2011/10/09

ජීවිතයට උපදෙස්......

මට ගොඩක් දවසකට කලින් ලැබුණු email එකක තිබුණු වටින සිතුවිලි ටිකක් ඔයාලා එක්ක බෙදා ගන්න සිතුනා.

1. කෙනෙකු අපේක්ෂා කරන තරමට වැඩි දෙයක් ඔහුට ලබා දෙන්න. එය කළ යුත්තේ සතුටින්මයි.

2. ඔබේ ප්‍රියතම කවිය කටපාඩම් කර ගන්න.

3. ඔබට ඇසෙන හැමදේම විශ්වාස නොකරන්න. ඔබේ අතේ ඇති හැම සතයක්ම වියදම් නොකරන්න. ඔනැවට වඩා නිදා නොගන්න.

4. "මං ඔයාට ආදරෙයි ..." කියද්දි හදවතින්ම කියන්න.

5. කිසිවකුගෙන් සමාව ඉල්ලද්දි කෙලින්ම ඔහුගේ දැස දෙස බලන්න.

6. විවාහ ගිවිස ගත යුත්තේ විවාහයට මාස හයකටවත් පෙර බව මතක තබ ගන්න.

7. දුටු සැනින් ඇතිවන ආදරය පිළිබදව විශ්වාස කරන්න.

8. අනෙක් අයගේ සිහින වලට සිනා නොවන්න. සිහින නැති මිනිසුන් තුල බොහො අඩුපාඩු තිබෙනවා.

9. හදවත පත්ලෙන්ම අනුරාගී ලෙස ආදරය කරන්න. ඇතැම් විට ඔබට වේදනාව හිමිවිය හැකියි. එහෙත් ජීවිතය සම්පුර්ණ කර ගැනීමට ඇති එකම මග එයයි.

10. යමකට එකග නොවන විටදි සාධාරණ ලෙස ගැටෙන්න. එහෙත් කැත වචන කීමෙන් වලකින්න.

11. ඔවුන්ගේ නැයන්ගේ මිම්මෙන් මිනිසුන් නොමනින්න.

12. ඉක්මනින් සිතන්න. හෙමින් කතා කරන්න.

13. ඔබ පිලිතුරු දෙන්නට ඇකමැති ප්‍රශ්ණයක් කිසිවකු විසින් අසනු ලැබු කල සිනාවක් පා "ඇයි ඔයාට එක දැන ගන්න ඔනෙ...?" යනුවෙන් අසන්න.

14. මහා ලොකු ආදරය, මහා ලොකු බලාපොරොත්තු සමග ලොකු අවදානමක්ද පවතින බව මතක තබා ගන්න.

15. ඔබේ මව සමග නිරතුරුවම අදහස් හුවමාරු කරගන්න.

16. ඔබ පරජය වුවත්, ඉන් ලැබෙන පාඩම ජයග්‍රහණයක් බව සිතන්න.

17. ඔබටම ගෞරව කර ගන්න. අනෙක් අයට ගෞරව කරන්න. වගකීමෙන් යුතුව හැම ක්‍රියාවකම නිරත වන්න.

18. නරක කීරීම තුළින් මිතුරන් අහිමි කර නොගන්න.

19. වැරැද්දක් සිදුවු බව වැටහුණු විට වහාම එය නිවැරදි කරන්නට පියවර ගන්න.

20. දුරකතන ඇමතුමකට පිළිතුරු දෙන විට සිනාමුසු වන්න. අමතන්නාට එය හොදින් දැනේවි.

21. විවාහ විය යුත්තේ කතාබහ කිරීමට කැමැත්ත දක්වන අයකු සමගයි. මහලු වයසට පත්වෙදි අනෙක් හැම හැකියාවකටම වඩා වටින්නේ එය බව මතක තබා ගන්න.

22. හොද අවන්ක ජීවිතයක් ගත කරන්න. ඔබ වයසට ගිය විට ආපසු හැරී බලා සතුටු වන්නට හැකිවේවි.

23. ඔබේ ආදරණීය පුද්ගලයින් සමග ඇතිවන බහින්බස්වීම් වලදී අතීත සිදුවීම් හො වැරදි සිහිපත් නොකරන්න.

24. යම් අවස්තාවකදී ඔබට වුවමනා දෙයක් නොලැබුණහොත් එය වාසනාවක් වීමටද ඉඩ ඇති බව මතක තබා ගන්න.

25. එකිනෙකා වුවමනා කරන දෙදෙනෙකුට වඩා එකිනෙකාට ආදරය කරන දෙදෙනෙකු අතර ඇති සම්බන්ධය බලවත් බව මතක තබා ගන්න.

4 comments:

  1. ගොඩාක් වටිනා සිතුවිලි ටිකක්..

    ReplyDelete
  2. නංගි, මම ඔයාගෙ බ්ලොග් එක වසරක පමණ සිට කියවන කෙනෙක්. හැබැයි එක එක නෙවෙයි. මාස ගානකට සැරයක් ඇවිල්ලා ලිපි දහයක් දොලහක් එක හුස්මට කියවගෙන යනවා.

    ඔයාගෙ ලිපි වල දෝලනය වෙලා තිබුන අතීත සැමරුම්, සතුට , දුක, ආදී ගොඩාක් දේ මට පෙනුනා ඉස්සර ඉඳලාම.

    මට ඔයාට කියන්න දේවල් කිහිපයක් තියනවා.

    1. ඔයාගෙ ආදරය

    ඒක මට පේන විදියට ගොඩාක් දුරට හිත් රිදවීම් බහුල ඒකපාර්ශ්විකම කියන්නත් බැරි ඒත් ද්විපාර්ශ්වික නැති ආලයක්. මට පේන විදියට ඒකට ස්ථිරසාර අනාගතයක් නැහැ.

    2. ආදරය පිලිබඳ ඔයාගෙ නොවෙනස් සිත

    ඒක මම ඉහලින් අගය කරනව.අනෙකා වංචා කලත්, අනෙකා සැරින් සැරේ දාල ගියත් ඔයා මේ ලියන සිතුවිලිම ක්‍රියාවෙන් පල කරනවා නම් ඔයා හරිම අහිංසක සිතක් තියෙන හොඳ ගෑනු ලමයෙක්.

    3. ආදරය මත්තේ සිටීම

    මේක එච්චර හොඳ නෑ නංගී. ඔයාට සත්‍ය ප්‍රේමයක් තිබුනත් නැතත් , ආදරේ මුලු ජීවිත වාක්‍යයම කරගන්න එපා. අධ්‍යාපනය ලබාගන්න, හොඳ රැකියාවක් කරන්න. ඉස්සරහට ඉගෙන ගන්න. ආගමික දේවල් කරන්න. සිත හෑල්ලු කරගෙන සන්සුන්ව ජීවත් වෙන්න. ඔයාට සුදුසුම ආදරේ ඒවි ඔයාව සොයාගෙන . (ඒ ඔයාගෙ 'මහත්තයා' වෙන්නත් පුලුවන් , නොවෙන්නත් පුලුවන්)

    4. කලින් ලිපියේ නපුරු ඇනෝ කමෙන්ට් එක

    ඒක හරි නපුරු වචන ටිකක් ලියල තිබ්බා. ඒත් ඒ වචන වලින් කියවෙන දේ ඔයා ලාවට හරි හිතට අරගන තියන බවයි පෙනෙන්නේ, එදායින් පස්සෙ ලියුව ලිපි බැලුවහම. සතුටුයි.

    තමුන්ගේ හිත එක්ක ගොඩාක් ගනුදෙනු කරනකොට , අපි හිතන්නෙම අපි තනිවෙලා, අපිට කාත් කවුරුත් නෑ, අපි ආදරෙ අය අපිව දාලා ගියා යන ආදි වසයෙනුයි.

    ඒත් ටික ටික අවට ලෝකයට විවෘත වෙන්න.(ඔයා එහෙම වේගෙන එන බව පේනවා)

    5. සහකාරයෙක් උන්නත් නැතත් ශක්තිමත් ජීවිතේකට අඩිතාලම දමාගන්න. සහකාරයෙක් (ඔයාගෙ මහත්තයා) ලෑබුනාට පසු අඩිතාලම දමනවා කියා හීන මවන්න එපා ජීවිතේ ගැන. ආදරේ මත්තෙන් ජීවිතේ ගොඩ නගන එක මුලාවක්. එතකොට තමයි ආදරෙත් දුර්වල වෙන්නේ. (අනෙකාට ලොකු බරක් වගකීමක් දැනෙන නිසා) අනික් අතට එතකොට ආදරේ චුට්ටක් හරි එහෙ මෙහෙ වුනහම, මුලු ලෝකෙම හෙල්ලෙනවා. එතකොට අනික් හැමදේමත් කඩන් වැටෙනවා.

    ඒ හින්දා ඔයා ආදරෙ එහෙමම හිටියාවෙ පැත්තකින් කියලා සිතල, ඉස්සෙල්ලා ඔයාගේ ජීවිතේ, ඉගෙනීම, රස්සාව වගෙ දේවල් පිලිවෙල කරගන්න.

    ඔයා බොහොම අහිංසක කෙනෙක් බව පේනවා. සතුටුයි. හොඳ හිතක් තියෙන කෙනෙක්.

    මේ වගෙ සුබවාදී දේවල්ම ලියන්න. ඔයාගෙ රිදුනු සිතටත් ඒක සැනසිල්ලක් වෙයි , මතක් කලහම දුක සිතෙන පරන ආදර අන්දර ලියනවට වඩා.

    6. පුද්ගලික දේවල් , එක දෙකක් වහලා , බොහෝ ප්‍රමාණයක් නිරාවරණය වෙන තොරතුරු ඇතුලත් කරලා පෝස්ට් ලියද්දි ගොඩාක් පරිස්සම්න් වෙන්න යාලු.

    ReplyDelete
  3. මේකෙ 11වෙනි වාක්‍යට තමා මං ගොඩක්ම කැමති.

    ReplyDelete
  4. lassana baiscope unu unuwe apen

    www.cinelanka.net

    ReplyDelete