2011/09/13

මට ගම් බොන්නත් පුලුවන්.....

මම කලින් කිව ඉස්කොලෙ හිටියෙ එක වසරෙ අන්තිම වෙනකම් විතරයි. ඉන් පස්සෙ අපෙ අම්මලා පොඩි ජිල්මාට් එකක් දාල මාව දෙකේ පන්තියෙ තියන්නෙ නැතිව වෙන ඉස්කොලෙක තුනෙ පන්තියට දැම්මා. පරණ යලුවො ටික දාල අලුත් ඉස්කොලෙට යද්දි ගොඩාක් දුක හිතුනා. එත් කරන්න දෙයක් නැනෙ. අලුත් ඉස්කොලෙට ගිහින් දෙවනි දවසෙ මගෙ පන්තියෙ හැමොටම හරිම උවමනව මාව ලගින් ඉන්දවාගන්න. අන්තිමෙදි මගෙ හොදම යාලුවා වුනේ රංගන. අලුත් ඉස්කොලෙ අපෙ පවුලේ කවුරුත් teachers ලා හිටියෙ නැති වුනත් ගොඩක් teachers ලා අපේ අම්මාවයි, ලොකු අම්මාවයි දැනගෙන හිටියා. ඒකට හේතුව වුනේ අපි ඒ වෙනකොට අපෙ අම්මගේ ගමේ ගෙදර හදාගෙන එහෙ පදිංචියට අවා. මම ගියෙත් එ ගමේ ඉස්කොලෙට. (ගම කිවට එකත් ටවුන් එකම තමා.)

තුනේ පන්තිය ඔහොම ගෙවිලා යද්දි මා ඉස්කොලෙ ජනප්රිෙය චරිතයක් බවට පත්වුනා. ඇත්තටම මම මහාලොකු විශේෂ චරිතයක් නොවුනත් එ ඉස්කොලේ එක වසරෙ ඉදල එකොලහ වසර දක්වාම අය මාව දැනගෙන හිටියා. ඔහොම ඉතින් මම තුනෙ පන්තියෙන් හතරෙ පන්තියටත් අවා. ඔය කලෙ අපිට අලුතෙන් teacher කෙනෙක් ආවා. එයා රට ඉදලා ආව අලුත. මාගැන එයා දැනගෙන හිටියෙ නැහැ. (මගෙ දග වැඩ). අපේ පන්තියෙ හිටියා නිශාදි කියලා මගෙ යාලුවෙක්. එයාව ඉක්මනට රවට්ටන්න පුලුවන්. එයාට ඔනේ හැම වෙලේම මම කරන දේම කරන්න. එයාත් එක්ක තමා මේ සිදුවීම වුනේ

අපිට එදා මොනවා හරි අලවන්න ගම් ගෙන්න කියල තිබුනා. එ දවස් වල ගොඩක් කඩවල් වල තිබුනේ කට්ටකින් උඩින් හිලක් හදා ගන්න ඔනෙ ගම් බොතල්. අපේ අම්මා මටත් ගෙනත් තිබ්බෙ එවගේ ගම් එකක්.
පහුවදා මා ඒක අරන් ඉස්කොලෙ ගියා. අපෙ අලුත් ටේචෙර් එදා ඉස්කොලෙ අවෙ නැහැ. මටත් ඉතින් හරිම ජොලි. මම අපේ පන්තියෙ හැමොම ඉස්සරහා ගම් බොතලේට කට තියලා උරලා කිවා මට ගම් බොන්න පුලුවන් ඔයලට බැහැනෙ කියලා. එපාර නිශදි හිතුවා මම ඇත්තටම ගම් බොනවා කියලා. එයාටත් ඕනේ වුනා මාව අනුකරණය කරන්න. එපාර එයත් මටත් පුලුවන් ගම් බොන්න කියල එයගෙ ගම් බොතලේට කට තියලා ඉරුවා විතරයි ගම් තලියක්ම කටට අවා. ගම් වල තියෙන්නෙ අමුතු අප්පිරිය රහක් නිස එයා වේගෙන් පන්තියෙන් එලියට දුවල ගිහින් කෙල ගහල කටත් හොදගෙන ආවා.

එයා දුවපු වේගෙට අපෙ අයට මා කරපු වැඩේ තවත් අගේ වැඩි වුනා. එයාට ඒක ඒ තරම් අමරු වෙන්නත් මට ගානක් නැති වෙන්නත් මා කොයිතරම් වෙනස්ද කියල හැමොම කියන්න ගත්තා. කොහොම වුනත් එදත් ම මගෙ වීරකම් පෙන්නුවා පොඩි බොරුවක් කරලා.
අදටත් ඒ පන්තියෙ යලුවො මගෙ යලුවො එත් එයල දන්නෙ නැහැ මා කලේ මොකක්ද කියලා. ඔයලානම් දැනගන්න ඇති. එත් මමම කියන්නම්කො. මේකයි රහස මගෙ ගම් බොතලෙ හිලක් හදලා තිබුනෙ නැති අලුත්ම එකක්.

කොහොම හරි ඊට පහුවද නිශාදි ඉස්කොලෙ අවෙ නැහැ. අපි හමොම බය වුනා ගම් බීලා බඩ ඇලවිලා වෙන්න ඇති කියලා. ඉන්පස්සෙ අපේ පන්තියෙ ගොඩක් අය පහුවදා හවස ගියා එයාගෙ ගෙදර එයාව බලලා එන්න. එත් මට ඔය ගමන් තහනම් නිසා මම ගෙදර ගියා. ඊට පස්සේ කවදවත්ම නිශදි මව අනුකරණය කරන්න ගියෙ නැහැ.

අපේ පන්තියේ මට අකමැති teacherට කේලාම් කියන දෙතුන් දෙනෙකුත් හිටිය නිසා teacher නිශාදි කො කියලා අහද්දි මම එයාට ගම් පෙවුව කතාව කිවා. හරියට මම බලෙන් පෙවුවා වගේ. මට එකට දඩුවම විදිහට මාව හිට ගස්සලා තිබ්බා. අපේ අනිත් teachers ලා මට ගොඩක් ආදරෙයි. ඒ මම මොන දග වැඩේ කලත් පාඩම් වැඩ හරියට කරන නිසා. එයාලා නිසා මට ගොඩක් වෙලා හිටන් ඉන්න වුනෙත් නැහැ. ඒත් teacher නම් මගෙත් එක්ක අමනාප වුනා.

මම කරපු වැඩේ වැරදියි කියලා දැන් තේරෙනවා එත් ඒ දවස් වල ඒ ගැන තේරුමක් තිබ්බෙ නැහැ. ආයෙත් හමුවෙමු මගෙ තවත් දග වැඩකින්...

8 comments:

  1. මෙලෝ රහක් නැහැ. අපරාදෙ මේක කියවන්න ගිය කාලය. ඔයාට කැමති දෙයක් ලියන්න පුලුවන්, ඒත් ඒවා ප්‍රසිද්ධියේ පලකරන්න කලින් හිතන්න ඕක කියවන කෙනෙක්ට ලැ‍බෙන ප්‍රයේජනය මොකක්ද කියල.අඩුම තරමින් හිනාවක් වත් යන්නෙ නැහැ.
    මීට, කෙලින් ඉර

    ReplyDelete
  2. @කෙලින් ඉර - එයාට කැමැති දෙයක් ලියන එක වගේම පල කරන එකත් එයාට අයිති වැඩක්. කියවන එක අපිට අයිති වැඩක්. හැම වෙලේම අපි ලියන්නෙ ප්‍රයෝජනයක් බලාගෙන නෙවෙයිනෙ.ඔයා කියවන්න කැමති නැත්නම් කියවන්න එපා.එච්චරයි.

    ReplyDelete
  3. mama hitiyanam nishadita binder gam powanawa.

    ReplyDelete
  4. @Anonymous
    අනේ මා ලියුවේ මට හිතුන දේවල්. මම හිතන්නේ ඔයා අද වෙන්න අති ඉස්සර වෙලාම මේ පැත්තෙ ආවේ. මොකද මම කොහොමත් ලියන්නේ කටවත් ප්‍රයොජනයක් අති දෙයක් නෙවේ.

    @නිසුපා
    ඔයා කියන දේ ඇත්ත.

    ReplyDelete
  5. ඔව් මම පිලිගන්න‍ව, කිසිම ගැටලුවක් නැහැ.හැබැයි ඔයාලගෙන් කාට හරි පුලුවන්ද Blog කියන එක අර්ථ නිරූපනය කරන්න.Better Listings on Google නැතිනම් Big Load of Gossip. පොඩ්ඩක් හිතන්න. ඔයා ඔයාගෙ කාලෙ කාගෙන ඔහේ ලියන‍ව.ඒ විතරක් නම් මදැයි. ඒ මදිවට ඒව sinhala blog reader හරහා තව ව්‍යාප්ත කරනව.අනිත් මිනිස්සු කාලෙ නාස්ති කරන් ඕව කියවන‍ව. අන්තිමට Blog වලට දෙන්න වෙන්නෙ මගේ 2වැනි අර්ථ නිරූපනය. ලියන්න ඒක හොද දෙයක් ඒත් පලකරන්න කලින් දෙසැරයක් හිතන්න මේකෙන් සමාජයට පාඨකයාට දැනෙන වැදගත් දෙයක්ද කියල. මිනිස්සුන්ගෙ ඕනම දෙයක් නාස්ති කරාට කමක් නැහැ ඒ ඕනම දෙයක් නැවත දෙන්න පුලුවන් ඒත් කාගෙ හරි කාලය නාස්ති කරන්න එපා,මොකද ඔයාට ඒක ආයෙ කොහොමටවත් දෙන්න බැහැ.අන්තිමට මේකත් නොකියම බැහැ බුදු දහමට අනුව යාලුවෙකුගෙ වැරැද්දක් පෙන්නල දෙන්නෙ කල්යාන මිත්‍රයෙක්.වැරැද්දට අනුබල දෙන්නෙ අපාය සහාය මිත්‍රයෙක් ඕකට ජන වහරෙ කියන්නෙ මරක්කල ගුරුකම කියල. දන්නෙ නැත්නම් ඔයාගෙ නිසූපා ගෙන් අහන්න එයා නම් හොදට මරක්කල ගුරුකම දන්නව වගේ.මීට කෙලින් ඉර,දකුණේ කොල්ලා

    ReplyDelete
  6. @කෙලින් ඉර
    ගොඩක් ස්තුතියි වැරැද්ද පෙන්නලා දුන්නාට. මම කාලේ නාස්ති කරගෙන ලියන්නේ මට ආස දේවල්. එවා කියවන්න ගිහින් නාස්ති වුන ඔයාගේ කාලය මට දෙන්න බැනේ එ නිසා මම එ වෙනුවෙන් ඔයාගෙන් සමාව ඉල්ලන්නම්. ඔයාගේ මරක්කල ගුරුකම් කියන එකනම් එ තරම් පැහැදිලි නැහැ මම හිතන්නේ. අනිත් එක කාටවත් මඩ කොමෙන්ට් නම් මගේ බ්ලොග් එකේ දාන්න එපා. මම පෞද්ගලිකව එකට කැමති නැහැ

    ReplyDelete
  7. කාටවත් මඩ ගහන පුරුද්දක් නම් මගෙ ලග නැහැ. ඒත් පොඩිකාලෙ ඉදන් කෑවත් කියන්න ඹ්න දේ මූනට කියන ගතිය නම් තිබුන.එක දවසක් පොඩි ළමයෙක් පාරක් හරහා තිබුනු කඩොල්ලක් උඩ වාඩිවෙලා හිටිය. මෙතනින් යන්න ආව තට්ටෙ තියෙන තම්බි කෙනෙක්.ඒත් යන්න විදිහක් නැහැ පොඩිඑකා පාර වහල කඩුල්ල උඩ නැගල.තමිබි කීවා පොඩිඑකාට “චූටි මාත්තියා මට යන්ඞ කඩුල්ල ආරින්ඩ අප්පා කියල“ ඒත් මේ පොඩි(යකා)එකා කීව “උබට ඕනි නම් මේක යටින් රිංගල පලයන් කියල“ අර තම්බිත් පොඩිඑකා කී විදිහටම කඩුල්ල යටින් රිංගුව.එතකොට මේ පොඩිළමය කඩුල්ල යටින් රිංගන තම්බිගෙ තට්ටෙ දැකල ආසාවට ටොක්කකුත් ඇන්න, කඩුල්ල යටින් එහා පැත්තට ආව තම්බි පොඩිළමයට ස්තුති කරල රුපියලකුත් දීල ගියා.අනේ ඉතිං අර පොඩිළමය හිතුව ඊළග කෙනාටත් එහෙම කලොත් ආයෙත් සල්ලි හම්බවේවි කියල.ඒත් ඊලගට ආව මනුස්සයට අරෙහෙම කරන්න ගිහින් ළමයා හොදටම ගුටිකෑව. ඹන්න ඹ්කට තමයි මරක්කල ගුරුකම කියන්නෙ.තම්බි පොඩිඑකාගෙ වැරැද්ද පෙන්නල නොදී පොඩිළමයගෙන් පලි ගත්ත බොහොම ලස්සනට.එදා ඉදන් වැරැද්ද පෙන්නල නොදී වැරැද්ද අගය කරන විට කියන්නෙ මරක්කල ගුරුකම කියල.කොහොම වුනත් ඔයා ගොඩක් නිහතමානී කෙනෙක්. ඔයාට ජය .අන්තිම වචනෙට කලින් පොඩි ඉල්ලීමක් කරන්නම්,වැරදියට හිතන්නෙ නැත්නම්.ස්වයං චරිතාපදානය පැත්තකින් තියල පුලුවන් නම් උත්සහ ක්රන්න තමන් ගැන ලියන එක වෙනුවට අනිත් උන්ගැන ලියන්න.කවද හරි ඒක නිර්මාණයක් වේවි.අන්න එදාටත් මම නොවැරදීම කමෙන්ට් කරනව.මීට කෙලින් ඉර,දකුණේ කොල්ලා

    ReplyDelete
  8. කෙලින් ඉර
    බොහොම ස්තුතියි පැහැදිලි කිරිමට. මම ගොඩක් වටින කතාවක් ලියන්න හිතන් ඉද්දි එක ලියන්න එපා කිව නිසයි මාගේ පොඩි කලෙ ගැන ලියන්න හිතුවෙ. මගේ මතකයන් බෙදා ගන්න. එ වුනත් මම ලියන එක නතර කරන්නේ නම් නැහැ.
    කොහොම වුනත් මම ලියන එක නතර කරන්නේ එකම එක්කෙනෙක් කිවොත් විතරයි. එ මගෙ මහත්තයා. හේතුව එයයි මට බ්ලොග් ලියන්න පුරුදු කලේ එයා මේකෙ වරද්දක් පෙන්නනකම් මම ලියන එකනම් නතර කරන්නේ නැහැ. එත් මම ඔයා කිවා වගේ ඔයා වගෙ අය ගැන ලියන්න උත්සහ කරන්නම්.

    ReplyDelete