2014/05/12

පාළුවට හිතට නැගුණු කවි පද ....... 2

තනිකම ඇයි මේ තරමට
නුඹ කොහි සැගවිනිදෝ ...
හනික එන්න මගේ ලොවෙට
දරා ගන්න බැහැ මට මේ තනිකම ....


සිතට නැගෙන සිතුවිලි මං
වලකාලමි කෙලෙසින් ....
නුඹ ගැන ....
ආල සිතක් පහල වුනත් ...
අමතක කර සිටිනෙමි මං ....


යලි දකින දින සිහි කර කර 
මා තනිවම .. තැවෙනවා ....
නුඹ ලඟ දොඩමළු වෙන්නට ...
හිත හැමදා කියනවා ....



පාට පාට හීන අරන් ...
නුඹ එනවද .. මගේ ලොවට ...
නෙතු පියන් බලා හිදිමි ....
නුඹ එනතුරු මගෙ හීනෙට ....





කවිකම අත්හරින්නට හිතුවත් අත්හරින්නට බැරිව ඉන්නා දෙයත් එයමයි. හිතට දුකක් සතුටක් තනිකමක් දැනෙන හැම මොහොතකම කවියක් ලියවෙන එක හිතට වෙලාවකට හරි වදයක් කියලා හිතුනත් නතර කරගන්න බැරි පුරුද්දක් වෙලා. ඒත් අදින් පසු කෙසේ හෝ කවිකම නතර කරන්න හිතුවා .....

කවි ලියන්න පටන් ගත්ත බ්ලොග් එකේ වල් පල් ලියලා පුරවනවා අදින් පසුව ......

2 comments:

  1. තව ටිකක් ඔපමට්ටම් කරගාන්ට වෙයි වාගේ..

    ReplyDelete
    Replies
    1. කවි කියලා වචන ලියන්නේ නැහැ අයෙ.. ඒ නිසා ඔප මට්ටම් කිරිල්ලක් ඕනේ වෙන එකක් නැහැ.

      Delete