2011/09/03

මගේ ආදරය..........

මම ආදරය අන්තිම බිංදුවටම
ඔහුට පිදු කෙනෙක් .........
ඔහු මගේ ආදරයේ
අන්තිම බිංදුවත් ඉවත දමා
මගෙන් ඈත්ව ගිය කෙනෙක්.......
ඔබ හද පුරාවටම
ආදරය පුරවාගත් කෙනෙක් .........
හැකිනම් ඔබට ලංව
ඔබෙ ආදරයෙන් බිදක්වත් ලබන්නට.......

2011/09/01

සොදුරු දවසක් .............

එදා ගොඩක් ලස්සන වගෙම ගොඩක් සතුටු වුන දවසක්. ගිය අවුරුද්දෙ අගොස්තු මාසේ සෙනසුරාදා හරි ඉරිදා හරි දවසක්. අපි දෙන්නා ගොඩක් සතුටින් ගත කරපු දවසක් අද මට මතක් වුනා.එ දවස ලියලා සතුටු වෙන්න පොඩි අසාවක් ආව නිසා එ ගැන ලියන්න හිතුවා.

මගේ මහත්තයා කොලඹ ලොකු හොටෙල් එකක shares අරගෙන තිබුණා එකේ අවුරුද්දකට වතාවක් lunch එකක් දෙනවා share holdersලාට.මගේ මහත්තයාටත් ඔය chance එක ලැබුණා මාවත් එක්කගෙනම යන්න. එදා මට අම්මා එක්ක හොමාගම අපේ පුංච් අම්මලාගෙ ගෙදර යන්න වුනා. එ වුනත් මමයි මහත්තයායි කතා වෙලා තිබුනේ දවල් වෙලා මුන ගැහිලා යන්න නිසා එක අවුලක් වුනේ නැහැ. මම දවල් වෙලා ලස්ති වෙලා කොළඹට ආවා. මම එද්දි 1ට විතර අැති. මහත්තයා එද්දි 1.30 විතර. අපි හොදටම පරක්කු වෙලා නිසා මහත්තයා බස් එකෙන් බහලා threeweel එකක් අරගෙන අැවිත් මවත් නග්ගගෙන හොටෙල් එකට ගියා. අපි දෙන්නා පරක්කු වෙලා වුනත් එතන ප්‍රශ්නයක් වුනේ නැහැ. අපි දෙන්නා කතා කර කර ඔහේ හිමින් හිමින් පැය දෙකක් විතරම කෑවා. එ වෙලාවෙ අපි දෙන්නා සතුට උපරිමයෙන්ම වින්දා. අපි දෙන්නා හොටෙල් එකෙන් එද්දි හවස හතරට විතර අැති. ඉන්පස්සෙ අපි මොකද කරන්නේ කියල හිත හිත ඉද්දි මම ගොඩක් දවසකට කලින් ඉල්ලපු දෙයක් මහත්තයාට මතක් වුනා.

ඒ තමා රැල්ල පාගන්න යමු කියන එක. ඉන් පස්සේ මහත්තයා මවත් එක්කගෙන galle face එකට ගියා. අපි දෙන්නා සෙරෙප්පු ගලවලා පැත්තක තියලා රැල්ල පාගන්න ගියා. අපි ගොඩක් වෙලා රැල්ල පාගල සතුටු වුනා. එක පාරටම ලොකු රැල්ලක් අවිත් මගෙ සෙරෙප්පු දෙක ගහගෙන ගියා. මහත්තයා ඉක්මනට පැනලා එක සෙරෙප්ප්පුවක් අල්ලගත්තා. එත් අනිත් එක ගහගෙන ගියා. එ සෙරෙප්පු දෙක මම දැම්මේ දෙවනි වතාවට අනිත් එක මම එ දෙකට ගොඩක් අාසයි.

අපි ගොඩක් වෙලා බලන් හිටියා සෙරෙප්පුව අයෙමත් ගොඩට එයි කියලා එත් අාවෙම නැහැ. ඉන්පස්සෙ අපි ගොඩක් photos ගත්තා. අපි තවත් වෙලා ඉදලා මගෙ ඉතිරි වුන අනිත් සෙරෙප්පුවත් එහෙමම දාලා කොටුවට බස් එකක නැගලා අාවා. මම සෙරෙප්පු දෙකක් නැතිවම. මහත්තයා දාගෙන අැවිත් තිබුනේ සපත්තු නිකමටවත් දාගන්න ඉල්ලන්න පුලුවන්යැ. අපි කොටුවට අවිත් සපත්තු කඩයකට ගිහින් සෙරෙප්පු දෙකක් ගත්තා. ඉන්පස්සේ මහත්තයා මාව බස් එකකට නග්ගලා ගියා.

එදා ගොඩක් සතුටු වුන දවසක්. ඔයාලාට එ දවස තවත් එක දවසක් විතරක් වගෙ පෙනෙයි. මට එ දවස ගොඩක් වටිනවා. මේ අවුරුද්දෙ එ හොටෙල් එකේ lunch එක එයාගෙ යාලුවෙක්ට present කලා. තව එකක් තියෙන්වා මේ මාසේ එත් මාව එක්කගෙන යයිද දන්නේ නැහැ. ගොඩක් පරණ නැති වුනත් පරණ මතකයක් ලියන්න හිතුන නිසා ලිවා. ඔයලාට විහිලුවක් කියලා හිතුනොත් ගනන් ගන්න එපා. හිතේ දුක අඩු කරගන්න ලිවේ.

2011/08/28

අගොස්තු 27...............

අගොස්තු 27 කියන්නේ මට ජීවිතේ කවදාවත්ම අමතක වෙන්නේ නැති ජීවිතේ මට ගොඩක් ලොකු දුකක් දැනුන දවසක්. මට ගොඩක් වටින කෙනෙක් මගෙන් ඈත් වුනේ හරියටම මීට අවුරුදු ගානකට කලින් අගොස්තු 27. අවුරුදු ගානකට කලින් කීවේ මට අවුරුදු ගාන මතක නැතිව නෙවේ. මට ඒක කියන්න උවමනවක්වත් කැමැත්තක්වත් නැහැ.

ඒ සිදුවීම වෙද්දි මම ගොඩක්ම පුංචියි. ඒ දවස් වල මොකක්ද වුනෙ කියලා මට තේරුමක් තිබුණෙ නැහැ. එත් ටික ටික ලොකු වෙද්දි මට තේරුනා මට අහිමි වෙලා තියෙන්නේ ජීවිතේට ගොඩක්ම වටින කෙනෙක් කියන එක. හැමදාමත් මම ඒ ගැන දුක් වුනා අැයි මටම මෙහෙම වුනේ කියලා. කොහොම වුනත් අද වෙද්දි මට අහිමි වුන ඒ වටිනාම කෙනා අහිමි වීම නිසා මට තව ගොඩක් දෙවල් නැතිවෙලා තියෙනවා. ඒ අඩුව මගේ ජීවිතෙන් කවදාවත්ම මැකෙන්නෙ නැහැ. කාටවත්ම ඒ අඩුව පුරවන්නත් බැහැ. ටිකක් හරි එ අඩුව පුරවන්න මගේ ජීවිතේට ලංවුන කෙනත් දැන් මගෙන් ඈත් වෙලා.

මට නැතිවුනෙ කවුද කියලා මගෙන් අහන්න එපා. මට එ ගැන කියන්න හිත හදාගන්න බැහැ. කවදාහරි දවසක ඒ ගැන තව විස්තර කියන්න හිතුනොත් කියන්නම්.


ඊයේ බඩු ඔතාගෙන ආපු පත්තර පිටුවක තිබුණ නිසදැසක්. ඒක හිතට ගොඩක් සමීප බවක් දැනුන නිසා මේකේ ලියන්න හිතුනා. එය ලියලා තිබුනේ කැළණිය විශ්ව විද්‍යාලයෙ ශෂිකලා අමරසිංහ. අැගේ අවසරයකින් තොරව මෙය පලකිරිම සම්බන්ධව මම කණගාටු වෙනවා. නමුත් අවසර ඉල්ලිමට හැකියාවක් නැහැ. පුවත්පතේ අැගෙ ලිපිනය සටහන්ව තිබුණෙ නැහැ.


ජීවිතය ගලන ගගකි
ගගේ ලස්සන අැත්තේ
බාධක මැද ගලන විටය
කටුක වන තරමටම
අැයිද මට මේ තරම් දුක
දැසින් කදුළු ගලන
හැමවිට අැයිද මා තනිවන්නෙ......
දුක කියන්න කවුරැත් නෑ
මට මා පමණි සිටිනුයෙ...
දෑසෙ නැගෙන කදුළු ගොන්න
පුරැදුය මට හැමදාකම
අැයිද කදුළ මා පසුපස
සතුට ලබන හැමදිනකම........

2011/08/21

හැකිනම් උපකාර කරන්න.....

මුලින්ම කියන්න ඔනෙ මේ පොස්ට් එක කියවලා මා ගැන වැරදි අදහසක් අැති කරගන්න එපා. මම ගොඩක් කරදර වලට මුණදිලා ගොඩක් හිතේ අමාරුවෙන් ඉන්නේ. මගේ ලගින් කවුරුත්ම නැහැ දැන්. මගේ අම්මා එයාට මගේ හිතේ තියන කරදර කියලා හිත රිදවන්න බැහැ. මගේ යාලුවො එයාලාට කියන්නත් හිත දෙන්නෙ නැහැ. එයාලා එයාලා එක්ක කියලා එයාලා මගේ හිත රිදෙන දෙයක් කිවොත් මට තවත් දුක විතරයි. එවගෙම මගේ හැම දුකකදි කරදරයකදිම මගෙ ලගින් හිටිය මගෙ ආදරය මගේ ආදරණිය මහත්තයා, අනේ එයාත් මගෙත් එක්ක තරහා වෙලා මගෙන් අැත් වෙන්න හදනවා. මම ගොඩක් තනි වෙලා. මගේ ජීවිතේ තිබුන ලොකුම හයිය තමා මගේ මහත්තයා. එත් එයා මගෙත් එක්ක අමනාපෙන්. මගේ හැම දුකක් සතුටක්ම කිවේ මගේ මහත්තයාට විතරමයි. අද මම කාට කියන්නද?

මම හිතලා හිතලා අන්තිමට තීරණයක් ගත්තා කවදාවත් නොදැක්ක ඔයාලාට කියලාවත් හිත නිදහස් කර ගන්නවා කියලායි ඔයාලාගෙන් උදව්වක් ඉල්ල ගන්නවා කියලායි.

මම කෙලින්ම කියන්නම් මට ඔනේ උදව්ව, මට නතර වෙන්න ආරක්ෂාව හොදින් තියන බොඩිමක් හොයලා දෙන්න පුලුවන්නම් ගොඩක් ලොකු උපකාරයක්. එහෙම නැතිනම් දන්න කියන මෙහෙණි ආරාමයක් හොයාදෙන්න.මට මහණ වෙන්න නම් බැහැ. මගේ ආදරය මගේන් අැත් වුනාට මම තවමත් මගේ මහත්තයාට ගොඩක් ආදරය කරනවා. එයා ආයෙමත් මගේ ලගට එනකම් මුලු ජීවිත කලෙම හරි මම බලන් ඉන්නවා. මගේ හිත සන්සුන් කරගන්නකම් නවතින්න විතරයි මට ඔනේ. මට නතර වෙන්න ඔනේ කොළඹට ආසන්නව. මම පුලුවන් තරම් කලයක් මගේ රස්සාව කරන්න ඔනේ නිසයි.

මම දන්නවා බ්ලොග් කියවන ඔයාලාගෙන් ටික දෙනෙක් මගේ මහත්තයා කවුද කියලා. ඔයාලා එයාගෙන් මේ විස්තර අහන්නනම් එපා please. එයාගෙන් එ ගැන අැහුවොත් තවත් මගෙත් එක්ක තරහා වෙයි. එයා මේ පොස්ට් එක නොදකින තරමට මම කැමතියි.
ඔයාලාට පුලුවන්නම් මට කරන ලොකු උපකාරයක් මට නතර වෙන්න කොළඹට කිට්ටුව බොඩිමක් හරි මෙහෙණි ආරාමයක් හරි සොයාදෙන්න.

2011/08/07

බලධාරියා විසින් කපාහරින ලදී ...

මම ඊයෙ දාපු බ්ලොග් පොස්ට් එක බලධාරියා විසින් කපාහරින ලදී. මගේ මහත්තයා ඊයෙ රෑ වෙලා කතාකලා. ගොඩාක් හොදින් කතා කලා. මට එයාගෙ තීරණය කිවා. එයාට මාව ඔනෙලු. අපි අතරේ තිබුන හැම සම්බන්දයක්ම එහෙමම තියනවා. අපි අතරට ආව කෙනා කලේ ලොකු බොරුවක් කියලත් එයා කිවා. මුලදි මා එ කතාව විශ්වාස නොකලත් මම අද එ ගැන හොයලා බැලුවා. මම එ කෙනාගෙන්ම අැත්ත කියන්න කිවා. අන්තිමේ එයාත් පිලිගත්තා එයාගේ හිතේ අැති වුන එකපාර්ශවික ආදරයක් නිසා එයාගෙන් මගේ හිත බිදවන්න එයා කරපු හැමදෙම කරලා තියෙන්නේ.
දැන් අපි ආයෙමත් අපේ වුනා. ආයේ කවදාවත් රණ්ඩුකරන්නෙ වෙන්වෙන්නෙ නැතිව ඉන්න අපිටම පොරොන්දු වුනා.

අද උදෙ එයා මම ඊයේ ලිව පොස්ට් එක දැකලා හොදටම දුක හිතිලා තරහා ගිහින් මට කිවා ඒක අයින් කරන්න කියලා ඒ නිසා මම ඒක delete කලා.

2011/03/30

මගේ ආදර කතාව 11.... (ඉතිරිය)

ඊයෙ කතාව දිග වැඩිවෙනවා කියලා දැනුන නිසා මම නතර කලා වුනාට එදා සිදුවීම ඉවර නැහැ කතාව තව තියනවා. අදත් වෙන වෙන දේවල් කියව කියව ඉන්නෙ නැතිව කෙලින්ම කතාව කියන්න පටන් ගන්නම්. කලින් කොටස කියෙව්වෙ නැති අය මගේ ආදර කතාව 11 මෙතනින් කියවන්න.

එදා මම මහත්තයා එක්ක කතා කලා. එයාගෙන් තීරණයක් ගන්න එයාට මාව මගේ ආදරය ඕනෙද කියලා දැනගන්න. ඒත් එයාට එකපාරටම තීරණය කරන්න බැරිවුනා එයා කාවද තෝරගන්නෙ කියලා. මාස 4 දවස් 23ක කාලයක් පැවතුනු මගේ සම්බන්ධයද අවුරුදු තුනකට ආසන්න කාලයක් තිබුන ශෂිගේ සම්බන්ධයද කියලා. එයා එක්ක කතා කරද්දි මට තේරුන එකම දේ නම් එයා මට ගොඩක් ආදරය කරනවා එයාට මාව ඕනෙ ඒ වුනත් මොකක් නමුත් හේතුවක් නිසා එයාට ශෂිව අත්අරින්න පුළුවන් කමකුත් නැහැ. මට අපි ගැන ‍ගොඩක් දුක හිතුනා. මම මගේ මහත්තයාගෙ හිතට තවත් වද දෙන්නෙ නැතිව පහුවදා වෙනකම් කල් දුන්නා තීරණයක් ගන්න. එදා රෑත් වෙනදා වගේම මහත්තයා කතා කලා. මම ටික වෙලාවක් කතා කරලා phone එක තිබ්බා. වෙනදා වගේ එයා එක්ක ඔහේ කියව කියව ඉන්න හිතේ සැහැල්ලුවක් තිබුණෙ නැහැ.

පහුවදා මැයි 21 සදුදා. එදා අපි අපේ project එකට client place එකට යන්න වෙන් කරන් තිබුනා. අපි project එක කරන්න තෝරගෙන තිබුනෙ printing කරන තැනක්. මම දන්න විදිහට ඒක තිබුනෙ රත්මලානෙ. වෙනදා වගේම මම උදේම නැගිටලා යන්න ලැස්තිවුනා. මම ගෙදරින් 6.10ට යන්න ඕනෙ නිසා මම 5.30ට විතර නැගිටලා ලෑස්තිවුනා වෙනදා වගේම. මම ඇග සෝදගෙන කාමරය‍ට එද්දි ගෙදර‍‍ට කෝල් එකක් ආවා අම්මා‍ට. අක්කාටයි මටයි පුදුමයි කෝල් එක ලොකු මාමාගෙන්. ලොකු මාමා අපේ අම්මාගේ ලොකු අයියා. ලොකු මාමා අපේ අම්මා එක්ක ටිකක් අමනාපෙන් හිටිය නිසා අක්කාටත් මටත් පුදුම හිතුනා මේ තරම් උදෙන් කතා කරන්නෙ ඇයි කියලා. අම්මා කෝල් එකට කතා කරලා ඇස් දෙකේ කදුළු පුරවගෙන කාමරේට ආවා. අම්මා අඩනවා. අපේ අම්මා අඩන්නෙ (අපිට පේන්න) දරා ගන්නම බැරි දුකක් දැනුනාම විතරයි. මමයි අක්කයි දෙන්නා දෙපැත්තෙ ඉදන් අහනවා ඇයි කියලා. අම්මා දුක අඩුකරන් කිවා අත්තම්මා (අපේ අම්මාගේ අම්මා) නැතිවෙලා කියලා. අපිටත් ගොඩක් දුකයි. අම්මා 9.30 නුවරට තියන කෝච්චියෙ යනවා කියලා මටත් අම්මා එක්ක යමු කිවා. මට එදා යොදාගෙන තිබුණ වැඩේ කොහොම හරි කරගන්න ඕනෙ නිසා මම කිවා මම වැඩ ටික ඉවර කරගෙන දවල් වෙලා එන්නම් කියලා. අ‍ක්කාට ඒකට තරහ ගිහින් මට බනින්න ගත්තා. අම්මා කමක් නැහැ කිව නිසා එයා බනින එක නතර කලා. ඉන් පස්සෙ මම ලැස්තිවෙලා ගියා.

මට වෙනදා වෙලාවට කෝච්චියට යන්න වෙන්නෙ නැහැ කියලා දැන ගත්තෙ වෙලාව දැක්කාම. ඒත් වෙනදා වගේ මම පරක්කු වෙද්දි මහත්තයාට රාගම ඉන්න කියලා මම කෝල් කලේ නැහැ. මම තනියම යනවා කියලා හිතාන යන්න පිටත් වෙද්දි මහත්තයා කතා කරලා ඇහුවා මම කොහෙද කෝච්චියට එනවද කියලා. මම විස්තරේ කිවා. ඉන්පස්සෙ එයා කිවා එයා රාගම ඉන්නම් මට කලබල නොවි එන්න කිවා. මම බස් එකෙන් බහිද්දි සුපුරුදු තැනටම වෙලා මා එනකම් බලන් ඉන්නවා. මම ගිහින් කතා කලා. ඉන් ටික වෙලාවකට පස්සෙ කොටුවට යන කෝච්චියට නැග්ගා. දොර ලගින් ඇතුලට යන්න මට හිත දුන්නෙම නැහැ. මම දොර ගාවටම වෙලා හිටියා. ටික වෙලාවක් අපි කතා නැතිව ආවා. ඉන්පස්සෙ එයාම කතාව පටන් ගත්තා. එයා මගෙන් අහන්න ගත්තා ඊයෙ ශෂි මට මොනවාද කිවෙ කියලා. එයා කලින් දවසේ මම කිව දේවල් ඇහුවෙ විශ්වාස කලේ නැති නිසා මම ආයෙ කියන්න උත්සාහ ගත්තෙ නැහැ. ඒත් එයා වද කර කර අහන්න ගත්ත නිසා මම කිවා. එයා කෝච්චියට නැග්ග වෙලේ ඉදන් මාව තදින් අල්ල‍ගෙන හිටියා හරියට මම කෝච්චියෙන් එලියට පනියි වගේ. ඇත්තටම ඒවෙලාවෙ මට තිබුන කලකිරිමෙ තරමට එහෙම කරන්නත් හිතිලා තිබුනෙ.

ඒ ඔක්කොම දේවල් අහගෙන ඉදලා එයා එයාගෙ තීරණය දෙන්න පටන් ගත්තා. එයා එයායි ශෂියි ගැන විස්තරයක් කියාන ගියා. මට ඒ කිසි දෙයකින් වැඩක් නැහැ. මම ටික වෙලාවක් අහගෙන ඉදලා ඇහුවා දැන් ඔයාගෙ තීරණය මොකක්ද කියලා. ඒපාර මගෙ මහත්තයා කිසි දෙයක් කියන්නෙ නැතිව ගොඩක් දුකින් මගෙ දිහා බලන් හිටියා. මට තේරුනා එයාගෙ තීරණය මොනවගේ එකක්ද කියලා. ඒත් මම එයාගෙන් ඇහුවා ඒ ගැන. එයා බණ කියන්න ගත්තා. "ඔයා දුක්වෙන්න එපා මට වඩා හොද කෙනෙක් හම්බවෙයි මට කරන්න දෙයක් නැහැ මට ශෂිගෙන් අයින්වෙන්න බැහැ එයාලගෙ ගෙදර අයත් දන්නවා දැන් අවුරුදු තුනකට කිට්ටුව සම්බන්ධය තියනවා මට පුලුවන් කමක් නැහැ එයාගෙන් අයින්වෙන්න ඒ නිසා අපේ සම්බන්ධය නතර කරමු. ඔයා හැමදාටම මගේ යාළුවෙක් වගේ ඉන්නවා නේද මට සමාව දෙනවා නේද කලින් හිතන් හිටියා වගේ මගේ ලගින් ඉදගෙන HD කරනවා නේද මට පොරොන්දු වෙන්න මාත් එක්ක තරහා වෙන්නෙ නැතිව මාත් එක්ක යාළුවෙක් වගේ ඉන්නවා කියලා."
එයා නොනවත්වා කියවනවා මගේ පොරොන්දුව ගන්න අතත් දික් කරගෙන. මට දෙන්න උත්තර නැහැ. මම නිශ්ශබ්දව ඉදලා උත්තර දෙන්න ඕනෙම නිසා දුන්නා. ඒත් මට වචනයක්වත් කියා ගන්න බැහැ මට ඇ‍ඩෙනවා නතර කරගන්න බැරිවම. මගේ මහත්තයාත් ඇස්දෙකේ කදුළු පුරවගෙන මා දිහා බලන් ඉන්නවා. මම කොහොම හරි කදුළු අතරින්ම කියන්න තියන දේවල් කිවා.
"කමක් නැහැ ඔයා කෙලින්ම ඔයාගෙ තීරණය කිව එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. මට ඔයාට පොරොන්දු වෙන්න බැහැ ඔයාගෙ යාළුවෙක් විදිහට ඔයා එක්ක ඉන්නවා කියලාවත් ඔයා ලගින් ඉදගෙන HD කරනවා කියලාවත්. මම උත්සාහ කරලා බලන්නම්. ඔයාට සමාව දෙන්න ඔයා වැරද්දක් කලේ නැහැ. මට කවමදාකවත් ඔයාව අමතක කරන්න බැහැ. ආයෙ කිසිම කෙනෙක්ට මගේ හිතේ ඉඩක් නැහැ. මම හැමදාටම තනියෙන් ඉන්නවා. ඔයාට ආයෙම මාව ඕනෙ වුනොත් හොදට හිතලා ආයෙ නොයන්නම මගේ ලගට එන්න. ආයෙ යන්න නම් කවමදාකවත් මගේ ලගට එන්න එපා ආයෙමත් මට මේ දුක දරාගන්න බැහැ."

මම තව මොන මොනවදෝ කියෙව්වා අසිහියෙන් වගේ. මට අදටත් මතක නැහැ මම කියෙව්වෙ මොනවද කියලා. ඒ වෙනකොට අපි කොටුවට ඇවිත් තිබුණා. අපි කෝච්චියෙන් බැහැලා බස් එකේ NIBM එකට ගියා. බස් ‍එකේදිත් ඇඩුවා හොදටම ඇඩුවා. වෙනදා මගේ ඇස් දෙකට කදුළු පිරුණත් මට බනින මහත්තයා එදා මම ඉකි ගගහා අඩද්දි මගෙ අතින් අල්ලගෙන මගෙ ඔළුව එයාගෙ උරහිසේ තියාන හිටියා. පුංචි දේටත් කදුළු පුරවගන්න මට මේ දුක දරාගන්න අමාරුවග එයා දැනගෙන හිටියා. මහත්තයා මගේ හිත රිදවන්න අකමැති වුනත් අපිට ඇත්තට මුහුණ දෙන්න වුනා.

අදත් කතාව ගොඩක් දිග වැඩි වුනා. එදා දවසේ වුනු සිදුවීම් ගොඩක් තියනවා තව. ඒ දේවල් ඊලග කොටසින් ලියන්නම්. කතාව ගොඩක් දිග වුනා‍ට සමාවෙන්න....

2011/03/29

මගේ ආදර කතාව 11....

ගොඩක් දවසකට පස්සෙ ආදර කතාව ලියන්න හිතුවා. ටික දවසකට කලින්නම් හිතුනා ආයෙ කවදාවත් ආදර කතාව ලියන්නෙ නැහැ කියලා. ඒකට හේතු අහන්නනම් එපා මට උත්තර දෙන්න බැහැ. අද දවල් සිදුවුන කතාවක් නිසාත් හවස බස් එකේ එද්දි දුටු දෙයක් නිසත් පරණ ආදර මතකයක් සිහියට නැගුනා. ඒ නිසා අදත් කතාව ලියන්න හිතුවා.

එදා හරියටම මැයි මාසෙ 20 වෙනිදා. මම කලින් කිවනෙ diploma එකේ exam ඉවර වුනාම මම instructor විදිහට NIBM එකේ වැඩ කලා කියලා. මේ සිදුවීම වුනෙත් ඔය කාලෙදිම තමයි. ඒ කියන්නෙ 2007 මැයි මාසෙ 20 වෙනිදා. එදා ඉරිදා දවසක් වුනත් මට වැඩ තිබුණා. හේතුව අපිට නිවාඩු තිබුණෙ සතියෙ දවසක් සහ සති අන්තෙ එක දවසක්. ඒ මාසෙ මට නිවාඩු තිබුණෙ සිකුරාදා සහ සෙනසුරාදා. ඒ නිසා මට වැඩ කරන්න වුනා. මගෙත් එක්කම හිටි යාළුවා එදා නිවාඩු. මම දවසම කම්මැලි කමෙන් ගෙවා ගත්තා. ඒ දවස් වල මහත්තයාට තිබුණෙ Dialog සිම් එකක් මට තිබුණෙ Mobitel සිම් එකක්. කොයිතරම් කම්මැලි වුනත් කෝල් කරන්නෙ නැහැ SMS හුවමාරුව තමා කරන්නෙ. ඇයි ඉතින් ඒ දවස් වල Mobitel සිම් එකකින් Dialog සිම් එකකට කෝල් කරන එක දැලි පිහියෙන් කෝල් කරනවා වගේනෙ.

මම ඉතින් කතාව කියන්නෙ නැතිව වැල්වටාරම් කියවනවානෙ. ඔන්න ඉතින් එදා දවසම මම මහත්තයා එක්ක SMS ගනුදෙනුව‍. සාමාන්‍යයෙන් ඉරිදාට උදේ වරුව විතරයි ළමයි එන්නෙ. ඉතින් හවස් වරුවෙම මම කෙලවරක කොම්පියුටර් එකක් ලග වාඩිවෙලා Suntel wow වලින් මහත්තයාට SMS යවනවා. එයත් පිලිතුරු එවනවා. ඔහොම කාලෙ ගෙවා ගත්තා 4 විතර වෙනකම්ම. ඉන් පස්සෙ මහත්තයා ටිකක් නිදා ගන්නවා කිව නිසා මම ඒ වැඩෙත් නතර කරලා දැම්මා.
ඉන් පස්සෙ 4.30 වෙනකම් කට්ටිය එක්ක කියව කියව ඉදලා ගෙදර එන්න ආවා. වෙනදා තනියම එද්දි වාගේම මම 154 බස් එකක දෙමටගොඩට එන්න නැග්ගා. මම බස් එකට නැගලා ටික දුරක් එද්දි දන්නෙ නැති number එකකින් කෝල් එකක් එනවා. මම ටිකවෙලාවක් හිතුවා කතා කරනවාද නැතිද කියලා. කවුරු වුනත් කමක් නැහැ කියලා කතා කලා.

"හෙලෝ" මම කතා කලා.
"හෙලෝ ඔය Poo ද?" ඒ පැත්තෙන් girl කෙනෙක් කතා කරනවා.
"ඔව් ඔයා කවුද?" girl කෙනෙක් නිසා මමත් බය නැතිව කතා කලා.
"මම ශෂි ඔයා මාව දන්නවාද?" (මේ නම මම කතාවට ගත්තෙ ඇත්ත නම නෙවේ)
මට හිතාගන්න බැරි වුනා කවුද කියලා. මට නම අහලා පුරුදු නිසා මම ඇහුවා ඔයා NIBM ද මට හරියටම මතක නැහැ කියලා.
"නැහැ මම නුවන්ගෙ girl" (නුවන් කියලා නම දැම්මෙ මගෙ මහත්තයාට)
මාව ගිනි ගන්නවා වගේ හැගීමක් මට දැනුනා. මට ඉන්නෙ කොහෙද කියන්නෙ මොනවාද කියලා හිතාගන්න බැරි වුනා.
" එහෙමද ඇයි ඔයා මට කතා කාලේ කොහෙන්ද මගෙ phone number එක හොයා ගත්තෙ" මම දුක upset එක පැත්තක තියලා ඇහුවා.
"මම හොයාගත්තා ම‍ට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනෙ දැනගන්න දෙයක් තියනවා" එයා කියෝගෙන යනවා. එයාට නම් මොකද දුක මටනෙ.
"කියන්න මොනා ගැනද කතා කරන්න ඕනෙ" මම හිතින් අඩ අඩ කතා කලා.
"මට දැනගන්න ඕනෙ Poo ඔයාගෙයි නුවන්ගෙයි අතරෙ affair එකක් තියනවාද?" මම මොනවද දැන් දෙන උත්තරේ මට හිතා ගන්න බැහැ මොකද කියන්නෙ කියලා. මොනවා වුනත් ඒ ගැන කතා කරන්න එයාට අයිතියක් නැහැනෙ.
"ඔයා ඇයි එහෙම අහන්නෙ."
"ඔයාගෙ එහෙම දෙයක් තියනවා නම් කියන්න. ඔයා නුවන්ගෙ පස්සෙන් එනවලු නේද. මම එයාගෙ girl ඔයා එයාගෙන් අයින් වෙන්න. මම කවදාවත්ම එයාගෙන් අයින් වෙන්නෙ නැහැ. එයත් මගෙන් අයින් වෙන්නෙ නැහැ කරුණාකරලා ඔයා එයාගෙන් ඇත්වෙන්න........"
එයා කියාගෙන කියාගෙන යනවා. මට මතක මේ ටික විතරයි මම හිතන්නෙ මම upset ගිය තරම නිසා මට එයා කිව දේවල් වලින් බාගයක්ම ඇහුනෙ නැහැ.
"මම නුවන් එක්ක මේ ගැන කතා කරන්නම් ඔයා එයා එක්ක කියන්න එපා මා එක්ක කතා කලා කියලා." මට ඒ වෙලාවෙ කියන්න හිතට ආවෙ ඒ ටික විතරයි.
"ඇයි මට කියන්න එපා කියන්නෙ? මගෙයි නුවන්ගෙයි අතරෙ රහස් නැහැ. මම ඔයාට කතා කලා කියලා නුවන්ට කියනවා" ඒ පාර එයා මට සද්ද දාගෙන ආවා. ඒ පාර නම් මට තරහා ගියා.
"ඔයා කැමති දෙයක් කියා ගන්න මට කමක් නැහැ. ඒක මගෙයි නුවන්ගෙයි දෙයක්. මමයි එයා එක්ක කතා කරන්න ඕනෙ. එයාගෙ තීරණය දෙන්න ඕනෙ මටයි. මම එයා එක්ක කතා කරන්නම්. මම තියනවා" එහෙම කියලා මම phone එක තිබ්බා.

මට දුක තරහා දෙකම එකතුවෙලා. මට කර කියාගන්න දෙයක් නැහැ. මට මා ගැනම හොදටම දුක හිතුනා. මම මොන මෝඩ කමක්ද මේ කර ගත්තෙ කියලා. මම බස් එකෙන් බහින තැනත් ලංවෙලා. මම station එකට ගිහින් මගෙ මහත්තයාට call එකක් ගත්තා. එයාගෙ call waiting. මම දැන ගත්තා ශෂි කතා කරනවා ඇති කියලා. මට ගොඩක් දුකයි. ඒත් මම මොනවා කරන්නද කියලා හිත හදාගෙන SMS එකක් යැවුවා මට කතා කරන්න කියලා. එතකොටම කෝච්චිය ආව නිසා මම නැගලා ගෙදර ගියා. මම රාගමින් බහිනකම්ම මගෙ මහත්තයා කතා කලේ නැහැ. මම රාගමට එද්දි අපේ ගෙවල් පැත්තට යන බස් එකක්වත් තිබුනෙ නැහැ. මම හෝල්ට් එකේ හිටන් හිටියෙත් හරි අමාරුවෙන්. මම වෙන දෙයක් වෙන්න කියලා මගෙ මහත්තයාට කෝල් කලා. දෙතුන් වතාවක් ගත්තාම තමා phone එක answer කලේ. එහෙම වෙලත් මට වචනයක්වත් කියන්න දුන්නෙ නැහැ මට බනින්න ගත්තා. අනේ මම කරපු වැරද්දක් නැහැ. මම කල එකම වැරැද්ද phone එක answer කල එක. බැනලා ඉවර වෙනකම් අහන් ඉදලා මම අන්තිමට ඇත්තටම වුනදේ කිවා. ඒත් එයාට විශ්වාස නැහැ. මම එයා‍ට කැමති තීරණයක් ගන්න කියලා phone එක තිබ්බා.

මම අමාරුවෙන් හිත තද කරන් ගෙදර ආවා. හිතේ දුක අඩුවෙන්න කියලා හයියෙන් කෑ ගහලා අඩන්න හිතුනත් අම්මාට මේ විස්තරේ කියන්න බැරිනිසා දුක තද කරන් උන්නා.
මේ සිදුවීමෙ අවසන් තීරණය ඊට පහුවදා ගත්තෙ. ඒ විස්තරේ මම ඊලග කතාවෙන් ලියන්නම්. අද කතාව දිග වැඩියි කියලා හිතෙනවා.

ප.ලි. මේකෙ මම ලියපු නම් මම හදලා දාපු නම්. මේ කතාව කියවලා මමවත් මගෙ මහත්තයාවත් වරදිකාරයෝ කියලා නිගමනය කරන්න එපා. හේතුව ආදරය ඇතිවෙන්නෙ අහම්බෙන්...
ආදරය ගැන දන්න ඔයාලා ඒ ගැන දන්නවා ඇතිනෙ...