අපේ ජිවිත හරි පුදුමාකාරයි. අපි බලාපොරොත්තු වෙන දේවල් ඒ විදිහටම ඉටු වෙයිද නොවෙයිද කියන්න අපි දන්නේ නැහැ. ඉතින් අපි අතරේ කට්ටියක් ඉන්නවා එයාලා ජීවිතේ බලාපොරොත්තු වෙන හැමදේම ඒ විදිහට වෙනවා. ඒත් තවත් සමහර අයගේ ජීවිතේ එයාලා බලාපොරොත්තු වෙනදේට වඩා හාත් පසින්ම වෙනස් දේවල් තමා සිදු වෙන්නේ. කොහොමත් අපි හැමදෙනාම බලාපොරොත්තු වෙන්නේ ජීවිතේ සතුටු හිතෙන හොඳ දේවල්. ඉතින් ඒ වගේ බලාපොරොත්තු බිඳ වැටුනාම ජීවිතේ කොයිතරම් දුක් බරද.......
මගේ ජීවිතේ අද වෙනකම් තිබුණු එකම ලොකු බලාපොරොත්තුවක් විතරයි. තවමත් ඒක ඉටු වේවිද නැතිද කියන්න බැහැ. නමුත් මේ වෙනකම් තිබුණු පොඩි පොඩි බලාපොරොත්තු ගොඩක් පෙනි පෙනි නැතිව ගියා. අදත් පුංචිම පුංචි බලාපොරොත්තුවක් නැතිව ගිය නිසා හිතේ දුකට ලියන්න හිතුන නිසා ලිවා. කියවන අයට හිතේවිද දන්නේ නැහැ මේ මොන විකාරයක්ද කියලා. එහෙම හිතුනොත් බනින්නේ නැතිව යන්න. මොකද මට බැණුම් අහන්න නම් බැහැ.
පුංචිම පුංචි කාලේ මගේ ජීවිතේට ගොඩක්ම වටින කෙනා මට අහිමි වුනා. ඒ තමා මගේ ජීවිතේ මා පහලටම ඇදන් වැටුනු සිදුවීම. ඉන්පස්සේ ටික ටික ලොකු වුනා ඒ දුක ජීවිතේ කොටසක් කරගෙනම. මම තුන වසරේ ඉද්දි ලෙඩ වුනා ගොඩක්. මාස ගාණක් ඇදේම හරියට කන්නේ බොන්නේත් නැතිව හිටියා. ජිවිතේ හැම බලාපොරොත්තුවක්ම අත් ඇරලා ඉද්දි ආයෙමත් මා ඉස්සර වෙලා හිටියා වගේ හොද වුනා.
ඉන්පස්සේ මම හතර වසරට එද්දි අළුත් ගුරුවරියක් ආවා අපිට. ඇය අවුරුද්දක් පිටරට ඉදලා ඇවිත් තිබුනේ. කොහොම හරි ඇය මා එක්ක පුදුමාකාර අමනාපයක් තිබුණා. පෑනෙන් ලියන්න පටන් ගත් මුල් කාලේ නිසාත් මාස ගාණක් අසනීපෙන් හිටි නිසාත් මගේ අත් අකුරු කැතයි. ඒ නිසාම ඇය මාව පන්තියේ කොන් කලා. හැමදාම මට පිටිපස්සේම පේළියට යන්න වුනා. ඇත්තටම මට පාසල් යන එක පවා එපා වෙලා තිබුණා. නමුත් අම්මා හැමදාමත් මට ගෙදරදි පාඩම් කියලා දෙන නිසාත් අනිත් අයට වඩා ඉක්මනින් මට වැඩ කරන්න පුළුවන් නිසා මම හැමදාමත් පාසල් ගියා.
කොහොමහරි මම පහ වසරට ආවා. පහ වසරට ආවාම අපේ පන්තියට අලුතෙන් ගුරුවරියක් ආවා. ඇය ගොඩක් හොදයි. පන්තියේ හැම ළමයෙක්ටම ගොඩක් ආදරෙන් සැලකුවා. පහ වසරේ ශිෂ්‍යත්ව විභාගය තිබුණා. මම සමත් වුනා. නමුත් අවාසනාව කියන්නේ මට එක ලකුණක් මදි උසස් බාලිකා විදුහලට. ඒ නිසා මාව තේරුනේ පුෂ්පදාන විදුහලට. හොද වෙලාවට අපේ අක්කා හිටිය නිසා මගේ ඒ හීනෙ නම් හැබෑ වුනා.
එතන ඉදන් කාලේ මහා ලොකු බලාපොරොත්තු තිබුනේ නැහැ. ඒ කාලේ ගෙවිලා ගියා. ඉන්පස්සේ සාමාන්‍ය පෙළ කාලේ තිබුණ ලොකුම බලාපොරොත්තුව සියළුම විෂයන් වලට විශිෂ්ඨ සම්මාන ගන්න. ඒත් අනේ මන්දා ඒකත් එකක් නැති වුනා. සංගීතයට සාම්මානයක්. එදා මම ගොඩක් ඇඩුවා. මම අඩනවා දැකපු හැමදෙනාම හිතුවේ මම විභාගය අසමත් වෙලා කියලා. ඒත් මගෙ බිදවැටුණු බලාපොරොත්තුව නිසා මම ගොඩක් දුක් වුනා.
ඉන්පස්සේ උසස් පෙළ. ඒකෙනුත් බලාපොරොත්තු වුන ප්‍රථිඵල ලැබුනේ නැහැ. මට යන්න ඔනේ වුන තැනට යන්න පුලුවන් කමක් නැති වුනා. ඉන්පස්සේ විද්‍යාපීඨයට අයදුම්පත් දැම්මා. විද්‍යාවට ලැබුනේ නැහැ. ඒත් පස්සේ දැනගත්තා මට වඩා අඩු z-score එකක් තියෙන අයටත් ලැබිලා තිබුනා කියලා. ඉන්පස්සේ ඉංග්‍රීසි. එයට එක ලකුණක් මදි වුනා. ඒ වෙලාවේ නම් මම ගොඩක් මානසිකව වැටුණා. පිඨාධිපතිතුමාට පුලුවන් ඒ ලකුණ සංශෝධනය කරලා තව ලකුණක් අඩුවෙන් බදව ගැනීම් කරන්න. අභියාචනයක් ඉදිරිපත් කලත් ඒක නොසලකා හැරුණා මගේ නෑදෑයෙක් නිසාම.
ඒ බලාපොරොත්තු කඩවීමත් එක්කම ඊලග වතාවේ ප්‍රථිඵල වලින් විශ්ව විද්‍යාලයට යන්න බල්න් හිටි එකත් අතැරලා NIBM ගියා. ඒ අතරේ ආයුර්වේද වෛද්‍ය වලට ආවේ. කොහොමහරි NIBM එක ඉවර කලා. රැකියාවක් බලාපොරොත්තු වුනා හොද. ලැබුන එක ඒ තරම්ම හොද තැනක නෙවේ. ප්‍රසිද්ධ ආයතන දෙක තුනකම interview වලට ගියා. හැම තැනකම දෙවනි තුන්වෙනි එකෙන් අසමත් වුනා. ඔය අතරේ පොඩි තැනක වැඩ කලා. එතනත් මහ රැවටිමක් වුනේ. එතන පාවිච්චි කලේ foxpro. ජවා වලට කොටසක් convert කරනවා. මට කිවා මාස තුනකින් ජාවා වලට මාරු කරන්නම් කියලා. ඒත් අවුරුද්දක් බලන් හිටියා. ජාවා මතකයක්වත් නැහැ. මා ඉද්දිම අලුතෙන් දෙන්නෙක්ව ගත්තා ජාවා වලට. මට එපාම වුනා. එතන ඉන්න තිබුන බලාපොරොත්තුව ඉවරම ඉවරයි. මා එතනින් ඉල්ලා අස් වුනා.
මම එතනින් අස් වෙන්න කලින් ගොඩක් රැකියා වලට ඉල්ලුම් කලා. ඔය අතරේ ප්‍රධානම එකක් තමා ප්‍රසිද්ධ බැංකුවක්. ඒකෙනුත් interview එකෙන් අසමත් වුනා. නමුත් පස්සේ දැනගත්තා එහි වැඩකරනinterview board එකේ හිටි කෙනෙක්ගෙන් දේශපාලනය නැතිකම නිසා අසමත් වුනා නැතිනම් ලකුණු හොදයි කියලා. කොහොමහරි කණගාටුම කරුණ කියන්නේ මට වඩා ලකුණු අඩු දක්ෂතාවයන් තරමක් අඩු අය ගොඩක් දෙනෙක් තේරිලා තිබුණා. මම හොදින් interview එකට මුහුණ දුන් නිසා ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියා. ඒ වුනත් ඒ හැමදේම නැතිවුනා.
ඉන්පස්සේ හැම බලාපොරොත්තුවක්ම අත් ඇරියා. එදා දවසේ ජිවත් වුනා එතනින් එහා දවසක් ගැන හිතුවේ නැහැ. ඔය අතරේ වෙන ආයතන වල interview වලට ගියා. ඒත් බලාපොරොත්තු තියාගත්තේ නැහැ. ඒ අතරේ teaching වලට අයදුම්පතක් දැම්මේ අම්මා. අම්මා බැන්න නිසා බාගෙට පුරවලා දීලා ආවා. අම්මා ඒක දැම්මා සම්පූර්ණ කරලා. මගේ හිතේ පුංචි බලාපොරොත්තුවක්වත් නොතිබුණ නිසා ඒක ලැබුණා.
ඔය අතර කාලයේ පුංචි පුංචි බලාපොරොත්තු කඩවීම් අනන්තවත් වෙලා තියෙනවා. එහෙම වුන දෙයක් ආයෙමත් අද වුනා. ඒත් කලින් වතාවන් වලට වඩා අද එකෙන් ගොඩක් හිතට දුකයි. මගේ මහත්තයා මාව බලන්න එනවා කියලා සති ගානකට කලින් පොරොන්දු දීලා අන්තිමේ එදා උදේට එන්න බැහැ කියලා තියෙනවා අනන්තවත්. ඉතින් එහෙම දවසට අඩලා රණ්ඩු වෙලා අයෙම ටිකකින් හිත හදාගන්නවා. ආයෙමත් දවසක එන්න කියනවා කියලා හිතාගෙන. මොකද ඉතින් ඒ දවස් වල උදේ එන්න කියලා හරි යන්න පුලුවන්. මමත් කොළඹම නෙ හිටියෙ.
ඔය දේම අදත් වුනා. දෙසැම්බර් මාසේ ඉදන් එන්න කියලා දින දාගෙන සතියෙන් සතිය කල් ගිහින් යන්තම් මේ සතියට යොදා ගත්තා. අද උදේ වෙනකම්ම එනවා කිවා. ඉතින් මම නිවාඩුවක් එහෙම දාලා මගේ වැඩ භාරදුන්නා. අද ගෙදර ආවාම කතා නොකරම ඉදලා රෑ වෙලා කතා කරලා කියනවා. දුක හිතෙන කතාවක් සහ සතුටු හිතෙන කතාවක් තියෙනවා කියලා. මම දුක හිතෙන කතාව මුලින් ඇහුවා. ඒ මාව බලන්න එනවා කිව දවසට එන්න බැහැ කියලා. ඒකට මට ගොඩක් දුකයි. මාස ගණක් බලන් ඉදලා ඉදලා මුණ ගැහිලා ඔහේ කියව කියව ඉන්න තියන් හිටි බලාපොරොත්තු බිදිලා ගියා. ජිවිතේ මහා ලොකු බලාපොරොත්තුවක් නෙවේ වුනත් අනිත් අයට පුංචි බලාපොරොත්තුවක් වුනාට මට ඒක මහ මෙරක් තරම්. ඒ හන්දා වෙන්න ඇති මේ තරම් දුක. ආයෙමත් කවදා හමු වෙන්නද..... තවත් මාස ගාණක්.
ජීවිතේ තව ඉතිරි වෙල තියෙන්නේ එකම එක බලාපොරොත්තුවයි. ඒකවත් සුනු විසුනු වෙලා යන්නේ නැතිව ඉටු වෙනවා නම්. ඒ බලාපොරොත්තුව සුන් වුනොත් මා ජිවත් වෙන එකක් නැහැ. ඒ තරමට මට ඒක දරාගන්න බැරි වේවි. මට් හැම මොහොතෙම හිතෙන්නේ ඇයි මගේ හැම බලාපොරොත්තුවක්ම මෙහෙම බිද වැටෙනේ කියලා. ඒකට කියන්නේ අවාසනාව කියලාද කාලකණ්ණිකම කියලාද....
අවාසනාවත් කාලකන්නි කමවත් නෙමෙ ඔයට ලැබෙන්න තියන හොදම දේ ලැබෙන්නයි එහෙම වෙන්නෙ...
ReplyDeleteඒත් teaching කියන්නේ මට ලැබෙන්න තියෙන හොදම දේ නෙවේනෙ...මම අකමැතිම දේ තමා ඒ.... ඉතින් ඒක මට ලැබෙන්න තියෙන හොදම දේ කියලා පිලිගන්නේ කොහොමද....
Deleteකාලයත් එක්ක ඒ දේ ඔයා පිලිගනිවි....
Deleteමෙහෙම කියනවට තරහා වෙන්න එපා. ඒත් ඔයිට වඩා ජීවිතේ ගොඩාක් දේවල් අහිමි වෙලා ගිය අය ඉන්නවා. මමත් එහෙම එක්කෙනෙක්. නමුත් මම හැම දෙයින්ම පාඩම් ඉගෙන ගත්තා. මම විවාහ වෙන්න හිටපු කෙනා engagrment එකට හැම දෙයක්ම ලෑස්ති කරලා තියෙනකොට එක පාරටම අතුරුදහන් වුනා. ගොඩාක් කාලෙකට පස්සේ ආරන්චි වුනා එයා එහෙම ගිහින් වෙන කෙනෙක් එක්ක විවාහ වෙලා කියලා. තාමත් මම යන එනකොට මට පිටිපස්සෙන් මිනිස්සු ඒක ගැන කතා කරනවා කියලා මම දන්නවා. ඒත් මම උපාධියක් එහෙම අරගෙන අද ගොඩාක් හොද තැනක ඉන්නවා. ඔයා වගේ හිතුවානම් ගෑනු ලමයෙක් විදියට ඒ දේට මුහුණ දෙන්න බැරිව ලැජ්ජාවටම අද මම සියදිවි නසාගෙන.
Deletefoxpro valin vada karapu tana bambalapitiye da tiyenne ?
Deleteපූ... ඔබේ කතාව කියවන විට මට හිතුනේ ඔබ කොයි තරම් ධෛර් ය වන්ත කෙනෙක්ද කියලා. මේ තරම් දුක් සහ අහිමිවීම් සමග ඔබ තවමත් ඔබේ සිත සවියෙන් තියාගෙන සිටින එක ගැන සතුටු වෙන්න. බොහෝ අය අහිමිවීම් ඉදිරියේ ජීවිතය හැර යනවා. සමහර විට ඒ අහිමිවීම් තුලින් ජීවිතයට හොඳ දෙයක් සිදුවේවි, ඔබ මෙලෙස ඔබේ තැවුල් ලියා දක්වන එක හොඳයි. ඉන් හිත නිදහස් වෙනවා. ජීවිතය ජය ගෙන සාර්ථක වී තිබෙන්නේ රෝස මල් මාවත් වල පිය මැන්න අය නොවේ. ගිරි දුර්ග කඳු හෙල් තරණය කරමින් පැමිණි අයයි. අපි හැමෝම සාර්ථක වන්නේ එහෙයිනි. ඉතා දුෂ්කර කාලයක් ගත කර වැර වෑයමින් ජීවිතය ජයගත් මට ඔබට කියන්න තියෙන්නේ ඔබ මටත් වඩා දහිරියවන්තයි කියලා.
ReplyDeleteජීවිතය අත අරින්නට උත්සහ කරපු අය අනන්තවත් මම දැක තිබෙනවා. ඒ අය ගැන ලියු සටහනක් අවසානේ මම මෙහෙම ලියුවා.... "සසර පුරාවට අප කරන්නේ මගේ යැයි අපේ යැයි කියාගෙන එකිනෙකා හා යුතුකම් වගකීම් සහ අයිතිවාසිකම් වැනි බැඳීම් වලින් අප අතපය නොව හිත වෙලාගෙන නොවක් බලාපොරොත්තු පොඳි බැඳ ඒවා ඉටු කිරීමට හා ඉටු කරවා ගැනීමට දරණ නිරන්තර කෙළවරක් නොමැති උත්සහයකි. ඒ බැඳීම් නොමැති නම් තනිවෙනවා අතරමංවෙනවා , අසරණ වෙනවා වැනි හැඟීමක් හිතට ඇතිවෙන්නේ. ඒත් ඒ විඳීම් සියල්ල දිහා පැත්තක ඉඳන් බලන්නට විචාරයේ යෙදෙන්නට නොහැකිවූයෙන් .... දිගෙන් දිගටම එවැනි අහිමිවීම් ඉදිරියේ දුක් වෙන්නත් වැලපෙන්නත් අපේ හිත් රිදවා ගන්නත් අප පෙළඹෙනවා. නමුත් මෙහි නිස්සාරත්වය වටහා ගන්නට එක තත්පරයකින් පංගුවෙන් එකක් වැනි සුළු මොහොතකින් හැකි වූයේ... ඒ දුක් කන්ද අභියස ඔවුන් ජීවිතය අත හැරීම වෙනුවට අපි තවදුරටත් ජීවත්වීම යන්න තෝරාගත් නිසාය."
දිගටම ලියන්න හිතේ දුක මේ අකුරු වල අමුණන්න.ඔබට හිත හදාගන්න එයින් පුළුවන් වේවි. ඔබේ සවියට මේ කියවන අපි ඉන්නවා.
ඔයාගෙ එකම ලොකු බලාපොරොත්තුව, ආදරය... ඔයාට ලැබෙන්න ඕනැ.. තව තවත් හිත ශක්තිමත් කරගන්න....
ReplyDeleteනංගියේ..
ReplyDeleteඔයාට කිසි දෙයක් තවම අහිමි වෙලා නැහැ. හුඟක් හොඳ දේවල් ලැබෙන්න කාලයක් යනවා. හැබැයි බකංනිලාගෙන හිටියාට නං වැඩක් නෑ. උත්සාහ කරන්න ඕන.
මම අද මේ ඉන්න තැනට ආවෙ හුඟක් දුක් විඳලා. සිනා සරදම් මැදින් මේ ගමන එන්න මට ලොකුම හයිය දුන්නෙ මගෙ අම්මා. මගේ හිත රිදවද්දි මට සරදම් කරද්දි මම ඒ මිනිස්සු දිහා බලලා හිතුවෙ "මම කවදාහරි උඹලාට වඩා අඩියක් හරි ඉහලට නගිනව.." කියල.
අද මම ඒ හැමෝටම වඩා බඹ ගණනක් ඉහලින් ඉන්නෙ. :) රුපියල් තුන්දාහක සොච්චම් පඩියකට කොළඹ ඇවිත් හරියට ඉන්න තැනක් නැතුව, කන්න නැතුව මං කොච්චර දුක් වින්දාද..! ඒත් මං අතඇරියෙ නැහැ. මමගේ හීනයට මං ආවා. ඒ ආපු ගමනෙදි මට මේ ලෝකෙ හමු උන හොඳම යහළුවා වන මගේ ආදරණීයයාවත් හමු උනා.
වැටෙන්න එපා කවදාවත්. මේ ලෝකෙ අපිට හිමි හොඳම දේවල් ලබාගන්න නම් අපිට ලොකූ පරීක්ශාවකට ලක් වෙන්න වෙනවා. මාව විශ්වාස කරන්න..ඔබේ හීනයට ඔබට යා හැකියි.
මම,
පුෂ්පදානය සෙවණේ වැඩුණු තවත් දිරිය දියණියක්
man hithanne oyata monawath nathiwela na, oya pili ganna kamathi na labunu dewal.oya kiyana oya hamadema labunath jivithayama vidawana aya godak hina vela dawasa genawa. ammagen thathagen arunama apita oni deyak oni vidiahta vena kagenwath labenne na , balaporottu venawata vada eka danagena labila tiyana dewal ekka anith ayata puluwan uddawak kara gena inna oyata tama puluwan.
ReplyDelete