අද දවසම හරිම කම්මැලි දවසක්. ඊයේ විභාගයක් තිබුණ නිසා ගෙදර යන්නත් බැරි වුනා. ඒ විභාගයත් ආණ්ඩුවෙන් පවත්වන තවත් එක තරග විභාගයක් වුනොත් තමා මට තරහා යන්නෙ. ගෙදර නොගිය නිසා අද දවසම බෝඩිම් කාමරයට වෙලා ඉන්න වුනා. උදේම නැගිටලා (8 ට විතර) රෙදි හෝදලා නාලා අන්තර් ජාලයේ එහෙට මෙහෙට රවුම් ගහලා බැරිම තැන උදේ පොස්ට් එකක් දැම්මා. ඉන් පස්සෙ අම්මාට දවල්ට කෑවා කියලා පොඩි බොරුවක් කියලා හොදට නිදා ගත්තා. 2.30 ට විතර නැගිට්ටෙ කෑවාද අහන්න බෝඩිමේ ඇන්ටි ආවාමයි. ඇන්ටිට බොරු කියලා හරි යන්නෙ නැහැනෙ ඒ නිසා මම ඇත්තම කිවා. මොකද ඉතින් නැතිනම් කඩේ යන්න හරි උයන්න හරි වෙනවානෙ(දැන දැනම බඩේ අමාරුව හදා ගන්න ඕනෙද උයාගෙන කාලා නේද)ඇන්ටිට පින් සිද්ද වෙන්න බත් එකක් ගෙනත් දුන්නා. ගෙදර සැප දැන්තමා මතක් වෙන්නෙ. අම්මා කවද්දි කැවා ඇතිනම් දුවලා ගිහින් වතුර බීලා බෑ කියනවා.දැන්නම් හොද පාඩම්ග
මමත් විකාර කියවනවා කතාව ලියන්නෙ නැතිව. ඔන්න එහෙනම් කතාව කියවන්නකො....
කාලය ගෙවිලා ගියා අපිටත් නොදැනිම. අපේ diploma එකත් ඉවර වුනා. ඒ April වල මුල් සතිය වෙද්දි අන්තිම exam එකත් තිබුණා. අපිට final project එක කරන්න තිබුණා ඒත් එක්කම higher diploma කරන්න තිබුණා ඒත් මම ඒක කල් දැම්මා.මගේ හොදම යාළුවන්ගෙන් දෙන්නෙක් higher diploma කරන්නෙම නැහැ කියලා අත්ඇරියා තව එක්කෙනෙක් diploma එකේදිම Engineering කරන්න ගිහින් නතර වුනා.එක්කෙනෙක් higher diploma කරන්න පටන් ගත්තා එයාගෙ එක්කෙනා කිව නිසා.මගේ අනිත් යාළුවා දෙන්නාත් එක්කම කල් දැම්මා එයාගෙ එක්කෙනාට ආර්ථික අපහසුතාවයත් නිසා. මම කල් දැම්මෙත් මගෙ මහත්තයා එක්ක කරන්න තියන වුවමනාවට. ඒකෙත් මම තවත් දෙයක් කලා ඒ තමා මම NIBM එකේ instructor කෙනෙක් විදිහට මාස හතරක් හිටියා.
Diploma එකේ අන්තිම exam ඉවර වෙලා අවුරුදු නිවාඩුවට මම ගෙදර ගියා.අක්කායි අයියායි චුටි බබායි එක්ක මමත් එයාලාගෙ කාර් එකේම ගියා. අපි හැමෝම සතුටින් අවුරුදු සැමරුවා. මගේ මහත්තයාත් ඒ දවස් වල හැමදාම ගොඩක් වෙලා call කරනවා. නිවාඩු දවස් ගෙවිලා ගිහින් ආයෙමත් අපි කොළඹ ආවා. මමත් instructor කෙනෙක් විදිහට වැඩකරන්න පටන් ගත්තෙ ඔය දවස්වලමයි. ඒ අතරෙම අපි final project එකත් කරන්න පටන් ගත්තා. අපේ group එකේ පස්දෙනෙක් හිටියා proposal එක දිපු ගමන් මැඩම් කිවා පස්දෙනෙක්ට මේ project එක මදි කියලා group දෙකකට කරන්න කියලා. ඉතින් දුකින් වුනත් අපි group දෙකකට වෙන් වුනා එකම ආයතනයේ system දෙකක් design කරන්න. අපේ යාළුවො පස්දෙනා නිශා, මිහිරි, හැරි,චලිත කියලා කියමුකො. පස්වෙනියා මම. නිශා සහ මම එක group එකක අනිත් අය එකක. මම instructor වැඩේ කරන අතරෙම project එකෙ වැඩත් කරනවා.
මේ දවස් වල මමයි මහත්තයායි දෙන්නා උදේට වෙනදා වගේම එකට එනවා ඒත් හවසට එයා 3.30 ට යනවා මට යන්න ලැබෙන්නෙ 5.00ට. මුලදිම මහත්තයා මට කිවා මම එනකම් ඉන්න කියන්න එපා ඉන්නෙ නැහැ කියලා.මට දුක හිතුනා වුනත් මම හිත හදාගත්තා. පස්සෙ එයාටම හිතිලා මම එනකම් නතර වුනා. එයා මම එනකම් හවස නතර වෙලා ඉන්න දවසක හරි වැඩක් වුනා.
කතාවෙ මුල මේකයි. මගේ යාළුවා නිශා කියලා මම කිවෙ එයා යාළුවෙලා හිටියෙ instructor අයියා කෙනෙක් එක්ක. මම instructor වෙලා ටික දවසකින් එයා job එකක් හම්බවෙලා අයින් වුනා. එයාගෙ නම ලපයා කියමුකො. ඒ දවස්වල ලපයා අයියාගෙ වැඩ ගැන කලකිරිලා නිශා affair එක නතර කලා. ලපයා අයියත් ටිකදවසක් හා කියලා ඉදලා ආයෙමත් බැහැ කියලා නිශාට කතා කරන්න පටන් ගත්තා. මුලදි නිශාත් calls answer කරලා පස්සෙ ඒක හරියන්නෙ නැති වැඩක් නිසා answer කරන්නෙ නැතිව ඉදලා. ඒ සම්බන්ධය හරි යන්නෙ නැතිවෙන්න හේතුව නිශා බෞද්ධ තාත්තා කෑගල්ල පැත්තෙ ලපයා අයියා මුස්ලිම්. නිශාගෙ ගෙදරින් කවදාවත් කැමතිවෙන්නෙ නැහැ කියලා දැන හිටියා.
දැන් කතාවෙන් පිට පනිනවානෙ. ලපයා අයියා දවසක් රෑ 8.00ට විතර මට call කරලා කියනවා නිශාට කියන්න එයාට කතා කරන්න කියලා එයාට සමාව දෙන්න කියන්න එයා නැතිව ඉන්න බැහැ කියලා. ඉතින් මමත් ඔය රිදුන හිත් සනසන්න දුක නැතිව දායක වෙනවා. මමත් කිවා දැන් අයියා ඔය ගැන හිතලා දුක් වෙන්න එපා මම නිශාට කතා කරන්නම් හෙට උදේ වෙනකම් ඉවසන්න කියලා. ඒ පාර එයා කිවා
"නංගි මට ඉවසන්න බැරි තැන මම පාර දිගේ ඇවිදගෙව ආවා ඉන්න තැනක් දන්නෙත් නැහැ. please නංගි නිශාට කියන්න මට එක වතාවක් කතා කරන්න කියලා"
"හරි අයියේ මම කියන්නම් කතා කරන්න කියලා. ඒත් දැන් ඉන්නෙ කොහෙද කියලා බලලා ගෙදර යන්න. මම දැන් නිශාට කතා කරලා ආයෙම අයියාට කතා කරන්නම්"
මම නිශාට call කලාම එයාගෙ mobile එක off කරලා. මම හිතන්නෙ ලපයා අයියාගෙ වදේටම තමා එහෙම කරන්න ඇත්තෙ. ඉන්පස්සෙ මම ගෙදරට call කරලා විස්තරේ කිවා. එයා කිවා දැන් කතා කරන්න බැහැ හෙට කතා කරන්නම් කියන්න ඉන්න දිහාකින් ගෙදර යන්න කියන්න කියලා. මමත් අනිත් අතට ලපයා අයියාට කතා කරලා පණිවිඩේ කිවා. එදා එතනින් යන්තම් බේරුණා.
පහුවදා මම පුරුදු විදිහට NIBM ගිහින් වැඩ කලා නිශාත් ඇවිත් හිටියා project එකෙ වැඩට.නිශා 3.30 වෙද්දි යනවා වුනත් එදා ලපයා අයියා එයාව හම්බවෙන්න කැමතිකරවගෙන තිබුණ නිසා එයා එනකම් 4.00 වෙනකම් හිටියා. මමත් කලින් දවසෙ වුන හැමදේම මහත්තයාට කියලා තිබුණා. මම pc 01 lab එක ඇතුලේ නිශායි ලපයා අයියයි එතන ඉස්සරහා study area එකේ කතා කර කර ඉන්නවා. මහත්තයා අනික් කෙලවරට වෙලා පොතක් බලනවා.මම ඇතුලේ අනිත් අය එක්ක කතා කර කර හිටියා අපිට ඒ වෙලාවෙ වැඩ තිබුණෙත් නැහැ. ටික වෙලාවකින් ලපයා අයියා මට රවනවා ඉවරයක් නැතිව. මම ගනන් ගත්තෙ නැහැ. ඇයි ඉතින් මම එයාට වැරුද්දක් කලේ නැහැනෙ.
මෙන්න ටික වෙලාවකින් මම යන්න කියලා බැග් එක අස්කරන්න එලියට ආවා විතරයි ලපයා අයියා මගෙ ලගට ඇවිත් කිවා මට කතා කරන්න ඕනෙ කියලා. මම කිවා කියන දෙයක් කියන්න කියලා. ඉන් පස්සෙ මෙතන බැහැ ටිකක් අරපැත්තට එන්න කියලා fire exit පඩිපෙල පෙන්නුවා. මමත් එතනට ගියා. එතනට ගියා විතරයි මෙන්න මෙයා බනින්න ගත්තෙ නැතිද එකසිය ගානට මට හිතාගන්න බැහැ මම කරපු වැරුද්ද මෙකක්ද කියලා. මට කිසිම කෙනෙක් එහෙම බැනලා නැහැ. මට ඇඩෙන්නත් එනවා. මම අමාරුවෙන් ඇහුවා මම එයාලාට කරපු වැරුද්ද මොකක්ද කියලා. මෙන්න එයා කියපි මම කියපු නිසා තමා නිශා ආයෙමත් affair එක පටන් ගන්න කැමති නැත්තෙ මට එයාලගෙ දේවල් වලට සම්බන්ධ වෙන්න එපා පැත්තකට වෙලා ඉන්න කියලා. මට හොදටම බනිනවා දැකලා නිශා එතනට ආවා. එයා ලපයා අයියාට කිවා මට බනින්න එපා මම මේකට අදාල නැහැ කියලා. ඒත් එයා කිසි ගානක් නැතිව බනිනවා. මමත් අඩ අඩ අහගෙන ඉන්නවා. අන්තිමට නිශා මාවත් ඇදගෙන ආවා යන්න කියලා. ඒ වෙලාවෙ ඔය සිදුවීම පෙනෙන තැනක හිටියෙ නැහැ හොද වෙලාවට. ඉන් පස්සෙ නිශා මාව මහත්තයා හිටි තැනට එක්ක ගියා. මම හොදටම අඩනවා දැකලා එයාට හොදටම දුකයි. අදටත් මගේ ඇස්වලට කදුළු පිරෙනවාටවත් මහත්තයා කැමති නැහැ. එයා මගෙන් ඇහුවා ඇයි අඩන්නෙ කියලා. මම කිවා අපි යමු යද්දි කියන්නම් කියලා. එයාට තරහා ගියා හොදටම. එයාට මම අඩද්දි හේතුව කියන්නෙ නැතිව පස්සෙ කියන්නම් කිවොත් මාව උස්සලා පොලවෙ ගහන්න තරම් තරහා යනවා.
"කියන එකක් දැන්ම කියන්න ආයෙ පස්සක්..."
මහත්තයාත් මට සද්ද දානවා.
"ලපයා අයියා මට බැන්නා" මම අඩ අඩම කිවා.
"මොකටද"
"මම නිසාලු නිශා එයාත් එක්ක affair එක ආයෙ පටන් ගන්න කැමති නැත්තෙ මට පැත්තකට වෙලා ඉන්න කිවා"
මම හොදටම අඩනවා. මම ඉස්කෝලෙ දග වැඩ කොයිතරම් කරලා තිබුණා වුනත් එහෙම බැනුම් අහලා තිබුනෙ නැහැ.
"ඔයා මෙතන ඉන්න "
මහත්තයා එහෙම කියලා ගියා. මට හිතාගන්න බැරි වුනා මොකක්ද එයා කරන්න යන්නෙ කියලා.එයා කෙලින්ම ගියෙ ලපයා අයියා ලගට
"අයියා ඇයි මගේ ගැණු ළමයාට බැන්නෙ"
"එයාට කියන්න අපේ දේවල් වලට කට දාන්නෙ නැතිව පැත්තකට වෙලා ඉන්න කියලා"
"එයා කට දැම්මෙ නැහැනෙ ඔයාමනෙ ඊයෙ රැ තිස්සෙ එයාට කතා කර කර වද දිලා තියෙන්නෙ එහෙම වෙලා එයාට බනින්න ඔයාට අයිතියක් නැහැ"
ලපයා අයියා අඩියක් ඉදිරියට තබා
"අපි දන්නවා ඔයයි ගැණු ළමයා ගැනයි හොදට. ඔයාගෙ ගැණු ළමයා නම් එයාව හදා ගන්න"
මහත්තයාත් අඩියක් ඉදිරියට
"කියන්න බලන්න මොනවාද දන්නෙ"
"ඇයි මට ගහන්නද ලගට ආවෙ ගහන්න බලන්න"
"බයේ කියලා හිතුවාද ගැහුවොත් ගහනවා ගහන්න බලන්න"
දෙන්නාට දෙන්නා තර්ජනය කරගන්නවා විතරයි එක්කෙනෙක්වත් ඉස්සර වුනේ නැහැ හොද වෙලාවට. දෙන්නාම කපටි නිසා හොදට ගියා. මොකද දෙන්නාම දැනගෙන හිටියා වැරුද්ද එන්නෙ ඉස්සරලා ගහපු කෙනාට කියලා. හොද වෙලාවට එතන ගොඩක් කට්ටිය හිටියෙ නැහැ 5 පහුවෙලා නිසා. ඒත් හිටි අය වට වෙලා බලන් ඉන්නවා. අන්තිමට වැඩේ දුර දිග යයි කියලා බයට මම මහත්තයාට ලංවෙලා කිවා ඕක අමතක කරලා යමු කියලා. එයා මට රැව්වා රැවිල්ලක් අඩි දෙක තුනක් පස්සට විසිවෙන්න. මේක බලන් ඉදලා ඇතිවුන තැන අපේ instructor අයියා කෙනෙක් දෙන්නාව shape කලා. ඒ අයියා මහත්තයා එක්ක ටිකක් කතා කර කර ඉදලා මල්ලි දැන් නංගිවත් එක්ක ගෙදර යන්න රෑත් වෙනවානෙ කියලා අපි දෙන්නාව පිටත් කලා.
මහත්තයා එන මගදිගට ඒ ගැන කියව කියව ආවා. ඒ එයාගෙ හැටි එයා මොකක් හරි වීර වැඩක් කලොත් සැහෙන වෙලාවක් කියවනවා.
ඉන් පස්සෙ ගොඩක් කල් යනකම්ම ලපයා අයියා අපි දෙන්නා එක්කම කතා කලේ නැහැ. ඒත් මේ ලගකදි අපි දෙන්නා මුණ ගැහුණු වෙලාවක කතා කලා. ඔන්න ඔහොමයි මහත්තයා වලියකට set වුනේ.
අද කතාව දිග වැඩි වුනා ඒකට සමාවෙන්න...
"අදටත් මගේ ඇස්වලට කදුළු පිරෙනවාටවත් මහත්තයා කැමති නැහැ"
ReplyDeleteඕක කියන්න දෙයක්ය අක්කේ........ඕන මහත්තයෙක් ඔහොම තමා...
:දිව දොට්ට
@ කුරුං ගුරුං
ReplyDeleteඒක ඇත්ත කිසිම කොල්ලෙක් තමන්ගෙ කෙල්ල අඩනවාට කැමති නැහැ තමා
call කරද්දි මම දුකින් හිටියොත් කටහඩින්ම අදුරගන්න එයාට පුලුවන්...
ඔයින් ගියා මදෑයි...කොහොමත් තමන්ගේ කෙල්ලට මොනවහරි කිවොත් ඉතින් මල පනින එක සාදරනයි නොවෑ....
ReplyDeleteඒකනං අර ලපයාගේ ජාතියේ වැරැද්ද. ඔය වගේ මිනිස්සු ගනන් නොගෙන තමන්‍ගේ තත්වය තියං හිටියා නං ඉවරයිනේ. මදෑ හැමෝටම හොඳ වෙන්න ගියා :D
ReplyDeleteඔයා NIBM ද? මමත් NIBM එකේ ඉගෙන ගත්තා... :)
ReplyDelete