙකට ලිඳ ලග එබිලා බැලුවා ලිඳ ඇතුල පෙන්න නැහැ ඔලුගෙඩියක්. එත් වතුරට යමක් වැටිලා හෙලවෙන විදිහ පෙනවා. අම්මා අඩන්න ගත්තා.
"අනේ මගේ පොඩි පුතේ...... ඇයි අම්මාට එහෙම කලේ.....
මම ඔයාවයි අක්කාවයි බලාගන්නේ කොයි තරම් අමාරුවෙන්ද...."

ඔහොම කිය කිය අඩනවා. අක්කාත් සද්දෙට දුවගෙන ඇවිත් ලිඳ ලග. ඒ ලිඳට පැන්නොත් ආයේ ගොඩ ගන්නවා බොරු. හේතුව ඉතින් ගොඩක් ගැඹුර ලිඳක් නෙ. අක්කාත් හොදටම අඩනවා. එයාගේ එකම නංගිනෙ. අම්මාටයි අප්පච්චිටයි කියලා කියලා ගෙන්න ගත්ත. මටත් හරි දුකයි දැන් ඒ දෙන්නා අඩද්දි. මම හෙමින් සීරුවේ ලිඳ පිටිපස්සේ ඉදලා හෙමිට නැගිට්ටා. අම්මා දැක්කා මාව.

"පොඩි පුතේ ඔයා ඔතන එතකොට...." අම්මා එහෙම් කියලා ලිඳ ඇතුල බැලුවා.
අක්කාත් මට ඔරවලා "නංගි ඔයා මොකක්ද ඒ කරපු වැඩේ...."
දැන් කොහොමත් බැනුම් අහගන්න වෙනවා කියලා දන්නවානේ. ඉතින් මම බොහොම හෙමින් ඇත්ත කියන්න පටන් ගත්තා.

"අම්මා...... මම අම්මාට කතා කලාට කතා කලාට එන්නේ නැහැනෙ. අත්තම්මා එක්ක කතා කර කර ඉන්නවානෙ. ඉතින් මම තරහට මම ලිඳට පනිනවා කියලා මෙතන තිබුණ ගල ලිඳට දැම්මා. එතකොට සද්දෙට අම්මා එනවානෙ......"
මම කියාගෙන කියාගෙන ගියා.
අම්මායි අක්කායි හොදටම තරහෙන් පුපුරනවා.
"ඔයා පැන්නා කියලා හිතලා මමත් දුවගෙන ආපු ගමන් ලිඳට පැන්නා නම් මොකද කරන්නේ" අම්මා එහෙම ඇහුවා.

අම්මා එහෙම ඇහුවාම මට දෙන්න උත්තරයක් තිබුනේ නැහැ.
"එනවා යන්න ගෙදර...." අම්මා තරහින් එහෙම කියලා මාව අතින් ඇදගෙන ගිහින් ගෙට දැම්මා.

ඉන්පස්සේ පේර කෝටුවක් කඩාගෙන ඇවිත් දොරවල් දෙක වහලා හොදටම ගැහුවා. ආයේ එහෙම වැඩක් කලොත් හම ගහනවා කියලා බැන බැන ගැහුවා. මට කවදාවත්ම අම්මා එහෙම ගහලා නැහැ.
මම හොදටම ගුටි කෑවා අයෙම එහෙම වැඩක් කරන්නේ නැති වෙන්නම. කොහොම හරි අම්මා ගහන එක නතර කලා දුක හිතුන නිසා.

ඊට පස්සේ මට ලිඳ ලගට යන එක තහනම් කලා. අම්මා හරි අක්කා හරි නැතිව තනියෙන් ලිඳ ලගට ගියොත් පොලිසියට අල්ලලා දෙනවා කිවා. පොඩි මම පොලිසියට තියන බයට අයෙම ලිඳ ලගට ගියෙ නැහැ.
ඔන්න ඔහොම තමා මම ලිඳට පැන්නේ. අදටත් ඒ ලිඳ තියෙනවා. නමුත් දැන් ඒ හරියේ ගෙවල් ගොඩක් හැදිලා නිසා පාවිච්චි කරන්නේ නැහැ.

එදා ලිඳට ඇත්තටම පැන්නා නම් අද මෙහෙම කියන්න මම නැහැනෙ ඉතින්.....

2012/12/06

අමාවක...........

අමාවක දා රෑට එකළු කරනට
අඹර....
නැතිමුත් සුපුන්.... සඳ.....
නැත..... කිසිදාක.....
අමාවක....
මසිත් අහසට.....
එකළු කරනට......
නුඹට....... හැකි නිසා
සුපුන්... සඳ වී....
මසිත් අහස.....

2012/12/01

දිවි තුරා ආදරෙයි මං නුඹට.......

කදුල නුඹ හැමදාම
මා ලඟ තනියට ඉන්න....
දුර ඈත...... ඒ හිතට
ලංවෙන්න වරම් නැති.....
ආදරයේ සුවඳ නොවිදි....
පුංචි බිම්මලක්..... මා
තරු පිරිවැරූ හඳට පෙම් බැදි...
කොඳ කුමුදු මලකි....... මා.....
නොලැබෙනා බව දැන දැනම
නුඹට පෙම් කලේ...... කුමට
කියන් මට.... කුමරුණේ....
ලං වෙනු නොහැකි.... දුරකට
පියමං කලත්....... නුඹ...
ඇතැර මා .........
පෙම් කරමි...... මම
දිවි තුරා......
නුඹ....... සිතට.....
එක ලෙදම....... හැමදාම.....

2012/11/22

එන්න හොර බොරු වංචා දන්නේ නැති අය..... දවසින් ඉගෙන ගන්න ...

ගොඩක් දවසකට පස්සේ මේ පැත්තේ ඇවිත් හොර බොරු වංචා ගැන පන්තියක්වත් දාන්න ලෑස්තිද කියලා. අනේ නැහැ.. මේ මාත් ඉගෙන ගත්ත දෙයක් ඔයාලා එක්ක බෙදා හදාගන්න කියලා. කවදා හරි ඔයාලාටත් වැදගත් වේවිනේ...

කට්ටිය දන්නවනේ මේ දවස් වල හැම පාසලකම වගේ වර්ෂ අවසාන වාර විභාගය පැවැත්වෙනවානෙ. ඉතින් මම ඉන්න පාසලේත් ඔය සදහා සුදානම  මේ වාරයේ ආරම්භයේ ඉදන්. දැන් ඔයාලා මගෙන් අහන්න එහෙම එපා ඒ තරම් කාලයක් මොකටද කියලා. ඔය ගැන මම දන්නේ නැහැනේ.. මට වැඩකුත් නැහැනේ. කාලෙකට පස්සේ ලියන්න ගත්ත නිසා වැඩකට නැති දේවල් කියවනවා.

ඉතින් පාසලේ ලොකු ලොක්කෝ කතා වෙලා පසුගිය වාර විභාගයේ ප්‍රශ්ණ පත්‍රවල අකුරු වැරදීම් තිබුණ නිසා අලුත් ක්‍රියාමාර්ගයක් අරන් තිබුනා. අලුත් දෙයක් කිවාට කරන්නේ අදාල අංශවල ගුරුවරුන් තම තමන්ගේ අංශ වල ප්‍රශ්ණ පත්‍ර කුමන ක්‍රමයකින් හරි ටයිප් සෙටින් කරවාගෙන ප්‍රින්ට් කරලා භාරදෙන්න ඕනේ. ඉතින් ඔය වැඩේට යන වියදම පාසල් සංවර්ධන සමිතියෙන් ලබාදෙනවා.

ඔන්න ඉතින් අදාල අංශවලින් වැඩේට බැස්සා. ඔය අතරේ ගුරුවරු අතරේ සමහර අයට සිංහල ටයිපින් පුලුවන් අය ඉන්නවානේ. එයාලාට අමතර ආදායමක් ලබාදෙන්නත් එක්ක ඒ ගුරුවරුන්ට දුන්නා. ඉතින් මටත් ඔය තොප්පිය සෙට් වුනා. මට නම් ඉතින් ඔය අමතර අදායම් වැඩක් නැහැ ලැබෙන වැටුපවත් වැඩක් නැති කොට. ඒ ගැන පස්සේ දවසක කියන්නම්. ඉතින් commerce section එකේ අංශ ප්‍රධානි මට කිවා එයලාගේ ප්‍රශ්ණ පත්‍ර ටයිප් කරලා දෙන්න. මටත් ඉතින් කවුරුත් දෙයක් කිවාම බැහැ කියන්න බැහැනේ. ඒ නිසා මම භාරගත්තා.

මට භාරදුන්න ප්‍රශ්ණ පත්‍ර සියල්ලම හොදට ටයිප් කරලා භාරදුන්නා. ඒත් ඉතින් මම ඒවාට මුදල් ලැබේවි කියලා බලාපොරොත්තුවක් තිබුනේ නැහැ. හේතුව ඉතින් මම පාසලේ ටයිපිස්ට් වගෙන. ඒත් ඉතින් ඒ මැඩම් මට කිවා හැමදෙනාම මුදල් ගන්න එකේ මටත් වවුචරයක් පුරවලා මුදල් ගන්න කිවා. මාත් වවුචරයක් අරගෙන science section එකේ ප්‍රශ්ණ පත්‍ර ටයිප් කරන සර්ගෙන් අහගෙන පුරවා ගත්තා.

හැමදෙනාම දාලා තිබුනේ එක පිටුවකට රුපියල් 60 ගානෙ. මමත් ඒ ගානම දාලා දුන්නා. මම පිටු 43 ටයිප් කරලා තිබුණ නිසා මුලු මුදල 2580 වුනා. කොහොමහරි ඔය මුදල ගත යුතු පිළිවෙලත් අහගෙන මම ගියා අදාල කෙනා ලගට. ඇය පාසල් සංවර්ධන සමිතියේ භාණ්ඩාගරික තුමිය. ඉතින් එයා වවුචර් එකට ටිකක් වෙලා ඔරවන් බලන් ඉදලා කිවා අපෝ එක පිටුවකට රුපියල් 60ක් වැඩියි. මේක සර්ගෙන් අහන්නේ නැතිව බැහැ. අනේ ඉතින් අනිත් අයට හොදයි මට තමා කියලා හිත හිත මම ගියා විදුහල්පතිතුමා හොයාගෙන.

නරක වෙලාව කියන්නේ ඒ වෙලාවේ විදුහල්පතිතුමා නැහැ. පහුවදාට වැඩේ කල්දාලා මම ගියා මගේ වැඩ කරන්න. කොහොමහරි මම පිටුවකට රුපියල් 60 වැඩියි කිව කතාව commerce section එකේ අංශ ප්‍රධාන තුමියටත් කිවා. ඇය කිවා අනිත් අයට දෙන ගානම  මටත් ලබාදෙන්න ඔනේ කියලා. කොහොමහරි පහුවදා මට ගොඩක් වැඩතිබුණ නිසා විදුහල්පතිතුමාව මුණගැහෙන්න පුලුවන් වුනේ පාසල් අවසන් වුනාම. මම මගේ වවුචර් එක පෙන්නුවා. ඉන්පස්සේ ඔහු කිවේ වෙන්ත් දෙයක්. රුපියල් 2000ට වඩා වැඩ් නිසා ගෙවන්නේ කොහොමද කියන එක භාණ්ඩාගරික තුමිය සමග කතා කලයුතු නිසා පහුවදාට එන්න කිවා.

ඔන්න ඉතින් මම පහුවදාත් වවුචරයත් අරන් ගියා. ඉන්පස්සේ විදුහල්පතිතුමා භාණ්ඩාගාරික තුමිය සමග කතාබහ කරලා කොටස් වලට කඩා වෙන වෙනම මුදල් ලබාගන්න පැවසුවා. මම ඒ බව commerce section එකේ ගුරුවරියන්ට කිවාම ඔවුන් වෙන වෙනම වවුචර් පුරවලා දුන්නා. ඉතින් ආයෙමත් අරන් ගියාම භාණ්ඩාගාරික තුමිය කියනවා මෙහෙම ගෙවන්න බැහැ. ඒවාට අදාලව බිල් තියෙන්න ඕනේ කියලා. ඉතින් මම කිවා මේවා ටයිප් කලේ මම මට බිල් දෙන්න බැහැනේ කියලා. ඒ පාර කියනවා බිලක් නැතිව ගෙවන්න බැහැ කොහෙ හරි කඩේකින් බිලක් ඉල්ලාගෙන එන්න කියලා.

ඒ වෙද්දිනම් මට එපාම එපාම වෙලා තිබුනේ. ඊටත් වඩා නීති ගොඩක් කියලා අන්තිමට හොරට බිලක් ගේන්න කිවා. හොරයක් නැතිව ඇත්තම කිව නිසා වැඩේ වුනේ නැහැ. අන්තිමට හොර වැඩේ කරන්න හිතට එකග නැතිව මම එතනින් ආවා මට වැඩේ භාරදුන් කෙනාට විස්තරේ කියලා ඒ මහන්සිය අමතක කරලා දාන්න. මම ඒ අයට විස්තරේ කිවාම එයාලා බිලක් ගෙනත් දෙන්න පොරොන්දු වුනා. කොහොමහරි බිලක් ලැබුනා. ඒත් කොටස් වලට කඩපු මුදල අයෙමත් එකට දාලා තමා බිල දීලා තියෙන්නේ. ඒ නිසා වෙන බිලක් හොයන්න වුනා. කොහොමහරි අපේ අම්මා මට බිල් දෙකක් හොයලා දුන්නා.

එහෙම දීලා අම්මා කිවා ඕක හරි ගියෙ නැතිනම් අතැරලා දාන්න එහෙම බොරු කරන්නත් බැහැ කඩවල් වල මිනිස්සු මොනවද හිතන්නේ එහෙම ඉල්ලද්දි කියලා. ඉතින් අද මම ඒ බිල් දෙකත් අරන් ගිහින් දුන්නාම කිවා මේක කොහෙන්ද ගත්තේ කියලා. මම අම්මාගෙන් තැන අහගත්තේ නැතිනිසා මම හිතට ආවට කිවා super market එකේ පැත්තක communication එකක් තියෙනවා එකෙන් කියලා. ඊට පස්සේ ඇය කියනවා මේ බිල පිලිගන්නවාද කියලා බලන්න ඔනේ කියලා. මම එහෙනම් බලලා තියන්න කියලා කියලත් අයෙම කිවා නැහැ මම සදුදාට අරන් එන්නම් කියලා.

මේ තරම් අමාරුවෙන් ගත්ත බිල නැති කලොත්. කොහොමහරි දැන් සති දෙකක් තිස්සේම මම වවුචරයක් අරන් රස්තියාදු වෙනවා නීතියට වැඩකරන්න බොරු කරන්න ගිහින්. අද හිතාගත්තා සදුදාට බැහැ කිවොත් අයෙත්නම් කවදාවත් වවුචරයක් පුරවන්නේවත් නැහැ කියලා.

කොහොමහරි ගුරුවරුන්ට මුදල් ගන්න බැහැ කියලා අපේ අක්කාගේ නමට වවුචරය ලියලා හොරෙන් කඩෙන් බිල් අරගෙන මම මහන්සි වුන එකට සධාරණය ලබන්න යන්නේ. මම ඇත්තම කිවා මම ටයිප් කලේ කඩවල් වල බිල් ගන්න බැහැ කියලා. ඉතින් එයාලා මට කියලා දුන්නා බොරු කියන්න වංචා කරන්න... ඒකත් නරකම නැහැ...

ලියාගෙන යද්දි ගොඩක් දිග වැඩි වුනා. කියවලා මටත් බැනලා යන්න. හැමදාමත් වගේ මම අදත් කියන්නේ ගුරුවරු කියන්නේ ගුරු වෘත්තිය කියන්නේ මහ එපා කරපු දෙයක්. ඒත් ඔය නරක ගුරුවරු අතරේ තවමත් හොද ගුරුවරුන් ඉන්නවා කියලා මට තේරුනේ දැන් මා සමග ඉන්න අවුරුදු 28 සේවය කල ගුරුමෑණියන්ගෙනුයි. එහෙනම් ගිහින් එන්නම් තවත් ගුරු විරෝධි කතාවක් අරන්.....

2012/11/01

අනේ මෙහෙමත් ගුරුවරු සහ සිසුන්......

ගොඩක් දවසකට පස්සේ ආයෙමත් ලියන්න ගත්තෙ මම අකමැතිම සිදුවීමක් වුන නිසාත් මට ඒ ගැන ලියන්න විවේකයක් ලැබුණු නිසාත්... පහුගිය දවස් වල මීටත් වඩා අප්‍රසන්න සිදුවීමක් වුනා. නමුත් ඒ ගැන ලියන්න හිතෙන්නේ නැති නිසා අද වුනදේ ලියන්න හිතුනා.
අපේ පාසලේ දැන් දින ගණනාවක් ඉදලා මෙවර සාපෙළ ලියන සිසුන්ට සම්මන්ත්‍රණ පැවැත්වෙනවා. පහුගිය දිනවල මෙම සම්මන්ත්‍රණ මාලාව ආරම්භ කලා. මෙය ප්‍රින්සිපල්ගේ නියොගයක් මත ක්‍රියාත්මක කල වැඩසටහනක්. ඔහු පවසා තිබුනා සෑම විෂය භාර ගුරුවරයෙක්ම තමන්ට අදාල විෂය සදහා එක් සම්මන්ත්‍රණයක් හෝ පැවැත්වීම අනිවාර්ය බව. කොහොමහරි පහුගිය දින කිහිපයේ මා දන්නා පරිදි සම්මන්ත්‍රණමාලාව කිසිදු ප්‍රශ්ණයකින් තොරව පවත්වා තිබෙනවා.

නමුත් අද උදෑසන බරපතල ප්‍රශ්ණයක් උද්ගත වුනා. මම අද පාසලට යන විට විනාඩි 5ක් පමණ ප්‍රමාද වුනා වර්ෂාව නිසා. කොහොමහරි තෙමිගෙන ගිහින් වතුර වෙලා ගන්න ක්‍රමයක් හිත හිත දවසේ කරන්න තියන වැඩ ටික හිතමින් ඉන්නකොට දැකලා හිනාවෙලා පමණක් තියෙන සර් කෙනෙක් ආවා. එතන staff room එකක් නිසා මම හිතුවේ එතන ඉන්න මැඩම්ව මුණගැහෙන්න වෙන්න ඇති කියලා. ඇත්තටම එතන Biology lab එකේ රූම් එකක්. මාත් හිනාවෙලා කට හදා ගත්තා අද bio madam නෑ කියන්න.

නමුත් ඉතින් බලාපොරොත්තු නැති විදිහට ඒ සර් ආපු ගමන්ම කිවේ මාවම හොයාගෙන ආවා කියලා. ඉතින් එතකොටම මම දන්නවා මොකක්මහරි මරාලයක් මට කඩාපාත් වෙනවා කියලා. මාත් ඉතින් හොද හිනාවක් එහෙම දාලා ඇහුවා මොකක්ද වෙන්න ඕනේ කියලා.

ඉතින් සර් මට dongle එකක් දීලා කියනවා. අද ඉතිහාසය සම්මන්ත්‍රණය තියෙන්නේ. ඒත් ඉතිහාසය කරන ගුරුවරු තුන්දෙනාගෙන් එක්කෙනෙක්වත් නැහැ. ප්‍රින්සිපල් කිවා මේකෙන් මොනවා හරි දාලා පෙන්වන්න කියලා ඔයාට කියලා.

අනේ ඉතින් මට නෑ බෑ කියවිලි නැති නිසා මාත් හා කිවා. dongle එක අරගෙන install කලා. ඔය අතරේ සර් අහනවා කොහොමද ළමයි හැමදෙනාටම පෙන්වන්නේ කියලා. ඉතින් මම කිවා projector එක ගේන්න වෙනවා කියලා. ඉතින් ඔහු ඒ වැඩේ භාර ගත්තා. මටත් ඒක හොදයි. හේතුව ඒක තියෙන්නේ ප්‍රින්සිපල්ගේ භාරයේ ඉතින් අරන් එද්දි ගෙනිහින් දෙද්දි cable හරියට පෙන්නන්න ඕනේ. හරිම වදයක්. නීති ගොඩයි.

සර්ගේ dongle එක connect වෙන්නේ නැති නිසා මගේ ලෝබකම පැත්තක තියලා මගේ dongle එකෙන් හොයන්න ගත්තා මොනවද පෙන්වන්නේ කියලා. මුලින්ම NIE එකෙන් ඉතිහාසය syllabuse එක download කරලා බැලුවා මොනවද අදාල කියලා. ඒ තියෙන දේවල් හෙව්වාට වැදගත් යමක් නැහැ පෙන්වන්න පුලුවන්. අන්තිමට ඒ සර්ට මතක් වුනා මොනවාහරි CD තියෙනවාද කියලා.

කොහොමහරි අමාරුවෙන් අපේ Computer lab එක බාරව ඉන්න සර්ගෙන් විද්‍යාව විෂයට අදාල CD ලැබුනා. කොහොමහරි අවශ්‍ය කරන අම්පන්න ඔක්කොම අරන් ප්‍රධාන ශාලාවට ගිහින් අමුණලා ළමයි නිෂ්ශබ්ද කරවලා CD දැම්මා. ඒත් ඉතින් ඒ ළමයි විනාඩි 5 ක්වත් නිහඩව හිටියේ නැහැ. කෑගහන්න ගත්තා. නිෂ්ශබ්ද කරවන වෙලාවේ විතරයි. ඇත්තටම ඒ තරම් නැහැදුණු ළමයි පිරිසක් මම ඒ දැක්කාමයි. සූ කියනවා කෑගහනවා තේරුමක් නැති ඒවාට අත්පුඩි ගහනවා. හූ කියනවා. කිසිම හැදියාවක්වත් අලුත් දෙයක් දැන ගැනීමේ වුවමනාවක්වත් නැහැ.

එහෙම අමාරුවෙන් CD එකහමාරක් පෙන්නුවා. නමුත් අර සර්ටත් මටත් එතන හිටිය තව ගුරුවරියන් දෙන්නෙක්ටත් තේරුණා තේරුමක් නැති වැඩක් කියලා. ඉතින් අපි වැඩේ නතර කලා. කොහොම හරි ගෙනාව උපකරණ ගෙනියන්න ලෑස්ති කරන විටත් ළමයි හොදටම කෑගැහුවා. එපමණක් නොවේ එක ළමයෙක් හොද පැහැදිලිව හූ කිවා. අර සර්ට හොදටම තරහා ගිහින් හිටියේ. තරහා තවත් උග්‍ර වුනා. අර ළමයා ලගට ගිහින් ළමයාව නවලා දුන්නා පිට හරහා පාරවල් දෙකක් පුදුම සද්දෙකින්. මුළු ශාලාවම නිෂ්ශබ්ද වුනා පුදුම විදිහට. ඔන්න ඔහොම ඉතිහාසය සම්මන්ත්‍රණය අවසන් වුනා.

හොදම සිදුවීම වුනේ ඉතිහාසය උගන්වන ගුරුවරු දෙදෙනෙක්ම එදින නිවාඩු. එක් ගුරුවරියක් උසස් පෙළ කලා අංශයේ. ඇය අද පාසලට පැමිණියත් සම්මන්ත්‍රණය පවත්වනවා නේද අනිත් ගුරුවරු නැහැ නේද කියලා නිකමටවත් ඇවිත් හැරී බැලුවේ වත් නැහැ. අදාලත්වයක් නැති අර සර් සහ පන්ති භාර ගුරුවරියන් දෙදෙනෙක් එතන සිටියා. ඒ ඇර කොහෙත්ම සම්බන්ධයක් නැති මම එතන ගිහින් ළමයින්ට යම් දෙයක් දෙන්න උත්සාහ කලා. නමුත් ඒ ළමුන්ටත් කිසිම උවමනාවක් නැති නිසා ඒ උත්සාහයත් තේරුමක් නැති දෙයක් වුනා.

මට හිතුන දේ තමා එවන් ගුරුවරුන්ටම ළමයි හැඩ ගැසිලාද කියලා. වැඩක් කරන ගුරුවරයෙක්ට වැඩක් කරන්නත් ඉඩ දෙන්නේ නැහැ. ඒ ගුරුවරයෙක්ගෙන්වත් වැඩක් ගන්න ළමයින්ට හිතෙන්නෙත් නැහැ. මට ඇවිත් වැඩේට සහය ඉල්ලු සර්ට ගොඩක් ලොකු උවමනාවක් තිබුනා ඒ ළමයින්ට කාලය නාස්ති කරමින් ඉන්න ඉඩ නොහැර යම් දෙයක් ලබා දෙන්න. ඒත් ඔහුගේ උත්සාහය ව්‍යර්ථ වුනා......

2012/09/21

උන්ව ඉස්කොලෙන් අස් කරලා දාන්න ඔනේ........

මේ අපේ පාසලේ සිදුවුන තවත් සිදුවීමක්. මේකත් ඉතින් ගුරුවරුන්ගේ මොඩ තීරණයක්.

පහුගිය දවසක, හරියටම දවස මේ සතියේ සදුදා අපේ පාසලේ 12 ශ්‍රේණියේ කළා අංශයේ පිරිමි ළමුන් දෙදෙනෙක් පාසල් වේලාවේ පාසලෙන් පැන ගිහින් තිබෙනවා. කොහොම හරි මේ සිදුවීම වෙලා තියෙන්නේ දිවා විවේකයට පෙර. ඊට පස්සේ අංශයේ ගුරුවරුන් එකතු වෙලා ළමුන් දෙදෙනාගේ ගෙවල් වලට කතා කරලා කොහොම හරි හොයාගත්තා.

හොදම කතා ටික මීට පස්සේ තමා වුනේ. කොහොම හරි විදුහල්පතිතුමා නියොජ්‍ය විදුහල්පති හාමුදුරුවො සහ විනය පාලක මණ්ඩලය කතා වෙලා ඒ ළමයි දෙන්නාගේ දෙමාපියන් දැනුවත් කරලා සතියක පන්ති තහනමකට ලක් කලා.

නමුත් ඉතින් අපේ ආදරණීය බුද්ධිමත් ගුරුවරුන්ට ඒ දඩුවමින් සෑහිමකට පත් වෙලා නැහැ කියලා නම් කතා වෙන් තේරුනා. ඒ කතාව කියපු හැම ගුරුවරයෙක්ම කීවේ පන්ති තහනම් කරලා වැඩක් නැහැ. පාසලෙන් අස් කරන්න ඔනේ කියලා. මට තේරෙන්නේ නැත්තේ මේ වගේ මොඩ කතා කොහොම කියනවාද කියලා. පාසල් තාප්පෙන් පැනලා ගිය පලවෙනි ලමයි දෙන්නා ඔය ලමයි දෙන්නා නෙවේ කියන එකවත්. ඊටත් වඩා ළමා කාලයක් ගත් නොකල ගුරුවරුන් ලෙස කතා කිරීම ගැන කණගාටුයි.

කොහොම හරි මේ සිදුවීමෙන් පස්සේ ගුරුවරුන් කතා වුනේ මෙහෙම දෙයක් සිදුවුන ප්‍රථම වතාව මේක වගේ. ඇත්තටම මම පාසල් යන කාලේ වුනත් ඔහොම ඔනේ තරම් පාසලෙන් හොරෙන් පැනලා ගියපු කොල්ලො දැකලා තියනවා. ඒවගේම තමා පාසලෙන් අස්වෙලා උසස් අධ්‍යාපනයට ගියාම එතනදි හමුවුන ගොඩක් දෙනෙක් එක දවසක් හරි පාසලෙන් හොරෙන් පැනලා තියෙනවා. එහෙම වුනත් ඒ අය රස්තියාදුකාරයො නරක මිනිස්සු වෙලා නැහැ.

ගුරුවරියො කවදාවත් පාසලෙන් පැනලා ගිහින් නැති නිසා මේ ආකාරයට කතා කලාට කමක් නැහැ කියලා හිත හදා ගන්න පුලුවන්. ඒත් ගුරුවරු කවදාවත්ම පාසලෙන් පැනලා ගිහින්ම නැතිද. එහෙමනම් ඉතින් වැඩක් නැහැ කියලා කියන්නත් හිතෙනවා. මොකද ඉතින් කොලු කාලේ දග වඩක් වැරදි වැඩක් කරලා නැතිනම් අඩුම තරමේ වයසට ගිහින් මතක් කරලා හිනා වෙන්නවත් දෙයක් නැහැ.

මම කියන්නේ නැහැ පැනලා ගියපු කොල්ලො දෙන්නා සියට සියක් හරි කියලා. ඒ දෙන්නා වැරදියි. ඒත් කොලු කාලේ ඔයවගේ දෙයක් කරන එක සාධාරණයි. තමන්ට ළමා කාලයක් තිබුනේ නැහැ වගේ හැසිරෙන අය නම් කවදාවත් ළමයින්ට සමීප වෙන්නේ නැහැ. මගේ පාසල් කාලේ මට ඉගැන්වු ගුරුවරු සෑමදෙනාටම මම අදටත් ආදරෙයි. ඒත් මේ ළමයි කවදාවත් මෙහෙම ගුරුවරු කවදාවත් ආදරෙන් මතක් කරාවිද කියන එක හිතා ගන්න බැහැ.

මොනම ප්‍රශ්නෙකටවත් හොදම විසදුම ළමයෙක්ව පාසලෙන් අස් කරන එක නෙවෙ කියලා මේ ගුරුවරු කවදා තේරුම් ගනිවිද කියන්න තේරෙන්නේ නැහැ......

2012/09/13

මේ විදිහට දරුවො අසරණ කරන එක ගැන දුකයි....

මේ සිදුවීම වුනේ නිවඩු මාසෙකට පස්සේ පාසල් පටන් ගෙන දවස් කීපයක් ගියාට පස්සේ. මම මට ලැබුණු අලුත් රැකියාව ගැන කිවේ නැතිව හිටියාට දැන් කියන්නම් හේතුව ඒ සම්බන්ධව ගොඩක් දේවල් ලියන්න වෙන නිසා. මට දැන් මාස 2 1/2 විතර කලින් ශ්‍රි ලංකා ගුරු සේවයේ තොරතුරු තාක්ෂණ ගුරුවරියක් විදිහට රැකියාවක් ලැබුනා. අකමැතිම දෙයක් වුනත් අම්මාගේ සතුට වෙනුවෙන් ගියා. ඒත් එක පිට එක වෙන්නේම අකමැති දෙවල් මයි. මේ කියන්න යන්නේත් ඒ වගේ සිදුවීම් දෙකක් ගැන..

නිවඩු මාසයක් අවසන් වෙලා පාසල් පටන් ගත්ත මුල් දවස් දෙකේ මට පාසල් යන්න බැරි වුනා. හේතුව වුනේ මම දිශාබ්භිමුඛ කිරිමේ වැඩමුලුවකට සහභාගී වෙලා තිබුන නිසා. කොහොම හරි මම තුන්වෙනි දවසේ පාසල් ගියා. ඒ වෙද්දි මට මඩ ගහන්න ඔනේ තරමත් හොදින් කරලා තිබුනා. අපේ සහොදර ගුරුවරුන්ම මම ආවේ නැතිවාට නොයෙක් කතා කියලා තිබුනා. මම බැදලා කියලා, මම කටවත් කියන්නෙම නැතිව රැකියාවෙන් අස්වෙලා කියලා නොයෙක් කතා හදලා තිබුනා. එයාලාගේ හොද ගතිය හොදට ප්‍රදර්ශනය කරලා තිබුනා. ඒ ගැන නම් මට ඒ තරම් ගානක් නැහැ. එයාලාට මාව ඒ තරම් විශේෂයි.

කොහොමහරි මම හැමදාමත් හැම තැනටම වගේ යන්නේ අන්තිම මොහොතෙනේ ඒවගෙම එදා පාසල් ගියෙත් අන්තිම මොහොතේ. ගිය ගමන්ම වාගේ උදේ රැස්වීමට යන්න වුනා. කොහොම හරි ඔතන රැස්වීමේදි විශේෂ දෙයක් වුනා. ඒ තමා එක පිරිමි ලමයෙක්ගේ ශිෂ්‍ය නායක කම අහොසි කලා. ඒ ලමයා ඇවිත් හිටියේ නැති වුනාට මට මතක තිබුනා එ කවුද කියන එක. ඒ ලමයා මම උගන්වන පන්තියක ලමයෙක් නිසා. රැස්වීම ඉවර වෙලා staff room එකට ආවාම තමා කතාව දැන ගන්න ලැබුනේ. අතිශයොක්තියත් සමගම.

මම ලේසියට ඒ පිරිමි ලමයාට ගයාන් කියලා කියන්නම්. නිවාඩු මාසයේ සෙනසුරාදා දිනයක ගයාන් පාසලට ඇවිත් තිබුනා එයාගේ ගැණු ලමයත් එක්ක. ඒ ගැණු ලමයා මේ පාසලේම වන අතර මම ඇයව නිලූකා කියලා හදුන්වන්නම්. මේ නම් මනක්කල්පිතයි. ඔවුන් දෙදෙනා පාසලට ඇවිත් ගයාන්ගේ පන්ති කාමරය තුල දොර වහගෙන ඉදලා තියෙනවා. මේ හිටිය විදිහ ගැන නම් අපේ ගුරුවරු නොයෙක් කතා කියනවා. එයාලා ගැන දන්න නිසා මට ඒ දේවල් විශ්වාස කරන්න බැහැ. පාසලේ මුරට ඉන්න අයියා ඒ අසලින් යද්දි ඔවුන්ගේ හඩ ඇහිලා තියෙනවා. ඒ අනුව ඔහු පන්ති කාමරය අසලට ගිහින් විපරම් කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් දෙදෙනා දැක්ක ගමන් මුර අයියා විදුහල්පතිතුමාට call කරලා තිබුනා. නමුත් ඒ වෙලාවේ ඔහු නිල නිවාසයේ ඉදලා නැහැ. ඒ නිසා මුර අයියා කරලා තියෙන්නේ දොර පිටින් කොට්ටක් ගහලා විදුහල්පතිතුමා හොයාගෙන ගිහින්. කොහොම හරි නැවත ආපසු විදුහල්පතිතුමා සමග මුර අයියා පැමිනෙන විට ඔවුන් දෙදෙනා එතනින් ඉවත් වෙලා තිබුනා. කොහොම හරි ඔවුන් දෙදෙනා කවුද කියන එක මුර අයියාට මතක තිබුන නිසා ඔවුන් දෙදෙනාගේ පන්ති තහනමකට ලක් කලා. ප්‍රසිද්ධියේ ශිෂ්‍ය නායක කම ඉවත් කරා. කොහොම හරි ඒ ගැණු දරුවා ගෙන්වලා විදුහල්පතිතුමා බෙහෙවින් නරක විදිහට කතා කලා. මට ඒ සන්වාදේ ඇහුනේ මම නිවඩු අනුමත කරගන්න ඒ අසල හිටි නිසයි. කොහොමහරි මේ දරුවො දෙන්නාගේම පන්ති තහනම් කලා ඉන් පසුව ඔවුන් දෙදෙනා පාසලෙන් අස් කරලා දැම්මා. ඒ දරුවො දෙන්නාම උසස් පෙල පන්තිවල. ගයාන් 13 ශ්‍රේණියේ ගැණු දරුවා 12 ශ්‍රේණියේ මේ දරුවො දෙන්නාව පාසලෙන් අස් කරන්න තරම් ලොකු වැරද්දක් කරන්න නැතිව ඇති කියන එක තමා මගේ විශ්වාසය. නමුත් අනිත් ගුරුවරුන්නම් කියන්නේ ඔවුන් දෙදෙන එතන ලිංගිකව හැසිරුන බවයි. ඇත්තටම ඔවුන් දැසින් බලන් හිටියා වගේ. ඔවුන්ගේ චරිතය අන්තයටම ඔවුන් නැත්තටම නැතිකලා. එපමණක් නෙවේ නිවඩු දවසක සිදුවුන සිදුවීම මුලු පාසලේම ප්‍රචාරය කලා.

දරුවන් කියන්නේ වැරදි කරන අය. මගේ පුද්ගලික මතය ඔවුන් දෙදෙනා කියන තරම් බරපතල වැරැද්දක් කරන්න නැතිව ඇති. නමුත් ඔවුන් යම් වැරැද්දක් කරලා තියෙනවා නමුත් එය මේ තරම් ප්‍රචාරය කරලා ඔවුන් පසලෙන් ඉවත් කර අවුරුදු 12ක් ලබපු අධ්‍යාපනය කඩාකප්පල් කරන එක නුවනැති දෙයක් කියලා මම දකින්නේ නැහැ. ගුරුවරු කියන්නේ ගෙදරින් ලමයා පාසලට ආවාට පසු ඒ දරුවන් බලාගන්නා දෙමාපියන්. කොහොමවුනත් ගුරුවරුන් මේ ආකාරයට හැසිරෙන විට කිසි දවසක දරුවන් මේ කරන වැරදි වැඩ නතර කරන්න බැහැ. දරුවන් නිසි මගට යවනු වෙනුවට ඔවුන්ව කඩාකප්පල් කරන එක හොද දෙයක් නෙවේ. ලමයෙක් වැරැද්දක් කලාම ඒ වැරැද්ද හදලා ලමයාව යහමගට ගෙන ඒ දරුවාගේ ජීවිතේ ලස්සන කරලා දෙනවා වෙනුවට මේ ගුරුවරු විනය පාලක මණ්ඩලය සියලු දෙනා එක්ව කලේ ඒ ලමයින්ගේ අනාගතය විනාශ කරලා දාපු එක. අධ්‍යාපනය කඩාකප්පල් කරපු එක. මේ තීරණය සාධාරණිකරණය කරන්න ඔවුන් කී දේ වුනේ එක දරුවො දෙන්නෙක් වෙනුවෙන් අනිත් දරුවන් 2000 කගේ අනාගතය වටිනවා කියන එක.

ඇත්තටම ගුරුවරු විදිහට තිබුනා මේ ගැන ලමයි දන්නේ නැති නිසා ගුරුවරුන්ට ඒ ගැන ඒ ලමයින් දැනුවත් කරලා පාසලෙන් අධ්‍යපනය කරගෙන යන්න ඉඩ දෙන්න තිබුනා. ඒක තමා ගුරුවරයෙක් ලමයෙක් හදාගන්නවා කියන්නේ. එහෙම නැතිව ඒ ලමයාගේ මුලු ජීවිතේම නැති කරලා දාන එක නෙවේ. ඒත් මේ ගුරුවරු කලේ අර දරුවො දෙන්නාව නැත්තටම නැති කරලා පාගලා දැම්මා.

අද ගයාන් පාසලට ආවා. මට කතා කරන්න ආවා මම පන්තියක ඉද්දි. හොද වෙලාවට ඒ පන්තිය ඉවර වෙන වෙලාව. මට ඒ දරුවා එක්ක කතා කරන්න පුලුවන් වුනා. ඒ දරුවාට ඇඩෙන්න වගේ. මම ඇහුවා මොකද වුනේ කියලා. ඒ දරුවො දෙන්නා කතා කර කර ඉදලා විතරයි. එත් පාසලෙන් යන්න වුනා ඒ පොඩි දෙයින්. දැනට පාසල් දෙකකට යන්න අවස්ථාව තියෙනවාලු. එත් හෙට තීරණය ලැබෙනවා කියලා ඒ දරුවා කිවේ.
ගුරුවරු කියන්නේ මේ වගේ මිනිස්සුද....පුදුම කලකිරීමක් තියෙන්නේ...

මා දන්නවා ඔයාලා මට එකග වෙන්නේ නැතිවෙයි. ඒත් මේ මගේ පුද්ගලික හැගීම. ඔයාලාට පුලුවන් ඔයාලාට හිතෙන දේත් කියලා යන්න.

මල් ගල් මුල් ඔනෙ දෙයක් හිනා වෙලා බාර ගන්නවා

2012/08/24

හිතට දුකයි........

මිදුම් සලු මැද සුසුම් සුළන් රැළි
රාත්‍රිය පුරා වැලපුනා
සීතල පිණි මැද කදුලු වතුර පොද
රාත්‍රිය පුරා ගිලිහුණා
ආදරයේ මල් කළඹ අතින් ගෙන
ඈතින් හිද ඔබ හිනැහුණා

සෙනෙහස මිය ගිය මතකය ඉකි බිද
වැලපෙන විට සිත තනියක් නැහැ මට
කන්ද උඩින් හිරු පායා එන විට
හිතට දුකයි.......
ඔබ මා තනිකර යයිද කියා....
හසරැල් කදුලැල් එකට එකතු වුන
ආදර මතකය දුක්බර  කවියකි
කන්ද උඩින් හිරු පායා එනවිට
හිතට දුකයි......
මට කවිකම අමතක වෙයිද කියා........

2012/08/16

අහිංසක හිත් අසරණ වෙලා......



මට කියාගන්න බෑ ගලපන්න බෑ නිල් ඇස් දෙකට දුක් හීන පුදන කදුලු පොකුරක වේදනාව පත් ඉරුවක ලියන්න බෑ රත්තරන්. මල් මල් වලාවන් තනිවෙච්ච ඈත ඈත අනන්ත මීදුමේ සිකුරු තරුව පායද්දි දෙතොල් මත කිතිකැවුණු සීතල ඇගිලිතුඩු වල ආදරේ අද මං ගාව නෑ. සබන් බුබුලක් වගේ බිදිලා ඉහිරිලා ගිය මදාරා මල් පෙත්තක චූටි ඇගිලි තුඩු වලින් ලිව්ව ආදර සිහිවටන කො අද ......
අනේ මට කියන්න කදුලින් පියෙන පරවුණු ඇස් වලට ලොකයෙන් මුවාවුණ දාට වක්කත් දුක නොදැනෙන්න රත්තරන් පෙම් හීනයක් පුදන්න .............

ඇයි ඒ පරසතු හීනයෙන් ඔයා ඇහැරිලා අඩන්නේ මල් ඇස් දෙකට දරාගන්න බැරි වහින්න ලන් වෙච්ච අහස තරමට එකතු වුන ජීවිතේ දුක ඔය පුංචි හිතට උහුලන්න බෑ. මං දන්නවා ජීවිතේ කියන්නේ සුන්දර පෙම් කවක් අද මට අකුරු කරන්න බෑ. ලියන්න ඉස්සරින් කදුලින් සේදිලා යන ආදර කතාවක බොදවුණු අකුරු පෙලක් වුනේ ඇයි ............

කියන්න ඇයි අපේ අහිංසක හිත් මේ තරම් අසරණ වුනේ......


2012/08/07

රාජ්‍ය බැංකු සහ මම

ගොඩ දවසකට පස්සේ බ්ලොග් පොස්ට් එකක් ලියන්න ඔනේ කියලා හිතුනා පහුගිය දවසක සිදු වුන සිදු වීමක් නිසා. මම දැම්ම මාතෘකාව දැක්ක ගමන් හිතා ගන්න පුලුවන් වෙන්න ඇති මම කියන්න යන්නේ මොකක්ද කියලා. වැල් වටාරම් නැතිව මම කතාව කියන්නම්කො එහෙනම්.

මට අලුතෙන් ජොබ් එකක් හම්බ වුනා. දැන් හරියටම මාසයක් වෙනවා. ඉතින් ඔය ජොබ් එකට ගිහින් පලවෙනි වැටුප හම්බ වුනා ගිය මාසේ තුන් වෙනි සතියේ. එක හම්බ වුනේ චෙක් එකකින්. චෙක් එකකින් හම්බ වුනා කියලා මහා ලොකු ගානකුත් නැහැ. අනේ මම ජොබ් එක මොකක්ද කියලා කියන්නේ නැහැ හේතුව මම එකට ඒ තරම් කැමති නැති නිසා. ඉතින් ඔය චෙක් එක හම්බවෙලා සතියක් විතර යනකම්ම මට ඒක බැන්කුවට යන්න බැරි වුනා ඒක පොතට දාන්න. හේතුව වුනේ මට ලැබෙන්න තිබුන මූලික වැටුපට වඩා සුලු ප්‍රමාණයක් අඩුවෙන් හදලා තිබුණ නිසා එය නිවැරදි කරගන්නත් පෙන්නන්න ඔනේ වුනානෙ.

ඒ වුනත් නියමිත විදිහට වැඩේ වුනේ නැහැ. එතන වැටුප් අංශයේ කෙනා කිවේ එක දවසක් වැඩ භාර ගැනීමට පමා වුන නිසා ඒ මුදල් ප්‍රමාණය කපාගෙන තියනවා කියලා. ඒක කොයි තරම් දුරට හරිද කියන්න මම දන්නේ නැහැ. මගේ පත්වීමේ ලිපියේ දිනය තිබුනේ ජූනි 29. එදා මොනම විදිහකින්වත් වැඩ භාර ගන්න යන්න බැහැ. හේතුව වුනේ ලිපිය ගන්න තිබුනේ කොලඹින් මම වැඩ කරන ස්ථානය තිබුනේ නුවර. ඊට පස්සේ සෙනසුරාදා සහ ඉරිදා නිවඩු දින දෙකට පස්සේ මුලින්ම යන්න පුලුවන් සදුදා වැඩ භාර ගත්තා. ඉතින් එයාලාගේ වැටුප් සාදන ක්‍රමය අනුව මූලික වැටුපෙන් සුලු ප්‍රමාණයක් අඩු කරලා තිබුනා. ඊලග සතියේ ඒ පිලිබදව ඔවුන්ගෙන් විමසිය යුතු නිසා චෙක් එක බැංකුවේ තැන්පත් කරන්න සතියක් ප්‍රමාද වුනා.

කොහොම හරි ඉන් පස්සේ මම අම්මා එක්ක දවසක් ගියා චෙක් එක බැංකු පොතට දාන්න බැංකුවට. මම අම්මා එක්ක බැංකුවට ගියා 1.45 ට විතර.  මම එද්දිත් අම්මා චෙක් එක දාන්න ස්ලිප් එක පුරවලා සල්ලි ගන්නත් ස්ලිප් එකක් පුරවලා මට තිබුනේ ඒක අත්සන් කරන එක විතරයි. එ මදිවට අම්මා පොලිමේ මුලම හිටියා. මමත් හිතුවා ඉක්මනට වැඩේ කරගෙන යන්න පුලුවන් වෙයි කියලා.

ඒත් විනඩි දහයකට වඩා එතන පොලිමේ හිටන් හිටියා එතන counter එකේ හිටපු කෙනා බැංකුවේ මුදල් වගයක් මචිනෙ එකෙන් ගැන්නා. එක කමක් නැහැ කියලා හිතා ගත්තා එතන හිටපු වෙලාව සාධාරණ හේතුවක් කියලා. ඉන්පස්සේ අම්මාගෙත් මගේත් වාරය ආවා. අම්මා නිත්‍ය සමාජිකයෙක් නිසා අම්මාට ඉක්මනට මුදල් ගන්න පුලුවන් වුනා. අම්මාගේ වැඩේ ඉවර වුනාම අම්මා මට කියපු විදිහට මමත් ID එකත් එක්ක ස්ලිප් දෙක චෙක් එකයි බැංකු පොතයි එක්ක දුන්නා.  චෙක් එක ආපහු දුන්නා මෙතනට නෙවේ ඉස්සරහා counter එකට දෙන්න කියලා. මමත් හා කියලා අපහු ගත්තා. ඉන්පස්සේ මගේ account number එක එහෙම enter කලා මුදල් අපසු ගන්න. මෙන්න මෙයා කියනවා මෙකෙන් සල්ලි ගන්න බැහැ account එක නිශ්ක්‍රිය තත්වයේ තියෙන්නේ කියලා. මටත් හිතා ගන්න බැහැ. ඇත්තම කියනවා නම් මම ඒ බැංකුවේ account එක පටන් ගත්තේ මට ලැබෙන්න තිබුන මුදල් වගයක් ගන්න විතරමයි හේතුව ඒ මුදල දාන්න පුලුවන් ඒ බැංකුවේ account එකකට විතරයි කියලා අදාල ආයතනයෙන් දැනුම් දීලා තිබුනා.


ඉතින් ඒ මුදල් දැම්මේ 2011 දී. ඉන්පස්සේ මම ඒ account එකේ මුදල් තැන්පත් කලේවත් ආපසු ගත්තේවත් නැහැ. ඒ නිසා account එක අක්‍රිය තත්වයට පත් වෙලා. ඉතින් එතන counter එකේ හිටි කෙනා කිවා සක්‍රිය කරන්න දාන්නම් ඉස්සරහා මිස් කෙනෙක් ඉන්නවා එයාට කියලා ස්ලිප් එක අත්සන් කරවා ගන්න කියලා. ඊට පස්සේ මමත් ඒ ස්ලිප් එකත් අරගෙන ඒ කියපු මිස් ලගට ගියා අම්මත් එක්කම. එයා වෙන වැඩක හිටියා එතන පුටුවේ ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩ සිටියා. ඒ නිසා මමත් ටිකක් පැත්තකින් හිටියා. ටිකකින් ස්වාමීන් වහන්සේගේ වැඩේ ඉවර වුනා.
ඉතින් මමත් මගේ බැංකු පොත දික් කලා. එකේ උඩින්ම පෙන්න තිබුනේ චෙක් එක. ඒපාර එයා මගේ ඇගට ගොඩ වුනා චෙක් එක දෙන්න ඔනේ මෙතනට නෙවේ ඉස්සරහාට කියලා. මම කිව චෙක් එක නෙවේ මේ account එක නිශ්ක්‍රිය නිසා මෙතනට දෙන්න කියලා අර counter එකේ මිස් කිවා කියලා. එපාර අයෙමත් අරගෙන බලලා කියනවා මට නෙවේ අර ඉස්සරහා ඉන්න සර්ට දෙන්න කියලා.

මගේ අතේ ටිකක් බර බැග් එකකුත් තිබුන නිසා අම්මා කිවා එහෙනම් එතනට ගිහින් අත්සන් කරගන්න මම බැග් එක තියගෙන ඉදගෙන ඉන්නම් කියලා. මමත් හා කියලා එතනට ගියා. එතන වෙන කෙනෙක් හිටියා වැඩකට ඇවිත්. එයා ඉවර වෙනකම් ටික වෙලාවක් හිටියා. විනඩි 15 විතර හිටියාම එයාගේ වැඩේ ඉවර වෙලා මගේ වාරය ආවා. ඉන්පස්සේ මම මගේ බැංකු පොත දුන්නා චෙක් එකයි ස්ලිප් එකත් එක්ක. ඒක අත්සන් කරලා දීලා ඇහුවා වැටුප්ද කියලා මම කිවා ඔව් කියලා. ඉන්පස්සේ කිවා අර counter එකට යන්න කියලා. මමත් එතන තිබුන දිග පොලිමේ හිටගෙන හිටියා
ඔහොම ඉද්දි මම කලින් ගියපු මිස් ලගට ආබාධිත කාන්තාවක් ආවා එයාගේ account එකෙන් රුපියල් දාහක් ගන්න ස්ලිප් එක අත්සන් කරගන්න. ඒ කාන්තාවට අකුරු ලියන්න හැකියාවක් නැහැ අත්සනට තබන්නේ ඇගිලි සටහන. ඒ කාන්තාව එතනට ඇවිත් ඉදගෙන ස්ලිප් එක දික් කරගෙන ඉන්නවා. අර බැංකු නිලධාරිනිය කියනවා අපි වැඩ කරන්නේ මුදල් එක්කනේ ටිකක් හෙමින් කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ ඔහොම ඉන්න ටිකක් කියලා වෙන වැඩක. ඒ කන්තාවත් ඉදගෙන හිටියා වෙන කරන්න දෙයක් නැති නිසා. ඊට විනාඩි පහකට විතර පස්සේ යන්තම් ඇගේ ස්ලිප් එක ගත්තා. ඉන්පසු  ඒ කාන්තාව පුරවගෙන ආව ස්ලිප් එක අරගෙන නම බැලුවා. ඒ කාන්තාව එකේ ලියලා තිබුනේ නමේ කොටසක් විතරයි. අනිවාර්යයෙන්ම ඇය එය පුරවාගන්න ඇත්තේ එතන හිටි කෙනෙක්ට කියලා කියන එක විශ්වාසයි. ඒ අසරණ කාන්තාවට බැංකු නිලධාරිනිය සද්දෙ දැම්මා මේකේ නම මුල් අකුරු එක්ක ලියාගෙන එන්න කියලා. ඒ අසරණී නිහඩවම ගිහින් නැවත ස්ලිප් එකක් පුරවගෙන අවා.

මේ හැමදෙයක්ම හෙලවෙන්නේ වත් නැති පොලිමකට වෙලා මමත් බලා වුන්නා. ආයෙමත් අර කාන්තාව ඇවිත් ඇය පුරවාගෙන ආව ස්ලිප් එක දුන්නා. ඇය එය ගනනකටවත් නොගෙන පරිඝනක තිරය දෙස බලාගෙන හිටියා. ඉන් පස්සේ තවත් විනඩි පහකට විතර පස්සේ ස්ලිප් එක අරගෙන ආයෙම නම බැලුවා. අයෙමත් නම තියෙන්නේ පරන විදිහටමයි. අර නිලධාරිනිය අයෙමත් කියනවා මුල් අකුරු එක්ක නම ලියන්න කියලා. අර කාන්තාව බොහොම අසරණ වෙලා අයෙමත් නැගිටින්න හදනවා. මටනම් ඒ වෙලාවේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියා.

මම අර කන්තාව නතර කරලා දෙන්න මම පුරවලා දෙන්න කියලා ඇගෙන් ස්ලිප් එක සහ බැංකු පොත ගත්තා. අරගෙන ඇගේ නම බලලා මුල් අකුරු ලියා දුන්නා. ඇත්තටම ඒ වෙලේ අර බැංකු නිලධාරිනියට ලැජ්ජා හිතුනා හේතුව ඒ අසල පොලිමේ සිටි සියලුම දෙනා මේ සිදුවීම බලන් හිටියා. ඉන්පස්සේ ඒ නිලධාරිනිය අර කාන්තාවට කියනවා අපරාදෙනේ කලින් ස්ලිප් එකේම ලියගන්න තිබුනානේ ගෙදරින් කවුරුත් ආවේ නැතිද කියලා. නැහැ කිවාම කියනවා ඊලග දවසේ කාව හරි එක්ක එන්න කියලා. ඉන්පස්සේ ඇය ඇගිලි සලකුන තියනවා නමුත් ඒක වදින්නේ නැහැ. හේතුව ඇගේ අතේ පුන්චි ඇදයක් තියනවා. අයෙමත් අර බැංකු නිලධාරිනිය කියනවා හරියට ඇගිලි සලකුන තියන්න කියලා.

අඩුම තරමේ ඒ නිලධාරිනිය ඇගේ අතින් අල්වා ඇගිලි අත්සන තියන්න තරමටවත් කාරුණික වුනේ නැහැ. මට ඒ වෙනුවෙන් කිසිම දෙයක් කරන්න බැරි වුනා මම counter එක ඉස්සරහා මගේ වාරය නිසා.

ඉන්පස්සේ මම මගේ බැංකු පොත ස්ලිප් එකත් එක්ක එතන counter එකට දුන්නාම ඒ counter එකෙන් කිවා මේක නිශ්ක්‍රිය account එකක් මේක එහා පැත්තේ මිස් ගෙන් අත්සන් කරගන්න ඔනේ කියලා. මටත් හොදටම තරහා ගිහින් හිටි නිසා මම කිවා එතනට ගියාම අර සර් ලගට යන්න කිවා එතනින් කිවා මෙතනට එන්න කියලා. මේක කරන්න තව ගොඩක් වෙලා ගොඩක් තැන් වලට යන්න ඔනේ නම් මගේ බැංකු පොත දෙන්න මම යන්නම් කියලා.

ඉන්පස්සේ ඇය කතාවකින් තොරව ඇයට එහා අසුනේ සිටි කලින් කිව නිලධාරිනියට මගේ බැංකු පොත දීලා අර මිස් ලගට යන්න කිවා. ඉන්පස්සේ මම එතනට ගියා. ඇය මගේ ස්ලිප් එක අත්සන් කරලා පොතක් සමග අයෙමත් මට දුන්නා අර සර්ට කියලා අත්සන් කරගෙන පොලිමේ ඉන්නේ නැතිව counter එකට එන්න කියලා. මම කරන්න දෙයක් නැති නිසා කලින් වතාවක් ගියපු සර් ලගටම ගියා. ඒ වෙලාවේ ඔහු මගෙන් අහනවා ඇයි මේ account එක පාවිච්චි කරන්නේ නැත්තේ කියලා. එපාම වෙලා හිටි මටත් කියන්න තියෙන ටික කියන්න හොඩම වෙලාව ක්යලා මාත් කියවන්න ගත්තා.
මේ වගේ පොඩි ගනක් ගන්න දැන් පැයකට වඩා මම මෙතන රස්තියාදු වෙනවා මම හැමදාම ගනුදෙනු කරන්න පැය ගනන් රස්තියාදු වෙන්න බැහැ කියලා. ඉන්පස්සේ ඔහු කිවා නිතර ගනුදෙනු කරනවානම් මේ තරම් කරදරයක් නැහැ කියලා. මමත් බැංකු ගිය පලවෙනි වතාව නෙවේනෙ මම කිවා අහවල් බැංකුවේ මම අවුරුදු ගනන් කිසිම ගනුදෙනුවක් කරන්නේ නැතිව ඉදලා ගියත් කිසි කරදරයක් නැතිව වැඩේ කරගෙන එන්න පුලුවන් කියලා. ඉන්පස්සේ ඔහු කියනවා මේවා ඉතින් මහ බැංකුවෙන් ගේන නීතීනේ කියලා. මම හිනා වෙලා අයෙමත් කිවා මොනවා වුනත් ඔයාලා රජ්‍ය සේවකයො විදිහට මිනිස්සුන්ට මීට වඩා හොදට සේවය කරන්න කියලා

සමහර නිලධාරින් ඉන්නවා අසරණ කෙනෙක්ට කිසිම උදවුවක් කරන්නේ නැහැ කියලා. මම ඒ වෙලාවේ ඔහුට කිවා මම ඒ මොහොතේ අත්දැකපු සිදුවීම. ඔහු එය සධාරණීකරනය කරන්න කියනවා අපිට එහෙම ස්ලිප් පුරවන්න පුලුවන් කමක් නැහැ කියලා. මමත් ඒ නීතිය දන්නවා ඒත් ඇයව දන්න කියන වෙන කෙනෙක් වෙත යොමු කරන්න තිබුනා. මම ඒ ගැනත් ඔහුට පැහැදිලි කලා. කොහොම වුනත් මගේ හඩ ටිකක් වැඩි වෙන්න ඇති actions දාලා කතා කරන නිසා අම්මත් බය වෙලා මගේ ලගට ආවා. ඔහු සමග තවත් කතා කිරිමෙන් පලක් නැති නිසා මම එතනින් නැගිටලා counter එකට ගිහින් ස්ලිප් එක දුන්න.

යන්තම් මගේ මුදල් එ වෙලාවේ ගන්න පුලුවන් වුනා. ඉන්පස්සේ මම අම්මා අතට චෙක් එක දීලා සල්ලි ටික දාගත්තා. අම්මා ඉස්සරහා counter එකට ගිහින් චෙක් එක දීලා තිබුනා මම ඉස්සරහාට යද්දි. එතන හිටි නිලධාරිනිය අම්මා අදුරන කෙනෙක්. ඇය අම්මාගෙන් චෙක් එක ස්ලිප් එකත් එක්ක අරගෙන තිබුනා. ඇය එදින හවසම ඒක දාන්න පොරොන්දු වුනා. මම එතනට යද්දි ඇය මගෙන් ඇහුවා බැංකුව එපා වුනාද කියලා. මටත් හිනා මම කිවා අපො එපාම එපා වුනා කියලා. ඇයටත් හිනා. ආයේ චෙක් එක අරන් කෙලින්ම මගේ ලගට එන්න කියලා සුහදව කිවා.

ඒ වෙනකොට 2.50 වෙලා මම බැංකුවට එද්දි 1.40ට විතර ඇති. මම පැයකට වඩා බැංකුවේ රස්තියාදු වුනා සුලු මුදලක් තියන චෙක් එකක් තැන්පත් කරන්න සහ බොහොම සුලු මුදලක් ගන්න ගිහින්. ඇත්තටම මට එදා රාජ්‍ය බැංකු එපාම වුනා.

අසරණ කෙනෙක්ටවත් උදවු කරන්නේ නැති ඒ වගේ මිනිස්සුන්ගෙන් ඇති වැඩේ මොකක්ද කියලා මට හිතුනා. අපි පුද්ගලික අශයේ බැකුවකට ගියොත් තිබෙන පිලිගැනීමත් අසරණ කෙනෙක්ට උදවු කරන ආකාරයත් දැක්කාම රාජ්‍ය අශයේ සේවකයන් ගැන බොහොම කල කිරීමක් ඇති වෙනවා. මේක කියවන ඔයාලත් රාජ්‍ය සේවකයෙක්නම් කරුණාකරලා මේ වගේ හැසිරෙන්නේ නැතිව කාරුණිකව තමාගේ සේවය බලාපොරොත්තු වෙන කෙනාට උදවු කරන්න.

ලියාගෙන යද්දි දිග වැඩි වුනා. සමාවෙන්න ඒ ගැන නම්....

2012/06/11

මිරිගුවකි මට.....

සබද මට අහසකි නුඹ
මා මිහිතලයක් වූ කල
අප හමුවීම නෙත් මායිමේ
ක්ෂිතිජයකි දුර පෙනෙන
ළංවත්ම ඉගිළි යන
මගේ ප්‍රථම වසන්තය
විය මට මිරිගුවක්
කිසි දිනෙක හිමි නොවන.......

2012/06/07

කදුලු කවිකාරකම.....

කියන්න...
කවුරුවත් දැක්කේ නැති
කාටවත් ඔනේ නැති
ආදරේ කරන්න හිතෙන්නේ නැති....
මේ කදුලු ඇස් දෙකට
ඔය තරම් ආදරේ ඇයි....

පාලුවෙන් තිබුණු හිතට
හිතන්න දෙයක් නොතිබුණු හිතට
පතන්න දෙයක් නැතිවුණු මේ හිතට
කවුරුවත් නෑ කියලා හිතුණු
මේ අසරණ හිත ගැන
නුඹ හිතන්නේ ඇයි කියන්න.....

ඒ වගේ දුක් වින්ද
සාන්කාවෙන් තනිවුණ
හරි අහින්සක මලකට
ආදරේ පාට ගාන්නේ කවුද......
පුන්චි මල් වට්ටියකට මල් පොකුරු මිසක්......

ජීවිතේ කවදාවත් ආදරේ
දැක්කේ  වත් නැති...
හරියට පවු පුරපු ඇස් දෙකකට
නොහිතූ....... නොපතූ මොහොතක
දැණුනු නුඹේ ආදරේ ගැන
නුඹේ ඇස් වලින් කියන්නේ ඇයි..............

හීනයක් වෙන්න ගිය ජීවිතය
මේ වගේ සැබෑවක්ව පිබිදවූ
නුඹේ සෙනෙහසට
මේ කදුලු කවිකාරකම
කුලුදුලේම පුදමි මම.....
හැමදාමත් නුඹ වෙනුවෙන්ම..........

2012/05/31

ජීවිතයට ඔවදනක්...

  • තාවකාලික වැඩ වලට සෙට් වෙන මිනිස්සු එක්ක සදාකාලික වැඩ කරන්න යන්න එපා. එහෙම වුනාම ඔබ ඉක්මනට අනාථ වෙනවා.

  • දුකක් කිවත් සතුටක් කිවත් එකම විදිහට ඔබට සලකන මිනිස්සු විශ්වාස කරන්න.

  • දුක කියන්නේ ටිකක් කල් ගිහිල්ලා හරි තුනී වෙන දෙකට ඒ නිසා දුක තුනී වෙන්නේ නැහැ කියලා ජීවිතයට වෙන සැත්කම් කරන්න යන්න එපා. ඒ වලින් ජීවිතයට මරණීය තුවාල ඇතිවෙන්න පුලුවන්. දුක් කරදර එන කාල වලදී පුලුවන් තරම් නිස්කලංක වෙන්න.

  • ඔබ ඔබේ හිතට බොළද වෙන්න. ඒක හරි ලස්සනයි. ඔබ ඔබට ආදරය කරන අයට බොළද වෙන්න. ඒක හරි නිර්මලයි. ඒත් ඔබ ලොකයට ඊට වඩා ගැඹුරු වෙන්න.

  • ඔනෑම කෙනෙකුගෙන් ඔනෑම දෙයක් තුන් පාරකට වඩා ඉල්ලන්න එපා. ඔබට ලැබෙන්නේ ඔබ බලාපොරොත්තු වූ දේ නෙමේ. වදෙන් ගැලවෙන්න ඔනේ නිසා දෙන දෙකුයි. ඔබට කවුරු හරි යමක් දෙනවා නම් ඔබ ඉල්ලන්නේ නැතුවත් ඔබට ලැබෙනවා. ජීවිතේ වඩාත් වටින්නේ එහෙම ලැබෙන දේවල්.

  • ජීවිතේ අමාරු දවස් වලදි ඔබට පිහිට නොවූ මිනිස්සුන්ට පිහිට වෙන්න යන්න එපා. ඔබ ඒ කාලය ඔබ වෙනුවෙන් පිහිට වූ අය වෙනුවෙන් කැප කරන්න.

  • ජීවිතයේ හිමිවූ සහ අහිමිවූ දෙවල් දෙකම කතා කරන බැලන්ස් මිනිස්සු ලග ජීවත් වෙන්න. එහෙම මිනිස්සු ලගදි ජීවිතය හරිම පහසුයි.

  • ඔබ ආදරය කරන හිතකට සමහර විට රවටන්නම නොවෙන්න පුළුවන්, ඒ හිත රිදෙයි කියලාවත් ඒ හිත හදන්නවත් කවදාවත් බොරු කියන්න එපා. එතකොට ඔබ කරගෙන තියෙන්නේ ඔබේ ආදරයම රවටා ගැනීමක්.

  • ඒ ඔබට ආදරය කරන කෙනෙක් නම් ඔබ බොරුවක් කී සැනින් ඔබේ මුහුණින්ම ඒ දේ අහුවෙනවා. සමහරවිට ඒ දේ පිලිගත්තත් ඒ හිත යටින් ගොඩාක් දුක් වෙනවා. එහෙම ආදරයක් සදාකාලික වෙන අවස්ථා අඩුයි.

අපි ගොඩක් දෙනෙක් ආදරය කරන්නේ ගොඩක් ආදරය බලාපොරොත්තුවෙන් ඒත් අපිට ඒ බලාපොරොත්තු වෙන ආදරය ලැබෙන්නේ නැහැ. ගොඩක් හදවත් උල්පත් සිදීගිය කාන්තාර වෙච්ච කදු වල දිය පාරවල් වගේ. එහෙම ඇල්ලක් පාමුල ආදරයක් බලාපොරොත්තුවෙන් ජීවත් වෙන එක ලොකු දුකක්. ආදරය කියන්නේ පරිත්‍යාගයක්..... හැගීමක්.... ඒ ආදරය ඇතිවෙන සහ නැතිවෙන දේවල් අනුව වෙනස් නොවිය යුතුය.






සෙනෙහසට ඇස් දෙන්න......

දුකට පාවඩ එලන රතුපාට හැන්දෑව
මතකයට තනු අරන් පද පුදන අපුරුව
කියාගත නොහැකිවූ ස්නේහයේ මුණු මුණුව
අපේ සෙනෙහෙ සිත් මිසක වෙන කවුරු හදුනාද
ජීවිතය මන්ද මාරුතයක් විණි අකල් බට
අපි වරා මල් වෙමුද තාම එහි සැරිසරන
පඩු පැහැති ජීවිතේ නොවී ඔබ ඉදු දුන්න
ඇහි පියපු කරුවලේ ජීවිතය මට දෙන්න.....
මහා කටු පදුරු මැද ඉපල් වූ ජීවිතය
පිපෙන්නට වාරු ලන නිදිකුම්බා මලක් ලෙස
පුරුදු ලෙන්ගතු කමම මතකයට අමුණාගෙන
කවුරුත් නොකියාපු මගේ හිතට හිනැහෙන්න......
අහස නොව පොළව වෙමු පා තබා නැගිටින්න
ඉරක් නොව සදක් වෙමු පොදාට හිනාවෙන
හිමි අහිමි පුරවාගත් කාලයේ දෙපා
අපි අපෙන් හදුනාගත් සෙනෙහසට ඇස් දෙන්න.....

2012/05/23

අමා.....

නම ඇහුව ගමන්ම කට්ටියට හිතා ගන්න පුලුවන් ඇති මෙ මොකක්ද මේ කියන්න යන්නේ කියලා. ඇත්තටම මෙහෙම පොස්ට් එකක් ලියන්න හේතුව වුනේ එකේ අද කියපු කතාවක් ගොඩාක් හිතට අල්ලපු නිසා.

අමා ටෙලි නාට්‍ය ගැන නොදන්න කෙනෙක් ඇති කියලා හිතන්නේ නැහැ. නොදන්න කෙනෙක් ඉන්නවානම් මෙන්න සරලවම ඒ ගැන. බදාදා හැර සතියේ දින හතරේ ඓඨ්ණ් එකේ රාත්‍රි 7.30 විකාශය වෙන බොලද කතාවක්. මාත් ඉටින් ඉදලා හිටලා ඔය කතාව බලනවා. අදත් මම බැලුවා.

මේ කතාවේ අමා ගම්බද කෙල්ලෙක් හිරු නාගරික කොල්ලෙක් නෙ. අද කතාවෙ හිරු අමාගේ ගෙදර එනවා. එ ආපු වෙලාවේ අමාගේ තාත්තා හිරුට කියනවා.

"හැබැයි පුතේ මොනම හේතුවක් නිසවත් මේ කසාදේ නොකෙරි තියෙන්න බැහැ කියලා"

 එවෙලාවේ හිරු බය වෙලා වගේ බලන් ඉන්නවා
අයෙමත් අමාගේ තාත්තා කියනවා

"මොකද දන්නවාද කොල්ලෙක්ගේ අතේ එල්ලිච්ච කෙල්ලෙක් වෙනා කාගෙවත් බෙල්ලෙ එල්ලන එකා දූලාගෙ අම්මගෙවත් මගෙවත් සිරිත නෙවෙ අපෙ පරම්පරවෙ සිරිත නෙවෙ කියලා"

තව ඉතින් කතාව දිගටම කියන්න මට ඔනේ නැහැ. එත් එ කතාව මගේ හිතට ගොඩක් දැනුනා.

ගොඩාක් දෙනෙක් හිතන්නේ කොල්ලො කෙල්ලො යලුවෙන එක සුලු දෙයක් එ වගෙම එ සම්බන්ධකම් නැති වෙන එක සුලු දෙයක් කියලා. සම්බන්ධකම් අති වෙන එක සුලු දෙයක් කියලා හිතුවත් එවා නැති වෙන එකනම් සුලු කොට තකන්න පුලුවන් කියලා මට හිතෙන්නේ නැහැ.

සමහර කොල්ලො කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉදලා අත් අරිනවා ටික කාලෙකින්. එ අතරින කාලේ වෙද්දි කෙල්ල කසාද බදින කාලෙත් ලන්වෙලා. කෙල්ලගේ ගෙදර අය විතරක් නෙවේ මුලු නැදෑ පරපුරම මේ සම්බන්ධය ගැන දන්නවා. එහෙම වුනාම කෙල්ල ගෙදරට විතරක් නෙවේ නැදෑයන්ටත් මුහුණ දෙන්න බැරිව අපහසුතාවයට පත් වෙනවා. කොල්ලො විතරක් නෙවේ මෙහෙම කරන්නේ මෙහෙම කරන කෙල්ලොත් ඉන්නවා.

මෙහෙම දෙයක් වුනාම එදේ කරන අනිත් පර්ශවයට නිදහසට කරුණු ඔනේ තරම් තියෙනවා. එත් කවදාවත් හිතන්න පුලුවන්ද අනිත් කෙනා කොයි තරම් අසරණ වෙනවාද කියලා. අද කාලේ අද දැකලා හෙට යාලු වෙන සිරිතක් නැහැනෙ. මොනදේ වුනත් ටික කාලයක් ඇසුරු කරලානේ සම්බන්ධකමක් පටන් ගන්නේ එහෙම වෙලා අවුරුදු ගානකට පස්සේ මට ඔයාව ගැලපෙන්නේ නැහැ මට ඔයව එපා කියන එක නම් හරි කියලා මම අනුමත කරන්නේ නැහැ.
ගොඩක් කෙල්ලො තමන් එක්ක ඉන්න කොල්ලාට වඩා යමක් කමක් ස්ථාවරත්වයක් තියෙන කොල්ලෙක් මුණ ගැහුනොත් කැමතිද ඇහුවොත් ඉක්මනට වචනේ වෙනස් කර ගන්නවා. දන් ඉන්න කොල්ලාව අත් ඇරලා යනවා. කොල්ලොත් ඔහොම්මම තමා. තමන් එක්ක ඉන්න කෙල්ලට වඩා ටිකක් හරි වෙනස් දෙයක්(හොද පැත්තෙන්) තියෙන කෙල්ලෙක් හම්බවුනොත් අර ඉන්න කෙල්ලව අත් ඇරලා අර ගැණුලමයා එක්ක සම්බන්ධ වෙනවා.

ගොඩක් සතුටින් කියනවා ඔහොම නැති කෙල්ලො කොල්ලො ඔනෙ තරම් ඉන්නවා. එත් ජීවිතේ මේ වගේ කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබුණ කෙනෙක් අයේ කවදාවත්ම වෙන කෙනෙක්ව විශ්වාස කරන්නේ නැහැ. මම දන්නවා ගොඩක් දෙනෙක් මගේ කතාවට එකග වෙන්නේ නැහැ කියලා. ඔයාලා කියයි නොගැලපීමක් තියෙනවානම් බදින්න කලින් වෙන් වෙන්න ඔනේ කියලා. මම නැහැ කියන්නේ නැහැ. එත් නොගැලපීම් දැන ගන්න මාස ගනන් අවුරුදු ගනන් යන්නේ නැහැ. මාස තුනක් කතාබහ කරලා ආශ්‍රය කරලා සම්බන්ධකම් පටන් ගත්තොත් කවදවත්ම පස්සෙ කලෙකදි නොගැලපීම් තියෙනවා කියලා කියන්න බැහැ.

ආදරය කියන්නේ පරිත්‍යාගයක්. තමන් ආදරය කරන කෙනෙක් තුල සුලු අඩුපාඩුවක් වැරද්දක් තියෙනවානම් එකෙන් ඔබ දෙදෙනාටවත් වෙනත් කෙනෙක්ටවත් හානියක් වෙන්නේ නැතිනම් එ දේට සමාව දීලා, බරපතල වැරැද්දක් වෙනවානම් ආදරයෙන් තේරුම් කර දීලා අනිත් කෙනාව යහමගට අරන් සම්බන්ධයන් බිදින්නේ නැතිව තියාගන්න පුලුවන් නම් ගොඩක් වටිනවා.

අද පොස්ට් එක ගොඩක් දිග කම්මැලි එකක් නිසා කියවන්නේ නැති වේද කියලා හිතෙනවා. එත් ටිකක් කම්මැලි කමෙන් හරි කියවන්න කවදාහරි හිතේ පූ එදා අමා ටෙලිනාට්‍ය බලලා කියපු කතාව හරි නෙද කියලා......

2012/05/18

ආදරයේ කතාව....

මම කලින් ලියපු නිසදැස ගැන කිවානේ, ඒ මම ලියපු එකක් නෙවේ මගේ හොදම යාලුවෙක් ලියපු එකක් කියලා. මට ඒ කතාව කියන්න ඔනේ වුනා. හේතුවක් කියන්න දන්නේ නැහැ. එත් මට එ යලුවො දෙන්නාව ගොඩක් මටක් වුනා ඔය නිසදැස ලියල තිබුන කොලේ දැක්කාම.

 ඔයාලා කවදා හරි මෙහෙම දෙයක් අහලා ඇති.

මේ සිදුවීම වෙද්දි අපි 10 වසරේ හිටියේ. අපේ ඉස්කොලේ 6 වසරේ ඉදලා ඉන්න පන්තිය වෙනස් කරනවා 9 වසරේදි. මමයි මේ නිසදැස ලීව කවීෂායි 6 ඉදන් හිටියේ E පන්තියේ. 9 වසරේදී අපි B පන්තියට වැටුනා. අපේ තව යාලුවො කට්ටියක්ම හිටියා. එතන 8 දෙනෙක් හිටියා.
කවීෂාත් ඔය කට්ටියගෙන් කෙනෙක්. කවීෂාට ලස්සනට සින්දු කියන්න පුලුවන්. එයා ඉස්කොලේ සංගීත කණ්ඩායමේ හිටියා. මේ සිදුවීමට අදාල අනිත් කෙනා තමා තමාලිකා. එයා හිටියේ D පන්තියේ. කවීෂාට වගේම තමාලිකාටත් ලස්සනට සින්දු කියන්න පුලුවන්. එයත් සංගීත කණ්ඩායමේ සමාජිකාවක්.

මේ දෙන්නාම කලාප තරග වලට පාසලෙන් ඉදිරිපත්වුනා. මේ තරග වලට ආපු අයියා කෙනෙක් මෙයාලාට ගොඩක් හිතවත් වෙලා තිබුනා.එයාගේ නම චතුරංග. මේ දෙන්නාම එයාගැන හොදම තමා කිවේ. අපේ ඉස්කොලේ girls' school එකක් නිසා ඔය වයසේදි ඔයවගේ දේවල් කතා කරනවානෙ. කොහොම හරි දෙන්නාම හිත් වලින් කැමැත්ත තිබුනාට කටවත් එක ඇගෙවුවේ නැහැ.

කොහොම හරි දවසක් කවීෂාට චතුරංග අයියාව මුණ ගැහිලා තිබුනා එයා පන්ති යද්දි. එ වෙලාවෙ කියලා තිබුනා නංගි මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඔනේ කියලා. කවීෂා කියලා දැන් කියන්න කියලා. එත් චතුරංග අයියා කියලා තිබුනා දැන් එයාට පන්තියට පරක්කු වෙලා තියෙන්නේ ඊලග සතියේ කතා කරමු කියලා.

ඔය සිදුවීම වෙලා තිබුනේ සති අන්තේ. කවීෂා සදුදා ආව ගමන්ම අපිට ඔය කතාව කීවා. මට කියන්න අමතක වුනා එයා චතුරංග අයියාට කැමතියි කියලා මාත එක්කයි ඉනොකා එක්කයි කියලා තිබුනා. අපි දෙන්නට විතරක් කිවේ එ දවස් වල අපි තුන් දෙනා තමා එක පෙලියේ හිටියේ. අපිට කිවෙත් කටවත් කියන්න එපා කියලා. ඉතින් එදා කතා කරන්න ඔනේ කියලා කිව කතාව මටත් ඉනොකාටත් කියද්දි අපි දෙන්නටත් මාර සතුටුයි. අපිටනම් ඉතින් සතිය ගෙවිලා ගියේ සාමාන්‍ය විදිහට එත් මම හිතන්නේ කවීෂාටනම් සතිය බඩගෑවා කියලා හිතෙන්න ඇති.

කොහොම හරි ඒ සති අන්තේ උදාවුනාම කවීෂාත් මාරම සතුටින් පන්ති ගිහින් ඉවර වෙනකම් අගිලි ගැන ගැන තමා ඉදලා තියෙන්නේ. කොහොම හරි එයා එද්දි චතුරංග අයියා ඇවිත්.
"කවීෂා නංගි කොහොමද ඉතින්"
"හොදින් ඉන්නවා අයියේ ඔයාට කොහොමද"
"අවුලක් නැ නංගි එත් පොඩි ප්‍රශ්ණයක් තියෙනවා"

හිතා ගන්න පුලුවන් නේද කවීෂාගේ පපුව ගැහෙන තරම්

"එ මොකද අයියේ exam එකට බය වෙලාද"  (එයා ඒ වෙනකොට සාපෙ ලියනවා)
"අනේ නැහැ නංගි වෙන දෙයක්"
කවීෂා ප්‍රශ්ණාර්ථයක් මුණේ රදවාගෙන බලන් හිටියා.චතුරංග අයියාත් ආයෙම කතා කරන්න පටන් ගත්තා.
"නංගි මට ඔයගෙන් දෙයක් දැන ගන්න ඔනේ එ වගේම ලොකු උදවුවක් ඔනේ."
"කියන්න අයියා කරන්න පුලුවන් දෙයක්නම් කරන්නම්"
"නංගි ඔයා මෙහෙම අහනවාට වරදවා හිතන්න නම් එපා please"
"අනේ නැහැ අයියේ එහෙම හිතන්නේ නැහැ"
"මෙකයි නංගි එදා competition වලට ඇවිත් ඔයා එක්ක හිටපු යාලුවා "
"කවුද තමාලිකා ද"
"ඔව් එයා තමා නංගි එයාට boy friend කෙනෙක් ඉන්නවාද"

කවීෂාව කරකවලා අතැරියා වගෙ දැනුනා. මුලු හිතම කඩන් වැටුනා වගේ. එත් චතුරංග අයියා ඉස්සරහදි එ වගක් පෙන්නන්න එයා කොහොමටවත් කැමති වුනේ නැහැ.

"ම් ම් මම දන්න තරමින් නැහැ අයියේ"
"නංගි මම එයාට කැමතියි එත් එයාව හම්බවෙන්න විදිහක් නැහැ නෙ ඔයට පුලුවන්ද එයාට මේ ගැන කියන්න please"
"හරි මම කියන්නම් අයියේ"
"නංගි එයාට කියන්න මට එයාව එකම එක වතාවක් හරි හම්බවෙන්න ඔනේ කියලා මෙ number එකට කොල් එකක් දෙන්න කියනවාද "
"හරි අයියේ මම අනිවා කියන්නම්"
"අනේ ගොඩක් ලොකු උදවුවක් නංගි"
"අයියො ඔක මොකක්ද අයියේ"
"එහෙනම් මම යන්නම් නංගි thanks හොදෙ"
"හරි අය්යේ ඔක ලොකු දෙයක් නෙවෙනෙ මම කියන්නම් "

එදා දවසේ කවීෂා හිටියේ බලාපොරොත්තු ගොඩාක් හිතේ තියාගෙන කියලා එයා එක්ක මුලු සතියම ගත කරපු අපි දැනගෙන හිටියා. අපි සදුදා ඉස්කොලේ ආවේ ඔය විස්තරේ අහන්නම බලාගෙන. එත් එදා අපි බලාපොරොත්තු වුන විදිහට කවීෂාගේ මුණේ සතුටක් දකින්න බැරි වුනා. මේක මටයි ඉනොකාටයි පුදුම ප්‍රෙහෙලිකාවක්. අපි කොහොම හරි විස්තරේ ඇහුවාම ඔය මම කලින් දාපු දෙබස් අකුරක් නෑර කිවා. අපි දෙන්නාට කියාගන්න දෙයක් නැහැ.

"ඔයා දැන් ඔය කතාව තමාලිකාට කියනවාද"

මම ගත් කටටම ඇහුවා

ඔව් චතුරංග අයියා ආදරේ කරන්නේ මට නෙවේ තමාලිකාට. එයාට එයාගෙ ආදරේ ලබාගන්න මම වචනෙකින් හරි උදවු කලොත් කවදා හරි මට ආදරෙ කරන කෙනෙක් මට ලැබෙයි.

කොහොම හරි කවීෂා කපු කම කලා. චතුරංග අයියයි තමාලිකයි ආදර වන්තයො වුනා. කවීෂා ලොකෙට පෙන්න ඇඩුවෙ නැති වුනාට හිතින් ගොඩාක් ඇඩුවා. මෙ නිසදැස ලිවෙත් එහෙම දුක හිතුන දවසක.
ඉන් පස්සේ කවීෂාට ඔනෙනම් තිබුනා චතුරන්ග අයියගෙ කදුලු පිහපු වෙලාවෙ එයාට ලං වෙන්න. එත් එයා මහ පුදුම කෙනෙක් එහෙම කලෙ නැහැ. අපි සා පෙල කරලා ඉවර වෙනකන්ම තමාලිකාගෙත් චතුරංග අයියාගෙත් ආදර කතාව ගලාගෙන ගියා. එත් සා පෙල ඉවර වෙලා ප්‍රතිපල එන්නත් කලින් තමාලිකාව ගෙදරින් කතා කරපු කෙනෙක්ට බන්දලා දුන්නා. එ වෙලාවෙ චතුරංග අයියාගෙ දුකට පිහිට වුනේ කවීෂා. ඊට අවුරුදු දෙකකට විතර පස්සෙ අපිට තමාලිකාව හම්බවුනා පුංචි බබෙකුත් එක්ක. අපි එතකොට උ පෙල පන්ති යනවා. උ පෙල ඉවර වෙලා අපි අයෙමත් ඉස්කොලෙදි අහම්බෙන් මුනගැහුනු දවසක කවීෂා කිවා එයාට ගොඩක් ආදරේ කරන කෙනෙක් හම්බවුනා කියලා.

එහෙම වෙන්න ඇත්තේ එයා කරපු හොද වැඩේ ප්‍රතිපලයක් විදිහට. වෙන කෙනෙක්නම් ඔයදේ නෙවෙනෙ කරන්නේ එයාට කෙනෙක් ඉන්නවා කියලා එයාගෙ පැත්තට නම්මගන්නවා, එහෙම නැතිනම් ප්‍රශ්ණ ඇවිත් තනිවෙන්න වුන වෙලාවෙ කදුලු පිහදාලා එයා එක්ක එකතු වෙනවා. එහෙම කරන කෙල්ලො ඉන්න මේ රටේ කවීෂාට මම අදටත් ගෞරව කරනවා.

 දැන් නම් දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඉන්න තැනක් දන්නේ නැහැ

2012/05/15

ආදරය......

ජීවිතය කියන වචනේ තේරුම
මොකක්ද කියලා තෙරුම් ගන්න බැහැ....
එත්.......
ජීවිතේ කියන්නේ මහා වචනයක්
ආදරේ කියන්නේ ....,
කොච්චර ටිකක්ද........?
එත්......
ආදරේ කියන්නේ ටිකක් නම්
ඇයි ආදරේ වෙනුවෙන්
මේ තරම් දුක් විදින්නේ......?





ප. ලි.

මේ නිසදැස මා ලියපු එකක් නෙවේ. මගෙ හොදම යාලුවෙක් ලියපු එකක්. එයාගේ දිග කතාවක් තියනවා. ඒ ගැන මම ඊලග පොස්ට් එකෙන් දාන්නම්...

2012/05/11

නුඹ අන්සතුය......

සිත අදහන්නේ කෙලෙසක
නුඹ ඇය සමග බව
නෙත් ඇදහුවත්
නුඹ ඇය සමග බව
සිත අදහන්නේ කෙලෙසක
නුඹ මට අහිමි බව
සිත ගතු කියයි
නුඹර පෙම් කලෙ කිමද කියා
නොදැන උනිමි මම......
නුඹ අන්සතුය කියා......


2012/04/15

අපි අපේම වී..............

කටුකවු ගිම්හානය නිමා කරමින්
සිදි බිදි ඉරිතලා ගිය
සිත් පොකුණු සනසා
ස්නේහයේ මහ වැසි .....
ඇද හැලුණු දා....
වියළි ගිය නෙත් මල් විකසිතවී
ගොළු වී ගිය මුව කමල දොඩමළු වී......
හන්තාන කදු මුදුනින් වසන්තය එබී බලන විට
දොරගුළු දැමූ සිත් මඩල
සිසාරා හැමූ.....
ස්නේහයේ නොමියෙන සුවද
අපි අපේම වී.........
යලිදු එක්තැන් වූ වගයි......



ප. ලි.

පහුගිය දවස් වල ලියන්න ගොඩක් දේවල් හිතට ආවත් කම්මැලි කම නිසාම ලිවේ නැහැ. එත් අද ගේ අස් කරන්න අම්මාට උදවු කරද්දි මම ඉස්කොලේ යන දවස් වල ලියපු නිසදැස් පොත හම්බවුනා. පහුගිය කාලේ ඒක හොයගන්න තිබුනේ නැහැ. (අම්මා හංගලා) එක තවමත් ඉස්සර වගේම තියෙනවා. අයෙමත් එකේ තියන නිසදැස් ඔයාලා එක්ක බෙදාගන්න හිතුනා.. එත් ඉතින් මෙවාගේ හොද නරකනම් කියන්න මම දන්නේ නැහැ. ඔයාලා කියවලාම බලලා කියන්නකො...

2012/02/08

සකුණ මියැසි නද...... 01

“බට්ටිච්චි..... බට්ටිච්චි.... ඔය කොහෙද පුතේ” අම්මා එහෙම අසාගෙන තිනෙත්මාගේ කාමරයට පමිණියාය.

තිනෙත්මා ඇගේ ඇදට ඇද රෙද්ද එලා දෑසේ කදුලු පුරවාගෙන ඒ දෙස බලාගෙන සිටියාය. අම්මා ලගට එනතුරුවත් ඇය නොදත්තාය. අම්මා බට්ටිච්චි ලගටම ඇවිදින් ඇගේ හිස අතගාමින් ඇගේ මුහුණ දෙස බැලුවාය. කදුලින් පිරි දෙනෙත් දැක අම්මාගේත් ඇස් වලට කදුලු පිරුණි.
“ඇයි පුතේ මේ ඇයි කදුලු පුරොගෙන ඇදරෙද්ද දිහා බලාගෙන මොනාද හිතන්නේ?”

“නැහැ අම්මා මට සකුණව මතක් උනා මේ ඇද රෙද්ද දකිද්දි” ඉකිබිදිමින් ඇය මවට තුරුල් වුනාය.

“අඩන්න එපා මගේ පුතේ කවද හරි දවසක සකුණ අයෙමත් ඔයා ලගට එවි.. දැන් නාඩා ඉන්න මගෙ හොද බට්ටිච්චිනේ....” අම්මා බට්ටිච්චි නලවන්න හැදුවත් තමන්ට පුතෙක්වගෙ වුන සකුණගේ වෙනස් වීම සිහිවී ඇයටත් කදුලක් නැගුනා.

ඇය තිනෙත්මා කාවින්දි සූරියබණ්ඩාර. ඔහු සකුණ නිම්සර හෙට්ටිඅරාච්චි. අද වෙදිදි බිදී නොබිදී තිබෙන ඔවුන්ගේ පෙම් පුවත කියවන්න එන්න ඔබත් එක්වන්න සකුණ මියසි නද සමගින්.

~******~

“බ් ර් ර් ර් ර් බ් ර් ර් ර් ර් බ් ර් ර් ර් ර් ර් බ් ර් ර් ර් ර් ර්”
හලො ...... අම්මා
Good morning බට්ටිච්චී නැගිටින්න. අද lectures යන්නේ නැතිද?
Good morning අම්මා යනව දැන් වෙලාව කියද?
දැන් 5.15 ත් වෙලා පුතේ නැගිටලා ලැස්ති වෙන්න නැතිනම් train එකට යන්න බැරිවෙයි.
හරි අම්ම මම නැගිට්ටා... මම තියන්නම් අම්මා.
බුදුසරණයි බට්ටිච්චි යන්න කලින් කතා කරන්න පුතේ
හා අම්මා බුදුසරණයි.

කියමින් බට්ටිච්චි පුරුදුපරිදි ඉස්සර වගෙම අදෙන් බිමට පනින්නට ගොස් බේරුනේ අනූ නමයෙන්. ඇය නිදගෙන උන්නේ මෙට්ටයක් බිම දාගෙනයි. තිනෙත්මා තවමත් ඇගේ සොහොයුරියගේ නිවසේ නැවතීමට පැමිණ මසක්වත් ගතවී නැත. එබැවින් ඇයට ඇවැසි සියල්ල තවමත් ගෙනැවිත් අවසන් නැත.

(මෙතැන් ඉදලා මම තිනෙත්මාගේ චරිතයට පන දෙන්නම්. නැතහොත් කතාව ඔබට නීරස විය හැකි නිසා)

මම ඉක්මනට නෙට් එක ගැටගසා මෙට්ටය අකුලා පසෙකින් තබා කුස්සිය පැත්තට ගියේ අක්කා ඇහැරලාද කියා සිතමින්.

ආ බට්ටිච්චී ඔයා නැගිට්ටද මම මේ ඔයාට ඇහැරවන්න එන්න හැදුවේ
අම්මා ඇහැරෙවුවා අක්කා.
එහෙනම් තේ හදලා ඉස්සරහා මෙසේ උඩ තියෙනවා බීලා ලැස්තිවෙන්න ඉක්මනට මම පැන්චිට කිරි එක දීලා ඇවිත් කැම ඔතලා දෙන්නම්.

මගේ එකම සොහොයුරිය චම්මි විවාහවී දැන් සිටින්නේ රාගම කුලී නිවසකය. ඇයත් ඇගේ සැමියත් කුඩා දියණියත් එහි පදින්චිව සිටින අතර මා විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ නිසා ඔවුන් සමග නතර වීමට පැමිණියෙමි.

අපේ අම්මා සකුන්තලා සූරියබණ්ඩාරත් අප්පච්චි ප්‍රියන්ත සූරියබණ්ඩාරත් වූ අතර දෙදෙනාම ගුරුවරුන් විය. අක්කාත් මමත් මහනුවර උසස් බාලිකා පාසලෙන් අධ්‍යාපනය හැදෑරුවෙමු. උසස් පෙළ ගණිත විෂය ධාරාවෙන් සමත් උනු මා කොළඹ විශ්ව විද්‍යාලයේ පරිඝණක උපාධිය හැදැරීමට වරම් ලදිමි.

බට්ටිච්චී තාම ඇග සොදනවද දැන් ඇති පරක්කු වෙනවා අක්කා කෑ ගසන්න පටන් ගත්තේ එ නිවේදනය එනතෙක්ම bathroom එකේ සිටිම මා පුන්චි කලෙ සිටම පුරුද්දකි.

මා ඉක්මනින් ඇද පැලද යාමට සූදනම් වුනෙමි. ‍යන්තම් රැග් season එක ඉවර නිසා නිදහසක් දනුනි. මා හතිදාගෙන දිව ගියේ නිවස අසලින් යන බසය මග හැරුනහොත් රාගම station එකටම පයින් යාමට වන නිසායි. හනිකට බස් එකට නැගනෙන අම්මාට පොරොන්දු වු පරිදි ඇමතුවෙමි.

අම්මා, මම යනවා දැන් බස් එකේ ඉන්නෙ.
හා බට්ටිච්චි දුවන්න එහෙම එපා පරක්කු වුනාට හෙමිහිට යන්න හොදද..
හා අම්මා එත් දැනුත් මැරතන් එකක් තිබ්බා.. අම්මා අප්පච්චි කො...
ඉන්නවා මෙන්න කතා කරන්න
අප්පච්චී මම දැන් යනවා
මගෙ බට්ටිච්චි දැන් දග වැද කල හොදටම ඇති හොදට වැඩ ටික කරගන්න හොදේ
හා අප්පච්චී, මම තියන්නම්. බුදුසරණයි.
මගේ පුතාට බුදුසරණයි.

ගැහැණු දරුවන් දෙදෙනෙක් පමණක් සිටි අපේ පවුලේ කොල්ලා වුනේ මම. මා පොඩි කාලේ ඉදන් අප්පච්චි මට ඇන්දුවේ කලිසම් මා ගවුමක් ඇන්දානම් එ බොහොම කලාතුරකින්. පාසල් යන විට පමණක් සුදු ගවුම අන්දෙමි.

මම campus එකට යන විට මගේ යලුවො ඇවිත්. අපේ පාසලෙන්ම පැමිණි කිහිපදෙනෙකු සිටියත් ඔවුන් මා දන්නා කලේ සිටම පොත් ගුල්ලන් පමණක් නිසා මට ඔවුන්ගේ ආශ්‍රය හරි ගියේ නැත. මා වැනිම වූ මිතුරියන් පිරිසක් මට මුන ගැසුනේ මගේ වාසනාවටමයි. ඔවුන් අතරින් ජනී, මේධාවී, සුබාශි, නිලුකා, රන්දිල්, ශානක සහ යුගාන්ත.

මම යනවිට සියල්ලොම canteen එකට රැස්වී සිටියහ.

ආ good morning බට්ටිච්චි ... මොකද අද කුකුල අතින් අරන් සියලුම දෙනා කෑ ගසන්න ගත්තා. මගේ නම කියන්න කරදර නිසා හැමදෙනාම අපේ ගෙදර අය මට කියන නමම කියනවා තැනක් නොතැනක් නැතිව.

මමත් කට්ටියටම සුභ පතමින් ඔවුන් ලගට ගියා. මේ වනවිට අල්ලපු මේසේ උන් කොල්ලො සෙට් එකම කෑ ගහන්න ගත්තා නියමෙට ගැලපෙන නම කියලා.
මම බනින්නට කියා හැරිලා බැලුවිට දැක්කේ කොල්ලො හය හතක්ම මගේ දිහා බලන් ඉන්නවා. මගේ චන්ඩි කම පත්තක දාලා මා යලුවන් ලගට පැමිනියා.
උදැසන ආහාරය ගත් අපි lectures වලට ගියෙමු. මුලු දවසෙම lectures තිබුනා. ‍යන්තම් හො විවෙකයක් ලැබුනේ දවල් කෑමට පමණයි.

එදින බෙහෙවින් කාර්ය බහුලව ගෙවී ගියා.


ප. ලි.

කතාවක් ලියන්න ඔනේ කියලා හැමදාම හිත හිත හිටියත් අද තමා ඒක කරන්න ලැබුනේ. ඔයාලාට සමහර විට මේ කතාව කියවන්න කම්මලි හිතෙයිද මෙලො රහක් නැති කතාවක් කියලා හිතෙයිද දන්නේ නැහැ. එත් මගේ ආසාවට ලියන්නම්. ඔයාලාට කියවන්න බෑම හිතුන දවසට cඔම්මෙන්ට් එකක් දන්න අයෙමත් ලියන්න එපා කියලා ම ඉදන්ම නතර කරන්නම්...

2012/02/06

පෙම.....

නිකැළැල් හදින් නුඹට
පෙම් බැන්දද මා
පිවිතුරු සිතින් නුඹව
පැතුවද මා
එකම් සිතුවිල්ලෙක් නුඹ
ගැන සිතුවද මා
අනොරා වැසි මුකුළු කරමින්
ඇද හැළුනි හිසමතට ඉදින්
කදුළු තුෂර පවුරේ මා
හුදෙකලාව ඉකිබිදින්නද.......


ප. ලි.
අවංකව ආදරය කරන කෙනෙක්ට ඒ වගෙම අවංකව ආදරය කරන අය හමුවෙනවා වගෙම අවංකව ආදරය කරන සමහර අයට බොරු ආදරයක් ලැබෙන අවස්ථා බොහොමයක් තියෙනවා.
මම අහලා තියෙනවා අපි ගොඩක් ආදරය කරන කෙනා අපිට ආදරය කරන්නේ නැහැ එයා ආදරය කරන්නේ තවත් කෙනෙක්ට, එත් අපිට ආදරය කරන කෙනෙකුත් ඉන්නවා. එත් අපි එයාට ආදරය කරන්නේ නැහැ කියලා. එ වගෙම තමා අපි ආදරය කරන කෙනා ආදරය කරන අනිත් කෙනත් එයාට ආදරේ නැහැ එයා ආදරේ වෙනම කෙනෙක්ට.....

මේක ආදරයේ සරල සත්‍යක්. ඒ වගේම තමා තවත් දෙයක් සමහර අය හිතනවා කෙනෙක්ට ආදරය කරමින් ඉද්දි හමුවෙන වෙනත් කෙනෙක් අරයට වඩා මෙයා මට ආදරේ කියලා. හරියට අර කතාවට කියනවා වගේ ඉස්සෙල්ලා ආපු කනට වඩා පස්සේ ආපු අග ලොකු කරගන්නවා. ඉන්පස්සේ අර අවංක ආදරේට පයින් ගහලා අලුත් කෙනාට ලං වෙනවා. එත් ඇත්තටම කලින් කෙනා ඊටවඩා ආදරෙයි කියලා තේරෙද්දි ගොඩක් පරක්කු වෙලා. ඒ සැබෑ ආදරේ අත පොවන මානයකවත් නැහැ.

අපි අතරේ ඉන්න බොහොදෙනා මේ ගොන්කම කරගන්නවා. සමහර අමාරුකාල වලදි ආදරවන්තයින් අතරට එන ප්‍රශ්න නිසා ඒවාට විසදුම් හොයන්න වෙන අය ජීවිතේට ලං කරගන්නවා. එහෙම ලං කරගන්න අය නිසා තමන්ට අවංකව ආදරය කරන කෙනා මොනතරම් දුකට පත්වෙනවද. මොහොතක් සිතන්න ජීවිතේ අමාරු අවස්ථාවන් වලට දෙදෙනා එක්ව මුහුණ දෙනවා හැර වෙනත් අයව ඔබේ ජීවිතේට ලං කරගන්න එපා. නිවැරදි කරන්න බැරි වැරදි සිදු කරගෙන දුක් වෙන්න එපා.

2012/02/01

ගුරුවරු, ළමුන්, අධ්‍යාපනය සහ අපේ රටේ අනාගතය (ඉතිරි කොටස)

කලින් පොස්ට් එකේ මට වුන සිදුවීමක් ගොඩක් දිගට ලියවුන නිසා බොහොම සරළ කතාවක් පොස්ට් දෙකකින් ලියන්න සිදුවීම ගැන සමාව ඉල්ලනවා මුලින්ම. ගුරුවරු ගැන බොහොම කෙටියෙන් ඉක්මනින් ඉතිරි විස්තරෙත් ලියලා ඉවර කරන්නම්.

ගුරුවරු කියන්නේ ළමයින්ට හොද නරක කියා දෙන අය. ගොඩක් අවස්ථාවල ගෙදරදි දෙමව්පියන් කියන දෙවල් වලට වඩා ළමුන් පාසලේ ගුරුවරු කියන් දේ අහනවා. මෙ නිසා ගුරුවරු විය යුත්තේ ළමුන්ට හොද නරක කියා දිය හැකි අය. ඔබට තර්ක කරන්න පුලුවන් ගුරුවරු කියන්නෙත් මිනිස්සු එයාලාගෙත් වැරදි අඩුපාඩු තියෙනවා කියලා. මම නැහැ කියන්නේ නැහැ. ඒ වුනත් ගොඩක් හොදට පෙනෙන වැරැද්දක් කර කර එය වෙන කෙනෙක්ට පටවනවා නම් කවුරු වුනත් එයා වැරදියි.

මේ සිදුවීම ගැන මා පෞද්ගලිකවම දන්නවා. හේතුව මෙ සිදුවීම වෙන්නේ මගෙ හොදම යෙහෙලියට. ඇගේ පෙම්වතා සමග අනියම් සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබෙනවා ඔහුට වඩා අවුරුදු 7ක් වැඩිමල් ගැහැණු ළමයෙක්. (වයස 34 පමණ ) මෙවන් සම්බන්දයක් කවුරු ඇති කරගත්තත් එය වැරදියි. මේ ගැහැණු ළමයා ගුරුවරියක්. මෙහි වැරැද්ද දැන දැනත් ඇය ඒ සම්බන්දය තවදුරටත් ගෙන යමින් තිබෙනවා. මෙයින් මගෙ මිතුරිය දැඩි ලෙස කම්පාවට පත් වෙලා ඉන්නේ. හෙතුව මේ ගුරුවරිය මගෙ මිතුරියට කතා කොට අසැබි වදන් වලින් බැන වදිනවා.

එපමණක් නොව හරිම කැත විදිහට කතා කරලා SMS පණිවිඩ එවනවා. එ කියන දේවල් දැක්කාම ගැණු ළමයෙක්ට මේ වගෙ කතා කියන්න පුලුවන්ද කියලා හිතෙනවා. මාත් ගොඩක් උත්සාහ කරලා තෙරුම් ගත්තේ. කොහොම වුනත් ගුරුවරියක වන ඇය වැරදි දෙයක් කර කර කිසිම වරදක් නැති කෙනෙක්ට අන්ත ජරා විදිහට නින්දා කරනවා. ඔයාලාට හිතෙයි මේ පිරිමි ලමයාට බැරිද මෙක නතර කරන්න කියාලා. එයා මුලින් පටන් ගත්ත සෙල්ලම දැන් ලෙල්ලම වෙලා. මගේ මිතුරියගෙන් දැනගත් පරිදි ඔහු ඇය සමග කතාබහ කරන එක නතර කල විට අර ගුරුවරිය මගේ මිතුරියට බනින එක වැඩිවන අතර ඇය හදුනන පොලිසියේ අය ලවාද මහ රෑ 12ට 1ට විතර කොල් කරවනවා. ඇය අදුරන හැම පිරිමි ලමයෙක්ටම මගේ මිතුරියගෙ නොම්මරේ දීලා තිබෙනවා. ගුරුවරියක් මෙවන් දෙවල් කරන්නේ කෙසේද කියා මට සිතාගත නොහැක. මට ඇය එවන SMS මෙහි පල කිරීමට නොහැකි නිසා සම්පූර්ණ සත්‍ය පැවසීමට නොහැක නිසා කණගාටු වෙනවා. මගේ මිතුරිය ඇය එවන සියලුම SMS මටත් අනිත් අතට එවනවා.

මේ තරම් පහත් විදිහට කතා කරන ගුරුවරියක් පාසලේ ළමුන්ට කතා කරන්නේ කෙසේද කියා මට සිතා ගැනීමට නොහැක. ඇගේ පන්තියක සිටින සිසුවියකට පෙම්වතෙක් හො ඇයගෙන් බහ ඉල්ලා පැමිණෙන තරුණයෙක් ගැන තම ගුරුවරියට පැවසුවහොත් ඇය කුමන ආකාරයේ දෙයක් සිසුවියට පවසාවිද යන්න මට සිතීමට පවා අපහසුයි. මෙයට හෙතුව ඇය මගේ මිතුරියට පවසා ඇති දෙයයි. මගේ මිතුරිය අම්මාගේ ඇස් දෙකෙන් ඇත් වුනානම් එ බොහොම කලාතුරකින් එ වගෙමයි ඇය බොහොම හොදින් හොද නරක හරි වැරැද්ද තෙරුම් ගත්ත කෙනෙක්. එවන් කෙනෙක් වූ ඇයට ඇගේ පෙම්වතා සමග දුර දිග ගිය සම්බන්දයක් තිබුන බවත් මගේ මිතුරියට වෙනකෙකු හා විවාහ වීමට නොහැකි නිසා ඇයට කරදරයක් වෙමින් සිටින බවත් පවසා ඇත.

ඇය මෙ කියන කතා සියල්ල අසත්‍ය බව මා දන්නවා. හේතුව මගේ මිතුරිය මෙ වන තුරු මට කිසිම දෙයක් නොකියා ඉදලා නැහැ. ඇයට මෙවන් ප්‍රශ්ණයක් තිබෙනවානම් මුලින්ම පවසන්නේ මා සමග. මේ ආකාරයට තමන්ගේ වැරැද්ද වහාගන්න කිව හැකි හැම දේම කියන අයට ගුරුවරුන්ට මෙන් ගෞරව කරන්නේ කෙසේද. දෙමවුපියන් බලාපොරොත්තු වෙන්නේ ගුරුවරයා පොත පතේ දැනුම පමණක් නොව ගුණ ධර්ම උගන්වාවි යන්නයි. නමුත් මෙවන් ගුරුවරුන්ගෙන් දරුවන්ට ගත හැක්කේ මොනවාද?

මෙවන් ගුරුවරුන් සිටිද්දි අපේ රටේ මතු පරපුරේ අධ්‍යාපනය ගැන කුමන කතාද?

අවසාන වශයෙන් මා මෙයත් කියන්නම්, මා ඉහත කී ගුරුවරියම පාසල් වෙලාව තුලදි පෙම් කරමින් දුරකතනයේ පැය ගනන් ගත කරනවා. අසරණ දරුවන් පාසලට පැමිණෙන්නේ ඇයගෙ උකුලු මුකුලු බල සිටිමට නොව අධ්‍යාපනය ලබා ගැනීමටයි.

මේ ක්‍රමයේ වැරැද්ද කොතනද? මට නම් තෙරෙන්නේ නැහැ ඇයි අද ගුරුවරු මේ වගෙ කියලා. මම පාසල් ගිය කාලය තුල මට මෙවන් ගුරුවරු හමුවී නැහැ. සියලුම ගුරුවරු ලමයින්ට ආදර්ශයක් වුනා. නමුත් අද??

අදත් අප අතරේ සිටින දෙවිවරු වන් ගුරුවරු මේ පොස්ට් එක මේ විදිහට ලිවට සමාවෙන්න ඔනේ. මේ වගෙ අය එක්කෙනෙක් දෙන්නෙක් අතරින් පතර ඉන්න්වා තමා. ඒ අතරෙම අපිට ගෞරවයෙන් කතා කරන්න පුලුවන් ගුරුවරුත් ඉන්නවා කියලා අමතක කරන්න එපා.

2012/01/29

ගුරුවරු , ළමුන් , අධ්‍යාපනය සහ අපේ රටේ අනාගතය...

මේ ගැන ලියන්න හිතිලා ගොඩක් කල් වුනත් නොයෙක් හේතු නිසා කල් දැම්මා. එත් අදනම් ලියන්නම ඔනෙ කියලා හිතුනා. අතඇරලා දාලා තිබුන අදහස නැවත් ආවේ පහුගිය දවසක බස් එකේ යද්දි සිරස නාලිකාවෙන් අහුන සිදුවීමක් නිසා.

මුලින්ම ගුරුවරු ගැන කතා කරන්න කලින් මම කියන්නම් මගෙ දෙමව්පියනුත් ගුරුවරු. එත් මේ කියන්න යන විදිහේ ගුරුවරු මා පාසල් යන කලයේදි මට මුණගැහිලාම නැහැ. අද කාලයේ ගුරුවරුන්ගේ මේ තත්වයට හේතුව මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ. ඔයාලාත් මේ ගැන ටිකක් හිතලා බලන්න.

මුලින්ම පටන් ගන්නම් මම සිරස රේඩියොවෙ අහපු සිදුවීම. එක්තරා පාසලක ගුරුවරයෙක් සිසුවියකට සැහැසි ලෙස පහරදීමක්. මේ ගුරුතුමා පාඩම ආරම්භ කරන විට සිසුවිය මාතෘකාව ලියමින් ඉදලා තියෙනවා. ගුරුවරයා පාඩමට සවන් දෙන ලෙස සිසුවියට පවසා සිටියත් ඇය කරමින් සිටි වැඩය අහවර කරමින් සිට තිබෙනවා. මෙයට කොපවු ගුරුවරයා සිසුවියට පන්තියෙන් ඉවතට යන්නට අණකර තිබෙනවා. එය පවසා ඇත්තේත් සභ්‍යවචනයෙන් නොවේ. සිසුවිය ඉවත යාමට නැගී සිටින විට ඩෙස්කය ඉදිරියට තල්ලුවී තිබෙනවා. ඇය ගුරුතුමා සමග තරහින් එය සිදුකලා යැයි සිතූ ගුරුතුමා සිසුවියගේ කම්මුල දෙපැත්තට ගසා අනතුරුව කොන්ද නමා වැලමිටෙන් කොන්දට ගසා ඇත. රොගී දැරිවියක වූ ඇය එතනම සිහිසුන්ව ඇත.

මෙම අමානුෂික පහර දීම නිසා අපේ රටේ වර්තමාන ගුරුවරුන් ගැන ලියන්න මට හිතුනේ.

මුලින්ම මම පටන් ගන්නම් මම උසස් පෙළ හදාරලා විශ්ව විද්‍යාලයේ මට අවශ්‍ය පාඨමාලාව හැදැරීමට Z ලකුණු මදි බව හැගුණු නිසා ඒ දිනවල මම ආසා කල වෘත්තියක් වුණ ගුරු වෘත්තියට ඇතුලත් වීමට ගුරු විද්‍යාල වලට බදවා ගැනීම සදහා වුන විභාගයට පෙනී සිටියා. මම තොරාගත්ත විශය වුනේ ඉංග්‍රීසි භාෂාව. විභාගයෙන් පසු අපේ ලකුණු පොල්ගොල්ල විද්‍යාපීඨයට ලැබී තිබුණා. අපේ පුංචිගේ දුවත් මා සමගම විභාගයට පෙනී සිටියා. අපි අයදුම් කරන දවස් වල ඇය අපේ ගෙදර නැවතිලා පන්තියකට සහභාගී වුන නිසා මම ඇයටත් අයදුම්පතක් පුරවා විභාගයට සහභාගී වන ලෙස පැවසුවෙමි. ඇය පාසල් ගියේ දඔූල්ල ප්‍රදේශයේ පාසලකට. උසස් පෙලින් පසු ඉංග්‍රීසි පන්තියකට නුවර අපේ ගෙදර නැවතී සහභාගී වුනා.

ඔය අතරෙ තමා විභාගය තිබුණේ සහ ප්‍රතිඵල ආවේ. මම අම්මාත් එක්ක ගිහින් මගේ ලකුණු සහ අක්කාගේ (පුංචිගේ දුවගේ) ලකුණු බලාගෙන ආවා. මට තිබුණා ලකුණු 56. අක්කාට තිබුණේ 28. මගේ ලකුණු මට්ටම අනුව මහනුවර දිස්ත්‍රික්කයෙන් ඇතුලත් වීමට ප්‍රමාණවත් බව වැටහුණා. නමුත් කඩඉම් ලකුණු ප්‍රකාශ කරන්නේ පසුදින බව පීඨාධිපතිතුමා පැවසු නිසා එතෙක් අපි බලා සිටියා. නමුත් පසුදින ලැබුණු නරකම ආරංචියනම් කඩඉම් ලකුණ 58 බවයි. මගේ අවස්ථාව ගිලිහී ගියා.

නමුත් කතාව එතනින් නැවතුනේ නැහැ. අපේ අම්මාත් ගුරුවරියක් නිසා එ පිලිබදව තවදුරටත් හොයා බැලුවා. බාප්පා එයාගේ දේශපාලන මිතුරෙක්ගේ සහයොගයෙන් අක්කාව විද්‍යාපීඨයට ඇතුලත් කරගෙන තිබුනා. එයා දුෂ්කර දිස්ත්‍රික්කයක ඉගෙනීම ලැබූ නිසා ලකුණු ප්‍රමාණය අඩුවීම ඒතරම් බලපැමක් වුනේ නැහැ.

ඒත් මගේ අක්කා කෙනෙක් වුනත් මම කියන්න ඔනේ අක්කාට තවත් කෙනෙක්ට උගන්වන්න පුලුවන් ඉංග්‍රිසි දැනීමක් තිබුනේ නැහැ. ඉතින් මට හිතගන්න බැහැ එයා කොහොම ලමයින්ට උගන්නනවාද කියලා. මීටත් වඩා කණගාටුම කාරණය තමා ත්‍රිකුණාමලය පැත්තෙන් ගත්ත සිසුන්ගේ ලකුණු මට්ටම 15 පමණ. ඔබට හිතාගන්න පුලුවන්ද මෙවන් ලකුණු මට්ටමක් ලබාගත් කෙනෙක් ලමයෙකුට උගන්වන්නේ කෙසේද කියලා. විද්‍යාපීඨය ඇතුලට ගියවිට ඔවුන්ට අධ්‍යාපනය ලැබෙනවා එවිට ඔවුන්ට ඉගැන්වීමේ හැකියාව ඇතිවෙනවා කියලා තර්ක කරන්න ඔබට පුලුවනි. නමුත් අවුරුදු දෙකක් තුලදී මහා ලොකු වෙනසක් කරන්න පුලුවන් වේවිද කියන එක හිතලා බලන්න ඔනේ. අපි අවුරුදු 13ක් ඉග්‍රිසි ඉගෙන ගෙනත් එවගේ ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නවා නම් අවුරුදු දෙකක කාලය තුල කුමන කතාවක්ද?

මේක ගුරුවරු ගැන එක කතාවක් විතරයි. තවත් ගුරුවරු ගැන කතා තියෙනවා. අද පොස්ට් එක දිග වැඩ් වුන නිසා අනිත් දවසේ ඉතිරි කතා ටික කියන්නම්....

මේ සම්බන්ධයෙන් මා හිතන විදිහ වැරදියි කියලා හිතනවා නම් ඒ ගැන කියන්න. ඇත්තම කියනවානම් මම වර්තමාන ගුරුවරු කෙරෙහි දැඩි කලකිරීමක් තියෙන්නේ. හේතුව මේ පෞද්ගලික ප්‍රශ්ණය කියලා ඔයාලාට අර්ථකතනය කරන්න පුලුවනි. නමුත් ඔයාලාට පුලුවනිද ලමයෙකුට හොද අධ්‍යාපනයක් දෙන්න පාසලට යවලා පමණක්ම....

යම් කෙනෙක්ගේ සිත රිදුනානම් සමාවෙන්න... මීට වඩා වෙනස් ආකාරයේ ගුරුවරු අදටත් ඉන්නවා. මේක පොඩි සිදුවීමක් පමණයි.

2012/01/09

බස් එක ගිනි ගන්නවො...........

මේ සිදුවීම වුනේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් 20 හරියටම අගහරුවාදා. මම සාමාන්‍යයෙන් ගෙදර යන්නේ සිකුරාදා හවස.ඒත් එදා හදිස්සියේ යන්න වුනේ බදාදා ගමනක් යන්න තිබුන නිසා. ඉතින් වැල් වටාරම් නොකියා විස්තරේ කියන්නම්කො...

එදත් වෙනදා වගෙම මම මහනුවර A/C එදත් වෙනදා වගෙම මම මහනුවර බස් එකකට නැගලා ටිකක් ඉස්සරහාට වෙන්න ඉදගත්තා. වෙනදානම් ඉතින් jumpping පිහිට වුනත් එදා සෙනග අඩු නිසා එහෙම අවුලක් වුනෙත් නැහැ. මම හොදට ඉදගෙන බස් එක පිටත් වෙද්දිම වගේ සුපුරුදු නින්දට වැටුණා. එත් ටෙක්නිකල් හන්දියෙදි බස් එක පාර මැද නතර කරලා කොන්දොස්තර අයියා එලියෙන ගිහින් පිටිපස්සේ මොනවාදො කරලා ආවා. බස් එකත් කිසිම කරදරයක් නැතිව යන්න ගත්තා. මාත් හොදට නිදාගත්තා.

ගොඩක් දුර ඇවිත් මාත් හොදටම නිදියලා. මට හීනෙන් වගෙ පිටිපස්සේ ඇන්ටි කෙනෙක් කෑගහනවා ඇහෙනවා බස් එක පිටිපස්සෙන් දුමක් එනවා කියලා. මම හිතුවා මේ හීනයක් වෙන්න ඇති කියලා. ඒත් කොකටත් කියලා මාත් හීනෙන් වගේ ටිකක් ඇස් ඇරලා. බලද්දි ඇත්තටම බස් එක දුමින් පිරිලා. මමනම් හිතුවෙ බස් එකේ A/C එකේ ප්‍රශ්නයක් කියලා.

කොන්දොස්තර අයියත් කියනවා ජනෙල් ටිකක් ඇරගෙන ගියම හරියයි කියලා. එහෙම කියගෙන ජනෙල් අරගෙන තව ටිකක් දුර සැහෙන වේගෙකින් යනවා. දැන් ආයෙමත් තත්වය යහපත් නිසා මම ආයෙමත් සුපුරුදු නින්දට වැටුනා. එත් ගොඩක් දුර යන්න හම්බ වුනේ නැහැ පිටිපස්සේ හිටපු ඇන්ටි කෑගහන්න ගත්තා බස් එක ගිනි ගන්නවො නවත්තන්න කියන්න කියලා. යන්තම් බස් එක නතර කරන්න වේගෙ අඩුකලා. එත් එක්කම පිටිපස්සෙන් ආපු බයිසිකලයකුත් ඉක්මනට ඉස්සරහාට ඇවිත් ඩ්‍රයිවර් අන්කල්ට කියනවා බස් එකේ පස්ස ගිනි ගන්නවා කියලා. ඔන්න එතකොට තමා ඩ්‍රයිවර් අන්කල් බස් එක නතර කලේ.

බස් එක නතර කලා විතරයි කට්ටිය පෙරලගෙන බහින්න හදනවා. අර කලින් ඉදන් කෑගහපු ඇන්ටි ශේට් උඩින් පැනලා ගිහින් බැහැලා ඉවරයි. මම ඉදගෙන හිටියෙ ඉස්සරහා ඉඩන් තුන්වෙනි ශේට් එකෙ වුනත් මට බහින්න බයයි කට්ටිය කලබලෙට මාව පෙරලගෙන යයි කියලා. මම ඉතින් වෙන දෙයක් වෙන්න කියලා හිතලා පිටිපස්ස බැලුවා. මහා ලොකු ගින්නක් නැහැ තැලිලා තුවාල කරගන්නේ නැතිව හිමිට බහිනවා කියලා හිතලා ඉදන් හිටපු තැන හිටගෙන හිටියා. එ ඉතින් මම කරපු දෙනෙ.

මට එහා පැත්තේ හිටිය අන්කලුත් බය වෙලා පුලුවන් තරම් ජනේලය ඇරියා එතනින් පනින්න. එත් එයාට එතනින් එලිය බැලුවම බය හිතිලා සද්දනැතිව හිමිට බහිමු නෙද කියලා මට කියනවා. මාත් ඉතින් හිනාවුනා. හොදම වැඩේ කියන්නේ බස් එක නතර කරලා තියෙන්නේ ලොකු කනුවකට කිට්ටුව. කානුවට එහා වෙල. එ පැත්තෙන් පැන්නොත් ඉතින් මඩෙ තමා. අනිත් පැත්ත පාරනේ ඒ පැත්තට කලබල වෙලා පැන්නොත් ගින්නට වඩා හපන්නේ.

කොහොම වුනත් කට්ටියගේ කලබලේට එහා පැත්තේ මොකක්ද තියෙන්නේ කියලා බැලුවෙ නැහැ පැන්නා කට්ටිය ජනෙලෙන් එලියට. වෙලටයි කානුවටයි වැටුන කොල්ලොනම් ලජ්ජාවට අමාරුවෙන් ගොඩ ආවා සද්ද නැතිව. එත් දොරෙන් බහින්න ගිහින් කට්ටියගෙ තල්ලු කිරිල්ල නිසාම කානුවට වැටුන ඇන්ටි කෙනෙක් කෑගහනවා "අනේ මාව බෙරගන්න... බුදු අම්මො මාව බෙරගන්න...." කියලා. ප්‍රශ්නෙ කියන්නේ එතන කරුවලයි ඇන්ටිත් සද්දන්ත කෙනෙක්. එත කට්ටිය කොහොම හරි අර ඇන්ටිව කානුවෙන් ගොඩ ගත්තා.

මමත් කට්ටිය ඔක්කොම වගේ බැහැලා ඉවර වුනාම හිමින් බැස්සා. කොහොම හරි වට පිටේ තිබුන ගෙවල් වල සහයොගයෙන් වතුර දාලා ගින්න නිවුවා. අපි එතනින් වෙන බස් එකක නැගලා ගෙදර ගියා.

එදානම් ටිකක් බය වුනා. මැරෙන්න නෙවේ රැවෙලා තනියෙන් මගක මොකද කරන්නේ කියලා. එත් මටනම් එතන හිටිය ඇන්ටිලා කලබල වෙලා කරන විකාර දැකලා හිනාව නතර කරගන්නත් බැහැ.

එත් ඉතින් හරි පුදුමයි පහුගිය අවුරුදු ගානක්ම ඒවගේ හදිස්සි අවස්තාවන් වලට මුහුණ දෙන විදිහ අපි ඉගෙන ගෙන තිබුනානෙ. එ වුනත් කට්ටිය කලබලෙ නිසා නිකන් තුවාල කරගත්තා. මෙක මතක් වෙද්දි හිනා ගියත් ඉගෙන ගන්න දෙයක් තියනවා. කරදර අවස්තාවක කලබල වෙලා කිසිදෙයක් කරගන්න බැහැ කියන එක.

ඇත්තටම ඒ වෙලා තියෙන්නේ A/C එකට පොවෙර් දෙන්න පිටිපස්සේ වයර් දෙකක් එකට ගැටගහලා තියෙනවා එක ස්පාර්ක් වෙලා ගිනි අරගෙන.

ගොඩක් දවසකින් ලියන්න ගත්තෙ. අඩුපාඩු තිබුනොත් සමාවෙන්න හොදේ