අද මම බම්බලපිටියෙ මගේ office එකේ ඉදන් ගල්කිස්සෙ මගේ බෝඩිමට එන්න ආවා. තරමක් වාහන තදබදයක් තිබුණා වුනත් 5.20 ට බස් එකට නැගලා 6.10 වෙද්දි යන්තම් ගල්කිස්ස color lights ලග halt එකෙන් බැහැ ගත්තා. ගාලු පාරනෙ පුදුම වාහන ගොඩක් යන්නෙ ඒවෙලාවට විතරක් නෙවේ හැම වෙලේම එහෙමනෙ. මට පාර මාරුවෙන්න ඕනෙ නිසා මම සුපුරුදු පරිදි කහ ඉර ලග කොළ පාට එළීය දැල්වෙනකම් බලන් හිටියා. ඔය අතරෙ මම දැක්කා පොලිස් රථවාහන ඒකකයේ මහත්වරු තුන්දෙනෙක්ම එතන ඉන්නවා.
එක පොලිස් මහතෙක් පාර මැදට වෙලා නොනවත්වා නලාව පිබිමින් වාහන වලට යන්න අණ කරනවා. තවත් මහතෙක් කහ ඉර අසල පාර කෙලවරක නලාව මුවෙහි රුවාගෙන බලන් ඉන්නවා. අනෙක් පොලිස් මහතා පසෙකට වි දැත් බැද බලන් ඉන්නවා. මම වගේම තවත් පිරිසක් පාර දෙපස පාර මාරුවීමට බලන් ඉන්නවා.
ඔය අතරෙ අර පාර මැදට වෙලා නලාව පිබිමින් හිටි පොලිස් මහතා පාරෙ කෙලවරට ගියා අර කහ ඉර ලග හිටිය පොලිස් මහතා අසලට. මම හිතුවා ඔහුට වෙහෙස නිසා මදක් ඉවත් වෙන්න ඇති කියා. ඒ නිසා මම ආයෙමත් පාර මාරුවීමට කොළ පාට දැල්වී ඇතිදැයි බැලුවා. අනේ ඒ එක බල්බයක්වත් වැඩ කරන්නෙ නැහැ.මදක් වට පිට බැලුවාමයි සිදුවී ඇතිදෙය වැටහුනේ.
අපේ පොලිස් මහතාට traffic light signals එක්ක තමාට උවමනා විදිහට වාහන හසුරවන්න බැරිනිසා බුද්ධිමත්ව තීරණය කර traffic light නිවාදමා තමාට අවැසි අයුරින් වාහන පාලනය කලා.හරි කමක් නැහැ වෙනදාට වඩා ඉක්මනින් පාර මාරුවීමට ලැබෙවි කියලා හිතාන මමත් හිටියා.
ඔන්න ඉතින් ඊලගට අර පාරෙ පසක කහ ඉර ලගින් සිටි අපේ පොලිස් නිලධාරි තුමා පාර මාරුවෙන්නන්ට හිතවත් සේවයක් ඉටුකලා. කොළඔ පැත්තට යන වාහන නවතා ඒ පැත්තෙ හිටි මගින්ට පාර මාරුවීමට අවස්ථාව ලබා දුන්නා. අනේ ඉතින් ඒ පැත්තෙ හිටි මගින් හැකි ඉක්මනින් පාර මාරු වුනා. අනේ දන්නවාද වුනදේ. ඒ අයට පාරෙ මැදට විතරයි එන්න පුලුවන් වුනේ අර පාර මැද හිටි පොලිස් මහතා නොනවත්වා පානදුර පැත්තට යන වාහන යවනවා.අනේ මමත් පාර කෙලවරට වෙලා බලන් උන්නා පාර මාරුවෙන්න. මේ පොලිස් මහත්තුරු දෙන්නාට ඔහොම ඉන්න අතරෙ අපි වාහන අතරින් පතරෙ පාර මාරුවුනා.
අර මහනුවර පැත්තෙ නම් වැරදි තැන්වලින් පාර මාරු වුනාම උසාව් ගෙනියනවා. මෙහෙම අවස්ථාවන් උදාවෙද්දි ජනතාව එහෙම කරන එක සාධාරණයි කියලා හිතෙනවා නේද....
යම්කෙනෙක්ට මේකෙන් අපහසුතාවයකට පත්වුනානම් සමාවෙන්න...
2011/03/02
2011/02/17
මගේ ආදර කතාව 10
එදා මම ඔයාලාට කිව්වානෙ මට මහත්තයා මුණ ගැහෙන්න කලින් මා ගැන බලාපොරොත්තු තියාන හිටිය අයියා කෙනෙක් ගැන. අද මගේ ආදර කතාව එයා නිසා මගෙ මහත්තයා ඉස් ඉස්සෙල්ලාම මගෙ හිත රිදෙව්ව දවස.
එදාත් වෙනදා වගේම අපි දෙන්නා NIBM ගියා. මහත්තයාටයි මටයි දෙන්නාටම එදා දවසම lectures තිබුණා. අපි දෙන්නා සුපුරුදු පරිදි උදේ කෝච්චියෙ ඇවිත් lectures වලට ගියා 10 tea break එකට 4th floor එකේදි මුණගැහෙන්න කතාවෙලා. ඒ දවස් වල අපි දෙන්නා lectures අතරෙ break එකක් ලැබුණු ගමන් 4th floor එකේදි මුණගැහිලා කතා කරකර ඉන්නවා.
ඒ දවස් වල අපිට තිබුණෙ VB.NET. මට lectures ටිකක් මග ඇරිලා තිබුණ නිසා ඒ දවස්වල exam එකටත් ලග නිසා ගොඩක් බයෙන් හිටියෙ fail වෙයි කියලා. මේ කාලෙදිම තමයි මම කලින් post එකේ කියපු රජිත අයියා තරමක් සුව වෙලා ඇවිත් හිටියෙ. එයා medical දිලා ආයෙම ඇවිත් හිටි නිසා එයාට අපේ batch එකේ lectures ආවා. මමත් මගේ යාළුවොත් කිසි වෙනසක් නැතිව එයා එක්ක lectures වලදි කතා කරලා හිටියා. සාමාන්‍යයෙන් අපේ පුරුද්ද තමා exam ලංවෙද්දි past papers හොයාගෙන ඒවා කරන එක. (past papers නිසාම තමා මහත්තයා පලවෙනි වතාවට මට කතා කලේ) රජිත අයියා කිවා එයාට කලින් batch එකේ paper එක හම්බ වුණා ඕනෙ නම් tea break එකේදි photo copy කරගෙන දෙන්න කිවා. මමත් හා කියලා ගත්තා.
සුපුරුදු පරිදි tea break එකේදි 4th floor එකට ගියා. මම යද්දි මගෙ මහත්තයා ඇවිත් හිටියෙ නැහැ. එ නිසා මම paper එක photo copy කරන්න ගියා. මම cafe එකට ගියෙ මගෙ හොදම යාළුවෙක් එක්ක. එතන ගොඩක් සෙනග හිටි නිසා අපි එන්න ආවා පස්සෙ photo copy කරමු කියලා. මම canteen එකට ගියා රජිත අයියාට paper එක හවස දෙන්නම් කියලා කියන්න. මගෙ යාළුවා කෙලින්ම 4th floor එකට ගියා. මම canteen එකට යද්දි රජිත අයියා තේ අරගෙන එයාටයි යාළුවාටයි. ඒ වුනාට එයාගෙ තුවාල වුන අත නිසා එයාට දෙකම එකවැර ගන්න බැහැ. මම ඒ වෙලාවෙම එතනට ගිය නිසා මම එයාට උදව් වුනා එක තේ එකක් counter එකෙන් අරගෙන මේසෙ උඩින් තිබ්බා. ඉන් පස්සෙ මම කියන්න ආව පනිවිඩය කියලා මගෙ මහත්තයා හම්බවෙන්න 4th floor එකට ගියා.
මම යද්දි මගෙ මහත්තයා තරහින් පුපුර පුපුර ඉන්නවා. මට හිතා ගන්න බැරිවුනා කවදාවත් නැතිව ඇයි මහත්තයා මෙහෙම ඉන්නෙ කියලා. මම ඇහුවා ඇයි කියලා. එයා එක පාරටම මගෙන් අහන්න ගත්තා ඇයි ඔයා අරයා එක්ක තේ බොන්න ගියෙ මම මෙතන ඔයා එනකම් බලාන ඉන්නවා කියලා දැනගෙනත්. මට හිතාගන්න බැරි වුනා කාත් එක්ක කොයි වෙලේ බීපු තේ එකක් ගැනද මේ කියන්නෙ කියලා. මම කිවා කියන දෙයක් තේරෙන්න කියන්න මට ඔයා කියන දේ තේරෙන්නෙ නැහැ කියලා. ඒවෙද්දි අපේ tea break එකේ වෙලාවත් ඉවර වෙලා. මගෙ මහත්තයා කිවා lunch වෙලාවෙ ඉක්මනට කාලා ඉවර වෙලා එන්න තේරෙන්න කියන්නම් කියලා. මමත් හා කිවා වෙන කියන්න දෙයක් නැති නිසා.
ඊට පස්සෙ lectures වලදි මගෙත් එක්ක cafe එකට ගිය යාළුවා මට කිවා එයා උඩට එද්දි මගෙ මහත්තයා මාව හොයනවලු. එයා දැක්ක ගමන් මා කොහෙද කියලා ඇහුවාලු. ඉතින් මගෙ යාළුවා කියලා තියෙනවා මම canteen එකට ගියා කියලා. එයාට ඉතුරු ටික කියන්න හම්බවෙලා නැහැ මෙයා කඩාගෙන ගිහින්. මගෙ මහත්තයා කෙලින්ම ඇවිත් තියෙන්නෙ canteen එකට එයා එද්දි මම රජිත අයියාට තේ එක අරගෙන දෙන්න ගත්ත තේක මගෙ අතේ තියනවා දැකලා තියෙනවා. ඒ එක්කම අනිත් අතට එයා 4th floor එකට ගිහින් මගෙ යාළුවාගෙන් අහලා අරයා අරුත් එක්ක තේ බොන්නද ගියෙ කියලා. මගෙ යාළුවාටත් හිතාගන්න බැරිවෙලා මොකක්ද වෙලා තියෙන්නෙ කියලා. ඒ වෙලාවෙම තමා මම ඇවිත් තියෙන්නෙ. මගෙ යාළුවත් අහනවා මගෙන් මම ඇත්තටම එයා එක්ක තේ බීවාද කියලා. මම වුනදේ එයාට කිවා. ඒවෙලාවෙ තමා මට තේරුණෙ මහත්තයාට තරහා ගිහින් තිබුණෙ ඇයි කියලා.
ඉන් පස්සෙ lunch වෙලාවෙ මම වෙනදාට වඩා ඉක්මනින් කාලා මහත්තයා එනකම් බලන් හිටියා. එයත් ඉක්මනට ආවා. මම හිතුවා එයාගෙ තරහා නිවිලා ඇති කියලා. ඒත් ඒක ඒ විදිහමයි. ඉන් පස්සෙ මම වුණ හැම දෙයක්ම කිවා. ඒ ඉවර වෙද්දි එයාගෙ තරහා ටිකක් අඩුවෙලා. ඒත් මගෙන් ඇහුවා ඇයි යාළුවා එක්ක නොයා තනියම ගියෙ කියලා. මම කිවා ඔයා ඇවිත් මාව හොයන නිසා පණිවිඩය කියන්නයි එයා එවුවෙ කියලා. ඉන් පස්සෙ එයාගෙ තරහා නිවුණා. ආයෙ කවදාවත් බලාන ඉන්න අයට මා ගැන වැරදියට හිතෙන විදිහෙ දේවල් කරන්න එපා කිවා.
ඇත්තටම එදා මම වැරදි හිතකින් කිසිම දෙයක් කලේ නැහැ. එදා මම තේරුම් ගත්තා අපි දෙයක් කොයිතරම් හොද හිතින් කලත් වෙන කෙනෙක් ඒදේ වැරදි විදිහට දකින්න පුළුවන් කියලා. එදාට පස්සෙ මම රජිත අයියාව තියා වෙන මගෙ හොදම යාළුවෙක් එක්කවත් තනියම කතා කරකර හිටියෙ නැහැ.
ඒවුණත් අදටත් මගෙ මහත්තයාට මගෙ වැරුද්දක් අල්ලගන්න ඕනෙ වුනාම මතක් කරන්නෙ ඔය සිදුවීමමයි. ගොඩක් දුකයි මගෙ නොදැනුවත් කමට වුනදේ නිසා සමහර අවස්ථාවල ගොඩක් හිත රිදවා ගන්න වෙනවා.
අද කතාව ලියලා තියනවා කිසිම ගැලපිමක් නැහැ කියලා හිතෙයි ඔයාලාට. ඇත්තටම හිතේ නිදහසෙන් නෙවේ මේක ලියුවෙ. ඒකට ඔයාලා හැමෝම මට සමාවෙන්න.

2011/02/02
අතීත මතක සටහනක් .....
අද මම මගේ ආදර කතාව පටන් ගන්න කලින් වුන සිදුවීමක් ලියන්න හිතුවා. වැඩිපුරම මේ කතාව ලියන්න හේතුව වුනේ මගේ ආදර කතාවේ මීලග කතාවට අදාල කෙනෙක් හදුන්වා දෙන්න ඕනෙ නිසයි.මේ සිදුවීම පටන් ගත්තෙ මම NIBM ඇවිත් පළවෙනි විභාගය ඉවර වෙලා ටික දවසකට පස්සෙ. මට මහත්තයා මුණ ගැහිලා ටික කාලෙකින් ඒදේවල් අපි දෙන්නා අතරෙ මුලින්ම සුළු ගැටුමක් ඇතිකරන්න හේතුවුනා.ඒ ගැටුමට හේතුව මම කෙටියෙන් මේ කතාවෙ කියන්නම්.
එදා අපිට NIBM එකේ මුල්ම exam එක introduction තිබුණා. අපි exam ඉවර වෙලා එලියට එද්දි එතන ඉස්සරහා වෙන batch එකක boys ටිකක් ඉදගෙන හිටියා. අපි එතන පහු කරද්දිම එක boy කෙනෙක් නංගි කියලා කතා කලා.ඉන් පස්සෙ එ අයියා මගෙන් ඇහුවා ගෙවල් නුවරද කියලා. මම ඔව් කියලා කොහොමද දන්නෙ ඇහුවා.එයා කිවා A/L classes වලදි දැකලා තියනවා කියලා. ඉන් පස්සෙ මම හිනාවෙලා යන්න හැරුණා.එතකොටම එ අයියා නංගි නංගි මෙයා තමා කිවෙ කියලා වෙන boy කෙනෙක්ව පෙන්නුවා මම ගනන් ගන්නෙ නැතිව ආවා.
ඊට ටික දවසකට පස්සෙ මම lectures ඉවර වෙලා ගෙදර යන්න යද්දි boy කෙනෙක් හිනාවුනා. මාත් හිනාවුනා NIBM එකේ කෙනෙක්නෙ කියලා. ඉන් පස්සෙ එයා මගෙන් ඇහුවා ගෙවල් නුවරද කියලා.මම ඔව් කියලා කොහොමද දන්නෙ ඇහුවා. එ වෙලාවෙ මට තරහත් ගියා. මම එදා කට්ටිය මගෙන් අහද්දි එතන හිටියාද කියලා. එයා කිවා ඔව් කියලා එයා මාව A/L classes වලදි දැකලා තියන නිසා එයාගෙ යාළුවාට ඒක කිවාලු එයා හිතුවෙ නැතිලු යාළුවා ඒක හැමෝම ඉන්න තැන මගෙන් අහයි කියලා හිතුවෙ නැතිලු ඒකට සමාව ඉල්ලුවා.මම කමක් නැහැ කියලා නිකම් හිටියා.
ඉන් පස්සෙ එයා මගෙ නම ඇහුවා මටත් එ දවස්වල ගානක් නැහැනෙ ඉතින් නම කිවා. එයත් මට එයාගෙ විස්තර සේරම කිවා ඒවා මම ඔයාලාට කියන්නෙ නැහැ සමහර දේවල් මට මතකත් නැහැ ඒවා වැඩකුත් නැහැ.එයාගෙ නම රජිත අපිට වඩා batch එකක් senior. එදා මම දෙමටගොඩ station එකට යන්න 154 බස් එකට නැග්ගාම එයත් නැග්ගා එයා යන්නෙ කිරිබත්ගොඩට කියලා.
ඉන් පස්සෙ හැමදාම වගේ මම lectures ඉවර වෙලා ගෙදර යන්න යන වෙලාවටම රජිත අයියා හම්බ වෙනවා. මුලදි මම හිතුවා අහම්බයක් කියලා හිතුවා. ඊටත් ටික දවසකට පස්සෙ හිතුවා එයාලටත් lectures ඉවර වෙන්නෙ 3.30ටනෙ කියලා. ඒත් මම පස්සෙ කාලෙකදි දැනගත්තා හේතුව ඒ එකක්වත් නෙවේ කියලා.
ඒත් මම පස්සෙ කාලෙකදි දැනගත්තා හේතුව ඒ එකක්වත් නෙවේ කියලා. එ විදිහට හැමදාම මාත් එක්ක එකට NIBM එකේ ඉදලා දෙමටගොඩට එනකම් බස් එකේ එන්න පුරුදුවුනා. මාත් එ ගැන ඒ තරම්ම ගනන් ගත්තෙ නැහැ. ඒත් එක දවසක් දෙමටගොඩින් රජිත අයියාත් බැස්සා. මම එයාගෙන් එ ගැන ඇහුවාම එයා කිවෙ මාව කෝච්චියට නැග්ගාම යන්නම් කියලා. ඉන් පස්සෙ හැමදාම වගේ රජිත අයියා දෙමටගොඩින් බැහැලා මම කෝච්චියට නගිනකම් ඉදලා යනවා. මම මේ ගැන මගේ යාළුවන්ට කිවාම එයාලා කිවෙ රජිත අයියා මා එක්ක එන්නෙ මට කැමැත්තෙන් කියලා. මුලදි මම ඒක යාළුවන්ගෙ විහිලුවක් කියලා හිතුවත් ටික දවසක් යද්දි මටම තේරුනා රජිත අයියා මොකක් හරි වෙනස් හේතුවක් නිසා තමා මෙහෙම එන්නෙ කියලා. ඒක මගෙ හිතට වදයක් වුනා හේතුව මම හිතාන හිටියෙ කවමදාකවත් affair එකක් ඇතිකර ගන්නෙ නැහැ කවදාහරි බදින්නෙ ගෙදරින් කියන කෙනෙක්ව කියලා. මේ ගැන මම මොකද කරන්නෙ කියලා හිත හිත ඉද්දි මට හොද අදහසක් ආවා. වෙනදා වගේම මම lectures ඉවර වෙලා එද්දි රජිත අයියා ආවා. මමත් වෙනසක් නැතිව ගියා. මම මගදි කතාව පටන් ගත්තා. මම එයාගෙන් ඇහුවා මා ගැන බලාපොරොත්තුවක් එයාගෙ හිතේ තියනවාද කියලා රජිත අයියා හිනා වුනා විතරයි කිසිම දෙයක් කිවෙ නැහැ. මට තේරුනා මගෙ යාළුවෝ කිව දේ ඇත්ත කියලා. මම හොද බොරුවක් ගෙතුවා. මම කවදාවත්ම බොරු කියලා නැහැ එ නිසා මම ගෙදරදිම හොදට පුරුදු වෙලා ආවා.මම රජිත අයියාට කිවා මට boy friend කෙනෙක් ඉන්නවා එයා රට ඉන්නෙ තව ටික කාලෙකින් එයා එනවා එතකොට wedding එක ගන්න ඉන්නෙ කියලා. මම එයාව ඇසුරු කරන්නෙ හොදම යාළුවෙක් විදිහට විතරයි මා ගැන අදහසක් තියනවානම් ඒක අත්ඇර ගන්න කිවා. එයා ඒ ගැන දුක් වුනා කියලා එයාගෙ ඇස්වලින් මට පෙනුණා. ඒත් මට එක වැඩක් නැහැ. මාත් එක්ක හොදම යාළුවෙක් විදිහට විතරක් ඉන්න පුලුවන්නම් විතරක් තවදුරටත් මා එක්ක කතා කරන්න නැතිනම් අපේ යාළුකමටත් නැවතිම තියමු කිවා. එදා රජිත අයියා කිසිම දෙයක් කිවෙ නැහැ මම කියන හැමදේම හොදින් අහන් හිටියා.මම හිතුවා පහුවදා ඉදන් එයා මගෙ මුණවත් බලන්නෙ නැතිවෙයි කියලා ඒත් පහුවදාත් වෙනදා වගේම ආවා කිසිම වෙනසක් නැතිව. මම හිතුවා එයා මා ගැන තිබුණ අදහස අතෑරලා හොදම යාළුවෙක් විදිහට විතරක් ඉන්න හිතාන එන්න ඇති කියලා හිතුවා. ඔහොම කාලය ගෙවුණා.
එ අතරෙදි රජිත අයියාගේ දකුණු අතේ නහරයකුයි ස්නායුවකුයි බරපතල විදිහට කැපිලා hospital හිටියා. එයාට තරමක් හොද වුණාම අම්මා එක්ක ඇවිත් medical දිලා එක batch එකක් කල් ඉල්ල ගත්තා. එතකොට එයාට අන්තිම semester එක කරන්න තිබුණෙ අපේ batch එකත් එක්ක.ඔය කාලෙදිම තමා මම උදේට ගිය school van එකෙන් අයින්වෙන්න වුනා. හේතුව වුනේ DS එකට ගිය මල්ලි නතර වුන නිසා මා වෙනුවෙන් විතරක් එතනට එන්න බැහැ කිවා.ඒනිසා මම උදේටත් කෝච්චියේ යන්න පටන් ගත්තා. ඔය කාලෙදිම තමා මට මහත්තයාව කෝච්චියේදි හම්බ වුනෙත් එයත් එක්ක ගොඩක් fit වුනෙත්.
ටික කාලෙකට පස්සෙ රජිත අයියා හොදවෙලා ආවා. එ වෙනකොට මම උදේටයි හවසටයි මහත්තයා එක්ක යන්න පුරුදු වෙලා හිටියා. එහෙම වුනාට අපි අතරෙ affair එකක් තිබුණෙ නැහැ. මගේ කවදාවත් යාළුවෙන්නෙ නැති සිතුවිල්ල අත්ඇරලා හිටියෙ නැහැ ඒ වෙද්දිත්. ඒ අතරෙ මට මොකද කරන්නෙ කියලා හිතාගන්න බැරි වුනා හවස යන එක ගැන. මම ගොඩ දවසක් රජිත අයියාව මග ඇරලා මහත්තයා එක්ක ගියා හේතුව මට ඉදගෙන නිදහසේ යන්න පුලුවන්.
ඒත් එක දවසක් හොදටම වැස්ස දවසක් අපේ assignment එකක් discuss කරන්න තිබුණ නිසා මම එන්න ටිකක් පරක්කු වුනා. මම එනකම් මහත්තයා හිටියා. අපි යන්න යද්දිම රජිත අයියාත් ආවා. එයා ඇහුවා එයා එක්ක එනවාද කියලා. මම කිවා නැහැ මම මෙයත් එක්ක කොටුවට ගිහින් යනවා කියලා මහත්තයාව පෙන්නුවා. එයාගෙ මුණෙ තරහක් පේන්න තිබුණා එ වුනත් එයාට මට මොනවත් කියන්න පුළුවන් කමක් තිබුණෙ නැහැ.හේතුව මම එයාට කියලා තිබුණ දේවල්. ඉන් පස්සෙ ගොඩක් දවස් යනකම් රජිත අයියා ආවෙ නැහැ. ඒත් අහම්බෙන් දවසක් ආවා.එදා මහත්තයා හිටියෙ නැහැ මා එක්ක යන්න එයා එදා NIBM ආවෙ නැහැ.
මම මගෙ යාළුවත් එක්ක දෙමටගොඩට ගිහින් යමු කියලා බස් stand එකට ගියා. මගදි අපිට රජිත අයියා හම්බවුණා. එයා අපෙන් ඇහුවා අද මොකද මේ පැත්තෙ කියලා. ඒක ඇහුවෙ හොද හිතින් නෙවේ කියලා මට තේරැණා ඒ නිසා මම කිවා අපිට ඕනෙ නිසා කියලා.එහෙම කිවත් එයා ගානක් නැතිව අපිත් එක්කම ආවා.රජිත අයියා කිසිම ගානක් නැතිව ඉස්සර වගේම අපිත් එක්ක බස් එකේ ඇවිත් දෙමටගොඩ station එක ලගින් අපිත් එක්කම බැස්සා. මමයි යාළුවයි ටිකට් අරගෙන ඇවිත් ඉද්දි රජිත අයියා කතාව පටන් ගත්තා. එයා මගෙන් පලවෙනි වතාවට ඇහුවා එයා මට කැමතියි මම මොකද කියන්නෙ කියලා. මම කිවා මම වෙන කෙනෙකුට කැමැත්ත දිලා ඉන්නෙ මගෙත් එක්ක තරහාවෙන්න එපා කියලා.
එතකොට එයා කිවා ඔයා කියන්නෙ රට ඉන්න කොනෙක් ගැන කියපු කතාව නම් මම දන්නවා ඒක බොරුවක් කියලා. මට කරකියාගන්න දෙයක් නැතිව ගියා. මම ටිකවෙලාවක් කල්පනා කලා මොකද කරන්නෙ කියලා. අන්තිමට මට අල්ලන්න පුළුවන් එයයි මායි දන්න එකම කෙනයි හිටියෙ මම එයා ගැන කිවා. ඒ කෙනා තමයි මහත්තයා. මම රජිත අයියාට කිවා එයා මගෙන් ඇහුවා මගේ අකමැත්තක් තිබුණෙ නැති නිසා කැමති වුණා කියලා. ඒ වෙලාවෙ එයා ඇහුවා ඇයි මට අකමැතිද කියලා. ඉතින් මම කිවා මම ඔයාව දක්න්නෙ මගෙම අයියා කෙනෙක් හැටියට විතරයි කිවා. මොකක්දෝ වාසනාවකට මම ඔය ගැන කියද්දිම මහත්තයා call කලා. එයා කතා කලේ විශේෂ දේකටත් නෙවේ. ගෙදරින් call එකක් අරගෙන ටින වෙලාවක් කතා කලා. ඒක වට වාසියක් වුණා මම කිව දේ රජිත අයියාට විශ්වාස කරවන්න. ඉන් පස්සෙ කෝච්චිය ආවා මමයි යාළුවයි නැග්ගා. මම හිතුවෙ රජිත අයියා එන එකක් නැහැ කියලා. ඒත් එයත් නැග්ගා. මගදි එයා මට පෙන්නුවා book mark එකක්. ඒක මුදුන heart එකක හැඩය තිබුණෙ පහලට දිග කූරක් තිබුණා ඒක ලෝහ වලින් හදලා රත්තරන් ආලේප කල එකක්. ඒක දුන්නෙ එයාගෙ නංගි මට දෙන්න කියලාලු. ඉතින් මම ඒක ඉල්ලුවා. එයා ඒක දුන්නෙ නැහැ. මම රාගමින් බැහැලා ගෙදර ගියා. එදා අම්මා විතරයි හිටියෙ ඒ නිසා මම විස්තරේ අම්මාට කිවා. ඒවගේම මම අම්මාගෙන් අහලා ගෙදරින් මහත්තයාට call එකක් අරන් කිවා මම කියපු දේවල්. මම එයාට හැමදේම කිවා එයාගෙන් අපි දෙන්නා අතරෙ සම්බන්ධයක් තියනවාද ඇහුවොත් ඔව් කියන්න කිවා. එයා හා කිවා. එහෙම කියන්න හේතුව මම ඇත්තම කිවා මම අම්මාගෙ හිත රිද්දන්න අකමැති නිසා යාළුවෙන්න කැමති නැහැ. මම රජිත අයියා මග අරින්න කොයිතරම් උත්සාහ කලත් ඒ එකක්වත් හරි ගියෙ නැති නිසයි එහෙම කිවෙ.
පහුවදා මගෙත් එක්ක කෝච්චියෙ ගිය යාළුවයි මගෙ හොදම යාළුවෙකුයි රජිත අයියා ගැන ගොඩක් විස්තර කිවා. එයා කෝච්චියෙ යනකම්ම මගෙ ගැන කියවලා තියෙන්නෙ අඩ අඩ වගේ. ඒ යද්දි එයා කියලා තියනවා book mark එක දීලා මගෙන් අහන්න එයා ඉදලා තියෙන්නෙ. රෑ වෙලා මගෙ අනිත් යාළුවට කතා කරලාත් කියවලා තියෙනවා. මට ඒ ගැන දුක හිතුනත් මට මගේ අම්මාගෙ සතුට ඊට වඩා වටිනවා.
අද කතාව ගොඩක් දිගවුනාට සමාවෙන්න. මේ කතාවෙ ඔයාලාට අදුන්වලා දෙන්න ඕනෙ වුනේ රජිත අයියාව.

2011/01/19
මගේ ආදර කතාව 9
ඔන්න කාලෙකට පස්සෙ මම ආයෙමත් ආදර කතාව ලියනවා. කලින් කතාව මතක නැත්නම් බලලා එන්න හොදේ. මම ආයෙම කලින් කතාව කෙටි කරන්න ගියොත් අද කතාව දිග වැඩිවෙනවා.
එදා මහත්තයා දඹුල්ලෙ ගිහින් ආවෙ දවස් දෙක තුනකට පස්සෙ එ වුනාට එයා නැති පාළුව මට දැනෙන්න දුන්නෙ නැහැ. එයාට පුලුවන් හැම වෙලාවෙම කතා කලා.ඔහොම කාලය ගෙවිලා ගියා. අපි දෙන්නා උදේ හවස යන්නෙ එන්නෙ එකටම. එයා උදේ කෝච්චියෙ එනවා මම ඒකට රාගම station එකෙන් නගිනවා. සමහර දවස් වලට මට වෙලාවට එන්න බැරි වෙනවා. එහෙම දවසට මහත්තයා මම එනකම් රාගම station එකෙ ඉන්නවා. අපි දෙන්නා ඉන් පස්සෙ කෝච්චියෙ යනවා. ඔන්න ඉතින් 2007 පෙබරවාරිත් වුනා.එ දවස්වල අපේ මැඩම් කෙනෙක් අසනීප වෙලා එ මැඩම්ට සෙත් පතලා අපි බෝධි පුජාවක් තිබ්බා.
මට මතක විදිහට එදා පෙබරවාරි 06 අගහරුවාදා. අපිට උදේ වරුවෙ practicals තිබුණා. මහත්තයාට lectures තිබුණා. එදා හවස තමා බෝධි පුජාව තිබුනෙ. අපි දෙන්නාත් බෝධි පුජාවට හිටියා. බෝධි පුජාව ඉවර වෙද්දි වෙලාව 6ට විතර ඇති.එ ඉවර වෙලා අපි දෙන්නා බස් එකක් එනකම් DS එක ලග බස් halt එකේ හිටියා. එ දවස් වල දැයට කිරුළ exhibition එක තිබුණා. අපි දෙන්නා බස් halt එකෙ ඉද්දි යක්කල ආයුර්වේදයේ මගේ Batch matesලා මුණගැහුණා. ඉන් පස්සෙ බස් වල සෙනග වැඩි නිසා අපි පයින්ම බොරැල්ලට ගියා. එතන ඉදන් බස් එකේ මරදාන station එකට ගිහින් මහව කෝච්චියට නැග්ගා.
එකෙ ගොඩක් සෙනග හිටිය නිසා අපි දෙන්නාට දොර ලගම ඉන්න වුනා. මට පිටිපස්සෙ හිටියෙ බීපු මනුස්සයෙක් එ වුනාට මම එ ගැන හිතුවෙ නැහැ මගෙ මහත්තයා මා එක්ක හිටි නිසා. කෝච්චිය express නිසා වේගෙන් යද්දි පැද්දෙනවානෙ එතකොට එ මනුස්සයා මගෙ ඇගට එන්න ගත්තා. මම එහාට එහාට වෙන නිසා මහත්තයා මගෙන් ඇහුවා එ මනුස්සයා ඇගට එනවාද කියලා. ඉතින් මම ඔව් කිවා. ඉන් පස්සෙ මහත්තයා එ මනුස්සයාට කතා කරලා කිවා ටිකක් එහාට වෙන්න කියලා. එ පාර එ මනුස්සයාට අපි දෙන්නාට බැන්නා.එ මදිවාට වටපිට හිටපු අනිත් මිනිස්සුත් එ මනුස්සයාට එකතු වෙලා අපිට බනින්න ගත්තා. මහත්තයා ගොඩක් උත්සාහ කලා වැරුද්ද එයාගෙ කියලා තේරැම් කරන්න. එත් එ මනුස්සයා බනින එක නතර කලේ නැහැ. එයාගෙ ලොකුකම පෙන්නන්න English වලින් කතා කරන්න ගත්තා. මහත්තයාත් බීපු මනුස්සයෙක්නෙ කියලා කතාව නතර කලේ නැහැ එයාට උත්තර දුන්නා. ටික වෙලාවකින් වටපිට අයගෙ කතා නැවතුනා. එ වෙද්දි බීපු මනුස්සයාගෙත් කතාව හොද පැත්තට හැරිලා. එ වෙද්දි කෝච්චියත් රාගමට ඇවිත්. අපි කෝච්චියෙන් බැහැලා පයින් ගෙදර ගියා.
එ යන අතරෙදි එයා කතා කලේම කෝච්චියෙදි වුනදේ ගැනයි. ඉන් පස්සෙ එයාම කීවා ඒක අමතක කරන්න ගෙදර ගිහින් අම්මාට කියන්න එපා කියලා. එන මගදි අපි ගොඩක් දේවල් කතා කලා. මහත්තයා මාව ගෙදරට හැරෙන පාර ලගට ඇරලුවා. අපෙ අම්මා එතනට ඇවිත් හිටියා. අපි දෙන්නා සතුටින් වගේම දුකින් සමුගත්තා පසුදින හමුවන තුරු.
ගොඩක් ලියුවාට ඔයාලා තරහා වෙන්න එපා. මගෙ ආදර කතාවෙ තවත් සිදුවීමක් එක්ක මම ආයෙමත් එන්නම්.

මම ආපසු ආවා ........
මගේ බ්ලොග් එක පටන්ගෙන අවුරුද්දයි මාස දෙකයි. එ වගේම මගේ ආදරයට අවුරුදු හතර ලැබුවා දෙසැම්බර් 27 වෙනිදා. එ දෙකෙන් එකක් වෙනුවෙන් වත් බ්ලොග් සටහනක් තබන්න බැරි වුනා.ඔයාලාට මතක ඇතිනෙ මම නුවර ඉදලා කොළඹ ආව නිසා මට අන්තර්ජාලෙ නැතිවුනා. දැන් ආයෙමත් බ්ලොග් ලියන්න පුලුවන් වෙයි.මම නුවර ගියෙ නැහැ. මට GS500 phone එකක් තෑගි ලැබුණා මගෙ මහත්තයාගෙන්. ඉතින් මට දැන් ආයෙමත් අන්තර්ජාලෙ සැරිසරන්න පුලුවන්. එත් phone බිල කොහොම වෙයිද දන්නෙ නැහැ. මම ආයෙමත් මගෙ ආදර කතාවයි නිසදැස් ලියන්නම්.
ඉස්සර වගේම ඔයාලාගේ හොද නරක comments ලැබෙයි කියලා මම හිතනවා.

2010/06/12
මසිත හිර ගෙයක් .........
ඔබේ සිත හිර ගෙයක්
නොමැත වා කවුලුවක්
පලායනු නොහැකි ලෙස හිර වෙලා...
අතීතය මතකයක්
ජීවිතය චිතකයක්
අඩමි සිරකරැවෙක්ව තනිවෙලා
අරලියා ගස් අතර
මේ පාලු හිර ගෙදර
ඔබ මලක් ......
ඒ සුවද මල වැටුණු
සුවද බිම දිග ඉහුණු
මම ගලක් ......
නික්ම යන දින එළඹ
මේ කටුක හිර ගෙදර
හැර ගියත්
ඔබෙ සුවද මල් ඉහුණු
සදාකල්හිම මසිත
... හිර ගෙයක් ......
නොමැත වා කවුලුවක්
පලායනු නොහැකි ලෙස හිර වෙලා...
අතීතය මතකයක්
ජීවිතය චිතකයක්
අඩමි සිරකරැවෙක්ව තනිවෙලා
අරලියා ගස් අතර
මේ පාලු හිර ගෙදර
ඔබ මලක් ......
ඒ සුවද මල වැටුණු
සුවද බිම දිග ඉහුණු
මම ගලක් ......
නික්ම යන දින එළඹ
මේ කටුක හිර ගෙදර
හැර ගියත්
ඔබෙ සුවද මල් ඉහුණු
සදාකල්හිම මසිත
... හිර ගෙයක් ......
2010/05/24
මගේ ආදර කතාව 8
ඉතින් ඔන්න කාලෙකට පස්සෙ මම ආයෙමත් ආදර කතාව ලියනවා. ඔයාලාට හිතෙනවා ඇති මේ කතාව කියවනවට වඩා හොදයි වෙන වැඩක් කර ගන්න එක කියලා. ඇයි ඉතින් එක කොටසක් කියවලා ඉතිරි කොටස කියවන්න තව කාලයක් බලන් ඉන්න වෙනවානෙ. ඊටත් වඩා මට දුක හිතුනෙ මගෙ කතාව කියවන මගේ මහත්තයාගෙ යාලුවෙක් දැන් කියවන්නෙ නැතිලු එක කොටසක් ලියලා අනිත් කොටස ලියන්න ගොඩක් කල් යන නිසා. අනේ ඉතින් ඔයාලා නම් එහෙම කරන්න එපා හොදේ.
එදා දෙසැම්බර් 27 සිදුවුන දේ ඔයාලාට මතක ඇති කියලා හිතනවා. එදා අපේ හිත්වල තිබුණ ආදරේ හිර කරන් ඉන්නෙ නැතිව එලියට දැම්මා. ඔයාලාට හිතෙනවා ඇති මම එදා මගෙ මහත්තයාට ආදරෙයි කිව එක වැරදියි කියලා. හේතුව එයාට වෙන කෙනෙක් ඉන්නවා කියලත් මම ඒ වගේ තීරණයක් ගත්ත නිසා. මම එහෙම කිවෙ හිතට එකගව මට කියන්න තිබුණ එකමදේ ඒක නිසා. මම මාව සාධාරණීකරනය කරනවා නෙවේ. එදා මම ආදරේ නැහැ කිවානම් මම බොරැ කිවා වෙනවා. ඒවගේම මේ වෙනකොට ඔයාලාට කතාව විතරක් නෙවේ නැතිවෙන්නෙ මමත් නැහැ.
අපේ ආදරේ එ විදිහට දුකින් පටන් ගත්තා වුනාට එ දවස් වල අපි ගොඩක් සතුටින් හිටියා. දෙසැම්බර් 27 මම ගෙදර ගියෙ සතුටින් එවුනාට හිතෙ දුකක් නොතිබුනාමත් නෙවේ. මම ජීවිතේ ඉස් ඉස් ඉස්සෙල්ලාම ආදරේ කරපු කෙනාගෙ ආදරය මට ලැබුනා එකට මම ගොඩක්ම සතුටු වුනා. ඒවගේම ලොකු දුකක් තිබුනා මට මගෙ මහත්තයා සදහටම හිමි නැහැ, එයාම මට කිවා එයාට මාව බදින්න බැරි වෙයි කියලා. ලොකුම දේ තමා මම මගේ සතුටට වෙන කෙනෙක්ව දුකට පත් කලාද කියලා හිතුන එක.
කොහොම වුනත් මම එදා ගෙදර ගිහින් ඇග සෝදගෙන ඉවර වෙලා අම්මා හදලා දිපු කිරි එකත් අරන් ලගින් ඉදගත්තා. ඒක අම්මාට විශේෂ දෙයක් නෙවේ හේතුව මම පොඩි දවස් වල ඉදලා ඉස්කෝලෙ , class එහෙම ඇරිලා ඇවිත් ලගට වෙලා එදා දවසේ හැම සිදුවීමක්ම කියනවා. මම එදා විස්තරෙත් කියන්න පටන් ගත්තා ඊට කලින් මම අම්මා එක්ක කිව නැති දෙයකුත් තිබුණානෙ ඒ දෙසැම්බර් 20. මම එදා ඉදලා 27 හවස මහත්තයා මගෙන් එයා ලග ඉන්නවාද කියලා අහපු වෙලාව වෙනකම් හැමදේම කිවා. දැන් අපේ අම්මාත් අහගෙන ඉන්නවා පොඩි දෝණිගෙ කතාව. මොකද දන්නවාද අන්තිමට මම දිපු උත්තරේ කියන්නෙ නැතිව ඇද ඇද ඉන්නවා. අම්මාට සිද්ධිය තේරිලා වගේ ඇහුවා ඉතින් ඔයා මොකද කිවෙ කියලා. මාව ටිකක් විතර බයත් වෙලා ඒ වුනාට දැන් කියන්නම එපායැ කියලා මම කැමැත්ත දුන්නා කියලා කිවා.
අපේ අම්මාට හිනාවකුත් ගියා. මොකද දන්නවාද මම ඒ ටික කියාගන්න විදපු දුක දැකලා. ඒත් ඒක යටපත් කරගෙන මගෙන් ඇහුවා ඔයාට එයාව විශ්වාසද කියලා. මම ඔව් කියලා කිවා. අම්මා ටිකක් upset වගේ හිතුන නිසා මම කිවා අම්මා අකමැතිනම් එපා කියනවා නම් මම නතර කරන්නම් කියලා. ඉතින් අම්මා කිවා නැහැ එහෙම කරන්න ඕනෙ නැහැ ඒත් මතක තියාගන්න ඔයා කොළඹ එක්ක ආවෙ උගන්නන්න මිසක් ඕවා කරගන්න එහෙම නෙවේ කියලා. මාත් හොද ලමයා වගේ දේශනාවට සවන් දිලා හිමින් කාමරයට පසු බැස්සා.
එදා රෑ නිදාගන්න ගියාට නින්ද ගියෙත් නැහැ. වෙනදටනම් ඇදට වැටෙන පමාව විතරනෙ ඒ වගේම තමා මම ලේසියෙන් හින දකින්නෙ නැහැ. එදා ඇදට ගිහින් ගොඩක් වෙලාවකට පස්සෙ නින්ද ගියා විතරක්ම නෙවේ මම හීනයකුත් දැක්කා. හීනෙ මොකක්ද දන්නවාද මහත්තයා මාව කොටුව station එකෙන් කෝච්චියකට නග්ගලා මට අතවනනවා. මාත් යන කෝච්චියේ ඉදලා අත වනනවා. ඒවෙලාවෙ මහත්තයා ඇදලා හිටියේ පොඩි කොටු තියන shirt එකක්.
ඔන්න ඉතින් පහුවදාට එළිවුනා. එ කියන්නෙ දෙසැම්බර් 28. එදත් වෙනදා වගේම මම ලැස්තිවෙලා උදේ කෝච්චියට ගියා. මමයි මහත්තයායි දෙන්නම NIBM ගියා. අපි දෙන්නාටම lectures තිබුණ නිසා දවල් වරැව ගෙවිලා ගියා. හවස lectures ඉවර වුනාම මට මහත්තයා හම්බවුනා. එයා මට කියලා තිබුණා එයා එයාලගෙ buddhist society එකේ අය එක්ක දඹුල්ලෙ යනවා කියලා. මම හිතාන හිටියෙ ඉස්සර වගේ තනියම දෙමටගොඩට ඇවිත් කෝච්චියේ තනියම එන්න. ඒ වුනත් මගෙ මහත්තයා කිවා එයා කොටුවට ඇවිත් මාව කෝච්චියට දාන්නම් කිවා. එයා මා එක්කම මරදානට ආවා. මහත්තයා එදා ඇදලා හිටියෙ කලින් දවසේ මම හීනෙන් දකිද්දි ඇදගෙන හිටපු shirt එකමයි. ඒ හීනෙ වගේම එදා මගෙ මහත්තයා මරදානෙන් බැහැලා මම හිටි කෝච්චිය යනකම්ම එයා අතවනවනා හිටියා.
ඉතින් මම එතන ඉදන් තනියම ගෙදර ආවා. එදා රෑ පුලු පුලුවන් වෙලාවට මහත්තයා මට කතා කලා. මමත් පුලුවන් වෙලාවට කතා කලා. අපි ගොඩක් සතුටින් හිටියා. අදටත් අපි ගොඩක් සතුටින්.
අද කතාව ගොඩක් දිග වුනාට සමාවෙන්න....

Subscribe to:
Posts (Atom)