2012/08/24

හිතට දුකයි........

මිදුම් සලු මැද සුසුම් සුළන් රැළි
රාත්‍රිය පුරා වැලපුනා
සීතල පිණි මැද කදුලු වතුර පොද
රාත්‍රිය පුරා ගිලිහුණා
ආදරයේ මල් කළඹ අතින් ගෙන
ඈතින් හිද ඔබ හිනැහුණා

සෙනෙහස මිය ගිය මතකය ඉකි බිද
වැලපෙන විට සිත තනියක් නැහැ මට
කන්ද උඩින් හිරු පායා එන විට
හිතට දුකයි.......
ඔබ මා තනිකර යයිද කියා....
හසරැල් කදුලැල් එකට එකතු වුන
ආදර මතකය දුක්බර  කවියකි
කන්ද උඩින් හිරු පායා එනවිට
හිතට දුකයි......
මට කවිකම අමතක වෙයිද කියා........

4 comments:

  1. ලස්සනයි යාලු හැම හිතකටම කවී කම හුරු නැ එකට සොඳුරු හිතක් තියෙන්නම ඕනි .........

    ReplyDelete
  2. දෙනෙත් හැර බැලි මුත්
    නුඹෙ රුව නොපෙනුනා
    අහිම බව දැන දැනත්
    නුඹ ගැනම කවි කලා

    _විරහව තුලිනුත් කවිකම උපදිනවා
    දිගටම ලියන්න_

    ReplyDelete
  3. ස්තූතියි හැමොටම.....

    ReplyDelete