2011/09/07

පුංචි කාලෙ මං............

මගේ පුංචි කාලෙ මම කරපු දග වැඩ, හොද වැඩ, නරක වැඩ සහ මට වුන හරි හරි වැඩ ලියන්න ඔනෙ කියල හිතුනා. මෙ තමයි පටන්ගත්තම කතාව.

මම ඉස්කොලෙ යන්න පටන් ගත්තෙ යන්න ඔනෙ හරි වයසට කලින්. මම ඉස්සර වෙලාම ගියේ නුගවෙල ඉස්කොලෙට. එක වසරෙ මුල් වාරෙ එ ඉස්කොලෙ ඉදලා දෙවනි වාරෙට පොල්ගොල්ලේ ඉස්කොලෙකට ගියා. එ අලුත් ඉස්කොලෙ principle දුරින් අපෙ ලොකු අප්පච්චි වෙන කෙනෙක්. මාව එ ඉස්කොලෙට බාර දුන්න දවසෙ අම්මා මාව ඇරලවලා ගියා. ලොකු අප්පච්චිත් මාව පන්තියට දාලා ගියා.
දෙවෙනි දවසෙ උදෙන්ම අම්මටත් ඉස්කොලෙ යන්න තියෙන නිසා මාව ගේට් එක ලගට ඇරලවලා ගියා. මම පන්තියට යද්දි හමොම ඇවිත් තම තමන්ගෙ පුටු වල ඉදගෙන. මට ඉදගන්න පුටුවක් තිබුනෙ නැ. මුලු පන්තිය පුරාම බැලුවම මම දැක්ක එක පුටුවක් හිස් තියෙනවා. මම එතනට ගිහින් ඉදගන්න යද්දි එතන එහා පැත්තෙ හිටපු කෙනා කීවා ඔය අපේ පන්ති නායකයාගේ පුටුව කියල. මම ඒක ගනන් ගන්නෙ නැතිව ඉද ගත්තා.

ඊට ටික වෙලවකට පස්සෙ පිරිමි ළමයෙක් මගෙ ලගට ඇවිත් හිට ගත්තා. මම ගනන් ගත්තේ නැ. (මම පස්සේ දැනගත්තා එයගෙ නම කසුන් කියලා) ඉන්පස්සෙ කසුන් අනිත් ළමයින්ගෙන් ඇහුවා කවුද මගේ පුටුව ගත්තේ කියලා. එ පාර මට හිතුනා මෙයට කොහොමද එ තරම් ලොකු කමක් අනිත් අයගෙන් එහෙම අහන්න කියලා. එ මදිවට අනිත් ළමයි මාව පෙන්නුවා. මට තවත් තරහයි එ ළමයි මොකද එයාට ඒ තරම් බය කියලා. ඒපාර කසුන් මගෙ ලගට ඇවිත් ඇහුවා මගේ පුටුව ගත්තද කියල. මමත් චන්ඩියා වගේ ඔව් කිවා.
ඉන්පස්සෙ කසුන් මට කියනව ”මම පන්තිභාර teacher ට කියනවා” කියල. මම කිවා “මම principle ට කියනවා” කියලා. එ ගමන එයා කියනවා “මගේ තාත්තා police යෙ මම එයාට කියනවා” කියලා. මමත් ගේම අතැරියේ නැ “අපෙ අප්පච්චි කොටියෙක් මම එයාට කියනවා” මම කිවා. ඒ කාලේ LTTE කලබල හොදටම තිබුන කලෙනෙ. එයා බය වුනා. වැඩේ එතනින් නතර වුනා.
කසුන් පන්තිභාර teacher එනකම් හිටගෙන හිටිය. teacher ඇවිත් ඇහුවා “කසුන් ඇයි හිටගෙන” කියලා. කසුන් teacher ලගට ගිහින් විස්තරේ අකුරක් නෑර කිවා. Teacher ට කියාගන්න දෙයක් නැ principle ගෙ නෑයෙක් වෙන මාව හිටවලා දඩුවම් කරන්නත් බෑ එහෙම කරන්න තරම් දෙයක් මම කරලත් නෑ ඊටත් වඩා බරපතලම දේ මම ඉස්කොලෙට ආපු දෙවෙනි දවසෙම ඉස්කොලෙ එපා කරවන්නත් බෑ. ඒ නිසා teacher එ වෙලවේ හිනාවෙලා පුටුවක් හොයලා කසුන්ට දුන්නා මගෙ ලගම ඉදගන්න. ඒත් teacher පස්සෙ principle අතින් විස්තරෙ කියලා තිබුණා.

එදා හවස ඉස්කොලෙ ඇරිලා ගෙදර යද්දි ලොකු අප්පච්චි මට කාර්යාලයට කතා කරලා හෙට උදේ අම්මට එන්න කියන්න කිවා. මට එක එ තරම් ගනක් නැ මාත් හා කියලා ගෙදර ගියා. අම්මලා එන්න හවස් වෙන නිසා මට උදේ වුන දේ කියන්න මතක් උනෙත් නෑ. ඒ වුනත් ලොකු අප්පච්චි එන්න කිවා කියලානම් කිවා.

පහුවදා අම්මාත් මගෙත් එක්ක ඉස්කොලෙට ආවා. ලොකු අප්පච්චි හම්බ වෙන්න ගියාම ලොකු අප්පච්චි අම්මා අතින් කිවා දොණි ලොකු වීරකමක් කරලා කියලා විස්තරේ කිවා හිනා වෙවී. අම්මා මගෙන් ඇහුව ඇත්තද කියලා. බොරු කියන්න ඔනෙ නැනේ මම ඔව් කිවා. ලොකු අප්පචිත් හිනාවෙලා කීවා කියන්න ඔනෙ නිසා කිවේ නැතිව දරුවට සැර කරන්න එපා කියලා.
එදා මම පන්තියට දාලා අම්මා ගියා. එදා ඉදන් හැමදාම මගෙ පුටුව තිබුණා. එ වගේම එ ඉස්කොලෙන් අයින් වෙනකම්ම මම හිටියෙ කසුන් ලග. ඊට පස්සේ අපි හොදම යලුවො වුනා.

ලියපු එකේ අඩුපාඩු වැරදි තියෙනවානම් සමාවෙන්න.

3 comments:

  1. රනා අයිය දාල තිබුන ඇඩ් එකකින් මේ පැත්තෙ ආවෙ.

    ඔය අම්ම අප්පච්චිල ඉස්කෝල වල උගන්නන ළමයි එක්ක මගෙ ඉස්සර තිබ්බෙ ලොකු තරහක්.ඉස්සර ඉඳන්ම මම උන් එක්ක වලි වලටමයි යන්නෙ.වෙන ටීච කෙනෙක් ආවමත් "අනේ මේ අර මිස්ගෙ දුව නේද,පුතා නේද" කියල අහද්දි අපි නිකන් හාල් වෙලා යනව.මොනව කරන්නද, ඒක උන්ගෙ ලැබීම.හැබැයි සමහරු ඉන්නව එහෙම නැති උනුත්.වැඩේ කියන්නෙ මට හම්බ වෙලා තියන උන් ඔක්කොම ඔය කලින් කිව්ව වගේ.

    සෑහෙන පරණ බ්ලොග් එකක්.ජය වේවා !
    ප.ලි. : රනා මොකද මේක බස් ඇඩ් එකක් විදියට දැම්මෙ කියන එකයි මට තියන ප්‍රශ්නෙ

    ReplyDelete
  2. හප්පා...චන්ඩියෙක් නෙ මෙයා. ඔය වගේම මටත් පුටුවක් නැතුව ඉදලා අපේ තාත්තා මටම කියලා පුටුවක් හැදුවා.

    ReplyDelete
  3. යාන්තම් ඇත්. මඟ ඇරුණු සියල්ල කියවලා දුර ගමනක් තමා මෙතන්ට ආවේ.....

    මගේ අම්මේ අක්කා චන්ඩියෙක්නේ....... :)

    ReplyDelete