2011/03/24

බලා හිදිමි මම......

නෙතු කදුළු පුරවාන
මම බලා උන්නා..... ඔබ මා අමතන තුරා....
බලා හිදම දුරකතනය දෙස...
දෑස් බොදව ගොසිනි මාගේ....
එනමුදු නොමැත තවමත්...
ඇමතුමක් ලැබුවේ නු‍බෙන්...
ඉවසිය නොහැකි වුකල බලාහිද....
ඇමතුවෙමි මා... ඔබ...
නැගේ කදුලැලි මා දෙනෙතට..
දකින විට ඔබ රුව මා තිරය මත...
නොපෙනෙනා ලෙස කිසිවෙකුටත්...
සගවා ගනිමි කදුලැල්....
විසන්ධිවේ ඇමතුම නුඔ පසින්....
"USER BUSY"
සැබවින්ම ඔබ කාර්ය බහුලයි....
තැවෙමි මම තවමත් ඔබ ගැන සිතමින්.....

2011/03/19

අහිමි උණුහුම.....

පුංචි සංධියේ මා හඩනා විට...
ගේදොර අස්පස් කරද්දි උයන පිහන විටකදි වුව...
මා ඇකයට ගෙන සැනසු නුඔයි....
මගෙ අප්පච්චි

පුංචි මුවට පොඩි බත් ගුලි සදා මා කුසගිනි නිවූ...
නිදි යහනට නැලවිලි ගී ගැයූ....
මා සැනසුම සැදුවේ නුඔයි .....
මගෙ අප්පච්චි

මා මුවට තරම් නොවනා ලොකු බත් ගුලි සදමින්
මව් මා කුස සරි කෙරුවද...
අද මා හඩනා විට...
මා නලවන්නට නුඔ නැත මා ලග...
මගෙ අප්පච්චි

දුව විත් ඔබ තුරුලට එන්නට හැකිනම් මට...
තුරුලු වන්නම් සදා කාලයටම නොමැකෙන ලෙස ඔ‍බෙ උණුසුම....
කෙලෙසද මා එලෙස කරන්නේ...
ඔබෙන් අහිමි වු උණුසුම මට දුන්....
තනිකර දමා මගේ අම්මා......

අහිමි වු ඔබේ උණුහුම සිහිකරමින්
තුරුලට යන්නම් මගෙ අම්මාගේ..
නෙත පුරවා කදුලින්...

රෑ හිනෙන් හෙමි හෙමින් මා හිනයට ඇවිදින්...
මා නෙත කදුලු පිස දමා...
මගේ පොඩි පුතාට ගොඩක් ආදරෙයි කියා..
මා මුව සිප සනසන්නට..
එනවද මගෙ අප්පච්චි....

2011/03/15

තවත් එක් අවස්ථාවක්....

කලින් බ්ලොග් පෝස්ට් එකක දැම්මා හැකිනම් මගේ මහත්තයා කවුද කියලා හොයා ගන්න කියලා. කියෙව්ව නැති අය මෙතනින් කියවන්න.
රන්දිකා අක්කා සහ හා පැටික්කි නිශ් අයියා ගැන කියලා තිබුණාට එයා නෙවේ. ඔයාලාව ලගින්ම ඇසුරු කරන ඔයාලා හොදින්ම දන්න කෙනෙක්. එයාව අදුරගන්න පුලුවන් විශේෂ සිදුවීම් දෙකක් තියනවා ඒත් ඒ ගැන කිව්ව ගමන් දැන ගන්නවානෙ එතකොට වැඩක් නැහැ.

තව එක අවස්ථාවක් දෙන්නම් ඔයාලාට. එයා මහානාම විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. පදිංචි වෙලා ඉන්නෙ සිදුව ආසන්නව. හැකිනම් සොයන්න....

මේ මට තියන කම්මැලි කමට කරන වැඩක් ඔයාලා අකමැතිනම් ඒකත් ලියලා යන්න තරහා නැහැ.

2011/03/06

මගෙ මහත්තයා වලියකට.....

අද දවසම හරිම කම්මැලි දවසක්. ඊයේ විභාගයක් තිබුණ නිසා ගෙදර යන්නත් බැරි වුනා. ඒ විභාගයත් ආණ්ඩුවෙන් පවත්වන තවත් එක තරග විභාගයක් වුනොත් තමා මට තරහා යන්නෙ. ගෙදර නොගිය නිසා අද දවසම බෝඩිම් කාමරයට වෙලා ඉන්න වුනා. උදේම නැගිටලා (8 ට විතර) රෙදි හෝදලා නාලා අන්තර් ජාලයේ එහෙට මෙහෙට රවුම් ගහලා බැරිම තැන උදේ පොස්ට් එකක් දැම්මා. ඉන් පස්සෙ අම්මාට දවල්ට කෑවා කියලා පොඩි බොරුවක් කියලා හොදට නිදා ගත්තා. 2.30 ට විතර නැගිට්ටෙ කෑවාද අහන්න බෝඩිමේ ඇන්ටි ආවාමයි. ඇන්ටිට බොරු කියලා හරි යන්නෙ නැහැනෙ ඒ නිසා මම ඇත්තම කිවා. මොකද ඉතින් නැතිනම් කඩේ යන්න හරි උයන්න හරි වෙනවානෙ(දැන දැනම බඩේ අමාරුව හදා ගන්න ඕනෙද උයාගෙන කාලා නේද)ඇන්ටිට පින් සිද්ද වෙන්න බත් එකක් ගෙනත් දුන්නා. ගෙදර සැප දැන්තමා මතක් වෙන්නෙ. අම්මා කවද්දි කැවා ඇතිනම් දුවලා ගිහින් වතුර බීලා බෑ කියනවා.දැන්නම් හොද පාඩම්ග

මමත් විකාර කියවනවා කතාව ලියන්නෙ නැතිව. ඔන්න එහෙනම් කතාව කියවන්නකො....

කාලය ගෙවිලා ගියා අපිටත් නොදැනිම. අපේ diploma එකත් ඉවර වුනා. ඒ April වල මුල් සතිය වෙද්දි අන්තිම exam එකත් තිබුණා. අපිට final project එක කරන්න තිබුණා ඒත් එක්කම higher diploma කරන්න තිබුණා ඒත් මම ඒක කල් දැම්මා.මගේ හොදම යාළුවන්ගෙන් දෙන්නෙක් higher diploma කරන්නෙම නැහැ කියලා අත්ඇරියා තව එක්කෙනෙක් diploma එකේදිම Engineering කරන්න ගිහින් නතර වුනා.එක්කෙනෙක් higher diploma කරන්න පටන් ගත්තා එයාගෙ එක්කෙනා කිව නිසා.මගේ අනිත් යාළුවා දෙන්නාත් එක්කම කල් දැම්මා එයාගෙ එක්කෙනාට ආර්ථික අපහසුතාවයත් නිසා. මම කල් දැම්මෙත් මගෙ මහත්තයා එක්ක කරන්න තියන වුවමනාව‍ට. ඒකෙත් මම තවත් දෙයක් කලා ඒ තමා මම NIBM එකේ instructor කෙනෙක් විදිහට මාස හතරක් හිටියා.

Diploma එකේ අන්තිම exam ඉවර වෙලා අවුරුදු නිවාඩුවට මම ගෙදර ගියා.අක්කායි අයියායි චුටි බබායි එක්ක මමත් එයාලාගෙ කාර් එකේම ගියා. අපි හැමෝම සතුටින් අවුරුදු සැමරුවා. මගේ මහත්තයාත් ඒ දවස් වල හැමදාම ගොඩක් වෙලා call කරනවා. නිවාඩු දවස් ගෙවිලා ගිහින් ආයෙමත් අපි කොළඹ ආවා. මමත් instructor කෙනෙක් විදිහට වැඩකරන්න පටන් ගත්තෙ ඔය දවස්වලමයි. ඒ අතරෙම අපි final project එකත් කරන්න පටන් ගත්තා. අපේ group එකේ පස්දෙනෙක් හිටියා proposal එක දිපු ගමන් මැඩම් කිවා පස්දෙනෙක්ට මේ project එක මදි කියලා group දෙකකට කරන්න කියලා. ඉතින් දුකින් වුනත් අපි group දෙකකට වෙන් වුනා එකම ආයතනයේ system දෙකක් design කරන්න. අපේ යාළුවො පස්දෙනා නිශා, මිහිරි, හැරි,චලිත කියලා කියමුකො. පස්වෙනියා මම. නිශා සහ මම එක group එකක අනිත් අය එකක. මම instructor වැඩේ කරන අතරෙම project එකෙ වැඩත් කරනවා.

මේ දවස් වල මමයි මහත්තයායි දෙන්නා උදේට වෙනදා වගේම එකට එනවා ඒත් හවසට එයා 3.30 ට යනවා ම‍ට යන්න ලැබෙන්නෙ 5.00ට. මුලදිම මහත්තයා මට කිවා මම එනකම් ඉන්න කියන්න එපා ඉන්නෙ නැහැ කියලා.මට දුක හිතුනා වුනත් මම හිත හදාගත්තා. පස්සෙ එයාටම හිතිලා මම එනකම් නතර වුනා. එයා මම එනකම් හවස නතර වෙලා ඉන්න දවසක හරි වැඩක් වුනා.

කතාවෙ මුල මේකයි. මගේ යාළුවා නිශා කියලා මම කිවෙ එයා යාළුවෙලා හිටියෙ instructor අයියා කෙනෙක් එක්ක. මම instructor වෙලා ටික දවසකින් එයා job එකක් හම්බවෙලා අයින් වුනා. එයාගෙ නම ලපයා කියමුකො. ඒ දවස්වල ලපයා අයියාගෙ වැඩ ගැන කලකිරිලා නිශා affair එක නතර කලා. ලපයා අයියත් ටිකදවසක් හා කියලා ඉදලා ආයෙමත් බැහැ කියලා නිශා‍ට කතා කරන්න පටන් ගත්තා. මුලදි නිශාත් calls answer කරලා පස්සෙ ඒක හරියන්නෙ නැති වැඩක් නිසා answer කරන්නෙ නැතිව ඉදලා. ඒ සම්බන්ධය හරි යන්නෙ නැතිවෙන්න හේතුව නිශා බෞද්ධ තාත්තා කෑගල්ල පැත්තෙ ලපයා අයියා මුස්ලිම්. නිශාගෙ ගෙදරින් කවදාවත් කැමතිවෙන්නෙ නැහැ කියලා දැන හිටියා.

දැන් කතාවෙන් පිට පනිනවානෙ. ලපයා අයියා දවසක් රෑ 8.00ට විතර මට call කරලා කියනවා නිශාට කියන්න එයා‍ට කතා කරන්න කියලා එයාට සමාව දෙන්න කියන්න එයා නැතිව ඉන්න බැහැ කියලා. ඉතින් මමත් ඔය රිදුන හිත් සනසන්න දුක නැතිව දායක වෙනවා. මමත් කිවා දැන් අයියා ඔය ගැන හිතලා දුක් වෙන්න එපා මම නිශාට කතා කරන්නම් හෙට උදේ වෙනකම් ඉවසන්න කියලා. ඒ පාර එයා කිවා
"නංගි මට ඉවසන්න බැරි තැන මම පාර දිගේ ඇවිදගෙව ආවා ඉන්න තැනක් දන්නෙත් නැහැ. please නංගි නිශාට කියන්න මට එක වතාවක් කතා කරන්න කියලා"
"හරි අයියේ මම කියන්නම් කතා කරන්න කියලා. ඒත් දැන් ඉන්නෙ කොහෙද කියලා බලලා ගෙදර යන්න. මම දැන් නිශාට කතා කරලා ආයෙම අයියා‍ට කතා කරන්නම්"
මම නිශාට call කලාම එයාගෙ mobile එක off කරලා. මම හිතන්නෙ ලපයා අයියාගෙ වදේටම තමා එහෙම කරන්න ඇත්තෙ. ඉන්පස්සෙ මම ගෙදරට call කරලා විස්තරේ කිවා. එයා කිවා දැන් කතා කරන්න බැහැ හෙට කතා කරන්නම් කියන්න ඉන්න දිහාකින් ගෙදර යන්න කියන්න කියලා. මමත් අනිත් අත‍ට ලපයා අයියාට කතා කරලා පණිවිඩේ කිවා. එදා එතනින් යන්තම් බේරුණා.

පහුවදා මම පුරුදු විදිහට NIBM ගිහින් වැඩ කලා නිශාත් ඇවිත් හිටියා project එකෙ වැඩ‍ට.නිශා 3.30 වෙද්දි යනවා වුනත් එදා ලපයා අයියා එයාව හම්බවෙන්න කැමතිකරවගෙන තිබුණ නිසා එයා එනකම් 4.00 වෙනකම් හිටියා. මමත් කලින් දවසෙ වුන හැමදේම මහත්තයාට කියලා තිබුණා. මම pc 01 lab එක ඇතුලේ නිශායි ලපයා අයියයි එතන ‍ඉස්සරහා study area එ‍කේ කතා කර කර ඉන්නවා. මහත්තයා අනික් කෙලවරට වෙලා පොතක් බලනවා.මම ඇතුලේ අනිත් අය එක්ක කතා කර කර හිටියා අපිට ඒ වෙලාවෙ වැඩ තිබුණෙත් නැහැ. ටික වෙලාවකින් ලපයා අයියා මට රවනවා ඉවරයක් නැතිව. මම ගනන් ගත්තෙ නැහැ. ඇයි ඉතින් මම එයාට වැරුද්දක් කලේ නැහැනෙ.

මෙන්න ටික වෙලාවකින් මම යන්න කියලා බැග් එක අස්කරන්න එලියට ආවා විතරයි ලපයා අයියා මගෙ ලගට ඇවිත් කිවා මට කතා කරන්න ඕනෙ කියලා. මම කිවා කියන දෙයක් කියන්න කියලා. ඉන් පස්සෙ මෙතන බැහැ ටිකක් අරපැත්තට එන්න කියලා fire exit පඩිපෙල පෙන්නුවා. මමත් එතනට ගියා. එතනට ගියා විතරයි මෙන්න මෙයා බනින්න ගත්තෙ නැතිද එකසිය ගානට මට හිතාගන්න බැහැ මම කරපු වැරුද්ද මෙකක්ද කියලා. මට කිසිම කෙනෙක් එහෙම බැනලා නැහැ. මට ඇ‍ඩෙන්නත් එනවා. මම අමාරුවෙන් ඇහුවා මම එයාලාට කරපු වැරුද්ද මොකක්ද කියලා. මෙන්න එයා කියපි මම කියපු නිසා තමා නිශා ආයෙමත් affair එක පටන් ගන්න කැමති නැත්තෙ මට එයාලගෙ දේවල් වලට සම්බන්ධ වෙන්න එපා පැත්තකට වෙලා ඉන්න කියලා. මට හොදටම බනිනවා දැකලා නිශා එතනට ආවා. එයා ලපයා අයියාට කිවා මට බනින්න එපා මම මේකට අදාල නැහැ කියලා. ඒත් එයා කිසි ගානක් නැතිව බනිනවා. මමත් අඩ අඩ අහගෙන ඉන්නවා. අන්තිමට නිශා මාවත් ඇදගෙන ආවා යන්න කියලා. ඒ වෙලාවෙ ඔය සිදුවීම පෙනෙන තැනක හිටියෙ නැහැ හොද වෙලාවට. ඉන් පස්සෙ නිශා මාව මහත්තයා හිටි තැනට එක්ක ගියා. මම හොදටම අඩනවා දැකලා එයා‍ට හොදටම දුකයි. අදටත් මගේ ඇස්වලට කදුළු පිරෙනවාටවත් මහත්තයා කැමති නැහැ. එයා මගෙන් ඇහුවා ඇයි අඩන්නෙ කියලා. මම කිවා අපි යමු යද්දි කියන්නම් කියලා. එයාට තරහා ගියා හොදටම. එයාට මම අඩද්දි හේතුව කියන්නෙ නැතිව පස්සෙ කියන්නම් කිවොත් මාව උස්සලා පොලවෙ ගහන්න තරම් තරහා යනවා.
"කියන එකක් දැන්ම කියන්න ආයෙ පස්සක්..."
මහත්තයාත් මට සද්ද දානවා.
"ලපයා අයියා මට බැන්නා" මම අඩ අඩම කිවා.
"මොකටද"
"මම නිසාලු නිශා එයාත් එක්ක affair එක ආයෙ පටන් ගන්න කැමති නැත්තෙ මට පැත්තකට වෙලා ඉන්න කිවා"
මම හොදටම අඩනවා. මම ඉස්කෝලෙ දග වැඩ කොයිතරම් කරලා තිබුණා වුනත් එහෙම බැනුම් අහලා තිබුනෙ නැහැ.
"ඔයා මෙතන ඉන්න "
මහත්තයා එහෙම කියලා ගියා. මට හිතාගන්න බැරි වුනා මොකක්ද එයා කරන්න යන්නෙ කියලා.එයා කෙලින්ම ගියෙ ලපයා අයියා ලගට
"අයියා ඇයි මගේ ගැණු ළමයාට බැන්නෙ"
"එයා‍ට කියන්න අපේ දේවල් වලට කට දාන්නෙ නැතිව පැත්තකට වෙලා ඉන්න කියලා"
"එයා කට දැම්මෙ නැහැනෙ ඔයාමනෙ ඊයෙ රැ තිස්සෙ එයාට කතා කර කර වද දිලා තියෙන්නෙ එහෙම වෙලා එයාට බනින්න ඔයාට අයිතියක් නැහැ"
ලපයා අයියා අඩියක් ඉදිරියට තබා
"අපි දන්නවා ඔයයි ගැණු ළමයා ගැනයි හොදට. ඔයාගෙ ගැණු ළමයා නම් එයාව හදා ගන්න"
මහත්තයාත් අඩියක් ඉදිරියට
"කියන්න බලන්න මොනවාද දන්නෙ"
"ඇයි මට ගහන්නද ලගට ආවෙ ගහන්න බලන්න"
"බයේ කියලා හිතුවාද ගැහුවොත් ගහනවා ගහන්න බලන්න"
දෙන්නාට දෙන්නා තර්ජනය කරගන්නවා විතරයි එක්කෙනෙක්වත් ඉස්සර වුනේ නැහැ හොද වෙලාවට. දෙන්නාම කපටි නිසා හොදට ගියා. මොකද දෙන්නාම දැනගෙන හිටියා වැරුද්ද එන්නෙ ඉස්සරලා ගහපු කෙනාට කියලා. හොද වෙලාවට එතන ගොඩක් කට්ටිය හිටියෙ නැහැ 5 පහුවෙලා නිසා. ඒත් හිටි අය වට වෙලා බලන් ඉන්නවා. අන්තිමට වැඩේ දුර දිග යයි කියලා බයට මම මහත්තයාට ලංවෙලා කිවා ඕක අමතක කරලා යමු කියලා. එයා මට රැව්වා රැවිල්ලක් අඩි දෙක තුනක් පස්සට විසිවෙන්න. මේක බලන් ඉදලා ඇතිවුන තැන අපේ instructor අයියා කෙනෙක් දෙන්නාව shape කලා. ඒ අයියා මහත්තයා එක්ක ටිකක් කතා කර කර ඉදලා මල්ලි දැන් නංගිවත් එක්ක ගෙදර යන්න රෑත් වෙනවානෙ කියලා අපි දෙන්නාව පිටත් කලා.

මහත්තයා එන මගදිගට ඒ ගැන කියව කියව ආවා. ඒ එයාගෙ හැටි එයා මොකක් හරි වීර වැඩක් කලොත් සැහෙන වෙලාවක් කියවනවා.

ඉන් පස්සෙ ගොඩක් කල් යනකම්ම ලපයා අයියා අපි දෙන්නා එක්කම කතා කලේ නැහැ. ඒත් මේ ලගකදි අපි දෙන්නා මුණ ගැහුණු වෙලාවක කතා කලා. ඔන්න ඔහොමයි මහත්තයා වලියකට set වුනේ.

අද කතාව දිග වැඩි වුනා ඒකට සමාවෙන්න...

හැකිනම් සොයාගන්න....

ලියන්න ගොඩක් දේවල් තියනවා. ඒත් මෙහෙම දෙයක් ලියන්න හිතුනෙ සිකුරාදා office ඇරිලා බස් එකේ එද්දි. ඔයාලා මගේ ආදර කතාව කියවලා තියනවානෙ. ඒකෙ මගෙ මහත්තයාගේ නම කිවෙ නැහැනෙ. අද ඔයාලා කැමතිනම් මේ වැඩේට එකතුවෙන්න පුළුවන්. මේකයි කරන්න යන්නෙ මගෙ මහත්තයා කවුද කියලා හොයන්න අවස්ථාවක් දෙනවා. මම එයා ගැන පොඩි විස්තරයක් කියන්නම්.

එයා බ්ලොග් රචකයෙක් වගේම බස් සාමාජිකයෙක් මුණු පොතෙත් ඉන්නවා. මගෙත් එක්ක එක‍ටම NIBM එකේ උසස් අධ්‍යාපනය ලැබුවා.

මේ විස්තර ඇති නැතිනම් මම අන්තිමට නමත් ලියයි මෙහෙම ලියලා.

හොයන්න කැමතිනම් comment කරන්න. අකමැතිනම් ගනන් ගන්න එපා මගේ පිස්සු විකාර.

2011/03/02

අනේ මෙහෙම වැඩ.....

අද මම බම්බලපිටියෙ මගේ office එකේ ඉදන් ගල්කිස්සෙ මගේ බෝඩිමට එන්න ආවා. තරමක් වාහන තදබදයක් තිබුණා වුනත් 5.20 ට බස් එකට නැගලා 6.10 වෙද්දි යන්තම් ගල්කිස්ස color lights ලග halt එකෙන් බැහැ ගත්තා. ගාලු පාරනෙ පුදුම වාහන ගොඩක් යන්නෙ ඒවෙලාවට විතරක් නෙවේ හැම වෙලේම එහෙමනෙ. මට පාර මාරුවෙන්න ඕනෙ නිසා මම සුපුරුදු පරිදි කහ ඉර ලග කොළ පාට එළීය දැල්වෙනකම් බලන් හිටියා. ඔය අතරෙ මම දැක්කා පොලිස් රථවාහන ඒකකයේ මහත්වරු තුන්දෙනෙක්ම එතන ඉන්නවා.

එක පොලිස් මහතෙක් පාර මැදට වෙලා නොනවත්වා නලාව පිබිමින් වාහන වලට යන්න අණ කරනවා. තවත් මහතෙක් කහ ඉර අසල පාර කෙලවරක නලාව මුවෙහි රුවාගෙන බලන් ඉන්නවා. අනෙක් පොලිස් මහතා පසෙකට වි දැත් බැද බලන් ඉන්නවා. මම වගේම තවත් පිරිසක් පාර දෙපස පාර මාරුවීමට බලන් ඉන්නවා.

ඔය අතරෙ අර පාර මැදට වෙලා නලාව පිබිමින් හිටි පොලිස් මහතා පාරෙ කෙලවරට ගියා අර කහ ඉර ලග හිටිය පොලිස් මහතා අසලට. මම හිතුවා ඔහුට වෙහෙස නිසා මදක් ඉවත් වෙන්න ඇති කියා. ඒ නිසා මම ආයෙමත් පාර මාරුවීමට කොළ පාට දැල්වී ඇතිදැයි බැලුවා. අනේ ඒ එක බල්බයක්වත් වැඩ කරන්නෙ නැහැ.මදක් වට පිට බැලුවාමයි සිදුවී ඇතිදෙය වැටහුනේ.

අපේ පොලිස් මහතාට traf‍fic light signals එක්ක තමාට උවමනා විදිහට වාහන හසුරවන්න බැරිනිසා බුද්ධිමත්ව තීරණය කර traffic light නිවාදමා තමාට අවැසි අයුරින් වාහන පාලනය කලා.හරි කමක් නැහැ වෙනදාට වඩා ඉක්මනින් පාර මාරුවීමට ලැබෙවි කියලා හිතාන මමත් හිටියා.

ඔන්න ඉතින් ඊලගට අර පාරෙ පසක කහ ඉර ලගින් සිටි අපේ පොලිස් නිලධාරි තුමා පාර මාරුවෙන්නන්ට හිතවත් සේවයක් ඉටුකලා. කොළඔ පැත්තට යන වාහන නවතා ඒ පැත්තෙ හිටි මගින්ට පාර මාරුවීමට අවස්ථාව ලබා දුන්නා. අනේ ඉතින් ඒ පැත්තෙ හිටි මගින් හැකි ඉක්මනින් පාර මාරු වුනා. අනේ දන්නවාද වුනදේ. ඒ අයට පාරෙ මැදට විතරයි එන්න පුලුවන් වුනේ අර පාර මැද හිටි පොලිස් මහතා නොනවත්වා පානදුර පැත්තට යන වාහන යවනවා.අනේ මමත් පාර කෙලවරට වෙලා බලන් උන්නා පාර මාරුවෙන්න. මේ පොලිස් මහත්තුරු දෙන්නාට ඔහොම ඉන්න අතරෙ අපි වාහන අතරින් පතරෙ පාර මාරුවුනා.

අර මහනුවර පැත්තෙ නම් වැරදි තැන්වලින් පාර මාරු වුනාම උසාව් ගෙනියනවා. මෙහෙම අවස්ථාවන් උදාවෙද්දි ජනතාව එහෙම කරන එක සාධාරණයි කියලා හිතෙනවා නේද....

යම්කෙනෙක්ට මේකෙන් අපහසුතාවයකට පත්වුනානම් සමාවෙන්න...

2011/02/17

මගේ ආදර කතාව 10

එදා මම ඔයාලාට කිව්වානෙ මට මහත්තයා මුණ ගැහෙන්න කලින් මා ගැන බලාපොරොත්තු තියාන හිටිය අයියා කෙනෙක් ගැන. අද මගේ ආදර කතාව එයා නිසා මගෙ මහත්තයා ඉස් ඉස්සෙල්ලාම මගෙ හිත රිදෙව්ව දවස.

එදාත් වෙනදා වගේම අපි දෙන්නා NIBM ගියා. මහත්තයාටයි මටයි දෙන්නාටම එදා දවසම lectures තිබුණා. අපි දෙන්නා සුපුරුදු පරිදි උදේ කෝච්චියෙ ඇවිත් lectures වලට ගියා 10 tea break එකට 4th floor එකේදි මුණගැහෙන්න කතාවෙලා. ඒ දවස් වල අපි දෙන්නා lectures අතරෙ break එකක් ලැබුණු ගමන් 4th floor එකේදි මුණගැහිලා කතා කරකර ඉන්නවා.

ඒ දවස් වල අපිට තිබුණෙ VB.NET. මට lectures ටිකක් මග ඇරිලා තිබුණ නිසා ඒ දවස්වල exam එකටත් ලග නිසා ගොඩක් බයෙන් හිටියෙ fail වෙයි කියලා. මේ කාලෙදිම තමයි මම කලින් post එකේ කියපු රජිත අයියා තරමක් සුව වෙලා ඇවිත් හිටියෙ. එයා medical දිලා ආයෙම ඇවිත් හිටි නිසා එයාට අපේ batch එකේ lectures ආවා. මමත් මගේ යාළුවොත් කිසි වෙනසක් නැතිව එයා එක්ක lectures වලදි කතා කරලා හිටියා. සාමාන්‍යයෙන් අපේ පුරුද්ද තමා exam ලංවෙද්දි past papers හොයාගෙන ඒවා කරන එක. (past papers නිසාම තමා මහත්තයා පලවෙනි වතාවට මට කතා කලේ) රජිත අයියා කිවා එයාට කලින් batch එකේ paper එක හම්බ වුණා ඕනෙ නම් tea break එකේදි photo copy කරගෙන දෙන්න කිවා. මමත් හා කියලා ගත්තා.

සුපුරුදු පරිදි tea break එකේදි 4th floor එකට ගියා. මම යද්දි මගෙ මහත්තයා ඇවිත් හිටියෙ නැහැ. එ නිසා මම paper එක photo copy කරන්න ගියා. මම cafe එකට ගියෙ මගෙ හොදම යාළුවෙක් එක්ක. එතන ගොඩක් සෙනග හිටි නිසා අපි එන්න ආවා පස්සෙ photo copy කරමු කියලා. මම canteen එකට ගියා රජිත අයියාට paper එක හවස දෙන්නම් කියලා කියන්න. මගෙ යාළුවා කෙලින්ම 4th floor එකට ගියා. මම canteen එකට යද්දි රජිත අයියා තේ අරගෙන එයාටයි යාළුවාටයි. ඒ වුනාට එයාගෙ තුවාල වුන අත නිසා එයාට දෙකම එකවැර ගන්න බැහැ. මම ඒ වෙලාවෙම එතනට ගිය නිසා මම එයා‍ට උදව් වුනා එක තේ එකක් counter එකෙන් අරගෙන මේසෙ උඩින් තිබ්බා. ඉන් පස්සෙ මම කියන්න ආව පනිවිඩය කියලා මගෙ මහත්තයා හම්බවෙන්න 4th floor එකට ගියා.

මම යද්දි මගෙ මහත්තයා තරහින් පුපුර පුපුර ඉන්නවා. මට හිතා ගන්න බැරිවුනා කවදාවත් නැතිව ඇයි මහත්තයා මෙහෙම ඉන්නෙ කියලා. මම ඇහුවා ඇයි කියලා. එයා එක පාරටම මගෙන් අහන්න ගත්තා ඇයි ඔයා අරයා එක්ක තේ බොන්න ගියෙ මම මෙතන ඔයා එනකම් බලාන ඉන්නවා කියලා දැනගෙනත්. මට හිතාගන්න බැරි වුනා කාත් එක්ක කොයි වෙලේ බීපු තේ එකක් ගැනද මේ කියන්නෙ කියලා. මම කිවා කියන දෙයක් තේරෙන්න කියන්න මට ඔයා කියන දේ තේරෙන්නෙ නැහැ කියලා. ඒවෙද්දි අපේ tea break එකේ වෙලාවත් ඉවර වෙලා. මගෙ මහත්තයා කිවා lunch වෙලාවෙ ඉක්මනට කාලා ඉවර වෙලා එන්න තේ‍රෙන්න කියන්නම් කියලා. මමත් හා කිවා වෙන කියන්න දෙයක් නැති නිසා.

ඊට පස්සෙ lectures වලදි මගෙත් එක්ක cafe එකට ගිය යාළුවා මට කිවා එයා උඩට එද්දි මගෙ මහත්තයා මාව හොයනවලු. එයා දැක්ක ගමන් මා කොහෙද කියලා ඇහුවාලු. ඉතින් මගෙ යාළුවා කියලා තියෙනවා මම canteen එකට ගියා කියලා. එයාට ඉතුරු ටික කියන්න හම්බවෙලා නැහැ මෙයා කඩාගෙන ගිහින්. මගෙ මහත්තයා කෙලින්ම ඇවිත් තියෙන්නෙ canteen එකට එයා එද්දි මම රජිත අයියාට තේ එක අරගෙන දෙන්න ගත්ත තේක මගෙ අතේ තියනවා දැකලා තියෙනවා. ඒ එක්කම අනිත් අතට එයා 4th floor එකට ගිහින් මගෙ යාළුවාගෙන් අහලා අරයා අරුත් එක්ක තේ බොන්නද ගියෙ කියලා. මගෙ යාළුවාටත් හිතාගන්න බැරිවෙලා මොකක්ද වෙලා තියෙන්නෙ කියලා. ඒ වෙලාවෙම තමා මම ඇවිත් තියෙන්නෙ. මගෙ යාළුවත් අහනවා මගෙන් මම ඇත්තටම එයා එක්ක තේ බීවාද කියලා. මම වුනදේ එයාට කිවා. ඒවෙලාවෙ තමා මට තේරුණෙ මහත්තයාට තරහා ගිහින් තිබුණෙ ඇයි කියලා.

ඉන් පස්සෙ lunch වෙලාවෙ මම වෙනදාට වඩා ඉක්මනින් කාලා මහත්තයා එනකම් බලන් හිටියා. එයත් ඉක්මනට ආවා. මම හිතුවා එයාගෙ තරහා නිවිලා ඇති කියලා. ඒත් ඒක ඒ විදිහමයි. ඉන් පස්සෙ මම වුණ හැම දෙයක්ම කිවා. ඒ ඉවර වෙද්දි එයාගෙ තරහා ටිකක් අඩුවෙලා. ඒත් මගෙන් ඇහුවා ඇයි යාළුවා එක්ක නොයා තනියම ගියෙ කියලා. මම කිවා ඔයා ඇවිත් මාව හොයන නිසා පණිවිඩය කියන්නයි එයා එවුවෙ කියලා. ඉන් පස්සෙ එයාගෙ තරහා නිවුණා. ආයෙ කවදාවත් බලාන ඉන්න අයට මා ගැන වැරදියට හිතෙන විදිහෙ දේවල් කරන්න එපා කිවා.

ඇත්තටම එදා මම වැරදි හිතකින් කිසිම දෙයක් කලේ නැහැ. එදා මම තේරුම් ගත්තා අපි දෙයක් කොයිතරම් හොද හිතින් කලත් වෙන කෙනෙක් ඒදේ වැරදි විදිහට දකින්න පුළුවන් කියලා. එදාට පස්සෙ මම රජිත අයියාව තියා වෙන මගෙ හොදම යාළුවෙක් එක්කවත් තනියම කතා කරකර හිටියෙ නැහැ.

ඒවුණත් අදටත් මගෙ මහත්තයාට මගෙ වැරුද්දක් අල්ලගන්න ඕනෙ වුනාම මතක් කරන්නෙ ඔය සිදුවීමමයි. ගොඩක් දුකයි මගෙ නොදැනුවත් කමට වුනදේ නිසා සමහර අවස්ථාවල ගොඩක් හිත රිදවා ගන්න වෙනවා.

අද කතාව ලියලා තියනවා කිසිම ගැලපිමක් නැහැ කියලා හිතෙයි ඔයාලාට. ඇත්තටම හිතේ නිදහසෙන් නෙවේ මේක ලියුවෙ. ඒකට ඔයාලා හැමෝම මට සමාවෙන්න.