2013/09/06

දුර නොබලන්...... ලඟ බලන් .......


අතිගරු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුව රට වටා පාසල් 1000 ද්විතික පාසල් ලෙස සංවර්ධනය කිරිමට ආරම්භ කලා. මෙම පාසල් 1000 ට සියලුම පහසුකම් සහිත නවීන පරිගණක විද්‍යාගාරයක්, විද්‍යාගාරයක්, ගණිතාගාරයක්, සහ Multimedia Unit එකක් වැනි පහසුකම් ලබාදෙනවා. මීට අමතර පහසුකම් ලබා දෙනවා. එපමණක් නොවේ පාසලට අවශ්‍ය කරන මානව සම්පතද ලබාදෙනවා.

විශේෂත්වය වන්නේ පාසලේ තිබෙන 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා වෙනත් පාසලක් වෙත ගෙනයාම. ඇතැම් පාසල් වල මෙය සිදුකරනුයේ 1 ශ්‍රේණියට බදවා ගැනීම නතර කිරිමෙන් ක්‍රමක් ක්‍රමයෙන් 1 - 5 ශ්‍රේණි ඉවත් කෙරේ.

අපේ පාසලත් මෙලෙස ද්වීතික පාසලක් ලෙස සංවර්ධනය කිරීමට යෝජිතව තිබුණි. නමුත් දෙමාපියන්ගේ සහ ගුරුවරුන් බහුතරයකගේ තාවකාලික අරමුණු නිසා මෙයින් පාසල ඉවත් කරගෙන තිබෙනවා. තම බාල දරුවන් පාසලට ඇතුලත් කරගැනීමට නොලැබෙන නිසා දෙමාපියන් මෙම යෝජනාවට විරුද්ධ වුනා.

 ඇතැම් ගුරුවරුන් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මෙ යෝජනාවට අකමැත්ත ප්‍රකාශ කලා. අවසානයේදී පාසල මෙම ව්‍යාපෘතියෙන් ඉවත් වුනා. 2014 වසරේ පාසලට ළමුන් ඇතුලත් කිරිමේ කටයුතු ක්‍රියාත්මක වෙනවා.

මෙයින් ලැබෙන වාසි වලට වඩා තමන්ගේ පෞද්ගලික වාසි බලාපොරොත්තු විම නිසා. පාසලට ලැබීමට තිබුණු වටිනා භෞතික මෙන්ම මානව සම්පත් ද අහිමිව ගියා. මටනම් ඇත්තටම මේ කාරණයට දුකයි. මම පාසලට ආවෙත් පාසල් 1000 ව්‍යාපෘතිය යටතේ ලැබුණු පත්වීමකට අනුව. ඇත්තටම මම බලාපොරොත්තුවෙන් හිටියා නව තාක්ෂණික උපකරණ සමඟ පරිගණක විද්‍යාගාරයේ ඉගැන්වීම් කටයුතු සිදු කිරිමට.

නමුත් බලාපොරොත්තු සියල්ල අවසන්. තමන්ගේ ළමුන්ට ජනප්‍රිය පාසල් වලට තරඟ කිරිමක් නැතිව ලගම පාසලෙන් හොඳ පහසුකම් සහිත අධ්‍යාපනයක් ලබාගැනීමට ඇති අවස්ථාව අහිමි කරගත්තා. තම දරුවන්ට 1 සිට 5 ශ්‍රේණිය දක්වා අසලම පිහිටි වෙනත් පාසලක අධ්‍යාපනය ලබා 6 ශ්‍රේණියෙන් යම් කිසි ලකුණු මට්ටමකට අනුවම පහසුකම් සහිත පාසලක අධ්‍යාපනය ලැබීමට තිබුණු අවස්ථාව දෙමාපියන් මෙන්ම ගුරුවරුන් එක්ව නැති කරගත්තා.

අපේ පාසලේ දෙමාපියන් වැඩි ප්‍රමාණයක් අඩු ආදායම් ලාභින්. ඉතින් කිසි දිනක දෙමාපියන් සංවර්ධන සමිතිය එක්ව පාසල තුල එවන් පහසුකම් ගොඩනැගිය නොහැක. එබැවින් නැවත කිසි දිනක මෙවන් අවස්ථාවක් ලැබෙන්නේ නැතිවෙවි වගේම ශිෂ්‍යත්වයට පවතින තරඟය මොවුන් අතරින් අඩු නොවෙනු ඇති.

මට තියෙන ලොකුම දුක අපේ වැඩිහිටියන්ම එක් වෙලා අපේ දරුවන්ට නොමිලේ ලබා දෙන්න සැලසුම් කල පහසුකම් එපා කීවා තමන්ගේ එදිනෙදා වාසි දෙස බලා.....

සමහරවිට මට මෙම පාසලෙන් වෙනත් පාසලකට යන්න වේවි... එක අතකට මට වුන එක හොදක් ඒක.....








5 comments:

  1. ඔතනදි පැති කිහිපයක්ම තියෙනවා නෙවද කල්පනා කරන්ඩ. ද්විතික පාසල් 1000ක් සංවර්ධනය කෙරෙන සපිරි පාසල් වැඩසටහනට අයත් කිසියම් පාසලක පාසල් සංවර්ධන සමිතිය ඉල්ලා සිටින්නේ නම් එම පාසල්වලට 1 වසර පන්ති පැවැත්වීමට අවශ්‍ය අනුමැතිය ලබා දෙන බවත් එක් තැනක කියවුනා නේද. දෙමව්පියෝ කැමති නැතුව ඇති මොන සම්පතක් දෙනව කිවත් මේ විදිහට මුල්ම ඇතුලත් කිරීම තවත් පාසලකට සිදු කරන්න. අනික නැවත 6 වසරේ ඉඳන් බලාපොරොත්තු වන විදිහට නැවත මුල් පාසලට යොමු කරගන්න පුලුවන් වෙයිද කියන සැකයත් ඇති. මේ හැමදේම ඒ විදිහටම තියෙද්දි අර උඩින් කීව පහසුකම් ලබා දෙන්න හැකියාවක් නැත්ද?

    ReplyDelete
    Replies
    1. මෙතනදි පවැත්වු ඡන්ද විමසීමේදී බහුතර දෙමාපියන්ගේ කැමැත්ත ලැබී තිබුණා 1 ශ්‍රේණිය තියාගෙන පාසල් 1000ට ඇතුලත් වෙන්න. නමුත් ගුරුවරුන් ප්‍රකාශ කලා දෙමාපියන්ට ලබාදුන් ඡන්ද පත්‍රිකාව වැරදියි කියලා. මමත් දන්න පාසල් තියෙනවා මෙම ක්‍රමය යටතේ සාර්ථක වෙලා තියෙන.

      Delete
  2. මම දන්න පාසල් කීපයක්ම හොඳින් සංවර්ධනය උනා ඉහත වැඩ පිළිවෙල යටතේ.. හොඳටම හොඳ තත්වයේ තියෙනවා .. ඉතුරු පාසල් 997 ගැන නම් දන්නේ නැහැ..

    පූගේ තත්වය ගැන කණගාටුයි.. අවුරුදු 5 කොහොම හරි ඉඳලා වෙන ඉස්කෝලෙකට යන්න පූ.. ඔය ඉස්කෝලේ ඔයාට ගැළපෙන්නේ නැහැ..

    ReplyDelete
    Replies
    1. රජයෙන් ලබාදෙන පහසුකම් ලබාගන්න තරම් වාසනාවක් මේ අයට නැතිද කොහෙදෝ. ඇත්තටම මේ පාසලට ඇවිත් අවුරුද්දයි මාස දෙකයි තවම ගෙවුනේ. ඒත් මටත් හොදට අ තේරිලා තියෙනවා මේක මට ගැලපෙන්නේ නැහැ කියලා.

      Delete
  3. බොහොම පරන වටිනා බ්ලොග් එකක් නේ.. ඒත් ඇයි මේ මෙහෙම වෙන්නේ..

    ReplyDelete