හැමදාම එකවගේ ගෙවෙන දවස් වලට වඩා අද දවස ගොඩක් වෙනස් වුනා. ගොඩක් දවසකට පස්සේ කම්මැලිකම ඇරගත්තා.
අද වෙනදාට වඩා කලින් නැගිටින්න නම් වුනා. ඒ ඊයේ දවසේ මා අතින් සිදුවුන අමතක වීමක් නිසා උදෙන්ම යන්න වුනා. මම වෙනදා වගේම උදේ නැගිටලා ලෑස්ති වුනා. අද නම් සැනසීමෙන් යන්න පුළුවන් කියලාම හිතාන. වෙනදාට කලින් මම ඉස්කෝලේට ගියා. මම ගිහින් අත්සන් කරලා අමතක වෙලා අරන් ආව ලැබ් එකේ දොරේ යතුරත් සිකුරිටි එකට දුන්නා.
අද පාසලේ හැමදෙනාටම විශේෂ දවසක් වුනා. හේතුව වුනේ වාර්ෂික නිවාසාන්තර මළල ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වෙන මැරතන් ධාවන තරඟය අද පවත්වන නිසා. සියළුම දෙනා කෙලින්ම ක්‍රීඩා පිටියට ගියා වුනත් මට පාසලට ගිහින් යන්න වුනා. අපේ පාසලේ ඉදන් ක්‍රීඩා පිටියට ඇවිදන් යන්න පුළුවන් වුනත් මම බස් එකක නැගලා ගියා. මම යද්දි හැමදෙනාම වගේ ඇවිත් හිටියා. මමත් අපේ කට්ටිය ඉන්න තැනට ගිහින් ඉදන් හිටියා. මට වෙන වැඩ තිබුනෙත් නැති නිසා.
මම කලිනුත් ඔයාලාට කියලා තියෙනවානෙ අපේ ඉස්කෝලේ ටිකක් වෙනස් කියලා. අපේ පාසලේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල උත්සවාකාරයෙන් පවත්වන්නේ වසර දෙකකට වතාවක්. ඒ නිසා මේ අවුරුද්දේ උත්සවයක් නැහැ. ඒත් සියළුම තරඟ තියෙනවා. ඒ තරඟ වලින් ප්‍රධානම තරඟයක් තමා බාලක බාලිකා මැරතන් ධාවන තරඟය. එය උත්සවාකාරයෙන් පැවැත්වීමට කටයුතු යොදාගෙන තිබුණා.
කොහොමහරි උදේ 8 වෙද්දි පන්සිල් දීලා සෙත් පිරිත් දේශනා කරලා 8.30 විතර වෙද්දි මැරතන් එක පටන් ගත්තා. මැරතන් ධාවන තරඟයේ බාලක තරඟය ක්‍රීඩා පිටියෙන්ම ආරම්භ කලා. බාලිකා තරඟය ආරම්භ කෙරුනේ මගකින්. කොහොමහරි මැරතන් ධාවන තරඟය අවසන් වෙලා තරඟකරුවන් ක්‍රීඩා පිටියට එන්න සූදානම් වන මොහොතේම අපේ විදුහල්පතිතුමා මට කතා කලා. මදැයි ජීවිතේ පළවෙනි වතාවට මැරතන් එකක් බලන්න කියලා පැවිලියන් එකේ උඩම පඩියක හොඳට වාඩි වෙලා හිටියා. මොනවා කරන්නද කියලා හිත හිත පහලට බැස්සා.
මම ගිහින් ඇහුවා "ඇයි සර්"
"........, දැන් ලැබ් එක භාර ගෙනද තියෙන්නේ"
(සර් මට කතාකරපු විදිහ මෙතන දාන්නේ නැහැ. මම වගේ පොඩි කෙනෙක්ට ඒ තරම් බර වචනෙකින් අමත්න එකට මම කැමති නැහැ වගේම. මේක කියවන සමහර අයට හිතෙන්න පුලුවන් මගේ ලොකු කමද කියලා....ඇනෝ ලාට එහෙම :)
"නෑ සර්...තාම සරත් සර් තමා භාර"
"හා එහෙමද.. අමාත්‍යාංශෙන් ඇවිත් අඩුපාඩු බලාගෙන යන්න. සරත් සර් ට එහෙනම් පණිවිඩේ කියන්න ඉස්කෝලේට ගිහින් ටිකක් බලන්න කියලා"
යන්තම් මම බේරුණා කියලා හිතන් මා සරත් සර්ව හොයන්න ගියා. මම ගිහින් පණිවිඩේ කිවාම එයා කියපි "හා යමු දැන් ඔයා භාරගන්න ඉන්න කෙනානේ කියලා."
මමත් ඉතින් මොනා කරන්නද දැන් ඉතින් කියලා යන්න් පිටත් වුනා. එතකොටම වගේ මැරතන් එකේ මුල්ම තුන් හතර දෙනා ආවා. හොඳටම නැතත් අවසානය යන්තම් හරි බලාගත්තනේ කියලා හිත සනසන් ඉස්කෝලේට ගියා.
අපේ ඉස්කෝලේ ගේට්ටු තුනක් තිබුනාට අපිට ලගම ගේට්ටුව නිතරම ලොක් කරලා තියෙන්නේ. ඒත් සරත් සර් මට කිවා එතනින් හොරෙන් පනින්න තැනක් තියෙනවා යන්න පුලුවන් වේවිද කියලා. මටත් අවුලක් නැහැ. වටයක් ඇවිදිනවාට වඩා ලේසිනේ. ඒ නිසා යමු කිවා. කොහොමහරි ඒ තරම් අමාරු තැනක් නෙවේ. අපි ඔෆිස් එකට ගියා ආවා කිව කෙනා ඉන්නවාද බලන්න. ඒත් පෙන්න එහෙම කෙනෙක් නැහැ. එතකොටම අපේ නියෝජ්ය්‍ය විදුහල්පති තුමිය කතා කරලා විස්තරේ කිවා.
මටත් ඕනේ කොහොම හරි මේ මර උගුලෙන් බේරෙන්න. ඉතින් මම ඉක්මනට කිවා.
"අනේ මැඩම් මම තාම ඕවා දන්නේ නැහැ. සර් තමා තාමත් ලැබ් එක භාරව ඉන්නේ සර් තමා දන්නේ කියලා"
වැඩේ හරි ගියේ නැහැ. එයා පෙරටුවෙන් යනවා. මම පස්සෙන් යනවා. හොඳ වෙලාවට සර්ටත් මගේ ගැන දුක හිතිලාමද කොහේදෝ පස්සෙන් එනවා.
"එන්න මම ඔයාව අදුන්වලා දෙන්නම්" කියාගෙන මැඩම් chemistry ලැබ් එකට ගියා.
කොහොමහරි එතන හිටි මැඩම්ට මාව අදුන්වලා දීලා ගියා. එතන අපේ ඉස්කෝලේ චෙමිස්ට්‍රය් සහ ඵ්ය්සිcස් ලැබ් වල ඇසිස්ටන්ලා දෙන්නාගෙන් ඒ බඩු ගැන විස්තර ගන්නවා. ඒ දෙන්නාම හරියට විස්තර දෙන ජාතියේ දෙන්නෙක් නෙවේ. කොහොමහරි මේස බංකු වල දිග පළල මනින්න මාත් උදවු කලා. ඉක්මන්ට එතනින් ගැලවෙන්න. ඒ එක්කම කට්ටියම පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා මමයි අර අමාත්‍යාංශෙන් ආව මැඩම් දෙන්නා ඉතිරි වුනා. මගේ ටිකිරි මොලේට වැටහිලා තිබුනේ මේ වැඩේ හරිම ආසාර්ථකයි කියලා.
ඉතින් මම හෙමින් සීරුවේ සැර ඔක්කොම බාල කරලා ඔය ගැන ඇයට කිවා. උගන්වන ගුරුවරුන් ඉන්න දවසක නම් විස්තර හොදින් ගන්න තිබුනා. එයාලා තමා ඒ විස්තර හොදටම දන්නේ කියලා. ඉතින් එයා කිවා එයාලාට එන්න කිවානම් හොදයිනේ කියලා. මට එහෙම පුලුවන්ද මම වැටුණු අමාරුවේ තව කෙනෙක්ව දාන්න. ඒ නිසා මම කිවා නැහැ එයාලාට එන්න බැහැ. එයාලාට ක්‍රීඩා පිට්යේ වැඩ තියෙනවා කියලා. ඉන්පස්සේ එයාට තේරෙන්න ඇති මට දැන් මේක වදයක් වෙලා ඉන්නේ කියලා.
ඒ පාර ඒ මැඩම් කිවා ඔයාගේ විස්තර ටික බලමුකො කියලා. ඉන්පස්සේ ඇහුවා මොකක් භාරවද ඉන්නේ කියලා. මමත් කිවා computer ලැබ් එක කියලා. එයා මුල ඉදන් අගටයි අග ඉදන් මුලටයි එයා ලඟ තිබුන කොළ සෙට් එක පෙරලලා කිවා "ආ නැහැ ඒ ගැන විස්තර ඕනේ නැහැ" කියලා. මට ඉතින් හිතුන දේ කියන්න ඕනේ නැහැනේ. මම ඉක්මනටම ඇහුවා එහෙනම් මැඩම් මම යන්නද කියලා. හා කිව ගමන් මම ආවා. මම සර් ගෙන් ඇහුවාම එයා ආයෙම යන්නේ නැහැ කිවා. මම අපේ නියෝජ්‍ය විදුහල්පතිතුමියට පණිවිඩේ කියන්න ගියාම එය මට බොරු උගන්වනවා. එයා ක්‍රීඩා පිටියට නොයා ඉන්න එකට විදුහල්පතිතුමාට බොරු කියන්න මාව ගාවගන්න යනවා. මම අහුවෙයි ඕවාට. මම ඔලුව වනලා හා කියලා එන්න ආවා.
කොහොමහරි මම ආව පාරෙන්ම යන්න යද්දි. තව සර් කෙනෙක් මුණගැහුනා. එයාටත් ටිකක් කතා කරද්දි මගේ නම කියනවා ඇහුනා. ක්‍රීඩා පිටියේ ඉදන්. හයියෝ මාව හොයනවා. මමත් අත් ඇරියේ නැහැ. සාරියත් පටලගෙනනේ. ඒත් පුලුවන් වේගෙන් ගියා. කට්ටියම ලෑස්තියි මාත් වතුර ටිකක් එහෙම බීලා සෙට් වුනා. ගුරුමණ්ඩලයේ එල්ලේ තරඟයට.
කොහොමහරි ඉක්මනට අඩි උස සෙරෙප්පු ගලවලා අඩි නැති දෙකක් දාගෙන ක්‍රීඩා පිටියට ගියා. පෙර පුහුණුවීම් කලාම පුලුවන් තරමක් හොදින් පන්දුවට පහර දෙන්න. කොහොමහරි කණ්ඩායම් දෙකකට බෙදන්න අපි ගියා ක්‍රීඩා විවේකාගාරයට. ඔහොම ගිහින් කණ්ඩායම් දෙකට බෙදිලා අපි පාට වෙන් කලා. පාට දෙක තමා නිල් සහ කොළ. අපි කොළ කණ්ඩාය්මේ. අපිට දුන්නා ලස්සන ටී ෂර්ට් එකක්. දැන් අපි සාරි ඇදන් දිවුවොත් බෙල්ල කඩා ගන්න තමා. ඒ නිසා ගෙදරින්ම සූදානමින් ආපු අපි බොටම් එකයි ටී ෂර්ට් එකයි ඇද ගත්තා. සමහර මැඩම්ලා නම් සාරියට උඩින්ම ටී ෂර්ට් එක ඇන්දා.
කට්ටියම ක්‍රීඩා පිටියට ආවා. මුලින්ම තරඟ කලේ අපි. අපේ කණ්ඩායමේ අය ඉක්මනින් දැවීගියා. සමහර අයට දුවන්න බැරි නිසා වෙනුවට අය දිවුවා. මමත් පිති හරඹය දක්වන්න ආවා. හයියෝ අති පණ්ඩිත සර් කෙනෙක් බෝල් කලා. මදැයි කලා කරට උඩින් දැම්මා. දෙවනි බොලේට ගැහුවා. මගේ පිටි පස්සටම ගියේ. මම අවුට් වුනා. කණගාටුවෙන් බලන් හිටියා. අපරාදේ අපේ කණ්ඩායමේ හැමදෙනාටම වගේ ඒ බෝල වලට ගහන්න බැහැ. එය හරි උඩින් බෝලේ එවන්නේ. අපේ කණ්ඩායමේම සාමාජිකයෙක් වුනාට කිවට පිළිගන්නේ නැහැනෙ. කොහොමහරි තරඟේ ඔහොම යද්දි මමත් වෙනුවට දිවුවා. ඒත් මට ලගටම ඇවිත් බොලෙන් ගැහුවා. මම හිමින් දුවපු නිසා එහෙම නෙවේ. බෝලේ ලඟට වැටිලා තියෙන්නේ.
අපි අමාරුවෙන් ලකුණු 5ක් ගත්තා. ඉන්පස්සේ අපේ පන්දු රැකිමේ වාරය. අපි සෙල්ලෙම් කලේ එල්ලේ. නැතිනම් ඔයාලා හිනා වෙවි ලකුණු 5ද ගත්තේ කියලා. අපි පන්දු රකින්න ගිහින් මම ලස්සනට අතටම ගත්ත කැච් එකක් අතෑරියා. අනේ අතෑරියා නෙවේ ඇගිලි වල රැදුනේ. ඉතින් බෝලේ ලෙස්සල ගියා. කොහොමහරි අපි පැරදුනා. එයාලා තව බෝල 9 තියෙද්දිම ලකුණු 5 ගැහුවා. ආ මට කියන්න අමතක වුනානේ අපේ ලොකු සරුත් සෙල්ලම් කලා නිල් පාටින්.
එහෙම ඉතින් අපේ සෙල්ලම ඉවර වුනා. ක්‍රීඩාගාරයට ගිහින් ටිකක් මහන්සි ඇරලා. ආයෙමත් පැවිලියන් එක පැත්තේ ගියා. ඔන්න එතකොට තමා කට්ටියගේ විවේචන. මම හොඳට දුවනවා කියලා අපේ හැමෝම කිවා. ඒකනම ආඩම්බරයක්. ඒත් ඉතින් කැච් එක මිස් කරපු එකට කිවානේ මම බෝලේ අල්ලද්දි බර වැඩියි කියලා හිතුන නිසා අතෑරියා කියලා. මක් කරන්නද... ඔන්න ඔහොම තමා මම ඉස් ඉස්සෙල්ලාම එල්ලේ ගැහුවේ.
ඉන්පස්සේ දාඩියත් එක්ක ආයෙම සාරිය අදින්න බැරි නිසා මමත් අපේ අනිත් අයත් බොටම් එකයි ටී ෂර්ට් එකයි පිටින්ම ඉදලා ගෙදර යන්න හිතුවා. කොහොමහරි මම බෑග් එක ගන්න තනියම පැවිලියන් එකට ගියා. එතන හිටි අපේ අයම මාව හරියට දැකලා නැතිව රැවටිලා ලමයෙක් කියලා. ලැජ්ජාව සගවගෙන හිටියා ඉතින්. ඉන්පස්සේ අපි හොරෙන්ම පහලට ආවා අත්සන් කරන්න. මාත් ඒ අතරේ පිටිපස්ස හැරිලා අත්සන් කරද්දි එතනට ආව මැඩම් කෙනෙක් තව ටිකෙන් අහනවා ඇයි මේ ලමයෙක් අත්සන් කරන්නේ කියලා. එයා ප්‍රසිද්ධියේ එහෙම ඇහුවේ නැති වුනාට කිවා හැමෝටම ඇහෙන්නෙ.
අනේ මම අසරණ වුන් තරමක්. හැමෝම හිනා වුනා. අයෙමත් සුදු ගවුමක් අන්දලා ඉස්කෝලේ එවන්න පුලුවන් කියලා. අපි 1.30 වෙනකම් හිටියා. ඉවර වෙන පාටක් නම් නැහැ. ඉන්පස්සේ හොර පාරකින් පැනලා ආවා. මම තව මැඩම් කෙනෙක් එක්ක කුඩේ යටින් ආවේ. එයා හිනා වෙනවා. ඔයාවනම් අදුරගන්න එකක් නැහැ. අම්මායි දුවයි යනවා කියලා හිතයි කියලා. කොහොමහරි පිට්ටනියෙන් එලියට ගිහින් බස් හෝල්ට් එකට ගියා.
බස් එකක් එනකම් මැඩම් කෙනෙක් එක්කම සෙට් වෙලා ඉද්දි ආවේ නැතිද අපේ ලොකු සෑර්ගේ රොයිටර් පුවත් සේවය. ඒ තමා අපේ සර්ගේ කා.කා.ස. ජයන්ත. අනේ අපරාදේ කියන්න බැහැ. හැමදේම සර්ට කියන හොඳ සේවකයෙක්. මොනා කරන්නද ඉතින්. හිත හදාගෙන ආව මුල්ම බස් එකේ නැගලා ගෙදර ආවා.
ඔන්න ඔහොමයි මගේ ගුරු ජීවිතයේ මුල්ම ක්‍රීඩා අත්දැකිම...
2013/01/29
2013/01/25
නුඹම පමණයි සැමදා.......
සිතිවිලි තනිවී...... සිතෙහිම සිරවී............
තනිවන රැයක මෙසේ.......
සුසුමක සිහිලේ...... නෙතු යුග පියවා........
සැතපී සිටිමි මෙසේ.....
දුක සැප හමුවේ....
නොසැලී ආවේ...
තනිකම ......... පමණි මගේ.......

2012/12/27
මම අකුරු කියවූ හැටි...............
අපි පුංචි කාලේ අපිට අකුරු කියවනවානෙ. මම දන්න විදිහට නම් ඉතින් අකුරු කියවන්නේ අවුරුදු දෙක හමාර තුන විතර වයසේදි. ඒ වගේම තමා ඔය අවස්ථාවට ලගම නෑදෑයින්ට එන්න කියලා නැකතට පූජාවන් එහෙම තියලානේ කරන්නේ. මේ ඉතින් මම දන්න විදිහ. මීට වෙනස් විදිත් ඇතිනෙ.
ඔන්න එහෙනම් අකුරු කියවන චාරිත්‍ර වාරිත්‍ර ගැන කියවන්නේ නැතිව මම කතාව කියන්නම්. අපේ පවුලේ ඉන්නේ මමයි අක්කයි නෙ. ඒ කියන්නේ අපේ අප්පච්චිටයි අම්මාටයි ළමයි දෙන්නයි. ඉතින් අපේ අප්පච්චිත් ගුරුවරයෙක් විදුහල්පතිවරයෙක් නිසා හරි කැමති වෙලා තියෙනවා අක්කාටයි මටයි අකුරු කියවන එක අප්පච්චිම කරන්න. මොකද ඉතින් අප්පච්චිගේ සහෝදරයන්ගේ ළමයි හැමදෙනාටමත් අකුරු කියවලා තියෙන්නේ අප්පච්චිම තමා. එහෙම එකේ තමන්ගේ ළමයි දෙන්නාට අකුරු කියවන්න බැරි වුනොත් වැඩක් නැහැ නෙ.
ඒත් ඉතින් අපේ අප්පච්චිගේ නරක වෙලාවට අපේ අක්කාටනම් අකුරු කියවන්න බැරි වෙලා. ඒක වෙලා තියෙන්නේ මෙහෙමයි. අපේ අක්කාට අවුරුදු 5 වෙනකම්ම අප්පච්චියි අම්මායි අක්කායි ඉදලා තියෙන්නේ අපේ අම්මාගේ මහ ගෙදර. ඉතින් අක්කාට අකුරු කියවද්දි අම්මාගේ අක්කාටත් එන්න කියලා ලේසියෙන්ම එන්න පුළුවන් නිසා. ඉතින් අප්පච්චි ඔක්කොම දේවල් සූදානම් කරලා අකුරු කියවන වැඩේ පටන් අරන්. අප්පච්චි හෝඩිපොත අරන් අක්කාට කියනවාලු
"කියන්න මගේ පුතේ අ යනු" කියලා.
අක්ක මුකුත් කියන්නේ නැතිව අර පූජාවට වටේට තියලා තියන ජාති වල හැඩ බලනවාලු.අප්පච්චි පස් හය වතාවක්ම උත්සාහ කලාලු වැඩක් නැහැ අක්කා අකුරු කියන පාටක් නැහැ. නැකත් වෙලාවත් පහුවෙන නිසා අත් ඇරල දාලා. ඊට පස්සේ අපේ ලොකු අම්මා "චම්මි.... කියන්න අ යනු..." කියලා.
අපේ අක්කාත් පට ගාලා කියලා " අ යනු " කියලා.
අප්පච්චිට හරිම දුක හිතිලා ඒත් ඉතින් මොනා කරන්නද කියලා ඉදලා.
එහෙම තම අප්පච්චිට අක්කාට අකුරු කියවන්න බැරි වෙලා තියෙන්නේ.
අපේ අක්කා ඉස්කෝලේ යන්න වයස වෙද්දි අපේ අප්පච්චිටයි අම්මාටයි අක්කාටයි අම්මලාගේ මහ ගෙදරින් යන්න වෙලා. ඒ හේතුව නම් මම ගොඩක් දන්නේ නැහැ. අම්මා කියලා තියෙන විදිහටනම් අපේ ලොකු මාමා කන්කසන්තුරේ ඉදලා එහෙ කලබල ඇතිවෙලා පවුල් පිටින් මෙහෙ ගෙදර පදිංචියට ආවාම අප්පච්චිටයි අම්මාටයි යන්න කියලා රණ්ඩු වෙලා. කොහොම හරි ඉතින් එයාලා වෙනම පදිංචියට ගිහින්.
ඔහොම ඉතින් වෙනම පදිංචි වෙලා පවුලේ අයගෙන් ගොඩක් ඈත් වෙලා තියෙනවා එයාලා. අපේ අක්කාට අවුරුදු 8ක් වෙද්දි මම ඉපදිලා තියෙන්නේ ඔහොම පවුලේ අයගෙන් ඈත් වෙලා ඒ තුන් දෙනා වෙනම සතුටින් ඉද්දි. කොහොම හරි මටත් අකුරු කියවන වයස ලං වෙලා. දැන් අත්තම්මාගේ ලොකුඅත්තාගේ බලපෑමුත් නැති නිසා අප්පච්චි ජයටම මගේ අකුරු කියවන මංගල්ලේට ලෑස්තිවෙනවාලු.
ඒ කාලේ අපි හිටියේ මාතලේ. ඒ නිසා අපේ අප්පච්චිගේ ගමට ලගයි. ඒ නිසා අප්පච්චි නිතර ගමේ ගිහින් එක එක දේවල් අක්කාටයි මටයි ගේනවා. ඔය ගේන දේවල් අපිට දෙන්නේ ටික ටිකත් නෙවේ. කොහොමහරි අකුරු කියවන්න කලිනුත් අප්පච්චි ගමේ ගිහින් බඩ ඉරිගු ගෙනත්. මට අකුරු කියවන්න කලින් දවසේ අක්කාටයි මටයි තම්බලා පිගන් දෙකකට දාලා ඉන්දවලා කන්න දුන්නා. අනේ ඉතින් මාත් පොඩ් එකා කියලා අමතක වෙලා වගේ හොදට කෑවා. ඊටත් වඩා හොදම දේ තමා අක්කායි මායි හරිම පෙරේතයි අන්නාසි වලට. අප්පච්චි එදා අන්නාසි ගෙඩියකුත් ගෙනාවා. අපි දෙන්නාට අන්නාසි ගෙඩිය කපලා දෙකට බෙදලා පිගන් දෙකකට දාලා දුන්නා. අපිට කියලත් මොනවා තේරෙනවාද අපිත් හොදට කෑවා. කොහොම හරි අක්කායි මායි එදා කිසි අවුලක් නැතිව හැමදේම කාලා හිටියා.
කොහොමහරි පහුවදා මට අකුරු කියවන නැකත. එදා උදෙන්ම අප්පච්චියි අම්මායි නැගිටලා හැමදේම ලෑස්ති කරලා. අපිවත් ඇහැරවලා මුණ සෝදවලා ඇදුම් අන්දලා වැඩේට ලෑස්ති වෙනවා. අප්පච්චි මට ගෙනපු අලුත්ම ඇදුම අන්දවලා හැඩට කොන්ඩෙ පිරලා හැඩ කලා. ඊලගට ලස්සනට පුජාවන් තියන්න සරසපු මේසේ පහන් පත්තු කරලා පූජාවන් එහෙම තියන්න ලෑස්ති වුනා. බුදුහාමුදුරුවන්ට මල් පහන් සුවද පූජා කරලා ඊලගට ගණ දෙවියන්ට සරස්වති දෙවියන්ට අදාල පූජාවන් එහෙම තිබ්බා. ඔය වැඩ ටික කරලා පන්සිල් එහෙමත් කියලා අප්පච්චි හෝඩි පොත අතට ගත්තා.
ඉන්පස්සේ අප්පච්චි හෝඩිපොතේ මුල් පිටුව පෙරලලා "අ" ලග ඇගිල්ල තියලා
"කියන්න මගේ පුතේ "අ" යනු ....."
මම නිහඬයි.
අප්පච්චි ආයෙමත් කියනවා
"කියන්න පුතේ "අ" යනු..."
මගේ කට හෙලවෙන්නේ වත් නැහැ.
අප්පච්චිත් ගේම අතාරින්නේම නැහැ. ඇයි ඉතින් එක ළමයෙක්ට අකුරු කියවගන්න බැරි වුනා. අනිත් ළමයාටවත් අකුරු කියවන එක කරන්න එපායැ.
"කියන්න මගේ පුතේ "අ" යනු... කියන්න."
ඒත් ඉතින් මම නෙවේ කියන්නෙ.
බැරිම තැන අක්කාත් කියන්න ගත්තා.
"කියන්න නංගි... "අ" යනු..."
එත් ඉතින් මම කියන්නේ කොහොමද....
අප්පච්චි ආයෙමත් කියනවා
"මගේ හොද පුතානේ කියන්නකො "අ" යනු....."
ඒ පාරනම් මගේ කට ඇරුනා...
"මට බෑ අප්පච්චි......" කියලා මම ඇඩුවා.
අප්පච්චිට කවදාවත් නැතිව තරහා ගියා හොදටම. මගේ පස්සට දෙකක් ගහලා ඇද උඩට විසි කරලා දැම්මා. ඉන් පස්සේ අප්පච්චි එලියට ගියා. ඒ වෙලාවේ තමා අප්පච්චි දැකලා තියෙන්නේ අප්පච්චිගේ සරමේ මම ඉදන් හිටි තැන මොනාද ගෑව්ලා තියෙනවා. ඉන් පස්සේ අප්පච්චි අයෙමත් ඇවිත් මාව අරගෙන බලලා කලිසම ගලවලා බලලා.
අනේ අසරණ මට වෙලා තියෙන්නේ කලින් දවසේ කාපු දේවල් දිරවගන්න බැරිව බඩේ අජීර්ණයක් වෙලා බඩ බුරුලට ගිහින් ඇදන් හිටි ඇදුමේම. කොහොමහරි එදා මගේ අකුරු කියවිල්ල ඉවර වුනා. මම අ යන්න කියන්න කට ඇරියේවත් නැහැ. කොටින්ම කිවොත් මම අකුරු කියවලා නැහැ.
ඔන්න ඔහොමයි මම අකුරු කියෙව්වේ. අහ් මම අකුරු කියෙව්වේ නැහැනේ..
මට නැකතට අකුරු කියවන්න ගිහින් වුනේ ජර මරයක්....... කොහොමත් ඉතින් මගේ ජීවිතේ තියෙන්නේ හරි අමුතු සිදුවීම්නේ....

2012/12/11
මම ලිඳට පනිනවෝ...... (ජබෝ....ස්......)
ගොඩක් දවසකට පස්සේ මතක් වුනා මම පොඩි කාලේ කරපු දඟ වැඩක්. ඒක මතක් වුනෙත් ඔය සිදුවීමට අදාල ලිඳ දැක්කා ගොඩක් දවසකට පස්සේ ගෙදර පිටිපස්සේ මිදුලට ආව නිසා. දැන් ඔයාලා හිතින් මවා ගන්න එහෙම එපා ලොකු පිටිපස්සේ මිදුලක්.. අපේ ඉඩම පොඩියි ඒත් මම පිටිපස්සේ කොටසට යන්න කැමති නැහැ. හේතුව ඉතින් එහා පැත්තේ ගෙදර අන්කල් හැමවෙලේම ඉන්නේ එතන. මම එයාට කැමති නැහැ නේ. අනම් මනම් කතා නතර කරලා කතාව කියන්නම්.
අපි දැන් ඉන්න ගෙදරට ආපු අලුත තමා මේ සිදුවීම වුනේ. අපි මෙහේ පදිංචියට එද්දි ගෙදරට ටැප් වතුර තිබුණේ නැහැ. ඒ කියන්නේ පාරෙන් වතුර අරන් නැහැ. අපි වතුර ගෙනාවේ අපේ ගෙදර උඩහා ගෙදරින්. ඒ උඩහා ගෙදර හිටියේ අපේ අම්මාගේ ලොකු මාමා සහ නැන්දා. එයාලාගේ පුතාලා දෙන්නාගෙන් එක්කෙනෙක් බැදලා australia වල අනිත් පුතා බැදලා කොළඹ පදිංචිය. දුව බැදලා නැහැ ඒ වෙද්දි. ටිකක් වයසට ගිහින් එයා ඒ වගේම හරි අමුතුයි. කොහොම හරි මුල් කාලේ වතුර එහෙන් ගේන එක කරදරයක් නැති වුනාට ටිකක් කල් යද්දි හරි කරදරයි. එලියේ ටැප් එකෙන් වතුර පුරවද්දි ඒ ලොකු අත්තා වතුර වේගය අඩු කරනවා. එතකොට ඉතින් පැයක් විතර ඉන්න ඔනේ වතුර පිරෙනකම්.
ඔය කරදරේ ඉවසන්න බැරි නිසා අම්මායි අක්කායි තීරණය කලා අපේ වත්තේ තිබුණ අත් ඇරලා දාපු ලිඳ සුද්ද කරලා හෝදන වැඩ වලට ගන්න. බොන්න විතරක් එහෙන් වතුර ගමු කියලා. ඔය කාලේ ඉතින් මම පොඩි ළමයා. මම 2 වසරෙන් හොරෙන් පැනලා 3 වසරේ ඉන්න වයසේ. අපි ලිඳ හොදට සුද්ද කරලා පාවිච්චියට ගත්තා.
අපේ අම්මා අපිත් එක්ක ඉන්නේ සෙනසුරාදා ඉරිදා විතරනෙ. අනිත් දවස් වල අපි කලින් ඉස්කෝලේ ඇරිලා ආවාට අම්මා එද්දි ටිකක් හවස් වෙනවා. අපි එහෙට ඇවිත් ටික කාලයක් ගියා. ඔහොම ඉද්දි උඩහා ගෙදර අත්තම්මාට අපේ අම්මා නැතිවම බැහැ. එයා හැමවෙලේම අපේ අම්මාට උඩ ඉදන් අඩගහනවා බබෝ බබෝ කියලා. ඔය ඒ අත්තම්මා බබෝ කියන්නේ මට. මම ඉස්සරහා මිදුලට අවාම කියනවා අම්මාට එන්න කියන්නකො කියලා. ඉතින් අපේ අම්මාත් යනවා. නොගිහින් බැහැනෙ. අම්මා එන්කම් ඉස්කෝලේ ඇරිලා ආවාම අපිව බලාගන්නේ අත්තම්මානෙ.
ඉතින් ඔහොම කතා කලාම අපේ අම්මාත් ගිහින් සෑහෙන වෙලාවක් කතා කර කර ඉන්නවා. ඉතින් හැමදාම මම සිය පාරක් විතර අම්මාට කතා කලාම තමා අම්මා ගෙදර එන්නේ. ඔය වැඩේට මට ඉතින් හරි තරහයි. ඉතින් ඔහොම දවසක් අම්මා අත්තම්මා එක්ක කතා කර කර හිටියා. මම හතර පස් වතාවක් අම්මාට එන්න කිවා. අම්මා එන්නම් කිය කිය කතාව. මම ගේ වටේ ගියා ටිකක් කල්පනා කලා. මගේ ටිකිරි මොලේට හොඳ අදහසක් ආවා.
"අම්මා..... එන්නකෝ....... ඔයා ආවේ නැතිනම් මම ලිඳට පනිනවා......
එකයි.... දෙකයි..... තුනයි...... "
ජබෝ......ස්
අම්මා අඩි දෙකට ලිඳ ලග එබිලා බැලුවා ලිඳ ඇතුල පෙන්න නැහැ ඔලුගෙඩියක්. එත් වතුරට යමක් වැටිලා හෙලවෙන විදිහ පෙනවා. අම්මා අඩන්න ගත්තා.
"අනේ මගේ පොඩි පුතේ...... ඇයි අම්මාට එහෙම කලේ.....
මම ඔයාවයි අක්කාවයි බලාගන්නේ කොයි තරම් අමාරුවෙන්ද...."
ඔහොම කිය කිය අඩනවා. අක්කාත් සද්දෙට දුවගෙන ඇවිත් ලිඳ ලග. ඒ ලිඳට පැන්නොත් ආයේ ගොඩ ගන්නවා බොරු. හේතුව ඉතින් ගොඩක් ගැඹුර ලිඳක් නෙ. අක්කාත් හොදටම අඩනවා. එයාගේ එකම නංගිනෙ. අම්මාටයි අප්පච්චිටයි කියලා කියලා ගෙන්න ගත්ත. මටත් හරි දුකයි දැන් ඒ දෙන්නා අඩද්දි. මම හෙමින් සීරුවේ ලිඳ පිටිපස්සේ ඉදලා හෙමිට නැගිට්ටා. අම්මා දැක්කා මාව.
"පොඩි පුතේ ඔයා ඔතන එතකොට...." අම්මා එහෙම් කියලා ලිඳ ඇතුල බැලුවා.
අක්කාත් මට ඔරවලා "නංගි ඔයා මොකක්ද ඒ කරපු වැඩේ...."
දැන් කොහොමත් බැනුම් අහගන්න වෙනවා කියලා දන්නවානේ. ඉතින් මම බොහොම හෙමින් ඇත්ත කියන්න පටන් ගත්තා.
"අම්මා...... මම අම්මාට කතා කලාට කතා කලාට එන්නේ නැහැනෙ. අත්තම්මා එක්ක කතා කර කර ඉන්නවානෙ. ඉතින් මම තරහට මම ලිඳට පනිනවා කියලා මෙතන තිබුණ ගල ලිඳට දැම්මා. එතකොට සද්දෙට අම්මා එනවානෙ......"
මම කියාගෙන කියාගෙන ගියා.
අම්මායි අක්කායි හොදටම තරහෙන් පුපුරනවා.
"ඔයා පැන්නා කියලා හිතලා මමත් දුවගෙන ආපු ගමන් ලිඳට පැන්නා නම් මොකද කරන්නේ" අම්මා එහෙම ඇහුවා.
අම්මා එහෙම ඇහුවාම මට දෙන්න උත්තරයක් තිබුනේ නැහැ.
"එනවා යන්න ගෙදර...." අම්මා තරහින් එහෙම කියලා මාව අතින් ඇදගෙන ගිහින් ගෙට දැම්මා.
ඉන්පස්සේ පේර කෝටුවක් කඩාගෙන ඇවිත් දොරවල් දෙක වහලා හොදටම ගැහුවා. ආයේ එහෙම වැඩක් කලොත් හම ගහනවා කියලා බැන බැන ගැහුවා. මට කවදාවත්ම අම්මා එහෙම ගහලා නැහැ.
මම හොදටම ගුටි කෑවා අයෙම එහෙම වැඩක් කරන්නේ නැති වෙන්නම. කොහොම හරි අම්මා ගහන එක නතර කලා දුක හිතුන නිසා.
ඊට පස්සේ මට ලිඳ ලගට යන එක තහනම් කලා. අම්මා හරි අක්කා හරි නැතිව තනියෙන් ලිඳ ලගට ගියොත් පොලිසියට අල්ලලා දෙනවා කිවා. පොඩි මම පොලිසියට තියන බයට අයෙම ලිඳ ලගට ගියෙ නැහැ.
ඔන්න ඔහොම තමා මම ලිඳට පැන්නේ. අදටත් ඒ ලිඳ තියෙනවා. නමුත් දැන් ඒ හරියේ ගෙවල් ගොඩක් හැදිලා නිසා පාවිච්චි කරන්නේ නැහැ.
එදා ලිඳට ඇත්තටම පැන්නා නම් අද මෙහෙම කියන්න මම නැහැනෙ ඉතින්.....

2012/12/06
අමාවක...........
අමාවක දා රෑට එකළු කරනට
අඹර....
නැතිමුත් සුපුන්.... සඳ.....
නැත..... කිසිදාක.....
අමාවක....
මසිත් අහසට.....
එකළු කරනට......
නුඹට....... හැකි නිසා
සුපුන්... සඳ වී....
මසිත් අහස.....
අඹර....
නැතිමුත් සුපුන්.... සඳ.....
නැත..... කිසිදාක.....
අමාවක....
මසිත් අහසට.....
එකළු කරනට......
නුඹට....... හැකි නිසා
සුපුන්... සඳ වී....
මසිත් අහස.....
2012/12/01
දිවි තුරා ආදරෙයි මං නුඹට.......
කදුල නුඹ හැමදාම
මා ලඟ තනියට ඉන්න....
දුර ඈත...... ඒ හිතට
ලංවෙන්න වරම් නැති.....
ආදරයේ සුවඳ නොවිදි....
පුංචි බිම්මලක්..... මා
තරු පිරිවැරූ හඳට පෙම් බැදි...
කොඳ කුමුදු මලකි....... මා.....
නොලැබෙනා බව දැන දැනම
නුඹට පෙම් කලේ...... කුමට
කියන් මට.... කුමරුණේ....
ලං වෙනු නොහැකි.... දුරකට
පියමං කලත්....... නුඹ...
ඇතැර මා .........
පෙම් කරමි...... මම
දිවි තුරා......
නුඹ....... සිතට.....
එක ලෙදම....... හැමදාම.....
මා ලඟ තනියට ඉන්න....
දුර ඈත...... ඒ හිතට
ලංවෙන්න වරම් නැති.....
ආදරයේ සුවඳ නොවිදි....
පුංචි බිම්මලක්..... මා
තරු පිරිවැරූ හඳට පෙම් බැදි...
කොඳ කුමුදු මලකි....... මා.....
නොලැබෙනා බව දැන දැනම
නුඹට පෙම් කලේ...... කුමට
කියන් මට.... කුමරුණේ....
ලං වෙනු නොහැකි.... දුරකට
පියමං කලත්....... නුඹ...
ඇතැර මා .........
පෙම් කරමි...... මම
දිවි තුරා......
නුඹ....... සිතට.....
එක ලෙදම....... හැමදාම.....
2012/11/22
එන්න හොර බොරු වංචා දන්නේ නැති අය..... දවසින් ඉගෙන ගන්න ...
ගොඩක් දවසකට පස්සේ මේ පැත්තේ ඇවිත් හොර බොරු වංචා ගැන පන්තියක්වත් දාන්න ලෑස්තිද කියලා. අනේ නැහැ.. මේ මාත් ඉගෙන ගත්ත දෙයක් ඔයාලා එක්ක බෙදා හදාගන්න කියලා. කවදා හරි ඔයාලාටත් වැදගත් වේවිනේ...
කට්ටිය දන්නවනේ මේ දවස් වල හැම පාසලකම වගේ වර්ෂ අවසාන වාර විභාගය පැවැත්වෙනවානෙ. ඉතින් මම ඉන්න පාසලේත් ඔය සදහා සුදානම මේ වාරයේ ආරම්භයේ ඉදන්. දැන් ඔයාලා මගෙන් අහන්න එහෙම එපා ඒ තරම් කාලයක් මොකටද කියලා. ඔය ගැන මම දන්නේ නැහැනේ.. මට වැඩකුත් නැහැනේ. කාලෙකට පස්සේ ලියන්න ගත්ත නිසා වැඩකට නැති දේවල් කියවනවා.
ඉතින් පාසලේ ලොකු ලොක්කෝ කතා වෙලා පසුගිය වාර විභාගයේ ප්‍රශ්ණ පත්‍රවල අකුරු වැරදීම් තිබුණ නිසා අලුත් ක්‍රියාමාර්ගයක් අරන් තිබුනා. අලුත් දෙයක් කිවාට කරන්නේ අදාල අංශවල ගුරුවරුන් තම තමන්ගේ අංශ වල ප්‍රශ්ණ පත්‍ර කුමන ක්‍රමයකින් හරි ටයිප් සෙටින් කරවාගෙන ප්‍රින්ට් කරලා භාරදෙන්න ඕනේ. ඉතින් ඔය වැඩේට යන වියදම පාසල් සංවර්ධන සමිතියෙන් ලබාදෙනවා.
ඔන්න ඉතින් අදාල අංශවලින් වැඩේට බැස්සා. ඔය අතරේ ගුරුවරු අතරේ සමහර අයට සිංහල ටයිපින් පුලුවන් අය ඉන්නවානේ. එයාලාට අමතර ආදායමක් ලබාදෙන්නත් එක්ක ඒ ගුරුවරුන්ට දුන්නා. ඉතින් මටත් ඔය තොප්පිය සෙට් වුනා. මට නම් ඉතින් ඔය අමතර අදායම් වැඩක් නැහැ ලැබෙන වැටුපවත් වැඩක් නැති කොට. ඒ ගැන පස්සේ දවසක කියන්නම්. ඉතින් commerce section එකේ අංශ ප්‍රධානි මට කිවා එයලාගේ ප්‍රශ්ණ පත්‍ර ටයිප් කරලා දෙන්න. මටත් ඉතින් කවුරුත් දෙයක් කිවාම බැහැ කියන්න බැහැනේ. ඒ නිසා මම භාරගත්තා.
මට භාරදුන්න ප්‍රශ්ණ පත්‍ර සියල්ලම හොදට ටයිප් කරලා භාරදුන්නා. ඒත් ඉතින් මම ඒවාට මුදල් ලැබේවි කියලා බලාපොරොත්තුවක් තිබුනේ නැහැ. හේතුව ඉතින් මම පාසලේ ටයිපිස්ට් වගෙන. ඒත් ඉතින් ඒ මැඩම් මට කිවා හැමදෙනාම මුදල් ගන්න එකේ මටත් වවුචරයක් පුරවලා මුදල් ගන්න කිවා. මාත් වවුචරයක් අරගෙන science section එකේ ප්‍රශ්ණ පත්‍ර ටයිප් කරන සර්ගෙන් අහගෙන පුරවා ගත්තා.
හැමදෙනාම දාලා තිබුනේ එක පිටුවකට රුපියල් 60 ගානෙ. මමත් ඒ ගානම දාලා දුන්නා. මම පිටු 43 ටයිප් කරලා තිබුණ නිසා මුලු මුදල 2580 වුනා. කොහොමහරි ඔය මුදල ගත යුතු පිළිවෙලත් අහගෙන මම ගියා අදාල කෙනා ලගට. ඇය පාසල් සංවර්ධන සමිතියේ භාණ්ඩාගරික තුමිය. ඉතින් එයා වවුචර් එකට ටිකක් වෙලා ඔරවන් බලන් ඉදලා කිවා අපෝ එක පිටුවකට රුපියල් 60ක් වැඩියි. මේක සර්ගෙන් අහන්නේ නැතිව බැහැ. අනේ ඉතින් අනිත් අයට හොදයි මට තමා කියලා හිත හිත මම ගියා විදුහල්පතිතුමා හොයාගෙන.
නරක වෙලාව කියන්නේ ඒ වෙලාවේ විදුහල්පතිතුමා නැහැ. පහුවදාට වැඩේ කල්දාලා මම ගියා මගේ වැඩ කරන්න. කොහොමහරි මම පිටුවකට රුපියල් 60 වැඩියි කිව කතාව commerce section එකේ අංශ ප්‍රධාන තුමියටත් කිවා. ඇය කිවා අනිත් අයට දෙන ගානම මටත් ලබාදෙන්න ඔනේ කියලා. කොහොමහරි පහුවදා මට ගොඩක් වැඩතිබුණ නිසා විදුහල්පතිතුමාව මුණගැහෙන්න පුලුවන් වුනේ පාසල් අවසන් වුනාම. මම මගේ වවුචර් එක පෙන්නුවා. ඉන්පස්සේ ඔහු කිවේ වෙන්ත් දෙයක්. රුපියල් 2000ට වඩා වැඩ් නිසා ගෙවන්නේ කොහොමද කියන එක භාණ්ඩාගරික තුමිය සමග කතා කලයුතු නිසා පහුවදාට එන්න කිවා.
ඔන්න ඉතින් මම පහුවදාත් වවුචරයත් අරන් ගියා. ඉන්පස්සේ විදුහල්පතිතුමා භාණ්ඩාගාරික තුමිය සමග කතාබහ කරලා කොටස් වලට කඩා වෙන වෙනම මුදල් ලබාගන්න පැවසුවා. මම ඒ බව commerce section එකේ ගුරුවරියන්ට කිවාම ඔවුන් වෙන වෙනම වවුචර් පුරවලා දුන්නා. ඉතින් ආයෙමත් අරන් ගියාම භාණ්ඩාගාරික තුමිය කියනවා මෙහෙම ගෙවන්න බැහැ. ඒවාට අදාලව බිල් තියෙන්න ඕනේ කියලා. ඉතින් මම කිවා මේවා ටයිප් කලේ මම මට බිල් දෙන්න බැහැනේ කියලා. ඒ පාර කියනවා බිලක් නැතිව ගෙවන්න බැහැ කොහෙ හරි කඩේකින් බිලක් ඉල්ලාගෙන එන්න කියලා.
ඒ වෙද්දිනම් මට එපාම එපාම වෙලා තිබුනේ. ඊටත් වඩා නීති ගොඩක් කියලා අන්තිමට හොරට බිලක් ගේන්න කිවා. හොරයක් නැතිව ඇත්තම කිව නිසා වැඩේ වුනේ නැහැ. අන්තිමට හොර වැඩේ කරන්න හිතට එකග නැතිව මම එතනින් ආවා මට වැඩේ භාරදුන් කෙනාට විස්තරේ කියලා ඒ මහන්සිය අමතක කරලා දාන්න. මම ඒ අයට විස්තරේ කිවාම එයාලා බිලක් ගෙනත් දෙන්න පොරොන්දු වුනා. කොහොමහරි බිලක් ලැබුනා. ඒත් කොටස් වලට කඩපු මුදල අයෙමත් එකට දාලා තමා බිල දීලා තියෙන්නේ. ඒ නිසා වෙන බිලක් හොයන්න වුනා. කොහොමහරි අපේ අම්මා මට බිල් දෙකක් හොයලා දුන්නා.
එහෙම දීලා අම්මා කිවා ඕක හරි ගියෙ නැතිනම් අතැරලා දාන්න එහෙම බොරු කරන්නත් බැහැ කඩවල් වල මිනිස්සු මොනවද හිතන්නේ එහෙම ඉල්ලද්දි කියලා. ඉතින් අද මම ඒ බිල් දෙකත් අරන් ගිහින් දුන්නාම කිවා මේක කොහෙන්ද ගත්තේ කියලා. මම අම්මාගෙන් තැන අහගත්තේ නැතිනිසා මම හිතට ආවට කිවා super market එකේ පැත්තක communication එකක් තියෙනවා එකෙන් කියලා. ඊට පස්සේ ඇය කියනවා මේ බිල පිලිගන්නවාද කියලා බලන්න ඔනේ කියලා. මම එහෙනම් බලලා තියන්න කියලා කියලත් අයෙම කිවා නැහැ මම සදුදාට අරන් එන්නම් කියලා.
මේ තරම් අමාරුවෙන් ගත්ත බිල නැති කලොත්. කොහොමහරි දැන් සති දෙකක් තිස්සේම මම වවුචරයක් අරන් රස්තියාදු වෙනවා නීතියට වැඩකරන්න බොරු කරන්න ගිහින්. අද හිතාගත්තා සදුදාට බැහැ කිවොත් අයෙත්නම් කවදාවත් වවුචරයක් පුරවන්නේවත් නැහැ කියලා.
කොහොමහරි ගුරුවරුන්ට මුදල් ගන්න බැහැ කියලා අපේ අක්කාගේ නමට වවුචරය ලියලා හොරෙන් කඩෙන් බිල් අරගෙන මම මහන්සි වුන එකට සධාරණය ලබන්න යන්නේ. මම ඇත්තම කිවා මම ටයිප් කලේ කඩවල් වල බිල් ගන්න බැහැ කියලා. ඉතින් එයාලා මට කියලා දුන්නා බොරු කියන්න වංචා කරන්න... ඒකත් නරකම නැහැ...
ලියාගෙන යද්දි ගොඩක් දිග වැඩි වුනා. කියවලා මටත් බැනලා යන්න. හැමදාමත් වගේ මම අදත් කියන්නේ ගුරුවරු කියන්නේ ගුරු වෘත්තිය කියන්නේ මහ එපා කරපු දෙයක්. ඒත් ඔය නරක ගුරුවරු අතරේ තවමත් හොද ගුරුවරුන් ඉන්නවා කියලා මට තේරුනේ දැන් මා සමග ඉන්න අවුරුදු 28 සේවය කල ගුරුමෑණියන්ගෙනුයි. එහෙනම් ගිහින් එන්නම් තවත් ගුරු විරෝධි කතාවක් අරන්.....

Subscribe to:
Posts (Atom)