මම කලින් ලියපු නිසදැස ගැන කිවානේ, ඒ මම ලියපු එකක් නෙවේ මගේ හොදම යාලුවෙක් ලියපු එකක් කියලා. මට ඒ කතාව කියන්න ඔනේ වුනා. හේතුවක් කියන්න දන්නේ නැහැ. එත් මට එ යලුවො දෙන්නාව ගොඩක් මටක් වුනා ඔය නිසදැස ලියල තිබුන කොලේ දැක්කාම.
ඔයාලා කවදා හරි මෙහෙම දෙයක් අහලා ඇති.
මේ සිදුවීම වෙද්දි අපි 10 වසරේ හිටියේ. අපේ ඉස්කොලේ 6 වසරේ ඉදලා ඉන්න පන්තිය වෙනස් කරනවා 9 වසරේදි. මමයි මේ නිසදැස ලීව කවීෂායි 6 ඉදන් හිටියේ E පන්තියේ. 9 වසරේදී අපි B පන්තියට වැටුනා. අපේ තව යාලුවො කට්ටියක්ම හිටියා. එතන 8 දෙනෙක් හිටියා.
කවීෂාත් ඔය කට්ටියගෙන් කෙනෙක්. කවීෂාට ලස්සනට සින්දු කියන්න පුලුවන්. එයා ඉස්කොලේ සංගීත කණ්ඩායමේ හිටියා. මේ සිදුවීමට අදාල අනිත් කෙනා තමා තමාලිකා. එයා හිටියේ D පන්තියේ. කවීෂාට වගේම තමාලිකාටත් ලස්සනට සින්දු කියන්න පුලුවන්. එයත් සංගීත කණ්ඩායමේ සමාජිකාවක්.
මේ දෙන්නාම කලාප තරග වලට පාසලෙන් ඉදිරිපත්වුනා. මේ තරග වලට ආපු අයියා කෙනෙක් මෙයාලාට ගොඩක් හිතවත් වෙලා තිබුනා.එයාගේ නම චතුරංග. මේ දෙන්නාම එයාගැන හොදම තමා කිවේ. අපේ ඉස්කොලේ girls' school එකක් නිසා ඔය වයසේදි ඔයවගේ දේවල් කතා කරනවානෙ. කොහොම හරි දෙන්නාම හිත් වලින් කැමැත්ත තිබුනාට කටවත් එක ඇගෙවුවේ නැහැ.
කොහොම හරි දවසක් කවීෂාට චතුරංග අයියාව මුණ ගැහිලා තිබුනා එයා පන්ති යද්දි. එ වෙලාවෙ කියලා තිබුනා නංගි මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඔනේ කියලා. කවීෂා කියලා දැන් කියන්න කියලා. එත් චතුරංග අයියා කියලා තිබුනා දැන් එයාට පන්තියට පරක්කු වෙලා තියෙන්නේ ඊලග සතියේ කතා කරමු කියලා.
ඔය සිදුවීම වෙලා තිබුනේ සති අන්තේ. කවීෂා සදුදා ආව ගමන්ම අපිට ඔය කතාව කීවා. මට කියන්න අමතක වුනා එයා චතුරංග අයියාට කැමතියි කියලා මාත එක්කයි ඉනොකා එක්කයි කියලා තිබුනා. අපි දෙන්නට විතරක් කිවේ එ දවස් වල අපි තුන් දෙනා තමා එක පෙලියේ හිටියේ. අපිට කිවෙත් කටවත් කියන්න එපා කියලා. ඉතින් එදා කතා කරන්න ඔනේ කියලා කිව කතාව මටත් ඉනොකාටත් කියද්දි අපි දෙන්නටත් මාර සතුටුයි. අපිටනම් ඉතින් සතිය ගෙවිලා ගියේ සාමාන්‍ය විදිහට එත් මම හිතන්නේ කවීෂාටනම් සතිය බඩගෑවා කියලා හිතෙන්න ඇති.
කොහොම හරි ඒ සති අන්තේ උදාවුනාම කවීෂාත් මාරම සතුටින් පන්ති ගිහින් ඉවර වෙනකම් අගිලි ගැන ගැන තමා ඉදලා තියෙන්නේ. කොහොම හරි එයා එද්දි චතුරංග අයියා ඇවිත්.
"කවීෂා නංගි කොහොමද ඉතින්"
"හොදින් ඉන්නවා අයියේ ඔයාට කොහොමද"
"අවුලක් නැ නංගි එත් පොඩි ප්‍රශ්ණයක් තියෙනවා"
හිතා ගන්න පුලුවන් නේද කවීෂාගේ පපුව ගැහෙන තරම්
"එ මොකද අයියේ exam එකට බය වෙලාද" (එයා ඒ වෙනකොට සාපෙ ලියනවා)
"අනේ නැහැ නංගි වෙන දෙයක්"
කවීෂා ප්‍රශ්ණාර්ථයක් මුණේ රදවාගෙන බලන් හිටියා.චතුරංග අයියාත් ආයෙම කතා කරන්න පටන් ගත්තා.
"නංගි මට ඔයගෙන් දෙයක් දැන ගන්න ඔනේ එ වගේම ලොකු උදවුවක් ඔනේ."
"කියන්න අයියා කරන්න පුලුවන් දෙයක්නම් කරන්නම්"
"නංගි ඔයා මෙහෙම අහනවාට වරදවා හිතන්න නම් එපා please"
"අනේ නැහැ අයියේ එහෙම හිතන්නේ නැහැ"
"මෙකයි නංගි එදා competition වලට ඇවිත් ඔයා එක්ක හිටපු යාලුවා "
"කවුද තමාලිකා ද"
"ඔව් එයා තමා නංගි එයාට boy friend කෙනෙක් ඉන්නවාද"
කවීෂාව කරකවලා අතැරියා වගෙ දැනුනා. මුලු හිතම කඩන් වැටුනා වගේ. එත් චතුරංග අයියා ඉස්සරහදි එ වගක් පෙන්නන්න එයා කොහොමටවත් කැමති වුනේ නැහැ.
"ම් ම් මම දන්න තරමින් නැහැ අයියේ"
"නංගි මම එයාට කැමතියි එත් එයාව හම්බවෙන්න විදිහක් නැහැ නෙ ඔයට පුලුවන්ද එයාට මේ ගැන කියන්න please"
"හරි මම කියන්නම් අයියේ"
"නංගි එයාට කියන්න මට එයාව එකම එක වතාවක් හරි හම්බවෙන්න ඔනේ කියලා මෙ number එකට කොල් එකක් දෙන්න කියනවාද "
"හරි අයියේ මම අනිවා කියන්නම්"
"අනේ ගොඩක් ලොකු උදවුවක් නංගි"
"අයියො ඔක මොකක්ද අයියේ"
"එහෙනම් මම යන්නම් නංගි thanks හොදෙ"
"හරි අය්යේ ඔක ලොකු දෙයක් නෙවෙනෙ මම කියන්නම් "
එදා දවසේ කවීෂා හිටියේ බලාපොරොත්තු ගොඩාක් හිතේ තියාගෙන කියලා එයා එක්ක මුලු සතියම ගත කරපු අපි දැනගෙන හිටියා. අපි සදුදා ඉස්කොලේ ආවේ ඔය විස්තරේ අහන්නම බලාගෙන. එත් එදා අපි බලාපොරොත්තු වුන විදිහට කවීෂාගේ මුණේ සතුටක් දකින්න බැරි වුනා. මේක මටයි ඉනොකාටයි පුදුම ප්‍රෙහෙලිකාවක්. අපි කොහොම හරි විස්තරේ ඇහුවාම ඔය මම කලින් දාපු දෙබස් අකුරක් නෑර කිවා. අපි දෙන්නාට කියාගන්න දෙයක් නැහැ.
"ඔයා දැන් ඔය කතාව තමාලිකාට කියනවාද"
මම ගත් කටටම ඇහුවා
ඔව් චතුරංග අයියා ආදරේ කරන්නේ මට නෙවේ තමාලිකාට. එයාට එයාගෙ ආදරේ ලබාගන්න මම වචනෙකින් හරි උදවු කලොත් කවදා හරි මට ආදරෙ කරන කෙනෙක් මට ලැබෙයි.
කොහොම හරි කවීෂා කපු කම කලා. චතුරංග අයියයි තමාලිකයි ආදර වන්තයො වුනා. කවීෂා ලොකෙට පෙන්න ඇඩුවෙ නැති වුනාට හිතින් ගොඩාක් ඇඩුවා. මෙ නිසදැස ලිවෙත් එහෙම දුක හිතුන දවසක.
ඉන් පස්සේ කවීෂාට ඔනෙනම් තිබුනා චතුරන්ග අයියගෙ කදුලු පිහපු වෙලාවෙ එයාට ලං වෙන්න. එත් එයා මහ පුදුම කෙනෙක් එහෙම කලෙ නැහැ. අපි සා පෙල කරලා ඉවර වෙනකන්ම තමාලිකාගෙත් චතුරංග අයියාගෙත් ආදර කතාව ගලාගෙන ගියා. එත් සා පෙල ඉවර වෙලා ප්‍රතිපල එන්නත් කලින් තමාලිකාව ගෙදරින් කතා කරපු කෙනෙක්ට බන්දලා දුන්නා. එ වෙලාවෙ චතුරංග අයියාගෙ දුකට පිහිට වුනේ කවීෂා. ඊට අවුරුදු දෙකකට විතර පස්සෙ අපිට තමාලිකාව හම්බවුනා පුංචි බබෙකුත් එක්ක. අපි එතකොට උ පෙල පන්ති යනවා. උ පෙල ඉවර වෙලා අපි අයෙමත් ඉස්කොලෙදි අහම්බෙන් මුනගැහුනු දවසක කවීෂා කිවා එයාට ගොඩක් ආදරේ කරන කෙනෙක් හම්බවුනා කියලා.
එහෙම වෙන්න ඇත්තේ එයා කරපු හොද වැඩේ ප්‍රතිපලයක් විදිහට. වෙන කෙනෙක්නම් ඔයදේ නෙවෙනෙ කරන්නේ එයාට කෙනෙක් ඉන්නවා කියලා එයාගෙ පැත්තට නම්මගන්නවා, එහෙම නැතිනම් ප්‍රශ්ණ ඇවිත් තනිවෙන්න වුන වෙලාවෙ කදුලු පිහදාලා එයා එක්ක එකතු වෙනවා. එහෙම කරන කෙල්ලො ඉන්න මේ රටේ කවීෂාට මම අදටත් ගෞරව කරනවා.
දැන් නම් දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඉන්න තැනක් දන්නේ නැහැ
No comments:
Post a Comment