ගොඩක් දවසකට පස්සේ මේ පැත්තේ ඇවිත් හොර බොරු වංචා ගැන පන්තියක්වත් දාන්න ලෑස්තිද කියලා. අනේ නැහැ.. මේ මාත් ඉගෙන ගත්ත දෙයක් ඔයාලා එක්ක බෙදා හදාගන්න කියලා. කවදා හරි ඔයාලාටත් වැදගත් වේවිනේ...
කට්ටිය දන්නවනේ මේ දවස් වල හැම පාසලකම වගේ වර්ෂ අවසාන වාර විභාගය පැවැත්වෙනවානෙ. ඉතින් මම ඉන්න පාසලේත් ඔය සදහා සුදානම මේ වාරයේ ආරම්භයේ ඉදන්. දැන් ඔයාලා මගෙන් අහන්න එහෙම එපා ඒ තරම් කාලයක් මොකටද කියලා. ඔය ගැන මම දන්නේ නැහැනේ.. මට වැඩකුත් නැහැනේ. කාලෙකට පස්සේ ලියන්න ගත්ත නිසා වැඩකට නැති දේවල් කියවනවා.
ඉතින් පාසලේ ලොකු ලොක්කෝ කතා වෙලා පසුගිය වාර විභාගයේ ප්‍රශ්ණ පත්‍රවල අකුරු වැරදීම් තිබුණ නිසා අලුත් ක්‍රියාමාර්ගයක් අරන් තිබුනා. අලුත් දෙයක් කිවාට කරන්නේ අදාල අංශවල ගුරුවරුන් තම තමන්ගේ අංශ වල ප්‍රශ්ණ පත්‍ර කුමන ක්‍රමයකින් හරි ටයිප් සෙටින් කරවාගෙන ප්‍රින්ට් කරලා භාරදෙන්න ඕනේ. ඉතින් ඔය වැඩේට යන වියදම පාසල් සංවර්ධන සමිතියෙන් ලබාදෙනවා.
ඔන්න ඉතින් අදාල අංශවලින් වැඩේට බැස්සා. ඔය අතරේ ගුරුවරු අතරේ සමහර අයට සිංහල ටයිපින් පුලුවන් අය ඉන්නවානේ. එයාලාට අමතර ආදායමක් ලබාදෙන්නත් එක්ක ඒ ගුරුවරුන්ට දුන්නා. ඉතින් මටත් ඔය තොප්පිය සෙට් වුනා. මට නම් ඉතින් ඔය අමතර අදායම් වැඩක් නැහැ ලැබෙන වැටුපවත් වැඩක් නැති කොට. ඒ ගැන පස්සේ දවසක කියන්නම්. ඉතින් commerce section එකේ අංශ ප්‍රධානි මට කිවා එයලාගේ ප්‍රශ්ණ පත්‍ර ටයිප් කරලා දෙන්න. මටත් ඉතින් කවුරුත් දෙයක් කිවාම බැහැ කියන්න බැහැනේ. ඒ නිසා මම භාරගත්තා.
මට භාරදුන්න ප්‍රශ්ණ පත්‍ර සියල්ලම හොදට ටයිප් කරලා භාරදුන්නා. ඒත් ඉතින් මම ඒවාට මුදල් ලැබේවි කියලා බලාපොරොත්තුවක් තිබුනේ නැහැ. හේතුව ඉතින් මම පාසලේ ටයිපිස්ට් වගෙන. ඒත් ඉතින් ඒ මැඩම් මට කිවා හැමදෙනාම මුදල් ගන්න එකේ මටත් වවුචරයක් පුරවලා මුදල් ගන්න කිවා. මාත් වවුචරයක් අරගෙන science section එකේ ප්‍රශ්ණ පත්‍ර ටයිප් කරන සර්ගෙන් අහගෙන පුරවා ගත්තා.
හැමදෙනාම දාලා තිබුනේ එක පිටුවකට රුපියල් 60 ගානෙ. මමත් ඒ ගානම දාලා දුන්නා. මම පිටු 43 ටයිප් කරලා තිබුණ නිසා මුලු මුදල 2580 වුනා. කොහොමහරි ඔය මුදල ගත යුතු පිළිවෙලත් අහගෙන මම ගියා අදාල කෙනා ලගට. ඇය පාසල් සංවර්ධන සමිතියේ භාණ්ඩාගරික තුමිය. ඉතින් එයා වවුචර් එකට ටිකක් වෙලා ඔරවන් බලන් ඉදලා කිවා අපෝ එක පිටුවකට රුපියල් 60ක් වැඩියි. මේක සර්ගෙන් අහන්නේ නැතිව බැහැ. අනේ ඉතින් අනිත් අයට හොදයි මට තමා කියලා හිත හිත මම ගියා විදුහල්පතිතුමා හොයාගෙන.
නරක වෙලාව කියන්නේ ඒ වෙලාවේ විදුහල්පතිතුමා නැහැ. පහුවදාට වැඩේ කල්දාලා මම ගියා මගේ වැඩ කරන්න. කොහොමහරි මම පිටුවකට රුපියල් 60 වැඩියි කිව කතාව commerce section එකේ අංශ ප්‍රධාන තුමියටත් කිවා. ඇය කිවා අනිත් අයට දෙන ගානම මටත් ලබාදෙන්න ඔනේ කියලා. කොහොමහරි පහුවදා මට ගොඩක් වැඩතිබුණ නිසා විදුහල්පතිතුමාව මුණගැහෙන්න පුලුවන් වුනේ පාසල් අවසන් වුනාම. මම මගේ වවුචර් එක පෙන්නුවා. ඉන්පස්සේ ඔහු කිවේ වෙන්ත් දෙයක්. රුපියල් 2000ට වඩා වැඩ් නිසා ගෙවන්නේ කොහොමද කියන එක භාණ්ඩාගරික තුමිය සමග කතා කලයුතු නිසා පහුවදාට එන්න කිවා.
ඔන්න ඉතින් මම පහුවදාත් වවුචරයත් අරන් ගියා. ඉන්පස්සේ විදුහල්පතිතුමා භාණ්ඩාගාරික තුමිය සමග කතාබහ කරලා කොටස් වලට කඩා වෙන වෙනම මුදල් ලබාගන්න පැවසුවා. මම ඒ බව commerce section එකේ ගුරුවරියන්ට කිවාම ඔවුන් වෙන වෙනම වවුචර් පුරවලා දුන්නා. ඉතින් ආයෙමත් අරන් ගියාම භාණ්ඩාගාරික තුමිය කියනවා මෙහෙම ගෙවන්න බැහැ. ඒවාට අදාලව බිල් තියෙන්න ඕනේ කියලා. ඉතින් මම කිවා මේවා ටයිප් කලේ මම මට බිල් දෙන්න බැහැනේ කියලා. ඒ පාර කියනවා බිලක් නැතිව ගෙවන්න බැහැ කොහෙ හරි කඩේකින් බිලක් ඉල්ලාගෙන එන්න කියලා.
ඒ වෙද්දිනම් මට එපාම එපාම වෙලා තිබුනේ. ඊටත් වඩා නීති ගොඩක් කියලා අන්තිමට හොරට බිලක් ගේන්න කිවා. හොරයක් නැතිව ඇත්තම කිව නිසා වැඩේ වුනේ නැහැ. අන්තිමට හොර වැඩේ කරන්න හිතට එකග නැතිව මම එතනින් ආවා මට වැඩේ භාරදුන් කෙනාට විස්තරේ කියලා ඒ මහන්සිය අමතක කරලා දාන්න. මම ඒ අයට විස්තරේ කිවාම එයාලා බිලක් ගෙනත් දෙන්න පොරොන්දු වුනා. කොහොමහරි බිලක් ලැබුනා. ඒත් කොටස් වලට කඩපු මුදල අයෙමත් එකට දාලා තමා බිල දීලා තියෙන්නේ. ඒ නිසා වෙන බිලක් හොයන්න වුනා. කොහොමහරි අපේ අම්මා මට බිල් දෙකක් හොයලා දුන්නා.
එහෙම දීලා අම්මා කිවා ඕක හරි ගියෙ නැතිනම් අතැරලා දාන්න එහෙම බොරු කරන්නත් බැහැ කඩවල් වල මිනිස්සු මොනවද හිතන්නේ එහෙම ඉල්ලද්දි කියලා. ඉතින් අද මම ඒ බිල් දෙකත් අරන් ගිහින් දුන්නාම කිවා මේක කොහෙන්ද ගත්තේ කියලා. මම අම්මාගෙන් තැන අහගත්තේ නැතිනිසා මම හිතට ආවට කිවා super market එකේ පැත්තක communication එකක් තියෙනවා එකෙන් කියලා. ඊට පස්සේ ඇය කියනවා මේ බිල පිලිගන්නවාද කියලා බලන්න ඔනේ කියලා. මම එහෙනම් බලලා තියන්න කියලා කියලත් අයෙම කිවා නැහැ මම සදුදාට අරන් එන්නම් කියලා.
මේ තරම් අමාරුවෙන් ගත්ත බිල නැති කලොත්. කොහොමහරි දැන් සති දෙකක් තිස්සේම මම වවුචරයක් අරන් රස්තියාදු වෙනවා නීතියට වැඩකරන්න බොරු කරන්න ගිහින්. අද හිතාගත්තා සදුදාට බැහැ කිවොත් අයෙත්නම් කවදාවත් වවුචරයක් පුරවන්නේවත් නැහැ කියලා.
කොහොමහරි ගුරුවරුන්ට මුදල් ගන්න බැහැ කියලා අපේ අක්කාගේ නමට වවුචරය ලියලා හොරෙන් කඩෙන් බිල් අරගෙන මම මහන්සි වුන එකට සධාරණය ලබන්න යන්නේ. මම ඇත්තම කිවා මම ටයිප් කලේ කඩවල් වල බිල් ගන්න බැහැ කියලා. ඉතින් එයාලා මට කියලා දුන්නා බොරු කියන්න වංචා කරන්න... ඒකත් නරකම නැහැ...
ලියාගෙන යද්දි ගොඩක් දිග වැඩි වුනා. කියවලා මටත් බැනලා යන්න. හැමදාමත් වගේ මම අදත් කියන්නේ ගුරුවරු කියන්නේ ගුරු වෘත්තිය කියන්නේ මහ එපා කරපු දෙයක්. ඒත් ඔය නරක ගුරුවරු අතරේ තවමත් හොද ගුරුවරුන් ඉන්නවා කියලා මට තේරුනේ දැන් මා සමග ඉන්න අවුරුදු 28 සේවය කල ගුරුමෑණියන්ගෙනුයි. එහෙනම් ගිහින් එන්නම් තවත් ගුරු විරෝධි කතාවක් අරන්.....
2012/11/22
2012/11/01
අනේ මෙහෙමත් ගුරුවරු සහ සිසුන්......
ගොඩක් දවසකට පස්සේ ආයෙමත් ලියන්න ගත්තෙ මම අකමැතිම සිදුවීමක් වුන නිසාත් මට ඒ ගැන ලියන්න විවේකයක් ලැබුණු නිසාත්... පහුගිය දවස් වල මීටත් වඩා අප්‍රසන්න සිදුවීමක් වුනා. නමුත් ඒ ගැන ලියන්න හිතෙන්නේ නැති නිසා අද වුනදේ ලියන්න හිතුනා.
අපේ පාසලේ දැන් දින ගණනාවක් ඉදලා මෙවර සාපෙළ ලියන සිසුන්ට සම්මන්ත්රණ පැවැත්වෙනවා. පහුගිය දිනවල මෙම සම්මන්ත්රණ මාලාව ආරම්භ කලා. මෙය ප්‍රින්සිපල්ගේ නියොගයක් මත ක්‍රියාත්මක කල වැඩසටහනක්. ඔහු පවසා තිබුනා සෑම විෂය භාර ගුරුවරයෙක්ම තමන්ට අදාල විෂය සදහා එක් සම්මන්ත්‍රණයක් හෝ පැවැත්වීම අනිවාර්ය බව. කොහොමහරි පහුගිය දින කිහිපයේ මා දන්නා පරිදි සම්මන්ත්‍රණමාලාව කිසිදු ප්රශ්ණයකින් තොරව පවත්වා තිබෙනවා.
නමුත් අද උදෑසන බරපතල ප්‍රශ්ණයක් උද්ගත වුනා. මම අද පාසලට යන විට විනාඩි 5ක් පමණ ප්‍රමාද වුනා වර්ෂාව නිසා. කොහොමහරි තෙමිගෙන ගිහින් වතුර වෙලා ගන්න ක්‍රමයක් හිත හිත දවසේ කරන්න තියන වැඩ ටික හිතමින් ඉන්නකොට දැකලා හිනාවෙලා පමණක් තියෙන සර් කෙනෙක් ආවා. එතන staff room එකක් නිසා මම හිතුවේ එතන ඉන්න මැඩම්ව මුණගැහෙන්න වෙන්න ඇති කියලා. ඇත්තටම එතන Biology lab එකේ රූම් එකක්. මාත් හිනාවෙලා කට හදා ගත්තා අද bio madam නෑ කියන්න.
නමුත් ඉතින් බලාපොරොත්තු නැති විදිහට ඒ සර් ආපු ගමන්ම කිවේ මාවම හොයාගෙන ආවා කියලා. ඉතින් එතකොටම මම දන්නවා මොකක්මහරි මරාලයක් මට කඩාපාත් වෙනවා කියලා. මාත් ඉතින් හොද හිනාවක් එහෙම දාලා ඇහුවා මොකක්ද වෙන්න ඕනේ කියලා.
ඉතින් සර් මට dongle එකක් දීලා කියනවා. අද ඉතිහාසය සම්මන්ත්‍රණය තියෙන්නේ. ඒත් ඉතිහාසය කරන ගුරුවරු තුන්දෙනාගෙන් එක්කෙනෙක්වත් නැහැ. ප්‍රින්සිපල් කිවා මේකෙන් මොනවා හරි දාලා පෙන්වන්න කියලා ඔයාට කියලා.
අනේ ඉතින් මට නෑ බෑ කියවිලි නැති නිසා මාත් හා කිවා. dongle එක අරගෙන install කලා. ඔය අතරේ සර් අහනවා කොහොමද ළමයි හැමදෙනාටම පෙන්වන්නේ කියලා. ඉතින් මම කිවා projector එක ගේන්න වෙනවා කියලා. ඉතින් ඔහු ඒ වැඩේ භාර ගත්තා. මටත් ඒක හොදයි. හේතුව ඒක තියෙන්නේ ප්‍රින්සිපල්ගේ භාරයේ ඉතින් අරන් එද්දි ගෙනිහින් දෙද්දි cable හරියට පෙන්නන්න ඕනේ. හරිම වදයක්. නීති ගොඩයි.
සර්ගේ dongle එක connect වෙන්නේ නැති නිසා මගේ ලෝබකම පැත්තක තියලා මගේ dongle එකෙන් හොයන්න ගත්තා මොනවද පෙන්වන්නේ කියලා. මුලින්ම NIE එකෙන් ඉතිහාසය syllabuse එක download කරලා බැලුවා මොනවද අදාල කියලා. ඒ තියෙන දේවල් හෙව්වාට වැදගත් යමක් නැහැ පෙන්වන්න පුලුවන්. අන්තිමට ඒ සර්ට මතක් වුනා මොනවාහරි CD තියෙනවාද කියලා.
කොහොමහරි අමාරුවෙන් අපේ Computer lab එක බාරව ඉන්න සර්ගෙන් විද්‍යාව විෂයට අදාල CD ලැබුනා. කොහොමහරි අවශ්‍ය කරන අම්පන්න ඔක්කොම අරන් ප්‍රධාන ශාලාවට ගිහින් අමුණලා ළමයි නිෂ්ශබ්ද කරවලා CD දැම්මා. ඒත් ඉතින් ඒ ළමයි විනාඩි 5 ක්වත් නිහඩව හිටියේ නැහැ. කෑගහන්න ගත්තා. නිෂ්ශබ්ද කරවන වෙලාවේ විතරයි. ඇත්තටම ඒ තරම් නැහැදුණු ළමයි පිරිසක් මම ඒ දැක්කාමයි. සූ කියනවා කෑගහනවා තේරුමක් නැති ඒවාට අත්පුඩි ගහනවා. හූ කියනවා. කිසිම හැදියාවක්වත් අලුත් දෙයක් දැන ගැනීමේ වුවමනාවක්වත් නැහැ.
එහෙම අමාරුවෙන් CD එකහමාරක් පෙන්නුවා. නමුත් අර සර්ටත් මටත් එතන හිටිය තව ගුරුවරියන් දෙන්නෙක්ටත් තේරුණා තේරුමක් නැති වැඩක් කියලා. ඉතින් අපි වැඩේ නතර කලා. කොහොම හරි ගෙනාව උපකරණ ගෙනියන්න ලෑස්ති කරන විටත් ළමයි හොදටම කෑගැහුවා. එපමණක් නොවේ එක ළමයෙක් හොද පැහැදිලිව හූ කිවා. අර සර්ට හොදටම තරහා ගිහින් හිටියේ. තරහා තවත් උග්‍ර වුනා. අර ළමයා ලගට ගිහින් ළමයාව නවලා දුන්නා පිට හරහා පාරවල් දෙකක් පුදුම සද්දෙකින්. මුළු ශාලාවම නිෂ්ශබ්ද වුනා පුදුම විදිහට. ඔන්න ඔහොම ඉතිහාසය සම්මන්ත්‍රණය අවසන් වුනා.
හොදම සිදුවීම වුනේ ඉතිහාසය උගන්වන ගුරුවරු දෙදෙනෙක්ම එදින නිවාඩු. එක් ගුරුවරියක් උසස් පෙළ කලා අංශයේ. ඇය අද පාසලට පැමිණියත් සම්මන්ත්‍රණය පවත්වනවා නේද අනිත් ගුරුවරු නැහැ නේද කියලා නිකමටවත් ඇවිත් හැරී බැලුවේ වත් නැහැ. අදාලත්වයක් නැති අර සර් සහ පන්ති භාර ගුරුවරියන් දෙදෙනෙක් එතන සිටියා. ඒ ඇර කොහෙත්ම සම්බන්ධයක් නැති මම එතන ගිහින් ළමයින්ට යම් දෙයක් දෙන්න උත්සාහ කලා. නමුත් ඒ ළමුන්ටත් කිසිම උවමනාවක් නැති නිසා ඒ උත්සාහයත් තේරුමක් නැති දෙයක් වුනා.
මට හිතුන දේ තමා එවන් ගුරුවරුන්ටම ළමයි හැඩ ගැසිලාද කියලා. වැඩක් කරන ගුරුවරයෙක්ට වැඩක් කරන්නත් ඉඩ දෙන්නේ නැහැ. ඒ ගුරුවරයෙක්ගෙන්වත් වැඩක් ගන්න ළමයින්ට හිතෙන්නෙත් නැහැ. මට ඇවිත් වැඩේට සහය ඉල්ලු සර්ට ගොඩක් ලොකු උවමනාවක් තිබුනා ඒ ළමයින්ට කාලය නාස්ති කරමින් ඉන්න ඉඩ නොහැර යම් දෙයක් ලබා දෙන්න. ඒත් ඔහුගේ උත්සාහය ව්‍යර්ථ වුනා......

2012/09/21
උන්ව ඉස්කොලෙන් අස් කරලා දාන්න ඔනේ........
මේ අපේ පාසලේ සිදුවුන තවත් සිදුවීමක්. මේකත් ඉතින් ගුරුවරුන්ගේ මොඩ තීරණයක්.
පහුගිය දවසක, හරියටම දවස මේ සතියේ සදුදා අපේ පාසලේ 12 ශ්‍රේණියේ කළා අංශයේ පිරිමි ළමුන් දෙදෙනෙක් පාසල් වේලාවේ පාසලෙන් පැන ගිහින් තිබෙනවා. කොහොම හරි මේ සිදුවීම වෙලා තියෙන්නේ දිවා විවේකයට පෙර. ඊට පස්සේ අංශයේ ගුරුවරුන් එකතු වෙලා ළමුන් දෙදෙනාගේ ගෙවල් වලට කතා කරලා කොහොම හරි හොයාගත්තා.
හොදම කතා ටික මීට පස්සේ තමා වුනේ. කොහොම හරි විදුහල්පතිතුමා නියොජ්‍ය විදුහල්පති හාමුදුරුවො සහ විනය පාලක මණ්ඩලය කතා වෙලා ඒ ළමයි දෙන්නාගේ දෙමාපියන් දැනුවත් කරලා සතියක පන්ති තහනමකට ලක් කලා.
නමුත් ඉතින් අපේ ආදරණීය බුද්ධිමත් ගුරුවරුන්ට ඒ දඩුවමින් සෑහිමකට පත් වෙලා නැහැ කියලා නම් කතා වෙන් තේරුනා. ඒ කතාව කියපු හැම ගුරුවරයෙක්ම කීවේ පන්ති තහනම් කරලා වැඩක් නැහැ. පාසලෙන් අස් කරන්න ඔනේ කියලා. මට තේරෙන්නේ නැත්තේ මේ වගේ මොඩ කතා කොහොම කියනවාද කියලා. පාසල් තාප්පෙන් පැනලා ගිය පලවෙනි ලමයි දෙන්නා ඔය ලමයි දෙන්නා නෙවේ කියන එකවත්. ඊටත් වඩා ළමා කාලයක් ගත් නොකල ගුරුවරුන් ලෙස කතා කිරීම ගැන කණගාටුයි.
කොහොම හරි මේ සිදුවීමෙන් පස්සේ ගුරුවරුන් කතා වුනේ මෙහෙම දෙයක් සිදුවුන ප්‍රථම වතාව මේක වගේ. ඇත්තටම මම පාසල් යන කාලේ වුනත් ඔහොම ඔනේ තරම් පාසලෙන් හොරෙන් පැනලා ගියපු කොල්ලො දැකලා තියනවා. ඒවගේම තමා පාසලෙන් අස්වෙලා උසස් අධ්‍යාපනයට ගියාම එතනදි හමුවුන ගොඩක් දෙනෙක් එක දවසක් හරි පාසලෙන් හොරෙන් පැනලා තියෙනවා. එහෙම වුනත් ඒ අය රස්තියාදුකාරයො නරක මිනිස්සු වෙලා නැහැ.
ගුරුවරියො කවදාවත් පාසලෙන් පැනලා ගිහින් නැති නිසා මේ ආකාරයට කතා කලාට කමක් නැහැ කියලා හිත හදා ගන්න පුලුවන්. ඒත් ගුරුවරු කවදාවත්ම පාසලෙන් පැනලා ගිහින්ම නැතිද. එහෙමනම් ඉතින් වැඩක් නැහැ කියලා කියන්නත් හිතෙනවා. මොකද ඉතින් කොලු කාලේ දග වඩක් වැරදි වැඩක් කරලා නැතිනම් අඩුම තරමේ වයසට ගිහින් මතක් කරලා හිනා වෙන්නවත් දෙයක් නැහැ.
මම කියන්නේ නැහැ පැනලා ගියපු කොල්ලො දෙන්නා සියට සියක් හරි කියලා. ඒ දෙන්නා වැරදියි. ඒත් කොලු කාලේ ඔයවගේ දෙයක් කරන එක සාධාරණයි. තමන්ට ළමා කාලයක් තිබුනේ නැහැ වගේ හැසිරෙන අය නම් කවදාවත් ළමයින්ට සමීප වෙන්නේ නැහැ. මගේ පාසල් කාලේ මට ඉගැන්වු ගුරුවරු සෑමදෙනාටම මම අදටත් ආදරෙයි. ඒත් මේ ළමයි කවදාවත් මෙහෙම ගුරුවරු කවදාවත් ආදරෙන් මතක් කරාවිද කියන එක හිතා ගන්න බැහැ.
මොනම ප්‍රශ්නෙකටවත් හොදම විසදුම ළමයෙක්ව පාසලෙන් අස් කරන එක නෙවෙ කියලා මේ ගුරුවරු කවදා තේරුම් ගනිවිද කියන්න තේරෙන්නේ නැහැ......

2012/09/13
මේ විදිහට දරුවො අසරණ කරන එක ගැන දුකයි....
මේ සිදුවීම වුනේ නිවඩු මාසෙකට පස්සේ පාසල් පටන් ගෙන දවස් කීපයක් ගියාට පස්සේ. මම මට ලැබුණු අලුත් රැකියාව ගැන කිවේ නැතිව හිටියාට දැන් කියන්නම් හේතුව ඒ සම්බන්ධව ගොඩක් දේවල් ලියන්න වෙන නිසා. මට දැන් මාස 2 1/2 විතර කලින් ශ්‍රි ලංකා ගුරු සේවයේ තොරතුරු තාක්ෂණ ගුරුවරියක් විදිහට රැකියාවක් ලැබුනා. අකමැතිම දෙයක් වුනත් අම්මාගේ සතුට වෙනුවෙන් ගියා. ඒත් එක පිට එක වෙන්නේම අකමැති දෙවල් මයි. මේ කියන්න යන්නේත් ඒ වගේ සිදුවීම් දෙකක් ගැන..
නිවඩු මාසයක් අවසන් වෙලා පාසල් පටන් ගත්ත මුල් දවස් දෙකේ මට පාසල් යන්න බැරි වුනා. හේතුව වුනේ මම දිශාබ්භිමුඛ කිරිමේ වැඩමුලුවකට සහභාගී වෙලා තිබුන නිසා. කොහොම හරි මම තුන්වෙනි දවසේ පාසල් ගියා. ඒ වෙද්දි මට මඩ ගහන්න ඔනේ තරමත් හොදින් කරලා තිබුනා. අපේ සහොදර ගුරුවරුන්ම මම ආවේ නැතිවාට නොයෙක් කතා කියලා තිබුනා. මම බැදලා කියලා, මම කටවත් කියන්නෙම නැතිව රැකියාවෙන් අස්වෙලා කියලා නොයෙක් කතා හදලා තිබුනා. එයාලාගේ හොද ගතිය හොදට ප්‍රදර්ශනය කරලා තිබුනා. ඒ ගැන නම් මට ඒ තරම් ගානක් නැහැ. එයාලාට මාව ඒ තරම් විශේෂයි.
කොහොමහරි මම හැමදාමත් හැම තැනටම වගේ යන්නේ අන්තිම මොහොතෙනේ ඒවගෙම එදා පාසල් ගියෙත් අන්තිම මොහොතේ. ගිය ගමන්ම වාගේ උදේ රැස්වීමට යන්න වුනා. කොහොම හරි ඔතන රැස්වීමේදි විශේෂ දෙයක් වුනා. ඒ තමා එක පිරිමි ලමයෙක්ගේ ශිෂ්‍ය නායක කම අහොසි කලා. ඒ ලමයා ඇවිත් හිටියේ නැති වුනාට මට මතක තිබුනා එ කවුද කියන එක. ඒ ලමයා මම උගන්වන පන්තියක ලමයෙක් නිසා. රැස්වීම ඉවර වෙලා staff room එකට ආවාම තමා කතාව දැන ගන්න ලැබුනේ. අතිශයොක්තියත් සමගම.
මම ලේසියට ඒ පිරිමි ලමයාට ගයාන් කියලා කියන්නම්. නිවාඩු මාසයේ සෙනසුරාදා දිනයක ගයාන් පාසලට ඇවිත් තිබුනා එයාගේ ගැණු ලමයත් එක්ක. ඒ ගැණු ලමයා මේ පාසලේම වන අතර මම ඇයව නිලූකා කියලා හදුන්වන්නම්. මේ නම් මනක්කල්පිතයි. ඔවුන් දෙදෙනා පාසලට ඇවිත් ගයාන්ගේ පන්ති කාමරය තුල දොර වහගෙන ඉදලා තියෙනවා. මේ හිටිය විදිහ ගැන නම් අපේ ගුරුවරු නොයෙක් කතා කියනවා. එයාලා ගැන දන්න නිසා මට ඒ දේවල් විශ්වාස කරන්න බැහැ. පාසලේ මුරට ඉන්න අයියා ඒ අසලින් යද්දි ඔවුන්ගේ හඩ ඇහිලා තියෙනවා. ඒ අනුව ඔහු පන්ති කාමරය අසලට ගිහින් විපරම් කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් දෙදෙනා දැක්ක ගමන් මුර අයියා විදුහල්පතිතුමාට call කරලා තිබුනා. නමුත් ඒ වෙලාවේ ඔහු නිල නිවාසයේ ඉදලා නැහැ. ඒ නිසා මුර අයියා කරලා තියෙන්නේ දොර පිටින් කොට්ටක් ගහලා විදුහල්පතිතුමා හොයාගෙන ගිහින්. කොහොම හරි නැවත ආපසු විදුහල්පතිතුමා සමග මුර අයියා පැමිනෙන විට ඔවුන් දෙදෙනා එතනින් ඉවත් වෙලා තිබුනා. කොහොම හරි ඔවුන් දෙදෙනා කවුද කියන එක මුර අයියාට මතක තිබුන නිසා ඔවුන් දෙදෙනාගේ පන්ති තහනමකට ලක් කලා. ප්‍රසිද්ධියේ ශිෂ්‍ය නායක කම ඉවත් කරා. කොහොම හරි ඒ ගැණු දරුවා ගෙන්වලා විදුහල්පතිතුමා බෙහෙවින් නරක විදිහට කතා කලා. මට ඒ සන්වාදේ ඇහුනේ මම නිවඩු අනුමත කරගන්න ඒ අසල හිටි නිසයි. කොහොමහරි මේ දරුවො දෙන්නාගේම පන්ති තහනම් කලා ඉන් පසුව ඔවුන් දෙදෙනා පාසලෙන් අස් කරලා දැම්මා. ඒ දරුවො දෙන්නාම උසස් පෙල පන්තිවල. ගයාන් 13 ශ්‍රේණියේ ගැණු දරුවා 12 ශ්‍රේණියේ මේ දරුවො දෙන්නාව පාසලෙන් අස් කරන්න තරම් ලොකු වැරද්දක් කරන්න නැතිව ඇති කියන එක තමා මගේ විශ්වාසය. නමුත් අනිත් ගුරුවරුන්නම් කියන්නේ ඔවුන් දෙදෙන එතන ලිංගිකව හැසිරුන බවයි. ඇත්තටම ඔවුන් දැසින් බලන් හිටියා වගේ. ඔවුන්ගේ චරිතය අන්තයටම ඔවුන් නැත්තටම නැතිකලා. එපමණක් නෙවේ නිවඩු දවසක සිදුවුන සිදුවීම මුලු පාසලේම ප්‍රචාරය කලා.
දරුවන් කියන්නේ වැරදි කරන අය. මගේ පුද්ගලික මතය ඔවුන් දෙදෙනා කියන තරම් බරපතල වැරැද්දක් කරන්න නැතිව ඇති. නමුත් ඔවුන් යම් වැරැද්දක් කරලා තියෙනවා නමුත් එය මේ තරම් ප්‍රචාරය කරලා ඔවුන් පසලෙන් ඉවත් කර අවුරුදු 12ක් ලබපු අධ්‍යාපනය කඩාකප්පල් කරන එක නුවනැති දෙයක් කියලා මම දකින්නේ නැහැ. ගුරුවරු කියන්නේ ගෙදරින් ලමයා පාසලට ආවාට පසු ඒ දරුවන් බලාගන්නා දෙමාපියන්. කොහොමවුනත් ගුරුවරුන් මේ ආකාරයට හැසිරෙන විට කිසි දවසක දරුවන් මේ කරන වැරදි වැඩ නතර කරන්න බැහැ. දරුවන් නිසි මගට යවනු වෙනුවට ඔවුන්ව කඩාකප්පල් කරන එක හොද දෙයක් නෙවේ. ලමයෙක් වැරැද්දක් කලාම ඒ වැරැද්ද හදලා ලමයාව යහමගට ගෙන ඒ දරුවාගේ ජීවිතේ ලස්සන කරලා දෙනවා වෙනුවට මේ ගුරුවරු විනය පාලක මණ්ඩලය සියලු දෙනා එක්ව කලේ ඒ ලමයින්ගේ අනාගතය විනාශ කරලා දාපු එක. අධ්‍යාපනය කඩාකප්පල් කරපු එක. මේ තීරණය සාධාරණිකරණය කරන්න ඔවුන් කී දේ වුනේ එක දරුවො දෙන්නෙක් වෙනුවෙන් අනිත් දරුවන් 2000 කගේ අනාගතය වටිනවා කියන එක.
ඇත්තටම ගුරුවරු විදිහට තිබුනා මේ ගැන ලමයි දන්නේ නැති නිසා ගුරුවරුන්ට ඒ ගැන ඒ ලමයින් දැනුවත් කරලා පාසලෙන් අධ්‍යපනය කරගෙන යන්න ඉඩ දෙන්න තිබුනා. ඒක තමා ගුරුවරයෙක් ලමයෙක් හදාගන්නවා කියන්නේ. එහෙම නැතිව ඒ ලමයාගේ මුලු ජීවිතේම නැති කරලා දාන එක නෙවේ. ඒත් මේ ගුරුවරු කලේ අර දරුවො දෙන්නාව නැත්තටම නැති කරලා පාගලා දැම්මා.
අද ගයාන් පාසලට ආවා. මට කතා කරන්න ආවා මම පන්තියක ඉද්දි. හොද වෙලාවට ඒ පන්තිය ඉවර වෙන වෙලාව. මට ඒ දරුවා එක්ක කතා කරන්න පුලුවන් වුනා. ඒ දරුවාට ඇඩෙන්න වගේ. මම ඇහුවා මොකද වුනේ කියලා. ඒ දරුවො දෙන්නා කතා කර කර ඉදලා විතරයි. එත් පාසලෙන් යන්න වුනා ඒ පොඩි දෙයින්. දැනට පාසල් දෙකකට යන්න අවස්ථාව තියෙනවාලු. එත් හෙට තීරණය ලැබෙනවා කියලා ඒ දරුවා කිවේ.
ගුරුවරු කියන්නේ මේ වගේ මිනිස්සුද....පුදුම කලකිරීමක් තියෙන්නේ...
මා දන්නවා ඔයාලා මට එකග වෙන්නේ නැතිවෙයි. ඒත් මේ මගේ පුද්ගලික හැගීම. ඔයාලාට පුලුවන් ඔයාලාට හිතෙන දේත් කියලා යන්න.
මල් ගල් මුල් ඔනෙ දෙයක් හිනා වෙලා බාර ගන්නවා

2012/08/24
හිතට දුකයි........
මිදුම් සලු මැද සුසුම් සුළන් රැළි
රාත්‍රිය පුරා වැලපුනා
සීතල පිණි මැද කදුලු වතුර පොද
රාත්‍රිය පුරා ගිලිහුණා
ආදරයේ මල් කළඹ අතින් ගෙන
ඈතින් හිද ඔබ හිනැහුණා
සෙනෙහස මිය ගිය මතකය ඉකි බිද
වැලපෙන විට සිත තනියක් නැහැ මට
කන්ද උඩින් හිරු පායා එන විට
හිතට දුකයි.......
ඔබ මා තනිකර යයිද කියා....
හසරැල් කදුලැල් එකට එකතු වුන
ආදර මතකය දුක්බර කවියකි
කන්ද උඩින් හිරු පායා එනවිට
හිතට දුකයි......
මට කවිකම අමතක වෙයිද කියා........
රාත්‍රිය පුරා වැලපුනා
සීතල පිණි මැද කදුලු වතුර පොද
රාත්‍රිය පුරා ගිලිහුණා
ආදරයේ මල් කළඹ අතින් ගෙන
ඈතින් හිද ඔබ හිනැහුණා
සෙනෙහස මිය ගිය මතකය ඉකි බිද
වැලපෙන විට සිත තනියක් නැහැ මට
කන්ද උඩින් හිරු පායා එන විට
හිතට දුකයි.......
ඔබ මා තනිකර යයිද කියා....
හසරැල් කදුලැල් එකට එකතු වුන
ආදර මතකය දුක්බර කවියකි
කන්ද උඩින් හිරු පායා එනවිට
හිතට දුකයි......
මට කවිකම අමතක වෙයිද කියා........
2012/08/16
අහිංසක හිත් අසරණ වෙලා......
මට කියාගන්න බෑ ගලපන්න බෑ නිල් ඇස් දෙකට දුක් හීන පුදන කදුලු පොකුරක වේදනාව පත් ඉරුවක ලියන්න බෑ රත්තරන්. මල් මල් වලාවන් තනිවෙච්ච ඈත ඈත අනන්ත මීදුමේ සිකුරු තරුව පායද්දි දෙතොල් මත කිතිකැවුණු සීතල ඇගිලිතුඩු වල ආදරේ අද මං ගාව නෑ. සබන් බුබුලක් වගේ බිදිලා ඉහිරිලා ගිය මදාරා මල් පෙත්තක චූටි ඇගිලි තුඩු වලින් ලිව්ව ආදර සිහිවටන කො අද ......
අනේ මට කියන්න කදුලින් පියෙන පරවුණු ඇස් වලට ලොකයෙන් මුවාවුණ දාට වක්කත් දුක නොදැනෙන්න රත්තරන් පෙම් හීනයක් පුදන්න .............
ඇයි ඒ පරසතු හීනයෙන් ඔයා ඇහැරිලා අඩන්නේ මල් ඇස් දෙකට දරාගන්න බැරි වහින්න ලන් වෙච්ච අහස තරමට එකතු වුන ජීවිතේ දුක ඔය පුංචි හිතට උහුලන්න බෑ. මං දන්නවා ජීවිතේ කියන්නේ සුන්දර පෙම් කවක් අද මට අකුරු කරන්න බෑ. ලියන්න ඉස්සරින් කදුලින් සේදිලා යන ආදර කතාවක බොදවුණු අකුරු පෙලක් වුනේ ඇයි ............
කියන්න ඇයි අපේ අහිංසක හිත් මේ තරම් අසරණ වුනේ......
2012/08/07
රාජ්‍ය බැංකු සහ මම
ගොඩ දවසකට පස්සේ බ්ලොග් පොස්ට් එකක් ලියන්න ඔනේ කියලා හිතුනා පහුගිය දවසක සිදු වුන සිදු වීමක් නිසා. මම දැම්ම මාතෘකාව දැක්ක ගමන් හිතා ගන්න පුලුවන් වෙන්න ඇති මම කියන්න යන්නේ මොකක්ද කියලා. වැල් වටාරම් නැතිව මම කතාව කියන්නම්කො එහෙනම්.
මට අලුතෙන් ජොබ් එකක් හම්බ වුනා. දැන් හරියටම මාසයක් වෙනවා. ඉතින් ඔය ජොබ් එකට ගිහින් පලවෙනි වැටුප හම්බ වුනා ගිය මාසේ තුන් වෙනි සතියේ. එක හම්බ වුනේ චෙක් එකකින්. චෙක් එකකින් හම්බ වුනා කියලා මහා ලොකු ගානකුත් නැහැ. අනේ මම ජොබ් එක මොකක්ද කියලා කියන්නේ නැහැ හේතුව මම එකට ඒ තරම් කැමති නැති නිසා. ඉතින් ඔය චෙක් එක හම්බවෙලා සතියක් විතර යනකම්ම මට ඒක බැන්කුවට යන්න බැරි වුනා ඒක පොතට දාන්න. හේතුව වුනේ මට ලැබෙන්න තිබුන මූලික වැටුපට වඩා සුලු ප්‍රමාණයක් අඩුවෙන් හදලා තිබුණ නිසා එය නිවැරදි කරගන්නත් පෙන්නන්න ඔනේ වුනානෙ.
ඒ වුනත් නියමිත විදිහට වැඩේ වුනේ නැහැ. එතන වැටුප් අංශයේ කෙනා කිවේ එක දවසක් වැඩ භාර ගැනීමට පමා වුන නිසා ඒ මුදල් ප්‍රමාණය කපාගෙන තියනවා කියලා. ඒක කොයි තරම් දුරට හරිද කියන්න මම දන්නේ නැහැ. මගේ පත්වීමේ ලිපියේ දිනය තිබුනේ ජූනි 29. එදා මොනම විදිහකින්වත් වැඩ භාර ගන්න යන්න බැහැ. හේතුව වුනේ ලිපිය ගන්න තිබුනේ කොලඹින් මම වැඩ කරන ස්ථානය තිබුනේ නුවර. ඊට පස්සේ සෙනසුරාදා සහ ඉරිදා නිවඩු දින දෙකට පස්සේ මුලින්ම යන්න පුලුවන් සදුදා වැඩ භාර ගත්තා. ඉතින් එයාලාගේ වැටුප් සාදන ක්‍රමය අනුව මූලික වැටුපෙන් සුලු ප්‍රමාණයක් අඩු කරලා තිබුනා. ඊලග සතියේ ඒ පිලිබදව ඔවුන්ගෙන් විමසිය යුතු නිසා චෙක් එක බැංකුවේ තැන්පත් කරන්න සතියක් ප්‍රමාද වුනා.
කොහොම හරි ඉන් පස්සේ මම අම්මා එක්ක දවසක් ගියා චෙක් එක බැංකු පොතට දාන්න බැංකුවට. මම අම්මා එක්ක බැංකුවට ගියා 1.45 ට විතර. මම එද්දිත් අම්මා චෙක් එක දාන්න ස්ලිප් එක පුරවලා සල්ලි ගන්නත් ස්ලිප් එකක් පුරවලා මට තිබුනේ ඒක අත්සන් කරන එක විතරයි. එ මදිවට අම්මා පොලිමේ මුලම හිටියා. මමත් හිතුවා ඉක්මනට වැඩේ කරගෙන යන්න පුලුවන් වෙයි කියලා.
ඒත් විනඩි දහයකට වඩා එතන පොලිමේ හිටන් හිටියා එතන counter එකේ හිටපු කෙනා බැංකුවේ මුදල් වගයක් මචිනෙ එකෙන් ගැන්නා. එක කමක් නැහැ කියලා හිතා ගත්තා එතන හිටපු වෙලාව සාධාරණ හේතුවක් කියලා. ඉන්පස්සේ අම්මාගෙත් මගේත් වාරය ආවා. අම්මා නිත්‍ය සමාජිකයෙක් නිසා අම්මාට ඉක්මනට මුදල් ගන්න පුලුවන් වුනා. අම්මාගේ වැඩේ ඉවර වුනාම අම්මා මට කියපු විදිහට මමත් ID එකත් එක්ක ස්ලිප් දෙක චෙක් එකයි බැංකු පොතයි එක්ක දුන්නා. චෙක් එක ආපහු දුන්නා මෙතනට නෙවේ ඉස්සරහා counter එකට දෙන්න කියලා. මමත් හා කියලා අපහු ගත්තා. ඉන්පස්සේ මගේ account number එක එහෙම enter කලා මුදල් අපසු ගන්න. මෙන්න මෙයා කියනවා මෙකෙන් සල්ලි ගන්න බැහැ account එක නිශ්ක්‍රිය තත්වයේ තියෙන්නේ කියලා. මටත් හිතා ගන්න බැහැ. ඇත්තම කියනවා නම් මම ඒ බැංකුවේ account එක පටන් ගත්තේ මට ලැබෙන්න තිබුන මුදල් වගයක් ගන්න විතරමයි හේතුව ඒ මුදල දාන්න පුලුවන් ඒ බැංකුවේ account එකකට විතරයි කියලා අදාල ආයතනයෙන් දැනුම් දීලා තිබුනා.
ලියාගෙන යද්දි දිග වැඩි වුනා. සමාවෙන්න ඒ ගැන නම්....

ඉතින් ඒ මුදල් දැම්මේ 2011 දී. ඉන්පස්සේ මම ඒ account එකේ මුදල් තැන්පත් කලේවත් ආපසු ගත්තේවත් නැහැ. ඒ නිසා account එක අක්‍රිය තත්වයට පත් වෙලා. ඉතින් එතන counter එකේ හිටි කෙනා කිවා සක්‍රිය කරන්න දාන්නම්
ඉස්සරහා මිස් කෙනෙක් ඉන්නවා එයාට කියලා ස්ලිප් එක අත්සන් කරවා ගන්න කියලා. ඊට
පස්සේ මමත් ඒ ස්ලිප් එකත් අරගෙන ඒ කියපු මිස් ලගට ගියා අම්මත් එක්කම. එයා වෙන වැඩක
හිටියා එතන පුටුවේ ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩ සිටියා. ඒ නිසා මමත් ටිකක්
පැත්තකින් හිටියා. ටිකකින් ස්වාමීන් වහන්සේගේ වැඩේ ඉවර වුනා.
ඉතින් මමත් මගේ බැංකු පොත දික් කලා.
එකේ උඩින්ම පෙන්න තිබුනේ චෙක් එක. ඒපාර එයා මගේ ඇගට ගොඩ වුනා චෙක් එක දෙන්න ඔනේ
මෙතනට නෙවේ ඉස්සරහාට කියලා. මම කිව චෙක් එක නෙවේ මේ account එක නිශ්ක්‍රිය නිසා මෙතනට දෙන්න කියලා අර counter එකේ මිස් කිවා කියලා. එපාර අයෙමත් අරගෙන බලලා
කියනවා මට නෙවේ අර ඉස්සරහා ඉන්න සර්ට දෙන්න කියලා.
මගේ අතේ ටිකක් බර බැග් එකකුත් තිබුන
නිසා අම්මා කිවා එහෙනම් එතනට ගිහින් අත්සන් කරගන්න මම බැග් එක තියගෙන ඉදගෙන ඉන්නම්
කියලා. මමත් හා කියලා එතනට ගියා. එතන වෙන කෙනෙක් හිටියා වැඩකට ඇවිත්. එයා ඉවර
වෙනකම් ටික වෙලාවක් හිටියා. විනඩි 15 විතර
හිටියාම එයාගේ වැඩේ ඉවර වෙලා මගේ වාරය ආවා. ඉන්පස්සේ මම මගේ බැංකු පොත දුන්නා චෙක්
එකයි ස්ලිප් එකත් එක්ක. ඒක අත්සන් කරලා දීලා ඇහුවා වැටුප්ද කියලා මම කිවා ඔව්
කියලා. ඉන්පස්සේ කිවා අර counter එකට යන්න කියලා. මමත් එතන තිබුන දිග
පොලිමේ හිටගෙන හිටියා
ඔහොම ඉද්දි මම කලින් ගියපු මිස් ලගට
ආබාධිත කාන්තාවක් ආවා එයාගේ account එකෙන් රුපියල් දාහක් ගන්න ස්ලිප් එක අත්සන්
කරගන්න. ඒ කාන්තාවට අකුරු ලියන්න හැකියාවක් නැහැ අත්සනට තබන්නේ ඇගිලි සටහන. ඒ
කාන්තාව එතනට ඇවිත් ඉදගෙන ස්ලිප් එක දික් කරගෙන ඉන්නවා. අර බැංකු නිලධාරිනිය
කියනවා අපි වැඩ කරන්නේ මුදල් එක්කනේ ටිකක් හෙමින් කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ ඔහොම
ඉන්න ටිකක් කියලා වෙන වැඩක. ඒ කන්තාවත් ඉදගෙන හිටියා වෙන කරන්න දෙයක් නැති නිසා.
ඊට විනාඩි පහකට විතර පස්සේ යන්තම් ඇගේ ස්ලිප් එක ගත්තා.
ඉන්පසු ඒ කාන්තාව පුරවගෙන ආව ස්ලිප් එක අරගෙන නම බැලුවා.
ඒ කාන්තාව එකේ ලියලා තිබුනේ නමේ කොටසක් විතරයි. අනිවාර්යයෙන්ම ඇය එය පුරවාගන්න
ඇත්තේ එතන හිටි කෙනෙක්ට කියලා කියන එක විශ්වාසයි. ඒ අසරණ කාන්තාවට බැංකු
නිලධාරිනිය සද්දෙ දැම්මා මේකේ නම මුල් අකුරු එක්ක ලියාගෙන එන්න කියලා. ඒ අසරණී
නිහඩවම ගිහින් නැවත ස්ලිප් එකක් පුරවගෙන අවා.
මේ හැමදෙයක්ම හෙලවෙන්නේ වත් නැති
පොලිමකට වෙලා මමත් බලා වුන්නා. ආයෙමත් අර කාන්තාව ඇවිත් ඇය පුරවාගෙන ආව ස්ලිප් එක
දුන්නා. ඇය එය ගනනකටවත් නොගෙන පරිඝනක තිරය දෙස බලාගෙන හිටියා. ඉන් පස්සේ තවත්
විනඩි පහකට විතර පස්සේ ස්ලිප් එක අරගෙන ආයෙම නම බැලුවා. අයෙමත් නම තියෙන්නේ පරන
විදිහටමයි. අර නිලධාරිනිය අයෙමත් කියනවා මුල් අකුරු එක්ක නම ලියන්න කියලා. අර
කාන්තාව බොහොම අසරණ වෙලා අයෙමත් නැගිටින්න හදනවා. මටනම් ඒ වෙලාවේ ඉවසීමේ සීමාව
ඉක්මවා ගියා.
මම අර කන්තාව නතර කරලා දෙන්න මම පුරවලා
දෙන්න කියලා ඇගෙන් ස්ලිප් එක සහ බැංකු පොත ගත්තා. අරගෙන ඇගේ නම බලලා මුල් අකුරු
ලියා දුන්නා. ඇත්තටම ඒ වෙලේ අර බැංකු නිලධාරිනියට ලැජ්ජා හිතුනා හේතුව ඒ අසල
පොලිමේ සිටි සියලුම දෙනා මේ සිදුවීම බලන් හිටියා. ඉන්පස්සේ ඒ නිලධාරිනිය අර
කාන්තාවට කියනවා අපරාදෙනේ කලින් ස්ලිප් එකේම ලියගන්න තිබුනානේ ගෙදරින් කවුරුත් ආවේ
නැතිද කියලා. නැහැ කිවාම කියනවා ඊලග දවසේ කාව හරි එක්ක එන්න කියලා. ඉන්පස්සේ ඇය
ඇගිලි සලකුන තියනවා නමුත් ඒක වදින්නේ නැහැ. හේතුව ඇගේ අතේ පුන්චි ඇදයක් තියනවා.
අයෙමත් අර බැංකු නිලධාරිනිය කියනවා හරියට ඇගිලි සලකුන තියන්න කියලා.
අඩුම තරමේ ඒ නිලධාරිනිය ඇගේ අතින්
අල්වා ඇගිලි අත්සන තියන්න තරමටවත් කාරුණික වුනේ නැහැ. මට ඒ වෙනුවෙන් කිසිම දෙයක්
කරන්න බැරි වුනා මම counter එක ඉස්සරහා මගේ වාරය නිසා.
ඉන්පස්සේ මම මගේ බැංකු පොත ස්ලිප් එකත්
එක්ක එතන counter එකට දුන්නාම ඒ counter එකෙන් කිවා මේක නිශ්ක්‍රිය account එකක් මේක එහා පැත්තේ මිස් ගෙන් අත්සන් කරගන්න ඔනේ කියලා. මටත් හොදටම
තරහා ගිහින් හිටි නිසා මම කිවා එතනට ගියාම අර සර් ලගට යන්න කිවා එතනින් කිවා මෙතනට
එන්න කියලා. මේක කරන්න තව ගොඩක් වෙලා ගොඩක් තැන් වලට යන්න ඔනේ නම් මගේ බැංකු පොත
දෙන්න මම යන්නම් කියලා.
ඉන්පස්සේ ඇය කතාවකින් තොරව ඇයට එහා
අසුනේ සිටි කලින් කිව නිලධාරිනියට මගේ බැංකු පොත දීලා අර මිස් ලගට යන්න කිවා.
ඉන්පස්සේ මම එතනට ගියා. ඇය මගේ ස්ලිප් එක අත්සන් කරලා පොතක් සමග අයෙමත් මට දුන්නා
අර සර්ට කියලා අත්සන් කරගෙන පොලිමේ ඉන්නේ නැතිව counter එකට එන්න කියලා. මම කරන්න දෙයක් නැති නිසා කලින් වතාවක් ගියපු සර්
ලගටම ගියා. ඒ වෙලාවේ ඔහු මගෙන් අහනවා ඇයි මේ account එක පාවිච්චි කරන්නේ නැත්තේ කියලා.
එපාම වෙලා හිටි මටත් කියන්න තියෙන ටික කියන්න හොඩම වෙලාව ක්යලා මාත් කියවන්න
ගත්තා.
මේ වගේ පොඩි ගනක් ගන්න දැන් පැයකට වඩා
මම මෙතන රස්තියාදු වෙනවා මම හැමදාම ගනුදෙනු කරන්න පැය ගනන් රස්තියාදු වෙන්න බැහැ
කියලා. ඉන්පස්සේ ඔහු කිවා නිතර ගනුදෙනු කරනවානම් මේ තරම් කරදරයක් නැහැ කියලා. මමත්
බැංකු ගිය පලවෙනි වතාව නෙවේනෙ මම කිවා අහවල් බැංකුවේ මම අවුරුදු ගනන් කිසිම
ගනුදෙනුවක් කරන්නේ නැතිව ඉදලා ගියත් කිසි කරදරයක් නැතිව වැඩේ කරගෙන එන්න පුලුවන්
කියලා. ඉන්පස්සේ ඔහු කියනවා මේවා ඉතින් මහ බැංකුවෙන් ගේන නීතීනේ කියලා. මම හිනා
වෙලා අයෙමත් කිවා මොනවා වුනත් ඔයාලා රජ්‍ය සේවකයො විදිහට මිනිස්සුන්ට මීට වඩා හොදට
සේවය කරන්න කියලා
සමහර නිලධාරින් ඉන්නවා අසරණ කෙනෙක්ට
කිසිම උදවුවක් කරන්නේ නැහැ කියලා. මම ඒ වෙලාවේ ඔහුට කිවා මම ඒ මොහොතේ අත්දැකපු
සිදුවීම. ඔහු එය සධාරණීකරනය කරන්න කියනවා අපිට එහෙම ස්ලිප් පුරවන්න පුලුවන් කමක්
නැහැ කියලා. මමත් ඒ නීතිය දන්නවා ඒත් ඇයව දන්න කියන වෙන කෙනෙක් වෙත යොමු කරන්න
තිබුනා. මම ඒ ගැනත් ඔහුට පැහැදිලි කලා. කොහොම වුනත් මගේ හඩ ටිකක් වැඩි වෙන්න ඇති actions දාලා කතා කරන නිසා අම්මත් බය වෙලා මගේ ලගට ආවා. ඔහු සමග තවත් කතා
කිරිමෙන් පලක් නැති නිසා මම එතනින් නැගිටලා counter එකට ගිහින් ස්ලිප් එක දුන්න.
යන්තම් මගේ මුදල් එ වෙලාවේ ගන්න
පුලුවන් වුනා. ඉන්පස්සේ මම අම්මා අතට චෙක් එක දීලා සල්ලි ටික දාගත්තා. අම්මා
ඉස්සරහා counter එකට ගිහින් චෙක් එක දීලා තිබුනා මම
ඉස්සරහාට යද්දි. එතන හිටි නිලධාරිනිය අම්මා අදුරන කෙනෙක්. ඇය අම්මාගෙන් චෙක් එක
ස්ලිප් එකත් එක්ක අරගෙන තිබුනා. ඇය එදින හවසම ඒක දාන්න පොරොන්දු වුනා. මම එතනට
යද්දි ඇය මගෙන් ඇහුවා බැංකුව එපා වුනාද කියලා. මටත් හිනා මම කිවා අපො එපාම එපා
වුනා කියලා. ඇයටත් හිනා. ආයේ චෙක් එක අරන් කෙලින්ම මගේ ලගට එන්න කියලා සුහදව කිවා.
ඒ වෙනකොට 2.50 වෙලා මම බැංකුවට එද්දි 1.40ට විතර ඇති. මම පැයකට වඩා බැංකුවේ රස්තියාදු වුනා සුලු මුදලක් තියන
චෙක් එකක් තැන්පත් කරන්න සහ බොහොම සුලු මුදලක් ගන්න ගිහින්. ඇත්තටම මට එදා රාජ්‍ය බැංකු
එපාම වුනා.
අසරණ කෙනෙක්ටවත් උදවු කරන්නේ නැති ඒ
වගේ මිනිස්සුන්ගෙන් ඇති වැඩේ මොකක්ද කියලා මට හිතුනා. අපි පුද්ගලික අංශයේ
බැංකුවකට
ගියොත් තිබෙන පිලිගැනීමත් අසරණ කෙනෙක්ට උදවු කරන ආකාරයත් දැක්කාම රාජ්‍ය අංශයේ
සේවකයන් ගැන බොහොම කල කිරීමක් ඇති වෙනවා. මේක කියවන ඔයාලත් රාජ්‍ය සේවකයෙක්නම්
කරුණාකරලා මේ වගේ හැසිරෙන්නේ නැතිව කාරුණිකව තමාගේ සේවය බලාපොරොත්තු වෙන කෙනාට
උදවු කරන්න.
ලියාගෙන යද්දි දිග වැඩි වුනා. සමාවෙන්න ඒ ගැන නම්....
Subscribe to:
Posts (Atom)