2012/08/07

රාජ්‍ය බැංකු සහ මම

ගොඩ දවසකට පස්සේ බ්ලොග් පොස්ට් එකක් ලියන්න ඔනේ කියලා හිතුනා පහුගිය දවසක සිදු වුන සිදු වීමක් නිසා. මම දැම්ම මාතෘකාව දැක්ක ගමන් හිතා ගන්න පුලුවන් වෙන්න ඇති මම කියන්න යන්නේ මොකක්ද කියලා. වැල් වටාරම් නැතිව මම කතාව කියන්නම්කො එහෙනම්.

මට අලුතෙන් ජොබ් එකක් හම්බ වුනා. දැන් හරියටම මාසයක් වෙනවා. ඉතින් ඔය ජොබ් එකට ගිහින් පලවෙනි වැටුප හම්බ වුනා ගිය මාසේ තුන් වෙනි සතියේ. එක හම්බ වුනේ චෙක් එකකින්. චෙක් එකකින් හම්බ වුනා කියලා මහා ලොකු ගානකුත් නැහැ. අනේ මම ජොබ් එක මොකක්ද කියලා කියන්නේ නැහැ හේතුව මම එකට ඒ තරම් කැමති නැති නිසා. ඉතින් ඔය චෙක් එක හම්බවෙලා සතියක් විතර යනකම්ම මට ඒක බැන්කුවට යන්න බැරි වුනා ඒක පොතට දාන්න. හේතුව වුනේ මට ලැබෙන්න තිබුන මූලික වැටුපට වඩා සුලු ප්‍රමාණයක් අඩුවෙන් හදලා තිබුණ නිසා එය නිවැරදි කරගන්නත් පෙන්නන්න ඔනේ වුනානෙ.

ඒ වුනත් නියමිත විදිහට වැඩේ වුනේ නැහැ. එතන වැටුප් අංශයේ කෙනා කිවේ එක දවසක් වැඩ භාර ගැනීමට පමා වුන නිසා ඒ මුදල් ප්‍රමාණය කපාගෙන තියනවා කියලා. ඒක කොයි තරම් දුරට හරිද කියන්න මම දන්නේ නැහැ. මගේ පත්වීමේ ලිපියේ දිනය තිබුනේ ජූනි 29. එදා මොනම විදිහකින්වත් වැඩ භාර ගන්න යන්න බැහැ. හේතුව වුනේ ලිපිය ගන්න තිබුනේ කොලඹින් මම වැඩ කරන ස්ථානය තිබුනේ නුවර. ඊට පස්සේ සෙනසුරාදා සහ ඉරිදා නිවඩු දින දෙකට පස්සේ මුලින්ම යන්න පුලුවන් සදුදා වැඩ භාර ගත්තා. ඉතින් එයාලාගේ වැටුප් සාදන ක්‍රමය අනුව මූලික වැටුපෙන් සුලු ප්‍රමාණයක් අඩු කරලා තිබුනා. ඊලග සතියේ ඒ පිලිබදව ඔවුන්ගෙන් විමසිය යුතු නිසා චෙක් එක බැංකුවේ තැන්පත් කරන්න සතියක් ප්‍රමාද වුනා.

කොහොම හරි ඉන් පස්සේ මම අම්මා එක්ක දවසක් ගියා චෙක් එක බැංකු පොතට දාන්න බැංකුවට. මම අම්මා එක්ක බැංකුවට ගියා 1.45 ට විතර.  මම එද්දිත් අම්මා චෙක් එක දාන්න ස්ලිප් එක පුරවලා සල්ලි ගන්නත් ස්ලිප් එකක් පුරවලා මට තිබුනේ ඒක අත්සන් කරන එක විතරයි. එ මදිවට අම්මා පොලිමේ මුලම හිටියා. මමත් හිතුවා ඉක්මනට වැඩේ කරගෙන යන්න පුලුවන් වෙයි කියලා.

ඒත් විනඩි දහයකට වඩා එතන පොලිමේ හිටන් හිටියා එතන counter එකේ හිටපු කෙනා බැංකුවේ මුදල් වගයක් මචිනෙ එකෙන් ගැන්නා. එක කමක් නැහැ කියලා හිතා ගත්තා එතන හිටපු වෙලාව සාධාරණ හේතුවක් කියලා. ඉන්පස්සේ අම්මාගෙත් මගේත් වාරය ආවා. අම්මා නිත්‍ය සමාජිකයෙක් නිසා අම්මාට ඉක්මනට මුදල් ගන්න පුලුවන් වුනා. අම්මාගේ වැඩේ ඉවර වුනාම අම්මා මට කියපු විදිහට මමත් ID එකත් එක්ක ස්ලිප් දෙක චෙක් එකයි බැංකු පොතයි එක්ක දුන්නා.  චෙක් එක ආපහු දුන්නා මෙතනට නෙවේ ඉස්සරහා counter එකට දෙන්න කියලා. මමත් හා කියලා අපහු ගත්තා. ඉන්පස්සේ මගේ account number එක එහෙම enter කලා මුදල් අපසු ගන්න. මෙන්න මෙයා කියනවා මෙකෙන් සල්ලි ගන්න බැහැ account එක නිශ්ක්‍රිය තත්වයේ තියෙන්නේ කියලා. මටත් හිතා ගන්න බැහැ. ඇත්තම කියනවා නම් මම ඒ බැංකුවේ account එක පටන් ගත්තේ මට ලැබෙන්න තිබුන මුදල් වගයක් ගන්න විතරමයි හේතුව ඒ මුදල දාන්න පුලුවන් ඒ බැංකුවේ account එකකට විතරයි කියලා අදාල ආයතනයෙන් දැනුම් දීලා තිබුනා.


ඉතින් ඒ මුදල් දැම්මේ 2011 දී. ඉන්පස්සේ මම ඒ account එකේ මුදල් තැන්පත් කලේවත් ආපසු ගත්තේවත් නැහැ. ඒ නිසා account එක අක්‍රිය තත්වයට පත් වෙලා. ඉතින් එතන counter එකේ හිටි කෙනා කිවා සක්‍රිය කරන්න දාන්නම් ඉස්සරහා මිස් කෙනෙක් ඉන්නවා එයාට කියලා ස්ලිප් එක අත්සන් කරවා ගන්න කියලා. ඊට පස්සේ මමත් ඒ ස්ලිප් එකත් අරගෙන ඒ කියපු මිස් ලගට ගියා අම්මත් එක්කම. එයා වෙන වැඩක හිටියා එතන පුටුවේ ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩ සිටියා. ඒ නිසා මමත් ටිකක් පැත්තකින් හිටියා. ටිකකින් ස්වාමීන් වහන්සේගේ වැඩේ ඉවර වුනා.
ඉතින් මමත් මගේ බැංකු පොත දික් කලා. එකේ උඩින්ම පෙන්න තිබුනේ චෙක් එක. ඒපාර එයා මගේ ඇගට ගොඩ වුනා චෙක් එක දෙන්න ඔනේ මෙතනට නෙවේ ඉස්සරහාට කියලා. මම කිව චෙක් එක නෙවේ මේ account එක නිශ්ක්‍රිය නිසා මෙතනට දෙන්න කියලා අර counter එකේ මිස් කිවා කියලා. එපාර අයෙමත් අරගෙන බලලා කියනවා මට නෙවේ අර ඉස්සරහා ඉන්න සර්ට දෙන්න කියලා.

මගේ අතේ ටිකක් බර බැග් එකකුත් තිබුන නිසා අම්මා කිවා එහෙනම් එතනට ගිහින් අත්සන් කරගන්න මම බැග් එක තියගෙන ඉදගෙන ඉන්නම් කියලා. මමත් හා කියලා එතනට ගියා. එතන වෙන කෙනෙක් හිටියා වැඩකට ඇවිත්. එයා ඉවර වෙනකම් ටික වෙලාවක් හිටියා. විනඩි 15 විතර හිටියාම එයාගේ වැඩේ ඉවර වෙලා මගේ වාරය ආවා. ඉන්පස්සේ මම මගේ බැංකු පොත දුන්නා චෙක් එකයි ස්ලිප් එකත් එක්ක. ඒක අත්සන් කරලා දීලා ඇහුවා වැටුප්ද කියලා මම කිවා ඔව් කියලා. ඉන්පස්සේ කිවා අර counter එකට යන්න කියලා. මමත් එතන තිබුන දිග පොලිමේ හිටගෙන හිටියා
ඔහොම ඉද්දි මම කලින් ගියපු මිස් ලගට ආබාධිත කාන්තාවක් ආවා එයාගේ account එකෙන් රුපියල් දාහක් ගන්න ස්ලිප් එක අත්සන් කරගන්න. ඒ කාන්තාවට අකුරු ලියන්න හැකියාවක් නැහැ අත්සනට තබන්නේ ඇගිලි සටහන. ඒ කාන්තාව එතනට ඇවිත් ඉදගෙන ස්ලිප් එක දික් කරගෙන ඉන්නවා. අර බැංකු නිලධාරිනිය කියනවා අපි වැඩ කරන්නේ මුදල් එක්කනේ ටිකක් හෙමින් කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ ඔහොම ඉන්න ටිකක් කියලා වෙන වැඩක. ඒ කන්තාවත් ඉදගෙන හිටියා වෙන කරන්න දෙයක් නැති නිසා. ඊට විනාඩි පහකට විතර පස්සේ යන්තම් ඇගේ ස්ලිප් එක ගත්තා. ඉන්පසු  ඒ කාන්තාව පුරවගෙන ආව ස්ලිප් එක අරගෙන නම බැලුවා. ඒ කාන්තාව එකේ ලියලා තිබුනේ නමේ කොටසක් විතරයි. අනිවාර්යයෙන්ම ඇය එය පුරවාගන්න ඇත්තේ එතන හිටි කෙනෙක්ට කියලා කියන එක විශ්වාසයි. ඒ අසරණ කාන්තාවට බැංකු නිලධාරිනිය සද්දෙ දැම්මා මේකේ නම මුල් අකුරු එක්ක ලියාගෙන එන්න කියලා. ඒ අසරණී නිහඩවම ගිහින් නැවත ස්ලිප් එකක් පුරවගෙන අවා.

මේ හැමදෙයක්ම හෙලවෙන්නේ වත් නැති පොලිමකට වෙලා මමත් බලා වුන්නා. ආයෙමත් අර කාන්තාව ඇවිත් ඇය පුරවාගෙන ආව ස්ලිප් එක දුන්නා. ඇය එය ගනනකටවත් නොගෙන පරිඝනක තිරය දෙස බලාගෙන හිටියා. ඉන් පස්සේ තවත් විනඩි පහකට විතර පස්සේ ස්ලිප් එක අරගෙන ආයෙම නම බැලුවා. අයෙමත් නම තියෙන්නේ පරන විදිහටමයි. අර නිලධාරිනිය අයෙමත් කියනවා මුල් අකුරු එක්ක නම ලියන්න කියලා. අර කාන්තාව බොහොම අසරණ වෙලා අයෙමත් නැගිටින්න හදනවා. මටනම් ඒ වෙලාවේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියා.

මම අර කන්තාව නතර කරලා දෙන්න මම පුරවලා දෙන්න කියලා ඇගෙන් ස්ලිප් එක සහ බැංකු පොත ගත්තා. අරගෙන ඇගේ නම බලලා මුල් අකුරු ලියා දුන්නා. ඇත්තටම ඒ වෙලේ අර බැංකු නිලධාරිනියට ලැජ්ජා හිතුනා හේතුව ඒ අසල පොලිමේ සිටි සියලුම දෙනා මේ සිදුවීම බලන් හිටියා. ඉන්පස්සේ ඒ නිලධාරිනිය අර කාන්තාවට කියනවා අපරාදෙනේ කලින් ස්ලිප් එකේම ලියගන්න තිබුනානේ ගෙදරින් කවුරුත් ආවේ නැතිද කියලා. නැහැ කිවාම කියනවා ඊලග දවසේ කාව හරි එක්ක එන්න කියලා. ඉන්පස්සේ ඇය ඇගිලි සලකුන තියනවා නමුත් ඒක වදින්නේ නැහැ. හේතුව ඇගේ අතේ පුන්චි ඇදයක් තියනවා. අයෙමත් අර බැංකු නිලධාරිනිය කියනවා හරියට ඇගිලි සලකුන තියන්න කියලා.

අඩුම තරමේ ඒ නිලධාරිනිය ඇගේ අතින් අල්වා ඇගිලි අත්සන තියන්න තරමටවත් කාරුණික වුනේ නැහැ. මට ඒ වෙනුවෙන් කිසිම දෙයක් කරන්න බැරි වුනා මම counter එක ඉස්සරහා මගේ වාරය නිසා.

ඉන්පස්සේ මම මගේ බැංකු පොත ස්ලිප් එකත් එක්ක එතන counter එකට දුන්නාම ඒ counter එකෙන් කිවා මේක නිශ්ක්‍රිය account එකක් මේක එහා පැත්තේ මිස් ගෙන් අත්සන් කරගන්න ඔනේ කියලා. මටත් හොදටම තරහා ගිහින් හිටි නිසා මම කිවා එතනට ගියාම අර සර් ලගට යන්න කිවා එතනින් කිවා මෙතනට එන්න කියලා. මේක කරන්න තව ගොඩක් වෙලා ගොඩක් තැන් වලට යන්න ඔනේ නම් මගේ බැංකු පොත දෙන්න මම යන්නම් කියලා.

ඉන්පස්සේ ඇය කතාවකින් තොරව ඇයට එහා අසුනේ සිටි කලින් කිව නිලධාරිනියට මගේ බැංකු පොත දීලා අර මිස් ලගට යන්න කිවා. ඉන්පස්සේ මම එතනට ගියා. ඇය මගේ ස්ලිප් එක අත්සන් කරලා පොතක් සමග අයෙමත් මට දුන්නා අර සර්ට කියලා අත්සන් කරගෙන පොලිමේ ඉන්නේ නැතිව counter එකට එන්න කියලා. මම කරන්න දෙයක් නැති නිසා කලින් වතාවක් ගියපු සර් ලගටම ගියා. ඒ වෙලාවේ ඔහු මගෙන් අහනවා ඇයි මේ account එක පාවිච්චි කරන්නේ නැත්තේ කියලා. එපාම වෙලා හිටි මටත් කියන්න තියෙන ටික කියන්න හොඩම වෙලාව ක්යලා මාත් කියවන්න ගත්තා.
මේ වගේ පොඩි ගනක් ගන්න දැන් පැයකට වඩා මම මෙතන රස්තියාදු වෙනවා මම හැමදාම ගනුදෙනු කරන්න පැය ගනන් රස්තියාදු වෙන්න බැහැ කියලා. ඉන්පස්සේ ඔහු කිවා නිතර ගනුදෙනු කරනවානම් මේ තරම් කරදරයක් නැහැ කියලා. මමත් බැංකු ගිය පලවෙනි වතාව නෙවේනෙ මම කිවා අහවල් බැංකුවේ මම අවුරුදු ගනන් කිසිම ගනුදෙනුවක් කරන්නේ නැතිව ඉදලා ගියත් කිසි කරදරයක් නැතිව වැඩේ කරගෙන එන්න පුලුවන් කියලා. ඉන්පස්සේ ඔහු කියනවා මේවා ඉතින් මහ බැංකුවෙන් ගේන නීතීනේ කියලා. මම හිනා වෙලා අයෙමත් කිවා මොනවා වුනත් ඔයාලා රජ්‍ය සේවකයො විදිහට මිනිස්සුන්ට මීට වඩා හොදට සේවය කරන්න කියලා

සමහර නිලධාරින් ඉන්නවා අසරණ කෙනෙක්ට කිසිම උදවුවක් කරන්නේ නැහැ කියලා. මම ඒ වෙලාවේ ඔහුට කිවා මම ඒ මොහොතේ අත්දැකපු සිදුවීම. ඔහු එය සධාරණීකරනය කරන්න කියනවා අපිට එහෙම ස්ලිප් පුරවන්න පුලුවන් කමක් නැහැ කියලා. මමත් ඒ නීතිය දන්නවා ඒත් ඇයව දන්න කියන වෙන කෙනෙක් වෙත යොමු කරන්න තිබුනා. මම ඒ ගැනත් ඔහුට පැහැදිලි කලා. කොහොම වුනත් මගේ හඩ ටිකක් වැඩි වෙන්න ඇති actions දාලා කතා කරන නිසා අම්මත් බය වෙලා මගේ ලගට ආවා. ඔහු සමග තවත් කතා කිරිමෙන් පලක් නැති නිසා මම එතනින් නැගිටලා counter එකට ගිහින් ස්ලිප් එක දුන්න.

යන්තම් මගේ මුදල් එ වෙලාවේ ගන්න පුලුවන් වුනා. ඉන්පස්සේ මම අම්මා අතට චෙක් එක දීලා සල්ලි ටික දාගත්තා. අම්මා ඉස්සරහා counter එකට ගිහින් චෙක් එක දීලා තිබුනා මම ඉස්සරහාට යද්දි. එතන හිටි නිලධාරිනිය අම්මා අදුරන කෙනෙක්. ඇය අම්මාගෙන් චෙක් එක ස්ලිප් එකත් එක්ක අරගෙන තිබුනා. ඇය එදින හවසම ඒක දාන්න පොරොන්දු වුනා. මම එතනට යද්දි ඇය මගෙන් ඇහුවා බැංකුව එපා වුනාද කියලා. මටත් හිනා මම කිවා අපො එපාම එපා වුනා කියලා. ඇයටත් හිනා. ආයේ චෙක් එක අරන් කෙලින්ම මගේ ලගට එන්න කියලා සුහදව කිවා.

ඒ වෙනකොට 2.50 වෙලා මම බැංකුවට එද්දි 1.40ට විතර ඇති. මම පැයකට වඩා බැංකුවේ රස්තියාදු වුනා සුලු මුදලක් තියන චෙක් එකක් තැන්පත් කරන්න සහ බොහොම සුලු මුදලක් ගන්න ගිහින්. ඇත්තටම මට එදා රාජ්‍ය බැංකු එපාම වුනා.

අසරණ කෙනෙක්ටවත් උදවු කරන්නේ නැති ඒ වගේ මිනිස්සුන්ගෙන් ඇති වැඩේ මොකක්ද කියලා මට හිතුනා. අපි පුද්ගලික අශයේ බැකුවකට ගියොත් තිබෙන පිලිගැනීමත් අසරණ කෙනෙක්ට උදවු කරන ආකාරයත් දැක්කාම රාජ්‍ය අශයේ සේවකයන් ගැන බොහොම කල කිරීමක් ඇති වෙනවා. මේක කියවන ඔයාලත් රාජ්‍ය සේවකයෙක්නම් කරුණාකරලා මේ වගේ හැසිරෙන්නේ නැතිව කාරුණිකව තමාගේ සේවය බලාපොරොත්තු වෙන කෙනාට උදවු කරන්න.

ලියාගෙන යද්දි දිග වැඩි වුනා. සමාවෙන්න ඒ ගැන නම්....

19 comments:

  1. ඇයි මේ නම නැතිව බැංකුව ගැන කියවන්නෙ? හැම දෙනාටම දැන ගන්න නම කියන්න. මගේ සියලුම රාජ්‍ය බැංකු ගිණුම් මම ජොබ් එකට ගිය අලුත කැන්සල් කලා මේ කාලකණ්ණින්ගෙ වැඩ නිසා. රටටම හෙණ ගැහිලා තියෙන්නෙ ඉහල ඉඳන් පහලටම ඉන්න කාලකණ්නි නිසා තමයි

    ReplyDelete
    Replies
    1. මට බැංකුවේ නම කියන්න පුලුවන් කමක් නැහැ. මමත් ඔය බැංකුවට යන්න interview ගියා. මට අනිවාර්යෙන් මේ බැංකුවේ account එක තියාගන්න වෙනවා අකමැත්තෙන් වුනත් හේතුව මගේ වැටුප් ලබාගන්න වෙන්නේ ඒ බැංකුවෙන් නිසා

      Delete
  2. ඔයා හිතනවද හැම රාජ්‍ය බැංකුවක්ම ඔහොමයි කියලා. එක ශාඛාවක දුර්වලකම් පොදුවේ ගන්න එපා. ඒ බැංකු රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් තව ගොඩක් දේ කරනවා. ඒ හැම එකක් අතරෙම අනික් CUSTOMERSLATH handle කරනවා. ඔයාලා privet banks එක්ක ගණුදෙනු කොච්චර කලත් රටට ඇති සෙතක් නෑ.ඒවායේ ලාබය director board 1ක බෙදිල යයි. රාජ්‍ය බැංකු ලාබය ආයෙත් මේ රටටම තමයි. 2011 මේ රටේ ප්‍රධාන රාජ්‍ය බැංකු 2 බිලියන 15 ඉක්මවලා ලාබ පෙන්නුවෙ හරියට වැඩ කරලා..

    ReplyDelete
    Replies
    1. Oyaata poddak pehedili karanna puluwanda Government Bank 15 Billion Rupee Laabayak lebuwe Kohomada Kiyala..

      Delete
    2. මම දන්නවා රජ්‍ය බැංකු වලින් රටට වැඩක් වෙන්නේ කියලා. මගේ දෙමව්පියො විශ්‍රාම වැටුප් ගන්නේ දැන් මම වැටුප් ගන්නේ රාජ්‍ය බැංකු වලින් තමා ඒත් එයාලත් යැපෙන්නේ අහිංසක ජනතාවගේ බදු මුදල් වලින්ම කියන එක අමතක කරලා තමන්ගේ සේවය හරියට කරන්නේ නැති වුනාම පුද්ගලික බැංකු හොදයි කියන්න වෙනවා. රාජ්‍ය බැංකු වල customers ලා handle කරන අපූරුව ගැනනම් කියලා වැඩක් නැහැ. මම ඇස් දෙකින්ම අත් වින්දා. අවුරුදු ගානක් අවංක රාජ්‍ය සේවකයෙක් වෙන අපේ අම්මාත් ඊට ටික දවසකට කලින් අත් විදලා තියෙනවා.

      Delete
  3. ඔබේ පැමිණිල්ල බැංකුවේ නමත්, ශාඛාවත් සමඟ යොමු කරන්න. http://www.financialombudsman.lk

    ReplyDelete
  4. people banks wenna ona sure ekatama..rate uda ekage idala horu,,,,,minihekta help ekak denna akamathi kalakkani

    ReplyDelete
  5. Bank una tiyena kattiyak tama boc peoples deke inne ganudenu karuwanta sala kanna nam danne ma ne.

    ReplyDelete
    Replies
    1. එක අතකින් දේශපාලන හයි හත්තියට බැංකුවේ රැකියාවට ආපු උදවියනේ ඉන්නේ එහෙම වුනාම ඒ ලොකු කම නිසා ගනුදෙනු කරුවන්ට සලකන්නේ නැහැ.

      Delete
  6. මෙහෙමයි ගොඩක්ම ඔය ආණ්ඩුවේ බැංකුවල ඉන්න සේවකයෝ තමන්ගේ සුදුසුකම් වලට දැණුමට ඔතනට ගිය අය නෙවෙයි. වැඩි පුර ඉන්නේ දේශපාලන හෝ වෙනත් සබඳතාවලට පිංසිද්ධ වෙන්න ඔය රස්සාවට ගිය මිනිස්සු. ඉතින් ඉහල ඉඳන් පහලටම තියෙන්නේ ඔය තත්වය තමයි. අර කව්ද කියනව වගේ සමාජ සුභසාධන අරමුණු නම් රාජ්‍ය බංකුවල තියෙනව තමයි ඒත් ඒවා තියෙන්නේ ප්‍රතිපත්ති වල විතරයි. මොකද අර විදිහට රාජ්‍ය බැංකු වල රස්සා ගත්ත මිනිස්සුන්ට තමන්ගේ රැකියාවේ වගකීම ගැනවත්, රට ගැනවත්, මිනිස්සු ගැනවත් හැඟීමක් ඇතිවෙන්නේ නෑනේ, එයාල ලඟ තියෙන්නේ පුහු අහංකාරය සහ නොහැකියාව විතරයි. ඔය බැංකුවේ නම කිව්වනම් හොඳයි ඒත් හැම රාජ්‍ය බැංකුවක්ම ඔය වගේ තමයි ඒ නිසා ඒකේ විශේෂත්වයකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කතාව හරියටම හරි....

      Delete
  7. මේක කියවන ඔයාලා රාජ්‍ය සේවකයෙක් නම් ...... කියලා තිබුන නිසා සටහනක් දාලා යන්නම හිතුනා මොකද මෙතන නමකින් බැ0කුව සදහන් නොකරපු නිසා මම වැඩ කරන බැ0කුවටත් පොඩි හරි අවමානයක් වෙන්න වගේ පුලුවන් නිසා. මොකද රාජ්‍ය බැ0කු ගොඩාක් නැහැනේ...

    කියපු ගොඩාක් දේවල් එක්ක එකග නැ. අනික ඔහොම උනත් ඒක බැ0කුවක් එහෙමමයි කියන්න තරම් සුදුසුයි කියලා මම හිතන්නේත් නැ.

    සමනයෙන් ඔය අක්‍රිය අ0ශය ගැන ගොඩක් දෙන හරියට අවබොදයක් නැ කියල මම හිතනවා. ඇත්තටම එක ගනුදෙනු කරුගේ ආරක්ශාවට යොදපු දෙයක්. ඔය මස 6ක් විතර මුදල් අපසු ගැනිමක් නොකල නිසා තමයි එහෙම වෙන්නේ...

    ගනුදෙනු කරන එක නොකරන එක ඔයාගෙ කැමත්ත. නමුත් මෙතන මම දැක්ක විඩිහට අම්ම්මට ප්‍රශ්නයක් උනෙ නැ කියල කිවනෙ ඒ කියන්නෙ සම්පුර්න වැරද්ද බැන්ක් එකටම දන එක වැරදියි.

    ඔයගෙ ගිනුමත් සක්‍රිය තත්වයෙන් තිබුන නම් මෙ කියන ප්‍රශ්න ඇති වෙන එකක් නැ.
    නමුත් කෙයා නොකර උන්න නම් එක වැරදියි.

    එත් රජ්ය බැ0කු 2 තමයි ගිය වසරෙත් වැඩිම ළබ ලැබු බැ0කු උනේ... සෙවය ඔය කියපු විදිහ නම් කවදවත් ඒ තැනට යන්න පුලුවන් වෙන එකක් නැහනෙ

    ReplyDelete
    Replies
    1. මගේ ගිණුමේ මුදල් ආපසු ගැනීමක් කරලා නැහැ තමා එකට හේතුව මට පොලිම් වල ගිහින් ඉන්න තරම් වෙලාවක් තිබුනේ නැහැ මම කොළඹ හිටි කාලයේ ඉන් පස්සේ මම ගෙදර ආවාට පස්සේ මට මුදල් ගැනීම අවශ්‍ය වුනේ නැහැ.
      ඒත් මම මුහුණ දුන්නු අපහසුතාවය මගේ වැරැද්දක් නිසා වුනත් අර ආබාධිත කාන්තාව රුපියල් දහසක් වෙනුවෙන් මුහුණ දුන්න අපහසුතාවය සාධාරණද? මම ලොකු කමකට කියනවා නෙවේ මම ඒ වෙලාවේ ස්ලිප් එක පුරවලා නොදුන්නා නම් තව කීපාරක් හරවලා යවයිද දන්නේ නැහැ. ඒ වෙලාව දවල් 2.15 ට විතර. මම දවල්ට කාලත් නැහැ. ඒ අහිංසකයාත් සමහරවිට තමන්ගේ කැම සපයාගන්න මුදල් ගන්න එන්න ඇත්තේ. ඔය විදිහට මිනිස්සුන්ට සලකලා ලකුණු ලබන බැංකු මොකටද?
      ලොකු ලොකු ගනු දෙනු කරුවන්ට නම් හොදින් සලකනවා කියලා අපි දන්නවා. එත් මෙහෙම අයටත් සලකන්න ඔනේ.

      Delete
    2. මුදල් ගන්න කාඩ්පතක් පාවිච්චි කරන්න පුලුවනිනෙ. අපරාදෙනෙ පෝලිමේ ඉන්නෙ. යම් කාලසීමාවක් ගිනුමෙන් මුදල් නැවත ගත්තෙ නැතිනම් තියෙන මුදල් ආරක්ෂාවට ගිනුම අක්‍රිය කරනවා. නමුත් ඒ කාලසීමාව තුල කාඩ්පතක්වත් පාවිච්චි කරලා තිබුනනම් ඒ විදියට අක්රිය වෙන්නෙ නෑ.
      කාර්යමණ්ඩලේ සමහරඅය මේ විදියට අන් අයව අපහසුවට පත් කරන බව අපිත් දන්නවා. නමුත් පුද්ගලික බැංකු එක් අයෙකුට සේවය සපයන්න ගත කරන කාලසීමාව තුලදි රාජ්‍ය බැංකුවල කවුන්ටරයකින් කීපදෙනෙක්ට සේවය සපයනවා. දැකලා ඇති නේද පෝලිමේ මුලම ඉන්න කෙනා ස්ලිප් එකක අත්සන දමන කාලය තුලදි රාජ්‍යබැංකුවල පෝලිමේ ඊළඟ කෙනාගෙ ස්ලිප්එක ගන්න බව. බොහොමයක් බැංකුවල මේ වෙලාවෙදි අත්සන දමනකන් කවුන්ටරේ කෙනා බලාන ඉන්නවා.

      Delete
    3. ඔබට පුලුවනි බැංකුවේ වගකිවයුතු අයෙකුට මේ ගැන පැමිණිලි කරන්න. එවිට ඒ ගැන පරික්ශණයක් පවත්වලා පියවරක් ගනීවි. (මේ වෙද්දි බොහෝ බැංකුවල කැමරාපද්ධති සවි කරලා තියෙන නිසා පරික්ෂණ කටයුතුවලටත් පහසුවක්)

      Delete
  8. අකමැත්තෙන් වුනත් මටත් කියන්න සිද්ද වෙනවා මමත් දැන් මම අකමැතිම රජයේ රැකියාවක් කරන රාජ්‍ය සේවකයෙක්. මට වුන කරදරය මට ඉවසගන්න පුලුවන්. එත් මට ඉවසන්න බැරි අර ආබාධිත කාන්තාවට වුන අපහසුතාවය. තවත් මම බැංකුව මොකක්ද කියලා හන්ගන්නේ නැහැ. එතන වැඩ කරන අය මේක කියෙවුවත් කමක් නැහැ. බැංකුව කටුගස්තොට මහජන බැංකුව. තවමත් ඔයාලා කියනවානම් රාජ්‍ය බැංකු වල සේවය සුපිරියි කියලා එන්න මගෙත් එක්ක දවසක් බැංකුවට යන්න කී දෙනෙක් අපහසුතාවයට පත් වෙනවාද කියලා පෙන්වන්නම්....

    ReplyDelete
  9. මටත් ඉස්කොලේ යන කාලේ තිබුන සිසු උදාන ගිණුමක් නිසා මහජන බැංකුවත් එක්ක අත්දැකීම් තියෙනවා ඉස්කොලේ කාලෙන් පස්සේ ඒ ගිණුම වැඩිහිටි ගිණුමකට මාරු කරගත්තත් එයාලත් එක්ක වැඩ කරද්දී විදින්නට සිදු වුනු අමිහිරි අත්දැකීම් නිසාම මම ඒ ගිණුම වහල මුදල් පෞද්ගලික බැංකුවක දැම්මා. පස්සේ පෞද්ගලික ආයතනයක ගිණූම් අංශයක සේවය කරද්දී ලංකා බැංකුව එක්කත් වැඩ කරන්න වෙච්ච නිසා එයාල ගැනත් අමිහිරි අත්දැකීම් ගොඩක් ලබා ගත්තා. දැන් නම් මම රාජ්‍ය බැංකුවක් දිහා ඇහැක් ඇරල බලන්නේ නෑ.

    අපේ බැංකු වල වැඩ කරන මහත්තැන්ල කීප දෙනෙක් ප්‍රශ්න කරල තියෙනවා මේ කියන තරම් රාජ්‍ය බැංකු සවුත්තු නම් පසුගිය වසරෙත් වැඩිම ලාභ ලබපු බැංකු රාජ්‍ය බැංකු වුනේ කොහොමද කියන එක. ඇත්තටම බැංකුවල වැඩ කරන අය වෙලත් ඒ වගේ බොළඳ තර්ක ගේන එක පුදුමයි. එයාලටයි අනිත් අයටයි තේරුම් ගන්න ලේසි වෙන්න මම ඒ කතාව කෙටියෙන් පැහැදිලි කරන්නම්.

    1. බැංකු කියන ව්‍යාපාරය සැකසී තියෙන්නේ අඩු පොලියකට තැම්පතු භාර අරගෙන වැඩි පොළියකට එම මුදල් ණයට දීමෙන් ලාභ උපයන්න ඉතින් මේ අතරමැද වංචාවක් සිදු වුනොත් හැර බැංකු ව්‍යාපාරය සැකසී ඇති ආකාරය අනුව කිසිසේත් පාඩු ලැබිය නොහැකියි.

    2. මහජනතාවගේ මුදල් සම්බන්ධයෙන් වන විශාල වගකීම නිසා අනෙකුත් රාජ්‍ය ආයතන වලට සාපේක්ෂව රාජ්‍ය බැංකුවල අභ්‍යන්තර විගණන කටයුතු තරමක් කාර්යක්ෂම වීම.

    3. මේක ලියන Poo වගේ රාජ්‍ය සේවකයන්ගේ චෙක්පත් සහ වැටුප් සහ විශ්‍රාම වැටුප් බොහෝ විට අනිවාර්යෙන් ලබා ගත යුත්තේ රාජ්‍ය බැංකු හරහා ඉතින් බැන බැන ඒ වගේම අකැමැත්තෙන් හරි රාජ්‍ය බැංකු වලට යන ජනතාව පෞද්ගලික බැංකු වලට යන පිරිසට වඩා වැඩියි.

    4. තමන්ගේ මුදලට රාජ්‍ය ආරක්ෂාවක් ලැබෙනව කියන කතාවට අහුවුන විශාල පිරිසක් තාමත් අපේ රටේ සිටීම.

    ඔන්න ඔය ඉහත හේතු නිසා රාජ්‍ය ආයතන ඔක්කොම පාඩු ලබන රටේ බැංකු විතරක් ලාභ ලබනව. ඔය ඉහත දසුන් මතුකරල තියෙන හේතු කාරණා තමයි සමස්ත රාජ්‍ය සේවයම මහජනතාවට සහනයක් වෙනුවට හිරි හැරයක් වීමට හේතුව. ඒත් රාජ්‍ය සේවය තුල මේ Poo වගේ මිනිස්සුන්ගේ දුක හඳුනන, මහ පොලොවේ පය ගහල ජීවත් වෙන නිලධාරීනුත් ඉන්නවා ඒ අයට හිස නමා ආචාර කරන ගමන් මගේ කමෙන්ටුව අවසන් කරනවා.

    ReplyDelete
  10. මමත් දැකපු දෙයක් කියන්නම් , මේක උනේ boc bank එකක,දැනට 2 year වලට විතර කලින් ,මමත් ගනුදෙනු කරන්නේ boc සමග නිසා බ්‍රාන්ච් එක කියන්නේ නැහැ, මම ගියේ chq එකක් දාන්න. මට කලින් හිටියා ප්‍රදේශයේ වැදගත් සල්ලි කාර මහත්මයෙක්, ඇත්තටම ඒ මිනිස්සු රටට බරක් නැති සල්ලි කාරයෝ, ඒ මහත්මය දාන්න ආපු chq එකේ ප්‍රස්නයක් නිසා එතන හිටපු මිස් කියනවා chq එක ගෙනිහින් maneger ට කියල අත්සනක් දාගෙන එන්න කියලා, අර මහත්තය ඇහුව දැන් එතකොට මම මේකත් අරන් maneger ලගටයි ඔයා ලගටයි කීපාරක් දුවන්න ඕනද කියල. සද්දේ වැඩි කමට maneger දුවගෙන ඇවිත් අර මිස්ට බනිනවා මිනිස්සුන්ට ඔහොම කතා කරන්නෙපා කියල, වෙලාතියෙන්නේ මේකයි. '''බෑන්ක් එක හදල තියෙන්නෙත් අර මහත්මයා පරිත්‍යාග කරපු ඉඩමක'' .

    ReplyDelete