මේ ගැන ලියන්න හිතිලා ගොඩක් කල් වුනත් නොයෙක් හේතු නිසා කල් දැම්මා. එත් අදනම් ලියන්නම ඔනෙ කියලා හිතුනා. අතඇරලා දාලා තිබුන අදහස නැවත් ආවේ පහුගිය දවසක බස් එකේ යද්දි සිරස නාලිකාවෙන් අහුන සිදුවීමක් නිසා.
මුලින්ම ගුරුවරු ගැන කතා කරන්න කලින් මම කියන්නම් මගෙ දෙමව්පියනුත් ගුරුවරු. එත් මේ කියන්න යන විදිහේ ගුරුවරු මා පාසල් යන කලයේදි මට මුණගැහිලාම නැහැ. අද කාලයේ ගුරුවරුන්ගේ මේ තත්වයට හේතුව මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ. ඔයාලාත් මේ ගැන ටිකක් හිතලා බලන්න.
මුලින්ම පටන් ගන්නම් මම සිරස රේඩියොවෙ අහපු සිදුවීම. එක්තරා පාසලක ගුරුවරයෙක් සිසුවියකට සැහැසි ලෙස පහරදීමක්. මේ ගුරුතුමා පාඩම ආරම්භ කරන විට සිසුවිය මාතෘකාව ලියමින් ඉදලා තියෙනවා. ගුරුවරයා පාඩමට සවන් දෙන ලෙස සිසුවියට පවසා සිටියත් ඇය කරමින් සිටි වැඩය අහවර කරමින් සිට තිබෙනවා. මෙයට කොපවු ගුරුවරයා සිසුවියට පන්තියෙන් ඉවතට යන්නට අණකර තිබෙනවා. එය පවසා ඇත්තේත් සභ්‍යවචනයෙන් නොවේ. සිසුවිය ඉවත යාමට නැගී සිටින විට ඩෙස්කය ඉදිරියට තල්ලුවී තිබෙනවා. ඇය ගුරුතුමා සමග තරහින් එය සිදුකලා යැයි සිතූ ගුරුතුමා සිසුවියගේ කම්මුල දෙපැත්තට ගසා අනතුරුව කොන්ද නමා වැලමිටෙන් කොන්දට ගසා ඇත. රොගී දැරිවියක වූ ඇය එතනම සිහිසුන්ව ඇත.
මෙම අමානුෂික පහර දීම නිසා අපේ රටේ වර්තමාන ගුරුවරුන් ගැන ලියන්න මට හිතුනේ.
මුලින්ම මම පටන් ගන්නම් මම උසස් පෙළ හදාරලා විශ්ව විද්‍යාලයේ මට අවශ්‍ය පාඨමාලාව හැදැරීමට Z ලකුණු මදි බව හැගුණු නිසා ඒ දිනවල මම ආසා කල වෘත්තියක් වුණ ගුරු වෘත්තියට ඇතුලත් වීමට ගුරු විද්‍යාල වලට බදවා ගැනීම සදහා වුන විභාගයට පෙනී සිටියා. මම තොරාගත්ත විශය වුනේ ඉංග්‍රීසි භාෂාව. විභාගයෙන් පසු අපේ ලකුණු පොල්ගොල්ල විද්‍යාපීඨයට ලැබී තිබුණා. අපේ පුංචිගේ දුවත් මා සමගම විභාගයට පෙනී සිටියා. අපි අයදුම් කරන දවස් වල ඇය අපේ ගෙදර නැවතිලා පන්තියකට සහභාගී වුන නිසා මම ඇයටත් අයදුම්පතක් පුරවා විභාගයට සහභාගී වන ලෙස පැවසුවෙමි. ඇය පාසල් ගියේ දඔූල්ල ප්‍රදේශයේ පාසලකට. උසස් පෙලින් පසු ඉංග්‍රීසි පන්තියකට නුවර අපේ ගෙදර නැවතී සහභාගී වුනා.
ඔය අතරෙ තමා විභාගය තිබුණේ සහ ප්‍රතිඵල ආවේ. මම අම්මාත් එක්ක ගිහින් මගේ ලකුණු සහ අක්කාගේ (පුංචිගේ දුවගේ) ලකුණු බලාගෙන ආවා. මට තිබුණා ලකුණු 56. අක්කාට තිබුණේ 28. මගේ ලකුණු මට්ටම අනුව මහනුවර දිස්ත්‍රික්කයෙන් ඇතුලත් වීමට ප්‍රමාණවත් බව වැටහුණා. නමුත් කඩඉම් ලකුණු ප්‍රකාශ කරන්නේ පසුදින බව පීඨාධිපතිතුමා පැවසු නිසා එතෙක් අපි බලා සිටියා. නමුත් පසුදින ලැබුණු නරකම ආරංචියනම් කඩඉම් ලකුණ 58 බවයි. මගේ අවස්ථාව ගිලිහී ගියා.
නමුත් කතාව එතනින් නැවතුනේ නැහැ. අපේ අම්මාත් ගුරුවරියක් නිසා එ පිලිබදව තවදුරටත් හොයා බැලුවා. බාප්පා එයාගේ දේශපාලන මිතුරෙක්ගේ සහයොගයෙන් අක්කාව විද්‍යාපීඨයට ඇතුලත් කරගෙන තිබුනා. එයා දුෂ්කර දිස්ත්‍රික්කයක ඉගෙනීම ලැබූ නිසා ලකුණු ප්‍රමාණය අඩුවීම ඒතරම් බලපැමක් වුනේ නැහැ.
ඒත් මගේ අක්කා කෙනෙක් වුනත් මම කියන්න ඔනේ අක්කාට තවත් කෙනෙක්ට උගන්වන්න පුලුවන් ඉංග්‍රිසි දැනීමක් තිබුනේ නැහැ. ඉතින් මට හිතගන්න බැහැ එයා කොහොම ලමයින්ට උගන්නනවාද කියලා. මීටත් වඩා කණගාටුම කාරණය තමා ත්‍රිකුණාමලය පැත්තෙන් ගත්ත සිසුන්ගේ ලකුණු මට්ටම 15 පමණ. ඔබට හිතාගන්න පුලුවන්ද මෙවන් ලකුණු මට්ටමක් ලබාගත් කෙනෙක් ලමයෙකුට උගන්වන්නේ කෙසේද කියලා. විද්‍යාපීඨය ඇතුලට ගියවිට ඔවුන්ට අධ්‍යාපනය ලැබෙනවා එවිට ඔවුන්ට ඉගැන්වීමේ හැකියාව ඇතිවෙනවා කියලා තර්ක කරන්න ඔබට පුලුවනි. නමුත් අවුරුදු දෙකක් තුලදී මහා ලොකු වෙනසක් කරන්න පුලුවන් වේවිද කියන එක හිතලා බලන්න ඔනේ. අපි අවුරුදු 13ක් ඉග්‍රිසි ඉගෙන ගෙනත් එවගේ ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නවා නම් අවුරුදු දෙකක කාලය තුල කුමන කතාවක්ද?
මේක ගුරුවරු ගැන එක කතාවක් විතරයි. තවත් ගුරුවරු ගැන කතා තියෙනවා. අද පොස්ට් එක දිග වැඩ් වුන නිසා අනිත් දවසේ ඉතිරි කතා ටික කියන්නම්....
මේ සම්බන්ධයෙන් මා හිතන විදිහ වැරදියි කියලා හිතනවා නම් ඒ ගැන කියන්න. ඇත්තම කියනවානම් මම වර්තමාන ගුරුවරු කෙරෙහි දැඩි කලකිරීමක් තියෙන්නේ. හේතුව මේ පෞද්ගලික ප්‍රශ්ණය කියලා ඔයාලාට අර්ථකතනය කරන්න පුලුවනි. නමුත් ඔයාලාට පුලුවනිද ලමයෙකුට හොද අධ්‍යාපනයක් දෙන්න පාසලට යවලා පමණක්ම....
යම් කෙනෙක්ගේ සිත රිදුනානම් සමාවෙන්න... මීට වඩා වෙනස් ආකාරයේ ගුරුවරු අදටත් ඉන්නවා. මේක පොඩි සිදුවීමක් පමණයි.
No comments:
Post a Comment