2010/05/18

අවසාන පද වැල .....

හීන පිරැ
කප් කෙලක් පැතුමන්
වරා මල් පොකුරක්ය .....
නුඹට පව් නෑ ...
මහිත් මුඩු බිමට
ලදලු පැතුමක් ගෙන
වසන්තය වී ..
උදාවුවාට නුඹට පින් ......

තව කුමට කරැණු සොයනුද
මා වෙතින් නික්මෙන්න ...
වසන්තය පැතුමක්ව
ඔබ යන්න ..... තවත් ලොවකට ....
ඒ වුනත්
මට දුන් දුක නොදෙන් ......

කෝ දෙන්න මට ...
මගේ ජීවිතය ....
අරගන්න ඔබ පිදු පෙම .....
දුන්නාටත් වඩා වැඩිපුර .....

මේ තමයි අවසාන පද වැල ....
ඔබ නමට මෙමා පබදින .......

4 comments:

  1. අනේ කොල්ලෝ මේ සිරාවටමද නැත්නම් හිතට ආව අදහසත්ද

    අපි www.sriwow.info

    ReplyDelete
  2. @ Anonymous

    මේ හැමදේම හිතට ආව අදහස් විතරයි. මේ මම O/L කරලා ගෙදර ඉන්න කාලෙ ලියපු දේවල්. ඒ කාලේ මම ආදරේ ගැන දන්නෙ නවකතා වලින් කියවලා.
    මම ආදරේ කරන කෙනා මොනදේ කලත් මගෙන් යන්න කියලා හිත හදාගන්න මට බැහැ. මේ මගෙ අත්දැකීම් නෙවේ...

    ReplyDelete
  3. වසන්තයක් වී ඇවිත්
    නුඹේ ලොවට
    ඉඩෝරයක් වී
    නුඹේ මුළු ලොවම
    දවා අළු කරන්නට
    සිතුවෙ නෑ මම
    කවමදාකවත්
    ඒත්.............?

    ReplyDelete
  4. මේ වාගේ දෙයක් කවදාවත් ඔයාටවෙන්න එපා.....

    ආදරේ දැනුනොත් ඔබේ හිතට...
    හිත් දෙක එක්වෙන්න යදමක් විලස
    නොවෙනස්ව පවතින්න එක ලෙසම
    මියෙන තුරා සොදුරු සෙනෙහස විදගන්න..........

    ReplyDelete