අගොස්තු 27 කියන්නේ මට ජීවිතේ කවදාවත්ම අමතක වෙන්නේ නැති ජීවිතේ මට ගොඩක් ලොකු දුකක් දැනුන දවසක්. මට ගොඩක් වටින කෙනෙක් මගෙන් ඈත් වුනේ හරියටම මීට අවුරුදු ගානකට කලින් අගොස්තු 27. අවුරුදු ගානකට කලින් කීවේ මට අවුරුදු ගාන මතක නැතිව නෙවේ. මට ඒක කියන්න උවමනවක්වත් කැමැත්තක්වත් නැහැ.
ඒ සිදුවීම වෙද්දි මම ගොඩක්ම පුංචියි. ඒ දවස් වල මොකක්ද වුනෙ කියලා මට තේරුමක් තිබුණෙ නැහැ. එත් ටික ටික ලොකු වෙද්දි මට තේරුනා මට අහිමි වෙලා තියෙන්නේ ජීවිතේට ගොඩක්ම වටින කෙනෙක් කියන එක. හැමදාමත් මම ඒ ගැන දුක් වුනා අැයි මටම මෙහෙම වුනේ කියලා. කොහොම වුනත් අද වෙද්දි මට අහිමි වුන ඒ වටිනාම කෙනා අහිමි වීම නිසා මට තව ගොඩක් දෙවල් නැතිවෙලා තියෙනවා. ඒ අඩුව මගේ ජීවිතෙන් කවදාවත්ම මැකෙන්නෙ නැහැ. කාටවත්ම ඒ අඩුව පුරවන්නත් බැහැ. ටිකක් හරි එ අඩුව පුරවන්න මගේ ජීවිතේට ලංවුන කෙනත් දැන් මගෙන් ඈත් වෙලා.
මට නැතිවුනෙ කවුද කියලා මගෙන් අහන්න එපා. මට එ ගැන කියන්න හිත හදාගන්න බැහැ. කවදාහරි දවසක ඒ ගැන තව විස්තර කියන්න හිතුනොත් කියන්නම්.
ඊයේ බඩු ඔතාගෙන ආපු පත්තර පිටුවක තිබුණ නිසදැසක්. ඒක හිතට ගොඩක් සමීප බවක් දැනුන නිසා මේකේ ලියන්න හිතුනා. එය ලියලා තිබුනේ කැළණිය විශ්ව විද්‍යාලයෙ ශෂිකලා අමරසිංහ. අැගේ අවසරයකින් තොරව මෙය පලකිරිම සම්බන්ධව මම කණගාටු වෙනවා. නමුත් අවසර ඉල්ලිමට හැකියාවක් නැහැ. පුවත්පතේ අැගෙ ලිපිනය සටහන්ව තිබුණෙ නැහැ.
ජීවිතය ගලන ගගකි
ගගේ ලස්සන අැත්තේ
බාධක මැද ගලන විටය
කටුක වන තරමටම
අැයිද මට මේ තරම් දුක
දැසින් කදුළු ගලන
හැමවිට අැයිද මා තනිවන්නෙ......
දුක කියන්න කවුරැත් නෑ
මට මා පමණි සිටිනුයෙ...
දෑසෙ නැගෙන කදුළු ගොන්න
පුරැදුය මට හැමදාකම
අැයිද කදුළ මා පසුපස
සතුට ලබන හැමදිනකම........
apitath dawasaka ohoma thama
ReplyDelete