මිදුම් සලු මැද සුසුම් සුළන් රැළි
රාත්‍රිය පුරා වැලපුනා
සීතල පිණි මැද කදුලු වතුර පොද
රාත්‍රිය පුරා ගිලිහුණා
ආදරයේ මල් කළඹ අතින් ගෙන
ඈතින් හිද ඔබ හිනැහුණා
සෙනෙහස මිය ගිය මතකය ඉකි බිද
වැලපෙන විට සිත තනියක් නැහැ මට
කන්ද උඩින් හිරු පායා එන විට
හිතට දුකයි.......
ඔබ මා තනිකර යයිද කියා....
හසරැල් කදුලැල් එකට එකතු වුන
ආදර මතකය දුක්බර කවියකි
කන්ද උඩින් හිරු පායා එනවිට
හිතට දුකයි......
මට කවිකම අමතක වෙයිද කියා........
ලස්සනයි යාලු හැම හිතකටම කවී කම හුරු නැ එකට සොඳුරු හිතක් තියෙන්නම ඕනි .........
ReplyDeleteලස්සන නිර්මාණයක් නේ?
ReplyDeleteදෙනෙත් හැර බැලි මුත්
ReplyDeleteනුඹෙ රුව නොපෙනුනා
අහිම බව දැන දැනත්
නුඹ ගැනම කවි කලා
_විරහව තුලිනුත් කවිකම උපදිනවා
දිගටම ලියන්න_
ස්තූතියි හැමොටම.....
ReplyDelete