අපි පුංචි කාලේ අපිට අකුරු කියවනවානෙ. මම දන්න විදිහට නම් ඉතින් අකුරු කියවන්නේ අවුරුදු දෙක හමාර තුන විතර වයසේදි. ඒ වගේම තමා ඔය අවස්ථාවට ලගම නෑදෑයින්ට එන්න කියලා නැකතට පූජාවන් එහෙම තියලානේ කරන්නේ. මේ ඉතින් මම දන්න විදිහ. මීට වෙනස් විදිත් ඇතිනෙ.
ඔන්න එහෙනම් අකුරු කියවන චාරිත්‍ර වාරිත්‍ර ගැන කියවන්නේ නැතිව මම කතාව කියන්නම්. අපේ පවුලේ ඉන්නේ මමයි අක්කයි නෙ. ඒ කියන්නේ අපේ අප්පච්චිටයි අම්මාටයි ළමයි දෙන්නයි. ඉතින් අපේ අප්පච්චිත් ගුරුවරයෙක් විදුහල්පතිවරයෙක් නිසා හරි කැමති වෙලා තියෙනවා අක්කාටයි මටයි අකුරු කියවන එක අප්පච්චිම කරන්න. මොකද ඉතින් අප්පච්චිගේ සහෝදරයන්ගේ ළමයි හැමදෙනාටමත් අකුරු කියවලා තියෙන්නේ අප්පච්චිම තමා. එහෙම එකේ තමන්ගේ ළමයි දෙන්නාට අකුරු කියවන්න බැරි වුනොත් වැඩක් නැහැ නෙ.
ඒත් ඉතින් අපේ අප්පච්චිගේ නරක වෙලාවට අපේ අක්කාටනම් අකුරු කියවන්න බැරි වෙලා. ඒක වෙලා තියෙන්නේ මෙහෙමයි. අපේ අක්කාට අවුරුදු 5 වෙනකම්ම අප්පච්චියි අම්මායි අක්කායි ඉදලා තියෙන්නේ අපේ අම්මාගේ මහ ගෙදර. ඉතින් අක්කාට අකුරු කියවද්දි අම්මාගේ අක්කාටත් එන්න කියලා ලේසියෙන්ම එන්න පුළුවන් නිසා. ඉතින් අප්පච්චි ඔක්කොම දේවල් සූදානම් කරලා අකුරු කියවන වැඩේ පටන් අරන්. අප්පච්චි හෝඩිපොත අරන් අක්කාට කියනවාලු
"කියන්න මගේ පුතේ අ යනු" කියලා.
අක්ක මුකුත් කියන්නේ නැතිව අර පූජාවට වටේට තියලා තියන ජාති වල හැඩ බලනවාලු.අප්පච්චි පස් හය වතාවක්ම උත්සාහ කලාලු වැඩක් නැහැ අක්කා අකුරු කියන පාටක් නැහැ. නැකත් වෙලාවත් පහුවෙන නිසා අත් ඇරල දාලා. ඊට පස්සේ අපේ ලොකු අම්මා "චම්මි.... කියන්න අ යනු..." කියලා.
අපේ අක්කාත් පට ගාලා කියලා " අ යනු " කියලා.
අප්පච්චිට හරිම දුක හිතිලා ඒත් ඉතින් මොනා කරන්නද කියලා ඉදලා.
එහෙම තම අප්පච්චිට අක්කාට අකුරු කියවන්න බැරි වෙලා තියෙන්නේ.
අපේ අක්කා ඉස්කෝලේ යන්න වයස වෙද්දි අපේ අප්පච්චිටයි අම්මාටයි අක්කාටයි අම්මලාගේ මහ ගෙදරින් යන්න වෙලා. ඒ හේතුව නම් මම ගොඩක් දන්නේ නැහැ. අම්මා කියලා තියෙන විදිහටනම් අපේ ලොකු මාමා කන්කසන්තුරේ ඉදලා එහෙ කලබල ඇතිවෙලා පවුල් පිටින් මෙහෙ ගෙදර පදිංචියට ආවාම අප්පච්චිටයි අම්මාටයි යන්න කියලා රණ්ඩු වෙලා. කොහොම හරි ඉතින් එයාලා වෙනම පදිංචියට ගිහින්.
ඔහොම ඉතින් වෙනම පදිංචි වෙලා පවුලේ අයගෙන් ගොඩක් ඈත් වෙලා තියෙනවා එයාලා. අපේ අක්කාට අවුරුදු 8ක් වෙද්දි මම ඉපදිලා තියෙන්නේ ඔහොම පවුලේ අයගෙන් ඈත් වෙලා ඒ තුන් දෙනා වෙනම සතුටින් ඉද්දි. කොහොම හරි මටත් අකුරු කියවන වයස ලං වෙලා. දැන් අත්තම්මාගේ ලොකුඅත්තාගේ බලපෑමුත් නැති නිසා අප්පච්චි ජයටම මගේ අකුරු කියවන මංගල්ලේට ලෑස්තිවෙනවාලු.
ඒ කාලේ අපි හිටියේ මාතලේ. ඒ නිසා අපේ අප්පච්චිගේ ගමට ලගයි. ඒ නිසා අප්පච්චි නිතර ගමේ ගිහින් එක එක දේවල් අක්කාටයි මටයි ගේනවා. ඔය ගේන දේවල් අපිට දෙන්නේ ටික ටිකත් නෙවේ. කොහොමහරි අකුරු කියවන්න කලිනුත් අප්පච්චි ගමේ ගිහින් බඩ ඉරිගු ගෙනත්. මට අකුරු කියවන්න කලින් දවසේ අක්කාටයි මටයි තම්බලා පිගන් දෙකකට දාලා ඉන්දවලා කන්න දුන්නා. අනේ ඉතින් මාත් පොඩ් එකා කියලා අමතක වෙලා වගේ හොදට කෑවා. ඊටත් වඩා හොදම දේ තමා අක්කායි මායි හරිම පෙරේතයි අන්නාසි වලට. අප්පච්චි එදා අන්නාසි ගෙඩියකුත් ගෙනාවා. අපි දෙන්නාට අන්නාසි ගෙඩිය කපලා දෙකට බෙදලා පිගන් දෙකකට දාලා දුන්නා. අපිට කියලත් මොනවා තේරෙනවාද අපිත් හොදට කෑවා. කොහොම හරි අක්කායි මායි එදා කිසි අවුලක් නැතිව හැමදේම කාලා හිටියා.
කොහොමහරි පහුවදා මට අකුරු කියවන නැකත. එදා උදෙන්ම අප්පච්චියි අම්මායි නැගිටලා හැමදේම ලෑස්ති කරලා. අපිවත් ඇහැරවලා මුණ සෝදවලා ඇදුම් අන්දලා වැඩේට ලෑස්ති වෙනවා. අප්පච්චි මට ගෙනපු අලුත්ම ඇදුම අන්දවලා හැඩට කොන්ඩෙ පිරලා හැඩ කලා. ඊලගට ලස්සනට පුජාවන් තියන්න සරසපු මේසේ පහන් පත්තු කරලා පූජාවන් එහෙම තියන්න ලෑස්ති වුනා. බුදුහාමුදුරුවන්ට මල් පහන් සුවද පූජා කරලා ඊලගට ගණ දෙවියන්ට සරස්වති දෙවියන්ට අදාල පූජාවන් එහෙම තිබ්බා. ඔය වැඩ ටික කරලා පන්සිල් එහෙමත් කියලා අප්පච්චි හෝඩි පොත අතට ගත්තා.
ඉන්පස්සේ අප්පච්චි හෝඩිපොතේ මුල් පිටුව පෙරලලා "අ" ලග ඇගිල්ල තියලා
"කියන්න මගේ පුතේ "අ" යනු ....."
මම නිහඬයි.
අප්පච්චි ආයෙමත් කියනවා
"කියන්න පුතේ "අ" යනු..."
මගේ කට හෙලවෙන්නේ වත් නැහැ.
අප්පච්චිත් ගේම අතාරින්නේම නැහැ. ඇයි ඉතින් එක ළමයෙක්ට අකුරු කියවගන්න බැරි වුනා. අනිත් ළමයාටවත් අකුරු කියවන එක කරන්න එපායැ.
"කියන්න මගේ පුතේ "අ" යනු... කියන්න."
ඒත් ඉතින් මම නෙවේ කියන්නෙ.
බැරිම තැන අක්කාත් කියන්න ගත්තා.
"කියන්න නංගි... "අ" යනු..."
එත් ඉතින් මම කියන්නේ කොහොමද....
අප්පච්චි ආයෙමත් කියනවා
"මගේ හොද පුතානේ කියන්නකො "අ" යනු....."
ඒ පාරනම් මගේ කට ඇරුනා...
"මට බෑ අප්පච්චි......" කියලා මම ඇඩුවා.
අප්පච්චිට කවදාවත් නැතිව තරහා ගියා හොදටම. මගේ පස්සට දෙකක් ගහලා ඇද උඩට විසි කරලා දැම්මා. ඉන් පස්සේ අප්පච්චි එලියට ගියා. ඒ වෙලාවේ තමා අප්පච්චි දැකලා තියෙන්නේ අප්පච්චිගේ සරමේ මම ඉදන් හිටි තැන මොනාද ගෑව්ලා තියෙනවා. ඉන් පස්සේ අප්පච්චි අයෙමත් ඇවිත් මාව අරගෙන බලලා කලිසම ගලවලා බලලා.
අනේ අසරණ මට වෙලා තියෙන්නේ කලින් දවසේ කාපු දේවල් දිරවගන්න බැරිව බඩේ අජීර්ණයක් වෙලා බඩ බුරුලට ගිහින් ඇදන් හිටි ඇදුමේම. කොහොමහරි එදා මගේ අකුරු කියවිල්ල ඉවර වුනා. මම අ යන්න කියන්න කට ඇරියේවත් නැහැ. කොටින්ම කිවොත් මම අකුරු කියවලා නැහැ.
ඔන්න ඔහොමයි මම අකුරු කියෙව්වේ. අහ් මම අකුරු කියෙව්වේ නැහැනේ..
මට නැකතට අකුරු කියවන්න ගිහින් වුනේ ජර මරයක්....... කොහොමත් ඉතින් මගේ ජීවිතේ තියෙන්නේ හරි අමුතු සිදුවීම්නේ....
2012/12/27
2012/12/11
මම ලිඳට පනිනවෝ...... (ජබෝ....ස්......)
ගොඩක් දවසකට පස්සේ මතක් වුනා මම පොඩි කාලේ කරපු දඟ වැඩක්. ඒක මතක් වුනෙත් ඔය සිදුවීමට අදාල ලිඳ දැක්කා ගොඩක් දවසකට පස්සේ ගෙදර පිටිපස්සේ මිදුලට ආව නිසා. දැන් ඔයාලා හිතින් මවා ගන්න එහෙම එපා ලොකු පිටිපස්සේ මිදුලක්.. අපේ ඉඩම පොඩියි ඒත් මම පිටිපස්සේ කොටසට යන්න කැමති නැහැ. හේතුව ඉතින් එහා පැත්තේ ගෙදර අන්කල් හැමවෙලේම ඉන්නේ එතන. මම එයාට කැමති නැහැ නේ. අනම් මනම් කතා නතර කරලා කතාව කියන්නම්.
අපි දැන් ඉන්න ගෙදරට ආපු අලුත තමා මේ සිදුවීම වුනේ. අපි මෙහේ පදිංචියට එද්දි ගෙදරට ටැප් වතුර තිබුණේ නැහැ. ඒ කියන්නේ පාරෙන් වතුර අරන් නැහැ. අපි වතුර ගෙනාවේ අපේ ගෙදර උඩහා ගෙදරින්. ඒ උඩහා ගෙදර හිටියේ අපේ අම්මාගේ ලොකු මාමා සහ නැන්දා. එයාලාගේ පුතාලා දෙන්නාගෙන් එක්කෙනෙක් බැදලා australia වල අනිත් පුතා බැදලා කොළඹ පදිංචිය. දුව බැදලා නැහැ ඒ වෙද්දි. ටිකක් වයසට ගිහින් එයා ඒ වගේම හරි අමුතුයි. කොහොම හරි මුල් කාලේ වතුර එහෙන් ගේන එක කරදරයක් නැති වුනාට ටිකක් කල් යද්දි හරි කරදරයි. එලියේ ටැප් එකෙන් වතුර පුරවද්දි ඒ ලොකු අත්තා වතුර වේගය අඩු කරනවා. එතකොට ඉතින් පැයක් විතර ඉන්න ඔනේ වතුර පිරෙනකම්.
ඔය කරදරේ ඉවසන්න බැරි නිසා අම්මායි අක්කායි තීරණය කලා අපේ වත්තේ තිබුණ අත් ඇරලා දාපු ලිඳ සුද්ද කරලා හෝදන වැඩ වලට ගන්න. බොන්න විතරක් එහෙන් වතුර ගමු කියලා. ඔය කාලේ ඉතින් මම පොඩි ළමයා. මම 2 වසරෙන් හොරෙන් පැනලා 3 වසරේ ඉන්න වයසේ. අපි ලිඳ හොදට සුද්ද කරලා පාවිච්චියට ගත්තා.
අපේ අම්මා අපිත් එක්ක ඉන්නේ සෙනසුරාදා ඉරිදා විතරනෙ. අනිත් දවස් වල අපි කලින් ඉස්කෝලේ ඇරිලා ආවාට අම්මා එද්දි ටිකක් හවස් වෙනවා. අපි එහෙට ඇවිත් ටික කාලයක් ගියා. ඔහොම ඉද්දි උඩහා ගෙදර අත්තම්මාට අපේ අම්මා නැතිවම බැහැ. එයා හැමවෙලේම අපේ අම්මාට උඩ ඉදන් අඩගහනවා බබෝ බබෝ කියලා. ඔය ඒ අත්තම්මා බබෝ කියන්නේ මට. මම ඉස්සරහා මිදුලට අවාම කියනවා අම්මාට එන්න කියන්නකො කියලා. ඉතින් අපේ අම්මාත් යනවා. නොගිහින් බැහැනෙ. අම්මා එන්කම් ඉස්කෝලේ ඇරිලා ආවාම අපිව බලාගන්නේ අත්තම්මානෙ.
ඉතින් ඔහොම කතා කලාම අපේ අම්මාත් ගිහින් සෑහෙන වෙලාවක් කතා කර කර ඉන්නවා. ඉතින් හැමදාම මම සිය පාරක් විතර අම්මාට කතා කලාම තමා අම්මා ගෙදර එන්නේ. ඔය වැඩේට මට ඉතින් හරි තරහයි. ඉතින් ඔහොම දවසක් අම්මා අත්තම්මා එක්ක කතා කර කර හිටියා. මම හතර පස් වතාවක් අම්මාට එන්න කිවා. අම්මා එන්නම් කිය කිය කතාව. මම ගේ වටේ ගියා ටිකක් කල්පනා කලා. මගේ ටිකිරි මොලේට හොඳ අදහසක් ආවා.
"අම්මා..... එන්නකෝ....... ඔයා ආවේ නැතිනම් මම ලිඳට පනිනවා......
එකයි.... දෙකයි..... තුනයි...... "
ජබෝ......ස්
අම්මා අඩි දෙකට ලිඳ ලග එබිලා බැලුවා ලිඳ ඇතුල පෙන්න නැහැ ඔලුගෙඩියක්. එත් වතුරට යමක් වැටිලා හෙලවෙන විදිහ පෙනවා. අම්මා අඩන්න ගත්තා.
"අනේ මගේ පොඩි පුතේ...... ඇයි අම්මාට එහෙම කලේ.....
මම ඔයාවයි අක්කාවයි බලාගන්නේ කොයි තරම් අමාරුවෙන්ද...."
ඔහොම කිය කිය අඩනවා. අක්කාත් සද්දෙට දුවගෙන ඇවිත් ලිඳ ලග. ඒ ලිඳට පැන්නොත් ආයේ ගොඩ ගන්නවා බොරු. හේතුව ඉතින් ගොඩක් ගැඹුර ලිඳක් නෙ. අක්කාත් හොදටම අඩනවා. එයාගේ එකම නංගිනෙ. අම්මාටයි අප්පච්චිටයි කියලා කියලා ගෙන්න ගත්ත. මටත් හරි දුකයි දැන් ඒ දෙන්නා අඩද්දි. මම හෙමින් සීරුවේ ලිඳ පිටිපස්සේ ඉදලා හෙමිට නැගිට්ටා. අම්මා දැක්කා මාව.
"පොඩි පුතේ ඔයා ඔතන එතකොට...." අම්මා එහෙම් කියලා ලිඳ ඇතුල බැලුවා.
අක්කාත් මට ඔරවලා "නංගි ඔයා මොකක්ද ඒ කරපු වැඩේ...."
දැන් කොහොමත් බැනුම් අහගන්න වෙනවා කියලා දන්නවානේ. ඉතින් මම බොහොම හෙමින් ඇත්ත කියන්න පටන් ගත්තා.
"අම්මා...... මම අම්මාට කතා කලාට කතා කලාට එන්නේ නැහැනෙ. අත්තම්මා එක්ක කතා කර කර ඉන්නවානෙ. ඉතින් මම තරහට මම ලිඳට පනිනවා කියලා මෙතන තිබුණ ගල ලිඳට දැම්මා. එතකොට සද්දෙට අම්මා එනවානෙ......"
මම කියාගෙන කියාගෙන ගියා.
අම්මායි අක්කායි හොදටම තරහෙන් පුපුරනවා.
"ඔයා පැන්නා කියලා හිතලා මමත් දුවගෙන ආපු ගමන් ලිඳට පැන්නා නම් මොකද කරන්නේ" අම්මා එහෙම ඇහුවා.
අම්මා එහෙම ඇහුවාම මට දෙන්න උත්තරයක් තිබුනේ නැහැ.
"එනවා යන්න ගෙදර...." අම්මා තරහින් එහෙම කියලා මාව අතින් ඇදගෙන ගිහින් ගෙට දැම්මා.
ඉන්පස්සේ පේර කෝටුවක් කඩාගෙන ඇවිත් දොරවල් දෙක වහලා හොදටම ගැහුවා. ආයේ එහෙම වැඩක් කලොත් හම ගහනවා කියලා බැන බැන ගැහුවා. මට කවදාවත්ම අම්මා එහෙම ගහලා නැහැ.
මම හොදටම ගුටි කෑවා අයෙම එහෙම වැඩක් කරන්නේ නැති වෙන්නම. කොහොම හරි අම්මා ගහන එක නතර කලා දුක හිතුන නිසා.
ඊට පස්සේ මට ලිඳ ලගට යන එක තහනම් කලා. අම්මා හරි අක්කා හරි නැතිව තනියෙන් ලිඳ ලගට ගියොත් පොලිසියට අල්ලලා දෙනවා කිවා. පොඩි මම පොලිසියට තියන බයට අයෙම ලිඳ ලගට ගියෙ නැහැ.
ඔන්න ඔහොම තමා මම ලිඳට පැන්නේ. අදටත් ඒ ලිඳ තියෙනවා. නමුත් දැන් ඒ හරියේ ගෙවල් ගොඩක් හැදිලා නිසා පාවිච්චි කරන්නේ නැහැ.
එදා ලිඳට ඇත්තටම පැන්නා නම් අද මෙහෙම කියන්න මම නැහැනෙ ඉතින්.....

2012/12/06
අමාවක...........
අමාවක දා රෑට එකළු කරනට
අඹර....
නැතිමුත් සුපුන්.... සඳ.....
නැත..... කිසිදාක.....
අමාවක....
මසිත් අහසට.....
එකළු කරනට......
නුඹට....... හැකි නිසා
සුපුන්... සඳ වී....
මසිත් අහස.....
අඹර....
නැතිමුත් සුපුන්.... සඳ.....
නැත..... කිසිදාක.....
අමාවක....
මසිත් අහසට.....
එකළු කරනට......
නුඹට....... හැකි නිසා
සුපුන්... සඳ වී....
මසිත් අහස.....
2012/12/01
දිවි තුරා ආදරෙයි මං නුඹට.......
කදුල නුඹ හැමදාම
මා ලඟ තනියට ඉන්න....
දුර ඈත...... ඒ හිතට
ලංවෙන්න වරම් නැති.....
ආදරයේ සුවඳ නොවිදි....
පුංචි බිම්මලක්..... මා
තරු පිරිවැරූ හඳට පෙම් බැදි...
කොඳ කුමුදු මලකි....... මා.....
නොලැබෙනා බව දැන දැනම
නුඹට පෙම් කලේ...... කුමට
කියන් මට.... කුමරුණේ....
ලං වෙනු නොහැකි.... දුරකට
පියමං කලත්....... නුඹ...
ඇතැර මා .........
පෙම් කරමි...... මම
දිවි තුරා......
නුඹ....... සිතට.....
එක ලෙදම....... හැමදාම.....
මා ලඟ තනියට ඉන්න....
දුර ඈත...... ඒ හිතට
ලංවෙන්න වරම් නැති.....
ආදරයේ සුවඳ නොවිදි....
පුංචි බිම්මලක්..... මා
තරු පිරිවැරූ හඳට පෙම් බැදි...
කොඳ කුමුදු මලකි....... මා.....
නොලැබෙනා බව දැන දැනම
නුඹට පෙම් කලේ...... කුමට
කියන් මට.... කුමරුණේ....
ලං වෙනු නොහැකි.... දුරකට
පියමං කලත්....... නුඹ...
ඇතැර මා .........
පෙම් කරමි...... මම
දිවි තුරා......
නුඹ....... සිතට.....
එක ලෙදම....... හැමදාම.....
2012/11/22
එන්න හොර බොරු වංචා දන්නේ නැති අය..... දවසින් ඉගෙන ගන්න ...
ගොඩක් දවසකට පස්සේ මේ පැත්තේ ඇවිත් හොර බොරු වංචා ගැන පන්තියක්වත් දාන්න ලෑස්තිද කියලා. අනේ නැහැ.. මේ මාත් ඉගෙන ගත්ත දෙයක් ඔයාලා එක්ක බෙදා හදාගන්න කියලා. කවදා හරි ඔයාලාටත් වැදගත් වේවිනේ...
කට්ටිය දන්නවනේ මේ දවස් වල හැම පාසලකම වගේ වර්ෂ අවසාන වාර විභාගය පැවැත්වෙනවානෙ. ඉතින් මම ඉන්න පාසලේත් ඔය සදහා සුදානම මේ වාරයේ ආරම්භයේ ඉදන්. දැන් ඔයාලා මගෙන් අහන්න එහෙම එපා ඒ තරම් කාලයක් මොකටද කියලා. ඔය ගැන මම දන්නේ නැහැනේ.. මට වැඩකුත් නැහැනේ. කාලෙකට පස්සේ ලියන්න ගත්ත නිසා වැඩකට නැති දේවල් කියවනවා.
ඉතින් පාසලේ ලොකු ලොක්කෝ කතා වෙලා පසුගිය වාර විභාගයේ ප්‍රශ්ණ පත්‍රවල අකුරු වැරදීම් තිබුණ නිසා අලුත් ක්‍රියාමාර්ගයක් අරන් තිබුනා. අලුත් දෙයක් කිවාට කරන්නේ අදාල අංශවල ගුරුවරුන් තම තමන්ගේ අංශ වල ප්‍රශ්ණ පත්‍ර කුමන ක්‍රමයකින් හරි ටයිප් සෙටින් කරවාගෙන ප්‍රින්ට් කරලා භාරදෙන්න ඕනේ. ඉතින් ඔය වැඩේට යන වියදම පාසල් සංවර්ධන සමිතියෙන් ලබාදෙනවා.
ඔන්න ඉතින් අදාල අංශවලින් වැඩේට බැස්සා. ඔය අතරේ ගුරුවරු අතරේ සමහර අයට සිංහල ටයිපින් පුලුවන් අය ඉන්නවානේ. එයාලාට අමතර ආදායමක් ලබාදෙන්නත් එක්ක ඒ ගුරුවරුන්ට දුන්නා. ඉතින් මටත් ඔය තොප්පිය සෙට් වුනා. මට නම් ඉතින් ඔය අමතර අදායම් වැඩක් නැහැ ලැබෙන වැටුපවත් වැඩක් නැති කොට. ඒ ගැන පස්සේ දවසක කියන්නම්. ඉතින් commerce section එකේ අංශ ප්‍රධානි මට කිවා එයලාගේ ප්‍රශ්ණ පත්‍ර ටයිප් කරලා දෙන්න. මටත් ඉතින් කවුරුත් දෙයක් කිවාම බැහැ කියන්න බැහැනේ. ඒ නිසා මම භාරගත්තා.
මට භාරදුන්න ප්‍රශ්ණ පත්‍ර සියල්ලම හොදට ටයිප් කරලා භාරදුන්නා. ඒත් ඉතින් මම ඒවාට මුදල් ලැබේවි කියලා බලාපොරොත්තුවක් තිබුනේ නැහැ. හේතුව ඉතින් මම පාසලේ ටයිපිස්ට් වගෙන. ඒත් ඉතින් ඒ මැඩම් මට කිවා හැමදෙනාම මුදල් ගන්න එකේ මටත් වවුචරයක් පුරවලා මුදල් ගන්න කිවා. මාත් වවුචරයක් අරගෙන science section එකේ ප්‍රශ්ණ පත්‍ර ටයිප් කරන සර්ගෙන් අහගෙන පුරවා ගත්තා.
හැමදෙනාම දාලා තිබුනේ එක පිටුවකට රුපියල් 60 ගානෙ. මමත් ඒ ගානම දාලා දුන්නා. මම පිටු 43 ටයිප් කරලා තිබුණ නිසා මුලු මුදල 2580 වුනා. කොහොමහරි ඔය මුදල ගත යුතු පිළිවෙලත් අහගෙන මම ගියා අදාල කෙනා ලගට. ඇය පාසල් සංවර්ධන සමිතියේ භාණ්ඩාගරික තුමිය. ඉතින් එයා වවුචර් එකට ටිකක් වෙලා ඔරවන් බලන් ඉදලා කිවා අපෝ එක පිටුවකට රුපියල් 60ක් වැඩියි. මේක සර්ගෙන් අහන්නේ නැතිව බැහැ. අනේ ඉතින් අනිත් අයට හොදයි මට තමා කියලා හිත හිත මම ගියා විදුහල්පතිතුමා හොයාගෙන.
නරක වෙලාව කියන්නේ ඒ වෙලාවේ විදුහල්පතිතුමා නැහැ. පහුවදාට වැඩේ කල්දාලා මම ගියා මගේ වැඩ කරන්න. කොහොමහරි මම පිටුවකට රුපියල් 60 වැඩියි කිව කතාව commerce section එකේ අංශ ප්‍රධාන තුමියටත් කිවා. ඇය කිවා අනිත් අයට දෙන ගානම මටත් ලබාදෙන්න ඔනේ කියලා. කොහොමහරි පහුවදා මට ගොඩක් වැඩතිබුණ නිසා විදුහල්පතිතුමාව මුණගැහෙන්න පුලුවන් වුනේ පාසල් අවසන් වුනාම. මම මගේ වවුචර් එක පෙන්නුවා. ඉන්පස්සේ ඔහු කිවේ වෙන්ත් දෙයක්. රුපියල් 2000ට වඩා වැඩ් නිසා ගෙවන්නේ කොහොමද කියන එක භාණ්ඩාගරික තුමිය සමග කතා කලයුතු නිසා පහුවදාට එන්න කිවා.
ඔන්න ඉතින් මම පහුවදාත් වවුචරයත් අරන් ගියා. ඉන්පස්සේ විදුහල්පතිතුමා භාණ්ඩාගාරික තුමිය සමග කතාබහ කරලා කොටස් වලට කඩා වෙන වෙනම මුදල් ලබාගන්න පැවසුවා. මම ඒ බව commerce section එකේ ගුරුවරියන්ට කිවාම ඔවුන් වෙන වෙනම වවුචර් පුරවලා දුන්නා. ඉතින් ආයෙමත් අරන් ගියාම භාණ්ඩාගාරික තුමිය කියනවා මෙහෙම ගෙවන්න බැහැ. ඒවාට අදාලව බිල් තියෙන්න ඕනේ කියලා. ඉතින් මම කිවා මේවා ටයිප් කලේ මම මට බිල් දෙන්න බැහැනේ කියලා. ඒ පාර කියනවා බිලක් නැතිව ගෙවන්න බැහැ කොහෙ හරි කඩේකින් බිලක් ඉල්ලාගෙන එන්න කියලා.
ඒ වෙද්දිනම් මට එපාම එපාම වෙලා තිබුනේ. ඊටත් වඩා නීති ගොඩක් කියලා අන්තිමට හොරට බිලක් ගේන්න කිවා. හොරයක් නැතිව ඇත්තම කිව නිසා වැඩේ වුනේ නැහැ. අන්තිමට හොර වැඩේ කරන්න හිතට එකග නැතිව මම එතනින් ආවා මට වැඩේ භාරදුන් කෙනාට විස්තරේ කියලා ඒ මහන්සිය අමතක කරලා දාන්න. මම ඒ අයට විස්තරේ කිවාම එයාලා බිලක් ගෙනත් දෙන්න පොරොන්දු වුනා. කොහොමහරි බිලක් ලැබුනා. ඒත් කොටස් වලට කඩපු මුදල අයෙමත් එකට දාලා තමා බිල දීලා තියෙන්නේ. ඒ නිසා වෙන බිලක් හොයන්න වුනා. කොහොමහරි අපේ අම්මා මට බිල් දෙකක් හොයලා දුන්නා.
එහෙම දීලා අම්මා කිවා ඕක හරි ගියෙ නැතිනම් අතැරලා දාන්න එහෙම බොරු කරන්නත් බැහැ කඩවල් වල මිනිස්සු මොනවද හිතන්නේ එහෙම ඉල්ලද්දි කියලා. ඉතින් අද මම ඒ බිල් දෙකත් අරන් ගිහින් දුන්නාම කිවා මේක කොහෙන්ද ගත්තේ කියලා. මම අම්මාගෙන් තැන අහගත්තේ නැතිනිසා මම හිතට ආවට කිවා super market එකේ පැත්තක communication එකක් තියෙනවා එකෙන් කියලා. ඊට පස්සේ ඇය කියනවා මේ බිල පිලිගන්නවාද කියලා බලන්න ඔනේ කියලා. මම එහෙනම් බලලා තියන්න කියලා කියලත් අයෙම කිවා නැහැ මම සදුදාට අරන් එන්නම් කියලා.
මේ තරම් අමාරුවෙන් ගත්ත බිල නැති කලොත්. කොහොමහරි දැන් සති දෙකක් තිස්සේම මම වවුචරයක් අරන් රස්තියාදු වෙනවා නීතියට වැඩකරන්න බොරු කරන්න ගිහින්. අද හිතාගත්තා සදුදාට බැහැ කිවොත් අයෙත්නම් කවදාවත් වවුචරයක් පුරවන්නේවත් නැහැ කියලා.
කොහොමහරි ගුරුවරුන්ට මුදල් ගන්න බැහැ කියලා අපේ අක්කාගේ නමට වවුචරය ලියලා හොරෙන් කඩෙන් බිල් අරගෙන මම මහන්සි වුන එකට සධාරණය ලබන්න යන්නේ. මම ඇත්තම කිවා මම ටයිප් කලේ කඩවල් වල බිල් ගන්න බැහැ කියලා. ඉතින් එයාලා මට කියලා දුන්නා බොරු කියන්න වංචා කරන්න... ඒකත් නරකම නැහැ...
ලියාගෙන යද්දි ගොඩක් දිග වැඩි වුනා. කියවලා මටත් බැනලා යන්න. හැමදාමත් වගේ මම අදත් කියන්නේ ගුරුවරු කියන්නේ ගුරු වෘත්තිය කියන්නේ මහ එපා කරපු දෙයක්. ඒත් ඔය නරක ගුරුවරු අතරේ තවමත් හොද ගුරුවරුන් ඉන්නවා කියලා මට තේරුනේ දැන් මා සමග ඉන්න අවුරුදු 28 සේවය කල ගුරුමෑණියන්ගෙනුයි. එහෙනම් ගිහින් එන්නම් තවත් ගුරු විරෝධි කතාවක් අරන්.....

2012/11/01
අනේ මෙහෙමත් ගුරුවරු සහ සිසුන්......
ගොඩක් දවසකට පස්සේ ආයෙමත් ලියන්න ගත්තෙ මම අකමැතිම සිදුවීමක් වුන නිසාත් මට ඒ ගැන ලියන්න විවේකයක් ලැබුණු නිසාත්... පහුගිය දවස් වල මීටත් වඩා අප්‍රසන්න සිදුවීමක් වුනා. නමුත් ඒ ගැන ලියන්න හිතෙන්නේ නැති නිසා අද වුනදේ ලියන්න හිතුනා.
අපේ පාසලේ දැන් දින ගණනාවක් ඉදලා මෙවර සාපෙළ ලියන සිසුන්ට සම්මන්ත්‍රණ පැවැත්වෙනවා. පහුගිය දිනවල මෙම සම්මන්ත්‍රණ මාලාව ආරම්භ කලා. මෙය ප්‍රින්සිපල්ගේ නියොගයක් මත ක්‍රියාත්මක කල වැඩසටහනක්. ඔහු පවසා තිබුනා සෑම විෂය භාර ගුරුවරයෙක්ම තමන්ට අදාල විෂය සදහා එක් සම්මන්ත්‍රණයක් හෝ පැවැත්වීම අනිවාර්ය බව. කොහොමහරි පහුගිය දින කිහිපයේ මා දන්නා පරිදි සම්මන්ත්‍රණමාලාව කිසිදු ප්‍රශ්ණයකින් තොරව පවත්වා තිබෙනවා.
නමුත් අද උදෑසන බරපතල ප්‍රශ්ණයක් උද්ගත වුනා. මම අද පාසලට යන විට විනාඩි 5ක් පමණ ප්‍රමාද වුනා වර්ෂාව නිසා. කොහොමහරි තෙමිගෙන ගිහින් වතුර වෙලා ගන්න ක්‍රමයක් හිත හිත දවසේ කරන්න තියන වැඩ ටික හිතමින් ඉන්නකොට දැකලා හිනාවෙලා පමණක් තියෙන සර් කෙනෙක් ආවා. එතන staff room එකක් නිසා මම හිතුවේ එතන ඉන්න මැඩම්ව මුණගැහෙන්න වෙන්න ඇති කියලා. ඇත්තටම එතන Biology lab එකේ රූම් එකක්. මාත් හිනාවෙලා කට හදා ගත්තා අද bio madam නෑ කියන්න.
නමුත් ඉතින් බලාපොරොත්තු නැති විදිහට ඒ සර් ආපු ගමන්ම කිවේ මාවම හොයාගෙන ආවා කියලා. ඉතින් එතකොටම මම දන්නවා මොකක්මහරි මරාලයක් මට කඩාපාත් වෙනවා කියලා. මාත් ඉතින් හොද හිනාවක් එහෙම දාලා ඇහුවා මොකක්ද වෙන්න ඕනේ කියලා.
ඉතින් සර් මට dongle එකක් දීලා කියනවා. අද ඉතිහාසය සම්මන්ත්‍රණය තියෙන්නේ. ඒත් ඉතිහාසය කරන ගුරුවරු තුන්දෙනාගෙන් එක්කෙනෙක්වත් නැහැ. ප්‍රින්සිපල් කිවා මේකෙන් මොනවා හරි දාලා පෙන්වන්න කියලා ඔයාට කියලා.
අනේ ඉතින් මට නෑ බෑ කියවිලි නැති නිසා මාත් හා කිවා. dongle එක අරගෙන install කලා. ඔය අතරේ සර් අහනවා කොහොමද ළමයි හැමදෙනාටම පෙන්වන්නේ කියලා. ඉතින් මම කිවා projector එක ගේන්න වෙනවා කියලා. ඉතින් ඔහු ඒ වැඩේ භාර ගත්තා. මටත් ඒක හොදයි. හේතුව ඒක තියෙන්නේ ප්‍රින්සිපල්ගේ භාරයේ ඉතින් අරන් එද්දි ගෙනිහින් දෙද්දි cable හරියට පෙන්නන්න ඕනේ. හරිම වදයක්. නීති ගොඩයි.
සර්ගේ dongle එක connect වෙන්නේ නැති නිසා මගේ ලෝබකම පැත්තක තියලා මගේ dongle එකෙන් හොයන්න ගත්තා මොනවද පෙන්වන්නේ කියලා. මුලින්ම NIE එකෙන් ඉතිහාසය syllabuse එක download කරලා බැලුවා මොනවද අදාල කියලා. ඒ තියෙන දේවල් හෙව්වාට වැදගත් යමක් නැහැ පෙන්වන්න පුලුවන්. අන්තිමට ඒ සර්ට මතක් වුනා මොනවාහරි CD තියෙනවාද කියලා.
කොහොමහරි අමාරුවෙන් අපේ Computer lab එක බාරව ඉන්න සර්ගෙන් විද්‍යාව විෂයට අදාල CD ලැබුනා. කොහොමහරි අවශ්‍ය කරන අම්පන්න ඔක්කොම අරන් ප්‍රධාන ශාලාවට ගිහින් අමුණලා ළමයි නිෂ්ශබ්ද කරවලා CD දැම්මා. ඒත් ඉතින් ඒ ළමයි විනාඩි 5 ක්වත් නිහඩව හිටියේ නැහැ. කෑගහන්න ගත්තා. නිෂ්ශබ්ද කරවන වෙලාවේ විතරයි. ඇත්තටම ඒ තරම් නැහැදුණු ළමයි පිරිසක් මම ඒ දැක්කාමයි. සූ කියනවා කෑගහනවා තේරුමක් නැති ඒවාට අත්පුඩි ගහනවා. හූ කියනවා. කිසිම හැදියාවක්වත් අලුත් දෙයක් දැන ගැනීමේ වුවමනාවක්වත් නැහැ.
එහෙම අමාරුවෙන් CD එකහමාරක් පෙන්නුවා. නමුත් අර සර්ටත් මටත් එතන හිටිය තව ගුරුවරියන් දෙන්නෙක්ටත් තේරුණා තේරුමක් නැති වැඩක් කියලා. ඉතින් අපි වැඩේ නතර කලා. කොහොම හරි ගෙනාව උපකරණ ගෙනියන්න ලෑස්ති කරන විටත් ළමයි හොදටම කෑගැහුවා. එපමණක් නොවේ එක ළමයෙක් හොද පැහැදිලිව හූ කිවා. අර සර්ට හොදටම තරහා ගිහින් හිටියේ. තරහා තවත් උග්‍ර වුනා. අර ළමයා ලගට ගිහින් ළමයාව නවලා දුන්නා පිට හරහා පාරවල් දෙකක් පුදුම සද්දෙකින්. මුළු ශාලාවම නිෂ්ශබ්ද වුනා පුදුම විදිහට. ඔන්න ඔහොම ඉතිහාසය සම්මන්ත්‍රණය අවසන් වුනා.
හොදම සිදුවීම වුනේ ඉතිහාසය උගන්වන ගුරුවරු දෙදෙනෙක්ම එදින නිවාඩු. එක් ගුරුවරියක් උසස් පෙළ කලා අංශයේ. ඇය අද පාසලට පැමිණියත් සම්මන්ත්‍රණය පවත්වනවා නේද අනිත් ගුරුවරු නැහැ නේද කියලා නිකමටවත් ඇවිත් හැරී බැලුවේ වත් නැහැ. අදාලත්වයක් නැති අර සර් සහ පන්ති භාර ගුරුවරියන් දෙදෙනෙක් එතන සිටියා. ඒ ඇර කොහෙත්ම සම්බන්ධයක් නැති මම එතන ගිහින් ළමයින්ට යම් දෙයක් දෙන්න උත්සාහ කලා. නමුත් ඒ ළමුන්ටත් කිසිම උවමනාවක් නැති නිසා ඒ උත්සාහයත් තේරුමක් නැති දෙයක් වුනා.
මට හිතුන දේ තමා එවන් ගුරුවරුන්ටම ළමයි හැඩ ගැසිලාද කියලා. වැඩක් කරන ගුරුවරයෙක්ට වැඩක් කරන්නත් ඉඩ දෙන්නේ නැහැ. ඒ ගුරුවරයෙක්ගෙන්වත් වැඩක් ගන්න ළමයින්ට හිතෙන්නෙත් නැහැ. මට ඇවිත් වැඩේට සහය ඉල්ලු සර්ට ගොඩක් ලොකු උවමනාවක් තිබුනා ඒ ළමයින්ට කාලය නාස්ති කරමින් ඉන්න ඉඩ නොහැර යම් දෙයක් ලබා දෙන්න. ඒත් ඔහුගේ උත්සාහය ව්‍යර්ථ වුනා......

2012/09/21
උන්ව ඉස්කොලෙන් අස් කරලා දාන්න ඔනේ........
මේ අපේ පාසලේ සිදුවුන තවත් සිදුවීමක්. මේකත් ඉතින් ගුරුවරුන්ගේ මොඩ තීරණයක්.
පහුගිය දවසක, හරියටම දවස මේ සතියේ සදුදා අපේ පාසලේ 12 ශ්‍රේණියේ කළා අංශයේ පිරිමි ළමුන් දෙදෙනෙක් පාසල් වේලාවේ පාසලෙන් පැන ගිහින් තිබෙනවා. කොහොම හරි මේ සිදුවීම වෙලා තියෙන්නේ දිවා විවේකයට පෙර. ඊට පස්සේ අංශයේ ගුරුවරුන් එකතු වෙලා ළමුන් දෙදෙනාගේ ගෙවල් වලට කතා කරලා කොහොම හරි හොයාගත්තා.
හොදම කතා ටික මීට පස්සේ තමා වුනේ. කොහොම හරි විදුහල්පතිතුමා නියොජ්‍ය විදුහල්පති හාමුදුරුවො සහ විනය පාලක මණ්ඩලය කතා වෙලා ඒ ළමයි දෙන්නාගේ දෙමාපියන් දැනුවත් කරලා සතියක පන්ති තහනමකට ලක් කලා.
නමුත් ඉතින් අපේ ආදරණීය බුද්ධිමත් ගුරුවරුන්ට ඒ දඩුවමින් සෑහිමකට පත් වෙලා නැහැ කියලා නම් කතා වෙන් තේරුනා. ඒ කතාව කියපු හැම ගුරුවරයෙක්ම කීවේ පන්ති තහනම් කරලා වැඩක් නැහැ. පාසලෙන් අස් කරන්න ඔනේ කියලා. මට තේරෙන්නේ නැත්තේ මේ වගේ මොඩ කතා කොහොම කියනවාද කියලා. පාසල් තාප්පෙන් පැනලා ගිය පලවෙනි ලමයි දෙන්නා ඔය ලමයි දෙන්නා නෙවේ කියන එකවත්. ඊටත් වඩා ළමා කාලයක් ගත් නොකල ගුරුවරුන් ලෙස කතා කිරීම ගැන කණගාටුයි.
කොහොම හරි මේ සිදුවීමෙන් පස්සේ ගුරුවරුන් කතා වුනේ මෙහෙම දෙයක් සිදුවුන ප්‍රථම වතාව මේක වගේ. ඇත්තටම මම පාසල් යන කාලේ වුනත් ඔහොම ඔනේ තරම් පාසලෙන් හොරෙන් පැනලා ගියපු කොල්ලො දැකලා තියනවා. ඒවගේම තමා පාසලෙන් අස්වෙලා උසස් අධ්‍යාපනයට ගියාම එතනදි හමුවුන ගොඩක් දෙනෙක් එක දවසක් හරි පාසලෙන් හොරෙන් පැනලා තියෙනවා. එහෙම වුනත් ඒ අය රස්තියාදුකාරයො නරක මිනිස්සු වෙලා නැහැ.
ගුරුවරියො කවදාවත් පාසලෙන් පැනලා ගිහින් නැති නිසා මේ ආකාරයට කතා කලාට කමක් නැහැ කියලා හිත හදා ගන්න පුලුවන්. ඒත් ගුරුවරු කවදාවත්ම පාසලෙන් පැනලා ගිහින්ම නැතිද. එහෙමනම් ඉතින් වැඩක් නැහැ කියලා කියන්නත් හිතෙනවා. මොකද ඉතින් කොලු කාලේ දග වඩක් වැරදි වැඩක් කරලා නැතිනම් අඩුම තරමේ වයසට ගිහින් මතක් කරලා හිනා වෙන්නවත් දෙයක් නැහැ.
මම කියන්නේ නැහැ පැනලා ගියපු කොල්ලො දෙන්නා සියට සියක් හරි කියලා. ඒ දෙන්නා වැරදියි. ඒත් කොලු කාලේ ඔයවගේ දෙයක් කරන එක සාධාරණයි. තමන්ට ළමා කාලයක් තිබුනේ නැහැ වගේ හැසිරෙන අය නම් කවදාවත් ළමයින්ට සමීප වෙන්නේ නැහැ. මගේ පාසල් කාලේ මට ඉගැන්වු ගුරුවරු සෑමදෙනාටම මම අදටත් ආදරෙයි. ඒත් මේ ළමයි කවදාවත් මෙහෙම ගුරුවරු කවදාවත් ආදරෙන් මතක් කරාවිද කියන එක හිතා ගන්න බැහැ.
මොනම ප්‍රශ්නෙකටවත් හොදම විසදුම ළමයෙක්ව පාසලෙන් අස් කරන එක නෙවෙ කියලා මේ ගුරුවරු කවදා තේරුම් ගනිවිද කියන්න තේරෙන්නේ නැහැ......

Subscribe to:
Posts (Atom)