ඔන්න කාලෙකට පස්සෙ මම ආයෙමත් ආදර කතාව ලියනවා. කලින් කතාව මතක නැත්නම් බලලා එන්න හොදේ. මම ආයෙම කලින් කතාව කෙටි කරන්න ගියොත් අද කතාව දිග වැඩිවෙනවා.
එදා මහත්තයා දඹුල්ලෙ ගිහින් ආවෙ දවස් දෙක තුනකට පස්සෙ එ වුනාට එයා නැති පාළුව මට දැනෙන්න දුන්නෙ නැහැ. එයාට පුලුවන් හැම වෙලාවෙම කතා කලා.ඔහොම කාලය ගෙවිලා ගියා. අපි දෙන්නා උදේ හවස යන්නෙ එන්නෙ එකටම. එයා උදේ කෝච්චියෙ එනවා මම ඒකට රාගම station එකෙන් නගිනවා. සමහර දවස් වලට මට වෙලාවට එන්න බැරි වෙනවා. එහෙම දවසට මහත්තයා මම එනකම් රාගම station එකෙ ඉන්නවා. අපි දෙන්නා ඉන් පස්සෙ කෝච්චියෙ යනවා. ඔන්න ඉතින් 2007 පෙබරවාරිත් වුනා.එ දවස්වල අපේ මැඩම් කෙනෙක් අසනීප වෙලා එ මැඩම්ට සෙත් පතලා අපි බෝධි පුජාවක් තිබ්බා.
මට මතක විදිහට එදා පෙබරවාරි 06 අගහරුවාදා. අපිට උදේ වරුවෙ practicals තිබුණා. මහත්තයාට lectures තිබුණා. එදා හවස තමා බෝධි පුජාව තිබුනෙ. අපි දෙන්නාත් බෝධි පුජාවට හිටියා. බෝධි පුජාව ඉවර වෙද්දි වෙලාව 6ට විතර ඇති.එ ඉවර වෙලා අපි දෙන්නා බස් එකක් එනකම් DS එක ලග බස් halt එකේ හිටියා. එ දවස් වල දැයට කිරුළ exhibition එක තිබුණා. අපි දෙන්නා බස් halt එකෙ ඉද්දි යක්කල ආයුර්වේදයේ මගේ Batch matesලා මුණගැහුණා. ඉන් පස්සෙ බස් වල සෙනග වැඩි නිසා අපි පයින්ම බොරැල්ලට ගියා. එතන ඉදන් බස් එකේ මරදාන station එකට ගිහින් මහව කෝච්චියට නැග්ගා.
එකෙ ගොඩක් සෙනග හිටිය නිසා අපි දෙන්නාට දොර ලගම ඉන්න වුනා. මට පිටිපස්සෙ හිටියෙ බීපු මනුස්සයෙක් එ වුනාට මම එ ගැන හිතුවෙ නැහැ මගෙ මහත්තයා මා එක්ක හිටි නිසා. කෝච්චිය express නිසා වේගෙන් යද්දි පැද්දෙනවානෙ එතකොට එ මනුස්සයා මගෙ ඇගට එන්න ගත්තා. මම එහාට එහාට වෙන නිසා මහත්තයා මගෙන් ඇහුවා එ මනුස්සයා ඇගට එනවාද කියලා. ඉතින් මම ඔව් කිවා. ඉන් පස්සෙ මහත්තයා එ මනුස්සයාට කතා කරලා කිවා ටිකක් එහාට වෙන්න කියලා. එ පාර එ මනුස්සයාට අපි දෙන්නාට බැන්නා.එ මදිවාට වටපිට හිටපු අනිත් මිනිස්සුත් එ මනුස්සයාට එකතු වෙලා අපිට බනින්න ගත්තා. මහත්තයා ගොඩක් උත්සාහ කලා වැරුද්ද එයාගෙ කියලා තේරැම් කරන්න. එත් එ මනුස්සයා බනින එක නතර කලේ නැහැ. එයාගෙ ලොකුකම පෙන්නන්න English වලින් කතා කරන්න ගත්තා. මහත්තයාත් බීපු මනුස්සයෙක්නෙ කියලා කතාව නතර කලේ නැහැ එයාට උත්තර දුන්නා. ටික වෙලාවකින් වටපිට අයගෙ කතා නැවතුනා. එ වෙද්දි බීපු මනුස්සයාගෙත් කතාව හොද පැත්තට හැරිලා. එ වෙද්දි කෝච්චියත් රාගමට ඇවිත්. අපි කෝච්චියෙන් බැහැලා පයින් ගෙදර ගියා.
එ යන අතරෙදි එයා කතා කලේම කෝච්චියෙදි වුනදේ ගැනයි. ඉන් පස්සෙ එයාම කීවා ඒක අමතක කරන්න ගෙදර ගිහින් අම්මාට කියන්න එපා කියලා. එන මගදි අපි ගොඩක් දේවල් කතා කලා. මහත්තයා මාව ගෙදරට හැරෙන පාර ලගට ඇරලුවා. අපෙ අම්මා එතනට ඇවිත් හිටියා. අපි දෙන්නා සතුටින් වගේම දුකින් සමුගත්තා පසුදින හමුවන තුරු.
ගොඩක් ලියුවාට ඔයාලා තරහා වෙන්න එපා. මගෙ ආදර කතාවෙ තවත් සිදුවීමක් එක්ක මම ආයෙමත් එන්නම්.
2011/01/19
මම ආපසු ආවා ........
මගේ බ්ලොග් එක පටන්ගෙන අවුරුද්දයි මාස දෙකයි. එ වගේම මගේ ආදරයට අවුරුදු හතර ලැබුවා දෙසැම්බර් 27 වෙනිදා. එ දෙකෙන් එකක් වෙනුවෙන් වත් බ්ලොග් සටහනක් තබන්න බැරි වුනා.ඔයාලාට මතක ඇතිනෙ මම නුවර ඉදලා කොළඹ ආව නිසා මට අන්තර්ජාලෙ නැතිවුනා. දැන් ආයෙමත් බ්ලොග් ලියන්න පුලුවන් වෙයි.මම නුවර ගියෙ නැහැ. මට GS500 phone එකක් තෑගි ලැබුණා මගෙ මහත්තයාගෙන්. ඉතින් මට දැන් ආයෙමත් අන්තර්ජාලෙ සැරිසරන්න පුලුවන්. එත් phone බිල කොහොම වෙයිද දන්නෙ නැහැ. මම ආයෙමත් මගෙ ආදර කතාවයි නිසදැස් ලියන්නම්.
ඉස්සර වගේම ඔයාලාගේ හොද නරක comments ලැබෙයි කියලා මම හිතනවා.

2010/06/12
මසිත හිර ගෙයක් .........
ඔබේ සිත හිර ගෙයක්
නොමැත වා කවුලුවක්
පලායනු නොහැකි ලෙස හිර වෙලා...
අතීතය මතකයක්
ජීවිතය චිතකයක්
අඩමි සිරකරැවෙක්ව තනිවෙලා
අරලියා ගස් අතර
මේ පාලු හිර ගෙදර
ඔබ මලක් ......
ඒ සුවද මල වැටුණු
සුවද බිම දිග ඉහුණු
මම ගලක් ......
නික්ම යන දින එළඹ
මේ කටුක හිර ගෙදර
හැර ගියත්
ඔබෙ සුවද මල් ඉහුණු
සදාකල්හිම මසිත
... හිර ගෙයක් ......
නොමැත වා කවුලුවක්
පලායනු නොහැකි ලෙස හිර වෙලා...
අතීතය මතකයක්
ජීවිතය චිතකයක්
අඩමි සිරකරැවෙක්ව තනිවෙලා
අරලියා ගස් අතර
මේ පාලු හිර ගෙදර
ඔබ මලක් ......
ඒ සුවද මල වැටුණු
සුවද බිම දිග ඉහුණු
මම ගලක් ......
නික්ම යන දින එළඹ
මේ කටුක හිර ගෙදර
හැර ගියත්
ඔබෙ සුවද මල් ඉහුණු
සදාකල්හිම මසිත
... හිර ගෙයක් ......
2010/05/24
මගේ ආදර කතාව 8
ඉතින් ඔන්න කාලෙකට පස්සෙ මම ආයෙමත් ආදර කතාව ලියනවා. ඔයාලාට හිතෙනවා ඇති මේ කතාව කියවනවට වඩා හොදයි වෙන වැඩක් කර ගන්න එක කියලා. ඇයි ඉතින් එක කොටසක් කියවලා ඉතිරි කොටස කියවන්න තව කාලයක් බලන් ඉන්න වෙනවානෙ. ඊටත් වඩා මට දුක හිතුනෙ මගෙ කතාව කියවන මගේ මහත්තයාගෙ යාලුවෙක් දැන් කියවන්නෙ නැතිලු එක කොටසක් ලියලා අනිත් කොටස ලියන්න ගොඩක් කල් යන නිසා. අනේ ඉතින් ඔයාලා නම් එහෙම කරන්න එපා හොදේ.
එදා දෙසැම්බර් 27 සිදුවුන දේ ඔයාලාට මතක ඇති කියලා හිතනවා. එදා අපේ හිත්වල තිබුණ ආදරේ හිර කරන් ඉන්නෙ නැතිව එලියට දැම්මා. ඔයාලාට හිතෙනවා ඇති මම එදා මගෙ මහත්තයාට ආදරෙයි කිව එක වැරදියි කියලා. හේතුව එයාට වෙන කෙනෙක් ඉන්නවා කියලත් මම ඒ වගේ තීරණයක් ගත්ත නිසා. මම එහෙම කිවෙ හිතට එකගව මට කියන්න තිබුණ එකමදේ ඒක නිසා. මම මාව සාධාරණීකරනය කරනවා නෙවේ. එදා මම ආදරේ නැහැ කිවානම් මම බොරැ කිවා වෙනවා. ඒවගේම මේ වෙනකොට ඔයාලාට කතාව විතරක් නෙවේ නැතිවෙන්නෙ මමත් නැහැ.
අපේ ආදරේ එ විදිහට දුකින් පටන් ගත්තා වුනාට එ දවස් වල අපි ගොඩක් සතුටින් හිටියා. දෙසැම්බර් 27 මම ගෙදර ගියෙ සතුටින් එවුනාට හිතෙ දුකක් නොතිබුනාමත් නෙවේ. මම ජීවිතේ ඉස් ඉස් ඉස්සෙල්ලාම ආදරේ කරපු කෙනාගෙ ආදරය මට ලැබුනා එකට මම ගොඩක්ම සතුටු වුනා. ඒවගේම ලොකු දුකක් තිබුනා මට මගෙ මහත්තයා සදහටම හිමි නැහැ, එයාම මට කිවා එයාට මාව බදින්න බැරි වෙයි කියලා. ලොකුම දේ තමා මම මගේ සතුටට වෙන කෙනෙක්ව දුකට පත් කලාද කියලා හිතුන එක.
කොහොම වුනත් මම එදා ගෙදර ගිහින් ඇග සෝදගෙන ඉවර වෙලා අම්මා හදලා දිපු කිරි එකත් අරන් ලගින් ඉදගත්තා. ඒක අම්මාට විශේෂ දෙයක් නෙවේ හේතුව මම පොඩි දවස් වල ඉදලා ඉස්කෝලෙ , class එහෙම ඇරිලා ඇවිත් ලගට වෙලා එදා දවසේ හැම සිදුවීමක්ම කියනවා. මම එදා විස්තරෙත් කියන්න පටන් ගත්තා ඊට කලින් මම අම්මා එක්ක කිව නැති දෙයකුත් තිබුණානෙ ඒ දෙසැම්බර් 20. මම එදා ඉදලා 27 හවස මහත්තයා මගෙන් එයා ලග ඉන්නවාද කියලා අහපු වෙලාව වෙනකම් හැමදේම කිවා. දැන් අපේ අම්මාත් අහගෙන ඉන්නවා පොඩි දෝණිගෙ කතාව. මොකද දන්නවාද අන්තිමට මම දිපු උත්තරේ කියන්නෙ නැතිව ඇද ඇද ඉන්නවා. අම්මාට සිද්ධිය තේරිලා වගේ ඇහුවා ඉතින් ඔයා මොකද කිවෙ කියලා. මාව ටිකක් විතර බයත් වෙලා ඒ වුනාට දැන් කියන්නම එපායැ කියලා මම කැමැත්ත දුන්නා කියලා කිවා.
අපේ අම්මාට හිනාවකුත් ගියා. මොකද දන්නවාද මම ඒ ටික කියාගන්න විදපු දුක දැකලා. ඒත් ඒක යටපත් කරගෙන මගෙන් ඇහුවා ඔයාට එයාව විශ්වාසද කියලා. මම ඔව් කියලා කිවා. අම්මා ටිකක් upset වගේ හිතුන නිසා මම කිවා අම්මා අකමැතිනම් එපා කියනවා නම් මම නතර කරන්නම් කියලා. ඉතින් අම්මා කිවා නැහැ එහෙම කරන්න ඕනෙ නැහැ ඒත් මතක තියාගන්න ඔයා කොළඹ එක්ක ආවෙ උගන්නන්න මිසක් ඕවා කරගන්න එහෙම නෙවේ කියලා. මාත් හොද ලමයා වගේ දේශනාවට සවන් දිලා හිමින් කාමරයට පසු බැස්සා.
එදා රෑ නිදාගන්න ගියාට නින්ද ගියෙත් නැහැ. වෙනදටනම් ඇදට වැටෙන පමාව විතරනෙ ඒ වගේම තමා මම ලේසියෙන් හින දකින්නෙ නැහැ. එදා ඇදට ගිහින් ගොඩක් වෙලාවකට පස්සෙ නින්ද ගියා විතරක්ම නෙවේ මම හීනයකුත් දැක්කා. හීනෙ මොකක්ද දන්නවාද මහත්තයා මාව කොටුව station එකෙන් කෝච්චියකට නග්ගලා මට අතවනනවා. මාත් යන කෝච්චියේ ඉදලා අත වනනවා. ඒවෙලාවෙ මහත්තයා ඇදලා හිටියේ පොඩි කොටු තියන shirt එකක්.
ඔන්න ඉතින් පහුවදාට එළිවුනා. එ කියන්නෙ දෙසැම්බර් 28. එදත් වෙනදා වගේම මම ලැස්තිවෙලා උදේ කෝච්චියට ගියා. මමයි මහත්තයායි දෙන්නම NIBM ගියා. අපි දෙන්නාටම lectures තිබුණ නිසා දවල් වරැව ගෙවිලා ගියා. හවස lectures ඉවර වුනාම මට මහත්තයා හම්බවුනා. එයා මට කියලා තිබුණා එයා එයාලගෙ buddhist society එකේ අය එක්ක දඹුල්ලෙ යනවා කියලා. මම හිතාන හිටියෙ ඉස්සර වගේ තනියම දෙමටගොඩට ඇවිත් කෝච්චියේ තනියම එන්න. ඒ වුනත් මගෙ මහත්තයා කිවා එයා කොටුවට ඇවිත් මාව කෝච්චියට දාන්නම් කිවා. එයා මා එක්කම මරදානට ආවා. මහත්තයා එදා ඇදලා හිටියෙ කලින් දවසේ මම හීනෙන් දකිද්දි ඇදගෙන හිටපු shirt එකමයි. ඒ හීනෙ වගේම එදා මගෙ මහත්තයා මරදානෙන් බැහැලා මම හිටි කෝච්චිය යනකම්ම එයා අතවනවනා හිටියා.
ඉතින් මම එතන ඉදන් තනියම ගෙදර ආවා. එදා රෑ පුලු පුලුවන් වෙලාවට මහත්තයා මට කතා කලා. මමත් පුලුවන් වෙලාවට කතා කලා. අපි ගොඩක් සතුටින් හිටියා. අදටත් අපි ගොඩක් සතුටින්.
අද කතාව ගොඩක් දිග වුනාට සමාවෙන්න....

2010/05/18
අවසාන පද වැල .....
හීන පිරැ
කප් කෙලක් පැතුමන්
වරා මල් පොකුරක්ය .....
නුඹට පව් නෑ ...
මහිත් මුඩු බිමට
ලදලු පැතුමක් ගෙන
වසන්තය වී ..
උදාවුවාට නුඹට පින් ......
තව කුමට කරැණු සොයනුද
මා වෙතින් නික්මෙන්න ...
වසන්තය පැතුමක්ව
ඔබ යන්න ..... තවත් ලොවකට ....
ඒ වුනත්
මට දුන් දුක නොදෙන් ......
කෝ දෙන්න මට ...
මගේ ජීවිතය ....
අරගන්න ඔබ පිදු පෙම .....
දුන්නාටත් වඩා වැඩිපුර .....
මේ තමයි අවසාන පද වැල ....
ඔබ නමට මෙමා පබදින .......
කප් කෙලක් පැතුමන්
වරා මල් පොකුරක්ය .....
නුඹට පව් නෑ ...
මහිත් මුඩු බිමට
ලදලු පැතුමක් ගෙන
වසන්තය වී ..
උදාවුවාට නුඹට පින් ......
තව කුමට කරැණු සොයනුද
මා වෙතින් නික්මෙන්න ...
වසන්තය පැතුමක්ව
ඔබ යන්න ..... තවත් ලොවකට ....
ඒ වුනත්
මට දුන් දුක නොදෙන් ......
කෝ දෙන්න මට ...
මගේ ජීවිතය ....
අරගන්න ඔබ පිදු පෙම .....
දුන්නාටත් වඩා වැඩිපුර .....
මේ තමයි අවසාන පද වැල ....
ඔබ නමට මෙමා පබදින .......
2010/05/13
මගේ ආදර කතාව 7
ආයෙමත් ගොඩ දවසකට පස්සෙ මගෙ ආදර කතාවත් අරගෙන ආවා. මගෙ කතාව ගොඩක් දිගට යන නිසා එපා වෙලාද දන්නෙත් නැහැ. අද තවම මගෙ ආදර කතාවෙ හත් වෙනි දවස. මහත්තයා මට ආදරෙයි කියලා එත් වැඩක් නැහැ කියලා තවම ගත වුනෙ දවස් හතයි. එ දවස් ටික මම නුවර ගෙදරට වෙලා හිටියා ගොඩක් දුකින්. එ දවස්වල මම බලාන හිටියෙ ගෙදර කවුරැත්ම නැති වෙන වෙලාවල් හේතුව එතකොට මට පුලුවනි ගෙදර phone එකෙන් මගෙ හොදම යාලුවො එක්ක කතා කරන්න. එ දවස් ටික එහෙම ගත වෙලා 2006 දෙසැම්බර් 27 මම NIBM lectures ගියා.
එදා උදෙත් මම සුපුරැදු විදිහට උදේ කෝච්චියෙ ගියා. අපි වෙනදා වගෙම කිසිම වෙනසක් නොපෙන්වා ගියා හේතුව වුනෙ අපිත් එක්ක ගොඩක් අය ගියා. අපෙ වෙනස් හැසිරිමක් දැක්කොත් අපි ගැන වැරදියට හිතන නිසා එහෙම ගියා. එදා හවස මම lectures ඉවර වුන ගමන් එන්න හිතාන හිටියෙ. එ වුනත් මම lectures ඉවර වෙලා එලියට එද්දි මහත්තයා අපේ lecture hall එක ඉස්සරහා හිටන් ඉන්නවා. මම එයාව මග ඇරලා යන්න හිතාන හිටියත් මට එදේ කරගන්න බැරි වුනා. ඉතින් මම වෙනදා වගෙම මහත්තයා එක්ක ගෙදර යන්න පිටත් වුනා එ වුනත් වෙනදා වගෙ හිතේ සතුටින් නෙවෙ. මම කතාව මග අරින්න කොයි තරම් උත්සාහ කලත් එයාට වුවමනා වුනෙ මම එයාට තවමත් ආදරෙයිද දැනගන්න. කලින් දවසෙ වගේ එදත් අපි කොටුව station එකට ගිහින් රාගම කෝච්චියෙ ගෙදර ගියා.
වෙනදා මම තමා වැඩිපුර කතා කරන්නෙ. එ වුනත් එදා මම ගොඩක් නිහඩයි මහත්තයා ගොඩක් කතා කලා. මහත්තයා අනිත් අය එක්ක ඉද්දි ගොඩක් කතා කලාට එයා හරි කැමතියි මාත් එක්ක ඉද්දි මම කතා කරනවා අහන් ඉන්න. එත් එදා එයා ගොඩක් වෙනස්. අපි රාගම බැහැලා රේල් පාර දිගේ ඇවිදගෙන ගියා. එ යන මග දිගටම මහත්තයා ඇහුවෙ මම එයාට ආදරෙයිද කියලා. මම පුලුවන් තරම් මග ඇරියා.
මම මහත්තයාට වඩා ටිකක් වේගෙන් ඇවිදගෙන ගියා එයා ලගින්ම යද්දි හිතට දුක නිසා. එකපාරටම මහත්තයා ටික වෙලාවක් නිහඩව ගිහින් එක පාරටම මගේ අතින් වේගෙන් ඇද්දා. එ වේගෙට මම මහත්තයාගෙ ඇගේ හැපිලයි නතර වුනේ. මගේ මහත්තයා එතනම නතර වෙලා මගෙන් ඇහුවා මොනදේ වුනත් මම එයා ලග ඉන්නවාද හැමදාම එයාගෙ වෙනවාද කියලා. මම ගල් කරන් හිටි හිත එහෙමම දියවෙලා ගියා. මම කිවා මම එයාට ගොඩක් ආදරෙයි හැමදාම එයා ලග ඉන්නවා මොනදේ වුනත් කියලා. ඉන්පස්සෙ මගෙ මහත්තයා ගොඩක් තදින් මගෙ අතින් අල්ලගෙන ගියා. අපි අපේම විතරක් වුනා හැමදේම අමතක කරලා. ඒ විදිහටයි මගේ ආදර ජිවිතේ පටන් ගත්තෙ.
අදින් පස්සෙ එක දිගට දවස් වලට කතාව කියාගෙන යන්න මට බැරිවෙයි. එවුනත් මම මගේ ආදර ජිවිතේ වැදගත් සිදුවිම් කියන්නම්... අද කතාව දිග වුනාට සමාවෙන්න.

2010/05/11
පින්සාර හිනයක දැවටෙන්න
වැහිබර වු අහස් කුස
නිල් වැස්ස වැටෙනකොට
සුදු කෝපි මල් සුවද
ඉරිතලා මැකෙනවා
හිත් ගැබට තුරැලු වුණ
දුකට කොදුරපු කවිය
ගැබ්බර වු දැස් අග
පිණි කදුලු සලනවා....
වලාමත හිනැහෙන්න
අර ඇන්ද දේදුන්න
හිත් අහස කලු කරන්
දුර ඈත ඇදෙනවා....
සද පිපුණු එක රැක
කප් සියක් තරැ පොකුරැ
පින්සාර හිනයක
දැවටෙන්න හදනවා.....
නිල් වැස්ස වැටෙනකොට
සුදු කෝපි මල් සුවද
ඉරිතලා මැකෙනවා
හිත් ගැබට තුරැලු වුණ
දුකට කොදුරපු කවිය
ගැබ්බර වු දැස් අග
පිණි කදුලු සලනවා....
වලාමත හිනැහෙන්න
අර ඇන්ද දේදුන්න
හිත් අහස කලු කරන්
දුර ඈත ඇදෙනවා....
සද පිපුණු එක රැක
කප් සියක් තරැ පොකුරැ
පින්සාර හිනයක
දැවටෙන්න හදනවා.....
Subscribe to:
Posts (Atom)