මුලින්ම කියන්න ඔනෙ මේ පොස්ට් එක කියවලා මා ගැන වැරදි අදහසක් අැති කරගන්න එපා. මම ගොඩක් කරදර වලට මුණදිලා ගොඩක් හිතේ අමාරුවෙන් ඉන්නේ. මගේ ලගින් කවුරුත්ම නැහැ දැන්. මගේ අම්මා එයාට මගේ හිතේ තියන කරදර කියලා හිත රිදවන්න බැහැ. මගේ යාලුවො එයාලාට කියන්නත් හිත දෙන්නෙ නැහැ. එයාලා එයාලා එක්ක කියලා එයාලා මගේ හිත රිදෙන දෙයක් කිවොත් මට තවත් දුක විතරයි. එවගෙම මගේ හැම දුකකදි කරදරයකදිම මගෙ ලගින් හිටිය මගෙ ආදරය මගේ ආදරණිය මහත්තයා, අනේ එයාත් මගෙත් එක්ක තරහා වෙලා මගෙන් අැත් වෙන්න හදනවා. මම ගොඩක් තනි වෙලා. මගේ ජීවිතේ තිබුන ලොකුම හයිය තමා මගේ මහත්තයා. එත් එයා මගෙත් එක්ක අමනාපෙන්. මගේ හැම දුකක් සතුටක්ම කිවේ මගේ මහත්තයාට විතරමයි. අද මම කාට කියන්නද?
මම හිතලා හිතලා අන්තිමට තීරණයක් ගත්තා කවදාවත් නොදැක්ක ඔයාලාට කියලාවත් හිත නිදහස් කර ගන්නවා කියලායි ඔයාලාගෙන් උදව්වක් ඉල්ල ගන්නවා කියලායි.
මම කෙලින්ම කියන්නම් මට ඔනේ උදව්ව, මට නතර වෙන්න ආරක්ෂාව හොදින් තියන බොඩිමක් හොයලා දෙන්න පුලුවන්නම් ගොඩක් ලොකු උපකාරයක්. එහෙම නැතිනම් දන්න කියන මෙහෙණි ආරාමයක් හොයාදෙන්න.මට මහණ වෙන්න නම් බැහැ. මගේ ආදරය මගේන් අැත් වුනාට මම තවමත් මගේ මහත්තයාට ගොඩක් ආදරය කරනවා. එයා ආයෙමත් මගේ ලගට එනකම් මුලු ජීවිත කලෙම හරි මම බලන් ඉන්නවා. මගේ හිත සන්සුන් කරගන්නකම් නවතින්න විතරයි මට ඔනේ. මට නතර වෙන්න ඔනේ කොළඹට ආසන්නව. මම පුලුවන් තරම් කලයක් මගේ රස්සාව කරන්න ඔනේ නිසයි.
මම දන්නවා බ්ලොග් කියවන ඔයාලාගෙන් ටික දෙනෙක් මගේ මහත්තයා කවුද කියලා. ඔයාලා එයාගෙන් මේ විස්තර අහන්නනම් එපා please. එයාගෙන් එ ගැන අැහුවොත් තවත් මගෙත් එක්ක තරහා වෙයි. එයා මේ පොස්ට් එක නොදකින තරමට මම කැමතියි.
ඔයාලාට පුලුවන්නම් මට කරන ලොකු උපකාරයක් මට නතර වෙන්න කොළඹට කිට්ටුව බොඩිමක් හරි මෙහෙණි ආරාමයක් හරි සොයාදෙන්න.
අක්කි, මට මේල් එකක් එවන්න පුලුවන්නම්, මම හොයල බලන්නම් තැනක්. ඔයාට දුක බෙදා ගන්න කවුරුත් නැත්තම් මම කැමතියි යාලුවෙක් වෙන්න ඔයාගෙ, මොකද මගෙ ජීවිතෙත් ගොඩක් ප්‍රශ්න තිබිල තියනව. මට තේරෙනව දුක කියන්න කෙනෙක් නැති උනාම අසරන වෙන විදිහ. කැමති නම් මේල් එකක් එවන්න. supun01@gmail.com
ReplyDelete