2012/11/01

අනේ මෙහෙමත් ගුරුවරු සහ සිසුන්......

ගොඩක් දවසකට පස්සේ ආයෙමත් ලියන්න ගත්තෙ මම අකමැතිම සිදුවීමක් වුන නිසාත් මට ඒ ගැන ලියන්න විවේකයක් ලැබුණු නිසාත්... පහුගිය දවස් වල මීටත් වඩා අප්‍රසන්න සිදුවීමක් වුනා. නමුත් ඒ ගැන ලියන්න හිතෙන්නේ නැති නිසා අද වුනදේ ලියන්න හිතුනා.
අපේ පාසලේ දැන් දින ගණනාවක් ඉදලා මෙවර සාපෙළ ලියන සිසුන්ට සම්මන්ත්‍රණ පැවැත්වෙනවා. පහුගිය දිනවල මෙම සම්මන්ත්‍රණ මාලාව ආරම්භ කලා. මෙය ප්‍රින්සිපල්ගේ නියොගයක් මත ක්‍රියාත්මක කල වැඩසටහනක්. ඔහු පවසා තිබුනා සෑම විෂය භාර ගුරුවරයෙක්ම තමන්ට අදාල විෂය සදහා එක් සම්මන්ත්‍රණයක් හෝ පැවැත්වීම අනිවාර්ය බව. කොහොමහරි පහුගිය දින කිහිපයේ මා දන්නා පරිදි සම්මන්ත්‍රණමාලාව කිසිදු ප්‍රශ්ණයකින් තොරව පවත්වා තිබෙනවා.

නමුත් අද උදෑසන බරපතල ප්‍රශ්ණයක් උද්ගත වුනා. මම අද පාසලට යන විට විනාඩි 5ක් පමණ ප්‍රමාද වුනා වර්ෂාව නිසා. කොහොමහරි තෙමිගෙන ගිහින් වතුර වෙලා ගන්න ක්‍රමයක් හිත හිත දවසේ කරන්න තියන වැඩ ටික හිතමින් ඉන්නකොට දැකලා හිනාවෙලා පමණක් තියෙන සර් කෙනෙක් ආවා. එතන staff room එකක් නිසා මම හිතුවේ එතන ඉන්න මැඩම්ව මුණගැහෙන්න වෙන්න ඇති කියලා. ඇත්තටම එතන Biology lab එකේ රූම් එකක්. මාත් හිනාවෙලා කට හදා ගත්තා අද bio madam නෑ කියන්න.

නමුත් ඉතින් බලාපොරොත්තු නැති විදිහට ඒ සර් ආපු ගමන්ම කිවේ මාවම හොයාගෙන ආවා කියලා. ඉතින් එතකොටම මම දන්නවා මොකක්මහරි මරාලයක් මට කඩාපාත් වෙනවා කියලා. මාත් ඉතින් හොද හිනාවක් එහෙම දාලා ඇහුවා මොකක්ද වෙන්න ඕනේ කියලා.

ඉතින් සර් මට dongle එකක් දීලා කියනවා. අද ඉතිහාසය සම්මන්ත්‍රණය තියෙන්නේ. ඒත් ඉතිහාසය කරන ගුරුවරු තුන්දෙනාගෙන් එක්කෙනෙක්වත් නැහැ. ප්‍රින්සිපල් කිවා මේකෙන් මොනවා හරි දාලා පෙන්වන්න කියලා ඔයාට කියලා.

අනේ ඉතින් මට නෑ බෑ කියවිලි නැති නිසා මාත් හා කිවා. dongle එක අරගෙන install කලා. ඔය අතරේ සර් අහනවා කොහොමද ළමයි හැමදෙනාටම පෙන්වන්නේ කියලා. ඉතින් මම කිවා projector එක ගේන්න වෙනවා කියලා. ඉතින් ඔහු ඒ වැඩේ භාර ගත්තා. මටත් ඒක හොදයි. හේතුව ඒක තියෙන්නේ ප්‍රින්සිපල්ගේ භාරයේ ඉතින් අරන් එද්දි ගෙනිහින් දෙද්දි cable හරියට පෙන්නන්න ඕනේ. හරිම වදයක්. නීති ගොඩයි.

සර්ගේ dongle එක connect වෙන්නේ නැති නිසා මගේ ලෝබකම පැත්තක තියලා මගේ dongle එකෙන් හොයන්න ගත්තා මොනවද පෙන්වන්නේ කියලා. මුලින්ම NIE එකෙන් ඉතිහාසය syllabuse එක download කරලා බැලුවා මොනවද අදාල කියලා. ඒ තියෙන දේවල් හෙව්වාට වැදගත් යමක් නැහැ පෙන්වන්න පුලුවන්. අන්තිමට ඒ සර්ට මතක් වුනා මොනවාහරි CD තියෙනවාද කියලා.

කොහොමහරි අමාරුවෙන් අපේ Computer lab එක බාරව ඉන්න සර්ගෙන් විද්‍යාව විෂයට අදාල CD ලැබුනා. කොහොමහරි අවශ්‍ය කරන අම්පන්න ඔක්කොම අරන් ප්‍රධාන ශාලාවට ගිහින් අමුණලා ළමයි නිෂ්ශබ්ද කරවලා CD දැම්මා. ඒත් ඉතින් ඒ ළමයි විනාඩි 5 ක්වත් නිහඩව හිටියේ නැහැ. කෑගහන්න ගත්තා. නිෂ්ශබ්ද කරවන වෙලාවේ විතරයි. ඇත්තටම ඒ තරම් නැහැදුණු ළමයි පිරිසක් මම ඒ දැක්කාමයි. සූ කියනවා කෑගහනවා තේරුමක් නැති ඒවාට අත්පුඩි ගහනවා. හූ කියනවා. කිසිම හැදියාවක්වත් අලුත් දෙයක් දැන ගැනීමේ වුවමනාවක්වත් නැහැ.

එහෙම අමාරුවෙන් CD එකහමාරක් පෙන්නුවා. නමුත් අර සර්ටත් මටත් එතන හිටිය තව ගුරුවරියන් දෙන්නෙක්ටත් තේරුණා තේරුමක් නැති වැඩක් කියලා. ඉතින් අපි වැඩේ නතර කලා. කොහොම හරි ගෙනාව උපකරණ ගෙනියන්න ලෑස්ති කරන විටත් ළමයි හොදටම කෑගැහුවා. එපමණක් නොවේ එක ළමයෙක් හොද පැහැදිලිව හූ කිවා. අර සර්ට හොදටම තරහා ගිහින් හිටියේ. තරහා තවත් උග්‍ර වුනා. අර ළමයා ලගට ගිහින් ළමයාව නවලා දුන්නා පිට හරහා පාරවල් දෙකක් පුදුම සද්දෙකින්. මුළු ශාලාවම නිෂ්ශබ්ද වුනා පුදුම විදිහට. ඔන්න ඔහොම ඉතිහාසය සම්මන්ත්‍රණය අවසන් වුනා.

හොදම සිදුවීම වුනේ ඉතිහාසය උගන්වන ගුරුවරු දෙදෙනෙක්ම එදින නිවාඩු. එක් ගුරුවරියක් උසස් පෙළ කලා අංශයේ. ඇය අද පාසලට පැමිණියත් සම්මන්ත්‍රණය පවත්වනවා නේද අනිත් ගුරුවරු නැහැ නේද කියලා නිකමටවත් ඇවිත් හැරී බැලුවේ වත් නැහැ. අදාලත්වයක් නැති අර සර් සහ පන්ති භාර ගුරුවරියන් දෙදෙනෙක් එතන සිටියා. ඒ ඇර කොහෙත්ම සම්බන්ධයක් නැති මම එතන ගිහින් ළමයින්ට යම් දෙයක් දෙන්න උත්සාහ කලා. නමුත් ඒ ළමුන්ටත් කිසිම උවමනාවක් නැති නිසා ඒ උත්සාහයත් තේරුමක් නැති දෙයක් වුනා.

මට හිතුන දේ තමා එවන් ගුරුවරුන්ටම ළමයි හැඩ ගැසිලාද කියලා. වැඩක් කරන ගුරුවරයෙක්ට වැඩක් කරන්නත් ඉඩ දෙන්නේ නැහැ. ඒ ගුරුවරයෙක්ගෙන්වත් වැඩක් ගන්න ළමයින්ට හිතෙන්නෙත් නැහැ. මට ඇවිත් වැඩේට සහය ඉල්ලු සර්ට ගොඩක් ලොකු උවමනාවක් තිබුනා ඒ ළමයින්ට කාලය නාස්ති කරමින් ඉන්න ඉඩ නොහැර යම් දෙයක් ලබා දෙන්න. ඒත් ඔහුගේ උත්සාහය ව්‍යර්ථ වුනා......

7 comments:

  1. අද ඔයාගෙ බ්ලොග් එක දැක්කෙ, ආදර කතාව කියෙව්ව, එක මහ පුදුම හිතෙන කතාවක්. මට හිතා ගන්න බෑ ඔයා එයාට කෙනෙක් ඉද්දිත් කොහොමද ආදරෙ කෙරුවෙ කියල. ඒත් මට අන්තිම තේරුනෙ නෑ ඔය දෙන්න කොහොම හරි එකතු උනාද? ඇත්තටම කොටසින් කොටස හිතාගන්න බෑ. කොහොමත් අපි කොල්ලන්න්ට ඕවා වැඩිය තෙරෙන්නෙ නැතුව ඇති.

    ඔයාගෙ මේල් එකක්වත් තිබ්බනම් මම එවනවා ෆුල් විස්තර අහල. අවශ්‍යනම් මෙක ඩිලීට් කරන්න, මම අහපු එකට පුලුවන්නම් උත්තරේ දාන්න.

    ReplyDelete
    Replies
    1. මම ආදරේ කරන්න පටන්ගත්තේ පස්මහ බැලුම් බලලා නෙවේ. අපි ලංවුනා යාලුවො වගෙ හිටියා ඒ අතරෙම අපි අතරේ ආදරයක් අති වුනේ. එහෙම නැතිව එයාට කෙනෙක් ඉන්නවා කියලා දැන දැන නෙවේ මම එයාට ලංවුනේ. අන්තිමට එයාගේ ජිවිතේ හිටි කෙනා එයාගෙන් වෙන් වුනා එයාගේ ජීවිතේට අලුතින් ආව කෙනෙක් නිසා. අපි දෙන්නා අදටත් ආදරෙන් ඉන්නවා.....
      ආදරේ ඇති වෙන්නේ ඉබේමයි. අපේ හිතට ගැලපෙන හිත අපිට ලංවුනාම අපි අදරය කරනවා එයාගේ ලග වෙන කෙනෙක් ඉන්නවාද වෙන හේතු මුකුත්ම හිතන්නේ නැතිව

      Delete
    2. තෑන්ක්ස් ඔයාගෙ රිප්ලයි එකට, ඔයා කියන එක හරි, පස් මහ බැලුම් බලල ආදරේ කරන්නෙ බොහෝවිට අවංකව නෙවේ. සමහරවිට සල්ලි එහෙම නැත්නම් වෙන එකක්.. සමහරවිට කෙල්ලගෙ ලස්සන.

      ඔයාලට හරියන්න ඇත්තෙත් ඔයාල අතර නොසිතා ඇතිඋන ආදරෙ හින්දා වෙන්න ඇති. සුබ පැතුම්.

      මට තවත් අහන්න දෙවල් තියනව, ඇත්තටම මේක මට හරි පුදුම හිතෙන ආදරයක්. ආයෙත් කියන්නෙ ඔයාලට මගෙන් සුබ පැතුම්.

      ඔයා ඔයාගෙ මහත්තයා කවුද කියල බ්ලොග් ලෝකෙ අනිත් අයට (ප්‍රසිද්දියේ) කියල තියනවානම් විතරක් එයාගෙ බ්ලොග් එකත් දන්න. මම බලන්නම්.

      ආයෙත් කියනවා, කොමෙන්ට් එක ඩිලීට් කරන්න සම්පූර්න අයිතිය ඔයාට තියනවා.

      Delete
    3. ඒ ගැන නම් තරහා වෙන්න එපා. හේතුව කිසිම විදිහකින් බ්ලොග් අවකාශයේ කිසිම කෙනෙක්ට මගේ මහත්තයා කවුද කියලා මම කියලා නැහැ. පෞද්ගලිකවම අපි හදුනන දෙතුන් දෙනෙක් දන්නවා. ඒවුනත් මට එයා ගැන කියන්න විදිහක් නැහැ යාළු.... තරහා වෙන්න එපා........

      Delete
    4. කිසි අවුලක් නෑ, එකනෙ මම කිව්වෙ, අනිත් අය දන්නවනම් විතරක් කියන්න කියල. මමත් දැන් නිතරම බ්ලොග් කියවනවා, සමහර විට එයාගෙ එකත් කියවෙයි...

      ඔයාලට සුභ පැතුම්.

      මම මේ බ්ලොගෙත් මගෙ බ්‍රවුසර් එකට බුක් මාර්ක් කරා.. ආයි එන්නම්.

      Delete
  2. ඕක තමයි නිදහස් අධ්‍යාපනය. ඔතන කෑ ගහන නොහැදුන ළමයි අතරේ ඔයාලා දුන්න දේ ඉගෙන ගන්න කැමති අය ඉන්නත් ඇති. කැම්පස් වල වෙලා තියෙන්නෙත් ඔයදේම තමයි. ඕවා මේ ලංකාවේ නම් කවදාවත් හැදෙන දේවල් නම් නෙමෙයි.

    ReplyDelete
  3. Is this a pooh I know? If you are the girl who sat next to me in my A/L class, get back to me girl!!!

    ReplyDelete