මම කලින් ලියපු නිසදැස ගැන කිවානේ, ඒ මම ලියපු එකක් නෙවේ මගේ හොදම යාලුවෙක් ලියපු එකක් කියලා. මට ඒ කතාව කියන්න ඔනේ වුනා. හේතුවක් කියන්න දන්නේ නැහැ. එත් මට එ යලුවො දෙන්නාව ගොඩක් මටක් වුනා ඔය නිසදැස ලියල තිබුන කොලේ දැක්කාම.
ඔයාලා කවදා හරි මෙහෙම දෙයක් අහලා ඇති.
මේ සිදුවීම වෙද්දි අපි 10 වසරේ හිටියේ. අපේ ඉස්කොලේ 6 වසරේ ඉදලා ඉන්න පන්තිය වෙනස් කරනවා 9 වසරේදි. මමයි මේ නිසදැස ලීව කවීෂායි 6 ඉදන් හිටියේ E පන්තියේ. 9 වසරේදී අපි B පන්තියට වැටුනා. අපේ තව යාලුවො කට්ටියක්ම හිටියා. එතන 8 දෙනෙක් හිටියා.
කවීෂාත් ඔය කට්ටියගෙන් කෙනෙක්. කවීෂාට ලස්සනට සින්දු කියන්න පුලුවන්. එයා ඉස්කොලේ සංගීත කණ්ඩායමේ හිටියා. මේ සිදුවීමට අදාල අනිත් කෙනා තමා තමාලිකා. එයා හිටියේ D පන්තියේ. කවීෂාට වගේම තමාලිකාටත් ලස්සනට සින්දු කියන්න පුලුවන්. එයත් සංගීත කණ්ඩායමේ සමාජිකාවක්.
මේ දෙන්නාම කලාප තරග වලට පාසලෙන් ඉදිරිපත්වුනා. මේ තරග වලට ආපු අයියා කෙනෙක් මෙයාලාට ගොඩක් හිතවත් වෙලා තිබුනා.එයාගේ නම චතුරංග. මේ දෙන්නාම එයාගැන හොදම තමා කිවේ. අපේ ඉස්කොලේ girls' school එකක් නිසා ඔය වයසේදි ඔයවගේ දේවල් කතා කරනවානෙ. කොහොම හරි දෙන්නාම හිත් වලින් කැමැත්ත තිබුනාට කටවත් එක ඇගෙවුවේ නැහැ.
කොහොම හරි දවසක් කවීෂාට චතුරංග අයියාව මුණ ගැහිලා තිබුනා එයා පන්ති යද්දි. එ වෙලාවෙ කියලා තිබුනා නංගි මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඔනේ කියලා. කවීෂා කියලා දැන් කියන්න කියලා. එත් චතුරංග අයියා කියලා තිබුනා දැන් එයාට පන්තියට පරක්කු වෙලා තියෙන්නේ ඊලග සතියේ කතා කරමු කියලා.
ඔය සිදුවීම වෙලා තිබුනේ සති අන්තේ. කවීෂා සදුදා ආව ගමන්ම අපිට ඔය කතාව කීවා. මට කියන්න අමතක වුනා එයා චතුරංග අයියාට කැමතියි කියලා මාත එක්කයි ඉනොකා එක්කයි කියලා තිබුනා. අපි දෙන්නට විතරක් කිවේ එ දවස් වල අපි තුන් දෙනා තමා එක පෙලියේ හිටියේ. අපිට කිවෙත් කටවත් කියන්න එපා කියලා. ඉතින් එදා කතා කරන්න ඔනේ කියලා කිව කතාව මටත් ඉනොකාටත් කියද්දි අපි දෙන්නටත් මාර සතුටුයි. අපිටනම් ඉතින් සතිය ගෙවිලා ගියේ සාමාන්‍ය විදිහට එත් මම හිතන්නේ කවීෂාටනම් සතිය බඩගෑවා කියලා හිතෙන්න ඇති.
කොහොම හරි ඒ සති අන්තේ උදාවුනාම කවීෂාත් මාරම සතුටින් පන්ති ගිහින් ඉවර වෙනකම් අගිලි ගැන ගැන තමා ඉදලා තියෙන්නේ. කොහොම හරි එයා එද්දි චතුරංග අයියා ඇවිත්.
"කවීෂා නංගි කොහොමද ඉතින්"
"හොදින් ඉන්නවා අයියේ ඔයාට කොහොමද"
"අවුලක් නැ නංගි එත් පොඩි ප්‍රශ්ණයක් තියෙනවා"
හිතා ගන්න පුලුවන් නේද කවීෂාගේ පපුව ගැහෙන තරම්
"එ මොකද අයියේ exam එකට බය වෙලාද" (එයා ඒ වෙනකොට සාපෙ ලියනවා)
"අනේ නැහැ නංගි වෙන දෙයක්"
කවීෂා ප්‍රශ්ණාර්ථයක් මුණේ රදවාගෙන බලන් හිටියා.චතුරංග අයියාත් ආයෙම කතා කරන්න පටන් ගත්තා.
"නංගි මට ඔයගෙන් දෙයක් දැන ගන්න ඔනේ එ වගේම ලොකු උදවුවක් ඔනේ."
"කියන්න අයියා කරන්න පුලුවන් දෙයක්නම් කරන්නම්"
"නංගි ඔයා මෙහෙම අහනවාට වරදවා හිතන්න නම් එපා please"
"අනේ නැහැ අයියේ එහෙම හිතන්නේ නැහැ"
"මෙකයි නංගි එදා competition වලට ඇවිත් ඔයා එක්ක හිටපු යාලුවා "
"කවුද තමාලිකා ද"
"ඔව් එයා තමා නංගි එයාට boy friend කෙනෙක් ඉන්නවාද"
කවීෂාව කරකවලා අතැරියා වගෙ දැනුනා. මුලු හිතම කඩන් වැටුනා වගේ. එත් චතුරංග අයියා ඉස්සරහදි එ වගක් පෙන්නන්න එයා කොහොමටවත් කැමති වුනේ නැහැ.
"ම් ම් මම දන්න තරමින් නැහැ අයියේ"
"නංගි මම එයාට කැමතියි එත් එයාව හම්බවෙන්න විදිහක් නැහැ නෙ ඔයට පුලුවන්ද එයාට මේ ගැන කියන්න please"
"හරි මම කියන්නම් අයියේ"
"නංගි එයාට කියන්න මට එයාව එකම එක වතාවක් හරි හම්බවෙන්න ඔනේ කියලා මෙ number එකට කොල් එකක් දෙන්න කියනවාද "
"හරි අයියේ මම අනිවා කියන්නම්"
"අනේ ගොඩක් ලොකු උදවුවක් නංගි"
"අයියො ඔක මොකක්ද අයියේ"
"එහෙනම් මම යන්නම් නංගි thanks හොදෙ"
"හරි අය්යේ ඔක ලොකු දෙයක් නෙවෙනෙ මම කියන්නම් "
එදා දවසේ කවීෂා හිටියේ බලාපොරොත්තු ගොඩාක් හිතේ තියාගෙන කියලා එයා එක්ක මුලු සතියම ගත කරපු අපි දැනගෙන හිටියා. අපි සදුදා ඉස්කොලේ ආවේ ඔය විස්තරේ අහන්නම බලාගෙන. එත් එදා අපි බලාපොරොත්තු වුන විදිහට කවීෂාගේ මුණේ සතුටක් දකින්න බැරි වුනා. මේක මටයි ඉනොකාටයි පුදුම ප්‍රෙහෙලිකාවක්. අපි කොහොම හරි විස්තරේ ඇහුවාම ඔය මම කලින් දාපු දෙබස් අකුරක් නෑර කිවා. අපි දෙන්නාට කියාගන්න දෙයක් නැහැ.
"ඔයා දැන් ඔය කතාව තමාලිකාට කියනවාද"
මම ගත් කටටම ඇහුවා
ඔව් චතුරංග අයියා ආදරේ කරන්නේ මට නෙවේ තමාලිකාට. එයාට එයාගෙ ආදරේ ලබාගන්න මම වචනෙකින් හරි උදවු කලොත් කවදා හරි මට ආදරෙ කරන කෙනෙක් මට ලැබෙයි.
කොහොම හරි කවීෂා කපු කම කලා. චතුරංග අයියයි තමාලිකයි ආදර වන්තයො වුනා. කවීෂා ලොකෙට පෙන්න ඇඩුවෙ නැති වුනාට හිතින් ගොඩාක් ඇඩුවා. මෙ නිසදැස ලිවෙත් එහෙම දුක හිතුන දවසක.
ඉන් පස්සේ කවීෂාට ඔනෙනම් තිබුනා චතුරන්ග අයියගෙ කදුලු පිහපු වෙලාවෙ එයාට ලං වෙන්න. එත් එයා මහ පුදුම කෙනෙක් එහෙම කලෙ නැහැ. අපි සා පෙල කරලා ඉවර වෙනකන්ම තමාලිකාගෙත් චතුරංග අයියාගෙත් ආදර කතාව ගලාගෙන ගියා. එත් සා පෙල ඉවර වෙලා ප්‍රතිපල එන්නත් කලින් තමාලිකාව ගෙදරින් කතා කරපු කෙනෙක්ට බන්දලා දුන්නා. එ වෙලාවෙ චතුරංග අයියාගෙ දුකට පිහිට වුනේ කවීෂා. ඊට අවුරුදු දෙකකට විතර පස්සෙ අපිට තමාලිකාව හම්බවුනා පුංචි බබෙකුත් එක්ක. අපි එතකොට උ පෙල පන්ති යනවා. උ පෙල ඉවර වෙලා අපි අයෙමත් ඉස්කොලෙදි අහම්බෙන් මුනගැහුනු දවසක කවීෂා කිවා එයාට ගොඩක් ආදරේ කරන කෙනෙක් හම්බවුනා කියලා.
එහෙම වෙන්න ඇත්තේ එයා කරපු හොද වැඩේ ප්‍රතිපලයක් විදිහට. වෙන කෙනෙක්නම් ඔයදේ නෙවෙනෙ කරන්නේ එයාට කෙනෙක් ඉන්නවා කියලා එයාගෙ පැත්තට නම්මගන්නවා, එහෙම නැතිනම් ප්‍රශ්ණ ඇවිත් තනිවෙන්න වුන වෙලාවෙ කදුලු පිහදාලා එයා එක්ක එකතු වෙනවා. එහෙම කරන කෙල්ලො ඉන්න මේ රටේ කවීෂාට මම අදටත් ගෞරව කරනවා.
දැන් නම් දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඉන්න තැනක් දන්නේ නැහැ
2012/05/18
2012/05/15
ආදරය......
ජීවිතය කියන වචනේ තේරුම
මොකක්ද කියලා තෙරුම් ගන්න බැහැ....
එත්.......
ජීවිතේ කියන්නේ මහා වචනයක්
ආදරේ කියන්නේ ....,
කොච්චර ටිකක්ද........?
එත්......
ආදරේ කියන්නේ ටිකක් නම්
ඇයි ආදරේ වෙනුවෙන්
මේ තරම් දුක් විදින්නේ......?
ප. ලි.
මේ නිසදැස මා ලියපු එකක් නෙවේ. මගෙ හොදම යාලුවෙක් ලියපු එකක්. එයාගේ දිග කතාවක් තියනවා. ඒ ගැන මම ඊලග පොස්ට් එකෙන් දාන්නම්...

2012/05/11
නුඹ අන්සතුය......
සිත අදහන්නේ කෙලෙසක
නුඹ ඇය සමග බව
නෙත් ඇදහුවත්
නුඹ ඇය සමග බව
සිත අදහන්නේ කෙලෙසක
නුඹ මට අහිමි බව
සිත ගතු කියයි
නුඹර පෙම් කලෙ කිමද කියා
නොදැන උනිමි මම......
නුඹ අන්සතුය කියා......
නුඹ ඇය සමග බව
නෙත් ඇදහුවත්
නුඹ ඇය සමග බව
සිත අදහන්නේ කෙලෙසක
නුඹ මට අහිමි බව
සිත ගතු කියයි
නුඹර පෙම් කලෙ කිමද කියා
නොදැන උනිමි මම......
නුඹ අන්සතුය කියා......
2012/04/15
අපි අපේම වී..............
කටුකවු ගිම්හානය නිමා කරමින්
සිදි බිදි ඉරිතලා ගිය
සිත් පොකුණු සනසා
ස්නේහයේ මහ වැසි .....
ඇද හැලුණු දා....
වියළි ගිය නෙත් මල් විකසිතවී
ගොළු වී ගිය මුව කමල දොඩමළු වී......
හන්තාන කදු මුදුනින් වසන්තය එබී බලන විට
දොරගුළු දැමූ සිත් මඩල
සිසාරා හැමූ.....
ස්නේහයේ නොමියෙන සුවද
අපි අපේම වී.........
යලිදු එක්තැන් වූ වගයි......
ප. ලි.
පහුගිය දවස් වල ලියන්න ගොඩක් දේවල් හිතට ආවත් කම්මැලි කම නිසාම ලිවේ නැහැ. එත් අද ගේ අස් කරන්න අම්මාට උදවු කරද්දි මම ඉස්කොලේ යන දවස් වල ලියපු නිසදැස් පොත හම්බවුනා. පහුගිය කාලේ ඒක හොයගන්න තිබුනේ නැහැ. (අම්මා හංගලා) එක තවමත් ඉස්සර වගේම තියෙනවා. අයෙමත් එකේ තියන නිසදැස් ඔයාලා එක්ක බෙදාගන්න හිතුනා.. එත් ඉතින් මෙවාගේ හොද නරකනම් කියන්න මම දන්නේ නැහැ. ඔයාලා කියවලාම බලලා කියන්නකො...

2012/02/08
සකුණ මියැසි නද...... 01
“බට්ටිච්චි..... බට්ටිච්චි.... ඔය කොහෙද පුතේ” අම්මා එහෙම අසාගෙන තිනෙත්මාගේ කාමරයට පමිණියාය.
තිනෙත්මා ඇගේ ඇදට ඇද රෙද්ද එලා දෑසේ කදුලු පුරවාගෙන ඒ දෙස බලාගෙන සිටියාය. අම්මා ලගට එනතුරුවත් ඇය නොදත්තාය. අම්මා බට්ටිච්චි ලගටම ඇවිදින් ඇගේ හිස අතගාමින් ඇගේ මුහුණ දෙස බැලුවාය. කදුලින් පිරි දෙනෙත් දැක අම්මාගේත් ඇස් වලට කදුලු පිරුණි.
“ඇයි පුතේ මේ ඇයි කදුලු පුරොගෙන ඇදරෙද්ද දිහා බලාගෙන මොනාද හිතන්නේ?”
“නැහැ අම්මා මට සකුණව මතක් උනා මේ ඇද රෙද්ද දකිද්දි” ඉකිබිදිමින් ඇය මවට තුරුල් වුනාය.
“අඩන්න එපා මගේ පුතේ කවද හරි දවසක සකුණ අයෙමත් ඔයා ලගට එවි.. දැන් නාඩා ඉන්න මගෙ හොද බට්ටිච්චිනේ....” අම්මා බට්ටිච්චි නලවන්න හැදුවත් තමන්ට පුතෙක්වගෙ වුන සකුණගේ වෙනස් වීම සිහිවී ඇයටත් කදුලක් නැගුනා.
ඇය තිනෙත්මා කාවින්දි සූරියබණ්ඩාර. ඔහු සකුණ නිම්සර හෙට්ටිඅරාච්චි. අද වෙදිදි බිදී නොබිදී තිබෙන ඔවුන්ගේ පෙම් පුවත කියවන්න එන්න ඔබත් එක්වන්න සකුණ මියසි නද සමගින්.
~******~
“බ් ර් ර් ර් ර් බ් ර් ර් ර් ර් බ් ර් ර් ර් ර් ර් බ් ර් ර් ර් ර් ර්”
හලො ...... අම්මා
Good morning බට්ටිච්චී නැගිටින්න. අද lectures යන්නේ නැතිද?
Good morning අම්මා යනව දැන් වෙලාව කියද?
දැන් 5.15 ත් වෙලා පුතේ නැගිටලා ලැස්ති වෙන්න නැතිනම් train එකට යන්න බැරිවෙයි.
හරි අම්ම මම නැගිට්ටා... මම තියන්නම් අම්මා.
බුදුසරණයි බට්ටිච්චි යන්න කලින් කතා කරන්න පුතේ
හා අම්මා බුදුසරණයි.
කියමින් බට්ටිච්චි පුරුදුපරිදි ඉස්සර වගෙම අදෙන් බිමට පනින්නට ගොස් බේරුනේ අනූ නමයෙන්. ඇය නිදගෙන උන්නේ මෙට්ටයක් බිම දාගෙනයි. තිනෙත්මා තවමත් ඇගේ සොහොයුරියගේ නිවසේ නැවතීමට පැමිණ මසක්වත් ගතවී නැත. එබැවින් ඇයට ඇවැසි සියල්ල තවමත් ගෙනැවිත් අවසන් නැත.
(මෙතැන් ඉදලා මම තිනෙත්මාගේ චරිතයට පන දෙන්නම්. නැතහොත් කතාව ඔබට නීරස විය හැකි නිසා)
මම ඉක්මනට නෙට් එක ගැටගසා මෙට්ටය අකුලා පසෙකින් තබා කුස්සිය පැත්තට ගියේ අක්කා ඇහැරලාද කියා සිතමින්.
ආ බට්ටිච්චී ඔයා නැගිට්ටද මම මේ ඔයාට ඇහැරවන්න එන්න හැදුවේ
අම්මා ඇහැරෙවුවා අක්කා.
එහෙනම් තේ හදලා ඉස්සරහා මෙසේ උඩ තියෙනවා බීලා ලැස්තිවෙන්න ඉක්මනට මම පැන්චිට කිරි එක දීලා ඇවිත් කැම ඔතලා දෙන්නම්.
මගේ එකම සොහොයුරිය චම්මි විවාහවී දැන් සිටින්නේ රාගම කුලී නිවසකය. ඇයත් ඇගේ සැමියත් කුඩා දියණියත් එහි පදින්චිව සිටින අතර මා විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ නිසා ඔවුන් සමග නතර වීමට පැමිණියෙමි.
අපේ අම්මා සකුන්තලා සූරියබණ්ඩාරත් අප්පච්චි ප්‍රියන්ත සූරියබණ්ඩාරත් වූ අතර දෙදෙනාම ගුරුවරුන් විය. අක්කාත් මමත් මහනුවර උසස් බාලිකා පාසලෙන් අධ්‍යාපනය හැදෑරුවෙමු. උසස් පෙළ ගණිත විෂය ධාරාවෙන් සමත් උනු මා කොළඹ විශ්ව විද්‍යාලයේ පරිඝණක උපාධිය හැදැරීමට වරම් ලදිමි.
බට්ටිච්චී තාම ඇග සොදනවද දැන් ඇති පරක්කු වෙනවා අක්කා කෑ ගසන්න පටන් ගත්තේ එ නිවේදනය එනතෙක්ම bathroom එකේ සිටිම මා පුන්චි කලෙ සිටම පුරුද්දකි.
මා ඉක්මනින් ඇද පැලද යාමට සූදනම් වුනෙමි. යන්තම් රැග් season එක ඉවර නිසා නිදහසක් දනුනි. මා හතිදාගෙන දිව ගියේ නිවස අසලින් යන බසය මග හැරුනහොත් රාගම station එකටම පයින් යාමට වන නිසායි. හනිකට බස් එකට නැගනෙන අම්මාට පොරොන්දු වු පරිදි ඇමතුවෙමි.
අම්මා, මම යනවා දැන් බස් එකේ ඉන්නෙ.
හා බට්ටිච්චි දුවන්න එහෙම එපා පරක්කු වුනාට හෙමිහිට යන්න හොදද..
හා අම්මා එත් දැනුත් මැරතන් එකක් තිබ්බා.. අම්මා අප්පච්චි කො...
ඉන්නවා මෙන්න කතා කරන්න
අප්පච්චී මම දැන් යනවා
මගෙ බට්ටිච්චි දැන් දග වැද කල හොදටම ඇති හොදට වැඩ ටික කරගන්න හොදේ
හා අප්පච්චී, මම තියන්නම්. බුදුසරණයි.
මගේ පුතාට බුදුසරණයි.
ගැහැණු දරුවන් දෙදෙනෙක් පමණක් සිටි අපේ පවුලේ කොල්ලා වුනේ මම. මා පොඩි කාලේ ඉදන් අප්පච්චි මට ඇන්දුවේ කලිසම් මා ගවුමක් ඇන්දානම් එ බොහොම කලාතුරකින්. පාසල් යන විට පමණක් සුදු ගවුම අන්දෙමි.
මම campus එකට යන විට මගේ යලුවො ඇවිත්. අපේ පාසලෙන්ම පැමිණි කිහිපදෙනෙකු සිටියත් ඔවුන් මා දන්නා කලේ සිටම පොත් ගුල්ලන් පමණක් නිසා මට ඔවුන්ගේ ආශ්‍රය හරි ගියේ නැත. මා වැනිම වූ මිතුරියන් පිරිසක් මට මුන ගැසුනේ මගේ වාසනාවටමයි. ඔවුන් අතරින් ජනී, මේධාවී, සුබාශි, නිලුකා, රන්දිල්, ශානක සහ යුගාන්ත.
මම යනවිට සියල්ලොම canteen එකට රැස්වී සිටියහ.
ආ good morning බට්ටිච්චි ... මොකද අද කුකුල අතින් අරන් සියලුම දෙනා කෑ ගසන්න ගත්තා. මගේ නම කියන්න කරදර නිසා හැමදෙනාම අපේ ගෙදර අය මට කියන නමම කියනවා තැනක් නොතැනක් නැතිව.
මමත් කට්ටියටම සුභ පතමින් ඔවුන් ලගට ගියා. මේ වනවිට අල්ලපු මේසේ උන් කොල්ලො සෙට් එකම කෑ ගහන්න ගත්තා නියමෙට ගැලපෙන නම කියලා.
මම බනින්නට කියා හැරිලා බැලුවිට දැක්කේ කොල්ලො හය හතක්ම මගේ දිහා බලන් ඉන්නවා. මගේ චන්ඩි කම පත්තක දාලා මා යලුවන් ලගට පැමිනියා.
උදැසන ආහාරය ගත් අපි lectures වලට ගියෙමු. මුලු දවසෙම lectures තිබුනා. යන්තම් හො විවෙකයක් ලැබුනේ දවල් කෑමට පමණයි.
එදින බෙහෙවින් කාර්ය බහුලව ගෙවී ගියා.
ප. ලි.
කතාවක් ලියන්න ඔනේ කියලා හැමදාම හිත හිත හිටියත් අද තමා ඒක කරන්න ලැබුනේ. ඔයාලාට සමහර විට මේ කතාව කියවන්න කම්මලි හිතෙයිද මෙලො රහක් නැති කතාවක් කියලා හිතෙයිද දන්නේ නැහැ. එත් මගේ ආසාවට ලියන්නම්. ඔයාලාට කියවන්න බෑම හිතුන දවසට cඔම්මෙන්ට් එකක් දන්න අයෙමත් ලියන්න එපා කියලා ම ඉදන්ම නතර කරන්නම්...

2012/02/06
පෙම.....
නිකැළැල් හදින් නුඹට
පෙම් බැන්දද මා
පිවිතුරු සිතින් නුඹව
පැතුවද මා
එකම් සිතුවිල්ලෙක් නුඹ
ගැන සිතුවද මා
අනොරා වැසි මුකුළු කරමින්
ඇද හැළුනි හිසමතට ඉදින්
කදුළු තුෂර පවුරේ මා
හුදෙකලාව ඉකිබිදින්නද.......
ප. ලි.
අවංකව ආදරය කරන කෙනෙක්ට ඒ වගෙම අවංකව ආදරය කරන අය හමුවෙනවා වගෙම අවංකව ආදරය කරන සමහර අයට බොරු ආදරයක් ලැබෙන අවස්ථා බොහොමයක් තියෙනවා.
මම අහලා තියෙනවා අපි ගොඩක් ආදරය කරන කෙනා අපිට ආදරය කරන්නේ නැහැ එයා ආදරය කරන්නේ තවත් කෙනෙක්ට, එත් අපිට ආදරය කරන කෙනෙකුත් ඉන්නවා. එත් අපි එයාට ආදරය කරන්නේ නැහැ කියලා. එ වගෙම තමා අපි ආදරය කරන කෙනා ආදරය කරන අනිත් කෙනත් එයාට ආදරේ නැහැ එයා ආදරේ වෙනම කෙනෙක්ට.....
මේක ආදරයේ සරල සත්‍යක්. ඒ වගේම තමා තවත් දෙයක් සමහර අය හිතනවා කෙනෙක්ට ආදරය කරමින් ඉද්දි හමුවෙන වෙනත් කෙනෙක් අරයට වඩා මෙයා මට ආදරේ කියලා. හරියට අර කතාවට කියනවා වගේ ඉස්සෙල්ලා ආපු කනට වඩා පස්සේ ආපු අග ලොකු කරගන්නවා. ඉන්පස්සේ අර අවංක ආදරේට පයින් ගහලා අලුත් කෙනාට ලං වෙනවා. එත් ඇත්තටම කලින් කෙනා ඊටවඩා ආදරෙයි කියලා තේරෙද්දි ගොඩක් පරක්කු වෙලා. ඒ සැබෑ ආදරේ අත පොවන මානයකවත් නැහැ.
අපි අතරේ ඉන්න බොහොදෙනා මේ ගොන්කම කරගන්නවා. සමහර අමාරුකාල වලදි ආදරවන්තයින් අතරට එන ප්‍රශ්න නිසා ඒවාට විසදුම් හොයන්න වෙන අය ජීවිතේට ලං කරගන්නවා. එහෙම ලං කරගන්න අය නිසා තමන්ට අවංකව ආදරය කරන කෙනා මොනතරම් දුකට පත්වෙනවද. මොහොතක් සිතන්න ජීවිතේ අමාරු අවස්ථාවන් වලට දෙදෙනා එක්ව මුහුණ දෙනවා හැර වෙනත් අයව ඔබේ ජීවිතේට ලං කරගන්න එපා. නිවැරදි කරන්න බැරි වැරදි සිදු කරගෙන දුක් වෙන්න එපා.

2012/02/01
ගුරුවරු, ළමුන්, අධ්‍යාපනය සහ අපේ රටේ අනාගතය (ඉතිරි කොටස)
කලින් පොස්ට් එකේ මට වුන සිදුවීමක් ගොඩක් දිගට ලියවුන නිසා බොහොම සරළ කතාවක් පොස්ට් දෙකකින් ලියන්න සිදුවීම ගැන සමාව ඉල්ලනවා මුලින්ම. ගුරුවරු ගැන බොහොම කෙටියෙන් ඉක්මනින් ඉතිරි විස්තරෙත් ලියලා ඉවර කරන්නම්.
ගුරුවරු කියන්නේ ළමයින්ට හොද නරක කියා දෙන අය. ගොඩක් අවස්ථාවල ගෙදරදි දෙමව්පියන් කියන දෙවල් වලට වඩා ළමුන් පාසලේ ගුරුවරු කියන් දේ අහනවා. මෙ නිසා ගුරුවරු විය යුත්තේ ළමුන්ට හොද නරක කියා දිය හැකි අය. ඔබට තර්ක කරන්න පුලුවන් ගුරුවරු කියන්නෙත් මිනිස්සු එයාලාගෙත් වැරදි අඩුපාඩු තියෙනවා කියලා. මම නැහැ කියන්නේ නැහැ. ඒ වුනත් ගොඩක් හොදට පෙනෙන වැරැද්දක් කර කර එය වෙන කෙනෙක්ට පටවනවා නම් කවුරු වුනත් එයා වැරදියි.
මේ සිදුවීම ගැන මා පෞද්ගලිකවම දන්නවා. හේතුව මෙ සිදුවීම වෙන්නේ මගෙ හොදම යෙහෙලියට. ඇගේ පෙම්වතා සමග අනියම් සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබෙනවා ඔහුට වඩා අවුරුදු 7ක් වැඩිමල් ගැහැණු ළමයෙක්. (වයස 34 පමණ ) මෙවන් සම්බන්දයක් කවුරු ඇති කරගත්තත් එය වැරදියි. මේ ගැහැණු ළමයා ගුරුවරියක්. මෙහි වැරැද්ද දැන දැනත් ඇය ඒ සම්බන්දය තවදුරටත් ගෙන යමින් තිබෙනවා. මෙයින් මගෙ මිතුරිය දැඩි ලෙස කම්පාවට පත් වෙලා ඉන්නේ. හෙතුව මේ ගුරුවරිය මගෙ මිතුරියට කතා කොට අසැබි වදන් වලින් බැන වදිනවා.
එපමණක් නොව හරිම කැත විදිහට කතා කරලා SMS පණිවිඩ එවනවා. එ කියන දේවල් දැක්කාම ගැණු ළමයෙක්ට මේ වගෙ කතා කියන්න පුලුවන්ද කියලා හිතෙනවා. මාත් ගොඩක් උත්සාහ කරලා තෙරුම් ගත්තේ. කොහොම වුනත් ගුරුවරියක වන ඇය වැරදි දෙයක් කර කර කිසිම වරදක් නැති කෙනෙක්ට අන්ත ජරා විදිහට නින්දා කරනවා. ඔයාලාට හිතෙයි මේ පිරිමි ලමයාට බැරිද මෙක නතර කරන්න කියාලා. එයා මුලින් පටන් ගත්ත සෙල්ලම දැන් ලෙල්ලම වෙලා. මගේ මිතුරියගෙන් දැනගත් පරිදි ඔහු ඇය සමග කතාබහ කරන එක නතර කල විට අර ගුරුවරිය මගේ මිතුරියට බනින එක වැඩිවන අතර ඇය හදුනන පොලිසියේ අය ලවාද මහ රෑ 12ට 1ට විතර කොල් කරවනවා. ඇය අදුරන හැම පිරිමි ලමයෙක්ටම මගේ මිතුරියගෙ නොම්මරේ දීලා තිබෙනවා. ගුරුවරියක් මෙවන් දෙවල් කරන්නේ කෙසේද කියා මට සිතාගත නොහැක. මට ඇය එවන SMS මෙහි පල කිරීමට නොහැකි නිසා සම්පූර්ණ සත්‍ය පැවසීමට නොහැක නිසා කණගාටු වෙනවා. මගේ මිතුරිය ඇය එවන සියලුම SMS මටත් අනිත් අතට එවනවා.
මේ තරම් පහත් විදිහට කතා කරන ගුරුවරියක් පාසලේ ළමුන්ට කතා කරන්නේ කෙසේද කියා මට සිතා ගැනීමට නොහැක. ඇගේ පන්තියක සිටින සිසුවියකට පෙම්වතෙක් හො ඇයගෙන් බහ ඉල්ලා පැමිණෙන තරුණයෙක් ගැන තම ගුරුවරියට පැවසුවහොත් ඇය කුමන ආකාරයේ දෙයක් සිසුවියට පවසාවිද යන්න මට සිතීමට පවා අපහසුයි. මෙයට හෙතුව ඇය මගේ මිතුරියට පවසා ඇති දෙයයි. මගේ මිතුරිය අම්මාගේ ඇස් දෙකෙන් ඇත් වුනානම් එ බොහොම කලාතුරකින් එ වගෙමයි ඇය බොහොම හොදින් හොද නරක හරි වැරැද්ද තෙරුම් ගත්ත කෙනෙක්. එවන් කෙනෙක් වූ ඇයට ඇගේ පෙම්වතා සමග දුර දිග ගිය සම්බන්දයක් තිබුන බවත් මගේ මිතුරියට වෙනකෙකු හා විවාහ වීමට නොහැකි නිසා ඇයට කරදරයක් වෙමින් සිටින බවත් පවසා ඇත.
ඇය මෙ කියන කතා සියල්ල අසත්‍ය බව මා දන්නවා. හේතුව මගේ මිතුරිය මෙ වන තුරු මට කිසිම දෙයක් නොකියා ඉදලා නැහැ. ඇයට මෙවන් ප්‍රශ්ණයක් තිබෙනවානම් මුලින්ම පවසන්නේ මා සමග. මේ ආකාරයට තමන්ගේ වැරැද්ද වහාගන්න කිව හැකි හැම දේම කියන අයට ගුරුවරුන්ට මෙන් ගෞරව කරන්නේ කෙසේද. දෙමවුපියන් බලාපොරොත්තු වෙන්නේ ගුරුවරයා පොත පතේ දැනුම පමණක් නොව ගුණ ධර්ම උගන්වාවි යන්නයි. නමුත් මෙවන් ගුරුවරුන්ගෙන් දරුවන්ට ගත හැක්කේ මොනවාද?
මෙවන් ගුරුවරුන් සිටිද්දි අපේ රටේ මතු පරපුරේ අධ්‍යාපනය ගැන කුමන කතාද?
අවසාන වශයෙන් මා මෙයත් කියන්නම්, මා ඉහත කී ගුරුවරියම පාසල් වෙලාව තුලදි පෙම් කරමින් දුරකතනයේ පැය ගනන් ගත කරනවා. අසරණ දරුවන් පාසලට පැමිණෙන්නේ ඇයගෙ උකුලු මුකුලු බල සිටිමට නොව අධ්‍යාපනය ලබා ගැනීමටයි.
මේ ක්‍රමයේ වැරැද්ද කොතනද? මට නම් තෙරෙන්නේ නැහැ ඇයි අද ගුරුවරු මේ වගෙ කියලා. මම පාසල් ගිය කාලය තුල මට මෙවන් ගුරුවරු හමුවී නැහැ. සියලුම ගුරුවරු ලමයින්ට ආදර්ශයක් වුනා. නමුත් අද??
අදත් අප අතරේ සිටින දෙවිවරු වන් ගුරුවරු මේ පොස්ට් එක මේ විදිහට ලිවට සමාවෙන්න ඔනේ. මේ වගෙ අය එක්කෙනෙක් දෙන්නෙක් අතරින් පතර ඉන්න්වා තමා. ඒ අතරෙම අපිට ගෞරවයෙන් කතා කරන්න පුලුවන් ගුරුවරුත් ඉන්නවා කියලා අමතක කරන්න එපා.

Subscribe to:
Posts (Atom)