පුංචි සංධියේ මා හඩනා විට...
ගේදොර අස්පස් කරද්දි උයන පිහන විටකදි වුව...
මා ඇකයට ගෙන සැනසු නුඔයි....
මගෙ අප්පච්චි
පුංචි මුවට පොඩි බත් ගුලි සදා මා කුසගිනි නිවූ...
නිදි යහනට නැලවිලි ගී ගැයූ....
මා සැනසුම සැදුවේ නුඔයි .....
මගෙ අප්පච්චි
මා මුවට තරම් නොවනා ලොකු බත් ගුලි සදමින්
මව් මා කුස සරි කෙරුවද...
අද මා හඩනා විට...
මා නලවන්නට නුඔ නැත මා ලග...
මගෙ අප්පච්චි
දුව විත් ඔබ තුරුලට එන්නට හැකිනම් මට...
තුරුලු වන්නම් සදා කාලයටම නොමැකෙන ලෙස ඔබෙ උණුසුම....
කෙලෙසද මා එලෙස කරන්නේ...
ඔබෙන් අහිමි වු උණුසුම මට දුන්....
තනිකර දමා මගේ අම්මා......
අහිමි වු ඔබේ උණුහුම සිහිකරමින්
තුරුලට යන්නම් මගෙ අම්මාගේ..
නෙත පුරවා කදුලින්...
රෑ හිනෙන් හෙමි හෙමින් මා හිනයට ඇවිදින්...
මා නෙත කදුලු පිස දමා...
මගේ පොඩි පුතාට ගොඩක් ආදරෙයි කියා..
මා මුව සිප සනසන්නට..
එනවද මගෙ අප්පච්චි....
තාත්තා කෙනෙක් කියන්නේ ජිවිතේ ලොකු හයියක්...එ හයිය නැති උනොත් මට නම් හිතන්න වත් බැරි වේයි..
ReplyDeleteකවි ටික නම් ලස්සනයි අක්කා..