2010/01/21

සැමදා පතනෙමි ඔබේ ආදරය...

මගේ ලොව තනි වෙලා
කියා මට සිතුනදා...
නෙත් කදුලු බොද වෙලා
.... නුඔ දුර නිසා...

අහ්ස් ගැබ වළාකුලු
නුඔ අරන් දුර ගියා...
මේ මගේ සිත තුල
නුඔ තැනක තනි වෙලා....

නුඔ නැවත එන දවස
අැගිලි ගෙන ගනිනවා
නුඔ සොයා දුර අැත
මට එන්න හිතෙනවා...

හිස් අහස දෙස බලා
සරණ මා පතනවා
පිසලන්න මගෙ කදුලු
හැමදාම කියනවා...

සෙනෙහසෙ නාමයෙන්
ඔබේ රුව එක් වරක්
දකින්නට වරමි
අැත්නමි මට...

ඔබේ නෙත් සගල තුල
දුටිමි මා නොදුටු ලොකය..
නමුත් ලොව කුරිරු විය
අප හට....

රාත්රිය මූසලය ගණදුරුය නිහඩය..
ඔබෙන් ලැබු ජිවිතය සුන්දරය පිවිතුරුය
උදුරාගත් නොගන්න මගෙන් යලි නොදෙන ලෙසට එය
සැමදා පතනෙමි ඔබේ ආදරය......

2010/01/20

සිත සෙනේ නිමි නොවෙයි....

දෑ සමන් මල් වලට..
පිබිදෙන්න ඉඩදි....
සොමි අැත නිලඔරේ....
එළිය දි උන්නා...

හෙමින් පියවර තබා....
මැයි පාවඩ මතින්
ඔබ එතැයි බලාගෙන.....
මා දුකින් උන්නා...

සදු තවම මල් වරයි...
සිත සෙනේ නිමි නොවෙයි....

2010/01/19

නුඔ මගෙම වෙලා හිදිනු....

සද ගිමන් නිවා සුදු වළාකුලක වැතිරි...
දුක් කවක් කියනවා ආදරයට නොනිමි..
එ සදට වඩා තනි තරුවක් ගැන දනිමි
එ තරුව මමයි නිති නුඔටම තනි රකිමි....

සද වගේ අැවිත් රෑ පිනි පලසෙහි පිපුණු...
නුඔ පිචිච මලය මට සසර පුරා බැදුණු....
දුර තනිව හිදින මට සුවය සදා සුමුදු...
මතු භවෙන් භවේ නුඔ මගෙම වෙලා හිදිනු................

ලංවෙන්න වරමි අැත නෙලාගන්න තහනමි...
මල් සුවද පමණි තව උරුම උනේ මට නමි...
මගෙම වෙලා යලි පිබිදෙන්නට හැකිනමි......
මතු උරුම නොවේ මේ ආදරයට සරදමි...........

කවි පදය...

මගේ කවි සිත...
නොරිදවා.....
පද සොරා ගෙන..
කෝල බැලුමින් නුහුරු කවිකම් .....
උගන්වා මට......
සොදුරු පන්හිද...
තුඩග දැවටි.....
මාව... අසරණ කල.....
කිවිදු...
නුඔ......
දැහැන්ගත වි.....
දැවටෙමින් සිත....
මගේ පන්හිද...
ඉතින් කිසිදා.....
නොලියවෙන..... කවි පදය.....
විය....
නුඔ...........

2010/01/18

කුමුදු මල......

මේ කුඵ සඵ වඩා..
අහස් කුස ගැබිබරයි
හඩන්නට වගෙ හදයි...
සිතිවිලි සඵලෙහි...
මගෙ හිතත් එ වගෙයි...
නිතින් නොනිදා හඩයි..........

හිතිමතේ අැවිදින්..
නොකියාම නික්ම යන
රැල්ල නුඔ වගේමැයි.....
කප්පරක් දුක දරන්
සෙනෙහසින් රැල්ල සිපගන්න
අනන්තවත් දුක් විදින
වෙරල ඉම මම තමයි....

තනි නොතනියට
කප්පරක් තරැ පිරිවැරැ
මල්වර සද නුඔ වගේමැයි....
නෙතු රවටන....
සිතිජ ඉමදිවත් හමුනොවන...
එ හදට පෙමි බදින...
කොද කුමුදු මල මමයි..............

මගේ ආදර කතාව 4

මගේ හිතේ සැනසීමට මගේ ආදර කතාව ලියුවාට මගේ මහත්තයා නිකමටවත් කැමති නැ මම මේ දේවල් ලියනවාට. ඔයාලාට හිතෙයි අැයි එ කියලා. එ එයාගෙ හැටි. මම එයා එපා කියන දේවල් කරන්නෙ නැ. එත් අපේ කතාව කියන්න තියන ආසාව නිසා එයාගෙන් අැහුවාම කිවා කමක් නැ ලියන්න කියලා. එ නිසා මම අපේ ආදර කතාවේ ඉතිරි ටිකත් කියන්නමි.

ඉතින් එදා අපි දෙන්නා එක seat එකක වාඩි වෙලා හිටියෙ. ටිකක් දුර යද්දි එයා මගෙ අතින් අල්ල ගත්තා. මට ලොකු අමුත්තක් දැනුනා. මට එ වෙලාවෙ අත අයින් කර ගන්න හිතුනත් මම එහෙම කලෙ නැ. එ අැයි කියන්න අදටත් මම දන්නෙ නැ. එ වෙනකොට මට නිකමි එයාගෙ ආදරේ තේරිලා තිබුනා. ඔහොම අතින් අල්ලගෙන ටික දුරක් එක එක දේවල් කිය කිය ගියා. ටික දුරක් ගිහින් එක පාරටම අැහුවා මම එයාට ආදරේද කියලා. මම එක පාරටම ගොඩක් බය වුනා. එ අැයි කියන්න මම අදටත් දන්නෙ නැ.අැත්තටම මාත් එ වෙනකොට හිතින් ආදරේ කරන්න අැති. (නැතිනමි අතින් අල්ලගත්තාම අත අත් හැරියෙ නැත්තේ) මමත් ටිකක් කල්පනා කරලා ඔවි කිවිවා...

ඉන්පස්සෙ එයා ටික වෙලාවක් මගෙ අැස් දෙක දිහා බලන් ඉදලා කිවිවා "මාත් ඔයාට ගොඩක් ආදරේයි එත්...." කියලා. එ අැස් වල මොකක්දෝ කියා ගන්න බැරි දෙයක් මා දැක්කා. මම අැහුවා "එත්.. කියලා නතර කලේ අැයි මොකක්ද කියන්න ගියෙ" කියලා. එයා මගෙ අැස් දිහා බලාන ලොකු කල්පනාවක. එහෙම ටිකක් වෙලා ඉදලා කිවිවා "මට ආදරේ කරන්න එපා මට ආදරේ කරලා වැඩක් නැ" කියලා. මම බය වෙලා බලන් හිටියා මොනවද කියන්නෙ කියලා. එයා මගෙ අත තද කරන් අල්ලන් හිටියා මම දුවයි කියලා වගේ. මම එයා එහෙම කියන්න හේතුව අැහුවාට කිවේම නැ.

මට හිතට හොදටම දුකයි. එ මගේ හිතට ඉස් ඉස්සර වෙලාම දැනුන ආදරේ. මම ඔහේ ජනේලෙන් එලිය බලාන ගියා. මටත් නොදැනිම මගේ අැස් වලට කදුලු උනන්න ගත්තා. මම එයාට නොදැනෙන්න කදුලු පිහදාගෙන එයා දිහා බැලුවා. එ වෙනකොටත් එයා දුකින් මා දිහා බලන් ඉන්නවා. මට එක පාරටම හිතුනා එයාට වෙන girl කෙනෙක් අැති එ නිසා වෙන්න අැති එයාට ආදරේ කරලා වැඩක් නැ කියන්නේ කියලා. ඉතින් මම එකපාරටම අැහුවා "ඔයාට වෙන girl කෙනෙක් ඉන්නවාද" කියලා. එ වෙලාවේ එයාගේ අැස් දෙකේ තිබුනු දුක තවත් වැඩි වුනා. එයා දුකින් "ඔවි" කිවිවා.

එචිචර වෙලා තදින් අල්ලන් හිටිය මගේ අත ගත්තා නෙවේ අත අැදලා ගැනුනා. මම අැහුවා "අැයි එහෙනමි මට ලංවුනේ අැයි මගේ හිතේ ආදරයක් අැති කලේ" කියලා. තව මොනවාදෝ ගොඩක් දෙවල් කියෙවුවා හිතේ දුකට. එයා මගේ අත අල්ලගන්න try කලා. එත් මම දුන්නෙම නැ. අැයි ඔය තරමි නපුරු කියලා අහලා බලෙන්ම අත තදින් අල්ලගත්තා. ආයෙමත් අැහුවා "මට ආදරේද" කියලා. මම කිවිවා "නැ" කියලා. "අැයි බොරු කියන්නෙ අැත්ත කියන්න" කිවා. එත් මම කිවේ නැහැ.

මම එ girl ගැන විස්තර අැහුවා. එයා එ ගැන කිවිවා. එත් එ දේවල් වලින් බොහොම ටිකයි මම අහන් හිටියෙ. එ වෙලාවෙ එයා මගෙ අත තදින් අල්ලන් හිටියා. මම අත ගන්න දෙතුන් සැරයක් try කලා බැරිම තැන ඔහේ හිටියා.බස් එක කඩවතට ආවා. එතන ඉදන් රාගම බස් එකට නගින්න ටික දුරක් පයින් එන්න ඕනෙ එ අතරමගදිවත් මගෙ අත අතහැරියෙ නැහැ. හරියට පොඩි දරුවෙක් පාරේ දුවයි කියලා අප්පචිචි අතින් අල්ලන් යනවා වගේ. එහෙම ගිහින් රාගම බස් එකකට නැග්ගා.

අද බිලොග් එක ගොඩක්ම දිග වුනා. ඉතිරි ටික වෙන දවසක කියන්නමි. අද මා හොදටම උන ගැනිලා ඉන්නේ. ඉතින් දැන් හොදටම අමාරුයි. එ නිසා අදට නතර කරන්නමි.

2010/01/17

මසිත ඔබ සොයයි....

මගදි නොනවතින ගග...
සයුරටම ගලා යයි....
වෙනතක නොබැදි සිත..
ඔබ වෙතට අැදි එයි...
සයුර ඔබ ගගයි මම....
සෙනෙහෙ සිත ඔබ ලගයි....
සදා ඔබ සිත සොයා....
මසිත සෙනෙහස සොයයි.....