2011/09/26

තරග විභාග සම්මුඛ පරීක්ෂණ සහ අපි

මෙ කියන්න යන දේවල් ජොබ් එකක් හොයන ඔයලාටත් වෙලා ඇති ජොබ් කරන අයට ජොබ් එකක් හොයන කලෙ මේවගේ සිදුවීම් වලට මුණ දෙන්න වෙන්න ඇති. මේ මට සහ මගෙ යලුවන්ට වුන දේවල් ටිකක් තමා කියන්න යන්නේ.

අපි ගොඩක් අය try කරන්නේ රජයේ රැකියාවකට යන්නනේ. ඔකේ ඉතින් වාසි දන්න අය දන්නවනෙ. විශේෂයෙන්ම ගැණු ළමයි තමා වැඩිපුර ඔයවගේ දේවල් වලට try කරන්නෙ. ඇත්තම කියන්න පහුගිය දවස්වල මටත් ඔය ලෙඩේ තිබුනා. දැන් එක අඩු කරගත්තා රට යන විදිහ දැක්කම.

ගිය අවුරුද්දෙ අන්තිම මේ අවුරුද්දෙ මුල ලොකු බැංකු දෙකකටම exam තියල interview තිබුනනෙ. බැංකු දෙකේ නම් කියන්න ඔනේ නැනෙ. ඉතින් කොහොම හරි අපේ අම්මගෙ වදේටම වගෙ මාත් application දාලා exam එකත් කලා. ඒක බැංකුවකනම් exam එකෙ general knowledge කියල අහල තිබුන දේවල් දන්නෙත් නැ. එකෙනම් exam ඉවරවෙල ගෙදර එද්දිම හිත හදගෙන ආවා වැඩක් වෙන එකක් නැ කියලා. දුකම හිතුනෙ එදාම අපෙ ඉන්ස්ටෘcටොර් ට්රිදප් එක ගියා. මට එකට යන්න බැරි වුන එකයි දුක. ඊට ටික දවසකට පස්සෙ අනිත් බැංකුවෙත් exam තිබුනා. එකෙනම් තිබුනෙ පලවෙනියෙන් තියන English exam පාස් වුනොත් විතරක් දෙවෙනි exam එකට admission දෙන්නෙ කියලා. ඔන්න ඉතින් මමත් ගියා exam එකට. කොටින්ම කියනවනම් මහත්තයත් එක්කත් තරහා වෙලා ගියෙ ඉස්කොලෙට යන්න පාර හොයා ගන්න බැරි වෙලා. ඒකනම් එ තරම් අමරු වුනෙ නැ ලියලා අවා. ටික දවසකින් මෙන්න ගෙදරින් call එකක් එනවා අර exam එක පාස් අහවල් දවසෙ අනිත් exam එක තියනවා. මට ඉතින් අරකට හොදට ලියපු ගොන් කම කියලත් නොහිතුනා නෙවෙ.

එත් ඉතින් ගිහින් exam ලිවුවා. එ වෙද්දි නම් එ ගැන බලපොරොත්තුවක් තිබුනෙ නැහැ. ඒත් මෙන්න ටික දවසකින් අයෙමත් call එකක් එනවා අහවල් දවසේ අහවල් බැංකුවෙ interview කියලා. අනේ ඉතින් එතකොටනම් ටිකක් විතර සතුටු හිතුනා පෙර පිනක් නිසාවත් ජොබ් එක හම්බ වුනොත් කියලා. කොහොම හරි කියපු දවසෙ interview ගියා.Interview එකෙ වැඩි දෙයක් අහුවෙනැ credit card ගැනයි බැංකුව ගැනයි ඇහුවා. එ අහපු දේවල් වලට හොදින් උත්තරත් දුන්නා. ටිකක් විතර බලාපොරොත්තුවක් තිබුනා. මාස දෙකක්ම බලන් හිටියා එත් කිසිම ආරංචියක් තිබුනෙ නැ. අන්තිමෙදි අම්මා බැංකුවට call කරල අහල තිබුනා. ඉන් ටික දවසකට පස්සේ ආයෙමත් කතා කරල අහද්දි කියල තිබුනා තේරුණ අයට එන්න call කලා කියලා. අම්මාගෙන් නම අහලා තිබුණා තේරිලාද බලන්න. අම්මා විස්තර කිවාම කියලා නැහැ කියලා. කොහොම හරි මගෙ යාලුවො ටික දෙනෙක්ට හම්බ වුනා එයල කිවෙ 220 ගත්ත කියල ඒත් අරලියගහ මන්දිරේදි පත්වීම් දෙද්දි 235 වෙල තිබුනා. ආයෙමත් මේ ලගදි දවසක අරංචි වුනා තවත් කට්ටිය වැඩි වෙලා කියලා. ඔහොමයි මට වුනේ.

ඔය අතරෙදි පෙරේදා teachers ලා ගන්න exam එකක් තිබුනා. ඒකට ඇවිත් හිටියා අපිත් එක්ක එකම batch එකෙ හිටිය අක්කල දෙන්නෙක්. එක්කෙනෙක් ගැන මම හොදට දන්නවා හේතුව එයා යාලුවෙක් වගේම කැපීපෙනෙන විදිහට marks ගත්තා. එයාට අර මම ගියපු බැංකුවෙ නෙවෙ අනිත් එකෙ interview ඇවිත් ගිහින් තිබුනා. එයාගෙ අම්මා වැඩකරල තියෙන්නෙත් එ බැංකුවෙම තම. එත් එයාට ජොබ් එක හම්බ වෙලා නැහැ. ඇත්තම කිවොත් සුදුසුකම් නැහැ කියන්නවත් දක්ශතාවය නැහැ කියන්නවත් පුලුවන් කෙනෙක් නෙවේ එයා.

කොහොම හරි දැන් ඉන්ටෙර්වීව් වලින් බලන සුදුසුකම මොකද්ද් කියලා මටනම් හොදටම තේරිලා තියනවා. එත් එකට මම හරිම විරුද්ධයි. කොහොම වුනත් අපිට මේ අසාධාරණය නවත්වන්න තව අවුරුදු ගානක් යයි. ඒත් පුලුවන් වෙයිද කියන්න ආමාරුයි.
පෙරේදා exam එක ලියන්න ගිහින් ගොඩක් දුක හිතෙන දේවල් ටිකක් අහන්න වුනා වගෙම දැකපු සමහර දෙවල් වලට ගොඩක් දුක හිතුනා. මුලු ලංකාවේ හැම දෙනාටම exam තිබුනෙ කොළඹ. ගොඩක් ඈත පළාත් වලින් පවා ඇවිත් හිටියා. එහෙම ආපු තාත්තෙකුයි දුවෙකුයි දැක්කාම හිත රිදුනා හොදටම. එයාලා ගොඩක් පිටිසර කියලා හිතුවෙ තාත්තා අතේ travelling bag එකක් තිබුනා ඒ තාත්තා කිසිම පිලිවෙලක් නැතිව සරමක් ඇදලා හිටියකෙනෙක්. බැලු ගමන් පෙනෙනව මහ ලොකු පවුලක නෙවේ තරමක් දුප්පත් වගේම ඒ තරම් ඉහලට ඉගෙනගෙන නැහැ කියල. එයාගෙ දුවත් අහිංසක පාටයි. දුවට අමාරුවෙන් උගන්නලා කියලා තේරෙනවා. දුව exam ඉවර වෙලා එනකම් තාත්තා බලන් හිටියා ඉන්පස්සෙ දුවට කන්න කැම එකක් ගෙනත් දුව කලා ඉවර වෙනකම් ලගින් ඉදන් හිටියා. අනේ ඒ දුව ටිකක් කාලා ඉතිරි ටික තාත්තාට දුන්නා කන්න. අනිත් එක පෙරේදා උදේ 9.30 ඉදලා හවස 5 වෙනකන්ම exam තිබුනා එක එක subjects. එ ගැණු ළමයා හවස මම ලියපු subject එකකටත් හිටියා 3.30 ඉවර වෙන. ඒ තරම් දුක් විදලා ඇවිත් ලියලා ජොබ් එක හම්බ වුනේ නැති නම් එ වගෙ අයට හිතට මොන තරම් දුකක් ඇති වෙනවද. අපි නම් නිවඩු දවසේ ඔහේ එහෙට මෙහෙට වැනි වැනි ඉන්න අය කියලා අත් අරින්න පුලුවන්. ඒත් අර තාත්තා එදා වේල හම්බ කරන කෙනෙක් නම් එ දවස...

තවත් හිත රිදුන දසුනක් තමා මාස තුනක් විතර වෙන පුංචි ළමයි දෙන්නෙකුත් එක්ක අම්මලා දෙන්නෙක් exam එකට ඇවිත් තිබුණා. අනේ අර පුංචි එවුන් දාඩියට අපහසුතාවයට අඩනවා. ගෙවල් වලින් දෙන්නෙක් තුන්දෙනෙක් ඇවිත් අර පොඩි බබලාව බලාගන්න. ඔය හැම දෙනාම දුක් විදගෙන exam එකකට එන්නෙ ජොබ් එකක් ඔනෙ නිසානෙ. ඒත් ඔයින් කියෙන් කිදෙනාටද සධාරණ විදිහට ජොබ් එක හම්බ වෙන්නේ. මම එක තීරණයක් ගත්තා මේ දෙවල් දැකලා මම අයේ කවදාවත්මා රජයේ රැකියා වලට application දාන්නෙත් නැහැ exam ලියන්නෙත් නැහැ කියලා.

මම එහෙම කලා කියල මේ යන විදිහ වෙනසක් වෙන්නෙ නැහැ. එත් මගෙ හිත රිදෙන එක හරි අඩු වේවිනෙ. ඔයාලට පුලුවන්නම් මේ දෙවල් වෙනස් කරන්න පුංචි හරි දායකත්වයක් දෙන්න.

අද හිතුවෙනැති විදිහට පොස්ට් එක දිග වුනා එකට සමාවෙන්න.