2012/01/09

බස් එක ගිනි ගන්නවො...........

මේ සිදුවීම වුනේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් 20 හරියටම අගහරුවාදා. මම සාමාන්‍යයෙන් ගෙදර යන්නේ සිකුරාදා හවස.ඒත් එදා හදිස්සියේ යන්න වුනේ බදාදා ගමනක් යන්න තිබුන නිසා. ඉතින් වැල් වටාරම් නොකියා විස්තරේ කියන්නම්කො...

එදත් වෙනදා වගෙම මම මහනුවර A/C එදත් වෙනදා වගෙම මම මහනුවර බස් එකකට නැගලා ටිකක් ඉස්සරහාට වෙන්න ඉදගත්තා. වෙනදානම් ඉතින් jumpping පිහිට වුනත් එදා සෙනග අඩු නිසා එහෙම අවුලක් වුනෙත් නැහැ. මම හොදට ඉදගෙන බස් එක පිටත් වෙද්දිම වගේ සුපුරුදු නින්දට වැටුණා. එත් ටෙක්නිකල් හන්දියෙදි බස් එක පාර මැද නතර කරලා කොන්දොස්තර අයියා එලියෙන ගිහින් පිටිපස්සේ මොනවාදො කරලා ආවා. බස් එකත් කිසිම කරදරයක් නැතිව යන්න ගත්තා. මාත් හොදට නිදාගත්තා.

ගොඩක් දුර ඇවිත් මාත් හොදටම නිදියලා. මට හීනෙන් වගෙ පිටිපස්සේ ඇන්ටි කෙනෙක් කෑගහනවා ඇහෙනවා බස් එක පිටිපස්සෙන් දුමක් එනවා කියලා. මම හිතුවා මේ හීනයක් වෙන්න ඇති කියලා. ඒත් කොකටත් කියලා මාත් හීනෙන් වගේ ටිකක් ඇස් ඇරලා. බලද්දි ඇත්තටම බස් එක දුමින් පිරිලා. මමනම් හිතුවෙ බස් එකේ A/C එකේ ප්‍රශ්නයක් කියලා.

කොන්දොස්තර අයියත් කියනවා ජනෙල් ටිකක් ඇරගෙන ගියම හරියයි කියලා. එහෙම කියගෙන ජනෙල් අරගෙන තව ටිකක් දුර සැහෙන වේගෙකින් යනවා. දැන් ආයෙමත් තත්වය යහපත් නිසා මම ආයෙමත් සුපුරුදු නින්දට වැටුනා. එත් ගොඩක් දුර යන්න හම්බ වුනේ නැහැ පිටිපස්සේ හිටපු ඇන්ටි කෑගහන්න ගත්තා බස් එක ගිනි ගන්නවො නවත්තන්න කියන්න කියලා. යන්තම් බස් එක නතර කරන්න වේගෙ අඩුකලා. එත් එක්කම පිටිපස්සෙන් ආපු බයිසිකලයකුත් ඉක්මනට ඉස්සරහාට ඇවිත් ඩ්‍රයිවර් අන්කල්ට කියනවා බස් එකේ පස්ස ගිනි ගන්නවා කියලා. ඔන්න එතකොට තමා ඩ්‍රයිවර් අන්කල් බස් එක නතර කලේ.

බස් එක නතර කලා විතරයි කට්ටිය පෙරලගෙන බහින්න හදනවා. අර කලින් ඉදන් කෑගහපු ඇන්ටි ශේට් උඩින් පැනලා ගිහින් බැහැලා ඉවරයි. මම ඉදගෙන හිටියෙ ඉස්සරහා ඉඩන් තුන්වෙනි ශේට් එකෙ වුනත් මට බහින්න බයයි කට්ටිය කලබලෙට මාව පෙරලගෙන යයි කියලා. මම ඉතින් වෙන දෙයක් වෙන්න කියලා හිතලා පිටිපස්ස බැලුවා. මහා ලොකු ගින්නක් නැහැ තැලිලා තුවාල කරගන්නේ නැතිව හිමිට බහිනවා කියලා හිතලා ඉදන් හිටපු තැන හිටගෙන හිටියා. එ ඉතින් මම කරපු දෙනෙ.

මට එහා පැත්තේ හිටිය අන්කලුත් බය වෙලා පුලුවන් තරම් ජනේලය ඇරියා එතනින් පනින්න. එත් එයාට එතනින් එලිය බැලුවම බය හිතිලා සද්දනැතිව හිමිට බහිමු නෙද කියලා මට කියනවා. මාත් ඉතින් හිනාවුනා. හොදම වැඩේ කියන්නේ බස් එක නතර කරලා තියෙන්නේ ලොකු කනුවකට කිට්ටුව. කානුවට එහා වෙල. එ පැත්තෙන් පැන්නොත් ඉතින් මඩෙ තමා. අනිත් පැත්ත පාරනේ ඒ පැත්තට කලබල වෙලා පැන්නොත් ගින්නට වඩා හපන්නේ.

කොහොම වුනත් කට්ටියගේ කලබලේට එහා පැත්තේ මොකක්ද තියෙන්නේ කියලා බැලුවෙ නැහැ පැන්නා කට්ටිය ජනෙලෙන් එලියට. වෙලටයි කානුවටයි වැටුන කොල්ලොනම් ලජ්ජාවට අමාරුවෙන් ගොඩ ආවා සද්ද නැතිව. එත් දොරෙන් බහින්න ගිහින් කට්ටියගෙ තල්ලු කිරිල්ල නිසාම කානුවට වැටුන ඇන්ටි කෙනෙක් කෑගහනවා "අනේ මාව බෙරගන්න... බුදු අම්මො මාව බෙරගන්න...." කියලා. ප්‍රශ්නෙ කියන්නේ එතන කරුවලයි ඇන්ටිත් සද්දන්ත කෙනෙක්. එත කට්ටිය කොහොම හරි අර ඇන්ටිව කානුවෙන් ගොඩ ගත්තා.

මමත් කට්ටිය ඔක්කොම වගේ බැහැලා ඉවර වුනාම හිමින් බැස්සා. කොහොම හරි වට පිටේ තිබුන ගෙවල් වල සහයොගයෙන් වතුර දාලා ගින්න නිවුවා. අපි එතනින් වෙන බස් එකක නැගලා ගෙදර ගියා.

එදානම් ටිකක් බය වුනා. මැරෙන්න නෙවේ රැවෙලා තනියෙන් මගක මොකද කරන්නේ කියලා. එත් මටනම් එතන හිටිය ඇන්ටිලා කලබල වෙලා කරන විකාර දැකලා හිනාව නතර කරගන්නත් බැහැ.

එත් ඉතින් හරි පුදුමයි පහුගිය අවුරුදු ගානක්ම ඒවගේ හදිස්සි අවස්තාවන් වලට මුහුණ දෙන විදිහ අපි ඉගෙන ගෙන තිබුනානෙ. එ වුනත් කට්ටිය කලබලෙ නිසා නිකන් තුවාල කරගත්තා. මෙක මතක් වෙද්දි හිනා ගියත් ඉගෙන ගන්න දෙයක් තියනවා. කරදර අවස්තාවක කලබල වෙලා කිසිදෙයක් කරගන්න බැහැ කියන එක.

ඇත්තටම ඒ වෙලා තියෙන්නේ A/C එකට පොවෙර් දෙන්න පිටිපස්සේ වයර් දෙකක් එකට ගැටගහලා තියෙනවා එක ස්පාර්ක් වෙලා ගිනි අරගෙන.

ගොඩක් දවසකින් ලියන්න ගත්තෙ. අඩුපාඩු තිබුනොත් සමාවෙන්න හොදේ

2011/10/09

ජීවිතයට උපදෙස්......

මට ගොඩක් දවසකට කලින් ලැබුණු email එකක තිබුණු වටින සිතුවිලි ටිකක් ඔයාලා එක්ක බෙදා ගන්න සිතුනා.

1. කෙනෙකු අපේක්ෂා කරන තරමට වැඩි දෙයක් ඔහුට ලබා දෙන්න. එය කළ යුත්තේ සතුටින්මයි.

2. ඔබේ ප්‍රියතම කවිය කටපාඩම් කර ගන්න.

3. ඔබට ඇසෙන හැමදේම විශ්වාස නොකරන්න. ඔබේ අතේ ඇති හැම සතයක්ම වියදම් නොකරන්න. ඔනැවට වඩා නිදා නොගන්න.

4. "මං ඔයාට ආදරෙයි ..." කියද්දි හදවතින්ම කියන්න.

5. කිසිවකුගෙන් සමාව ඉල්ලද්දි කෙලින්ම ඔහුගේ දැස දෙස බලන්න.

6. විවාහ ගිවිස ගත යුත්තේ විවාහයට මාස හයකටවත් පෙර බව මතක තබ ගන්න.

7. දුටු සැනින් ඇතිවන ආදරය පිළිබදව විශ්වාස කරන්න.

8. අනෙක් අයගේ සිහින වලට සිනා නොවන්න. සිහින නැති මිනිසුන් තුල බොහො අඩුපාඩු තිබෙනවා.

9. හදවත පත්ලෙන්ම අනුරාගී ලෙස ආදරය කරන්න. ඇතැම් විට ඔබට වේදනාව හිමිවිය හැකියි. එහෙත් ජීවිතය සම්පුර්ණ කර ගැනීමට ඇති එකම මග එයයි.

10. යමකට එකග නොවන විටදි සාධාරණ ලෙස ගැටෙන්න. එහෙත් කැත වචන කීමෙන් වලකින්න.

11. ඔවුන්ගේ නැයන්ගේ මිම්මෙන් මිනිසුන් නොමනින්න.

12. ඉක්මනින් සිතන්න. හෙමින් කතා කරන්න.

13. ඔබ පිලිතුරු දෙන්නට ඇකමැති ප්‍රශ්ණයක් කිසිවකු විසින් අසනු ලැබු කල සිනාවක් පා "ඇයි ඔයාට එක දැන ගන්න ඔනෙ...?" යනුවෙන් අසන්න.

14. මහා ලොකු ආදරය, මහා ලොකු බලාපොරොත්තු සමග ලොකු අවදානමක්ද පවතින බව මතක තබා ගන්න.

15. ඔබේ මව සමග නිරතුරුවම අදහස් හුවමාරු කරගන්න.

16. ඔබ පරජය වුවත්, ඉන් ලැබෙන පාඩම ජයග්‍රහණයක් බව සිතන්න.

17. ඔබටම ගෞරව කර ගන්න. අනෙක් අයට ගෞරව කරන්න. වගකීමෙන් යුතුව හැම ක්‍රියාවකම නිරත වන්න.

18. නරක කීරීම තුළින් මිතුරන් අහිමි කර නොගන්න.

19. වැරැද්දක් සිදුවු බව වැටහුණු විට වහාම එය නිවැරදි කරන්නට පියවර ගන්න.

20. දුරකතන ඇමතුමකට පිළිතුරු දෙන විට සිනාමුසු වන්න. අමතන්නාට එය හොදින් දැනේවි.

21. විවාහ විය යුත්තේ කතාබහ කිරීමට කැමැත්ත දක්වන අයකු සමගයි. මහලු වයසට පත්වෙදි අනෙක් හැම හැකියාවකටම වඩා වටින්නේ එය බව මතක තබා ගන්න.

22. හොද අවන්ක ජීවිතයක් ගත කරන්න. ඔබ වයසට ගිය විට ආපසු හැරී බලා සතුටු වන්නට හැකිවේවි.

23. ඔබේ ආදරණීය පුද්ගලයින් සමග ඇතිවන බහින්බස්වීම් වලදී අතීත සිදුවීම් හො වැරදි සිහිපත් නොකරන්න.

24. යම් අවස්තාවකදී ඔබට වුවමනා දෙයක් නොලැබුණහොත් එය වාසනාවක් වීමටද ඉඩ ඇති බව මතක තබා ගන්න.

25. එකිනෙකා වුවමනා කරන දෙදෙනෙකුට වඩා එකිනෙකාට ආදරය කරන දෙදෙනෙකු අතර ඇති සම්බන්ධය බලවත් බව මතක තබා ගන්න.

2011/09/26

තරග විභාග සම්මුඛ පරීක්ෂණ සහ අපි

මෙ කියන්න යන දේවල් ජොබ් එකක් හොයන ඔයලාටත් වෙලා ඇති ජොබ් කරන අයට ජොබ් එකක් හොයන කලෙ මේවගේ සිදුවීම් වලට මුණ දෙන්න වෙන්න ඇති. මේ මට සහ මගෙ යලුවන්ට වුන දේවල් ටිකක් තමා කියන්න යන්නේ.

අපි ගොඩක් අය try කරන්නේ රජයේ රැකියාවකට යන්නනේ. ඔකේ ඉතින් වාසි දන්න අය දන්නවනෙ. විශේෂයෙන්ම ගැණු ළමයි තමා වැඩිපුර ඔයවගේ දේවල් වලට try කරන්නෙ. ඇත්තම කියන්න පහුගිය දවස්වල මටත් ඔය ලෙඩේ තිබුනා. දැන් එක අඩු කරගත්තා රට යන විදිහ දැක්කම.

ගිය අවුරුද්දෙ අන්තිම මේ අවුරුද්දෙ මුල ලොකු බැංකු දෙකකටම exam තියල interview තිබුනනෙ. බැංකු දෙකේ නම් කියන්න ඔනේ නැනෙ. ඉතින් කොහොම හරි අපේ අම්මගෙ වදේටම වගෙ මාත් application දාලා exam එකත් කලා. ඒක බැංකුවකනම් exam එකෙ general knowledge කියල අහල තිබුන දේවල් දන්නෙත් නැ. එකෙනම් exam ඉවරවෙල ගෙදර එද්දිම හිත හදගෙන ආවා වැඩක් වෙන එකක් නැ කියලා. දුකම හිතුනෙ එදාම අපෙ ඉන්ස්ටෘcටොර් ට්රිදප් එක ගියා. මට එකට යන්න බැරි වුන එකයි දුක. ඊට ටික දවසකට පස්සෙ අනිත් බැංකුවෙත් exam තිබුනා. එකෙනම් තිබුනෙ පලවෙනියෙන් තියන English exam පාස් වුනොත් විතරක් දෙවෙනි exam එකට admission දෙන්නෙ කියලා. ඔන්න ඉතින් මමත් ගියා exam එකට. කොටින්ම කියනවනම් මහත්තයත් එක්කත් තරහා වෙලා ගියෙ ඉස්කොලෙට යන්න පාර හොයා ගන්න බැරි වෙලා. ඒකනම් එ තරම් අමරු වුනෙ නැ ලියලා අවා. ටික දවසකින් මෙන්න ගෙදරින් call එකක් එනවා අර exam එක පාස් අහවල් දවසෙ අනිත් exam එක තියනවා. මට ඉතින් අරකට හොදට ලියපු ගොන් කම කියලත් නොහිතුනා නෙවෙ.

එත් ඉතින් ගිහින් exam ලිවුවා. එ වෙද්දි නම් එ ගැන බලපොරොත්තුවක් තිබුනෙ නැහැ. ඒත් මෙන්න ටික දවසකින් අයෙමත් call එකක් එනවා අහවල් දවසේ අහවල් බැංකුවෙ interview කියලා. අනේ ඉතින් එතකොටනම් ටිකක් විතර සතුටු හිතුනා පෙර පිනක් නිසාවත් ජොබ් එක හම්බ වුනොත් කියලා. කොහොම හරි කියපු දවසෙ interview ගියා.Interview එකෙ වැඩි දෙයක් අහුවෙනැ credit card ගැනයි බැංකුව ගැනයි ඇහුවා. එ අහපු දේවල් වලට හොදින් උත්තරත් දුන්නා. ටිකක් විතර බලාපොරොත්තුවක් තිබුනා. මාස දෙකක්ම බලන් හිටියා එත් කිසිම ආරංචියක් තිබුනෙ නැ. අන්තිමෙදි අම්මා බැංකුවට call කරල අහල තිබුනා. ඉන් ටික දවසකට පස්සේ ආයෙමත් කතා කරල අහද්දි කියල තිබුනා තේරුණ අයට එන්න call කලා කියලා. අම්මාගෙන් නම අහලා තිබුණා තේරිලාද බලන්න. අම්මා විස්තර කිවාම කියලා නැහැ කියලා. කොහොම හරි මගෙ යාලුවො ටික දෙනෙක්ට හම්බ වුනා එයල කිවෙ 220 ගත්ත කියල ඒත් අරලියගහ මන්දිරේදි පත්වීම් දෙද්දි 235 වෙල තිබුනා. ආයෙමත් මේ ලගදි දවසක අරංචි වුනා තවත් කට්ටිය වැඩි වෙලා කියලා. ඔහොමයි මට වුනේ.

ඔය අතරෙදි පෙරේදා teachers ලා ගන්න exam එකක් තිබුනා. ඒකට ඇවිත් හිටියා අපිත් එක්ක එකම batch එකෙ හිටිය අක්කල දෙන්නෙක්. එක්කෙනෙක් ගැන මම හොදට දන්නවා හේතුව එයා යාලුවෙක් වගේම කැපීපෙනෙන විදිහට marks ගත්තා. එයාට අර මම ගියපු බැංකුවෙ නෙවෙ අනිත් එකෙ interview ඇවිත් ගිහින් තිබුනා. එයාගෙ අම්මා වැඩකරල තියෙන්නෙත් එ බැංකුවෙම තම. එත් එයාට ජොබ් එක හම්බ වෙලා නැහැ. ඇත්තම කිවොත් සුදුසුකම් නැහැ කියන්නවත් දක්ශතාවය නැහැ කියන්නවත් පුලුවන් කෙනෙක් නෙවේ එයා.

කොහොම හරි දැන් ඉන්ටෙර්වීව් වලින් බලන සුදුසුකම මොකද්ද් කියලා මටනම් හොදටම තේරිලා තියනවා. එත් එකට මම හරිම විරුද්ධයි. කොහොම වුනත් අපිට මේ අසාධාරණය නවත්වන්න තව අවුරුදු ගානක් යයි. ඒත් පුලුවන් වෙයිද කියන්න ආමාරුයි.
පෙරේදා exam එක ලියන්න ගිහින් ගොඩක් දුක හිතෙන දේවල් ටිකක් අහන්න වුනා වගෙම දැකපු සමහර දෙවල් වලට ගොඩක් දුක හිතුනා. මුලු ලංකාවේ හැම දෙනාටම exam තිබුනෙ කොළඹ. ගොඩක් ඈත පළාත් වලින් පවා ඇවිත් හිටියා. එහෙම ආපු තාත්තෙකුයි දුවෙකුයි දැක්කාම හිත රිදුනා හොදටම. එයාලා ගොඩක් පිටිසර කියලා හිතුවෙ තාත්තා අතේ travelling bag එකක් තිබුනා ඒ තාත්තා කිසිම පිලිවෙලක් නැතිව සරමක් ඇදලා හිටියකෙනෙක්. බැලු ගමන් පෙනෙනව මහ ලොකු පවුලක නෙවේ තරමක් දුප්පත් වගේම ඒ තරම් ඉහලට ඉගෙනගෙන නැහැ කියල. එයාගෙ දුවත් අහිංසක පාටයි. දුවට අමාරුවෙන් උගන්නලා කියලා තේරෙනවා. දුව exam ඉවර වෙලා එනකම් තාත්තා බලන් හිටියා ඉන්පස්සෙ දුවට කන්න කැම එකක් ගෙනත් දුව කලා ඉවර වෙනකම් ලගින් ඉදන් හිටියා. අනේ ඒ දුව ටිකක් කාලා ඉතිරි ටික තාත්තාට දුන්නා කන්න. අනිත් එක පෙරේදා උදේ 9.30 ඉදලා හවස 5 වෙනකන්ම exam තිබුනා එක එක subjects. එ ගැණු ළමයා හවස මම ලියපු subject එකකටත් හිටියා 3.30 ඉවර වෙන. ඒ තරම් දුක් විදලා ඇවිත් ලියලා ජොබ් එක හම්බ වුනේ නැති නම් එ වගෙ අයට හිතට මොන තරම් දුකක් ඇති වෙනවද. අපි නම් නිවඩු දවසේ ඔහේ එහෙට මෙහෙට වැනි වැනි ඉන්න අය කියලා අත් අරින්න පුලුවන්. ඒත් අර තාත්තා එදා වේල හම්බ කරන කෙනෙක් නම් එ දවස...

තවත් හිත රිදුන දසුනක් තමා මාස තුනක් විතර වෙන පුංචි ළමයි දෙන්නෙකුත් එක්ක අම්මලා දෙන්නෙක් exam එකට ඇවිත් තිබුණා. අනේ අර පුංචි එවුන් දාඩියට අපහසුතාවයට අඩනවා. ගෙවල් වලින් දෙන්නෙක් තුන්දෙනෙක් ඇවිත් අර පොඩි බබලාව බලාගන්න. ඔය හැම දෙනාම දුක් විදගෙන exam එකකට එන්නෙ ජොබ් එකක් ඔනෙ නිසානෙ. ඒත් ඔයින් කියෙන් කිදෙනාටද සධාරණ විදිහට ජොබ් එක හම්බ වෙන්නේ. මම එක තීරණයක් ගත්තා මේ දෙවල් දැකලා මම අයේ කවදාවත්මා රජයේ රැකියා වලට application දාන්නෙත් නැහැ exam ලියන්නෙත් නැහැ කියලා.

මම එහෙම කලා කියල මේ යන විදිහ වෙනසක් වෙන්නෙ නැහැ. එත් මගෙ හිත රිදෙන එක හරි අඩු වේවිනෙ. ඔයාලට පුලුවන්නම් මේ දෙවල් වෙනස් කරන්න පුංචි හරි දායකත්වයක් දෙන්න.

අද හිතුවෙනැති විදිහට පොස්ට් එක දිග වුනා එකට සමාවෙන්න.

2011/09/13

මට ගම් බොන්නත් පුලුවන්.....

මම කලින් කිව ඉස්කොලෙ හිටියෙ එක වසරෙ අන්තිම වෙනකම් විතරයි. ඉන් පස්සෙ අපෙ අම්මලා පොඩි ජිල්මාට් එකක් දාල මාව දෙකේ පන්තියෙ තියන්නෙ නැතිව වෙන ඉස්කොලෙක තුනෙ පන්තියට දැම්මා. පරණ යලුවො ටික දාල අලුත් ඉස්කොලෙට යද්දි ගොඩාක් දුක හිතුනා. එත් කරන්න දෙයක් නැනෙ. අලුත් ඉස්කොලෙට ගිහින් දෙවනි දවසෙ මගෙ පන්තියෙ හැමොටම හරිම උවමනව මාව ලගින් ඉන්දවාගන්න. අන්තිමෙදි මගෙ හොදම යාලුවා වුනේ රංගන. අලුත් ඉස්කොලෙ අපෙ පවුලේ කවුරුත් teachers ලා හිටියෙ නැති වුනත් ගොඩක් teachers ලා අපේ අම්මාවයි, ලොකු අම්මාවයි දැනගෙන හිටියා. ඒකට හේතුව වුනේ අපි ඒ වෙනකොට අපෙ අම්මගේ ගමේ ගෙදර හදාගෙන එහෙ පදිංචියට අවා. මම ගියෙත් එ ගමේ ඉස්කොලෙට. (ගම කිවට එකත් ටවුන් එකම තමා.)

තුනේ පන්තිය ඔහොම ගෙවිලා යද්දි මා ඉස්කොලෙ ජනප්රිෙය චරිතයක් බවට පත්වුනා. ඇත්තටම මම මහාලොකු විශේෂ චරිතයක් නොවුනත් එ ඉස්කොලේ එක වසරෙ ඉදල එකොලහ වසර දක්වාම අය මාව දැනගෙන හිටියා. ඔහොම ඉතින් මම තුනෙ පන්තියෙන් හතරෙ පන්තියටත් අවා. ඔය කලෙ අපිට අලුතෙන් teacher කෙනෙක් ආවා. එයා රට ඉදලා ආව අලුත. මාගැන එයා දැනගෙන හිටියෙ නැහැ. (මගෙ දග වැඩ). අපේ පන්තියෙ හිටියා නිශාදි කියලා මගෙ යාලුවෙක්. එයාව ඉක්මනට රවට්ටන්න පුලුවන්. එයාට ඔනේ හැම වෙලේම මම කරන දේම කරන්න. එයාත් එක්ක තමා මේ සිදුවීම වුනේ

අපිට එදා මොනවා හරි අලවන්න ගම් ගෙන්න කියල තිබුනා. එ දවස් වල ගොඩක් කඩවල් වල තිබුනේ කට්ටකින් උඩින් හිලක් හදා ගන්න ඔනෙ ගම් බොතල්. අපේ අම්මා මටත් ගෙනත් තිබ්බෙ එවගේ ගම් එකක්.
පහුවදා මා ඒක අරන් ඉස්කොලෙ ගියා. අපෙ අලුත් ටේචෙර් එදා ඉස්කොලෙ අවෙ නැහැ. මටත් ඉතින් හරිම ජොලි. මම අපේ පන්තියෙ හැමොම ඉස්සරහා ගම් බොතලේට කට තියලා උරලා කිවා මට ගම් බොන්න පුලුවන් ඔයලට බැහැනෙ කියලා. එපාර නිශදි හිතුවා මම ඇත්තටම ගම් බොනවා කියලා. එයාටත් ඕනේ වුනා මාව අනුකරණය කරන්න. එපාර එයත් මටත් පුලුවන් ගම් බොන්න කියල එයගෙ ගම් බොතලේට කට තියලා ඉරුවා විතරයි ගම් තලියක්ම කටට අවා. ගම් වල තියෙන්නෙ අමුතු අප්පිරිය රහක් නිස එයා වේගෙන් පන්තියෙන් එලියට දුවල ගිහින් කෙල ගහල කටත් හොදගෙන ආවා.

එයා දුවපු වේගෙට අපෙ අයට මා කරපු වැඩේ තවත් අගේ වැඩි වුනා. එයාට ඒක ඒ තරම් අමරු වෙන්නත් මට ගානක් නැති වෙන්නත් මා කොයිතරම් වෙනස්ද කියල හැමොම කියන්න ගත්තා. කොහොම වුනත් එදත් ම මගෙ වීරකම් පෙන්නුවා පොඩි බොරුවක් කරලා.
අදටත් ඒ පන්තියෙ යලුවො මගෙ යලුවො එත් එයල දන්නෙ නැහැ මා කලේ මොකක්ද කියලා. ඔයලානම් දැනගන්න ඇති. එත් මමම කියන්නම්කො. මේකයි රහස මගෙ ගම් බොතලෙ හිලක් හදලා තිබුනෙ නැති අලුත්ම එකක්.

කොහොම හරි ඊට පහුවද නිශාදි ඉස්කොලෙ අවෙ නැහැ. අපි හමොම බය වුනා ගම් බීලා බඩ ඇලවිලා වෙන්න ඇති කියලා. ඉන්පස්සෙ අපේ පන්තියෙ ගොඩක් අය පහුවදා හවස ගියා එයාගෙ ගෙදර එයාව බලලා එන්න. එත් මට ඔය ගමන් තහනම් නිසා මම ගෙදර ගියා. ඊට පස්සේ කවදවත්ම නිශදි මව අනුකරණය කරන්න ගියෙ නැහැ.

අපේ පන්තියේ මට අකමැති teacherට කේලාම් කියන දෙතුන් දෙනෙකුත් හිටිය නිසා teacher නිශාදි කො කියලා අහද්දි මම එයාට ගම් පෙවුව කතාව කිවා. හරියට මම බලෙන් පෙවුවා වගේ. මට එකට දඩුවම විදිහට මාව හිට ගස්සලා තිබ්බා. අපේ අනිත් teachers ලා මට ගොඩක් ආදරෙයි. ඒ මම මොන දග වැඩේ කලත් පාඩම් වැඩ හරියට කරන නිසා. එයාලා නිසා මට ගොඩක් වෙලා හිටන් ඉන්න වුනෙත් නැහැ. ඒත් teacher නම් මගෙත් එක්ක අමනාප වුනා.

මම කරපු වැඩේ වැරදියි කියලා දැන් තේරෙනවා එත් ඒ දවස් වල ඒ ගැන තේරුමක් තිබ්බෙ නැහැ. ආයෙත් හමුවෙමු මගෙ තවත් දග වැඩකින්...

2011/09/07

පුංචි කාලෙ මං............

මගේ පුංචි කාලෙ මම කරපු දග වැඩ, හොද වැඩ, නරක වැඩ සහ මට වුන හරි හරි වැඩ ලියන්න ඔනෙ කියල හිතුනා. මෙ තමයි පටන්ගත්තම කතාව.

මම ඉස්කොලෙ යන්න පටන් ගත්තෙ යන්න ඔනෙ හරි වයසට කලින්. මම ඉස්සර වෙලාම ගියේ නුගවෙල ඉස්කොලෙට. එක වසරෙ මුල් වාරෙ එ ඉස්කොලෙ ඉදලා දෙවනි වාරෙට පොල්ගොල්ලේ ඉස්කොලෙකට ගියා. එ අලුත් ඉස්කොලෙ principle දුරින් අපෙ ලොකු අප්පච්චි වෙන කෙනෙක්. මාව එ ඉස්කොලෙට බාර දුන්න දවසෙ අම්මා මාව ඇරලවලා ගියා. ලොකු අප්පච්චිත් මාව පන්තියට දාලා ගියා.
දෙවෙනි දවසෙ උදෙන්ම අම්මටත් ඉස්කොලෙ යන්න තියෙන නිසා මාව ගේට් එක ලගට ඇරලවලා ගියා. මම පන්තියට යද්දි හමොම ඇවිත් තම තමන්ගෙ පුටු වල ඉදගෙන. මට ඉදගන්න පුටුවක් තිබුනෙ නැ. මුලු පන්තිය පුරාම බැලුවම මම දැක්ක එක පුටුවක් හිස් තියෙනවා. මම එතනට ගිහින් ඉදගන්න යද්දි එතන එහා පැත්තෙ හිටපු කෙනා කීවා ඔය අපේ පන්ති නායකයාගේ පුටුව කියල. මම ඒක ගනන් ගන්නෙ නැතිව ඉද ගත්තා.

ඊට ටික වෙලවකට පස්සෙ පිරිමි ළමයෙක් මගෙ ලගට ඇවිත් හිට ගත්තා. මම ගනන් ගත්තේ නැ. (මම පස්සේ දැනගත්තා එයගෙ නම කසුන් කියලා) ඉන්පස්සෙ කසුන් අනිත් ළමයින්ගෙන් ඇහුවා කවුද මගේ පුටුව ගත්තේ කියලා. එ පාර මට හිතුනා මෙයට කොහොමද එ තරම් ලොකු කමක් අනිත් අයගෙන් එහෙම අහන්න කියලා. එ මදිවට අනිත් ළමයි මාව පෙන්නුවා. මට තවත් තරහයි එ ළමයි මොකද එයාට ඒ තරම් බය කියලා. ඒපාර කසුන් මගෙ ලගට ඇවිත් ඇහුවා මගේ පුටුව ගත්තද කියල. මමත් චන්ඩියා වගේ ඔව් කිවා.
ඉන්පස්සෙ කසුන් මට කියනව ”මම පන්තිභාර teacher ට කියනවා” කියල. මම කිවා “මම principle ට කියනවා” කියලා. එ ගමන එයා කියනවා “මගේ තාත්තා police යෙ මම එයාට කියනවා” කියලා. මමත් ගේම අතැරියේ නැ “අපෙ අප්පච්චි කොටියෙක් මම එයාට කියනවා” මම කිවා. ඒ කාලේ LTTE කලබල හොදටම තිබුන කලෙනෙ. එයා බය වුනා. වැඩේ එතනින් නතර වුනා.
කසුන් පන්තිභාර teacher එනකම් හිටගෙන හිටිය. teacher ඇවිත් ඇහුවා “කසුන් ඇයි හිටගෙන” කියලා. කසුන් teacher ලගට ගිහින් විස්තරේ අකුරක් නෑර කිවා. Teacher ට කියාගන්න දෙයක් නැ principle ගෙ නෑයෙක් වෙන මාව හිටවලා දඩුවම් කරන්නත් බෑ එහෙම කරන්න තරම් දෙයක් මම කරලත් නෑ ඊටත් වඩා බරපතලම දේ මම ඉස්කොලෙට ආපු දෙවෙනි දවසෙම ඉස්කොලෙ එපා කරවන්නත් බෑ. ඒ නිසා teacher එ වෙලවේ හිනාවෙලා පුටුවක් හොයලා කසුන්ට දුන්නා මගෙ ලගම ඉදගන්න. ඒත් teacher පස්සෙ principle අතින් විස්තරෙ කියලා තිබුණා.

එදා හවස ඉස්කොලෙ ඇරිලා ගෙදර යද්දි ලොකු අප්පච්චි මට කාර්යාලයට කතා කරලා හෙට උදේ අම්මට එන්න කියන්න කිවා. මට එක එ තරම් ගනක් නැ මාත් හා කියලා ගෙදර ගියා. අම්මලා එන්න හවස් වෙන නිසා මට උදේ වුන දේ කියන්න මතක් උනෙත් නෑ. ඒ වුනත් ලොකු අප්පච්චි එන්න කිවා කියලානම් කිවා.

පහුවදා අම්මාත් මගෙත් එක්ක ඉස්කොලෙට ආවා. ලොකු අප්පච්චි හම්බ වෙන්න ගියාම ලොකු අප්පච්චි අම්මා අතින් කිවා දොණි ලොකු වීරකමක් කරලා කියලා විස්තරේ කිවා හිනා වෙවී. අම්මා මගෙන් ඇහුව ඇත්තද කියලා. බොරු කියන්න ඔනෙ නැනේ මම ඔව් කිවා. ලොකු අප්පචිත් හිනාවෙලා කීවා කියන්න ඔනෙ නිසා කිවේ නැතිව දරුවට සැර කරන්න එපා කියලා.
එදා මම පන්තියට දාලා අම්මා ගියා. එදා ඉදන් හැමදාම මගෙ පුටුව තිබුණා. එ වගේම එ ඉස්කොලෙන් අයින් වෙනකම්ම මම හිටියෙ කසුන් ලග. ඊට පස්සේ අපි හොදම යලුවො වුනා.

ලියපු එකේ අඩුපාඩු වැරදි තියෙනවානම් සමාවෙන්න.

2011/09/03

මගේ ආදරය..........

මම ආදරය අන්තිම බිංදුවටම
ඔහුට පිදු කෙනෙක් .........
ඔහු මගේ ආදරයේ
අන්තිම බිංදුවත් ඉවත දමා
මගෙන් ඈත්ව ගිය කෙනෙක්.......
ඔබ හද පුරාවටම
ආදරය පුරවාගත් කෙනෙක් .........
හැකිනම් ඔබට ලංව
ඔබෙ ආදරයෙන් බිදක්වත් ලබන්නට.......

2011/09/01

සොදුරු දවසක් .............

එදා ගොඩක් ලස්සන වගෙම ගොඩක් සතුටු වුන දවසක්. ගිය අවුරුද්දෙ අගොස්තු මාසේ සෙනසුරාදා හරි ඉරිදා හරි දවසක්. අපි දෙන්නා ගොඩක් සතුටින් ගත කරපු දවසක් අද මට මතක් වුනා.එ දවස ලියලා සතුටු වෙන්න පොඩි අසාවක් ආව නිසා එ ගැන ලියන්න හිතුවා.

මගේ මහත්තයා කොලඹ ලොකු හොටෙල් එකක shares අරගෙන තිබුණා එකේ අවුරුද්දකට වතාවක් lunch එකක් දෙනවා share holdersලාට.මගේ මහත්තයාටත් ඔය chance එක ලැබුණා මාවත් එක්කගෙනම යන්න. එදා මට අම්මා එක්ක හොමාගම අපේ පුංච් අම්මලාගෙ ගෙදර යන්න වුනා. එ වුනත් මමයි මහත්තයායි කතා වෙලා තිබුනේ දවල් වෙලා මුන ගැහිලා යන්න නිසා එක අවුලක් වුනේ නැහැ. මම දවල් වෙලා ලස්ති වෙලා කොළඹට ආවා. මම එද්දි 1ට විතර අැති. මහත්තයා එද්දි 1.30 විතර. අපි හොදටම පරක්කු වෙලා නිසා මහත්තයා බස් එකෙන් බහලා threeweel එකක් අරගෙන අැවිත් මවත් නග්ගගෙන හොටෙල් එකට ගියා. අපි දෙන්නා පරක්කු වෙලා වුනත් එතන ප්‍රශ්නයක් වුනේ නැහැ. අපි දෙන්නා කතා කර කර ඔහේ හිමින් හිමින් පැය දෙකක් විතරම කෑවා. එ වෙලාවෙ අපි දෙන්නා සතුට උපරිමයෙන්ම වින්දා. අපි දෙන්නා හොටෙල් එකෙන් එද්දි හවස හතරට විතර අැති. ඉන්පස්සෙ අපි මොකද කරන්නේ කියල හිත හිත ඉද්දි මම ගොඩක් දවසකට කලින් ඉල්ලපු දෙයක් මහත්තයාට මතක් වුනා.

ඒ තමා රැල්ල පාගන්න යමු කියන එක. ඉන් පස්සේ මහත්තයා මවත් එක්කගෙන galle face එකට ගියා. අපි දෙන්නා සෙරෙප්පු ගලවලා පැත්තක තියලා රැල්ල පාගන්න ගියා. අපි ගොඩක් වෙලා රැල්ල පාගල සතුටු වුනා. එක පාරටම ලොකු රැල්ලක් අවිත් මගෙ සෙරෙප්පු දෙක ගහගෙන ගියා. මහත්තයා ඉක්මනට පැනලා එක සෙරෙප්ප්පුවක් අල්ලගත්තා. එත් අනිත් එක ගහගෙන ගියා. එ සෙරෙප්පු දෙක මම දැම්මේ දෙවනි වතාවට අනිත් එක මම එ දෙකට ගොඩක් අාසයි.

අපි ගොඩක් වෙලා බලන් හිටියා සෙරෙප්පුව අයෙමත් ගොඩට එයි කියලා එත් අාවෙම නැහැ. ඉන්පස්සෙ අපි ගොඩක් photos ගත්තා. අපි තවත් වෙලා ඉදලා මගෙ ඉතිරි වුන අනිත් සෙරෙප්පුවත් එහෙමම දාලා කොටුවට බස් එකක නැගලා අාවා. මම සෙරෙප්පු දෙකක් නැතිවම. මහත්තයා දාගෙන අැවිත් තිබුනේ සපත්තු නිකමටවත් දාගන්න ඉල්ලන්න පුලුවන්යැ. අපි කොටුවට අවිත් සපත්තු කඩයකට ගිහින් සෙරෙප්පු දෙකක් ගත්තා. ඉන්පස්සේ මහත්තයා මාව බස් එකකට නග්ගලා ගියා.

එදා ගොඩක් සතුටු වුන දවසක්. ඔයාලාට එ දවස තවත් එක දවසක් විතරක් වගෙ පෙනෙයි. මට එ දවස ගොඩක් වටිනවා. මේ අවුරුද්දෙ එ හොටෙල් එකේ lunch එක එයාගෙ යාලුවෙක්ට present කලා. තව එකක් තියෙන්වා මේ මාසේ එත් මාව එක්කගෙන යයිද දන්නේ නැහැ. ගොඩක් පරණ නැති වුනත් පරණ මතකයක් ලියන්න හිතුන නිසා ලිවා. ඔයලාට විහිලුවක් කියලා හිතුනොත් ගනන් ගන්න එපා. හිතේ දුක අඩු කරගන්න ලිවේ.