2010/05/24

මගේ ආදර කතාව 8

ඉතින් ඔන්න කාලෙකට පස්සෙ මම ආයෙමත් ආදර කතාව ලියනවා. ඔයාලාට හිතෙනවා ඇති මේ කතාව කියවනවට වඩා හොදයි වෙන වැඩක් කර ගන්න එක කියලා. ඇයි ඉතින් එක කොටසක් කියවලා ඉතිරි කොටස කියවන්න තව කාලයක් බලන් ඉන්න වෙනවානෙ. ඊටත් වඩා මට දුක හිතුනෙ මගෙ කතාව කියවන මගේ මහත්තයාගෙ යාලුවෙක් දැන් කියවන්නෙ නැතිලු එක කොටසක් ලියලා අනිත් කොටස ලියන්න ගොඩක් කල් යන නිසා. අනේ ඉතින් ඔයාලා නම් එහෙම කරන්න එපා හොදේ.

එදා දෙසැම්බර් 27 සිදුවුන දේ ඔයාලාට මතක ඇති කියලා හිතනවා. එදා අපේ හිත්වල තිබුණ ආදරේ හිර කරන් ඉන්නෙ නැතිව එලියට දැම්මා. ඔයාලා‍ට හිතෙනවා ඇති මම එදා මගෙ මහත්තයාට ආදරෙයි කිව එක වැරදියි කියලා. හේතුව එයාට වෙන කෙනෙක් ඉන්නවා කියලත් මම ඒ වගේ තීරණයක් ගත්ත නිසා. මම එහෙම කිවෙ හිතට එකගව මට කියන්න තිබුණ ‍එකමදේ ඒක නිසා. මම මාව සාධාරණීකරනය කරනවා නෙවේ. එදා මම ආදරේ නැහැ කිවානම් මම බොරැ කිවා වෙනවා. ඒවගේම මේ වෙනකොට ඔයාලාට කතාව විතරක් නෙවේ නැතිවෙන්නෙ මමත් නැහැ.

අපේ ආදරේ එ විදිහට දුකින් පටන් ගත්තා වුනාට එ දවස් වල අපි ගොඩක් සතුටින් හිටියා. දෙසැම්බර් 27 මම ගෙදර ගියෙ සතුටින් එවුනාට හිතෙ දුකක් නොතිබුනාමත් නෙවේ. මම ජීවිතේ ඉස් ඉස් ඉස්සෙල්ලාම ආදරේ කරපු කෙනාගෙ ආදරය මට ලැබුනා එකට මම ගොඩක්ම සතුටු වුනා. ඒවගේම ලොකු දුකක් තිබුනා මට මගෙ මහත්තයා සදහටම හිමි නැහැ, එයාම මට කිවා එයාට මාව බදින්න බැරි වෙයි කියලා. ලොකුම දේ තමා මම මගේ සතුටට වෙන කෙනෙක්ව දුකට පත් කලාද කියලා හිතුන එක.

කොහොම වුනත් මම එදා ගෙදර ගිහින් ඇග සෝදගෙන ඉවර වෙලා අම්මා හදලා දිපු කිරි එකත් අරන් ලගින් ඉදගත්තා. ඒක අම්මාට විශේෂ දෙයක් නෙවේ හේතුව මම පොඩි දවස් වල ඉදලා ඉස්කෝලෙ , class එහෙම ඇරිලා ඇවිත් ලගට වෙලා එදා දවසේ හැම සිදුවීමක්ම කියනවා. මම එදා විස්තරෙත් කියන්න පටන් ගත්තා ඊට කලින් මම අම්මා එක්ක කිව නැති දෙයකුත් තිබුණානෙ ඒ දෙසැම්බර් 20. මම එදා ඉදලා 27 හවස මහත්තයා මගෙන් එයා ලග ඉන්නවාද කියලා අහපු වෙලාව වෙනකම් හැමදේම කිවා. දැන් අපේ අම්මාත් අහගෙන ඉන්නවා පොඩි දෝණිගෙ කතාව. මොකද දන්නවාද අන්තිමට මම දිපු උත්තරේ කියන්නෙ නැතිව ඇද ඇද ඉන්නවා. අම්මාට සිද්ධිය තේරිලා වගේ ඇහුවා ඉතින් ඔයා මොකද කිවෙ කියලා. මාව ටිකක් විතර බයත් වෙලා ඒ වුනාට දැන් කියන්නම එපායැ කියලා මම කැමැත්ත දුන්නා කියලා කිවා.

අපේ අම්මාට හිනාවකුත් ගියා. මොකද දන්නවාද මම ඒ ටික කියාගන්න විදපු දුක දැකලා. ඒත් ඒක යටපත් කරගෙන මගෙන් ඇහුවා ඔයාට එයාව විශ්වාසද කියලා. මම ඔව් කියලා කිවා. අම්මා ටිකක් upset වගේ හිතුන නිසා මම කිවා අම්මා අකමැතිනම් එපා කියනවා නම් මම නතර කරන්නම් කියලා. ඉතින් අම්මා කිවා නැහැ එහෙම කරන්න ඕනෙ නැහැ ඒත් මතක තියාගන්න ඔයා කොළඹ එක්ක ආවෙ උගන්නන්න මිසක් ඕවා කරගන්න එහෙම නෙවේ කියලා. මාත් හොද ලමයා ව‍ගේ දේශනාවට සවන් දිලා හිමින් කාමරයට පසු බැස්සා.

එදා රෑ නිදාගන්න ගියාට නින්ද ගියෙත් නැහැ. වෙනදටනම් ඇදට වැටෙන පමාව විතරනෙ ඒ වගේම තමා මම ලේසියෙන් හින දකින්නෙ නැහැ. එදා ඇදට ගිහින් ගොඩක් වෙලාවකට පස්සෙ නින්ද ගියා විතරක්ම නෙවේ මම හීනයකුත් දැක්කා. හීනෙ මොකක්ද දන්නවාද මහත්තයා මාව කොටුව station එකෙන් කෝච්චියකට නග්ගලා මට අතවනනවා. මාත් යන කෝච්චියේ ඉදලා අත වනනවා. ඒවෙලාවෙ මහත්තයා ඇදලා හිටියේ පොඩි කොටු තියන shirt එකක්.

ඔන්න ඉතින් පහුවදාට එළිවුනා. එ කියන්නෙ දෙසැම්බර් 28. එදත් වෙනදා වගේම මම ලැස්තිවෙලා උදේ කෝච්චියට ගියා. මමයි මහත්තයායි දෙන්නම NIBM ගියා. අපි දෙන්නාටම lectures තිබුණ නිසා දවල් වරැව ගෙවිලා ගියා. හවස lectures ඉවර වුනාම මට මහත්තයා හම්බවුනා. එයා මට කියලා තිබුණා එයා ‍එයාලගෙ buddhist society එකේ අය එක්ක දඹුල්ලෙ යනවා කියලා. මම හිතාන හිටියෙ ඉස්සර වගේ තනියම දෙමටගොඩට ඇවිත් කෝච්චියේ තනියම එන්න. ඒ වුනත් මගෙ මහත්තයා කිවා එයා කොටුවට ඇවිත් මාව කෝච්චියට දාන්නම් කිවා. එයා මා එක්කම මරදානට ආවා. මහත්තයා එදා ඇදලා හිටියෙ කලින් දවසේ මම හීනෙන් දකිද්දි ඇදගෙන හිටපු shirt එකමයි. ඒ හීනෙ වගේම එදා මගෙ මහත්තයා මරදානෙන් බැහැලා මම හිටි කෝච්චිය යනකම්ම එයා අතවනවනා හිටියා.

ඉතින් මම එතන ඉදන් තනියම ගෙදර ආවා. එදා රෑ පුලු පුලුවන් වෙලාවට මහත්තයා මට කතා කලා. මමත් පුලුවන් වෙලාවට කතා කලා. අපි ගොඩක් සතුටින් හිටියා. අදටත් අපි ගොඩක් සතුටින්.

අද කතාව ගොඩක් දිග වුනාට සමාවෙන්න....

2010/05/18

අවසාන පද වැල .....

හීන පිරැ
කප් කෙලක් පැතුමන්
වරා මල් පොකුරක්ය .....
නුඹට පව් නෑ ...
මහිත් මුඩු බිමට
ලදලු පැතුමක් ගෙන
වසන්තය වී ..
උදාවුවාට නුඹට පින් ......

තව කුමට කරැණු සොයනුද
මා වෙතින් නික්මෙන්න ...
වසන්තය පැතුමක්ව
ඔබ යන්න ..... තවත් ලොවකට ....
ඒ වුනත්
මට දුන් දුක නොදෙන් ......

කෝ දෙන්න මට ...
මගේ ජීවිතය ....
අරගන්න ඔබ පිදු පෙම .....
දුන්නාටත් වඩා වැඩිපුර .....

මේ තමයි අවසාන පද වැල ....
ඔබ නමට මෙමා පබදින .......

2010/05/13

මගේ ආදර කතාව 7

ආයෙමත් ගොඩ දවසකට පස්සෙ මගෙ ආදර කතාවත් අරගෙන ආවා. මගෙ කතාව ගොඩක් දිගට යන නිසා එපා වෙලාද දන්නෙත් නැහැ. අද තවම මගෙ ආදර කතාවෙ හත් වෙනි දවස. මහත්තයා මට ආදරෙයි කියලා එත් වැඩක් නැහැ කියලා තවම ගත වුනෙ දවස් හතයි. එ දවස් ටික මම නුවර ගෙදරට වෙලා හිටියා ගොඩක් දුකින්. එ දවස්වල මම බලාන හිටියෙ ගෙදර කවුරැත්ම නැති වෙන වෙලාවල් හේතුව එතකොට මට පුලුවනි ගෙදර phone එකෙන් මගෙ හොදම යාලුවො එක්ක කතා කරන්න. එ දවස් ටික එහෙම ගත වෙලා 2006 දෙසැම්බර් 27 මම NIBM lectures ගියා.

එදා උදෙත් මම සුපුරැදු විදිහට උදේ කෝච්චියෙ ගියා. අපි වෙනදා වගෙම කිසිම වෙනසක් නොපෙන්වා ගියා හේතුව වුනෙ අපිත් එක්ක ගොඩක් අය ගියා. අපෙ වෙනස් හැසිරිමක් දැක්කොත් අපි ගැන වැරදියට හිතන නිසා එහෙම ගියා. එදා හවස මම lectures ඉවර වුන ගමන් එන්න හිතාන හිටියෙ. එ වුනත් මම lectures ඉවර වෙලා එලියට එද්දි මහත්තයා අපේ lecture hall එක ඉස්සරහා හිටන් ඉන්නවා. මම එයාව මග ඇරලා යන්න හිතාන හිටියත් මට එදේ කරගන්න බැරි වුනා. ඉතින් මම වෙනදා වගෙම මහත්තයා එක්ක ගෙදර යන්න පිටත් වුනා එ වුනත් වෙනදා වගෙ හිතේ සතුටින් නෙවෙ. මම කතාව මග අරින්න කොයි තරම් උත්සාහ කලත් එයාට වුවමනා වුනෙ මම එයාට තවමත් ආදරෙයිද දැනගන්න. කලින් දවසෙ වගේ එදත් අපි කොටුව station එකට ගිහින් රාගම කෝච්චියෙ ගෙදර ගියා.

වෙනදා මම තමා වැඩිපුර කතා කරන්නෙ. එ වුනත් එදා මම ගොඩක් නිහඩයි මහත්තයා ගොඩක් කතා කලා. මහත්තයා අනිත් අය එක්ක ඉද්දි ගොඩක් කතා කලාට එයා හරි කැමතියි මාත් එක්ක ඉද්දි මම කතා කරනවා අහන් ඉන්න. එත් එදා එයා ගොඩක් වෙනස්. අපි රාගම බැහැලා රේල් පාර දිගේ ඇවිදගෙන ගියා. එ යන මග දිගටම මහත්තයා ඇහුවෙ මම එයාට ආදරෙයිද කියලා. මම පුලුවන් තරම් මග ඇරියා.

මම මහත්තයාට වඩා ටිකක් වේගෙන් ඇවිදගෙන ගියා එයා ලගින්ම යද්දි හිතට දුක නිසා. එකපාරටම මහත්තයා ටික වෙලාවක් නිහඩව ගිහින් එක පාරටම මගේ අතින් වේගෙන් ඇද්දා. එ වේගෙට මම මහත්තයාගෙ ඇගේ හැපිලයි නතර වුනේ. මගේ මහත්තයා එතනම නතර වෙලා මගෙන් ඇහුවා මොනදේ වුනත් මම එයා ලග ඉන්නවාද හැමදාම එයාගෙ වෙනවාද කියලා. මම ගල් කරන් හිටි හිත එහෙමම දියවෙලා ගියා. මම කිවා මම එයාට ගොඩක් ආදරෙයි හැමදාම එයා ලග ඉන්නවා මොනදේ වුනත් කියලා. ඉන්පස්සෙ මගෙ මහත්තයා ගොඩක් තදින් මගෙ අතින් අල්ලගෙන ගියා. අපි අපේම විතරක් වුනා හැමදේම අමතක කරලා. ඒ විදිහටයි මගේ ආදර ජිවිතේ පටන් ගත්තෙ.

අදින් පස්සෙ එක දිගට දවස් වලට කතාව කියාගෙන යන්න මට බැරිවෙයි. එවුනත් මම මගේ ආදර ජිවිතේ වැදගත් සිදුවිම් කියන්නම්... අද කතාව දිග වුනාට සමාවෙන්න.

2010/05/11

පින්සාර හිනයක දැ‍වටෙන්න

වැහිබර වු අහස් කුස
නිල් වැස්ස වැටෙනකොට
සුදු කෝපි මල් සුවද
ඉරිතලා මැකෙනවා
හිත් ගැබට තුරැලු වුණ
දුකට කොදුරපු කවිය
ගැබ්බර වු දැස් අග
පිණි කදුලු සලනවා....
වලාමත හිනැහෙන්න
අර ඇන්ද දේදුන්න
හිත් අහස කලු කරන්
දුර ඈත ඇදෙනවා....
සද පිපුණු ‍එක රැක
කප් සියක් තරැ පොකුරැ
පින්සාර හිනයක
දැවටෙන්න හදනවා.....

2010/05/07

දුම්රිය සහ මගේ ආදරේ .....

මම ඉතින් හැමදාම ඔයාලාට කිවේ මගෙ ආදර කතාවයි මම පුංචි දවස් වල ලිව කවි නෙ. අද මට හිතුනා පහුගිය දවසක මට වුන සිදුවිමක් ලියන්න.

මේදේ වුනේ 2010 මැයි 05. එදා අපේ උපාධි ප්රදානෝත්සවය තිබුනා. එක ඉවර වෙලා අපි අපේ ගුරුවරුන්ට පොඩි උපහාර උත්සවයක් සුදානම් කරලා තිබුනා. අපේ උපාධි ප්රදානෝත්සවය ඉවර වෙලා refreshment එකත් අරන් ඉවර වෙද්දි 4.30ට විතර අැති. අපේ ගුරු උපහාර උත්සවය පටන් ගන්නෙ 5.30ට නිසා අපේ අම්මා ඉන්න බැහැ මහන්සියි කිවා එනිසා අම්මා යන්නද ඇහුවා. ඉතින් මම කමක් නැහැ කිවා හේතුව මා එක්ක එන්න මගේ මහත්තයා හිටපු නිසා. අම්මා ගියාම අපී අපේ යාලුවෝ එක්ක 5.30 වෙනකන් ඉදලා ගුරු උපහාර උත්සවයටත් හිටියා. එක ඉවර වෙද්දි 6.15 විතර වුනා. අපි අපේ යාලුවන්ගෙන් සමුඅරගෙන ආවා.

අපි සුපුරුදු පරිදි බස් එකක නැගලා ආවා. අපි දෙන්නා කතා වෙලා හිටියෙ දිගටම බස් එකේ යන්න. එ වුනත් අපි මරදානට එද්දි කෝච්චියෙ යන්න වෙලාව ඇති නිසා අපි බස් එකෙන් බැහැලා කෝච්චියට දුවගෙන ගියා. අපි ටිකට් ගද්දිම කෝච්චිය ආවා. අපි දුවගෙන ගිහින් නැග්ගා. නැග්ගාට පස්සෙ තමා අපි දැනගත්තේ එ 6.10ට විතර යන කෝච්චිය 7 වෙනකම් පරක්කු වෙලා තියෙන්නෙ කියලා. එත් අපි නැගලා කෝච්චිය යනකම් බලන් හිටියා. 7.30 විතර වෙනකනුත් මරදානෙන් පිටත් වුනේ නැහැ. එ එක්කම 7ට කොටුවෙන් යන කෝච්චිය ආවා. ගොඩක් දෙනා අපි හිටපු කෝච්චිය බැහැලා අනිත් කෝච්චියට නැග්ගා. එත් ඉතින් අපි එහෙමම හිටියා.

ඉන් පස්සෙ ටිකකින් එක අංකල් කෙනෙක් ඇවිත් කිවා 7 කෝච්චිය තමා යන්නෙ අපි හිටපු කෝච්චිය කැඩිලා නිසා යන්නෙ නැහැ කියලා. ඉතින් අපිත් හිටපු කෝච්චිය බැහැලා අනිත් කෝච්චියට නැග්ගා. අපි අනිත් කෝච්චිය දිහාට ඇවිදවෙන යද්දිම 6.10 කෝච්චිය යන්න ඇද්දුවා. මගෙ මහත්තයා මාවත් ඇගෙනම ඒ පැත්තට ගියා. මහත්තයා මට කිවා නගින්න කියලා.මට නගින්න බැරි වුනා. හේතුව මම අැදගෙන හිටියෙ ඔසරිය එ මදිවට කෝච්චිය යනවා. මම බැ කිවා.මහත්තයාට එකට තරහා ගියා. එයා මට බැන බැන අනිත් කෝචිචියට නැග්ගා. එකේ හොදටම සෙනග එත් කරන්න දෙයක් නැතිනිසා අපි ආවා.

එ එද්දිවත් මගෙ මහත්තයා කතා කලේ නැහැ. සෙනග අතරේ ගොඩක් හිර වෙන නිසා ලගට කරන් හිටියා. මම රාගම station එකෙන් බහින්න යද්දි මා යනවා කිවාට කිසිම දෙයක් කිවෙ නැහැ. එයාගෙ ලග තිබුන මගෙ බඩු ටික දුන්නා. මම බැහැලා බස් එකක ගෙදර ගියා. මම ගෙදර ගියාම ආවා කියලා කියන පුරුද්දට මම කෝල් කලා එත් answer කරන්නෙ නැති නිසා message කලා. එයාගෙන් කිසිම සද්දයක් නැහැ. මම මුලු රෑම කෝල් කලා එත් answer කලේ නැහැ. මම බොහොම අමාරුවෙන් දවස ගත කලා. අන්තිමට පහුවදා කතා කලා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ වගේ වැඩ නිසා සාමාන්‍ය් ජනතාව ගොඩක් අපහසුතාවයට පත් වෙනවා. මට වුනේ බොහොම සරල සිදුවිමක්. එ අවස්තාවේ ගොඩක් අයට ලොකු කරදතයක් වුනා. මට කියන්න තියෙන්නේ අපේ රටේ තියන මේවගේ අකටයුතුම දුර්වලාතා මග අරින්න උත්සාහ කරමු.

2010/05/03

මගේ ආදර කතාව 6

ගොඩක් දවසකට පස්සෙ ආයෙමත් මගේ ආදර කතාවත් අරගෙන ඔයාලා බලන්න මම ආවා.

2006 දෙසැම්බර් 21 උදේ මම නුවර ගියා. ගෙදර ගිහින් වෙනදා වගේ මම ගෙදර ආවා කියලා මගෙ මහත්තයාට කෝල් කලේ නැහැ. එහෙම කලේ එයාව අමතක කරනවා කියලා හිතේ තිබුණු හැගිම නිසයි. අපේ ගෙදර වැඩත් ගොඩයි එ නිසා මම අම්මාට උදව් කලා. නිකමටවත් මහත්තයාව මතක් නොකර ඉන්න උත්සාහ කලා. දවස ගෙවිලා ගියා. අපේ අක්කායි අයියායි බබා එක්ක ආවෙ ගොඩක් රෑ වෙලා. මතක විදිහට 10ට විතර. ඊට ටික වෙලාවකට පස්සෙ ගෙදරට කෝල් එකක් ආවා.කෝල් එක answer කලේ අයියා. එයා මට කියලා දුන්නා. එ දවස් වල මගෙ mobile phone එකේ තිබුනෙ mobitel prepaid sim එකක් එකේ incoming වලටත් charge වෙනවා (එ දවස් වල). ඉතින් මගෙ යාලුවෝ ගොඩක් වෙලාවට මට කතා කරන්න ගෙදරට කෝල් කරනවා. එ වුනත් එ වගෙ වෙලාවට යාලුවෝ කතා කරන්නෙ ලොකු පණිවිඩයක් නම් විතරයි. ඉතින් මට හිතා ගන්න බැරි වුනා කවුද කියලා. මම කතා කලා හිතා ගන්න බැහැ මහත්තයා කතා කරනවා. එයා එක්ක කතා කරන්නෙ නැහැ කියලා හිතාන හිටියාට මට එ තරම් හිත ගල් කරගෙන ඉන්න බැරි වුනා. මහත්තයා කතා කලා ගොඩක් වෙලා කතා කලා. මමත් කතා කර කර හිටියා. පස්සෙ මම කිවා තියන්නම් කියලා එපාර එයා මගෙන් අහනවා මම එයාට ආදරෙයිද කියලා මට උත්තර දෙන්න අමාරුම දේ අහනවා. මම ටික වෙලාවක් කතා නැතිව ඉදලා පස්සෙ ඔව් කිවා. එත් එයාට මදි එයා මට කියනවා "මම ඔයාට ආදරෙයි" කියලා කියන්න කියලා. මට කරන්න පුලුවන් දෙයක් නෙවෙ එක. එ වෙලාවෙ අපෙ ගෙදර හැමොම සාලෙ. මම කියන දේවල් හොදට ඇහෙනවා. ඉතින් මම කිවා බැ ගෙදර අයට ඇහෙනවා කියලා. ටිකක් කියවලා කියවලා තේරුම් ගත්තා.

ඊට පහුවදා අපෙ ගෙදර වැඩ ගොඩයි. එදා සිකුරාදා එදා අපි නිදාගත්තෙ නැ. හේතුව සෙනසුරාදා අපෙ ගෙදර කිරි අම්මලාගෙ දානයක් තිබුනා එකට වැඩ කලා. ඔය විදිහට එදා දවසත් ගෙවිලා ගියා. සෙනසුරාදා 12 වෙද්දි වැඩ ඉවරයි. හවස් වරුවම අපි හොදට නිදා ගත්තා. එ දවස් ටිකම එ විදිහට ගෙවිලා ගියා. මතක විදිහට ආයෙ මහත්තයා කතා කලෙත් නැහැ. මට කතා කරන්න වුවමනා උනත් මම අමතක කරලා හිටියා. අපි ආයෙමත් කොළඹ ගියෙ 26 වෙනිදා. මට ආපහු lectures යන්න තිබුනෙ 27 නිසා. අම්මායි මමයි 26 රාගම අක්කලාගෙ ගෙදර ගියා. මම 27 උදේ වෙනදා වගෙම නැගිටලා කෝච්චියට ගියා. එදා ගොඩක් දේවල් වෙනස් වුනා. එ දේවල ගැන මම ආයෙමත් දවසක කියන්නම්.

2010/05/01

වෙන්වි නොයමු අපි

සුවබර සැදෑවක
මල් උයන් කොනේ
සෙනෙහසින් බැදි
ඔබ මා හමුවු දිනේ
හද තුල පැතුම් පුරවාලා
බැදි සෙනේ
වෙන්වි නොයයි අපි ....
ජීවත්වන තුරා ලොවේ ......