2010/04/25

අයදිමි සමාව ඔබ සැමගෙන්.........

ඊයෙ දවසෙ බ්ලොග් මැරතන් දුවන්න මමත් හිතන් හිටිය වුනාට මට දුවන්න තියා වතුර ගහන්නවත් එන්න බැරි වුනානෙ. එකට ඔයාලා හැමදෙනාගෙන්ම සමාව ඉල්ලනවා මුලන්ම. මගෙ මහත්තයා නම් මට ගොඩක් දේවල් කිවා ගොඩක් දුක හිතෙන දේවල්. මම හිතනවා ඔයාලා මට වුන දේ තේරුම් ගනිවි කියලා. මගෙ මහත්තයාත් පස්සෙ තේරුම් ගත්තා.

මෙහෙමයි වැඩෙ වුනෙ, මට 21 හවස interview එකක් තිබුනා එනිසා මට කොළඹ යන්න වුනා. මම අම්මා එක්ක 20 හවස ගිහින් අක්කලාගෙ ගෙදර ඉදලා 21 මම මහත්තයා එක්ක interview එකට ගියා. අම්මා එදා හවස අපෙ පුංචි අම්මලාගෙ ගෙදර ගියා මට හවස එහෙ එන්න කියලා. මම interview ඉවර වෙලා මගෙ මහත්තයා එක්ක දවල්ට කාලා හෝමාගම පුංචි අම්මලාගෙ ගෙදර ගියා. අපි හිතාන හිටියෙ පහුවදා මගෙ convocation එකට සාරියත් අරගෙන නුවර ගෙදර එන්න. ඔන්න ඉතින් පහුවදා අපෙ අම්මා කියනවා යන්න මහන්සියි හෙට යමු කියලා. පුංචි අම්මායි බාප්පයි දෙන්නත් කියනවා ඉදලා යන්න කියලා. ඉතින් මම පරාජය බාර අරන් ඉන්න කැමති වුනා කමක් නැහැ 23 ගිහාම ඇතිනෙ කියලා හිතාන.

එදා දවසත් ගෙවිලා ගියා. පහුවදා 23 උදේ නැගිටලා ලැස්තිවුනා. එදාත් අම්මාට මහන්සි නිසා සාරිය අරන් ඇවිත් 24 උදෙන්ම යමු කිවා. මමත් ඉතින් හොද කිකරැ දුව නෙ. එනිසා එකටත් හා කියලා සාරිය ගන්න ගියා. එදා දවසත් ඉවරයි ඉතින්. 24ට උදේ වුනාම අම්මායි මමයි යන්න ලැස්තිවෙලා ගෙදරින් එලියට එන්න යද්දිම අපේ අක්කා කෝල් කලා. එයා කිව්වා train strike කියලා. අම්මා ගත් කටටම කිවා බස් වල යන්න බැහැ ඇගට අමාරැයි කියලා. එහෙ ගෙදර අයත් කියනවා ඉන්න කියලා. දෙවතාවක්ම එලියටත් බැහැලාත් ගෙදර නතර වුනා. මට තමා ඉතින් පාඩුව උනේ. එ කියලා මගෙ උත්සාහය අත් ඇරියෙ නැහැ. මම මල්ලිගෙ යාලුවෙක්ගෙන්වත් අන්තර්ජාල පහසුකම් සපයාගන්න උත්සාහ කලා. එ වැඩෙත් හරි ගියෙ නැහැ.

අන්තිම වතාවට මම මගෙ උපහාර සිම් එකෙන් ගනන් හොයලා බැලුවා. එක විකිණෙන වැඩක් එයාලා 1KB වලට සත 10 ගන්නවා. ඔයාලා දන්නවානෙ ඉතින් මම තවම ගෙදරින්නෙ යැපෙන්නේ. මගෙ phone බිලත් අම්මා ටිකක් බැනලා ගෙවන්නෙ එහෙම එකේ තවත් බිල වැඩිවුනොත් ඔයාලාට හිතාගන්න පුලුවන්නෙ.

ඔය හේතු නිසා මට බ්ලොග් මැරතන් දුවන්න බැරි වුනා. ඉතින් මම ඔයාලාගෙන් සමාව ඉල්ලනවා මම බ්ලොග් මැරතන් දුවන්න එනවා කියලා ආවෙ නැතිවුන එකට.

No comments:

Post a Comment